Friday, June 5, 2015
Thursday, June 4, 2015
මරදානෙ මිනී තුන සහ බිල්ඩින්
බිල්ඩිමක් හදද්දි ලංකාවෙ අපිටත් දැන් පර්මිෂන් ගන්න වෙනවා නාගරික ප්‍රදේශයකින් නගරසභා වලිනුත් ගම්බද පැත්තක නම් ප්‍රාදේශිය සභා වලිනුත් අපිට අවසර ගන්න වෙනවා. ඒ වැඩේ කරගන්න ඕනි ඔෆීෂියල් විදියට වඩා හරි ලේසියට වැඩේ කරගන්න ක්‍රම සහ විදි අපේ අය දන්නවා. ඒ නිසා ඔය ඇපෲවල් කරන ටැක්නිකල් ඔපිසර මහත්මයාගේ ගන්න ඔප්පු කල හැකි ආදායමට නොසෑහෙන වත්කම් ඒ ගෙවල් ප්ලෑන් බලලා පාස් කරන ටැක්නිකල් ඔපිසර මහත්තයාල ලග තියෙනවා. බාගෙද උන්දැලාට වතු පිටි ඉඩ කඩම හරක බාන තියෙන අය වෙන්න ඇති. නමුත් ඒ ටෙක්නිකල් ඔපිසරලා එක්කම ඉගෙන ගත්ත අවසාන පොයින්ට් එක වෙනකල් එකට හිටපු අනික් යාලුවන්ට කලින් විසාල කාර් බාර් ගන්න ලොකු මාලිග වගේ ගෙවල් ගහන්න වාසනාව අර ප්ලෑන් පාස් කරන ටෙක්නිකල් ඔපිසර්ලට උදා වෙනවා. ඉතිං ඒ ප්ලෑන් හරියට පාස් වෙනවද? ගොඩනැගිල්ලක තිබෙන්නට ඕනෑය කියලා සම්මත වෙච්චි සුදුසුකම් වලට ඒ ගොඩනැගිලි හැදෙනවාද? ඒවා හරියට පරීක්සා වෙනවද?
මේ ලගදි මරදානෙ මිනිස්සු තුන්දෙනෙක් මැරුනා ගොඩනැගිල්ලක ඇතිවුන ගින්නකින්. ඒ ගොඩනැගිල්ල ආපන ශාලාවක් සදහා බලපත් ලබාගත් අවසරලත් ගොඩනැගිල්ලක් නෙමේය ඒ නිසා ඒ සිද්ධියට සම්බන්ධ අයට නඩුදානවා කියලා මුසම්මිල් නගරාධිපති බබා උත්තර දෙනවා දැක්කා මාධ්‍යයෙන්. කාලයකට පෙර ගිය බබාලන්තය කියන කාටුන් එක මට මතක් වුනා ඒ මුසම්මිල් තුමාගේ කතාව අහලා. ඔය කියන පාරෙම පොඩ්ඩක් එහාට මෙහාට ගියානම් කොයි තරං අනාරක්ෂිත විදියෙ ගොඩනැගිලි ආපන ශාාලා නිවාස ආදිය තියේද කියලා මුසම්මිල් උන්නැහේට බලාගන්න තිබුනා.
මම හිතන්නෙ මුසම්මිල් උන්නැහේලා ඡන්දෙ කාලෙට ගාටන මුස්ලිම් ගෙවල් සහ මුස්ලිම් අයගේ සැමන් පැකින් ජීවන රටාවට ගින්නක් සහ ආපදාවක් දරාගන්න හැකියාව කොච්චර තියේද කියලාත් මුසම්මිල් උන්නැහේට අමතක වෙන්න ඇති. ඡන්දෙ ට කලින් ඇවිද්දම දකින ඇහෙන දේවල් ඡන්දෙන් පස්සෙ ඩිලීට් වෙලා ෆෝමැට් වෙලාම යනවා වෙන්න පුලුවනි.
පිටකොටුව ගත්තොතින් පිටකොටුවෙ තියෙන බිල්ඩින් වලින් ගින්නකදි හෝ වෙන්ත ආපදාවකදි සුලුවෙන් හරි ආරක්ෂාවක් ලැබෙන විදියට තියෙන බිල්ඩින් ගොඩනැගිලි තියෙනවා නම් එහෙම ආරක්ෂිත ගොඩනැගිලි ගනින එක ලේසි වෙයි. මොකද ඒ තරම්ම අනාරක්ෂිත ආපදා ගැන හිතන් නැතුව හදපු ගොඩනැගිලි ආදිය වැඩි නිසා.
මම රාජකාරි කරන තැන තියෙන රාජකාරි අනුව විවිධ තරාතිරමේ කොළඹ තියෙන බිල්ඩින් ආදියට මට යන්න සිද්ද වෙනවා. එතනදි මම දකිනවා ඇතැම් තැන්වල ළමෝ සිය ගන්න ඉගෙනගන්න පරිගනක විද්‍යාගාර උපාදි දෙන තැන් ඉගෙනගන්න තැන් තියෙනවා. නමුත් ඒවායේ හරිහමන් ගිනි ආරක්ෂාවක් නැහැ. ඇතැම් තැන්වල ළමයි සිය ගානක් ඉගෙනගන්නවා ඒ සී කාමර ඇතුලෙ. නමුත් ඒ කාමර වලට ඇතුල්වෙන්න තියෙන්නෙ එකම දොරයි. යම් කිසි හදිසි අවස්ථාවක් ආවොත් අර මරදානෙ ඇතිවෙච්ච සිද්දියට වඩා දරුනු ප්‍රතිපල ඒ නිසා ඇතිවෙන්න පුලවනි.
විවිධාකාරයේ පුද්ගලික අධ්‍යාපන ආයතන දැන් කොළඹ පුරා තියෙනවා. ඒ ආයතනවල පංති පවත්වන්න ඉඩකඩ මදිවුනාම ඒ අය කරන්නෙ යාබද තියෙන බිල්ඩිමක් ගන්නවා වැඩේට අරගෙන හිතේ හැටියට පාටිෂන් ගහලා ඒ පාටිෂන් වලට ඒ සී හෙම දීල දානවා ක්ලාස් ටික ඒකට. ඒ විදියට ගතපු බිල්ඩින් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් ඇතැම් විට වායුසමන පද්ධති වැසිකිලි හෙම හොදට තිබුනාට ගිනි ආරක්ෂාව වෙනත් ආරක්ෂිත දේවල් ගැන නම් ගොඩාරියක් ආයතන වල අවධානය යොමු වෙලාම නැහැ.
බොහෝ ආයතන වලසැබෑ තත්වය අර කොළඹ පැත්තෙ සමහර හෝටල් වගේම තමයි. ආයතන වලින් සේවා ලබාගන්න අයගෙන් අයකරනවා ලොකු මුදලක් නමුත් ආයතනයේ ඇතැම් තැන් අනාරක්ෂිතයි. ඇතැම් විට විදුලිය ලබාගන්නා පරිපථ ආදිය විදුලි බෙදුම් ආදිය වුනත් හරියට නඩත්තු වෙන්නෙ නැහැ. ඒවා ලක්ෂණට තිබුනට ඒවායේ දෝස සහිත තැන් ආදිය ආවරණ ගහලා වහලා තියෙනවා.
සාපේක්ෂව කොටුවෙ ලෝක වෙලද මධ්‍යස්ථාන බිල්ඩිේම ටවර් දෙකම හොදයි. එයාල ගිනි ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වල තියෙනවා. ඒකෙ වැඩකටයුතු කරන්න වෙනම කන්ඩායමක් ඉන්නවා.
ඇතැම් මහල් කිහිපයකින් යුත් බිල්ඩින් වල ලිෆ්ට් එක ටොයිලට් ලස්සනට තිබුනට ඒවායේ නඩත්තු කටයුතු ආදිය නියම ක්‍රමයට සිදු වෙන පාටක් නෑ. ඇතැම් තැන්වල බිල්ඩිමේ සිවිලිම ඇරල බැලුවාම හරියට සිංහරාජ වනාන්තරේ පදුරු වල පැටලිච්ච වැල් ගොඩවල් වගේ කේබල් තියෙනවා ඇතැම් ඒවා විදුලි කේබල් ඇතැම් ඒවා ටෙලිපෝන් කේබල්..
අපේ රටේ තා ටික දවසකින් ලොකු ක්ලාස් එකක හෝ මිනිස්සු ගොඩක් ඉන්න තැනක ගින්දරක් ඇවිත් එතන ඉන්න සෙනග ටික දෙනෙක් මැරුනම සමහර විට අර මුසම්මිල් බබා වගේ කෙනෙක් කියාවි ඒ බිල්ඩිම ඒ කාර්යයට අවසර අරගෙන නැතිය ඒ නිසා නඩු දාන්න ඕනිය කියලා. මුසම්මිල් උන්නැහේට ඒ නැතිවුන මුස්ලිම් ජීවිත තුන නඩු වලින් වහගන්න පුලුවන් වෙයි. නමුත් ඒ නැතිවුන ජීවිත ආශ්‍රිතව ජීවත් වුන මිනිස්සුන්ට සහ උපන්දා ඉදලා වරිපනම් ගෙවලා බදු ගෙවලා මුසම්මිල්ලා පත්කරපු ඒ අහිංසක මිනිස්සුන්ට ආපදාවලින් ඇතිවෙන අභාග්‍ය සම්පන්න තත්වය ඒ වගේ ගොබ්බ කතා වලින් වහං කරන්න බැහැ.

Tuesday, June 2, 2015
අත දීම සහ සේදීම
මං දැන් බ්ලොග් ලියන්න ඇවිත් කාලයක් වෙනෝ. දැන් ලියන්නෙ අඩුවෙන්. ඉස්සර ලිව්ව දැන් ලියන්න බැහැ හෝ ලියන්න දේවල් නැතිකමටත් වඩා අපේ දවස ගෙවන ආකාරය වෙනස් වුනාම අපිට වෙනත් වෙලාවක් බ්ලොග් වලට යොදාගන්න වෙනවා. බ්ලොග් බලන අය අඩු වුනාම හිතෙනවා අපි මොකටද ඕ බම්බුව ලියන්නෙ නිකා ඉන්නවා කියලා.
බ්ලොග් කියන්නෙ අපිට තියෙන මාධ්‍යයක්.ඒකට අයිති කාරයෙක් හෝ හිමිකාරයෙක් නැහැ. හරියටම බැලුවොත් එහෙමට වාරනයකුත් නැහැ. කුනුහබ්බ වැල කතාවල ඉදන් ආගමික දේවල් දක්වා විශාල පරාසයක දේවල් බ්ලොග් වල තියෙනවා.
ලංකාවෙදි බ්ලොග් ලිවීම බොහෝවිට කෙලින්ම ආදායම් උපයන දෙයක් නෙමෙයි. වක්රාකාර වාසි නැතුවා නෙමෙයි. ඒත් යමෙක් සල්ලි හොයන්න බලාගෙන සිංහල බ්ලොග් ලියනවා නම් ඒක එච්චර ටම සාර්ථකයි කියල කියන්න බෑ. හැබැයි ඉතිං ලියන හැකියාව සහ වෙනත් හැකියාවල් බ්ලොග් නිසා දියුනු වෙනවා. ඒ වගේම කාලයක් බ්ලොග් ලියපු සහ ලියන මට මගේ ෆෝමැට් එකට ගැලපෙන යාලුවො කන්ඩායමක්ම මේ බ්ලොග් ලිවිල්ල නිසා හමුවුනා.
මේ බ්ලොග් වලට අත දෙන්න ඕනි මේක කලාවක් විදියට බාහිර බලපෑමකින් තව ටිකක් ඉදිරියට ගන්න ඕනි කියලා කතාවක් හැමතැනම වගේ තියෙනවා. ඒ කතාවම ලංකාවෙම හැම කලා සහ විකලා ක්ෂේත්රයකම දකින්න තියෙනවා. පත්තරේ දැක්කොත් බ්ලොග් ගල් කපන බිස්නස් එක වේවැල් කර්මාන්තය, හට්ටි මුට්ටි නිශ්පාදනය ආදිය වගේම ඇතැම් විට වැලි ගොඩ දැමීම වගේ දේවල් වලට පවා ආන්ඩුවෙන් අත දිය යුතුය කියලාමිනිස්සු අදහස් දක්වල තියෙනවා.
ආන්ඩුව හැම දේකටම අත දෙන්න ඕනි අපේ තියෙන හැකියාවල් සහ අනික් දේවල් ආන්ඩුව විසින් දියුන කරන්න ඕනිය කියාල මතයක් සමාජය තුල තියෙනවා.එහෙම බාහිරින් සල්ලි දීල හරි වෙන පහසුකම් දීල හරි යම් ක්ෂේත්රයක් නගාසිටුවන්න උත්සාහ ගන්න එක හැම අවස්ථාවකදිම සාර්ථක වෙන්නෙ නැහැ..ගමට යන්න පාරක් නැත්තං බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් නැත්තං..හරියට තැපැල් කන්තෝරුවක් නැත්තං ආන්න එතනදි ආන්ඩුව වගකියන්න ඕනි. නමුත් අපේ හැම දේටම ආන්ඩුවට සහයෝගයක් දෙන්න හැකියාවක් ලෝකෙ කිසිම ආන්ඩුවකට නැහැ.
වෙන අයට බණ කියන්න කලින් මේ මම කියන තැන උදාහරණයට ගමු. මම මේ බ්ලොග් එක තුල කෙටිකතා 50ක් විතර ලියල තියෙනවා. මේ සමහර කෙටිකතා හොදයි කියලා මටත් හිතෙනවා. ඉදහිට ලංකාවෙ පත්තරයක පොතක තියෙන වර්ථමාන කෙටිකතා දැක්කම මට මම ලියපු කෙටිකතා ඊට වඩා හොදයි නේද කියලත් හිතෙනවා.
යාලුවො සහ මේ බ්ලොග් කියෝන කිහිප දෙනෙක්ම කියනවා පොතක් ගහන්න කියලා.
සිංදු කියන්න හෝ කවි කියන්නත් මම දක්සයි..මගේ සිංදු අහන කතන්දර කාරයා සහ සිංදු අහන රසික පිරිසත් නිතරම මාව උනන්දු කරනවා කැසට් එකක් හරි නැත්තං ලස්සනට මියුසික් දාපු පිලිවෙලයිස් කරපු සිංදුවක් ගහමු කියලා.
ඔය කේස් දෙකේදිම මගේ උනන්දුව බිංදුවයි. මං පොතක් ගහන්න හිතාගෙන හිටියම ඒක ඉෂ්ඨ වෙන්නෙ නැහැ. මමඒවා කොලවල මුද්‍රනය කරලා මරදානෙ ඇවිදල ප්‍රකාශකයෙක් හොයාගන්න ඕනි. කැසට් පටියක් හරි සිංදුවක් හර ගහනවා නම් ඒකට අදාලපිරිසක් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න ඕනි. එහෙම නැතුව මම බෝඩිමට හරි කන්තෝරුවට හරි වෙලා නිකං ෆිල්ම් බලන ගමන් හෝ පොත් කියවන ගමන්..අනේ මටත් ගායකයෙක් රචකයෙක් වෙන්න ආන්ඩුව අත දෙන්නෙ නැහැ කියල හීල්ලුවට වැඩක් නෑ
ඇත්තටම සමහර විට මම සංගීත බුවෙක් සහ පොත් ප්‍රකාශකයෙක් ලගට ගිහින් තුන් හතර වතාවක් වාත වෙලා අදෝනාවක් දැම්ම නම් වැඩේ ගොඩයන්නත් තිබුනා.
ඉතිං බ්ලොග් වලට කියලා විසේස අතක් පයක් දෙන්න කාරුවත් ඕනිය කියලා මම හිතන්නෙ නැහැ. ඒ වගේම රටක් විදියට ගත්තත් හැම දේම ආන්ඩුවෙන් පිගානට දාල හැඩ කරලා මේස උඩින් තියන කල් බලා ඉදලා අපිට දියුනුවෙන්න බැහැ. අපි ඒකට බැහැල වැඩකරන්න ඕනි. පත්තරවල අත දෙන්න ඕනිය කියලා තියෙන ගොඩක් අය කියන්නෙ එයාලට එයාලගේ හැකියාවල් වෙළදපොලට නිකුත් කරන්න අවස්තාව්ක නැහැ කියන කාරණාව.
හට්ටි මුට්ටි නිශ්පාදකයාෙග් සිට ගායකයා නර්ථන ශිල්පියා දක්වා හිරවෙල ඉන්නෙ වෙළදපොල ඇතුලෙ. ඒ අයට අත හිත දෙන ණය යෝජනා ක්‍රම විශේෂ සහන දීම ්ආදිය කරන්න ආන්ඩුවට හැකියි. නමුත් ඔවුන්ට අවශ්‍ය හැම දේම කරන්න සහ කෘතිමවිදියට වෙලදපොල ඇතිකරලාඒ අයගේ අතමිට සරු කරන්න ආන්ඩුවට බැහැ. එහෙම කරන්න ආන්ඩුව උත්සාහ කරනවා නම් ඒක අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා.

Sunday, May 24, 2015
ඉන්දියාවට බෝට්ටුවෙන්
ලංකාව සහ ඉන්දියාව යනු කිලෝමීටර 35ක-60ක පමන මුහදු තීරයකින් වෙන්වුන රටවල් දෙකකි. මේ දේශසීමාව තරණය කිරීමට නම් දැනට ඇති එකම විකල්පය නම් කොළඹ බණ්ඩාරණායක ගුවන්තොටුපලින් ගුවන් යානයකින් ඉන්දියානු ගුවන් තොටුපලකට ලගා වීමයි. නමුත් බොහෝ පුරාණ කාලයේ පමණක් නොව මෑත ඉතිහාසයේදී පවා ඇතැම් අවස්ථාවල මෙම දේශසීමාව විවෘතව තිබී ඇත.
1980 ට පෙර
1980ට පෙරලංකාව සහ ඉන්දියාව අතර මුහුදින් සම්බන්ධතා තිබුනි. ඉන්දියාව සහ ලංකාව අතර බෝට්ටු සේවා තිබී ඇති අතර ඒවා ලකාවෙ තලෙයි මන්නාරම් වෙරලේ සිට ඉන්දියාවේ දකුනු වෙරලේ රාමේශ්වරම් ධනුෂ්කොඩි දක්වා ගමන් කොට ඇත.
1968 ඇති වූ මහා සුලිසුළගට ප්‍රථම ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය සම්බන්ධතා තිබී ඇත. ඒ අනුව ලංකාවෙ තලෙයි මන්නාරම දුම්රිය ස්ථානයේ ලංකා දුම්රිය සේවයේ දුම්රියක් නවත්වන අතර එතැන් සිට බෝට්ටුවෙන් මගීන් ඉන්දියාවේ දනුෂ්කෝඩි තොට වෙත ගෙනයනු ලැබේ. එහිදී දනුෂ්කෝඩි දුම්රිය ස්ථානයේ ඇති ඉන්දිය දුම්රියක් මගින් මගීන් මදුරාසිය (දැන් චෙන්නයි)වෙත යොමුකරනු ලැබේ. නමුත් අවාසනාවන්ත ලෙස සුළි සුලගින් ධනුෂ්කොඩ් දුම්රිය ස්ථානයට බරපතල හානි සිදුවිය. ඉන්අනතුරුව ඒ දුම්රිය සේවය අතරමග නැවතුනි.
එදා හානියට ලක් වූ ධනුස්කෝඩි දුම්රිය මාර්ගය.
දැනට ඉතිරි වී ඇති පාලු ස්වභාවයක් උසුලනධනුෂ්කොඩි දුම්රිය මාර්ගය සහ ඉතිරි වී ඇති දූපත් කොටස්.
ධනුෂ්කෝඩි යන අවසාන තැනට කලියෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති කුඩා නගරයකි රාමේෂ්වර්ම්. රාමේෂ්වරම් වර්ග කිලෝමීටර 60කට ආසන්න වපසරියකින් ඉන්දියාවෙන් මුහුදුින් වෙන් වී ඇති දූපතකි. නමුත් මේ දූපතට ඉන්දියානු දුම්රිය සේවයේ දුම්රිය දැනටද ධාවනය වේ. එදා යටත්විජිත සමයේ තිබූ දුම්රිය සේවාව තවමත් ඉන්දියාව විසින් වැඩිදියුනු කොට පවත්වාගෙන යන ආකාරයක් පෙනීයයි.
මේ පෙනීයන්නේ රාමේෂ්වරම් දක්වා ඉන්දියාව දෙසින් ඇති දුම්රිය මාර්ගයයි. මෙහි ඇති විශේෂ පාලම මුහුදේ යාත්‍රා යනවිට උඩට ඇකිලෙයි. දුම්රිය යනවිට පාතට එයි.
මේ පාලම චමත්කාර ජනක ඉන්දීය ඉංජිනේරුශිල්පයකි.
දුර සහ ලංකාවට තියෙන බෝට්ටු දුර..
රාමේෂ්වරම් සහ තලෙයි මන්නාරම අතර ඇත්තේ මුහුදින් නම් කිලෝමීටර 20ක දුරකි. එය ගුවනින් බැලූ කල පාලමක් ලෙස දිස්වෙන වැලි සහ කොරල් පර පිහිටා ඇති තැන්වලින් සමන්විත වෙයි. දැනට කරන ලද විද්යාත්ම පරීක්ෂන අනුව ඒ පිහිටා ඇත්තේ පාලමක කොටස් වත් හැඩිදැඩි ගල්පර වැනි කොටස් වත් නොෙව්. ඒ ඇත්තේ කොරල් පර සහ වැලි ඒකාරාශී වු කුඩා කොටස් කිහිපයක් පමණක් බව සොයාගෙන ඇත. මේ රාමේෂ්වරම් සිට තලෙයි මන්නාරම් පාලමක් තනන්නේ නම් මුහුද තුල විශාල දුරක් විශාල ගැඹුරක් කනිමින් පාලමක් ඉදිකල යුතු බවක් ඉංජිනේරු මතය වේ. එය තරමක් අපහසු කාරය්යක් ලෙස ඉන්දීය විද්‍යාඥ මහතුන් විසින් දක්වා ඇත.
කොටි එන්න කලිං ඉන්දියා ගිය හැටි.
එල් ටී ටී ඊ ත්‍රස්වාදීන් ඇතිවීමට පෙර එනම් 1980ට පෙර තලෙයි මන්නාරමේ සිට ධනුෂ්කෝඩි සහ රාමේශ්වරම් දක්වා කුඩා බෝට්ටු සේවාවක් තිබී ඇත. නමුත් ත්‍රස්ථ කලබල සහ ඇති වූ ජනවාර්ගික ගැටළු ආදිය නිසා මේ සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව සහ ලංකාව අතර තිබූ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ඇනහිටින ලදී.
දැනටද මෙම දුර මේ ආකරයෙන්ම පවතී. පෙර පරිදිම යාත්‍රාවකින් ධනුෂ්කෝඩි යෑමට මිනිසුන්ට පුලුවන. නමුත් දෙරටේ නාවික හමුදා වල ඇති දැඩි සෝද්සි කිරීම් නිසාත්. ලංකාව හා ඉන්දියාව ඇතර ධීවරයන් හේතුවේන කලක සිට පවතින නොමනාපය නිසාත් එසේ බෝට්ටුවලින් ඉන්දියාවට යෑම නීතිමය සහ ප්‍රායෝගික මට්ටමේදී අපහසු කාර්යයකි.
2011 දී ඇති වූ නැව් සේවාව
2011 වර්ශයේදී ලංකාව සහ ඉන්දියාව අතර මගී නැව් සේවාවක් ආරම්භ කරන ලදී. කොළඹ සහ දකුනු ඉන්දියාවේ ට්‍රිකොචින් වරාය අතර ඒ නැව් සේවාව පටන් ගන්නා ලදී. ඒ නැව බහමාස් රටට අයිති එකක් නිසාත් එය මගී නැවක් ලෙස ලියාපදිංචි කොට ධාවනය කිරිමේ නිතිමය ගැටලුවක් තිබුනි. ඊටත් වඩා තිබුන ප්‍රබලම ගැටලුවක් වූෙය් නැව ළ ඟාවන ට්‍රිකොචින්(Tuticorin) නම් ස්ථානය ඉන්දියාවේ එතර්ම ප්‍රකට නොවූ දකුනු ඉන්දියාවේ අගනුවර වන චෙන්නයි (මදුරාසි) නුවරින් කිලෝමීටර 550ක් දුරින් වූ ස්ථානයක් වීමයි. යම් අයෙක් බෝට්ටුවෙන් අඩු මිලට එකල කොළම සිට ට්‍රිකොචින් කරා ගියද ඔහු ට්‍රිකොචින් සිට තවත් දවසක් විතර කැපකර ලොකු මිලක් දී චෙන්නයි කරා යා යුතුය එය අසාර්ථක වූ වැඩ පිලිවෙලකි.
ස්කොටියා ප්‍රින්ස් නැව සහ එයට නගින්ට ඉන්න මගින්
නැව පිටත් වූයේ ලංකාවේ අගනුවර වූ කොළඹ සිට වුවත් එය ලගා වූයේ ටුටිකොරින් නම් වූ එතර්ම ජනප්‍රිය නොවු තැනකට නිසා එය ජනතාවට එතරම් හොද දෙයක් වූයේ නැත.
බෝට්ටු සේවයකට හොදම පාර
ලංකාවේ සිට දැනට චෙන්නයි දක්වා යෑමට ලංකා රුපියල් 8000ක වත් මුදලක් ගුවන් ගමනට එක් දිශාවකට වියදම් වේ. යාපනේ සිටින ජනතාව සිය නෑයින් හෝ සිද්ධස්ථාන බලන්නට ඉන්දියාව බලා යන්නේ නම් ඔහු පැය හත අටක ගමනකින් අනතුරුව කොළඹට හෙවත් කටුනායකට ලගා වී ඉන් අනතුරුව ඔහු තමිල් නාඩුව හෝ ඉන්දීය ගුවන් තොටකට පැයක හමාරක ගුවන් ගමනකින් සැපත් විය යුතුයැ. ලංකාවෙ සිට ඉන්දියාවට සම්පූර්ණ ගමනට කාලය වවුනියා සිටින දෙමල වැසියෙකුට වුව පැය 10-12ක් වේ.
ඊට අමතරව ලංකාවෙ සිට ඉන්දියාවට දඹදිව වදින්නට යන වන්දනාකාරයින් පවා බොහෝවිට ජීවිතයේ සැදෑ සමය ගෙවන අමාරුවෙන් කීයක් හරි හොයාගෙන පින් කරන්නට දඹදිව යන ජනයාගෙන් සමන්විත වෙයි. ඉන්දියාවේදී නම් එවැනි වයස්ගත ඉන්දීය පුරවැසියන්ට දුම්රිය ගමන් වලදී ගමන් ගාස්තු වලට සහනයක්ද එකතු වේ.
බෝට්ටු සේවාවක් තිබුනි නම් ලංකාවේ ජනයාට ඉන්දියාවේ ගමන වඩාත් පහසු වනු ඇති අතර ගුවන් ගමන්වලට බිය ඇති වයස්ගත අම්මලා තාත්තලාට දඹදිව දැකබලාගන්නට වාසනාව උදා වේ.
බෝට්ටු සේවයක් පැරණි පැවති ආකාරයම තලෙයි මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා තිබේ නම් එය මනාය. එසේ නොමැතිව ඉන්දියාවට නැව් හෝ විශාල මගී ප්‍රවාහන සේවාවක් දියත් කිරීමට අවශ්‍ය නම් මගේ අදහස නම් එය දකුනු ඉන්දීය චෙන්නයි වරායේ සිට ලංකාවේ කන්කසන්තුරය ජැටියට පැමිණීම වඩාත් සුදුසු බවය. ඒ දෙක අතර දුර කිලෝමීටර දෙතුන් සීයකි. නැවකට ඒ දුර පැය තුන හතරකින් ගෙවා දැමිය හැකිය.
එවිට සම්බන්ද වන්නේ ලංකාවේ දෙමළ ජනයාගේ අගනුවර බදු යාපනය සහ ඉන්දියාවේ තමිල්නාඩු අගනුවර වන චෙන්නයි නගරයයි. ඒදෙක අතර වෙළද සංචාරක සහ අනෙකුත් ආගමික සමබන්ධතා ඇනුව එය ලාබ ලබන බෝට්ටු සේවාවක් වීමට ඇති ඉඩකඩ බොහොම වැඩිය.
ජාත්‍යන්තර තත්වය
ඇමරිකාව බොහෝ කලක් කියුබාව සමග දේශපාලනික ආරවුල් ඇතිකරගෙන තිබුන රටකි. නමුත් මෑතක සිට දෙරට අතර ඇති වූ එකගතා මත බෝට්ටු සේවාවක් දෙරට අතර ඇතිකරගන්ට දෙපාර්ශවය අතර සාකච්චා පවතී.ලංකා ඉන්දියා පෝක් සමුද්‍ර සන්ධි මුහුදු තීරුව සැලකු විට මෙය තරමක් පටු තීරුවකි.මේ හරහා යාත්‍රාවක් ගමන් කරන කාලයවැඩිම වුනොත් පැය දෙක තුනක කාලයක් පමණක් වේ. යුරෝපයේ ඇතැම් රටවල් සහ රටවල් වලටම අයිති දූපත් කරා ලගාවන්නට වාහන සහ කෝච්චි පිටින්ම පටවාගෙනයා හැකි මට්ටමේ විශාල පාරු සහ යාත්‍රා පවතී.
ලංකාවට පැමිනෙන්නට සිටින ඇතැම් සංචාරකයින් පවා ලංකාවට ඉන්දියාවේ සිට මුහුදෙන් පැමිනෙන්ට ආසා කරන බවත් ඔවුන් ඒ හැකියාව සොයා බලන බවත් අන්තර්ජාල ෆෝරම කියවීමෙන් අවබෝධ වේ. අද සංචාරක කර්මාන්තය යනු සුඛෝපබෝගී සංචාරකයින් පමණක්ම නොවේ. එක් එක් මාදිලියේ සංචාරකයෝ වෙති. දෙරටටම සංචාරකයින් ආකර්ශනය කරගැන්මේ හැකියාවක් සහ දෙරටේ සංචාරකයින් හුවමාරු විමේ ස්ථානයක් ලෙස මේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා බෝට්ටු සේවාවක් ඇතිවීම දැක්විය හැකිය.
ඒ ගැන කතා බහ සහ වැඩ කිඩ.
ඉන්දියානු රජයේ ආධාර අනුව මන්නාරම දක්වා දුම්රිය මාර්ගය දැන් ඉදිවී ඇත. එසේම ඉන්දීය මධ්‍යම රජය ලංකාවට බෝට්ටු සේවාවක් ආරම්භ කරන්නට අදහස් කරන බවක්ද දැක්වේ. නමුත් දකුනු ඉන්දීය ප්‍රාන්ත රජයේ උන්නදුව නම් මේ සම්බන්ධයෙන් අඩු බවක්ද පෙන ීයයි. පසුගිය මාර්තු මස ඉන්දීය විදෙස් ඇමතිනි ශුස්මා ස්වරාජ් සහ ලංකාවේ මංගල සමරවීර ඇමතිතුමා අතර හමුවකදී මේ ඉන්දීය ලංකා වීසා සහ දේශසීමා තරණය පහසු කිරීමට බෝට්ටු සේවා ඇතිකිරීම ගැන සාකච්චා කෙරී ඇත. නමුත් ඒ කතා කතා වලටම සීමා වී ඇත.
පසුගිය දිනෙක දකුනු ඉන්දීය ප්‍රාන්ත සභාවේද මේ ගැන වාද විවාද තිබී ඇත. සරණාගතයින් පිළිබද එක්සත් ජාතින්ගේ කොමිසම පවසන පරිදි ලංකාවේ සහ ඉන්දියවේ දැනට පවතින යුද්ධයෙන් පසු සරණාගත ගැටලුවට පිළිතුරක් ලෙස සරණාගතයින් හුවමාරු කරගැන්ම පවා මේ දේශසීමා ගැටළුව නිසා අපහසු වී ඇත.
ඉන්දියාව යනු හිගන්නන් සහ දුප්පතුන් මිලියන සිය ගානක් සිටින රටකි. එසේ වෙතත් ඉන්දියාව දැනට ලෝකයේ තුන්වෙනි ආර්ථිකය ලෙස නැගී එයි. අපේ රටේ ධනපති මිනිස්සුන්ට වඩා සල්ලි තියෙන මිනිසුන් පන්තියක්ද ඉන්දියාවේ නිර්මාන්ය වෙමින් පවතී.
ඇතැම් අය ඉන්දියා ලංකා බෝට්ටු, පාලම් සදහා විරෝධතාවය පල කරන්නේ ඉන්දියාවේ සිටින දුප්පත් මිනිස්සු ලංකාවට පැමිණ පදිංචි වේවිය යන බිය නිසාය. එක් අතකින් ලංකාවේ පවතින ඉතාම දුර්වල ආරක්ෂක තත්වයන් හේතුවෙන් එය අරුම සහගත සිද්ධියක් නම්ෙ නාවේ.
ලංකාවට පැමිනෙන ඇතැම් සංචාරකයින් ටික දිනෙකින්ගෙවල් මිලට ගෙන, ඉඩම් මිලදීෙ ගෙන ඔවුන්ගේ රටවලින් පැමිනෙන සංචාරකයින් සිය නවතාලේ නවාතැන් කරා ගෙන්නා ගනිති. ඒ වැනි ක්‍රියාවන් අධීක්ෂණය කොට සංචාරකයින් ගැන අවධානයෙන් සිටීමක් අපේ රටේ සිද්ද වන්නේ අඩුවෙනි.
නමුත් අනෙක් පසින් අපි විසින් අත් පත් කරගතු යුතු අප විසින් සම්බන්ධතා තබාගත යුතු ළගම විශාල නෑයා ඈතින් තබාගෙන බොරුවට කෑ ගැසීමේද විශාල අවාසියක් අපටම තිබේ.
Saturday, May 16, 2015
වැහි බීරම Wehi B Rama
එකපාර මහපාරෙ වැහි බීරමේ
රතුපාට දෙතොලක්
සුදුපාට කකුලක්
කිරිවන් සිනාවක්..
බැස්සා මහ පාරට ස ඳ වැටුනා වගේ
වැලි දූලි මැද්දේ
බස් , රිය මහ යුද්දේ
කොළඹ නරුම සද්දේ
මැදිනුයි ඈ විද්දේ..
මහ බලගතු රියකින් කලු කන්නඩි දෙකකින් සැරසී
හොර බැලලිය වාගේ..හිමින් ගමන ඈගේ ගැස්සී..
මහපාරින් මැදපාරින් බස් කවුලුවෙන් ඇදී
සියයක් කැමරා ඈ දෙස අවුරා..ඇත්තා සේ.. පෙනුනා..
Friday, May 15, 2015
බංකුවෙ ඉන්න බෑ මකුනො විදිනව..මේකද යහපාලනේ ?
මම ඉන්නෙ මහරගමට යාබද තැනක. හැමදාම කෝචචියෙ තමයි වැඩට එන්නෙ. අද එනකොට ඉස්ටේෂමේ ටිකට් කවුන්ටර් එක ළඟ පෙත්සමක් තියලා. ස්ටේෂමේ රෑට ලයිට් අඩුය. ලයිට් ටිකක් දාල දෙන්නය කියලා දුම්රිය සේවයේ ලොක්කන්ට ලියපු ලියමනකට කට්ටිය ගජරාමෙට අත්සන් කරනවා. මටත් අත්සන් කරන්න හිතුනා. ඒත් පහුගිය දවසක මහ වැස්සක් වෙලාවෙ දුම්රිය ස්ථානය යාබද හිටපු මට දුම්රිය ස්ථානයේ වේදිකාවේ නම් විදුලි ආලෝකය ප්‍රමාණවත් පරිදි තිබුනාය කියල මතක තිබුනා.
ඉස්ටේෂමට එන්න තියෙන මාර්ගය රාත්‍රිෙය්දි කළුවරයි. ඒ මාර්ගයේ නම් විදුලි ආලෝකයක් නැහැ. රෑට යනකොට නයෙක් පොළඟෙක් දෂ්ඨ කලත් සතා හොයාගන්න ටිකක් අමාරුයි.
138 පාරෙ මහරගම සිට කොටුවට යන්න බස් එකේ රුපියල් තිස්පහක් විතර ගන්නවා. නමුත් මහරගම කොටුව දුම්රිය ගාස්තුව රුපියල් විස්සයි. ඇත්තටම පෙත්සම අත්සන් කරන තැන කැටයක් තියලා අපේ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නගින මගීන් එක් අයෙක් රුපියල් සීයක් ගානෙ ඒ කැටේට දැම්මා නම් ලොකු මුදලක් එකතු වෙනවා. සමහර විට රුපියල් විසිදාහක් විතර එකතු වේවි. ඒකෙන් සී එෆ් එල් බලුබ් පහ හයක් අරං කණුවක් දෙකක් ලීවලින් හිටෝලා වෑර් අරං ලයිට් පහ හයක් දාගන්න එක හතරපස් දෙනෛක් පැය දෙක තුනක් මහන්සි වුනානම් කරගන්න පුලුවන් වැඩක්.
බස් එකේ රුපියල් හතලිහට විතර පැය දෙක තුනක් වැයකරලා යන ගමනම දුම්රිය රුපියල් පාලවට විස්සට පැය බාගෙන් අපිට යන්නට ලැබිලා තියෙන්නෙ දුම්රිය සේවය නිසා. ඒ වගේම දුම්රිය සේවය කියන්නෙ පාඩු ලබන එකක් ය කියලා අපි හැමෝම දන්නවා.
මේ මහරගම පැත්තේ දුම්රියේ එන මගීන් බොහොමයක් පුද්ගලික ආයතන වල වැඩකරන අය. එයින් ඇතැම් අය ත්‍රිවිලර් එකක හෝ කැබ් එකක හෝ කාර් රථයක ඇවිත් තමයි දුම්රියට ගොඩ වෙන්නෙ. එතකොට එහෙම එන අය දුම්රිය ගමනට වැඩිය ලොකු මුදලක් ගෙදර සිට දුම්රිය ස්ථානයට එන්නට වියදම් කරනවා.
සමහර විට රෑට ලයිට් බොහොම මදිය, දුම්රිය ස්ථානයට එන පාරට ලයිට් දාන්න කියලා සල්ලි එකතු කරන්න කැටයක් ඔතන තිව්වා නම් තුන් හතර දෙනෙක් රුපියල් පහක් දහයක් දාල මාරු වේවි. ඒත් හොද ඇඩ්වර්ටයිසමක් එක්ක ඇගට දැනෙන දැන්වීඹක් දැම්මා නම් හොද ගානක් ගන්න තිබුනා. ඒ වගේමයි ඔය අසබඩම තියෙනවා ඔරේන්ජ් කම්පැනිය. ඒකෙන් හරි මහගරම පැත්තෙ හොද ලයිට් කඩේකින් ඔය වැඩේ නොමිලෙම කරගන්නත් තිබුනා. ඕනි නම් එයාල ඇඩ් එකක් දෙකක් ගහවි..මේ සත්කාරය අපෙන් කියලා. අපිට පාන්යැ..? ඇඩ් එක තිබුනත් රෑට එලිය තියෙනවා නේ.
මේ මහරගම පාර ලොකු සෙනගක් ඉන්න මගීන්ට ට්‍රැෆික් වලින් තොරව කොටුව පැත්තට එන්න පහසු දුම්රිය මාර්ගයක්. මාතරට පැයෙන් යන්න පුලුවන් රටේ කොට්ටාවෙ ඉදලා කොටුවට පැයක් දෙකක් යනවා. ඒක ඉක්මන්ට යන්න කෝච්චි පාරක් හදලා අලුත් කෝච්චි දාල සරුවට යන්න ඒ සී හෙම සෙට් කරලා කොට්ටාව මහරගම ඉදලා කොටුව ට එන්න රුපියල් දෙසීයක ටිකට් එකක් නියම කලොත්? මිනිස්සු එන්නෙ නැද්ද?
ගොඩක් අය හිතාවි රුපියල් දෙසීයක් දීල මහරගම කොට්ටාවෙ ඉදලා කොටුවට මිනිස්සු ඒවිද කියලා. නමුත් මහරගම ඉදලා මාතරට යන්න පන්සීයක් වියදම් කරාවි කියලා මීට අවුරුදු පහ හයකට කලින් අපි හීනෙන්වත් හිතුවෙ නැහැ නෙව. ඒත් හයි වේ එක හැදිලා බස් වැටුනම වෙනදා නැති සෙනගක් ගාල්ල මාතර ආසාවෙන් යන්න ගත්තා හයිවේ ඒ සී බස් වලින්.
ඉන්දියානු දුම්රිය සේවයෙ ගාස්තු වල පහලම පන්තියේ ගාස්තු ටිකක් අපිට සමානයි. නමුත් ඉහල පන්තිවල මිල වැඩියි. කොටින්ම ඉන්දීය දුම්රිය සේවයේ තියෙන ෂටාබ්දි කියන අධිවේගී, වායුසමනය කල දුම්රිය ටිකට් එකක මිල ඒ පාරෙම යන සාමාන්‍ය මගී දුම්රියක ටිකට් එක වගේ හත් අට ගුණයක් වෙනවා.
කොළඹ මාතර රුහුනු කුමාරි කෝචිචියෙ තියෙන ලොකුම ක්ලාස් එක 2වන පන්තිය. ඒකෙ කිලෝමීටර 160ක ගමනටම ගාස්තුව රුපියල් 230ක්. දෙවනි පන්තියේ ආසන සුවහපහසුව හැර වෙන කිසිම පහසුකමක් නැහැ..මුහුද අයින්නෙන් ගියත් දෙවන පන්තියෙත් මිනිස්සු පිරුනාම තියෙන්න පුදුම දාඩියක්. ඕ කෝච්චියට හොද වායුසමන පෙට්ටියක් දාල රුපියල් පන්සීයක ටිකට් එකක් ගැහුවොත් යන්න මිනිස්සු අනිවාර්යෙන් ඉන්නවා. හයිවේ බස් අල්ලන්න කොටුවෙන් කොට්ටාවට යනවට වඩා ඒ සී එකේ රුපියල් පන්සියක් දීල ආතල් එකේ වැනි වැනි මාතර යන්න මිනිස්සු කැමති වෙයි.
මම කියන්න හැදුවෙ සරල දෙයක්. ඒ තමයි ලංකාවෙ දුම්රිය සේවෙ තාමත් ඉතාම ප්‍රාථමිකයි. ඒ වගේම නුවමනා විදියට ඒකෙ මිල ගනන් අඩුයි. මිනිස්සුන්ට අද කාලෙට ඔබින පහසුකම් තියෙන්නෙ එහෙමත් දුම්රියක විතරයි. අපි දුම්රියක යන්න බස් එකේ යනවාටත් වඩා ලොකු මිලක් ගෙවනවා නම්...ආන්න එතනදි අපිට ඕනි පහසුකම් දීපල්ලා කියලා ලියුං ලියන්න අයිතිය තියෙනවා. ඒත් පාඩුපිට බස් එකේ යන ගානටත් වැඩි අඩුවෙන් සේවය සපයන සේවයකින් තවත් සහන සහ සේවා ඉල්ලන එක අවුලක්.
එක පැත්තකින් ලංකාවෙ දුම්රිය සේවය කියන එකේ ඉන්න පුබ්බඩ වාහෙලා ටික එලෝලා, ඕක සුද්ද කරලා දුම්රිය සේවෙ ගැන පම්පෝරි පැත්තක දාල මගීන් ගැන හිතන සේවයක් ඇතිවෙන්න ඕනි. අනික් පැත්තෙන් මගීනුත් ස්ටේෂන් එකේ තින්ත ගෑම, බංකු වල මකුනන් එලවීම, ඉස්ටේෂන් එකේ කැඩුන බලුබ් දැමීම, වගේ සුලු රාජකාරි වලදි පොඩ්ඩක් එකතුවෙලා මේ තමුන්ගේ දේ නෙවද? කියලා හිතලා වැඩකරන්න හුරුවෙන්න ඕනි. අඩුවට කන උළුඳුවඩේ එකේ හිල ලොකුයි කියලා කෑ ගහන එක එක පිරිසකට අයිතිවාසිකම් ඉල්ලමක් වෙන්න පුලුවනි. නමුත් ඒක තව පැත්තකින් උපහාසයට කාරණාවක්.

Monday, May 4, 2015
Subscribe to:
Posts (Atom)