Friday, December 23, 2011

කොස් ගහ වැටුනා..

මල් වැලක්
සුන්දර කොස්ගහ බිම වැටුනා...
අන්දර වැට බාගෙට තැලුනා..
ගින්දර ගෙඩි ඈත විසි උනා..
පලබර ගහ අපිට නැති උනා...

විදුලිය කම්බිත් කැඩිලා...

කරටිය පොල්ගහෙ කැඩිලා..
හොඳටම සද්දෙත් දාලා..
හෙනයට කොස් ගහ වැටිලා..

පොලොස් මාලු කඩේ දෙස බලයි..

වැල වල රස මතකෙට පමණයි..
බත් නැති කල කොස්ද නැති හැඩයි..
කොස් ගහ කෝ අත්ත(සීය) විත් බලයි..

ටේල් බයික් එකෙක් ආ සැටී..

ගසවට රෑ කරක් ගැහු හැටී..
මහ සද්දෙන් ඩෝසරා හැටී..
වැටුන කොස් ගහත් නැතිවු හැටී.
.

( අවසන් කවියෙන් කියවෙන්නේ මහ රෑ මැෂින් කියත් මගින් කුට්ටිකර ඩෝසරයිකින් කොස් ගස අරන් ගිය සැටි වෙයි..)

4 comments:

  1. මාත් අහල තියෙනවා. මහ රෑ කළුවරේ ගහවටේ බයික් එකක් ගියා. මෙන්න බොලේ පහුවදා බැලින්නම් ගහ නෑ කියලා. කවිය නම් සුපිරි.

    ReplyDelete
  2. කොස් ගහ විකුනා ගන්නට ඔනැවි
    පර්මිට් එක හදාගන්නට බැරිවි
    මහ රැ කොස් ගහ කපලා තී
    බෙරෙන්නට හෙනයක් ගැන කියාවි..

    හිහ්..හිහ් හී....
    සුපිරි කවි ටිකක්.සියා ගෙ කොස් ගහට...

    ReplyDelete
  3. ලස්සන කවිය....
    ගස් කැපීම ලොකු ප්‍රශ්නයක්...

    ReplyDelete
  4. හරි සෝක් ඉස්තූතියි කමෙන්ට් වලට..

    ReplyDelete