Monday, December 19, 2011

අඩෝ මොකද්ද මූසලයො දේශපාලනේ කියන්නෙ..

මේ දැනට ඉන්න විරුද්ධ පාක්ෂිකයින් බලයට පත්කලාම හරි...එහෙම නැත්නම් පවතින ක්‍රමය චූන් වන පරිදි රතුපාටින් අයිසින් දැම්මම හරි... මේ ක්‍රමය වෙනස් වෙනව කියල හිතන් ඉන්නවනම් ඒ අයට වැරදිලා..එක්දාස් නමසිය අනූ හතර සිට අද දක්වා කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.ඒ කියන්නෙ එකිනෙකට වෙනස් ජවිපෙ,යූ ඇන් පී,චන්ද්‍රිකා,රනිල් ආතල් දෙන්න දන්නෙ නෑද? එහෙම නැත්තං අපේ අය ආතල් ගන්න දන්නෙ නැද්ද?. අපි සාමාන්‍යනේ විනාඩි 10ක් වියදම් කරන්නෙ
  •  සින්දු දෙකක් අහන්න..
  • වැලක් බලන්න..
  • වෙබ් සයිට් එකක් බලන්න..
  • පේස් බුක් යන්න..
  • ගොසිප් එකක් බලන්න
  • සර්ච් කරන්න 
වගේ දේකට.. ඉතින් මං එක සූටි විනාඩි 10ක් මේයූටියුබ් වීඩියෝ 3න් 1ක් අහල බලන්න..මේක අර අනික් දේවල් තරම් වැදගත් නෑ..කොටිම්ම මචං මං අරවගේ එකක් දැක්ක.මරු වීඩියෝ එක..ෆට්ටයි කියන්න තරම් වටින්නෙ නෑ..ඒත් අටපට්ටම වගේ හෙලුවෙං ඉඳන් ඇඳුම් ඇන්දම දැනෙන ආතල් එක ගැන කියන විකාර වලට වඩාමේ වගේ දෙයක් වැදගත් වෙයි මනසට..
 
අංක 2 වීඩියෝව..
අංක 3 වීඩියෝව..
.
මේ වැඩසටහන මෙහෙයපු නාරදටත් ඒ රූපවාහින් චැනලයටත් මගේ ප්‍රණාමය පළ කරනවා.

3 comments:

  1. මට නං හිතෙන්නේ මේ මහත්තයා... මානසික කුණු කරත්ත කාරයෙක් කියලා.. අපේ රට.. අපේ මිනිස්සු ඔය තරම් තුට්ටුවටම දාන්නේ..

    අපේ අයගේ අඩුපාඩු බොහොමයි.. අපි ඒ ගැන කතා කරන්නත් ඕන.. ඒත් හැම දේකම දොස් දැකීම මානසික අවුලක්..

    සිගරට් බොන්න නිදහස මදි එකත් එයාට ප්‍රශ්නයක් වෙලා.. තමන්ට ඕන විදිහට අනිත් අයව අමාරුවෙ දාන්න ලයිසන් දෙන්න පුළුවන්ද? මං නං කියන්නේ සිගරැට් මේ රටේ තහනම් කරන්න ඕන.. හැබැයි ඔය ෆිල්ම් වල සිගරට්, අරක්කු බොන තැන් වලට කොටු දාන එකනම් ගොංපාට් එකක්.. ඒක තවත් ඇඩ් එකක් විතරයි..

    නිදහසේ ඕන දෙයක් කන්න බොන්න නෑලු.. ඉතිං ඒක කරගෙන තියෙන්නේ අපිම නේ.. ඉස්සර වගේ හොඳට ව්‍යායාම කරගෙන හිටියා නම් ඔහොම වෙන්නේ නෑ නේ..

    අනික් අයට කොහොම දැනුනා ද මංදා.. මට නං දැනුනේ මේ මනුස්සයා නිකං ලංකාවේ මිනිස්සු බල්ලො බළල්ලුන්ටත් අන්ත ගානට දාලා කතා කරන්නේ පුහු මානයෙන් කියලයි..අතිශය නරක ගතිගුණ තියෙන මිනිස්සු කීප දෙනෙක් හිටියත් ලංකාවේ තවම හොඳ ගතිගුණ තියෙන මිනිස්සුයි වැඩියෙන් ඉන්නේ..

    ReplyDelete
  2. මෙතක කතාකරන්නෙ තියොරිටිකලි හිතන දේවල්...මේක එක් එක් කොටස වෙනමම ගත්තොත් අවුල් තියෙන්න පුලුවන්..නමුත් සමස්ථ කතාව ඇතුලෙ දේශපාලනය කියන පිස්සුව අපේ රටට අදාල වෙන හැටි ගැන බෝම ලස්සනට පැහැදිලි කරනව...මේ ආකාරයේ විවේචන කලාව අපිට අමුතුයි..නමුත් අමෙරිකාව එංගලන්තය වගේ රටවල සමාජය ගැන මේ වගේ දරුණු විවේචන ඇතිවෙනව...ඒක ඇතුලෙ තියෙන චරිත සහ දේවල් කියන්නෙ ඒ විවේචකයින්ට තවත් ද්‍රව්‍යමය දෙයක් විතරයි..මෙතනදි මහින්ද රාජ සහ සිංහල බොදු කියන්නෙ මෙයාට තවත් එක දෙයක් විතරයි එතන බරක් නෑ..ඒක මේ ටයිප් එකේ විවේචන වල හැටි..උදාහරණයට ගත්තොත් සම්භාව්‍ය මාක්ස්වාදයේ ධනවාදය ගැන කියන උදාහරණ මේ තරමටත් වඩා විවේචනාත්මකයි..
    මේ දේවල් වලට ගනිපු උදාහරණ නිසා මේ කතා කැත වගේ පෙනෙයි..ඒත් ලංකාවේ සිංහල බොදු අය ගොඩක් බලන් ඉන්නෙ. තමුන්ගෙ ඇමරිකන් ග්‍රීන් කාඩ් ලැබෙනකල්..ඒක තමා ඇත්ත..

    ReplyDelete
  3. I am a senior specialist surgeon in govt health dept.This man's expressions about doctors are totally wrong and misleading.In my hospital all the consultant are doing a great job with a lot of sacrifice.We have our families in hundreds of miles way.We see them only once in two weeks or more.This guy doesn't know how many patients are treated by one doctor in an OPD.I dont know what to say to this type of people.You can talk freely using a public medium.However insulting other people can not be recommended.

    ReplyDelete