Wednesday, December 14, 2011

එලවලු කූඩා ගැටලුව (The Problem Of Vegitable Baskets)

මේ උද්ඝොෂණය කරන කුමන්ත්‍රණ කරුවන් කවරුහද?
උද්ඝෝෂණයේ ගුවන් දසුනක්
 මේ උද්ඝෝෂනය තිබුනේ කොටුව දුම්රිය පොල ඉදිරිපිටයි අද දින කොළඹ රථවාහන තදබදය දෙගුන තෙගුණ කරන්නට මේ මැනිං සේවක උද්ඝෝෂනයත් තවත් ජනතා විමුක්ති පෙරමුණු උද්ඝෝෂනයත් හේතු විය.උදේ සිට හවස මේ ලියන වේලාව වන සවස පහ පසු වනතුරුත් කිසිදු විසඳුමක් මේ සඳහා නොවීය.උද්ඝෝෂක පිරිස සාකච්චා වලට අකමැති බවත් සාකච්චා කොට විසඳුම් දිය හැකි අයෙක් තමන් සිටින තැනට පැමිණ පාෙරන් තමන් නැගිටුවන්නට උත්සාහ කල යුතු බවත් උද්ඝෝෂකයින්ගේ අදහස විය.
උද්ඝෝෂනයේ ගුවන් දසුනක්
 මේ උද්ඝෝෂනය පවත්වන්නේ මැනිං වෙළඳ පොලේ සේවය කරන සේවක පිරිසයි.සේවකයින් අතර ඇති සියලුම ස්ථර පුරා පැතිරී ඇතිමේ සාමකාමී උද්ඝෝෂන ව්‍යාපාරය කරන්නේ ප්‍රකට ප්ලාස්ටික් බකට් සටනට එරෙහිවයි.කාගේ හෝ උවමනාවකටමේ උද්ගෝෂන වෙනවාය යන්න ඇමති තුමාගේ අදහසයි.එහෙත් මෙරට සිදුවන සෑම රාජ්‍ය විරෝධි වැඩක්ම අධිරාජ්‍යාවාදී කුමන්ත්‍රණ ලෙස දැකීම සාමාන්‍ය කරණයවී ඇතිනිසා ජොනී මැතිගේ එම පැරණි තැටිය කිසි වැදැගැම්මකට නැති එකකි.මැනිං වෙළඳ පොල යනු සතර අපායකි.එහි වැසි දිනක යන කෙනෙකුට ලංකාවේ ප්‍රධානම එලවලු මූලස්ථානයේ අසිරිය මොනවට විඳ ගතහැක.ඉතාසීමිත ඉඩ කඩක පැදුරු කඩමාල්ලක් එලාගත හැකි මට්ටමේ වර්ගමීටර 3-4ක කොටසක් කඩයක් නොහොත් කඩ කැබැල්ලක් ලෙස සැලකේ.බොහෝ විට බයින් ඇන්ඩ් සෙලින් ඉන්ස්ටන්ට් සිස් එකකට සිදුවන මෙහි පිටින් එන එලවලු එවෙලේම වෙනත් අයට විකිනීම සිදු වෙයි.මෙහි නවිකරණය වීම අවස්ථා ගනනාවකදි රජයේ පුවත්පත් සහ පුවත් සොයන පත්තර කඩ කාරයින්ගෙ නිබද අවධානයට ලක් උවත් මෙහි අදටත් වැසි දිනක මෙහි යන එන කෙනෙක් මුහුනදෙන අත්දැකීම පැරණි වල කක්කුස්සියක් අසලින් ගැවසෙන කෙනෙකුගේ මනසේ ඇඳෙන සිතුවිලි මෙන් පිවිතුරුය.
කෙසෙල් ගෙඩි සහ බිස්කට් බුදින උද්ඝෝෂණ කරුවෙක්
 මේ උද්ඝෝෂණය කරන සමහර මෙහි සිටින මැනිං මුදලාලිගේ දිනක ලාභය පමණක් රුපිය්ල දස දහස් ගණනක් වන අවස්ථා ඇත.මෙහි මිළ තීරණය කරන්නේ කවුරුන්ද යන්න පුදුමාකාර ගැටලුවකි.සාමාන්‍යෙන් එලවලු කිලෝවකින් ගොවියාට ලැබෙන නාමික මිලට ඔහු මැනිං වෙළඳ පොලේ සිල්ලර කොටසට පැමීනියත් ලබාගත හැකි වන්නේ එලවලු පන්සීයකි.එය කෙසේ වනවාද කියා නොදනී.එහෙත් මනා ලෙස අධ්‍යයනය කරන්නෙකුට මෙහි එලවලු වලින් ගොවියාට ලැබෙන මිලත් පාරිභෝගිකයාට ලැබෙන මිලත් අතර ඇති දැඩි වෙනස බලාගත හැක.මේ මැනිං වෙළඳ පොලට කෙලින්ම ගොවියාට බඩු එවිය හැකි ක්‍රමවේද ඇත.  එයිනුත් ගොවියා විසින් මේ අතරමැදි වෙලෙන්දාට සියයට දහයක කොමිස් මුදලකුත් ලොරි වල ප්‍රවාහන කුලිත් බෑම සහ අනෙක් කටයුතු සඳහා වන කුලීත් ගොවියා හෝ බඩු කොළඹට එවන පාර්ශවය විසින් දැරිය යුතුය.අපි සරලව සිතමු රුපියල් 100ට යන කරිවිල කිලෝවකින්..අවසන ගොවියාට ලැබෙන්නේ රුපියල් 65ත් 70ත් අතර මුදලකි..ඒ රුපියල් සීයට කිලෝවක් අලෙවි වන කරවිල පාරිභෝගිකයාට යන්නේ පන්සීයක් රුපියල් සීයට වශයෙනි.


කෙසෙල් බෙදන මැනිං සේවකයෙක්
 මේ මැනිං වෙළඳ පොල තියෙන ආකාරයට කූඩා භාවිතය අපාසුය.වෙලෙන්දාට ලැබී ඇති වර්ග මීටර 3-4ක පරාසය තුල කූඩා එහෙ මෙහ කරගැන්ම අපාසුය.හිස්කූඩා හැසිරවීම අපාසුය.විශාල කූඩාවල ඇති එලවලු ෆෝක් ලිෆ්ට් වලින් ඔසවන,දොඹකර වලින් එලවලු බාන.විශාල ප්‍රමාණයේ ෆුඩ් සිටි වැනි වෙළඳ සැල් සඳහානම් මේ ක්‍රමය සුදුසුය.මේ මැනිං වෙලඳ පොල සහ අනෙකුත් පොදු වෙළඳ පොලවල් විශාල කූඩා දැමීමට ඒවා හැසිරීමට කොතෙක් දුරට තාක්ෂණික අතින් යටිතල පහසුකම් අතින් සවිමත්ද?මා මැනිං වෙළඳ පොල ඇස් දෙකින් දැක ඇත.ඒවා එලවලු හුවමාරු කරන ස්ථානයකැයි කියා සිතිය හැක්කේ එලවලු ඇති නිසාම පමණි.නැත්න්ම ඒවා පරණ යකඩ හුවමාරු වන කුඩා මීගුල් සමූහයක් වැනි ස්ථානයකි.
වැඩ නවත්වා ඇති මැනිං පිරිස තැන්තැන්වල සාකච්චා කරමින්
 ගොවීන් හෝ ගම්බද සුලු වෙලෙන්දන් විසින් එක් එලවලු මල්ලක් මෙහි එවීමට රුපිය්ල එකසිය පනහකට වැඩි මුදලක් වියදම් කල යුතුව ඇත.එවන් වටපිටාවකදී මේ කූඩා භාවිත කලහොත් සමාරවිට කූඩාවල වටිනාකමට වඩා එලවලු වල වටිනාකම අඩුවීමේ අවධානමක්ද පවතී.එලවලු වටිනාකම මේකය කියා ස්ථාවර අගයක් නැත.කාලගුණය අනුව එය වෙනස් වෙයි. ගොවීන්ට සහ පාරිභෝගිකයා පිට පැටවෙන මෙම බර තවත් එක් බරක් මිස මෙහි ඇති හොඳක් නම් මට නොපෙනේ.පතෝල දිග මැකරල්,ආදිය මෙසේ කූඩා වල බහා අලෙවි කරන්නේ කෙසේද.අනික් කරුණ නම් ලොරි කරුවන් මෙයට අකමැති වීමයි.කොළඹට හෝ වෙනත් නගරයකට පැමිණෙන ලොරි නැවත හිස් ඇසුරුම් රැගෙන යෑමට කැමති නැත.ඔවුන්ට වෙනත් පිනා හයර් එකක් ගොස් හෝ නගරයෙන් ගමේ සිල්ලර කඩේට සීනි පිටි මුට්ට කීපයක් ගෙනගොස් කීයක් හරි ගත හැකි අවස්ථාව මේ හිස් කූඩා නිසා නැති වී යනු ඇත.එය එසේ වනවාය කියන්නේ අනිවාර්යෙන්ම ගොවීයාට සහ පාරිබෝගිකයාට ලැබෙන ප්‍රවාහන කුලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහල යෑමයි.සමහරු වැල්ලේ මාලිග ඉදිකරනවා මෙන්..අතරමැදියාවත් ලොරිකාරයාවත් නාට්ටාමිවත් මේවා නොමිලයේ ගොවියාට ආලයෙන් අමතර සේවා කරදෙන්නේ නැත.ඔවුන් විසින් ඔවුන් චාටර් වෙන සෑම අවස්ථාවක් සඳහාම නව මිල වැඩිවීම් ආදේශ වනු ඇත.එනම් එලවලු මිල තවදුරටත් ඉහල යා හැකි අතර ගොවියාට ලැබෙන පනම් හතර තුනක් ලෙස පහල බැසීමට මෙය හේතුවිය හැක.
වාඩි වී සිට වැඩේට දායක වෙන පිරිස
 මෙවන් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට යම් කිසි ක්‍රමවේදයක් තිබිය යුතුය.ආරක්ෂිත ඇසුරුම්කරණය ගැන ගොවියාට ප්‍රායෝගික වැඩමුලු කන්න බොන්න දී පැවැත්විය යුතුය.හැකිනම් ඒවාට සහභාගී වී මේ දැනුම අවශෝෂනය කරගැන්මට කැමති ගොවියාට රජයෙන් කුඩා පොහොර මිටියක්,මේ නව හිස් ඇසුරුම් දෙක තුනක්,හෝ කිසියම් සුලු මුදලක් ලබා දිය යුතුය.සියල්ල මුදලට යට වී ඇති සමාජයක නිලධාරින් ,රථයක් නොමැතිව එලියට නොබහින ඒ සී එක නැතිව කාර්යාලයට නොයන සමාජයක පහලම මට්ටමින් පමණක් නිකම් සිට කරන කැපවීම් අපේක්ෂා කිරීම හාස්‍යජනකය.
උද්ඝෝෂනයේ තවත් දසුනක්.
 අවසානයේ සියල්ල යලිත් සාමාන්‍ය කරණය වනු ඇත.යලිත් පොර මලු භාවිතයට එනු ඇත.එහෙත් ඒ සියල්ලට වැරදි කරුවා ගොවියාත් අතරමැදියාත් වෙනු ඇත.ඔවුන්ට දැනුම ලබාදීමට ඔවුන් දිරිමත් කිරීමට අපේ බදු මුදලින් පඩි ලබන ඇත්තෝන්..තවත් බෝ කලක් යහතින් වැජඹෙනු ඇත.ජොනිස්ටන් ඇමතිතුමා සම්බන්ධ සිමෙන්ති,බිත්තර,පොල්,කුකුල් මස් කථාන්දර මා අවසන මතක් කරමි.කිසිවෙකු තවමත් වැරදි කරුවන් නොවේ.ඔබේ බදු මුදල් පිටරට සිමෙන්ති,කුකුල් මස්,බිත්තර,පොල් සඳහා ඉබේ යැවී ඇත.ඔවුන් යහතින් ඇත.ප්ලාස්ටික් කූඩා කතාන්දරයත් එසේම අවසන් වනු ඇත.

2 comments:

  1. මට පේන්නේ ආන්ඩුව මේක ලේසියෙන් අරින්නේ නැති පාටයි..

    ReplyDelete
  2. ඒ උනාට මේක මංගල්ලෙට මනමාලියෙක් හොයන්නත් කලින් කොන්ඩම් සිලෙක්ට් කරනව වගේ මැටි වැඩක්...කොයි තරම් වලි කෑවත් මං හිතන්නෙ නෑ මේක සාර්ථක වෙයි කියල...

    ReplyDelete