Tuesday, December 27, 2011

අධිවේගී මාර්ගයේ වැරැද්දක් ( Expressway Foulty)

.ඕනෑම ඉංජිනේරුමය ව්‍යාපෘතියක ක්‍රමවේදයක් පවතී..එයින් කලින් නිර්මාණය කරගත් සැලසුමක් අනුව වැඩ සිද්දෙ වෙයි. දක්ෂිණ අධිවේගි මාර්ගයේද එසේය. එහි සිමෙන්ති සහ නිර්මිත කොන්ක්‍රිට් පැහැයෙන්ම එහි ඇති නිර්මිත අවකාශය තිබෙන්නට හැර ඇත්තේඒ අධිවේගි මාර්ගය කලින් සැලසුම් කරන ලද නිර්මාණ ශිල්පියාගේ අදහසක් අනුවය. ඒ අනුව අපේ පාසැලේ තාප්පය මෙන් මෙහි ඇති අවකාශ වල සිතුවම් ඇඳීමක් හෝ තීන්ත තැවරීමක් සිදු වන්නේ නැත. අධිවේගි මාර්ගයේ පාලම් පවා එක්තරා විදියකට තනා ඇත. එය ලස්සනය අවුලක් නැත..නමුත් අධිවේගි මාර්ගයේ යන අයෙකුට ගලේ පැහැරු බලලාගේ ක්‍රියාව මෙන් වැඩක් දක්ණට ඇත. එනම් සිග්නලින් සඳහා සිටවූ කණුමතින් සන්දාම හෙවත් කේබල ඇද ඇති ආකාරයයි. එම ක්‍රියාවේ ඇති හදිස්සියක් මිස වෙනත් කිසිවක් එයින් නිරූපනය නොවේ. එක් මායිමක එක් සීමාවක සිට අලංකාරව කේබල ඇද ඇත්නම් එය ගෙන එන්නේ ලස්සනකි.නමුත් කඳු ඇති කලුගල් ස්ථර වලදී එක් විදියකටත් සමහර ස්ථානවල ඇදේටත්..සමහරක් ස්ථානවල කිසිදු පිලිවෙලක් නැති විදියටත් කේබල ඇද ඇති ආකාරය කැතය..
කොට්ටාව මන්සන්ධියේ කේබල ඇති දර්ශනයක්

මා දන්නා අාකාරයට මාර්ග සංවර්ධන අධිකාරියට සිය කැමරා පද්ධතිය සහ පිවිසුම් එකිනෙක සම්බන්ධ කරන සන්නිවේදන පද්ධතිය සම්බන්ධ කරන ආකාරය මතක් වී ඇත්තේ 2011 ජූලි අගෝස්තු මාස වලය.එතැන් සිට ලහි ලහියේ මේ ඔප්ටිකල් ෆයිබර් කේබල්(ප්‍රකාශ සංදාම) ඇදීම් සිද්ද විය.නොවැම්බර් දක්වා වන මාස දෙක තුනක කාලයක් තුල අධිවේගී මාර්ගයේ කේබල පද්ධතිය සම්පූර්න කර අවසන් කල යුතුව තිබුණි..


මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ කණූ සිටුවීමට පමණක් රුපියල් මිලියන තිහකට අධික මුදලක් වැයවන්නට ඇත.මන්ද කිලෝමීටර සියයක් සඳහා නවතම කනු හෝ ආධාරක යෙදීමට සිදුවූ නිසාය.නමුත් කලින් මාර්ගය තනන විටම මේ සිග්නලින් හෙවත් සංඥා සඳහා අවැසි කේබල මාර්ගයක් භූගතව යොදා තිබුණි නම් බොහෝ මුදලක් ඉතිරි කරගත හැකිව තිබුණි.එසේ වුනි නම් එය කේබල වලත් සංඥා පද්ධතියේත් අමතර ආරක්සාවට හේතු වනු ඇත.


.මෙවන් ආකාරයේ කැත දර්ශන සහ ඉහලින් අදින සංදාම මගින් ඒ අධිවේගි මාර්ගය පුරාවට ඇති සමමිතික සහ නිර්මිත අවකාශයේ ඇති සුන්දරත්වය එක්වරම බිඳහෙලා තිබේ.මෙවන් බයිලා අපිට නොතේරෙනවා වුවත් සාමාන්‍යනේ මෙවන් ව්‍යාපෘති දියුණු රටවල සිදුවන විට අවට ඇති භූමි දර්ශන ගැනත් සැලකිලිමත් ව නිර්මාණ කරනු ලබයි.
අධිවේගි මාර්ගයේ පාලමක්
 සමස්ථ කේබල ගුවනින් ඇදීමේ සංකල්පයම අපිට පෙන්වන්නේ ලංකාවේ මාර්ග සැලසුම් වල පවතින අලි සයිස් හිලකි. එනම් වෙනත් අතිරේක සේවාවන් සඳහා වෙනත් මාර්ගයක් හෝ හිස් බට නොදා තමුන්ගේ පාර හැදීමේ කර්තව්‍යය පමණක් සැලකීමේ අඩුපාඩුවයි. සමහර රටවල මාර්ග තැනීමේදි මාර්ගයට සමාන්තරව වෙනත් ඉඩකඩක් සර්විස්(සේවා කටයුතු) සඳහා වෙන්කරනු ලබයි. එනම් කැනීම් කටයුතු කර භූගත නල එලීම් සඳහාම පාරේ කොටසක් වෙන්ව පවතී. එය පාරට පරිභාහිරව පවතින්නක් බැවින් මාර්ගයේ යන එන වාහන වලට හෝ ඒ පවතින රටාවට එම කැනීම් කරන නල හෝ කේබල අලුත්වැඩියා කරන කන්ඩායම් බාදාවක් ඇති නොකරයි.  නැතිනම් අවැසි සේවා සඳහා සීමා ලකුණු කොට නියමිත බට වලදමා භූගත ලෙස කේබල සහ වතුර බට ඇදීමට අවකාශ ලබාදෙයි.

එක් කන්දක් මත සුවිශාල කුලුනු 4-5ක් ඉදිකරීම.කෙතරම් නාගරික ප්‍රදේශයක් උවත් කේබල භූගත නොකිරීම ආදි දේ සාමාන්‍ය කරණය වී ඇති රටකට මෙවන් දේ සාමාන්‍ය විය හැක.නමුත් යන්නේ ආශ්චර්යයකට නම් මෙවන් අඩුපාඩු ඇති නව නිර්මාණ වෙනත් රටවලින් ලංකාවට එන අයට ලබාදෙන්නේ නම් නවතම ආශ්චරියයන් රැසකි.
තවත් අධිවේගි මාර්ග රැසක් සහ නව මහා මාර්ග ඉදිවීමට පවතී. එවන් අවස්ථාවල පවා මෙවන් ක්‍රියා වලට නොගොස් සර්විස් සඳහා වෙනමම බූගත සංදාම ඇදීමේ පහසුව ඇතිකර නිර්මාණ ඉදිකරන්නේ නම් එය රටටත් ජනතාවටත් කරන විශේෂ සැලකිල්ලකි.

3 comments:

  1. මේකත් මහ රජාගෙ හම්බන්තොට කඩි කුලප්පුව වගේම, A/L Results කලින් නිකුත් කිරීම වගේම තවත් එක කාලකණ්නි සිද්ධියක් ! අම්මට හු** ආශ්චර්යයට යන ගමනේ ගලේ පහරපු තවත් සිද්ධියක් !

    ReplyDelete
  2. දේශපාලන හදිස්සිය සහ නිලධාරීන්ගේ මෝඩකම

    ReplyDelete