Wednesday, June 11, 2014

ලංකාව කලාව සහ මාකට් එක

විනෝදාස්වාදය මූලික කරගත් නිර්මාණ කාර්යයෝ කලාව ලෙස හඳුන්වයි. කලාව සඳහා උගතුන් විසින් විවිධ අර්ථකතන දක්වා ඇති මුත් විනෝදය මූලික කරගත් නිර්මාණ කාර්යන් කලාව වන බවක් මා සිතමි. එවිට සංගක්කාර විසින් සෙල්ලම් කරන ලද ක්‍රීඩා තරඟයකින් අප ලබන්නේ විනෝදයක්මැ නොවේදැයි යමෙකුට සිතෙන්නට හැකිය. එයද එසේමය. ක්‍රීඩාවෙන් ලබන විනෝදය හා නාටක,ගායනා, උත්සව ආදියෙන් ලබන විනෝදය වෙනස් වන්නේ කෙසේදැයි සිතීම අමාරු වැඩකි. මිනිසුන් කන්ඩායම් වශයෙන් ඒකරාශී වී සතුටුවන්නට පටන් ගත් තැන ක්‍රීඩා සහ කලාත්මක නිර්මාණ වලින් සපිරි උත්සව පවත්වන්නට ඇත. පසුකාලීනව වෙන්වුවත් මනුෂ්‍යයා ක්‍රීඩාවෙන්ද ලබනුයේ විනෝද කටයුත්තක් බව පෙනේ.

දකුණු ආසියානු කලාපයේ මනුෂ්‍ය යෝ සාමාන්‍යෙයන් කය වෙහෙසා කරන ක්‍රීඩාවන්හි දක්ෂයෝ නොවෙති. එකිනෙකා හා දැඩිව ගැටෙන පාපන්දු රගර්, බාස්කට් බෝල ආදී ක්‍රීඩාවන්ට දකුණු ආසියාතිකයෝ වඩාත් ප්‍රිය නොකරති. ඔවුන් ආශා කරන්නේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට වෙති. මා සිතන්නේ ලෝකයේ කලාව ගැන කවර නම් වූ මති මතාන්තරයක් තිබිය හැකි වුවද මනුෂ්‍යයාගේ සිතන ආකාරයද ලෝකයේ කලාප අනුව බෙදේ. අලියා නැමැති විශාල සත්වයා අප්‍රිකානු සහ ආසියානු ලෙස ජාති දෙකෙකට බෙදේ. එය පැහැදිලිව පෙනෙන වෙනසකි.

ඒ ආකාරයෙන කලාපයේ භූගෝලිය පසුබිමත් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ එදිනෙදා මුහුනපාන ගැටළු වල සුවභාවය අනුවත් කලා කෘති ලෝකයේ කලාපයන් අනුව වෙනස් වෙති. නිවර්ථන කලාපිය දේශගුණයක් යටතේ පවතින අප රටේ අතින් සම් වලට පහර දී ශබ්ධය ලබාගන්නා බෙර ආදිය වඩාත් ප්‍රචලිතව පැවතුනි. නමුත් ශීත කාලගුණයක් සහිත යුරෝපා රටවල ගිටාරය, වයලීනය වැනි තත් භාන්ඩ ජනප්‍රිය වී තිබුනි.

කලාව යනු මේ යැයිද කලා නිර්මාණ නම් මෙසේ විය යුතු යැයිද ලංකාවේ සිටින උගතුන් සහ ප්‍රවීන කලාකරුවෝ සීමා රීති ඉදිරිපත් කරති. ඒ කලා නිර්මාණ සම්බන්ධ නීති රීති බොහොමයක් ඔවුන් උපුටා ගන්නේ වෙනත් රටවල දැනුම් ධාරාවන් ඔස්සේය. උදාහරණයක් ලෙස හොඳ නාට්‍යයැයි නාට්‍ය වර්ගීකරණයේදී යොදාගන්නා මිමි ආදිය බොහොමයක් කපා ගෙන ඇත්තේ බටහිර පොතපත ඇසුරෙනි. බටහිර පොත් වඩාත් පරිශීලනය කොට වික්ටෝරියානු පරණ පොත පත අනුව මිමි කපා ගන්නේ අප රටේ උගත්හු කලා කෘති නම් ඒ ආකාර විය යුතු යැයි මහත් වූ වාද විවාද කරති.

ලෝකයේ සමස්ථ ජනගහනයෙන් 27%ක් දකුණු ආසියාතිකයෝය. යම් හෙයකින් ලෝකයේ ආර්ථික අතින් දකුණු ආසියාව මහත් විශාල තැනකට පත් වූයේ වී නම් අපේ නිර්මාණ සහ ඉන්දියානු නිර්මාන ලෝකය පුරා මහත් වේගයෙන් පැතිර යනු ඇත. නමුත් අදටත් දකුනු ආසියාව යනු දුප්පත් මිනිස්සු වැඩිපුර සිටින පලාතක් නිසා ඔවුන්ද විනෝදය ලෙස දකින්නට පුරුදු වී ඇත්තේ බටහිර සහ පෝසත් රටවල ජනතාව විඳින විනෝදයම වෙයි.

බල්ලොත් එක්ක බෑ යන නාටකයට විරුද්ධව විවිධ මත තැන් තැන්හි තිබෙනු මා දිටිමි. බොහෝ නාටක කරුවන් බල්ලොත් එක්ක බෑ දැක තිබුනේ බාල නාටකයක් ලෙසය. නමුත් බල්ලොත් එක්ක බෑ යනු මේ යුගයේ වඩාත්ම ජනප්‍රිය නාට්‍යයයි. එය වාර තුන්සියකට වඩා වේදිකා ගත කොට ඇත. බල්ලොත් එක්ක බෑ යන නාටකය ගැන ලෝක මට්ටමින් සිතන බොහෝ ලාංකික නාටක කරුවො සහ පිරිස එය කසිකබල් නාටකයක් යැයි අවමානයට පත් කරති. නමුත් කලාව තිබිය යුත්තේ කලාව දන්නා අයට පමණක්ද? කලාව ගැන එතරම් දැනුමක් නැති සාමාණ්‍ය ජනයාට බල්ලොත් එක්ක බෑ යනු කදිම ප්‍රහසන නාටකයකි.

දෙබිඩ්ඩෝ යන නාටකයද මා විසින් නරඹන ලදී. එහි ගමන් කරන දේශපාලනික ප්‍රහසනය තරමක් ගැඹුරුය. එය තේරුම් ගන්නට ලාංකික ප්‍රේක්ෂකයා බොහෝවිට අසමත් වෙති. කොළඹ වසන නාටක ගැන දන්නා හදාරා ඇති ස්වල්ප දෙනෙක් හැර දෙබිඩ්ඩෝ වැනි නාටකයක් තේරුම ්ගත හැකි අය ඇත්තේ ස්වල්පයකි. එය දෙබිඩ්ඩෝ නාටකයේ ඇති ගැටළුවක්නොවේ. එය ප්‍රේක්ෂකයාගේ ගැටළුවක්ද නොවේ. එය ගැලපීම සම්බන්ධ කුඩා කතාන්දරයකි. උදාහරණ ලෙස චිත්‍රාල් සෝමපාල නැමැති ගායකයා නදී ගංගා තරණයේ යන ගීතය ගැයූ නිසා ඔහු ලංකාවේ අය දන්නා ගායකයකි. එසේම කලක් ජනප්‍රිය ගායික,ගායිකා දෙපළ ගේ පුතා වීම නිසාද චිත්‍රාල්සෝමපාල ජනප්‍රිය වී ඇත. නමුත් ඔහු විසින් ඔහුගේ සාමාන්‍ය සංගීත භාවිතාව වන මෙටල් මියුසික් ලංකාවේ ජනප්‍රිය මාධ්‍යයන් තුලින් විසුරුවන්නට කටයුතු කලාන්ම චිත්‍රාල්ට ලැබෙන තැන බොහෝවිට ශෝචනීය විය හැක. මන්ද මෙටල් යනු ලංකාව තුල ප්‍රචලිත සංගීත ධාරවක් නොවන බැවිනි. එහි වරද ප්‍රේක්ෂකයින්ගේවත්, චිත්‍රාල්ගේවත්,මාධ්‍යෙය්වත් නොවේ. එය ගැලපීම සම්බන්ධ දොසකි. 

ලංකාවේ නාට්ටි සහ සිනමාව සම්බන්ධයෙන් ඔවුන් විසින්ම දමාගන්නා ලද කොටු කිහිපයක් වෙති. සිනමාව සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව නැමැති මහා ප්‍රාකාරයක් තිබෙන අතර නාටක සම්බන්ධයෙන්ද එවැනි ප්‍රබල බලපෑම් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. ලාංකික නාට්‍ය කරුවෝ වසරකදී දෙවරක් පැවැත්වෙන යොවුන් නාට්‍ය උලෙල සහ රාජ්‍ය නාට්‍ය උලෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කරති. ඒ නාට්‍ය උලෙල වලින් තේරෙන්නේ කවර ආකාරයේ නාටක දැයි ඉවක් බොහෝ නාට්‍ය කරුවන්ට වෙති. එහි දී සම්මාන ලබාගන්නා දේශපාලනික ක්‍රමද සමහරුන් සක් සුදක් සේ දකිති. ඉතිං සම්මාන උලෙලවල් වසරක් පාසා තිබෙන අතර එයින් නාටක මෙන්ම නලු නිලි, සංගීත, වේදිකා පරිපාලන ආදී ක්ෂේත්‍ර වල ප්‍රවීනයෝද තෝරති.

මේ තේරීම හොඳයැයි බොහෝ දෙනා සිතති. නමුත් අවුල වන්නේ මෙසේ තෝරා ගැනීම අවුරුදු ගානක් තිස්සේ පැවතුනත් ඒ ඔස්සේ නාටක කලාවට ලැබී ඇති සෙත කුමක්දැයි යන්නය. සත්‍ය වශයෙන්ම ඒ සම්මාන උළෙලවල් හරහා ආන්ඩුව කරන්නේ සල්ලි නාස්ති කිරීමකි. ඒ උළෙලවල් වල ජයග්‍රහනය කරන නාටක බොහෝ විට වේදිකා ගත වන්නේ ඉතා අඩු වතාවන් ගණනකි. ඉන් පසු ඒවා යලිත් හමස් පෙට්ටියට බසී.

ඒ අතින් රවීන්ද්‍ර ආරියරත්න ගේ බල්ලොත් එක්ක බෑ නාට්‍යය වඩාත් උසස් එකකි. ප්‍රේක්ෂකයා නාට්‍යයක් බැලීමට සාමාන්‍යෙයන් රුපියල් 500ක් විතර වියදම් කරයි. මේ කාලයේ පවතින ලංකාවේ මිනිසුන්ගේ කලාවට වියදම් කිරීම් මැලිකම දෙස බලනවිට රුපියල් පන්සියක් පැය දෙකක් වෙනුවෙන් ගලවාගත හැකි නාටක අධ්‍යක්ෂක යනු මෝඩයෙක් නොවේ. ඔහු නියම වෙළඳ පොල ගැන අවබෝධයක් ඇත්තෙකි.

කලාව දියුනු කරගැනීමට නම් මිනිස්සු නිර්මාණ මුදල් දී නරඹන තැනට නිර්මාණ පත් විය යුතුය. සිනමා කර්මාන්තයේදී සිනමා හල් වලට සිනමා පටි නිකුත් වීම පාලනය විය යුතු මුත් එහිදී ලංකාවේ පවතින අධිකාරිවාදය සිනමා කර්මාන්තයට බාධාවකි. බොහෝ සිනමාහල් පාඩු ලබන තත්වයක් යටතේ පවතින තත්වයක් යටතේ ඇති බැවින් ඒවායේ තත්වය කණගාටුදායකය. සිනමාව ගොඩනැංවීමට නම් එය විකිනිය හැකි නිර්මාණ වලින් සහ ආකර්ශනීය ගතිලක්ෂණ වලින් පිරවිය යුතුය. එය කෙසේ කරන්නේද යන්න සිතීමත් අයිති වන්නේ කලාවටම වෙයි.

මා ඇමරිකාවේ කරන අධ්‍යන පාඨමාලාවක් හරහා පුරාවිද්‍යාව අධ්‍යනය කිරීමට පසුගිය කලෙක පෙළඹුනි. එහිදී පුරාවස්තු වෙන්දේසිය, පුරාවස්තු සුරැකිමට මුදල් ලබාගන්න ආකාරය, පුරාවිද්‍යා අධ්‍යන කටයුතු වලට මුදල් සොයාගැනීම ආදී මාකටින් වලට අදාල දේද උගන්වන ලදී. පුරාවිද්‍යාව නියම ලෙස සුරැකීමට නම් ඒවාද නියම ආකාරයෙන් වෙළඳපොල හා මිශ්‍ර විය යුතුය. ඇමරිකානු මොඩලයේ ඒ පාඨමාලා බොහොමයකදී විකිනීම සහ වෙළඳපොල ගැන විශේෂ පාඩමක් අන්තර්ගත වෙයි.

මෙය ලංකාවේ බොහෝ කලාකරුවන් සහ පිරිස අවබෝධ කරගන්නට අකමැති යථාර්තයකි. වෙළඳපොල උදෙසා කලා නිර්මාණයන් සිදු කිරීම සමහර අය දකින්නේ ආනන්තරිය පාපයක් වැනි දෙයක් ලෙසය. නාටක උලෙලවල් සිනමා උලෙලවල් ගීත උත්සව, කුඩා සාද, වට මේස, විවාද, කතා බහ වලින් කලාව මහජනයා අතරට යැවිය හැක්කේ අල්ප වශයෙනි. කලාවෙන් මිනිස්සු වෙනස් කරන්නට ප්‍රථම කලාවට ලැදි පිරිස වැඩිකරගත යුතුයැ. නැතිනම් ඒ කෘති ඉතා සීමිත පිරිසක් අතර සංසරණය වන කෂුද්‍ර අවකාශයක් තුල පිනුම් ගසන කුඩා සතෙකු මෙන් වෙනු ඇත.

මේ අතරින් මා දකින දක්ෂ කලාකරුවෙක් ලෙස සුනිල් පෙරේරා දැක්විය හැක. ලංකාවේ මිනිසුන්ගේ රුචිකත්වය මනාව හඳුනන සුනිල් ක්‍රිස්තියානි ආගම අදහන කොළඹ නාගරිකයෙකු වුවත් ගොවියාගේ උදලු ඇඩ් එකේ සිට බොහෝ ඇඩ් ගානකට කටින් පණ පොවන්නේ සුනිල්ය. එහි තේරුම සුනිල් යනු ලංකාවේ අති බහුතරයක් මිනිසුන් කැමති ගායකයකු වන බවය. ඇල්හාලේ බත්, කුරක්කන්, කැවුම් කොකිස් මුං අලුවා ආදී දේ ගැන කවි සිංදු තිබුනත් ඉඳිආප්ප නිර්මාණයකට ගත හැකි බව අපේ බොහෝ කලාකරුවන් සිතුවේ නැත. නමුත් සුනිල් ඉඳිආප්ප ගැන සිංදුවක් කලේය. කලාව කලාවෙන් එපිටට ගෙනගොස් මිනිසුන් අතර තබන්නට හැකි සුනිල්ලා,රවින්ද්‍ර ආරියරත්නලා සහ ඉරාජ්ලා සැබැවින් සමාජය වෙනස් කිරීමට අනුබල දෙන කලාකරුවෝය. 


වෙළඳපොල තුල විකිනෙන්නේ නැති පොතකින් සමාජයක් තැනීම කෙසේ වෙතත් කාලයක් ගිය තැන එයින් මීයන්ගේ බඩට නම් එයින් වාසියක් වෙනු ඇත.

Monday, June 9, 2014

ඉතාලියෙන් ආ නිමලානිගේ වාසනාව

මචං අපේ සෙට් එකක් ලංකාවෙ දුප්පත් පලාත් වල අහිංසක මිනිස්සුන්ට ගෙවල් හදන ප්‍රොෙජක්ට් එකක් කරනවා.. උඹටත් පොඩ්ඩක් මතක් කරන්නයි හිටියෙ..

තමීර ඩිලොන් ට කියන්න ට විය. තමීර සහ ඩිලොන් ලංකාවෙන් ඉතාලියට ගොස් ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ දෙදෙනෙකි. උනුන් අතර ලංකාවේදී එතරම් මිත්‍ර ධර්මයක්නොවූ නමුත් ඈත රටකට ගිය පසු සිය රටේ වසන කවර හෝ අයකු හමුවීම වැදගත් වූ හෙයින් උන් දෙන්නා හමුවූහ..

මෙයින් ඩිලොන් මදක් ලෝභ අයෙකු වූ අතර හේ තෙමේ තමීරට වඩා ශටකපට අයෙකුද වූයේය. අන් අයගේ බසට මදි නොකියා නැමෙන තමීර ලෝකයට උවමනා වූ පරිදි ඒ ඒ අයට අවශය පරිදි ජීවත්වන සාමාන්‍ය වැසියකු වූවා විනා ඩිලොන් මෙන් ජීවිතය අලුතින් ලියන්නට සමර්ථයෙක් නොවීය.

මචං මං නං ඔය ලොකු ලොකු පිං වැඩ අත ඇරල තියෙන්නෙ. පහුගිය වතාවෙ ලංකාවට ගියාම මට කෙල්ලෙක් හම්බුනා. මං ඒකිට පිහිටවුනා. මගේ හිතට ලොකු සැනසීමක් තියෙනව බං..ඒ ගැන කල්පනා කරද්දි. ඩිලොන් කියන්නට විය.

ඉතිං කියහං කෝ බං විස්තරේ.. තමීර කතාවක් අහන්නට සැරසුනි. ඩිලොන් බියර් බීම අතර තුර කතාව කරගෙන ගියේය. අතරමැදදී තමීර විසින් බියර් ටිකක් බිව්වේය. දැන් ඩිලොන් විසින් මස් කෑල්ලක් හැපුවේය. අසල වත්තක සිටි ඉතාලි පක්ෂියෙකු කෑ ගැසුවේය ආදී පුරවරුණට අදාල සියල්ල මා විසින් කපා හැර ඩිලොන්ගේ කතාව පමණක් ඉදිරිපත් කරමු.

උඹ දන්නව නෙ. මම මෙහෙ උන්නත් ටිකක් කන බොන මිනිහ..මං මාසෙකට වතාවක් හරි නාකි ඉතාලි ගෑනි හම්බෙන්න යනව නේ. මට ඕක ඇතිවෙල තියෙන්නෙ. කොච්චර ආතල් වුනත් ගෑනි නාකියි නේ. කොහෙද බං අපිට හොද ඒව ගන්න සල්ලි. ඔය නාකි නිසාම ලාබෙටම යනව මිසක.

ඉතිං ලංකාවට ගිහින් මට ඕනි වුනා හොඳ බඩුවක් ගහන්න. ලංකාවෙ බඩු ගැන උඹට කියනව නම් කොන්ඩම දාගත්ත වෙලාවෙ ඉදලා හදන්නෙ අපිට යවන්නම තමයි. එපාවෙනවා. විනාඩි කීපෙන් වැඩේ වැඩේ හමාරයි. හමාර නැතත් උන් හදන්නෙම කෝමහරි වැඩේ ඉවර කරන්නම තමයි. මේ මං ඉදල හිටලා ඉතාලියෙදි දුවන නාකි වාහනේ ඊට වඩා හොදයි බං..අම්මප.. සික් ඒගැන නං කියල වැඩක් නැහැ. අපි මව් බිම අර දේසේ අච්චර උතුම් කියල කිව්වට ඔය ලබු රට දියුනු වෙන් නැත්තෙ කුහක කම නිස. රුපියල් තුන් හාරදහක් දීල කෑල්ල අරං. රූම් එකටත් ගෙවල කෑල්ල බුක් කරගත්තම උන් හදන්න හැකි ඉක්මනින් මාරුවෙල යන්න. අර මනුස්සයට හොද සර්විස් එකක් දෙන්න හදන් නැහැ.

ලංකාවෙ ටුවරිසම් දියුනු නැත්තෙත් අන්න ඒ නිස. මොකෝ සුද්ද හොදට පිලිවෙලට කන බොන මිනිහ. අපෙ ගෑනු මොන පිලිවෙලක්ද ඔහෙ කෙහෙල්ගෙඩිය ගිලින්නැහේ දාගන්නම හදනව එච්චරයි.

මට ඉතිං ඒ නිස බඩු ගැහිල්ල එපා වුනා. මගේ යාලුවෙක් හිටිය පොර දැන් මැනේජරයෙක් කොම්පැනියක. මිනිහගේ තැන රස්සාවට ඉන්ටවු ආපු කෙල්ලෙක් සෙට්වෙල. අනේ මහත්තය මේකට බැරිනං මට වෙන රස්සාවක් කොහෙන් හරි හොයල දෙන්න කියල කිව්වලු. හුම් බලමු කියල මිනිහ කෙල්ලට කියල නොම්මරේ අරං පස්සෙ අර කෙල්ලට රස්සාව දෙන්නම බැරිලු. ඒකිට සුදුසුකම් අඩුයිලු.. කෙල්ලට පවු නිස කෙල්ලව ඇදල රූම් එකකට කෙල්ලට පන්දාහක් දීල..

පස්සෙ මම ගිහාම මට කිව්ව කෙල්ලට කියන්න කියලා උඹ අලුත් කොම්පැනියක මැනේජරයෙක් කියපං.. මං කියන්නං උඹට සැලකුවොත් වැඩේ ගොඩ කියලා. මං ඉතිං කෙල්ල ඇහුවම එහෙම කිව්වා. කියල. මට සලකන්න ඕනි විදිහ අරූ කලිං කියලයි තිබුනෙ. මට තිබුනෙ හෝටල් කාමරේට සල්ලි ගෙවන්න විතරයි.

කෙල්ල ඇහුවා මහත්තය කොළඹද වැඩ තියෙන්නෙ? නැත්තං පිට පලාත්වලද? ගොඩක් දුර යන්න අමාරුලු. ගෙදර ඉන්න ගෑනුලමය එයාලු. අයියටත් රස්සාවක් නැහැලු. ඉදල හිටල අයිය කුලියකට ගියත් බීලම නාස්ති වෙනවලු.

අවසානෙ මගෙන් ඇහුව රස්සාවට ගන්නවමද කියල. මටත් ටිකක් අවුල් ගියා. කොච්චර වුනත් කෙල්ල හිතං ඉදල මං රස්සාවට ගනීම කියලා. කොහෙන් දෙන රස්සාද බං මම? මටත් මේ මොකුත් නැතුව නේ මෙහෙ ඇවිත් ඉන්නෙ.. මං ඒකිට රුපියල් දහ දාහක්ම දුන්න. ඔයාට සති දෙකක් ඇතුලත මම කෝල් කරන්නං කිව්වා.

පුදුම සැපක් බං දුන්නෙ. ඇත්තටම ගත්තොතින් කෙල්ල මහා ලොකු දේවල් තියෙන ලොකු ලස්සනක් තියෙන කෙල්ලෙක් නෙවෙ. ඒත් පුදුම මහන්සියක් ගත්තා මට ලොකු ආතල් එකක් දෙන්න. මට ඒකට හරි දුක හිතුන. කොච්චර වුනත් මිනිස්සුන්ගේ දුප්පත් කම ඉස්සරහ ඔය සදාචාර, ආගම, හැදියා අනං මනං අලු වෙලා යන හැටි ගැන මට පරණ කතාවල් මතක ්වුනා. මම කලේ කැත වැඩක්දෝ කියන එක සමාර වෙලාවට ඔලුවට ආවා.

පස්සෙ මං දන්න කියන හැමෝටම කතා කරලා කරලා අවසානෙ යාන්තං පොඩි අත්කම් වැඩ කරන තැනක පොඩි ටයිප් සෙටින් සහ ඩොකියුමන්ටේෂන් රස්සාවක් අරං දුන්නා. නවාතැනුත් එතනින් ම ලැබෙනවා. පොඩි ගානය් ලැබෙන්නෙ. නමුත් ඒකත් ඒකිට හරි ලොකුයි. කෙල්ල රස්සා හොයන්න ගිහින් අනාථ වෙච්ච එක වතාවක් නෙමෙයි. ඒ නිසා මගේ උදව්ව ගැන නොසෑහෙන්න ස්තුති කලා.

අහ් මෙතනින් එහාට මේ බයිල ඕන් නැහැ. මං ඉන් පස්සෙ උදව් කරපු හැටි ගැන උඹට අයිඩියා එකක් ගත හැකි මේ ලියුම කියෝපං..

ඩිලොන් තමිරට ලිපියක් දික් කරන ලදී.

ඩිලොන් අය්යේ.

ඩිලොන් අයියා සැපෙන් සනිපෙන් ඉන්නවා ඇති ය කියල මම හිතනවා. ඩිලොන් අයිය වගේ හොඳ අදහස් තියෙන මිනිස්සුන්ට වරදින්න විදියක් නැහැ. දෙවියන්ගේබැල්ම අයියල වගේ හොඳ මිනිස්සුට ලෝකෙ කොහෙ හිටියත් ලැබෙනවා. අපේ ගෙදර කට්ටියත් කැමතියිලු අයියව දකින්න. අයියට කියන්න ගොඩක් දේවල් තියෙනව. මම ලියුමක් ලියන්න හිතුවෙ මට ලියුමකින් මට කියන්න ඕනි ඔක්කොම දේවල් අයියට කියාගන්න පුලුවන් වෙන නිසා. ඉස්කයිප් කරන්න පුලුවන් වුනත් ඒක හරි අමුතු. මූනත් පේන නිසා ටිකක් අමාරුයි හිතන දේවල් කියන්න.

 
අයිය මුලින්ම මට යට ඇඳුම් එවනකොට මම හිතුවෙ අයියා හරි වනචරයෙක් වෙන්න ඇති කියල. ඒත් ඒ යට ඇඳුම් ඇන්දට පස්සෙ මට තේරුනා අයියා එහෙම නරක අදහස් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තටම ඒ ජාතියෙ යට ඇඳුම් නිසා ඇඟ ගොඩක් ලස්සනට පේනවා. බස් එකකට නැග්ගත් හැමෝම බලන්නෙ පස්ස දිහා. මට ලොකු ආඩම්බරයක් ඇතිවෙනව අය්යෙ මම ගැනම.

ඒ වගේම අයිය එවපු අර සුදුවෙන ඉතාලි ක්‍රීම් එකත් හරිම හොඳයි. අයිය එවන පාර්සල් කඩල බලයි කියල මම ගොඩක් බය වුනා. අර පියුං කාරයා මට සතේකට විස්වාස නැහැ. මිනිහ පහුගිය දවස්වල මහ කින්ඩි හිනාවකුත් දැම්ම. සමහර විට මූ මට පස්ස ලොකුකරන යට ඇඳුමක් එනකොට ඒක කඩල බලලද දන් නැහැ.

අයිය එවපු පස්ස ලොකු කරන යට ඇඳුමයි සුදු වෙන ක්‍රීම් එකයි නිසා මට ලොකු ශක්තියක් ආවා. වෙනද නැති ආත්ම ශක්තියක් ගැම්මක් ඇඟට ආව වගේ දැනුනා. වෙනදා මම කවුරුහරි එක්ක කතාකරනකොට බිම බලාගෙන ඔතෑනි විදියට කතා කලේ. ඒ වගේම මට තියෙන්නෙ පොඩි පස්සක් කියල මට පොඩි ලැජ්ජ ගතියකුත් තිබුනා. නමුත් ඒ ඔක්කොම නැතිවුනා හැමෝම මගේ දිහා හැරිල බලන්න ගත්තම.

අයියට හින්ද මං මේව කෙලින්ම ලියනව. මොකෝ අයිය මාව නොදන්න කෙනෙක් නෙවෙයිනෙ. මේව වෙන කාටවත් පෙන්වන්න එහෙම එපා හොඳෙයි. දන්නවනෙ. මිනිස්සුන්ගෙ හැටි. ඉන් පස්සෙ එක එක කතන්දර මගෙ රත්තරං ඩිලොන් අයියට හදාවි. එක වෙලාවකට හිතෙනවා අයියා එක ආත්මෙක දෙවි කෙනෙක් වෙලා හිටියදත් කියලා.

ඔයා එවපු ඒ පස්ස ලොකුවට පේන ජංගියක් මෙහෙ රුපියල් තුන්දාහක් විතර වෙනවා. ඒ ටිකට විතරක් අයියට පාලොහක් විතර වියදං වෙන්න ඇති. මට හිතාගන්න බැරිවුනා අයිය,. මුලින් ඔවැයි පිංපියෙක් වගේ යට ඇඳුම් එවන්න ගත්තම. ඒත් පස්සෙ තමයි තේරුනේ ඕනි උඩ ඇදුම් කෑල්ලක් හරියට පේන්න යට කෑල්ලෙන් ලොකු සහයෝගයක් ලැබනව කියල.

අයියෙ ඔවැයිට මේව කියවන් පුලුවන් වෙයිද් දන් නැහැ. මං ගොඩක් කාලෙකින් ලිව්වෙ නැහැ. ඉස්සර ඔය සිංහලට රචන ලිව්වට පස්සෙ කොලයක් අල්ලනෝමයි. අනේ මන්ද මගෙ හිතට එන දේවල් ඔහෙ ලියල දාන්න ඕනි කියල හිතුන.

පහුගිය දවසක මම කෝවිලට ගියා. කෝවිලට ගියෙත් අයිය දීපු අර සෙට් එක ඇතුලට ඇඳගෙනම තමයි ඉතිං. ඒක හරි සනීපත් එක්ක අප්පා. බස් එකේදි වුනත් හරිම චූන් එකකුත් දැනෙනව. කොහොම වුනත් කෝවිලෙ පූසාරි අයියල පවා මගේ අලුත් පෙනුමට ආස වෙල වගේ. වෙනද අපි වැඩිය ගනන් ගන් නැතිවුනාට දැන් එයාල හරියට ලොකු නෝනෙක්ට වගේ සලකනව.

පහුගිය දවසක හන්දියෙ කඩේ කරවල තෝරන්න නැමෙන කොට මුදලාලිය මහ වලත්ත කතාවක් කිව්ව නේ. නංගිගෙ සමාර තැන් වලට පෝර වැඩියෙන් වැටිලද මන්දන් නැහැ. හොදට හැදිල. දැන් ඉති ංඅපිටත් ටිකක් සැලකුම් ලැබෙනවා නං කලිංටත් වඩා ටිකක් ණය ටික වැඩිවුනත් කමක් නැහැ වගේ.

අනේ උගේ සැලකුං. ඉන් පස්සෙ ඕක හැමතැනම කියාවි. අනි්ත එක වසවර්ති මාරය වගේ කැත. අප්පිරියාවෙ බැහැ. කට ලගින් යන්න බැහැ සිගරට් ගඳ. මං මේ තැන් තැන්වල රෙද්ද උස්ස උස්ස යන්න වේසියෙක් කියල හිතුවද දන් නැහැ මුදලාලි කාරය.

මං හීන්තාලෙන් “මුදලාලි හාමිනෙත් සමාර වෙලාවට කඩේ ඉන්නව නේ. මං හාමිනේට මතක් කරන්නං මුදලාලිට ටිකක් සලකන්න කියලා. කෝමත් මං පොත ඔක්කොම පියවන්නයි ඉන්නෙ දැන් ටිකයි නේ ඇත්තෙ.“ කියල කිව්වා. ඒ කිව්වත් වගේ දැන් මට ලැබෙන සල්ලි ටික්ක අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා. ඉන් පස්සෙ මුදලාලිය සද්ද නැහැ. මුදලාලි හාමිනෙ පිටි මුට්ටෙ වගේ. හතර අතේ මස් පරුවතේ..යස වැඩේ පෙරේතයට..

ඒ විතරක්ම නෙවෙයි. දැන් සුදුවෙල හැඩවෙලා සරීරෙම අමුතු වෙල කියල හැමෝම කියනව. අයියට හැමදාම කරදර කරන්න බැහැනෙ. මං අලුත් රස්සාවට ගියාම පඩිත් ටිකක් වැඩිවුන නිස අලුත් බෙසියර් සෙට් එකකුත් ගත්ත. මේවට පාර කිව්වෙ අයිය කියල මට එවෙලෙත් මතක් වුනා. නිකං පඹයට සරම ඇන්දුව වගේ ඔහේ සාය කෑල්ල දාං එහෙට මෙහෙට වනාගෙන ගියාට වැඩක් නැහැ කියලා දැන් තමයි මටත් තේරෙන්නෙ.

ඒක නෙවෙයි. අලුත් ඔෆිස් එකේ ඉන්න අයිවන් කියල බැඳපු නැති ළපටි පෙනුමතියෙන් මැනේජර් කෙනෙක් මට දැන් ලයින් වගේ. මිනිහ හෙනම ලැජ්ජ කාරය. ඒත් සල්ලි නං තියෙන පාටයි. රස්සාවක් කරන්න ඕනි නිසා එතන වැඩ කරනවා කියලයි කට්ටිය කියන්නෙ. . හැමෝම හදන්නෙ එයාව මට ජෝඩු කරන්න. මං දැන් ඔෆිස් යන්නෙ බිම බලාගෙනමයි. බස් එකේ වුනත් ඉස්සර වගේ මගෙ දිහාට කන්ද පෙරලුනත් මගෙ මොකෝ කියල නිකං ඉන් නැහැ. අංකල්ල ඇගේ එල්ලෙන්න ආවොත් බැනල එලවනව.

අලුත් කම්පැනි එකේ මාව හරිම විනීත ලමයෙක් කියල ජනප්‍රිය වෙල තියෙන්නෙ. මං හිතන්නෙ අයිවන් ගොඩක් වෙලාවට පැණි පාර හලාගෙන එයි. අයියා මෙහෙ ඉන්න දවස්වල කියා දීපු පාඩං මට හොදට මතකයි. අයිය මුලින් හම්බුන දවසෙ වගේ නෙමෙයි පස්සෙ. හරිම ආදරෙන් හිටිය. ඩිලොන් අයිය පෙන්නුව පාර නිසයි මම අද මෙතන ඉන්නෙ.

මං ඒක කාටවත් නැහැ කියන් නැහැ. අයිවන් මට කැමති වුනොත් මම මේ විදියෙ අය්යත් එක්ක කරන ගනුදෙනුවත් නවත්වන්න ඕනි කියල හිතෙනවා. අයිය සමාර විට මං ගැන වැරදියට හිතාවි. ඒත් අයියේ හැමදාම අපිට ඕන විදියට පියාඹන්න ඇහැක් කමක් නැහැ. අපි කවුරු වුනත් එකැතැන් වෙන් ඕන නේ. ඔයා වැරදි විදියට හිතන් එපා. මං ජාති ජාතිත් ඔයාට ණය ගැතියි. ඔයා එවපු දේවල් මට අමතක නැහැ.

ඒ වගේම නිකංම නිකං ගෑනි කියන්නෙ මැසිමක් කියල හිතං ඉන්න මිනිස්සු අතරෙ මට ඉස්සරහට යන්න රස්සාවක් හොයල දීල. මට ෆැෂන් ගැන කියල දීල,ඉංගිරිසි ඉගෙන ගන්න එකේ වටිනකම ගැන කියල දීල මාව ඉස්සරහට ගනිපු අයියව දාල යන්න මට මොකද්ද වගේ. කොහෙම වුනත් අයියේ අමනාප වෙන්න එපා කියල මං මේ හතර වෙන වතාවටත් කියනවා.

එහෙනං අයියට ඔහේ ඉන්න දෙයි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි. ආරක්ෂාවයි.

මීට සදාදර ඔයාගේම නංගියා

නිමලානි සචලවර්ධන...


තමීරයා මට දුකයි බං. ඒත් ආයිත් ලංකාවට ගියාම ඕකි කොහෙ හිටියත් මං ඕකිව අල්ලගන්න ඕනි. කියන දේ අහන හොඳකෙල්ලෙක්. මෙහෙ හරි ලාබයි නේ බං ඔය පස්ස ලොකු කරන පෑන්ටි. ඕකි තුන්දාහක් කිව්වට මට හත්සියක් වගේ ගියේ එකකට.. ඔය යැව්ව ක්‍රීම් එක පාකිස්ථාන් කාරයො ගාන බ්ලීචින් එකක්. ඒකෙන් හොද එකක් අරගෙන මම යැව්ව. කොච්චර වුනත් මට ලොකු සැනසීමක් තියෙනවා. ඔය එක එක ලොකු ව්‍යාපෘතිවලට සල්ලි දුන් නැතිවුනාට මම නිසා අද පවුලක් බොහොම සැනසීමෙන් ඉන්නව. ඩිලොන් කියන්නට විය..

තමීරයාට මේ කතාවේ අගමුල තේරුම් ගැනීම ගැටළුවක් වුවද ලංකාවේ දුප්පත් අඩුආදායම් ලාබින්ට නිවාස තනාදීමේ ව්‍යාපෘතියට ඩිලොන් ගෙන් නම් සහයක් නොලැබිය හැකි බව ඔහුට පැහැදිලි වන්නට විය.

Tuesday, May 27, 2014

ටිපිකල් ඇනෝආතල් බ්ලොග් local annonymus blogs

මේ ඉන්දියාවේ කැබිනට් එකය. මේක දැක්ක පසු ගෑනු වැඩිපුර සිටින බව පෙනේ. මෝඩි අගමැති වන පාර්ලිමේන්තුවේ රුපියල් බිලියන පතියන් බර තොගයක් ඇත. ඔවුන්ට සල්ලි ඇත.

අපේ රටේ කැබිනට් මෙහෙම පොටෝ ගන්න බැහැ. දිග අතට ඇගට හිප්පෙන සයිස් එකට ඇමතිවරියන්ගේ පුකවල් තැලෙන මට්ටමට සම්පින්ඩනය( කම්ප්‍රෙස් ) කලත් පොටෝව පට්ට දිගයි. නැත්තං ඇස්ගෙඩිදකට එකපාර බලාගන්න බැරි තරම් ලොකුයි.

ඉන්දියාවෙ ඇමති මන්ඩලය මෙච්චරයි. ඒක ඇතුලෙ ගෑනු මෙච්චරයි කියලා,ආයෙත් ලංකාවෙ ඇමති මන්ඩලේ ඉන්න ගානත් කියලා ලංකාවෙ අැමතිල බොහොම වැඩියි, කිව්වාම තමයි අපේ අයට වැටහෙන්නේ අඩේ අපේ කැබිනට් එක වැඩියි නේද කියලා. එහෙම නිවුස් තිබුනා. ඒවත් සෝක්. එහෙම නැතුව බැහැ සාක්ෂරතාව වැඩි වුනාට ඉන්දියන් කාරයො තරං අපේ අයට මෙව්වා එක නැතුව ඇති. ඒ නිසා නිවුස් එකක් දැක්කම ටිකක් ඔලුව හිතන්න පෙලඹෙන්නෙ නැහැ..ඇගිල්ලෙන් ඇනලාම කියලා දෙන්න ඕනි. එහෙම ඇගිලි වලින් ඇනලා කියන ඒවාට දේසපාලන විග්‍රහ කියලා කියනවා. 

ඉසිප්‍රියා මැරුන එකට බ්ලොග් කාරයො මොකුත් ලිව්වෙ නැහැ කියලා කවුද හම්පඩ ඇනෝවෙක් (ඇනෝනිමස් ආතල්,ඇනෝ ආතල්,ලකෆෑන්ස්,බ්ලැක් ලේබල්........සහ තවත් ඇති එවන් පඩංගු කීපයකින් ඕනම එකක)  කියල තිබුනා. ඒ යකා දැන්  ඉතිං ඒක මකලා. හරි විනෝදයි. ඉසිප්‍රියා මැරුනෙ කාලකට කලින්. ඒත් අපෙ එකියකුත්නෙවෙයි ඒකි දෙමල. අනික් එක ඒ ගෑනි එන් ජී ඕ වලට කඩේ යන්නත් ඇති. ඔය වගේ ඉස්ත්‍රී දූෂණ ඇමරිකන් හමුදාව අතිනුත් වෙනවා ඇති. මොනව වුනත් යුද්දෙ දින්න හමුද සෙබලු නේ..ඒ නිසා අපකීර්ථියට පත් කරන්න බැහැ.  ඒනිවුස් සෙක අපි කාටවත් ඒක වැදගත් වුනේ නැහැ. ඒ ගැන ලිව්ව කියලා හිට් වැටෙන්නෙත් නැහැ නේ. ඒ නිසා අපි ලිව්වෙත් නැහැ. 

අපි ලිව්වෙ නැහැ කියලා අපිට දොස් කියපු ඇනෝ කාරයාට ලියන්න බැරිවුනේ ඇයි? උගේ තියෙන්නෙ බ්ලොග් එකක් නෙමෙයිද? ඌට ඒක ලිව්වනම් හෙනද? උන් ඒවා ලියන් නැහැ. ලංකාවෙ ඇනෝ බ්ලොග් වලින් කරන්නෙ කතාන්දර කාරයාට ගහන එක, බඩුකාරයින්ට ගහන එක, පොලු කාරයො එලවලා සමාජය හදන්න යන එක. හරිම සන්තෝසයි. දැන් අර කස්ටිය ගැහුව හින්දා බඩුකාරයා බඩු ගැසීම නවත්වලාද? පොලු කාරයා පොලු ටික පැත්තකින් තියලා සිල් ගන්න ගිහින්ද? අනේ මන්දා. කොහෙද යන පොලු කාරයා බඩු කාරයින්ට හොද ඉන්ඩිරෙක්ට් මාකටින් කැම්පේන් එකක් කරලා ඇනෝ ජනතාව බැහැලා ගියා. 

ලග ඉන්න එකා ගෙ අඩුපාඩු හොයන එක වට්ටි අම්මලෑ පුරුද්දක්. වට්ටි අම්මලා කවදාවත් ඇමරිකාවෙ ඔබාමා ගැන ලෝකෙ දේසපාලනය, ආගම, විද්‍යාව හෝ තාක්ෂණය ගැන කියන්නෙ නැහැ. වට්ටි අම්මලාට මාකට් නිවුස් තමයි අල්ලපු ගෙදර එකාගේ විස්තර. එලවලු ටිකක් කූඩෙ තිබුනට වැඩිපුර විකිනෙන්නෙ එලවලු නෙමෙයි. අල්ලපු ගෙදර එකාගේ පුද්ගලික ජිවිතය. 

අනික් එකාගේ පුද්ගලික ජීවිත වල පතම්බහුරු හිල් හොයමින් කාලෙ කන බ්ලොග් ත්‍රස්ථවාදින් කියලා ඒ අයම හදුන්වා ගන්න ඇනෝ වරු කියන්නෙ මේ සමාජයේ සාමාන්‍ය ජනතාවම තමයි. මේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නෙ ඇටකැසිලි ටිකක්. උන්ට කෝච්චියෙ යනකොට හෝ කන බොනකොට වෙන තැනකදි කස්ටිය සෙට්වුනාම දේශපාලනය කියන්නෙ බයිට් එකක්. ඔහේ කටින් සෙම එනකල් කතාව. හැබැයි උන්ගේ සැබෑ දේශපාලනික ජීවිතය සහ දේශපාලනික භාවිතාව කියන්නෙ මහ හිලක්. 

නෙත් එෆ් එම් බැලුම්ගල එකෙන් මහා විසාල සේවයක් වුනේ නැහැ. නමුත් අඩුතරමෙ සෝමක්ක උඩදාන ගාල්තැන්නයා හරි එකපාරක් බැලුම්ගල මාට්ටු කලා. වැරදි කිහිපයක් තිබුනත් බැලුම්ගල කියන්නෙ අමුතු සටනක්. ඒක අස්සෙ සැබෑ දේශපාලනය තිබුනා. මහා වැරදි කිව්වොත් මහා තැන්වලින් කන්න වෙනවා. ඉතිං බැලුම්ගලත් සෙට්වෙන්නෙ පුංචි තැන්වලට තමයි. ඒක ස්වභාවය. නමුත් ඒ මාධ්‍ය පෙලඹීම වැදගත්. 

 සිංහල බ්ලොග් අවකාසය සහ ඒකෙ ඇනෝලා කියන්නෙ පොඩි කිතිකවාගැනිල්ලක්. කිතිකවාගන්න කොට කිති කවන එකාටත් චූන් එකක් තියෙනවා,ඒ වගේම කිති කැවෙන කොටත් පොඩි චූන් එකක් යනවා. බලං ඉන්න එකෙක් දෙන්නෙක්ටත් කිති කැවිල්ලෙ ඉන්න උන්ගේ  මෝෂන් දැකල ආතල් එකක් යනවා.

මේ ටික කිහිප දෙනෙකුට විතරක් තේරුං යන කතා එකක්. අපේ ආදරනීය බලුපුක් ඇනෝ වගේ අලුත් අයට නම් තේරෙන එකක් නැහැ..සොරි. ඈ..අලුත් ඇනෝලා මේක ස්කිප් කරලා ඊළග එකෙන් කොමෙන්ට්  කරන්න එන්න ඈ..

Thursday, May 22, 2014

වහන්න ඕනිද මන්දා

කුණුහරුප ඇති බැවින් ඔබ 18ට වැඩිනම් පමණක් කියවන්න.

ගෑනු කැමති නීති දාන මිනිස්සුන්ට.. හහ් හහ් හහා.

වෙන්නැති බං. මොක වුනත් නීති නැතුව ගෑනු මෙල්ල කරගන්නත් බැහැ.

මේ ආන්ඩුව වැඩිකල් තියෙන් නැහැ..

කාර් ගන්නවනං තව ටිකක ඉන්න එක හොඳයි. දැන් රීකන්ඩිෂන් මාකට් නැහැ.

උන්ගේ පවුල ගැන කියල වැඩක් නැහැ බං. මොනව කරන්නද කරුමෙ තමයි.

ඔෆිස් එකේ ඉතිං කේලමා කියල නේ ඌට කියන්නෙ.

මේ විදියේ එක එක ජාතියේ කතා රාශියක් කිහිප වතාවක් අවන්හලේ අරක්කු බොන මේසය හරහා කැරකෙන්නට විය. ඉන් පසු කට්ටිය ආස කරන මාතෘකාවක් ආවේය.

කොච්චර කන්නම ලැබුනත් බලන්න තියෙන ආසාව අඩු වෙන් නැහැ නේ බං. ආන්ඩුව කුනුහබ්බ කියලා දැන් වැල අල්ලනවලු. පොලිසියෙන් කිහිප තැනකම අල්ලලා තිබුනා. එකෙක් කීවේය.

මෙහෙ නීතිය අනුව තියන් ඉන්න පුලුවන් බලන්න තහනම් මංහිතන්නෙ හේතුව ඒකයි. තවකෙකු පිළීතුරු දුනි.

අදාල නැති ගෙම්බා 1
එවිට පසෙකට වී අසල මේසයක බීර වීදුරු කිහිපයක් හිස් කර සිටි ලොව වටා සංචාරය කරන ලද කල්ඉකුත්වූ නැවියෙකු යැයි සැලකිය හැකි මාබෝ නම් මහල්ලකු පිළිතුරක් දුන්නේ පිරිසම ඔහු වෙත නතු කරගනිමිනි.

එක රටක් තියෙනවා එහෙ නම් පිරිමින්ට පුලුවන් සම්පූර්ණයෙන් මොකුත් නැතුව ඉන්න. 

හහ් හහ් හා..මාබෝ අංකල් අදත් කතාවක් වගේ නේද? ආහ් කියන්නකෝ බලන්න ඒ රටේ විස්තර...

අපේ නැව් ගිය කාලෙ සමාර කාල එනවා නැව් නැතුව අපිට වරායවල් වලට වෙලා ඉන්න වෙන. රුසියාවෙ පෝට් එකක නැව දැම්මහම නැවේ දෝෂයක් ඇවිත් නැව හදන්න කාලයක් ගත වෙනවා කියලා ආරංචි වුනා. අපි කීප දෙනෙක් රට ඇතුල බලන්න තීරණය කලා.

එහේ රුසියාව මායිමේ එක රටක් තියෙනවා ඒක සිතියෙමෙත් නැහැ වගේ. කාරුවත් රුසියාව ගැන වැඩිය දන් නැති හින්ද හොයන්නෙත් නැතුව ඇති.

ඒරටේ පිරිමි ලිංගය විතරක් පෙන්වන්න පුලුවනි. ආචාර ක්‍රමයක් විදියටත් පුරුෂ ලිංගය පෙන්වීම පාවිච්චි වෙනවා. මං ගිය දවසෙ හරියට බය වුනා. සමහරු කලිසම පහත් කරලා ආචාර කරගන්න කොට..

ෂික්..මාබෝ අයියේ..ඒකනං මහ පට්ට වල් කතා වක් නේ.. කොහොමද ඕක ඇතිවෙල තියෙන්නෙ දන් නැහැ නේ?

මල්ලි මේ මාබො අයියට ඉතිං සීන් එකක් වැටුන කියන්නෙ ඉතිං ලෝකෙ ලොකුම රිපෝටර්ට වැටුන වගේ නේ..


අදාල නැති ගෙම්බා 2
මේමයි. ඒ රටේ මිනිස්සු හරිම නිර්ආගමිකයි. ආගමක් අදහන්නෙ නැහැ. ඔවුන් ආගම් ඇදහීම දැඩිව පිළිකුල් කරනවා. නමුත් ආගම් නැතිවුනාට එයාල ජීවත්වෙන රටාව වෙනස්.

පක්සරාජ කියලා ඒ රටේ රජෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමා මුස්ලිම් රටකට ගිහින් ලොකු සම්මානයක් අරගෙන ආවලු. එතකොට ඒ රටේ රජතුමාට විරුද්ද අය මේ පක්සරාජ රජතුමාට විරුද්ධව කැරැල්ලක් ගහලා තියෙනවා මුස්ලිම් ආගමික තම්බි රටකට ගිහින් ආවා කියලා.

නිර්ආගමික රටේ ආගමක් අදහන රටකින් සම්මානයක් ගෙනාපු එක රජතුමාට හරහට හිටියා. ලැබුන සම්මාන උපාධිය පක්සරාජ තුමා බොහොම ආසාවෙන් පාවිච්චි කලේ මිනිස්සු තමුන් ගැන තියෙන ගෞරවය වැඩිවෙයි කියාල හිතලා. නමුත් උනේ වෙන දෙයක්. මිනිස්සු රජතුමා දිහා සැකෙන් බලන්නට වුනා.

අවසානෙ රජතුමා ට තේරුනා මුස්ලිම් රටකින් සම්මානයක් දිනපු එකෙන් තමුන්ට විරුද්ද රජකම බලාගෙන ඉන්න අයට ලොකු වාසියක් වුනා කියලා. ඒ විරුද්ද පැත්තෙ හිටපු ජින්තු කියන නායකයාට අනුව පක්සරාජ තුමා සුන්නත් කරලා. ජින්තු මේ කතාව හැමතැනම කිව්වා. රජතුමා සුන්නත් වෙලා අපේ නිර්ආගමික රටට මුස්ලිම් ආගම ගේන්න යනවා කියලා.

පක්සරාජ තුමා එලවන්නයි දැන් හදන්නෙ. එතුමාට ඒ රටේ හිටපු නිර්ආගමික සංවිධාන නායකයින්ගේ දෝෂාරෝපන සෘජුව එල්ලවුනා. අවසානෙ නිදහස් දවස ආවා. එයාල ආගමින් නිදහස් වෙච්චි දිනය මහත් ලොකු උත්සවයක් විදියට සමරනවා. ඒකෙදි සත්‍ය එලි කරනවා කියලා පක්සරාජ කිව්වා.

ලොකූ තිරයක් කැමරා ආදිය සූදානම් කරල තිබුනා. ඒ වගේම කුඩා ලමයිට එන්න එපැයි කියලා තමයි නිදහස් උස්සවේ තිබුනෙ. බොහෝමයක් ජනතාවට එන්නැයි කියලා ලොකුවට උස්සවේ තිබුනා.

අදාල නැති ගෙම්බා 3
පටන් අරං ටික වෙලාවක් ගිහින් පක්සරාජ තුමා ඇවිත් කතාව කිව්වා. “ මට ආපු චෝදනාව බොරුයි කියලා පෙන්වන්න තමයි යන්නේ “ කියලා එතුමා කිව්වා. සරම එකවරම උස්සපු පක්සරාජ තුමා තමුන් සුන්නත් කරපු නැති බව මුලු රටට පෙන්නුවා. බලං හිටපු ගෑනු පිරිමි කට ඇරගෙන පක්ෂරාජ තුමාගේ මහානුභාව සම්පන්න අංගජාතය දෙස ඇසිපිය නොහෙලා බලං හිටියෙ නැවත කවදාක මේ මන්ඩලය දැකගන්නට ලැබේදෝයි යන දෙගිඩියාවෙන්.  මහ ජනතාව සුන්නත් කරපු නැති පක්සරාජ තුමා ගැන සතුටු වුනා. එතුමාට දීර්ඝායු පැතුවා. ජින්තු ගේ ගෙදරට එදා රෑ ලොකු ගල් පාරවල් වැදුනාලු.

රටේ මේ වගේ දූසමාන ආරංචි පැතිරීම නවත්වන්නත් පක්සරාජ තුමාගේ නිකැලැල් රහස් යෂ්ඨිය සමස්ථ රටේ ඈත පලාත්වල සියළු ජනතාවට පෙන්වලා නිර්දෝෂීබව පෙන්වන්නත් පක්සරාජට උවමනා වුනා. වහාම නීතියක් ගෙනල්ලා පිරිමි අයට ලිංගික අවයව පෙන්නීමේ තහනම ඉවත් කලා.

පක්සරාජ තුමාගේ අවයව කොටසින් බින්දුවක් වත් අඩු නැහැ කියාල පෙන්වන්න විශාල කටවුට්,බැනර්, පෝස්ටර් තැන තැන ඉදිවුනා. හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒක දැකලා අනේ මේ තරං පිවිතුරු පක්ෂරාජ තුමා නේද අපි මේ තරං කල් වැරදියට දැක්කේ කියලා දුක් වුනා.


 මාබෝ කතාව කියාගෙන යන අතර පිරිස කට ඇරගෙන මේ අලුත් රට ගැන අහගෙන ඉ්නනවා..ඉතිං එච්චරයි මල්ලිලා විස්තරේ..රටේ ගැනු තාමත් වහගෙන ඒත් පිරිමින්ට රාජ්‍ය අවසරය තියෙනවා ඕනි තැනක තමුන්ගෙ නිර්ආගමික බව පෙන්වන්න. 

ඉතිං ජින්තු කැපුනා නේද සිද්දියෙන්...? හහ් හහ් හා... එකෙක් සිනාසෙන්නට වුනා..

යළිත් මාබෝ කතාව ආරම්භ කලා.

මල්ලි ලා හිතන් ඇති ජින්තු කැපුනා කියලා. නමුත් ජින්තුත් වැඩේ ඇරියේ නැහැ. ජින්තු සමීක්ෂනයක් කරලා තරමක් විශාල පෙනුම තියෙන පුරුෂ ලිංග වල පොටෝ රටේම පෝස්ටර් විදිහට ගැහුවා. එතනදි පක්සාරාජගේ අසුවල් කෑල්ල පොඩියි කියලා ජනතාව අතර ලොකු කසුකුසුවක් යනවා. සමාර ගෑනු පවා පක්සරාජ තුමාගේ පොඩියි නේද කියලා යළිත් හිතන්න වුනා. 
අදාල නැති ගෙම්බා 4

ඔන්න ඔය වෙලාවෙ පක්සරාජ මීඩියා ටීම් එක වැඩට බහිනවා. බැහැලා පරණ පොතක් හොයාගන්නවා අලිංගවංශය. කියලා. ඒකෙ පරිපූර්ණ මිනිහෙකු සතු විය යුතු අංජාතයේ දිග හරියටම පක්ෂරාජ තුමාගේ අංගජාතයේ දිගට සමාන වෙනවා. ඒක හරිම ආශ්චර්යයක්. අලිංගවංශ පුරාණ පුස්තකය බොහොම බලගතු එකක්. ආචාර්ය මහාචාර්ය වරු කිව්වා. ඒ පොත අනුව නියම දිගට පළලට පක්ෂරාජ අංගජාතය සමන්වීත වීමෙන් රට වාසනාවන්ත වෙන බවක් හැමෝම කතාවුනා.

මුලින් මුලින් පණ්ඩියෝ කැමර් ඉස්සරහා මේ අංගජාත ස්ටෑන්ඩඩ් එක තියෙන පොත හොදට ජනතාව අතර වන්දනීය වෙන විදියට පොතේ තියෙන වැදගත්කම ජනතාවට අවබෝද කරලා දුන්නා. පස්සෙ අර කියමන මාකට් කලා. කොහොම හරි කාලයක් ගියාම මහ රජතුමාගේ සයිස් එකට කෑල්ල හදාගන්න ගොඩක් අය උත්සාහ කලා. 

හහ් හහ් හා.. මාබෝ අයියත් ඉතිං ඒ රටේ වැඩි දවස් උන්නේ නැද්ද? එකෙක් ඇහුවා.. 

කොහෙද මල්ලි ඉන්නෙ? ඒ රටේ ගෑනු අපේ කොච්චර තිබුනත් අර කිංග් සයිස් එකමයි හොයන්නෙ? වැඩිය ලොකු වුනත් හරි යන් නැහැ.පොඩි වුනත් හරි යන් නැහැ..කිං සයිස් එකට ඕකේනම් විතරයි උන් සැටිස් වෙන්නෙ. 

අපිට පුලුවනෑ මල්ලි උන් එක්ක ඉන්න. මං ආයෙත් පෝට් එකට ඇවිත් වෙන නැවක් ටෝක් කරල නැග්ගා. 

ගොඩක් උන් මේව විස්වාස කරන් නැහැ. ඒත් මට ඉතිං හතර අතේ දිව්ර දිව්ර ඇත්ත කියල කියන්න වැඩක් නැහ. මේ මාබෝ කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා නේ.. 

මාබෝගේ මේසය අසල සිටි අය මාබෝ ගේ කතාව එදිනට හමාර බව දැනගෙන එකිනෙකාට සුබපතමින් විසිර ගියා.

Tuesday, May 20, 2014

ආයුධ බෝම්බ නොදැක මැරුනු පසු



මේ ළඟදි මම පාරෙ ට්‍රැෆික් එකේ යනකොට මේ වගේ පොඩි මුනුමුනුවක් ඇහුනා. පස්සෙ බැලින්නං ඒක සැකකරුවන් වගයක් ගෙනියන පොලිසියෙ රථයක්. සැකකරුවෙක් බොහොම වේදනාත්මක ස්වරයෙන් “නිවන් දකින්නට පිංමදි වෙන්නැති“ ගීතයේ තාලෙට මේන් මේ කවි සැට් එක මුමුනමින් සිටියා.

 මිනීමැරීමක් ලඟට යන්න ඇති
කොල්ලකාරයෙක් ළඟින් ඉන්න ඇති
ආයුධ බලන්ට පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ...
හා හා.හා....ආයුධ බලන්න පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ.. 

ආයුධ සොයා හඳ පීරන ඇමරිකානු සැකකරුවෙක්.

ප්‍රීති වෙසක් ඕනි එකක්

වෙසක් ඉවර වුනා. සමාර අය වෙසක් බලන්න ගිහින් තිබුනා. සමාරු වෙසක් නිවාඩුවට නිවාඩු ගත කරන්න ගිහින් තිබුනා. වෙසක් වලට කරන ලද දේවල් ගැන විවේචන ආදියත් තැන් තැන් වල තිබුනා. දන්සැල් ගැන තිබුනා.. නලා ගැන තිබුනා. 

මේ නලා ජාතිය අපේ අයගේ කණට වදයක්. මේක අද ඊයෙ ආපු වදයක් නම් නෙමෙයි මම හිතන්නෙ. ඒ වගේම මේ නලා වල සද්දෙ බාධාවක් වෙච්චි එකම කොට්ඨාශය අපිත් නෙමෙයි. ඔය නලා ගැටළුව පාපන්දු ලෝක කුසලාන වලදි පවා ආපු ගැටළුවක්. සමාර අය හිතන විදියට මේ අපේ රටේ ඉන්න මෝඩයො විතරයි නලා එහෙම ගහගෙන මහ සද්දෙන් වැඩ කරන කරන්නෙ. දියුනු රටවල ඉන්න සෝක් මිනිස්සු එහෙම නැහැ. මම අන්තර්ජාලයේ දැක්ක විදියට නම් නලා කේස් එකට රටවල් දියුනුද නැද්ද කියලා බලපාන් නැහැ. ඒ නලා ආතල් එක ගන්න සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නවා. 

නමුත් වැඩේ තියෙන්නෙ මේකෙන් කණට දැනෙන ආතල් එක ටික වෙලාවකින් පස්සෙ බෝරින් වෙන එකයි. නමුත් පිඹින අයට ඒකෙ බෝරින් එකක් දැනෙන් නැහැ. 
දික්වැල්ල පෙරහැරවල මූලික අංගයක් වන මහ බඹා.

දන්සැල්..
දන්සැල් හොදයි. කොළඹ දන්සැල් පටන් ගන්නෙ රෑට. නමුත් මාතරින් එහාට අපේ ගම දිහා දන්සැල් මුලු දවස පුරාම බොහෝ වෙලාවට තියෙනවා. කොළඹ ඉන්න ජනගහනෙත් කොළඹට වෙසක් වලට එන පිරිසත් එක්ක බැලුවම වැඩේ සාධාරනයි. මොකෝ දීල පිරිමහන්න පුලුවනෑ දවස තිස්සෙම. මම කෑම කන්න ගිය මරදානෙ කඩේක මිනිස්සු කතාවුනා කඩල කිලෝ 50ක ප්‍රමාණයක් තැම්බුවාම ඒක ඉවර වෙන්න විනාඩි 10ක්වත් ගියේ නැහැය කියලා. ඒ තරමට සෙනඟලු. 

අපි ගෙදර හිටියාම හිතනවා. අඩේ දැන් මිනිස්සු වෙසක්බලන් නැහැ. අපි විදියට ඔන්ලයින් හරි ටීවි වෙසක්හරි බලනවා ඇති කියලා. නමුත් පාරකට බැස්සම තමයි මිනිස්සු බලාගන් ඇහැක් වෙන්නෙ. 

පෙරහැර ආතල්..
වෙසක් වලට අපේ පැත්තෙ තියෙන ප්‍රධාන පෙරහැරවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් දික්වැල්ලෙ තියෙන පෙරහැරවල් විශේසයි. ඇසල එකට පෙරහැරවල් තියෙන්නෙ බොහෝ වෙලාවට දේවාල වල. වෙසක් පෙරහැරවල් තියෙන්නෙ විහාර වල. වැවුරුකන්නල, බතීගම,කුඩාවැල්ල වගේ පැතිවල ලොකු පෙරහැරවල් යනවා. ඉතිං ඔය පෙරහැරක් පාර පුරා යද්දි ඒ ට්‍රැෆික් එකකට මාත් අහුවුනා. මම හිටියෙ බස් එකක. බස් එක පැය තුනක් එකතැන. මොකද පෙරහැර පාරම බදු අරන් යනවා. 

බස් එකේ හිටිය සාමාන්‍ය මගී ජනතාවගේ පැත්තෙන් බැලුවොත් පට්ට අසාධාරනයි. නමුත් ඉතිං අති බහුතරයක් පෙරහැර බලන පිරිස එක්ක බැලුවම ඒ මුලු බස් හෝ වාහන වල ගිහිපු මිනිස්සු සාමාන්‍ය පිරිස පෙරහැර බලපු පිරිසට වඩා අඩුයි. වැඩි මතයට මුල් තැන නම් පාර වැහුවට කමක් නැහැ කියන එක තමයි අනුමත වෙන්නෙ. කෝම නමුත් මේ පාර වහන්නත් හේතුබූත වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි පෙරහර බලන්න සෙට් වෙන අධික ජනතාව. මේ ජනතාව වැඩි නිසා පාරෙ එක පැත්තක් ඕපන් කරලා බැහැ. දෙපැත්තෙන්ම මිනිස්ස පෙරහැර බැලුවෙ නැත්තං මිනිස්සු ගොඩකට පෙරහැර මිස් වෙනවා. ඒතරං සෙනග..

ගෙදර ඉන්න ළමයි බමයි ආච්චිල සීයල විතරක් නෙමෙයි සමාර වෙලාවට ගැබිණි මව්වරු පවා විසාල බඩවල් එක්ක මේ සෙනග ගොඩවල් අස්සෙ තෙරපිල බඩේ ඉන්න දරුවටත් පෙරහැර පෙන්වන්න එනවා. මේක අපිට අවුල්. මොන වදයක්ද මේ කියලා හිතෙනවා.  ඒ විදියෙ ගැබිණි මාතාවන්ට හෙම හැමෝම ඉඩදෙනවා පෙරහැර බලන්න. කෝම නමුත් මං මේ කිව්වට මාත් බඩේ ඉන්න කොට එක පෙරහැරක් හරි බලන්න යන්න ඇති. 

අපේ අම්මත් ඉස්සර ඔය පෝය දවස් වල ලොකු පන්සල් වලට යන්න පෙරහැරවල් බලන්න යන්න කානිවල් බලන්න යන්න හරි කැමති. අපි පුංචි ලමයිය් කියල නැහැ බස් එකක නැගල ඔහේ යනවා කාන්ඩෙම වෙසක් බලන්න.වැවුරුකන්නල, වෙහෙරහේනෙ හෙම තියෙන අලී විසාල බුදු පිළිම පෝය දවසට වන්දනාමාන කරගන්න එක මහත් වාසනාවක් කියලා තමයි අපේ ගම් වල සමහර අය හිතන්නෙ. 

මේ පාරත් වෙසක් බලන්න අපේ ගම දිහා ආපු මිනිස්සු ගොඩක් ඇවිත් තිබුනෙ ඩිමෝ බට්ටා ටයිප් පොඩි වාහන වල. ඒවයි මොකක් හරි පුටු කැලි තුන හතරක් දාගෙන දහයක් දොලහක් නැගල එනවා පෙරහැර බලන්න.  වෙසක් බලන්න. ඔහොම ආවම ඉතිංගොඩක් වෙලාවට බුද්ධාලම්බන ප්‍රීතිය කිව්වට එතන තියෙන්නෙ වෙනමම ආතල් එකක්. ටැට්ටර් වලට වඩා ඩිමෝ බට්ටා ටයිප් එක ලේසියි. ඉක්මන්ට යනවත් එක්ක නේ. 

මේ පාර ආන්ඩුවෙන් දන්සැල් බලන්න මහජන සෞඛ්‍ය මහත්වරුන් යොදවලා තිබුනා.ඒක හොද වැඩක්. කවුරු කලත් හොද දේට හොදයි කියන්න එපාය.ඒ වගේම කෑම දන්සැල් ගැන කිව්වොත් ගොඩාරියක්මේ තැන්වල තිබුනෙ අයිස් කිරිං දංසැල්.කෑම බීම වලින් දන් නොදීපු දෙය්ක හොයාගන් අමාරුයි. එක එක ජාතියෙ විවිධාකාර දන්සැල්රට පුරාම තිබුනා.එටිසලට් සමාගමෙන් ගාල්ලෙ කණ්නාඩි දන්සලකුත් දෙනව දැක්ක. ආච්චිල සීයල පෝලිමෙ හිටියා වෙසක් මහා කණ්නාඩි ගන්න. 

අපේ කන්තෝරුවල ඉන්න ලොකු මහත්වරු සහ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු මේ වගේ දිග නිවාඩු ආවම කරන්නෙ විනෝද ගමන් නිවාඩු සවාරි යන එක. ගමේ අය අවුරුද්ද සමරද්දි නුවර එළියෙ සුව විඳින්න කොළඹ ඉන්න මුදල් තියෙන අය යනවා. ඒ මුදල් හදල් තියෙන අයට සාමාන්‍ය දවස් හරිම පීඩනයක් විදියට පේනවා. ඉතිං නිවාඩු දවස් වල පීඩනය අඩුකරගන්න මොකක් හරි නිවාඩුවක් නිවාඩු ගතකරන තැනකට වෙලා ගතකරන්න ඕනි කියලා හිතනවා. 

නමුත් ඉතිං ගම්වල ඉන්න මිනිස්සුන්ට ජීවිතේ මේන්න මේ කෑල්ල පීඩනේය. මේන්න මේ කෑල්ල සතුටය කියලා ලොකු වෙනසක් නැහැ. වැඩ කරන ගමන්ම විනෝදයත් ගන්නවා.ඒ වගේම පෝයට අවුරුද්දට නිවාඩු ලැබුනාම එයාල සැනකෙලි උත්සව සංවිධානය කරලා තව ටිකක් බිසී වෙනවා. නැත්තං ඒවා බලන්න පෝලිම් වල යනවා. ඒක වෙනමම විනෝදය විඳින විදිහක්. 


මං ට්‍රැෆික් එකට අහුවුනේ බතීගම වෙසක් පෙරහැරට. ඒ වෙසක් පෙරහැරට නැටුං කන්ඩායම් ගන්න මුස්ලිම් ව්‍යාපාරිකයිනුත් උදව් කරලා තිබුනා. ඉතිං නිවේදකයෙක් ලයිට් කණු ගානෙ බැදලා තිබුන ලවුඩ්ස් පීකර් වලිං පෙරහැරට උදව් කරපු ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට, ප්‍රභූවරයින්ට පිං දෙනවා, නිවන් සැප පතනවා. දිව්ය ලෝකෙ සම්පත්තිය පතනවා ආදී දේවල් කරනවා. ඔහොම කරලා එනවා මුස්ලිම් ව්‍යාපාරිකයින් ආධාර කරපු තැනට. එතන්ට ආවම නිවේදකයා හිර වෙනවා. මොකද මුස්ලිම් අයට කරන්න වෙන්නෙ ස්තූතිය විතරයි නේ. එයාල ගේ ආගම වෙනස් නේ..නෝ නිවන්, නෝ දිව්ය සැප, නෝ පින්..

මොනවා නමුත් උගත් බුද්ධිමත් පිරිස සාමාන්‍ය සමාජයට වඩා වැඩි සයිබර් අවකාශයට වඩා ඒ මිනිස්සු ආකල්ප වලින් උසස්. පංසල් වල හිටපු ඇත්තොත් අපි තන්බින් ගෙන් ආධාර ගන්නෙ නැහැය කියලා මහා උඩගු කමකින් ඉන්නෙ නැතුවඒ මුස්ලිම් පිරිසත් ගමේ පෙරහැරට දායක කරගෙන තිබුනා.ඒ වගේම මුස්ලිම් අයත් අපේ ජාතිය වෙනස්ය. අපේ පල්ලිය වෙනස්ය කියලා හිතන්නෙ නැතුව ආධාර දීල තිබුනා. කවුරු මොන විදියට දැක්කත් සාමාන්‍ය ජීවිතයේදි අපිට මුස්ලිම්ය, දෙමලය, ක්‍රිස්තියානිය කියලා හැමදාම වෙන්වෙලා වෛරක්කාරයො වෙන්න බැහැ.ඒ මිනිස්සු ඒ විිදියට එකතු විම ගැන නම් මට ඇති වුනේ සතුටක්. 

කෝම නමුත් මම මේ ලිපිය ලියන්න හේතු වුනේ. සයිබර් වාසී සමාර කුහක ජනතාවට අනුව මේ විදියට විකාර පෙරහැර, තොරන්, දන්සැල්, කූඩු ආදිය එක්ක වෙසක් සමරන එක වැරදියි. නමුත් මම කියන්නෙ මේ අපි අයිති අද දවසේ සංස්කෘතිය. අපිට ඒක දිරවන්නෙ නැහැ කියලා අපි ඒ විනෝද වෙන මිනිසුන්ගේ විනෝදය දිහා පහත් විදියට බලන එක වැරදියි. අපිට පොඩ්ඩක් වාහනේ පරක්කු වුනා කියලා එහෙම නැත්තං කණ පල්ලෙන් නලා සද්දෙ ඇහුුනා කියලා රටට ජාතියට සහ මිනිස්සුන්ට වෛර බැඳගන්න එකත් වැරදියි. 

ජාතියක් විදියට හෝ මොකක් හරි විදියට අපි ඉ්සසරහට යන්න නම් එකිනෙකාගේ විනෝදය ඉවසන්න හැකියාවක් අපිට තියෙන්නට ඕනි කියලයි මම නම් හිතන්නෙ.

Saturday, May 17, 2014

පයින්ඩ කොලෙක්ටින් කතාවස්තුව

ඔන්න එකෝමත් එක කාලෙක නාරිදත්ත කියලා රජ්ජුරුකෙනෙක් හිටියා. නාරිදත්ත රජතුමාට ආරංචි වෙනවා රටේ ගවයින් අසාමාන්‍ය ලෙස අඩුවෙලා රටේ කිරි සම්පත සහ ගව මස් සම්පත නැතිවෙන්ට යනවා කියලා. ඒ නිසා නාරිදත්ත රජතුමා ඒකට උපායක් හොයන්ඩ වැවිලි බෝග සහ ගොන්හරක් සම්බන්ධ ඇමතිතුමාට කාරණය සොයාන්ට නියම කරනවා. එතුමානෝ නිලමෙලා අධිකාරම්ලා සහ ගවහිමියන් හමුවෙලා කතාන්දරය හැකි පමණ සොයාගත්තා. 

දැන් ගොන්හරක් භාර ඇමති තුමා කියාන්ඩ බලන්න මොකද මේ හරක් එන්ට එන්ටම කොට වෙලා කෙස්ටු වෙලා අඩුවෙලා යන්නෙ.? රජතුමා ඇහුවා...
රාජුත්තමයන් වහන්ස..
මේක ගොන්නුන්ට වැළඳුන කිසියම් හෝ රෝගාබාධයක් නම් නොවන බවකි ගව වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙය තණ කොළ හිඟ වීමේ දෝසයකි. රටේ පවතින අයහපත් කාලගුණය නිසාත් සමාර තණකොළ ජාති වැසියන් විසින් ආහාරයට ගැනීම නිසාත් ගව මහේෂාදින්ට කෑමට ඇති තණ හි හිඟයන් පවතින බැව් අපිට ආරංචි වී ඇත. 
එසේ ඇමතිතුමා විසින් සියලු කාරණා අසා සිටියදී හිටි අඩියේම විහිලුවට බර අන්ද්‍රෙයි නැමැති ඇමැත්තා ප්‍රමාද වී රාජ සභාවට පැමිණියා. රාජ සභාව කිව්වට මේකෙ හිටියෙ ඇමතිලා නිලමෙලා වගේ ලොකු තැන් විතරයි.
අදාල නැති පුහුලම් දෙකකි.
අන්ද්‍රෙ ඇවිත් වාඩිවුනා විතරයි. රජතුමා අණ නිකුත් කලා. සියළුම රාජසභාවේ සිටින ඇමැතිවරුන් විසින් තමුන්ගේ පලාත්වලට අදාලව තණ මැනීම සිදුකල යුතුයි. අප රටේ තණ සම්පත මදිනම් වෙනත් ඈත දේශයකින්හෝ ගෙන්වන්ට ප්‍රථම අප විසින් තණ මැනීම කල යුතුයි. අපට කෙතරම් තණ තිබේද ඒ තණ අපිට ඇතිද කියාල විමසන්ට නම් අපි ළග තොරතුරු තිබෙන්ට ඕනා. තොරතුරු නැතිව අපිට නිකම් අරකය මේකය කියලා තීන්දු ගන්න බැහැ. 

ඉතිං රජතුමා ඒ කාරණය විසදන්න අවශ්‍ය කරන කටුයුතු සම්පාදන කරලා වෙනත් කරුනක් වෙත අවධානය යොමු කරන්ට සිතුවා. අන්ද්‍රෙයිද සියලුම ඇමැත්තෝද කාරණය සිය ඇක්සයිස් පොතේ ලිව්වා. රජතුමා කාරණය නිමා කල පසු වෙනදා මෙන්ම ටියුබ් ලයිට් අන්ද්‍රෙයි විසින් ප්‍රශ්ණයක් නගනු ලැබුවා.

රජතුමනි? දැන් අපි තණ මැනිම සඳහා සියලු තොරතුරු අසාගෙන පලක් නැහැ.මට නම් රජතුමනි ගෙන් ගෙට යන්ට පුලුවනි. නමුත් අපේ ඇමැත්තන්ට සමාරුන්ට දැන් ගම් පලාත්වලට යන්ට අමාරුයි. ඒ නිසා අපි ගෙන්ගෙට යන්නේ නැතුව අණබෙරයක් යවලා තණ විස්තර ටික අපිට ලැබෙන්ට සලාස්වන්න කියලා කිව්වොත් හොදයි නේද? හැබැයි රජතුමනි මගේ පැත්තේ තණ බලන්නෙ  මම ගෙයින් ගෙට ගිහින්. මට ඉතිං වැඩි වැඩකුත් නැහැ වගේ නේ. 

හරි අන්ද්‍රෙ හරි. ඇමතිවරුන්ට නිදහස තියෙනවා එහෙනං අණබෙර යවලා ඒ ඒ පවුල්වල වතුවල තණ විස්තර ටික එක්කරාසු කරගන්න. රජතුමා අන්ද්‍රේගේ අදහසට ඉඩදුන්නා.

එදා ගියායින් පස්සෙ මාසෙකට විතර පස්සෙ රජතුමා යළිත් කාරණාව මතක් කලා. මම මින් පෙර තණ මැනීමක් ගැන සඳහන් කලා. ඒ ගැන විස්තර ඇමතිතුමාලට ගේන්න කිව්වෙ සති දෙකකින්. දැන් සති හතරක්ම ගිහින්. තවත් නම් දවස් දෙන්නේ නහැ. දැන් විස්තර හරිද? රජතුමා සභාවෙන් ඇහුවා.

හරි මහ රජතුමනි. අපිවිස්තර එකතු කලා. මහරජතුමනි.
ඇමතිවරු පිළිවදන් දුන්නා. 

හැමදාම පණ්ඩිත කතා කියලා මොකක් හරි සංසෝදනයක් කරන්නම දගලන අන්ද්‍රේගෙන් පටන්ගන්න රජතුමා තීරණය කලා.ආහ්..අන්ද්‍රෙ කියනවා බලාන්ට තමුන්ගේ විස්තර කොහොමද පලාතේ තණ ගැන. 
මැදි වයසේ ගොඩක් වෙලාවට 38-42
නාකි නම් ආයෙත් 32-36 වගේ මට්ටමට බහිනවා..
ගැටිස්සියොන්ගේ නම් ඉතිං විසිගනන්  වල ඉදලා තිස් හය අට වගේ වෙනකල් තියෙනවා. ඒත් මේ වා සමාර වෙලාවට වෙනස් වෙනවා.

අන්ද්‍රේගේ තණ මැනිල්ල ගැන ආරංචි වෙලා තිබුන සමාර ඇමතිවරු කට අතින් වහගත්තා. රජතුමාටත්ලොකු පස්නයක්. නමුත් අවසානෙ ගැටිස්සියො ගැන කිව්වාම රජතුමාට තේරුම් ගියා කතාව. ඈ ඕයි..තමුසෙට මොලයක් තිබුනෙම නැද්ද? ගෑනුන්ගේ කෑලි අතගගා උඹ නං සෝක් එකට මනින්නට ඇති. මම නොදන්නවයැ අන්ද්‍රෙගෙ විස්තර. යස වැඩේ නාකි හම්පඩ ඒවත් අන්ද්‍රෙට අල්ලලාබලාන්ට වෙන්න ඇති. රජතුමා කිව්වා..

නැහැ රජතුමනි නාකි අයට අවස්ථාව ආවම මම ඉරටු කෑල්ලක් එයාලට දීල බලල  දිග මැනල කියන්න කිව්වා. ගැටිස්සියොන්ට ඉතිං ඕව තේරෙනවැ. උන්ට අහක බලාගන්ට කියලා මමම මැනගත්තා. රාජ අණනේ රජතුමනි... අන්ද්‍රේ කියාගෙන ගියා..

හහ් හහ් හහා.හරි අන්ද්‍රේ මට පොඩි වැරැද්දක් වුනා. මින් පසුව රාජ අණ සාරාංශ කරලා ඒ ඒ නියමිත රාජකාරි සියල්ල රැස්වීම අවසාන වුනාම ඇමතිවරුන්ට ලැබේවි.මෙතනදි මම තණ මනින්න කියන කොට අන්ද්‍රෙ රාජසභාවට ආවා විතරයි. ඉතිං වෙන සන්නසක් මොකුත් නිකුත් වුනේ නැති නිසා අන්ද්‍රේට මුලු වැයික්කියෙම තන් අතගාන්න ලැබුනා. හනේ බොල..අන්ද්‍රෙ උඹ තමයි දවසකටවත් මිනිහ..

  මං රජතුමා විදියට නිකං ඉන්නෙ නැහැ. විදේශෙකින් ආපු අලුත් මොක්පුල පඩිතුමාගෙන්උපදෙස් අරගන්නවා රාජ පාලනය ගැන. ඒ තුමා කිව්වෙ ලිඛිත තොරතුරුවලදි බොරුවක් වෙන්න තිෙයන හැකියාව අඩුයි කියලා. අදත් තව ටිකකින් මොක්පුල පඩිතුමා සැපත් වේවි. රජතුමා ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කලා.

ඒ විදියට අනෙක් ඇමතිතුමා කෙනෙකුටත් අවස්ථා ආවා. රජතුමනි තණ වලට ලෙඩතියෙනවා. තණකොල කන වෙන සත්තු එහෙමත් ඉන්නවා. තණ කොල ඔක්කොම අක්කර පන්සීයක් විතර මගේ වසමේ තියෙනවා. ඒ වුනාට ඒවයි තණ වල උස නං හරි වෙනස්.රජතුමනි. ඇමති තුමා කියාගෙන ගියා.

ඔන්න ඔය වෙලාවෙ මොක්පුල පඩිතුමා සබයට ආවා. එතුමා වාඩිවුනා. 


ඒ අතර තවත් ඇමතියෙක් නැගිටලා කතාව පටන් ගත්තා. රජතුමනි මේක හරි සංකීර්ණයි රජතුමනි. සමාර පැතිවල එකම වත්තෙ පවා තණ විවිධඋස වලින් තියනවා. ඔන්න එක සන්දේසෙක තියනවා මෙහෙම " මාගේ වත්තේ තණකොල ඇති මුත් ඒ කොච්චරක් දැයි මා දන්නේ නැත. මීලග වැස්ස ආවාම මම තණ කපනවා. කැපුවාම රජතුමාට අවශ්‍ය කොටස දෙන්නට මට පුලුවන් වෙයි යැයි මා සිතනවා. මහරජතුමාට නියමිත තණකොටස හොර නොකර දුන් බැවින් මට සමාව දෙන මෙන් ඉල්ලනවා. " ඉතිං රජතුමනි ඒ ඉඩම් හිමියාට තණ කොල තියෙද? කොච්චර තියෙද? කොච්චර උෂ තණකොල තියෙදැයි කියල බලාගන්න බැහැ. මගේ  ලියන ලියන්නෝ ගොඩක් මාන්සි වුනත් තොරතුරු එකතු කරගාන්ට බැහැ. ඇමතිතුමා කිව්වා.

ඔය විදියට තණ මැනීමේදීත් තණ ගනනය කිරීමේදීත් තමුන්ට ආපු ලියුම් ගැන ඇමතිවරු කියාගෙන ගියා. ඒ හැම වතාවකම කතාව ඇමතියන්ගේ කතාව ඉවර වුනාම මොක්පුල පන්ඩිත නැගිටලා වාඩිවෙනවා.

මොක්පුල පඩිතුමා නැගිටලා වාඩිවුනා.රජුට පුදුමයි ඒ විදියට නැගිටලා මොකුත් නොකිය මොක්පුල පඩි වාඩිවුන එක ගැන. මොකද මොක්පුල පඩිතුමනි. ඔබතුමාට ආම වාතවත් යනවාද මේ ඇමතිවරු කතාකරන වාරයක් ගානෙ නැගිටින්නෙ? 
නැහැ රජතුමනි. මට මේ ඇමතිවරුන්ගේ කථාවලට හිනායන තැන වෙනස්. ඒ හිනාවලට අවසර අවකාශ දෙන්ට ඕනි නිසා මං පොඩ්ඩක් නැගිටලා වාඩිවෙනවා. මොක්පුලසභාවම හිනස්සමින් කිව්වා. 

අවසර මහරජතුමනි. මේ වගේ දේකදි තොරතුරු එක්රැස් කරන එක වැදගත්. ඒ වගේ වෙලාවක රාජ කීය ලේඛකයින් මදි නම් වෙනත් ලේඛකයින් ගෙන්නවා හෝ රජතුමාට අවශ්‍ය කරන තොරතුරු පෝරම කොලයක සටහන් කොට ඒවා ගම්මානයේ ගස් වල ලිං අසල හෝ මිනිස්සු එක්රැස් වන තැන්වල ඇලෙව්වානම් හරි. උදාහරණ විදියට මේ වගේ.

රාජ්‍යයේ තණ සම්බන්ධ තොරතුරු එක්රැස්කිරීමයි. 
ගව මහේෂාදීන්ට අවශ්‍ය තණකොල සම්බන්ධ තොරතුරු රැස් කරගන්නට රජතුමා අදහස් කොට තිබේ. ඒ සඳහා පහත පරිදි සංදේශ සකසාගෙන එක් පවුලකට එකක් වන ලෙස තොරතුරු අසලම සිටින ඇමති මැතිවරුන්ට ලැබෙන්ට සලස්වනු. 
නම:=
ස්ථානය:-
තණකොල ඇති ඉඩම් ප්‍රමාණය:-
තණකොල වල සාමාන්‍ය උස:-
තණ වැවීමට හැකි වෙනත් ඉඩම් තිබේද?:-
ගවයින් කොපමණ ඔබට අයිතිද? :-

ඉතිං රජතුමා මේ විදියට තොරතුරු ටික එක්කරාසු කරගත්තා. ඉතාම ලේසියෙන් තොරතුරු එකතු කරගෙන රටේ තිබෙන තණකොල සහ විස්තර ලබාගන්න රජතුමාට පුලුවන් වුනා. පෝරම් කොලය නිසා වැඩ තවත් ලේසි වුනා කියලා ඇමතිවරුත් ගැමියොත් රජතුමාට ස්තූති කලා. තමුන්ට තන් පෙන්වන්නට වුනු නිසා අන්ද්‍රේ ගැන ඒ ප්‍රදේශයේ ගෑනු ජනයා කුපිතව කතා කලා.

මේ කතාවෙන් ගත හැකි ආදර්ශය තමයි නියමිත පරිදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක තිබෙන වැදගත්කම. නිකම්ම නිකං ලියුම් ලිවීමෙන් හෝ නැතිනම් ගනනයට ලක්වන්නා කැමති සහ ඔහුට මතක්වන තොරතුරු පමණක් ඇතුලත් කිරීම ඵලක් නැති වැඩක්. යම් ආයතනයකින් හෝ සංගමයකින් තොරතුරු අදාල අංශ වෙතින් ලබාගන්නවා නම් ඒ තොරතුරු මාතෘකා කිපයක් සහ තේමාවන් කිහිපයක් ඇතුලත් එකක් නම් තොරතුරු ලබාගන්නට පෝරම් කොලයක් තියෙන එක වැදගත් වෙනවා. 

මේ පොරම් කොල නොහොත් ෆෝම්ස් වල නවතම  සොයාගැනීම තමයි අන්තර්ජාලයේ වෙබ් අඩවි වල දත්ත ඇතුලත් කිරීම. මේක දියුනු වැඩක්. අන්තර්ජාලය භාවිත කරන අයට පුළුවනි සේවාවන්හෝ වෙනත් කටයුතු වලදි අදාල කටයුතු වලට පෝරම පුරවලාඒ කාරිය කොරගන්න. මේක මීට කාලෙකට කලිං සිද්ද වුනේ ෆැක්ස් මගින්. නැත්නම් ලියමන් මගින් තොරතුරු දෙන්න. දැන් කටයුතු ඊට වඩා පාසුයි. 

මේ ලගදි මගේ මිතුරකට අවශ්‍ය වුනා ටෙලිකොම් ආයතනයෙන් වැඩිපුර දත්ත ප්‍රමාණයක් මිලදී ගන්න. ගිගාබයිටුවක් රුපියල් 250ක් වගේ සාධාරන මිලට තිබුනත් අත්‍යාවශ්‍ය වැඩකට ඔහු දත්ත මිලදී ගන්න සිද්ද වුනා. එතනදි ටෙලිකොම් ආයතනය කියලා තිබුනෙ ෆැක්ස් එකකින් දත්ත අවශ්‍යතාවය කියන්න කියලා. ඉන් පස්සෙ කතාකරන්න පුලුවන් තැන් කීපෙකටම කතා කරලා ඊ මේල් එකකින් වැඩේ කරගන්න පුලුවන් තැනට පත්කරගන්න මිතුරා සමත්වෙලා තිබුනා. 

ටෙලිකොම් වගේ ආයතන විකුනන මූලික දෙයක් තමයි ජාල පහසුකම. ජාල පහසුකම මගින් දියුනු වුන මේ ලෝකෙ පිටරටින් මහ වටින කියන බඩු ගෙන්නගන්නත් අපිට පුලුවන් වෙල තියෙනවා. මේ වගේ සේවාවන් සපයන මූලික ආයතනයක් වෙච්චි ටෙලිකොම් එකේ අමතර ඩේටා ඉල්ලලා රික්වෙස්ටුවක් ලේසියෙන් දාගන්න විදියක් නැහැ.ඒ විදියෙ අන්තර්ජාල පහසුකමක්ඒ ආයතනය සපයල නැහැ. පරන විදියට ලියුම් කියුම් ෆැක්ස් වලිං තාම වැඩ. මේක වඩුවයි ගෙදර පුටුව නැති කේස් එකකට වඩා මට පේන්නෙ වඩුවයි ගෙදර කියත නැහැ වගේ සීන් එකක් විදියට.