Thursday, August 30, 2012

SLT ඉදිරියට පසුපසටද? (SLT Rocks or Sucks)

ටෙලිකොම් ආයතනය විසින් අලුත් පැකේජයක් හඳුන්වා දෙන ලදී. එහි නම අභිමාන වේ. ගිගාබයිට් දෙකක ප්‍රමාණයක් සඳහා රුපියල් තුන්සිය අනූවක ගාස්තුවක් යටතේ රාජ්‍යය සේවකයින්ට එය පිරිනමයි. එහෙත් වෙළඳපොලේ පවතින මිල ගනන් ඊට වඩා අඩුය. හච් සමාගමෙනුත් එටිසලාට් සමාගම මගිනුත් එයාටෙල් වලිනුත් නිල නොවන මට්ටමින් කරන විශේෂ පැකේජවලදී මීට වඩා දත්ත ප්‍රමාණයක් ලැබේ. එටිසලාට් සමාගම මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගිගාබයිට් 10ක් රුපිය්ල දාහකටද, හච් මගින් ගිගාබයිට් 5ක් රුපියල් 500ටද, එයාටෙල් මගින් ගිගාබයිට් 10ක් රුපියල් 700කට මාසික ගාස්තුවකට ඇති කනෙක්ෂන් පාවිච්චි කරන අයවලුන් මේ රටේ කොතෙකුත් වෙති.(මේ පැකේජ නිලනොවන මට්ටමින් සහ විශේෂ අවස්ථා සඳහා පමණක් ජංගම දුරකථ සමාගම් විසින් ලබාදෙන්නේද අප රටේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇති රෙගුලාසි අනුවය. ඒ අනුව අඩුමිලට අන්තර්ජාලය ලබාදීම ඒ සමාගම් කරන වරදක් වෙයි.)

අන්තර්ජාලය ගැන කිසිත් නොදන්නා හද්දා ඩොටේ අයෙකු මේ අන්තර්ජාල සබඳතාවය ගත්තත් නොබෝ දිනකින් අන්තර්ජාලයම පිරික්සන විට ඔහුට මීට වඩා ලාබදායී පුලුල් පරාස සබඳතා සොයාගත හැකි වෙනු ඇත. එවිට මේ හරහා සබඳතා ගන්නා අයද නොබෝ කලකින්ම හැලී වෙනත් ලාබදායී මාධ්‍ය කරා යොමු වනු ඇත. 
එවන් ගිගාබයිට් 5 10 වැනි විසල් ජංගම පැකේජ අඩුමිලට භාවිත කරන රටකට ගිගාබයිට්ටු දෙකක් රුපියල් තුන්සිය අනූවකට දීම කිනම් අභිමානයක්ද? කිනම් වූ ආශ්චර්යයක්ද?

මේ ළඟක සිට පුරාණ අසීමිත සබඳතා සීමිත කොරගෙන යන බවට නොයෙක් දෙසින් ටෙලිකොම් සමාගමට චෝදනා එල්ල වේ. එහෙත් ඒ කිසිවෙකට ටෙලිකොම් ආයතනය සැලෙන්නේ නැත. මෙතෙක් කල් රැකගෙන ආ යම් නමක් වෙයි නම් එය කැඩී සුනුවී යන අයුරින් අන්තර්ජාලය පුරා ටෙලිකොම් ආයතනයට බැන අඩගසා  ඇති තැන් ඇතිමුත් තවමත් ටෙලිකොම් ආයතනය නිහඩය.  කිසියම් තාක්ෂණික ගැටලු නිසා අසීමිත සබඳතා දිය නොහැකි නම් එය නිරහංකාරව පිලිගෙන යම් පිලිගත් රාමුවකට යටත් කොට ඔවුන් සනහාලීම වගකිව යුතු ආයතනයක රාජකාරිය විය යුතුය. නමුත් නොවන්නේද එයය. රජයේ කොටස් සියයට පනහක් ඇතත්මේ කිසිවකට රජය නම් මැදිහත් වෙන ආකාරයක්ද නැත. 

විවිධාකාරයේ ගැටලු ගැන දසතින් ඇසෙන විට පත්තර පිරෙන්නට ටීවී රේඩියෝ චැනල් බලන්නට නොහැකි තරමට ටෙලිකොම් ඇඩ් දැම්මාට වැඩක් නැත. මිනිසුන් අතර ටෙලිකොම් ගැන ඇති අචල විශ්වාසය මේ නාටක හරා බිඳවැටීම සිදුවේ.

ටෙලිකොම් මගින් සාමාන්‍ය භාවිත අන්තර්ජාල සබඳතාවයට රුපියල් එක්දාස් පන්සීයක පමණ මාසික ගාස්තුවකුත්,  ඒ අන්තර්ජාල සබඳතාවය ලබාගන්නට අවැසි ටෙලිපොන් එකකුත් පාවිච්චි කලත් නොකලත් ඒ ටෙලිපෝන් එකට බිලකුත් ටෙලිකෝම මගින් එවයි. ඒ අනුව සම්පූර්ණ බිල රුපියල් දෙදාහකට ආසන්න වෙයි. මා දිනක් විසාල ප්‍රදර්ශනයක සිටි ටෙලිකොම් මාකටින් පුද්ගලයෙකුගෙන් මට ඔය ටෙලිපෝන් එක නැතුව ඉන්ටනෙට් විතරක් ගන්න බැරිදැයි ඇසූ විට ඔහු මට සමච්චලයට සිනා සී "සර් නෙට් එන්නෙත් ටෙලිපෝන වයර් එකෙන් ඒ නිසා ටෙලිපෝං ගන්න නැතුව ඉන්ටනෙට් දෙන්න බෑ "යැයි කීය. අහෝ ඒ පුද්ගලයාගේ දැනුමේ ඇති පුලුල් පරාසයත් මාකටිං ගැන වූ පුලුල් පරාසයත් දැක මා අමන්දානන්දයට පත්වීමෙන් සිට ආවෙමි..

ටෙලිකොම් සමාගමේ කොටසක් රජයට අයිතිය ඇත. එහෙත් සාමාන්‍ය රුපියල් පන්සීයට නෙට් යන්නට බලා සිටින දුප්පත් දරුවන්, වෘත්තිකයින් සඳහා ටෙලිකොම් ලබාදෙන්නේ ගිගාබයිට්ටු දෙකක් පමණි. රාජ්‍ය වගකීම වන්නේ මුදල් ඇති අයට පමණක් වැඩියෙං බෙදීමදෝයි මට එවන් විටෙක සිතේ. අන්තර්ජාල ගැන,තොරතුරු තාක්ෂණය ගැන කෙතරම් වැල් බයිලා කිව්වත් ඒවා ප්‍රායෝගික වන්නට අඩු තරමේ මසකට ගිගාබයිට් පහ හයක වත් සබඳතාවක් සාමාන්‍ය ජනයාට අවැසිය. ලෝක තත්වය සීග්‍රයෙන් වෙනස් වෙයි. කොටින්ම මෙතෙක් කල් පීඩී එෆ් හෝ වෙනත් මුද්‍රිත ආකාරයෙන් තිබුනු අධ්‍යාපනික දත්ත මේ වන විට වීඩියෝ පාඩම් මාලා දක්වා පැතිරී ඇත. යූටියිබු වීඪියෝවක් අඩුම තත්වය යටතේ පැයක් බැලුවත් ගිගාබයිටටුවක් විතර දත්ත ඒ සඳහා වැය වෙයි. නමුත් එවන් සාධනීය දේ ගැන අප රජය වත් වගකිව යුතු ආයතන වත් සිතන්නේ හෝ සිතන පාටක් හෝ පෙනෙන්නේ නැත. 

පසුගිය දිනෙක මා මිතුරියක් ටෙලිකොම් ට්‍රේනින් ගියාය. ඇය එහිදී අායතනික රාමුව ගැන රිපෝට්ටුවක්ද හැදුවාය.. එහිදී ටෙලිකොම් ආයතනයේ ඇති නිලයන් ගැන වන ඕගනයිසේසන් ස්ට්‍රක්චරය මට දැකගන්නට ලැබුනි. .එහි ප්‍රධාන විධායක නිලධාරීට පහලින් ප්‍රධාන නිළධාරින් 12 දෙනෙකි, සාමාන්‍යාධිකාරීවරුන් 48කි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් 252කි. ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරු හෙවත් චීෆ් ඉන්ජිනියර්ස් යන තනතුර ඇත්තේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරටත් පහලින්ය. මෙය කෙතරම් පැතිරී ඇත්දැයි සරලව කීවොත් ටෙලිකොම් ඕගනයිසේසන් ස්ට්‍රක්චරය දැක්වෙන චිත්‍රය වෙනත් ආයතන වල මෙන් ත්‍රිකෝණාකාර පහලට සේවකයින් වැඩි වෙන එකක් නොවේ. එහි ඉහල සිටින තනතුරු සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩිය. මා සිතන්නේ ලොව විසල් සමාගම් වන ගූගල මයික්‍රොසොෆ්ටු ආදී ආයතන වල පවා මෙතරම් විසල් ඉහල ස්ථරයක් නැතුවා වන්නට ඇත..

ඒ මිතුරිය පැවසූ පරිදි පහල සේවකයින් දන්නා පරිදි එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ප්‍රවාහන දීමනාව පමණක් රුපියල් ලක්ෂයක් පමණ අගයක් ගන්නවාලු. රුපියල් කීයක් මේ මා ඉහතින් සඳහන් කරන ලද නිලයන් වල ප්‍රවාහනය සඳහා වැයවනවාදැයි ගණනය කිරීම බලන අයට බාර කරමි..

Tuesday, August 28, 2012

S 12 කැළණිවැලිය සහ දුම්රිය සේවය


එස් 12 නැමැති බලවේග කට්ටල පහක් පමණ දැනට ලංකාවට ගෙන්වා ඇති අතර ඒවා මේ දිනවල පරීක්ෂණ ධාවනවල යොදවා ඇත. . ඒ එස් 12 බලවේග කට්ටල විශේෂයෙන් වංගු සහිත මාර්ග වලට සරිලන පරිදි පෙට්ටිවල දිග අඩුකොට නිපදවා ඇතනුවර පළාතට එක් බලවේග කට්ටලයකුත් අනෙක් හතර කැළනිවැලි දුම්රිය මාර්ගයටත් ලැබෙන බව මුල පටන්ම ආරංචි විය.
කැළණිවැලි දුම්රියක ඩීසල් කාන්දුවක් අවස්තාවේ බාල්දිවලින් ඩීසල් එකතු කරන සැටි..
නමුත් දැන් දුම්රිය දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව කැළනිවැලි මාර්ගයට ලැබෙන්නේ එක් නව බලවේග කට්ටලයක් පමණි. එයද ලැබේද නොලැබේද යන්න ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ. දැනට බොහෝ කලක් පරණ වූ බලවේග කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට යොදා ඇති නිසා ඒවා නිතර නිතර කාර්මික දෝශ වලට ලක්වෙයි. එමෙන්ම කාර්මික දෝෂ නිසා සමහර දිනවල ගමන් වාර බොහෝ සෙයින් ප්‍රමාද වීම සහ ගමන්වාර ඇනහිටීම බහුලව සිදුවෙන බව කැළණිවැලි දුම්රිය මගීන් පවසති..

නව දුම්රිය කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට අවැසි බව බලධාරින් හඳුනාගෙන බොහෝ කල් ගත වූ නමුත් මේ නව දුම්රිය අානයනය කිරීමේ තීරණය ගත්තේ ඩලස් ඇමතිතුමා ප්‍රවාහන අැමතිව සිටි කාලයේය. එහෙත් දැන් දුම්රිය ප්‍රවාහන ඇමති සිටින්නේ මතුගම ආසනයේ කළුතර දිස්ත්‍රික්කයේ කුමාර වෙල්ගම ඇමතිතුමා වනබැවින් නව දුම්රිය කට්ටල මුහුදුබඩ දුම්රිය මාර්ගයට යෑමේ ඉඩකඩ බොහෝ වැඩි බව දෙපාර්ථමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි..
ඔහියට මීදුම අතරින් එන දුම්රිය..
කැළණිවැලි දුම්රිය මාර්ගය නාරාහේන්පිට, බොරැල්ල, නුගේගොඩ, මහරගම, පාදුක්ක අවිස්සාවේල්ල ආදී බොහෝ සෙයින් තදාසන්න පෙදෙසක් හරහා ගමන් කරයි. නුගේගොඩ සිට සතියේ කාර්බහුල වේලාවක පැය බාගයකින් කොළඹ කොටුවට පැමිණිය හැකි වන්නේ දුම්රියේ ආ අයකුට පමණි.. මන්ද හයිලෙවල් හා අනෙක් මාර්ගවල පවතින අධික මාර්ග තදබදය හේතුවෙනි. හයිලෙවල් මාර්ගයේ යන කෝච්චි පෙට්ටි පෝලිම මෙන් වන 138 බස් පෝලිම අඩු කිරීමට හෝ සීමා කිරීමට කැළණිවැලි දුම්රිය මාර්ගයට හැකියාවක් ඇත. නමුත් ඒ වැනි ලේසි පහසු විසඳුම් වලට බලධාරින් නොයෑම පුදුම සහගතය..

පාරවල් වලට උඩින් ගුවන් පාරවල් හදනවා වැනි අධිකතර වියදම් වැඩ වලට වඩා කැළණීවැලි දුම්රිය මඟ වේගවත් කර එයට නව දුම්රිය එකතු කොට හයිලෙවල් මාර්ගයේ ගමන් පහසුව සලසාගන්නා මඟීන් දුම්රියේ යැවීමට සැලසුම් ගැසීම ලාබදායක බව ඕනෑම සුට්ටි බබකුට පවා වැටෙහේ..

1990 දශකයේ මුල භාගයේ එතෙක් පැවති පළලින් අඩු දුම්රිය මාර්ගය වෙනුවට සාමාන්‍ය දුම්රිය මාර්ගයක්  අවිස්සාවේල්ල තෙක් තනා. එතෙක් ගරාවැටෙමින් තිබූ දුම්රිය ස්ථාන නවීකරණය කොට නව ජීවයක් දුන්නාට පසුව කැළණිවැලි දුමරියට මෙතෙක් කිසිදු බළධාරියෙක් කළ දෙයක් නැත. පත්තර පිටු පිරෙන්නට, කටින් කෙළ වැටෙන්නට දුන් දේශනා සහ යෝජනා සැලසුම් නම් නිමක් නැත. එහෙත් වුනු දෙයක් නැත. කොටින්ම මරදාන දුම්රිය ස්ථානයේ කැළණිවැලි දුම්රිය සාමාන්‍යයෙන් නවත්වනු ලබන 9 වෙනි වේදිකාවේ සිට දුම්රියට නැගීමට ඉනිමඟක් අවැසි වෙන වෙලාවල්ද තිබේ. ඒ මාර්ගයට අදාල දුම්රිය වේදිකා කලකින් ඔසවා නැති හෙයිනි.
බදුල්ලට යන දුම්රියක්... 
ජනාකීර්ණ මහරගම, නුගේගොඩ පෙදෙස්වල අයට කොළඹට ඒමට යෑමට පහසු විකල්පයක් වන කැළණිවැලි දුම්රිය මාර්ගය ලාභ ලැබිය හැකි මාර්ගයක් වනු ඇත්තේ මඟීන්ට ලෙහෙසියෙන් යන්නට අවකාශ ලැබුනොත් පමණි... නැත්තං බස් එකේ මෙන් ප්‍රමාද වී තෙරපී දාඩිය දාගෙන එන්න දුම්රියට නගින්නට කාර්යාල වලට යන එන අය ඉගෙනගන්නට යන අය ආසා වන්නේ නැති බැවින් දුම්රියට ඇති සෙනඟ අඩු වෙනු ඇත. 

දක්ෂින මුහුදුබඩ මාර්ගය බොහෝ කොට ආදායම් උපයන දුම්රිය මාර්ගයකි. එය මිලියන ගානක ණය ආධාර යටතේ අලුත්වැඩියා වුවත් මාතරට ගාල්ලට සාමාන්‍යයෙන් යන දුම්රිය කාලසටහනට නව දුම්රියන් එකතු වූයේ නැත. පරණ දුම්රිය වලට පෙට්ටි එකතු වුවත් දැන් බොහෝ දුම්රිය ගාලු දුම්රිය ස්ථානයෙන්ම ආසන පිරවී මඟීන් සිටගෙනද එන තත්වයට පත් වී ඇත. ඒ දුම්රිය මග අධිවේගී කොට තැනිමත්, වේලාසන වැඩට යන්නට එන්න සැලසීමත් හොඳ වැඩය. නමුත් නව දුම්රිය කාලසටහනක් යටතේ තවත් දුම්රිය කිහිපයක් දකුණු මාර්ගයටද එකතු වනවානම් හොඳය..නමුත් එය කල යුත්තේ කැළණිවැලි මාර්ගයට ගෙනා කුඩා පෙට්ටි සහිත දුම්රියන් මුහුදු බඩ මාර්ගයට යෙදීමෙන් නොවේ..

කැළණිවැලි දුම්රිය මාර්ගයම ඉතිහාසයේ රාජ්‍ය අංශයේ දූෂණ පෙන්වන කඩඉමකි. 1900 සියවසේ මුල් කාලයේ දකුණු අප්‍රිකාවට කිලෝමීටර සීය දුම්රිය මාර්ගයක් අවැසි වී ඇත. පුළුල් මාර්ගයක් අවැසි වුවත් ලංඩනයේ සමාගමක් තනා ඇත්තේ කුඩා පාරකි. එවිට එයට විරුද්ධ වූ දකුණු අප්‍රිකානු රටේ බළධාරින් සහ විපක්ෂ ක්‍රියාධරයන් නිසා ඒ දුම්රිය මාර්ගය දකුණු අප්‍රිකාවේ ඉදි වූයේ නැත. එය ඉන්පසු විවිධාකාර කතාන්දර ගනනාවකින් පසු ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ රත්නපුර ඕපනායක දක්වා ඉදිවිය. ඒ අසාර්ථක කුඩා පීලි සහිත පටු දුම්රිය මාර්ගය මෙහි ඉදිවුනේ එසේය. නමුත් සුද්දා මෙහෙන් ගොස් වසර ගණනක් යනතුරු මෙය නිසියාකාරව තිබුනි. එදා මෙය තිබෙන කළ රත්නපුර පැත්තෙන් කෝච්චියේ ගොස් සිරීපාදය රත්නපුර පැත්තෙන් නැග...හැටන් වලින් බැස දුම්රියේ කොළඹට එන්නට එකල කොලු කුරුට්ටන් පුරුදු වී සිටියේලු..
දුම්රිය නැරඹුම් මැදිරියක්.. 
මාර්ගයක් ඉදිකිරීමට නව ඉඩම් මිලදී ගෙන නව දුම්රිය ස්ථාන ඇතිකොට නවතම පාරක් ඉදිකල යුතු තත්ව යටතේ කතරගම දක්වා දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් අරඹා වසර ගණනාවක් තිස්සේ තවමත් අලුත් අලුත් මුල්ගල් ඉදිවෙමින් පවතී.. නමුත් තවමත් ගරාවැටෙමින් තැනින් තැන දුම්රිය ස්ථාන ඇති රත්නපුර දක්වා ඉදි වූ නව කලින් දුම්රිය මාර්ගය යථා තත්වයට ගැන්මට හාවක් හූවක් ඇත්තේම නැත.. සමහර විට ජනාධිපතිතුමා රත්නපුරේ සිටියේ නම් මේ වන් දේවල් වල ගොනු ඉදිරියට එනු ඇත.. 

සුද්දා දුම්රිය මාර්ග ඉදිකලේ මූලිකවම බඩු ප්‍රවාහනයටය. සත්‍ය වශයෙන් අද වනවිට දුම්රිය දෙපාර්ථමේන්තුව පාඩු ලැබීමට හේතුව බඩු ප්‍රවාහනයට දුම්රිය යොදා නොගැනීමයි.මාර්ග පද්ධතිය සංඥා පද්ධති, සහ අවශේෂ භෞතික මානව සම්පත් නිසි පල ප්‍රයෝජනයකින් තොරව රිසි සේ අපතේ යන්නේ ඒ නිසාය.  බොහෝ රටවල ප්‍රධාන වරායන් වල මෙහෙයුම් වලට කන්ටේනර එහෙමෙහෙ ගෙනයෑමට වෙනත් බඩු භාන්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගනී. නමුත් අපේ එදා සුද්දා විසින් කටුනායක අහස් යාත්‍රා පොලට සහ වරායට ඉදි කල මාර්ග පුරාවස්තු ලෙසම පමණක් පවතී.හිටපු දුම්රිය ඇමති ඩලස් ඇමතිතුමා  වරායේ බහාලුම් ප්‍රවාහනයට දුම්රිය යොදා ගත හැකි බවට අදහසක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමට වසර දෙක තුනක් තටමමින් සිටියේය. ඉන් පසු වෙල්ගම ඇමතිතුමා ආවේය. වෙල්ගම ඇමතිතුමාට සම්බන්ධ වෙල්ගම ට්‍රාන්ස්පෝට් යනු වරායේ බහාලුම් ප්‍රවාහන වාහන අයිතිකාර සමාගමකි. ඉදින් ඒ නිසා අර කතාවට කියූ බහාලුම් ප්‍රවාහන අදහසත් එතනින්ම නැවතුනි. 
මේ ඇත්තේ හිටපු ඩලස් ඇමතිතුමාගේ ඇඩ් එකකි. මේ යටතේ ප්‍රවාහනය කරන ලද කන්ටේනර සංඛාව අතේ ඇඟිලි ගණනටත් අඩුය..
මරදාන පාලමට පේන දුම්රිය මාර්ග.. 
එකල මුලු ප්‍රවාහන ක්ෂේත්‍රයටම එක් ඇමතිවරයෙකු වූ අතර දැන් පාසැල් වෑන් වැනි ඒවාට එක් අයෙකුත්. බස් වැනි මාධ්‍යකට එක් අයෙකුත් දුම්රිය බලාගන්නට එක් අයකුත් වශයෙන් ඇමතිවරු තිදෙනෙකි. එහෙත් එදා සුද්දා හැදූ මාර්ග ටිකවත් නඩත්තු කරගෙන ලාබයක් උපයා පෙන්වන්නට අපේ නිලධාරි ටිකට සහ ඇමති බුරුත්තට නොහැකි වී ඇත.බාගෙදා තවත් ඇමතිවරුන් නිළදාරින් පත්වන්නටද පුලුවන. ඔවුන්ගේ කතාන්දර පත්තර වල රූපවාහිනියේ ගුවන් විදුලියේ යන්නටද පුලුවන. නමුත් තමුන්ගේ රැකියාව ලැබුනු පලමු දින තෙරපෙමින් මිරිකෙමින් වැඩට යන කම්කරුවා සහ පහල පන්තිවල ජනී ජනයා රස්සාවෙන් අස් වන දිනත් ඒ ආකාරයෙන්ම තෙරපීගෙන විශේෂ ශාරීරික අභ්‍යාස සහිතව දුම්රියෙන් හෝ බසයෙන් සිය විශ්‍රාමය දක්වාම ගමන් පහසුව සලසාගන්නවා ඇත.. 

Monday, August 27, 2012

දගකාර මහල්ලා

දගකාර මහල්ලා ඔබගේ 

සුදු මූන දකින්නට එනවා

..
කළු පාට වලාවන් අහසේ


ඈතට ඇදිලා ගියාවේ..



පෙම් කතා රස කතා මල් සිනාවන්


නෙත් වසා සැරසුවාවු ඉඟි රටාවන්...


කල්පනා ලොවේ ඉඳන් මැව් කතාවන්


රඟන්න රඟමඩලට එන්නම් දයාවෙන්...



රෑට සිහිනෙන් ඇවිදින් දෙව් දූ


මා දකී වී පෙනී නොපෙනී


හැබැහින් දකින්නටයි මා මේ


පොදි බැදන් අරන් යන්නේ


ඈ කැමැත්තෙන් ලත් ඇසිල්ලෙන්


පා සිනාවෙන් සනසවාලා සතපාලා..තියලා..


මල් කිනිත්තෙන් පිනි වැටීමෙන්

 
රුසිරු විහිදූ මල් සුවඳ සිඹින වාරේ..ඇවිල්ලා වාගේ..



Wednesday, August 22, 2012

ඒ යුගයේ හිනා කතා

මේ කියන කතා තුන හතරම අයිති වෙන්නේ පරිවර්ථන එහෙම නැත්තං මේ කොම්පියුටර හෙම ආපු පලවෙනි යුගයට..

ඉතිං ඔන්න කම්පෙලෙන් ටෙලිපෝන් එකෙං බාරගන්න කන්තෝරුවක් තිබුනා. කම්පෙලෙන් වලට හරියන සිංහල වචනය මං හිතන්නෙ දෝෂ රපෝර්තුව වෙන්න ඇති.
. කෝම හරි ඉතිං ඒ කන්තෝරුවෙ ටෙලිපෝං එක රිං විසිහතරක් විතර ගියාම පෝන් එක ඉස්සුවා. ඒත් ඒ වෙලාවෙ ඉන්න ඕනි නියම කෙනා නෙමෙයි එතන එතන ඇමතුම භාරගන්න හිටියෙ වෙන කෙනෙක්.. එයා ඇවිත් පෝන් එක ආන්සර් කරලා දැං අමතපු කෙනාගෙ නම අහනවා...

සර් ගෙ නම? මම ෆාදර් අලස්..
ඉතිං ෆාදර් අලස් කියන එක කෙටියට.. FR Alas කියලා  ලියලා දැම්මා..
ඉතිං ඒ ෆාදර්ගේ වැඩේ දවසකින් දෙකකින් හරිගස්සලා දැං වෙන කෙනෙක් ෆාදර්ට කොල් කරනවා...

සර් ඔය එෆ් ආර් අලස් ද කතා කරන්නේ? මං අලස් නම් තමයි ඒත් එෆ් ආර් නෙමෙයි..කියලා ෆාදර්ට කට ගන්න උනේ නෑ...අනික් යාලුවා ආවා ඇවිත්.. හෙන කලබලයක් කරලා "එෆ් ආර් නෙමෙයි මෝලො ෆාදර්" කියලා කිව්වා...
ඒ වාගේ වෙලාවට කෝල් එකේ කට තියෙන පැත්ත අතින් වහගෙන තමයි ඉතිං කතා කරන්නෙ...

ඇයි යකෝ ෆාදර් නං ඉස්සරහිං රෙවනියු කියලා තියෙන්න එපැයි...කියලා අර කෝල් කරාපු යාලුවත් ඇරියෙම නෑලු වැඩේ... සාමාන්‍යයේන් මිනිහා දන්න විදියට මීට කලිං ෆාදර්ලාෙග් නම් තිබිල තියෙන්නෙ Rev. Alas කියලා වාගේලු.


ඉතිං ඔන්න තව දවසක් ඔය වාගෙම කන්තෝරුවකට කොම්පියුටරයක් අලුතින්ම ලැබිලා.. සිල්වා මහත්තයාගේ කොම්පියුටරය මොකක්දෝ දොසක් නිසා වැඩ නැතිලු.. ඉතිං සිල්වා මහත්තයා වෙන කොම්පියුටරයක් තියෙන තැනකට කතා කරලා.. 
මේ ඔයාලගේ එකේ පවර් පොයින්ට් තියෙද කියලා අහලා... සිල්වා මහත්තයා ලොක්කෙක් නිසා කස්ටිය එකපාර නෑ කියන්නෙ නැතුව ඇති සර් බලන්නං කියලා..
පස්සෙ ඉතිං ඕකෙ සුවර් එකට පවර් පොයින්ට් ඇති කියලා සිල්වා මහත්තයා ඇවිල්ල කාමරේට...
කාමරේට එනකොට කොම්පියුටරේ බබා වාෙග් මේසෙ උඩ තියෙද්දි දෙතුං දෙනාම බිත්ති මුලුවලයි මේසෙ යටයි තව පවර් පොයින්ට්ස් තියෙනවාද කියලා හොයනවාලු...ඒ අස්සෙදෙතුං දෙනෙක් පවර් පොයින්ට් හොයන්න මේසෙ යටටත් රිංගලාලු..
ඒ කාලෙ පවර් පොයින්ට්ස් කියල තියෙන්නෙ විදුලි බලය ගන්න තැනට තමයි..හොඳේ...

ඉතිං සිල්වා මහත්තයාගේ සෙක්ෂන් එකට රාත්‍රි වැඩමුරත් තිබුනාලු.. මේ රාත්‍රි වැඩමුර අස්සෙ සාමාන්‍යෙයන් කස්ටිය කාලක් ක්‍රියා කරන්න කාරිය මාරුවෙලා යනවා කියලා මේ සිල්වා මහත්තය දන්නවාලු. ඉතිං සිල්වා මහත්තය අදාල රාත්‍රි වැඩමුරය තියනෙ තැනට කතා කරලා. කතා කලාම එතන කවුරුත් නෑලු ආන්ස් කරන්න. ඉන් පස්සෙ සිල්වා මහත්තයා ඒ ආසන්නයේ ඇති වෙනත් කාමරයක රාත්‍රි වැඩ තියෙන අයෙකුට කතා කරලා කියලා.

"මේ අයිසෙ තමුසෙ ගිහිං අර සෙක්සන් එකේ කොම්පියුටරේ දැං යන්ෙන මොනවද ඒකෙ තියෙන්නෙ මොනවද කියලා මට රිපෝට් කරනවා" කිව්වලු. එතකොට ඔන්ලයින් ඇවිත් පෝල්ට් අනං මනං රිපෝට් වෙන සිස්ටම් එකක්ලු එහේ තිබුනා කියන්නෙ..ඉතිං සිල්වා ලොක්කත් ඔය අතර ලොකු පෝල්ට් හෙම තියෙද බලන්නලු අර මිනිහාට ගිහිං කොම්පියුටරේ බලන්න කිව්වෙ..
ඒ පොර දැං ගිහිං කොම්පියුටරය ගාවට..කෝල් එකක් අරං සිල්වාට සර්ට...

"සර් දැං ටිකකට කලිං කොටි ගියා...දැං කැස්බෑවො වගයකුයි මාලු වගේකුයි යනවා" කිව්වලු.. ඒක අහලා අන්දුන් කුන්දුන් වුන සිල්වා උන්නැහේ, කොහේද හලෝ කොටි ගියේ...කොටි පැනලවත්ද ඇතුලට කියාල නිකමට අහලා. නෑ සර් කොම්පියුටරේ තමයි කොටි ගියේ දැන් කැස්බෑවො යන්නේ කියලා....
ඒ මනුස්සයා කොම්පියුටරේ ඉස්කිරින් සේවර් එක දිහා බලලා ඒකෙ දාල තිබුන සත්තු එහෙම එහෙ මෙහෙ යන ඒවා තමයි සර්ට රිපෝට් කරලා තියෙන්නෙ....
ටෙලෙක්ස් මැෂිමක්
මේ ඉහල පිංතූරෙ තියෙන්නෙ ටෙලෙක්ස්(telex) මැෂිමක්. මේ ටෙලෙක්ස් කියන්නෙ බොහොම ඉස්සර කාලෙ ඒ කිව්වෙ මීට දශකයකට දෙකකට ඉස්සර පණිවුඩ හුවමාරු වෙන්න භාවිත වෙච්චි මැසිමක්. මේකෙං කෙරෙන්නෙ අපි විසින් මුද්‍රණය කරන ලද කෝඩ් එකක් අනික් පැත්ෙත කෙනාට යැවීම.. මේ හරහා පණිවුඩයක් යවන්න පුලුවං බොහොම දුර තැනකට.. රේඩියෝ සංඥා හරහා තමයි මේක වැඩ කරන්නෙ.. 

ඉතිං මෙහෙම ටෙලෙක්ස් එකක් විජමු ලොකුබන්ඩාර ඇමතිතුමා හිටපු තැනත් තිබුනාලු..ඇමතිතුමාට ඕනි වෙලා ඒකෙ අලුතින් ඇතිවුන දෝසය රපෝර්තු කරන්න.
 එතුමා කතා කරලා ඒ රෙපයාර් කරන ආයතනයට
මහත්මයා මාෙග් දුර මුද්‍රික යන්ත්‍රය අඩපන වලො තිබෙනවා.මේ අවස්ථාවෙ කියලා..රිපෝට් එක දාන්න ලෑස්ති වුනාලු...

අහා ඔබට දුර මුද්‍රිකයක් තිබේද යසයි යසයි....ඉදින් මා කුමක්ද කල යුත්තේ? කියලා ජෝක් එකක් වෙන්න ඇති කියලා හිතපු ඒ රෙපයාර් ආයතනයේ කෙනෙක් උත්තර දුන්නාලු..
ඉතිං මේ ජෝක් එක ටිකක් දුර යනකොට අපේ විජමු තුමාට තරහ ආව වගේලු....
ඔබ දන්නවාද මා මේ කතා කරන්නේ ආයුර්වේද අමාත්‍ය විජමු ලොකුබන්ඩාර බව...

එතකොට කස්ටියට වැඩේ පත්තු වෙලා... දඩ බඩ ගාල වැඩේට ඇතුලත් වෙලා ඒ රාජකාරිය බොහොම ඉක්මනින් නිමා කරලා දුන්නාලු.

Tuesday, August 21, 2012

විධායකයා ගේ වල්සිත 02


වෙනදා මෙන් රබර් කණ යොදා කැන්ටිමේ අහුමුලු වල වෙන කතාවලට සවන් දෙන්නට මට බැරි නිසා මා අලුත් කෑල්ලක් ගියවර මැලේසියා ගිය වෙලේ ගෙනාවේය. අනුන්ගේ දේ හෙවීමේ මහ අමුතු කාලකන්නි පුරුද්දක් ඇති මා ඒ කෑල්ල යොදා බොහෝ ඈත වන කතා රැකෝඩ් කරගන අසන්නට පටන් ගත්තේය. රුපියල් වලිං පනස්දාහක් වූ එය එක් සංවාදයකට සුසර කර තැබුවොත් ඔවුන්ගේ සංවාදය රැකෝඩ් වෙන ලෙස තනා ඇත. තරමක් පුරුදු වූ පසු භාවිතය ලේසිය. කැන්ටිමේ සිටින බුවාලා දෙදෙනෙක් නිතිපතා මා එහි යන එන විට මා දෙස හොරහින් බලා කතා කරති.

මා දිනක් අර ගැජට් එක දාගෙන ගොස් කනේ ගසා ඔවුන් කතා කරන දේ ඇසූවෙමි...

අර ගං කබරයා නේද? ඕකා ඔය සෙක්ෂ්න එකේ ඉන්න බඩු ඔක්කොටම ගහලා ඇති. බැලුවම පේන් නැද්ද බං..ජොල් ජොල් ගාල බඩ වදිනවා ඇති අර රතු උස ඒකේ එහෙම. සික් මුන්ට තියෙන ආතල් එක..කාර් ද, ඕන්නං සල්ලිද. ඕනනං ඔෆිස් එකේම තියං ගහන්න පුලුවං නේ බං. පොඩි මාලිගාවක් වගේ ඔෆිස් එකත් මූට.

ඔය කියා ඇත්තෙ කියන ලද ජරාම කොටසකි. ඔවුන් සිතා සිටින්නෙ ඉඳ හිට විහිලුවක් කලාම. ඒ ගෑනු අයගේ තොඳොල් වීම් දෙස බලා සිටියාම අපි ඔවුන් ගෙන් නොගන්නා වැඩක් නැති බවය. මේ ළඟදී කැන්ටින් කෝප්ප අපිරිසිදු යැයි සිතා සිටින පොෂ් බඩුවක් ලිෆ්ට් එකේ කෝප්පයක් අරගෙනම එන්නේ තමුගේ කෝප්පයෙ තේ වතුර බීම සඳහාය. මා ලිෆ්ට් එකේ සිටිද්දීම නිර්මලා වූ ඇයගෙන්. “මොකද නිර්මලා අද කෝප්පෙත් අරං යන්නෙ දන්සලක් වත් තියෙනවාද” කියා ඇසුවේ මුලු ලිෆ්ට් එකම සිනා සයුරේ ගිල්වමිනි.

සමහර විට කතාවක් හැදෙන්නට ඒ සුට්ට පවා ප්‍රමාණවත්ය...

එහෙත් මා සමඟ සමාන්තරව සිටින කලින් සිටි සමහර සදාමෝල් උන් සමහරක් අර කිව්වා වගේමය. තමුංෙග් සෙක්ෂන් එකේ කාන්තාවකට ඉන්නට දෙන්නේ නැත. සමහර ගෑනු ළමයි ඇවිත් මාස ගානකින් මාරු හදා ගනිත්. නැත්තං රැකියාවටම ආයුබෝවන් කියති. ඔය අතර දෙපාර්ශවයම කැමති ආකාරයේ කොටුද නැතුවා නොවේ. නමුත් අර ඉහත කී සදාමෝල් කරුවන් නිසා උන් වැනිම ටයි දාන කෝට් දාන අපි ගැනද මනුස්සයෝ සිතන්නේ වැරදි විදියටය..

මේ ලිෆ්ට් එකේ දැන් දැන් කුනුහබ්බ අඳින අමනයෝ සිටිත්. නමුත් මේ සෝපානයේ පරුෂ වදන් ලියන උන්ට එකඟවිය නොහැකි වුවත් චිත්‍ර අඳින අය ගැන නම් මගේ ඇත්තේ එතරම් තද හැඟීමක් නොවේ. ලියූ පසු හැමදාම තීන්ත ගා වසාදමන ඒ චිත්‍ර අතර අලංකාර නිරුවත් සංසාර්ගික රූපද වෙයි. කුඩා ලමුන් ඉතාම කළාතුරකින් යන එන මේ ලිෆ්ට එකේ ඇති නිරුවත් කාමුක දර්ශන ඉවත් කරන්නෙ ඇයිදැයි මටනම් ගැටලුවකි. සීගිරියේ සිතුවම් වලට බ්‍රෙසියර් අන්දවන්නට මුං නොයන්නේ ඇයි. ඉතාලියේ මයිකල් ආන්ජලෝ සහ නොයෙකුත් කලාකරුවන් අතින් නිර්මිත නිරුවත් පිළිරූවලට ජොක්කු අන්දන්නට මුන් නොයන්නේ ඇයි. මේ අසරණ වේදිකාවක් නොමැති නිරුවත් චිත්‍ර ශිල්පියාට බොහෝ අය දෙස තියති. මට ඔහු ගැන වූයේ කණගාටුවකි.. අහෝ අසරණ චිත්‍ර ශිල්පියාට ගිය කල. ඔහුට සමහර විට තින්ත පැන්සල් අනම් මනම් ලැබෙන්නේ නැතිය. ලැබෙන්නේ ඇණයකි නැත්නම් පැන්සලක් හෝ පෑනකි. ඇණයකින් වුව තීන්ත කැපීයන පරිදි සූරා ලාලිත්‍යන් සරාගයෙන් යුත් ලලනාවන් නිරූපනය කිරීමට ඒ සිතතර සිල්පියා සමත් විය.

කෙසේ වෙතත් වැඩේ අල්ලගන්නට අපේ ඔටුවන් සමත් වී ඇත. වැඩේ කොරලා ඇත්තේ ගෙස් කරපු පරිදිම මේසන් බාස් කෙනෙකි. ඒ කවුද කින්ද මන්ද සෙවීමට යෑම මඩ පාරවල් කන්නට හේතු වෙන වැඩකි. නමුත් ඒ බාස් චිත්‍ර අතර මාගේ ඉරි කිහිපයක්ද තිබූ බව කිසි වෙකු දන්නේ නැතුවා වන්නට ඇත. දිනක් එක් චිත්‍රයක සෝබමාන ලෙස පියයුරු යුග්මය ඇඳ බෙල්ල ඇඳ තිබූ නමුත් දෙකකුල් නිරූපනය කොට නොතිබුනි. තට්ටු දා හතරක් යන මා එවෙලේ තනිවී සිටි නිසාත් එය සැඳෑ වෙලාවක් වූ නිසාත් මා වැඩය පටන් ගති. පැන්සලෙන් වහා වේගයෙන් ඉරි දෙකකින් කකුල් ඇන්දෙමි. එය මා සිතුවාට වඩා ලස්සනට ආවේය.
          මේසන් බාස්ලා ඔහෝමයි. ඕකුන් ගෙදරකට වැද්ද ගන්න හොඳ මිනිස්සු ජාතියක් නෙමෙයි. එකපාරක් අපේ වයිෆ්ගේ යට ඇඳුම් නැතිවෙන්න ගත්තා. එකෙක් ඉන්නවා අල්ලපු ගෙදර මේසන් වැඩට ආපු කොල්ලෙක්. ඌ නිතරම අපේ ගෙදර දිහා බලාගෙනමයි ඉන්නෙ. අන්න බඩුව. ඌ තමයි හොරකං කරලා තියෙන්නෙ. පස්සෙ සයිට් මැනේජර්ට කිව්වම හොරාට උගේ බෑග් අනම් මනම් බලනකොට යට ඇඳුම් තිබිලා බෑග් එකේ..ඒ අපේ විධායකයින් කෑම කන අතර මේසන් බාස්ලාගේ නුගුන පෙන්වීමට එකෙකු දුන් උදාහරණයකි. මේ කන්තෝරුවලම සිටින කන්තෝරු කාමරයම සිරියහනක් කරගන්නා උන් ගැන කතා නොවන අතර අසරණ මේසන් බාස් කෙනෙක් කුමක් හෝ මානසික අබාදයකට කල වරදක් උලුප්පා ඔහුට සිනාසෙමින් කෝචොක් කරමින් තඩිබාති..

එකල ඉස්කෝලෙ යන කාලයේ මෙවන් මරි වැඩ අපි අතර තිබුනි. කොළයක් ගෙන එහි මොකක් හෝ කුඩා කෑල්ලක් එකෙක් අඳියි..ඉන් පසු අනෙකා එයට තවත් යමක් එකතු කරයි. මේ ආකාරයෙන් පන්තියේ විස්සක් විසිපහක් කූටු ගෑ අවසාන චිත්‍රය ඉන් පසු බැලීමට හැමෝටම හොරෙන් ලැබෙයි. මෙය සමහර විටෙක ගුරුතුමිය උගන්වන විට පවා සිද්ද වෙයි. අපි කුනුහබ්බ ඇන්දාට කෙල්ලෝ ඒවා බලනු මිස කිසිවක් එකුතු නොකරයි. එක පාරක් වල් සාමා නං අඩෝ මෙහෙම සුට්ටි කෙල්ලොන්ට මෙච්චර ලොකු චිච්චි තියෙයිද බන් කියා චිච්චි ලොකු වැඩි යැයි පොඩි දෙකක් ඇඳ එව්වාය. වරක් එකියක් මේවා පේනවා වැඩියැයි පැන්සලෙන් පාටකර කුඩා බිකිනියක් අන්දවා තිබුනි. ඉන්පසු කොල්ලෝ ඇයට දෝසාරෝපනය කලේ සික් මේකිට නං තවත් දෙන් හොද නෑ..ඇඳපු එකත් කූටු ගාලනේ.

කෙසේ වෙතත් පසු පෙළක සිටියත් ගෙදර ගොස් පාඩම් කල පිනෙන් මට ලොකු තැනකට එන්නට හැකි විය. මා පලමු රැකියාව කරන විට සමහර විට ශ්‍යාමා සිය දෙවන දරුවාද ප්‍රසූත කර තිබෙන්නට ඇත. නමුත් එදාද මා සිත්තර ඇඳීමට දක්ෂෙයෙකි. නමුත් ඉන් පසු ඒ සඳහා අවස්ථාව නොලැබුනි. එහෙත් ඉඩලද විටෙක මේසේ උඩ ඇති කොළයක කුමක් හෝ කුරුටු ගැම මගේ සිරිතකි. නමුත් වරක් ඉතා වටිනා ගොනුවක් පිටුපස මා චිත්‍රයක් ඇඳ තිබූ නිසා අවුලක් ද විය.

ලිෆ්ට් එකේ චිත්‍ර වලට නැවතීමේ තිත තැබී ඇත. දැන් අලුතින් කැමරා ආම්පන්න කරුවෝ වගයක් ලිෆ්ට් එකේ වැඩ කරති. හෙට අනිද්දා මේ ලිෆ්ට් වල සිත්තර අඳින උන් ඇල්ලීමට දාස් ගානක් වියදම් කොට කැමරා ආම්පන්න සවි කරති. දැං හොදයි. අඳින එකාට දැනුත් අඳින්නයි තියෙන්නෙ. මා ද හෙහෙ ගගා සිටියෙමි. මූ මාද මේ ලිෆ්ට් එකේ සිත්තර ඇඳි එකෙක් බව දන්නේ නම්...? අහෝ සිත්තර බාස් කරුවානනි. ඔබ සිත්තර ඇන්දානම් ඔබ වීරයෙකි. ඔබ බාස් කෙනෙක් නිසා ඔබ අද මානසික රෝගියෙකි, පරයෙකි, අමුතු ආසාවල් ඇත්තෙකි, තවත් සමාරුන්ට ඔබ පොන්නයෙකි. එහෙත් ඔබට ගරු කල ඔබේ සිත්තර සම්පූර්ණ කල අයෙක් තවමත් ටයි කෝට් දමා ඔබේ පරණ කැටපත් පවුරේ ඉලූ සායං තලි අතර බලමින් ඉහල පහල යයි..

Monday, August 20, 2012

විධායකයා ගේ වල් සිත 01


කෝ දෙන්න සර්. මගේ කාර් රිය ළඟට ආ පියන් ශාලිත අත පාන්නට වූයේ මාගේ බ්‍රීෆ් කේසයටයි. මා ලොක්කෙකු වූ මුල් දිනවල මාගේ බ්‍රීෆ් කේසය ගෙනයෑම මට එතරම් අමාරු කාරියක් වූයේ නැත. නමුත් මේ බ්‍රීෆ් කේස් එක හා මගේ කෑම එක ඔසවාගන යාම ශාලිත ඇතුලු මයිනර ස්ටාෆ් එකේ සමහර අයට පුදුමාකාර සැනසීමක් ඇති වැඩකි. එය ඔවුන්ට ගෞරවය දනවන වැඩකි. මා එය තනිව ඔසවාගෙන යනවිට එය ඔවුනට කරන අගරුවක් බවද සමහර පියන් ඇත්තෝ සිතති.

අවසාන විදෙස් සංචාරය තිබුනේ මීට මාසයකටත් අඩු කාලයකදීය. ජපානයට ගොස් එනවිට සිංගප්පූරුවෙන් මිලදී ගත් නවතම මාදිලියේ මියුසික් ප්ලේයරය ඇද එහි කන් දෙකට ගහන කෑලි දෙක ගසා මාගේ ප්‍රියතම ජොතිපාලගේ සින්දු පෙළ දමන්නට විය. පෙර කාලේ නම් දුවගෙන ගොස් පොතේ අස්සන් කිරීමට ඉවසිල්ලක නැත. නමුත් දැන් අප වැනි විධායක ශ්‍රේණියේ ඉහල නිළධාරින්ට පොත් අස්සන් කිරීමට නැත. මේ ප්ලේයරය රැගෙන දින දෙකතුනක් ගියතැන මා කාමරේ මෙය ගසාගෙන සැප පුටුවේ අඩනින්දේ සිටින විට බොහෝ ලක්ෂණ තරුණියක් ආවාය.

අප විසින් අපට අවැසි අමුද්‍රව්‍ය ලබාගන්නා කොන්ත්‍රාක්කාර සමාගම් විවිධාකාරයේ උපක්‍රම කොන්ත්‍රාත් පාස්කර ගැන්මට යොදා ගනී. එයින් එක ක්‍රමයකි යොවුන් වයසේ කෙළවර සිටින කාමුක පෙනුමක් ඇති යුවතියන් වැඩට ගෙන අප හමු වීමට එවීම. මේ ආයතනයේම සමහර ලොකු තැන් මෙවන් යුවතියක් ඈතින් දුටුවත් පැණි පෙරන්නට පටන් ගන්නේ කිසිදා නොදුටු නාරි රූප දුටුවාක් මෙනි. අප සඳහා පවතින බොහෝ විදෙස් සංචාර නමට ට්‍රේනින්, ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රැම්ස්, හෝ වෙනත් නම් වලින් හැඳින්වුවත් පසුව ලංකාවේදි තිබෙන පාටිවල අපේ මිතුරන් හමුවූ තැන පටන් කතා කරන්නේ ඒ ඒ රටවල ඇති සැප පිළිබඳවයි. බොහෝ විට කම් සැප ගැනද කථා කරයි. සිය දුවනියන්ටත් වඩා අඩු වයසේ සිටින යුවතියන් හා රිසිසේ බුදියාගන්නට ලැබීම මහත් වූ සැපයක් ලෙස මේ සමාගමේ නිලලත් ලොකු අයවලුන් සිතති. මේ දිරන කුනුකය කුමටදැයි පෝ දින ආසන්නයේ මෙහි ඇති බනේදී හාමුදුරුවන් කියන බරසාර වාක්‍ය වලටද මේ ඇත්තෝම සාදුනාද පවත්වති.
මේ කොන්තරක් කාරයන් විසින් දඩමීමා පිණිස එවූ තොල් රතු, ස්ෙට්‍රට් කෙස්, සායම් මුහුන අතරින් මඳ සිනාවක් පෑ යුවතිය. එනවිට මා එක කනක ඉයර පෝනය ගලවා ගුඩ් මෝනින් කීවෙමි. එවිට ඇය මගෙන් බොහෝ සාරසුබාවට ඉංගිරිසි වියත් උච්චාරනයෙන් ඇසුවේ. සර් අහන්නෙ ක්ලැසිකල් මියුසික්ද? කියාය. මා හට එය හරියට ඇසුන මුත් මා පොඩි විහිලුවකටත් එක්ක "නෑ අනේ මං මේ ජෝතිපාලගේ සින්දු අහන්නෙ. කලිං බෙග් මාස්ටර් ගෙ සිංදු ඇහුවා දැං ඒව එච්චර අල්ලන්නෙ නෑ." කියලා සිංහලෙන් කීවෙමි. මඳක් ඇඹරෙමින් සිට මා ටේක් අ සිට් කිව් පසු ඇය අසුන් ගත්තාය.

මෙ ලක්ෂණ යුවතියගේ කථාන්දරය සමඟ මට තවත් කථාන්දරයක් මතක් වෙයි. අපගේ නිෂ්පාදන ව්‍යාප්ත කිරිමට එකවරක් පෝසටරයක් හරහා නවතම වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමට අවැසි විය. බොහෝවිට ඒ දැන්වීමට ගෑනු ලමයකුද අන්තරගත විය යුතු බැව් ලොක්කාගේ කථාවෙන් පැහැදිලි විය. මා කන්තොරුවට පැමිණ එක්තරා නිලධාරියෙකුට මේ බව කීවෙමි. ඔහුට කාටවත් කියන්න එපා යැයි කියා යමක් කීවොත් එය මුලු කන්තෝරුවම විතරක් නොව ඉඳහිට සිගරට් එකක් බොන්න යන කඩවල අයද ඒවා දනී. ටික වෙලාවකින් මුලු කන්තෝරුවම එය දැනගන්නට ඇත. නිකම් කිසිදු අංග චලනයක් වත් නැති පෝසටරයක දැන්වීමකට නිලියකට දාස් ගානක් ගෙවීම අපරාදේ යැයි මගේ කුණු මොලයට වැටහුනි. ඒත් ඒ සඳහා සුදුසු යුවතියන් කෙතෙක් සිතුවත් මේ කන්තෝරුවේ මට අල්ලන අය මතක් වෙන්නේ නැත. රූපයෙන් බොහෝ අය ලක්ෂණ වුවත් ඔවුන්ගේ කුඩුකේඩුකම් කේලාම් කීම්, කිසිම අනුන් ගැන සිතීමක් ආදිය නැති නිසා කාලාන්තරයක් තිස්සේ මට ඔවුන් පේන්නේ කැතටය.ඉන් පසු දිනවල ඒ කිහිප පොළක්ම මා හා වැඩිපුර සිනාසුන අයුරක්ද මට මතක ඇත. ඒ අතර මට මතක් වූයේ ලඟදී පත්වීම් ලැබී පැමිණි පැහැයෙන් කළු යුවතියකි. ඇය මා දුන් වැඩ කටයුතු බොහෝවිට නිවැරදි වෙලාවට දෙන්නට සමත් වූවාය. එසේම දුන් වැඩය ගැන මනා අවබෝධයක්ද ඇයට තිබුනි. මා තරුණ වයසේ වූවානම් සමහර විට ඇයට ලයින් දමන්නට වුව ඉඩකඩ තිබුනි. මන්ද මා ගේ විධික්‍රමය අල්වාගෙන ඒ අනුව වැඩ කිරීමේ හැකියාවකුත් අනෙක් අය සමඟ ඉතා ඉක්මනින් ගනුදෙනු කිරීමේ හැකියාවකුත් ඇයට තිබුන බැවිනි.

කෙසේ හෝ ඇයට ගිය සිත නතර වූ යේ ඇගේ කළු එතරම් ලස්සන නැති මුහුන පෝසටරයට එකතු වීමෙනි. එක් අතකින් අල්වාගෙන සිටින පිණි වැටී දිලෙන ඇහැල මල් පොකුරක් දෙස පුදුමයෙන් බලා සිටින ඇස් සහිත ඇගේ දැකුම්කළු රූපය බොහෝ කලක් අපගේ වෙළඳ දැන්වීමක් ලෙසද ප්‍රචාරය විය.

අපි දැන් කලින් තැනටම යමු. මගේ පියන් පැමිණ මගේ බ්‍රිෆ් කේසය ගන්නා ලද අතර මා කනේ ඉයරපෝනය ගසා ගන්නා ලදී..

සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රංචු ගැහිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ....

ජෝති ගැඹුරු කටහඩ නලවමින් තාලයට කියයි. මොනවා උනත් ජෝති අපේ ගමේ බාසාව ආරක්ෂා කර තිබෙන බවක් පෙනෙයි. වෙන කවුරු හෝ ගීතය ලීවා නම් ඔහේ යැයි කියන්නේ නැත. අපේ ගමේ නං එකල ඔයා මෙයා කියන්නෙ නැත කියන්නෙ ඔහේ යන පදයයි.. ."ඔහේ නාන්නෙයි යන්නෙ? මොකෝ අද දවාලියෙන්ම." ඒ වෙල ලඟ ලිඳට නාන්න ගිය අයෙකුට ඉඳහිට ලැබෙන ප්‍රශ්ණයකි.වෙනත් අයෙකු ගීය ලිව්වේ නම් ජෝති ගීයේ අවසාන පදය ඔයා පියඹා ගියාවේ කියා වෙනස් වෙනු ඇතිය. අපේ ගමේ නම් ඉන්න උන් තවමත් ඔයා යැයි නොකියනවා වෙන්නට ඇතිය. වෙන්නට ඇතිය කියන්නේ මා ගමේ ඉගෙනගත්තාට දැං මතක ඇති කාලෙක ගමේ පස් මොනපාටද කියා බලාන්ටවත් එහෙ නොගිය නිසාය. දෙමාපියන් මල පසු ඒවා නෑයින්ටම දී වත්තේ අයිතියද එහි සිටින අයියාටම ලියා දුන්නේ ලක්ෂ ගණනක සුලු මුදලකටය.

මේ ඔහේ කතාවට මටම හිනාගියේය. ලිෆ්ට් එකේ සිනාසෙමින් මා ඉයර පෝන කනේ ගහං යන විට මේ උන් හිතනවා ඇත්තේ මා හෙන පොස් ඉංගිරිසි ජෝක් එක්ක අහමින් සිනාසෙන බවකි. එහෙත් මා සිනාසුනේ හෙන ගොං ආතල් එකකටය. මිනිස්සුන්ට සල්ලි ලැබෙන විට උන් රංතලි වල කා රන්දිය පිරි කොතලවලින් වැටෙන මී පැණි වලිං අතහෝදා සියලු දේම වෙනස් විදියට කරගෙන අමුතුම දිවිය ලෝකෙක ඇතැයි මේ සමහර උදවිය සිතති. රජකාලේ පොත්පත්වල ඇති පරිදි මහා වස්තුවක් ගෙදර ඇතැයිද එය තව තවත් එක්රැස්කරගන්නවා ඇතැයිද සමහර අය සිතයි. ආයතනයේ යූනියන් කාලයේදී ලැබෙන පත්‍රිකා දැන්වීම් ආදිය උඩින් පල්ලෙන් කියවන මට සිතෙන්නේ අපි ධනපති පන්තිය ලෙස මේ අසරණ සේවකයින් සලකන බවකි. නමුත් කාර් එකක් ගත් පසු ඇති ආතල් එක තඩි ගෙයක් හදනා විට ගහන්න වෙන ලෝන් ගාන දන්නේ ඒවා කොරගන්නා උන්ම පමණි..

Sunday, August 19, 2012

අම්මා (Lankan Mother)

දුවලා ඇවිදින් හනිකට
ගෙට ඇවිදින් ගෙයි පිල මත...
බත් පිඟාන එනතුරු මා
කෑ ගැසුවා මතකයි...

මා ඉස්කෝලේ යැව්වා...
ලෙඩ දුක ගැන නිති බැලුවා..
ඉර හඳ තරු දුන්නෙ නැතත්

පොලොව උරුම කෙරුවා..
 

 අජටාකාශයෙන් ඇවිදින්
සිහිනෙන් ආවොදින් මිසෙක
කවදාවත් යලි අපවෙත
එන්නෙ නෑනෙ අම්මා...
Mother lankan by indika27
මෙතන තියෙනවා අර ඉහල තියෙන කවිය කියන ආකාරය තාලෙත් එක්ක. ඒකත් අහලාම යනවනං බොහොම හොදයි.
 
අම්මා සහ දරුවා






මං මොන්ටිසෝරි ගියේ ගෙදර ඉඳගෙන. මොන්ටිසෝරිය ඉස්සර එකොලහ හමාරට ඇරෙනවා. කවුරුහරු කාන්ඩයක් එක්ක එකතුවෙලා වැනි වැනි මඩවලවල් වල පැන පැන වට පිට බල බල ගෙදර එනකොට දොලහ විතර වෙනවා. ඉතිං නිකං ගෙදර ඉන්න දවසට උදේට හොඳට කනවානේ. මොන්ටිසෝරි යන දවසට වරුවක් විතර පිඟාන අතගගා කන්න ලැබෙන්නෙ නෑ. මොන්ටිසොරියෙන් බිස්කට් දුන්නත් ගෙදර එනකොට පොඩි යකෙක් කන්න තරම් බඩගිනියි. කඩුල්ල ගාවට එනකොටම අම්මෙ බඩගිනියි කියාගෙන තමයි එන්නෙ.. දොලහ එකොලහ හමාර වෙනකොට අපේ ගෙවල්වල උයන්න දං වලඳන්න සාදුලා ඉන්නවයි? නැහැනෙ..ඉතිං උයලා ඉවර වෙනකොට එක විතර වෙනවා..

මම මොන්ටිසෝරි ඇරිල ගෙදර එනවෙලාවට බත් එක බෙදලා තිබුනෙ නැත්තං එක යුද්දයයි. කෑ ගහ ගහා අඩනවා. දැන් නං ඒ ගෙවල් දිහා ගියාම ඉස්සර අඩපු හැටි කියනොකට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙනවා. ඒත් ඉතිං ඉස්සර පෙරලි පෙරලි අඩනවා බත් එක වෙලාවට නැති උනාම. ගොඩක් වෙලාවට බත නං යාන්තං පැහිල තියෙනවා. ඒ වෙලාවට අම්ම කරන්නෙ අල්ලපු ගෙදර නැන්දගෙනුත් අහලා හොද්දක් යාන්තං පැහුනම... ආ මෙන්න.. "මේකා කෑ ගහන්නෙ නිකං දවස් හතක් හාමතේ ඉඳල වාගෙනේ" කියලා බෙදලා දෙනවා.. හරියට තැම්බුන් නැති එලෝලු කටපිච්චෙන තරම් රස්නෙ බතුත් එක්ක යුද්ද කර කර කෑ ගහපු එකේ මේවවා එක යන්නත් එක්ක කනවා..

ඒ දවස්වල මාත් එක්ක මොන්ටිසෝරි ගිහිපු ගොඩාක් යාලුවොන්ට වඩා මට ඉස්සරහට යන්න ලැබුනා. අවසාන ප්‍රථිපලය ටිකක් සාටර් වර්ගේ කටු ජොබ් එකක් වුනාට අපේ අම්මාගේ සහ තාත්තාගේ මග පෙන්නීම නිසා ගොඩක් ඉස්සරහට එන්න ලැබුනා. මහා දිව්‍ය සම්පත්ති වාගෙ  යාන වාහන ඇඳුම් පැළඳුම් අපිට දෙන්න බැරි වුනත් සාමාන්‍යයෙන් අපේ මහපොලොව මට්ටමෙන් අපිව ගරුකටයුතු විදියට සමාජයෙ ඉදිරියෙන් තියන්න අපේ දෙමව්පියො කටයුතු කලා..

 මගේ මව දැන් වසර කිපයකට පෙර හදිසියේ නැති වුනා. ඉතිං ගොඩාක් අයට මාසෙකට වරක් හෝ ගෙදර ගියාම හරි නැත්තං අවුරුදු ගානකට හරි සැරයක් ලංකාවට ආහම අම්මා දැකබලාගන්න ආශිර්වාද ගන්න පුලුවන්. ඒත් අපිට සීනෙන් දැකීම විතරයි දැකීමට තියෙන්නෙ. ඒත් ඒක ගැන කණගාටු වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝම මේ හැමදෙයක්ම හැම යාලු මිත්‍ර නෑදෑ බැඳිමක්ම දාලා දවසක යන්න වෙනවා. එදාට අපිට ඉතිරිවෙන්නෙ අපි විසින් ඉතිරි කරගත්ත හිතේ සැනසීම විතරයි. බොහෝ මිනිසුන්ට කිසිදු ආපසු ප්‍රතිලාභයක් නැතිව උදව් උපකාර කරන්නට මැලි නොවුනු අපේ අම්මා මේ ලෝකෙ ජීවත් වුනාට වැඩිය බොහොම හොඳ තැනක ඉපදිලා ඇති. එක අතකින් තව කල් ජීවත්වෙලා අපේ ළමයිත් නළවලා තව දුක් කරදර විඳලා නැතිවෙනවාට වඩා ඒහෙම තැනක වාසනාවන්ත උප්පත්තිය සැපතක් වෙන්නට ඇති.

මං සමහර නෑදෑ යාලු මිත්‍ර ගෙවල් වල ගියාම දකිනවා අම්මාට තාත්තාට ගරු කටයුතු ලෙස වචනයක් බැල්මක් වත් නොහෙලා ඔවුන් වහලුන් විදියට සලකන බොහොම ඉහල සමාජයේ ළමයි. සමහර විට දෙමාපියන් ඔබට ඔබ සිතූ ආකාරයේ සැප සම්පත් නොදෙන්නට ඇති. ඒත් වසර ගානක් පුරා සමහර විට දීගතල යනතෙක් අපිව රැකබලා ගෙන ඉන්න දෙමාපියන්ට කරුණාවෙන් කතා කරන එක ඔවුන්ගේ හිත සැනසෙන විදියට හැසිරෙන එක අපේ වගකීමක් වෙනවා. සමහර අය තමුංගෙ පෙම් හබේට විරුද්ද උනාම,තමුංට කසාදයක් කොරගන්න බැරි උනාම, කොටින්ම විභාගයක් පේල් උනාමත් ඒ හැම දේම දෙමාපියන් පිටින් අරිනවා. 

 බටහිර ක්‍රමය අනුව තමුං සංගීතෙ අහලා තමුං නටලා තමුං මොනවාහරි ක්‍රමේකට ආතල් අරගෙන සතුටුවෙන නොයෙකුත් ක්‍රම තිබුනාට මම නං හිතන්නෙ අපේ අම්මලා තාත්තලා නෑයො එක්ක එකට සතුටුවෙන අපේ ක්‍රමය අපිට හොඳයි කියලා තමයි.

සින්දුව අහගන්න බැරි ලෝඩ් වෙන් නෑ වාගෙ නම් මෙතනින් අහත හැකි වෙයි..

Saturday, August 18, 2012

ලිං වතුර පිරිසිදුකරගන්නා ආකාරය

මෑතකදී මට ඇහෙන්නට ලැබුනා අපේ රජයේ ඇමතිවරයෙක් ප්‍රකාශ කරනවා ලංකාවේ ජලයේ සහ ආහාර වල ඇති අහිතකර රසායන ද්‍රව්‍ය ලෝක සංවිධාන පෙන්වන තරම්ම වැඩි නෑ කියලා.. ඉතිං මම දකිනවා මේ වගේ ගොං කතා කිසිම පරීක්ෂණයකින් තොරව අමු අමුවේ දෙසාබාන අයට ලංකාවෙදි මිනිස්සු මල් මාල දාල පිලිගන්නවා. නමුත් මම නං හිතන්නෙ මේ අයට එන්න කියලා බෙර ගහලා මිනිස්සු අං තට්ටු මේ ගොං වහන්සේලාට දියවන්නාවට යන විට පැළඳගෙන යන්නට ලබාදෙනවා නම් හොඳයි..
ලංකාවේ ගොයියා මැතිතුමා දන්නේ නෑ ගොඩක් වෙලාවට තමුං කුඹුරට හේනට පාත්තියට දාන්න ඕනි කෘෂී රසායන පරිමාවන්. තමුංගෙ බෝගයේ තියෙන දෝසයට හරියන තෙල සහ ඒ තෙල් ගැසිය යුතු ආකාරය තීරණය කරන්නෙත් තෙල් කඩේ මුදලාලි මහත්තයාම තමයි. ඉතිං එලවලු මිල පලතුරු මිල වැඩි වෙන කාලෙට ලංකාෙව ගොවීන් හිතුමතේට අපේ වගා භූමි වලට කෘෂි රසායන ද්‍රව්‍ය එකතු කරනවා. වී වගාව වාෙගම අනික් වගා බොහොමයක කෘෂිරසායන සහ ශරීරයට අහිතකර රසායන ප්‍රමාණය වැඩි ඇති කියල තමයි කෘෂි රසායන තොග ගනන් වගාවලට දමනවා දැකලා තියෙන මටනම් හිතෙන්නේ. එලවලු වලට යොදන බොහොමයක් කෘෂි රසායන ද්‍රව්‍ය වල ලේබලේ ගහලා තියෙනවා රසායනික යොදා දින 14කින් පසු ආහාරයට ගන්න කියලා. නමුත් බොහෝ වෙලාවට අද කෘෂි රසායන ඉසලා හෙට පොලේ ගෙනියන්න එලවලු කඩන වෙලාවල් තියෙනවා එලවලු වගාකරුවන් අතර..

මේ කෘෂි රසායන සහ වෙනත් රසායනික නිතර දෙවේලේ වතුර වලට මුදාහැරියාට පස්සෙ අපේ භූගත ජලය දූෂණය වෙනවා. වගා බිමක් අසල හෝ වගාබිම් වලින් ගලා එන ඇල මාර්ග ආදිය අසල පිහිටි ලිංවලටත් මේ අපවිත්‍ර රසායනික සහිත ජලය එකතු වෙන්න පුලුවනි. දැං අපි මේ වීඩියෝව බලමු..

 

මේ වීඩියෝවේ කියවෙන්නේ කල්පිටිය ප්‍රදේශයේ ලිංජලය පිළිබඳව තමයි. මේකෙදි කල්පිටියෙ ලිංජලයේ අහිතකර රසායන ද්‍රව්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත ප්‍රමාණයට වඩා සයගුණයක් පමණ තිබුනාය කියලා තමයි කියන්නෙ. ඉතිං ඒ අය ඒකට විසඳුම් හොයලා ඒ ජනතාවට ඒ විසඳුම් හඳුන්වා දීලා තියෙනවා. ඒ විසඳුම තමයි ළිං අවට තරමක් ඝනට වනාන්තරයක් ඇති කිරීම..ඒ කියන්නෙ කල්පිටියේ කලපු ජලය හෝ මුහුදු ජලය හා ලිං අතර තිබුන මුඩු පරිසර මේ අය එකතුවෙලා ගහකොල වලින් පුරවලා තියෙනවා. ගස් ආදිය වවලා නිල්පාට පොඩි වනාන්තර වගේ ඇතිකරලා තියෙනවා. ඒ වනාන්තර ඇති වුනාම ඒ මුල් පද්ධති වලින් පෙරුන ජලය තමයි මේ ලිං වලට එකතු වෙන්නෙ..

ඒ වාගෙම මේ ලෝක සංවිධානය ඒ කල්පිටිය පැත්තෙ තියෙන ඉස්කෝල ස්වේච්චා සංවිධාන මේ ගැන දැනුවත් කරලා තියෙනවා. එතනින් නොනැවතී කාබනික ගොවිතැන හෙවත් කෘෂි රසායන අඩුවෙන් භාවිත කරලා කරන ගොවිතැන් වලට ජනතාව නැඹුරු කරන්නත් මේ සංවිධාන උත්සාහ කරලා තිබුනා. එතකොට තියෙන වතුර ටික පෙරිලා එනවා වගේම වතුරට එකතුවෙන අහිතකර රසායනික ප්‍රමාණයත් ඉබේම අඩු වෙනවා...

මේ වීඩියෝව බලල කස්ටිය හිතයි අයියෝ අපිට මොකටද මේක අපිට ඇල්වතුර එන්නෙ ටැප් එකෙන් නේ කියලා. ඒත් අවාසනාවන්ත තත්වය තමයි කොළඹ පැත්තට සති අටක් එක දිගට පෑව්වොත් දැඩි ජල අර්බුධයකට කොළඹ ජනතාවටත් පත් වෙන්න වෙන එක. අපේ රටේ සංවර්ධන වැඩ සහ කොටින්ම අපි පුද්ගලික ගෙයක් තනනවිට පවා ගහක් කොළක් වවාගන්න එක ගැන ඒ තරම් හිතන්නෙ නැහැ. කොළඹ නගරය ගත්තොතින් කැපුවම පව් කියලා ඉතිරි වෙච්චි බෝ ගස් මාර ගස් ඇරුනාම ගස් ටිකක් තියෙන්නෙ කුරුඳුවත්ත පැත්තෙ එක පාරක දෙකක විතරයි. වෙනත් රටවල නගර නිර්මාණයේදී ජල මූලාශ්‍ර සහ ගහකොල ගැන විශේෂයෙන් හිතනවා.

ඒත් ලංකාවෙ කැළණි ගඟේ තොටලඟ පැත්ත වගේ අපි නිකමට සලකා බැලුවොත් ගඟේ නැති ජරාවක් නැති තරම්. මේ කැළණි ගඟේම ඉහලින් තමයි මුලු කොළඹටම වතුර දෙන්න ජලය පොම්ප කරන්නේ. කොළඹ නගරය වැනි ජනාකීර්ණ පසුබිමක තියෙන කැළණි ගඟ දෙපැත්ත බැලුවොත් නං සංසාරෙ එපාවෙනවා. මොකද කිසිම පිළිවෙලක්, පිරිසිදුකමක්, හෝ අඩුතරමෙ ගං ඉවුරක්වත් බොහෝ තැන්වල නැති නිසා..

ග්‍රාමිය පැතිවල ජනතාව උනත් වතුර දාන්න ලේසි නිසා බෝග ආදිය ළිඳ කිට්ටුවෙන්ම හිටවගෙන ඉන් පස්සෙ ඒවාට නානප්‍රකාර තෙල් බේත් ඉසිනවා. ඉතිං ඒ තෙල් බේත් ඒජන්ත මහත්තුරු එක එක (අම්මගෙ) රාලලා විදියට ටිවී එකෙත් ලාස්සනට පෙන්නනවා. ලූල්ලු නැතිවලට ගප්පිත් පන්ඩිත වෙනවා වගේ කලාවක් නැති රටට මේ කොහේද යන දුග්ගන්නා රාලලා කලා කාරයෝ වෙලා තියෙනවා. ඒ තැනින් නොනැවතී සමාගම් වලට අමුඩෙ ඇඳං කඩේ යනවා. කොටින්ම ගම් වල සමහර උන්දැලාට දැන් තෙල් බේත් රට පෝර නැතුව වවනවා කියන්නෙ නිකං විහිලු සපයන වැඩක් බවට පත්වෙලා ඉවරයි..

කෙසේ වෙතත් මේවා ගැන නිකං බ්ලොග් පෝස්ට් පිරෙව්වාට කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ..ඔබ ජීවත් වෙන්නෙ ගම් බද පැත්තකනං වතුරු ටික බොන්න ගන්නෙ ලිඳකින් නම්..ඒ ලිඳ අවට ටිකක් රූස්ස ගස් ආදිය වවාගත්තාට නරකක් වෙන්නෙ නෑ.. ඒ වාගෙම ලේසියට කියලා ලිඳ ලඟ බෝග ජාති අනම් මනම් හිටෝගත්තාට කමක් නෑ ඒවාට තෙල් පෝර ගහනකොට ගොඩක් පරිස්සම් වෙන්න.. සමහර විට ඔබ මේ ඉක්මන් පලදාවට ඉසින නොයෙකුත් රසායන ඔබට බලපෑවෙ නැතුවාට කාලයක් තිස්සෙ වතුරේ තිබිලා ඔබේ අනාගත දුවගේ පුතාගේ ජීවිතවලට උනත් බලපාන්න පුලුවනි..

Thursday, August 16, 2012

අරුම පුදුම පොම්පය

මා කුඩා කල අපේ ගමට අලුතින් බයිසිකල් සාප්පුවක් ආවේය. කලිං බයිසිකල් සාප්පුවක් තිබුන නිසා අලුත් එකට සෙනඟ ආවේ නැත. එබැවින් විවිධාකාර මාකටිං ට්‍රික්ස් මේ බයිසිකල් සාප්පුව විසින් භාවිත කරන ලදී. පැචෝ බයිසිකල් සාප්පුව යන නමින් අතිවිශාල බෝඩ් ලෑල්ලක්ද එහි සවිකරලා තිබුනි.. පැච් ඕෆ් කරන යන අදහස පැචෝ වල තිබූ බව බයිසිකල් කඩයේ සිරිමත් අයියා කීවේය..

අයියා සිරිමත් වුවාට මිනිහා යහපත් ලමයෙක් වූයේ නැත.. සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකු වී උදේ පාන්දර මොන කෙංගඩියට හෝ නැගිට්ටත් පැච් සිරිමත් ගේ විංකලය අරින්නේ නවය හමාරට විතරය..පැච් සිරිමත් නැගිටින්නේ නවයට විතරය.. සිරිමත් මගේ සකි යාපත් ලමයෙක් කියා කටපාඩං කලාට මට ඒ කවි හරියට තේරුන් නැත්තේ සිරිමත් කිව් සැනින් අලුත් විංකලයේ සිරිමත් අයියා මතක් වුන බැවිනි..

අලුත් විංකල් වැඩේ හිතුව තරං නැගලා ගියේ නැත. ගමේ කලිං බාබර් සාප්පුවක් නං ඇරියාට පසු කොල්ලෝ කුරුට්ටෝ අලුත් එකට ගොස් පරන සීබල් බාබර් අංකල්ට ටටා කිව් මුත් බයිසිකල් හදන්නට මොන ෆැෂන්දැයි කල්පනා කිරීම නිසාදෝ සිරිමත් අයියාගේ විංකලය එතරම් සාර්ථක වූයේ නැත. කොන්ඩ කැපීමට අලුත් බාබර සාප්පුවට නං පරණ මුත්තලාද ඉඳහිට ගොස් කොන්ඩේ කපාගෙන ඇවිත් මේ අලුත් ගොයියා වෑවර කපලාය කියලා කොන්ඩය වැවෙන තෙක් අතන මෙතන බැන අඩගසමින් යයි. ඒත් සමහරෙක් ආයිත් ගොස් ඉල්ලන්නේම වෑවර කට් එකමය...
radical pumpkin

ඉතිං සිරිමත් අයියාට විංකලය දුවවන්ට බැරි තැන ඔහු අලුත් පොම්ප වහන්සේ කෙනෙක් ගෙන ආවේය. ඊට කලිං සිරිමත් අයියා විසින් හන්දියේ කඩපිල, බස් එක එනතුරු රැඳී සිටින බස් සෝල්ට් එක, නාන ලිඳ ලඟ ආදි තැන්වල මං අලුත් භාන්ඩයක් ගේන්න යන්නේ ගමට යැයි වහසි බස් දොඩා මාකටිං පාරක් දී තිබුනි. ඒ නිසා පොම්ප වහන්සේ වැඩමවා ඇතිබවට ආරංචි අපි වැනි හිච්චි කොල්ලන් අතර බොහෝ ඉක්මනින් පැතිර ගියේය..

ඉතිං ඒ පොම්පේ නම තමයි රැඩිකල් පොම්පය... කකුලෙන් හුලං ගහන පොම්පයට සීට් එකක් වැනි යමක් සවි කොට මොඩිෆයි කොට එහි එල්ලූ යකඩ තහඩුවක ලොකුවට ඉංගිරිසියෙන් Radical Pump යැයි ගසා තිබුනි. එහි නම ඇසූවිට එයට රැඩිකල් යයි නම ඇති බව දැනගන්නා ලදී..සාමාන්‍ය පොම්පයේ හුලං ගහන්නේ අත් දෙකින් අල්ලා පහලට තල්ලු කිරීමෙනි...

නමුත් රැඩිකල් පොම්පයේ හුලං ගැසිය හැකි ආකාර කීපයකි. එකක් නම් රැඩිකල් පොම්පයේ ආසනය මත අපි වාඩි වී ශ්‍රී ලාංකීය පුරාණ ලැට් එකේ වාඩිවෙන ක්‍රමයට වාඩිවෙමින් මඳක් ඉස්සෙමින් හුලං ගැසෙන්නට සැලැස්වීමයි.. අනෙක් ක්‍රමය නම් අසුන මත පත්තර කොළයක් දමා ඒ මත සෙරෙප්පු ගැලවූ කකුල තබා කකුල උස් පහත් කිරීමයි... මුල් කාලයේදී කකුලෙන් හුලං ගැසීමට කස්ටිය වැඩිය උනන්දු වූයේ නැත.. මේ පොම්පයේ ඉතිරි කොටස් ඇත්තේ පෙර පරිදිම වෙයි..
බයිසිකල් පොම්පයක වෑල් කර තද කොරන හැටි එය පාවිච්චි කරන හැටි කියලා දෙන්නට මෙතන සූට් බබාලා නැතැයි මා සිතමි..

radical pumpkin

රැඩිකල් පොම්පය ගෙනා කාලයේ කට්ටිය එය උඩ නැග උස් පහත් වීමටවත් කකුලෙන් පාගා හුලං ගැසීමටවත් ගියේ නැත. කලේ පහලට නැවී දෝතින් රැඩිකල් පොම්පයේ සීට් එක අල්ලා පහලට තල්ලු කර උස්සා යලිත් පහලට තල්ලු කිරීමයි.නමුත් කාලෙ වෙනස් විය සමහරු හුලං ගහන්නේ එක්සයිස් කොරනවා වගේය..කලක් ගිය විට ඔහේ පත්තර කොලයක් වත් දාන්නෙ නැතුව කකුල තියා පාගගෙන ගොස් හුලං ගහ ගනී...

ඒ රැඩිකල් පොම්පය හුලං ගසනවාට අමතරව සමාර මහත දෙහෙත වැඩක් පලක් නොකරන අයට එක්සයිස් එකකුත් ගෙනාවේය..දැන් දැන් එන එක්සයිස් මැසින් වලටත් මේ හුලං පොම්ප සවිකර අර කැරකෙන ඇදෙන පෙරලන ගෑනුන්ගේ වැයවෙන තෙල් ටිකෙන් පොරෝජනයක් ගන්නට ඇහැකිනම් කියා මට ටීවී එකේ එක්සයිස් ඇඩ් යනවිට දැනුදු සිතේ.පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන මෙකල ඒ මැසින් වල දුනු අදින්නට වැයකරන කිසිම වගතුවක් නැති තෙල් මන්ද වැඩකට ඇති වැඩකට යොදා ලයිට් ගන්නට යොදා ගත නොහැකි මන්දයි මට විටෙක සිතේ. කන ඒවා ඇගේදී තෙල් වෙයි..ඒ තෙල් මන්ද වැඩිවන විට ඒවා තැම්පත් වෙයි..එක්කෝ කනවා අඩු කල යුතුය නැත්තං අර අමතර තෙල් පුච්චා දැන්ම සඳහා මොකක් හෝ එකක් කොල යුතුය..එකතැන ඉඳන් සියලු කැරකීම් කරගත හැකි යන්ත්‍ර දැන් ටීවි වල බහුලව පෙන්වයි.. 
radical pumpkin
ඒ දිලිසෙන නාරි රූප යන වෙලාවට පොඩි එකෙක්වත් වෙනත් පැත්තක් නොබලන්නේ තෙල් බේරෙන ගෑනු සරීර ලස්සනට වසී වෙලාද නැත්තං අර මැසිමට වසී වෙලාද කියා කාරුත් දන්නේ නැත.. 

කෙසේ වෙතත් ඇගේ ඇති වීරිය අත් දෙකට ගෙන පහලට තල්ලු කරන අතින් හුලං ගහන පොම්පය තරම් අර රැඩිකල පොම්ප එක පහසු වූයේ නැත.. ඒත් කකුලෙන් පාගන විදියට තිබුනාම නං හුලං ගහන වැඩේ ලේසි විය.. කෙසේ වෙතත් මේ මහාර්ඝ රැඩිකල පොම්ප රාජයා නිසා සිරිමත්ගේ පැචෝ බයිසිකල් සාප්පුව නම් මඳක් කලඑලි බැස්සේය..

ඒ රැඩිකල් පොම්පය මා දැනගත් දා සිට මට අලුත් ගැටලුවක්ද ඇතිවිය. එනම් රැඩිකල් යනු කුමක්ද යන්නයි. එවිට කවුදෝ කෙනෙක් කියූ බරසාර දැන් තේරුම් යන එදා තේරුම් නොගිය තේරුමක් නම්.. " පවත්නා ප්‍රවාහයට පිටින් අලුත් යමක්" කලවිට එය රැඩිකල් වෙනවා යන්නයි. මෙය අපි හිච්චි එවුන් කාලේ මේ තරං තේරුනේ නැත. දැං සාමාන්‍ය ලෝකෙ දෙයක් වෙන විදියක් තියෙනවා නෙව බොල..ඒ වෙන විදියට නැතුව ඒක අමුතු විදියට වෙනවා නං ඒක රැඩිකල්... දැං බලාපල්ල අර ටවුමෙ ඉඳන් එන තොරොම්බල් කරත්ත කාරයා..ඌ කනේ කරාබුවක් දාලා...පිරිමි කනේ කරාබු දානවය..ඌ රැවුල වවපු නැතිනිසා සරම අඳින නිසා ඌ රැඩිකල් නැහැ..ඒත් උගේ කණ රැඩිකල්..තේරුණාය..බෙලාට..
ඒ අපි හිච්චි උන් ටිකක් රැඩිකල් තේරුම ඇසූවිට ගමේ සීයා කෙනෙක් දුන් පිළිතුරකි. 
ඒ උනාට ඒ විදියට බැලූ විට අපේ ගමේ තිබුනේ රැඩිකල් කන් විතරක් නොවේ..දැන් සිතන විට යාංතං ඉනෙන් පහලට නෙරා රවුමට හැඩට තිබූ ගෑනු පක්ෂ පැත්ත වෙනුවට අලී තඩි පස්සක් තිබූ මාගරට් ඇන්ටිගේ පස්සත් රැඩිකල්ය.. කුඩා කල වුවත් ඉස්සී හැරී බැලිය යුතු විල් බැරැක්කෙක ගෙනයා හැකි තරම් විසාල රැඩිකල පස්සකි මාගරට් ඇන්ටිට තිබුනේ..

මේ රැඩිකල් පොම්පේ ගෙනා කාලේ අපි දහම් පාසැල් ගියෝය. ඒ සතියේ දහම් පාසලේ පවා කතාව රැඩිකල් පොම්පේ ගැනය. එහෙං මෙහෙං අහගත් කරුණු අනුව මට රැඩිකල් යනු අමුතු දේවල්ය යන තේරුම තිබුනි.. රෑට අපි කන විට නොකා ඈනුං ඇර ඇර ඉද නිදියන හාමුදුරුවෝද රැඩිකල් නොවේදැයි අසන්නට මට හිතුනත් එවන් නොමනා කතා තාත්තාගෙන් අසා ටොකු පාරවල් කන්නට සිදු විය හැකි බැවින් කට වසාගෙන ආයාසයෙන් සිටියෙමි.. ඉස්සර අපේ දාම් පාසලේ පොඩි සාදු හරි හොඳය..උන්දෑ බණ කතා ලස්සනට කියාදෙයි. පාඩමට අදාල දේවල් කියා කතාන්දරද කියා දෙයි.. පාඩම අවසානයේ ආ ළමයි දැන් පාඩමට අදාලව චිත්‍රයක් අඳින්ටකෝ යැයි කියයි..
Radical pumpkin
එදා තිබුනේ සුජාතා සිටුදුවගේ කිරිපිඬු වැලඳූ සිදුහත් තවුසා පාත්තරය ගඟේ පාකොට ඉන්පසු ඇසතු බෝ මුල වැඩ සිටීමේ කතාවයි. ඉතිං කස්ටිය චිත්තර ලස්සනට ගජරාමෙට අඳිති.. විනාඩි දෙකක් එක විදියක ඉඳ එකෙක්ටවත් ඇඳිය නොහැක.. අනිකා අඳින සිදුහත් කුමාරයා ලොකුදැයි බලයි...නැත්තං සිටුදුව මොන වගේදැයි බලයි..නැත්තං ගස් ඇඳලා තියෙන්නේ කෝමදැයි බලයි.. කෙල්ලෝ අපිට පොත් පෙන්නන්නේ නැත.. ඒත් උං අඳින චිත්‍ර ලස්සනය.. 

මාත් කොණකට ගොස් චිත්‍රය ඇන්දේ කාටවත් නොපෙන්නිය යුතු වැදගත් දෙයක් මා චිත්‍රයේ ඇන්ද බැවිනි.. දැන් සිදුහත් තවුසා පාත්තරය දැමූ පසු පාත්තරය ඉහලට යයි.. ගඟේ ගලන දිසාව යාන්තං පැස්ටල් උලා පෙන්නන ලදී පාත්තරය ඇඳ මා එයට නමකුත් දැම්මේය.. ඉන් පසු පාත්තරය යන්නෙ ගගේ ඉහලට බව පෙන්නිමට ක්‍රමයක් නැත..මා පාත්තරය ලඟින් ඉහලට ඉරක් ගසා ඊතලයක් ඇඳ ඒ බවද පෙන්නුවෙමි...

පොඩි සාදු ඇවිත් චිත්‍ර බලයි...ආ සමන්ත ගන්න බලන්න සමන්තගේ චිත්‍රෙ?  ඒ මටය..මාත් පස්වනක් ප්‍රීතියෙන් ඉපිල චිත්‍රය දුනිමි. 
මොකද්ද සමන්ත මේ ඊතලේ...
ආ ඒ පොඩිසාදු පාත්තරේ යන්නෙ උඩට කියලා පෙන්නල තියෙන්නෙ..
ආ එතකොට මේ පාත්තරේ මොකද්ද ගහල තියෙන ඉංගිරිසි නම..මේ පාත්තරේ පිටි ටින් එකක්ය..ඒක පාත්තරේ නේ.. පාත්තර වල කොහෙද නම් සමන්ත...?
ආ පොඩිසාදු ඒ පාත්තරේ ගහල තියෙන්නෙ රැඩිකල් (Radical) කියලා..ඒක ගලන අතට යන්නෙ නැතුව ඉහලට යන නිසා ඒ පාත්තරේ රැඩිකල් පාත්තරයක් වෙන් ඇති කියලා මං හිතුවෙ..
මගේ රැඩිකල් පාත්තරය නැස්ටමෝල් ටින් එකක් ගානට දැම්ම පොඩිසාදු ගැන තරහක්ද මට එවෙලේ ඇති විය..

අතින් කට අල්ලාගෙන ආ මහ සිනාව නවතාගත් පොඩිසාදු ආ පාත්තර වල නං ගහන්නෙ නෑ... සමන්ත ඉක්මනට මකල දාන්න පාත්තරේ ගහල තියෙන බොඩ් එක...
ඒහෙනං සාදු අර සිරිමත් අයියයි විංකලේ අලුත් කකුලෙං හුලං ගහන පොම්පෙ තියෙන්නෙ රැඩිකල්(Radical) පොම්පෙ කියලා... මං ඒ පණ්ඩිත කතාව හිතුන මුත් එය පොඩිසාදුට කිව්වේ නැත... මම ගොනා වගේ මකනය ගෙන පැස්ටල් වලට වැසී තිබුන රැඩිකල් මකන්නට බොරු උත්සාහයක් ගත්තේය..

(මා රැඩිකල් පොම්පයක් සොයන්නට ගූගල search කලවිට මා සිතු ආකාරයේ පොම්පයක් නැති විය.. එබැවින් ආසන්නයටම ගිය රැඩිකල් පම්ප්කින් නොහොත් විප්ලවීය වට්ටක්කා වල රූප ටිකකි මේ ඇත්තේ)

Wednesday, August 15, 2012

පාලගේ විලාපය 01


රාත්‍රිය බියකරුය.අඳුරුය.. අවසාන බසය මිස් වූ දෙදෙනෙක් බස් නැවතුමක තනිවී. එයින් කෙනෙකි මා අනෙකා මැදවිය ඉක්මවීගෙන යන කෙනෙකි. ඔහු සෝමපාලය. සෝමපාලයියාද මා සමඟම දුම්රියේ ආවෙකි. දුම්රිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ නිසා සෝමපාලයියාටත් මටත් බස්රිය මිස්විය. කෙමෙන් පිරිස ත්‍රිවිල් වල සරණ යන්නට විය. කිලෝමීටර හතලිහකට අධික දුරක් යා යුතු අප දෙදෙනාට හදිසියක් නොවූ නිසාත් රුපියල් දාහක් ත්‍රිවිල් එකකට වියදම් කිරීමට අදිමදි වූ නිසාත් වෙන විකල්ප රහිතවම බස් නැවතුම්පලේ නිදාගැන්මට උරුම විය.

මෙවන් ස්ථානවලට එන විට සාමාන්‍යයෙන් ඉතිරි වන පිරිස අතර වංචා කරුවෝද වෙති. ඒ අතර පුරුෂයින්ගේ පුරුෂ ලිංග අතගාන්නට හුරු වූ පිරිමි නොහොත් සංවර බසෙන් ගේ කුරුල්ලෝද නැතුවා නොවේ. මා එතෙක් කතා කරලා තිබුන වචන කීපෙන් සෝමපාලය්යා ගේ නොවන බව දැනගත්තෙමි. පත්තර කොළ කීපයක් සෝමපාලයියා සොයාගන ආවේ අසල තිබූ කඩල කරත්තයක පිටුපසට ගොස් ඔහුගේ අතමිට මොලවා කීයක් හෝ ලබාදීමෙනි. කඩල කාරයා ඒ සඳහා රුපියල් විස්සක් තිහක් ගත්තත් කොරන්නට දෙයක් නැත. වෙලාවේ හැටියට වාසය හොඳය. අපි දෙදෙනාටම යා යුතු වූයේ එකම දෙසට නොවේ. නමුත් එකම පාරේ මද දුරක් අපිට යාමට තිබුනේය. ඉතිං උදෑසන පත්තර ලොරියේ හෝ එල්ලී යන්නට සිතා මාත් ඔහුත් බස් නැවතුමේ නිදාග්නනට තීරණය කලෙමු.

අසල නයිට් කඩයෙන් පරාට තුන හතරකුත් බිත්තර රොටි කීපයකුත් ගිලදැමූ මා සහ සෝමපාල අයියා අයිනක පත්තර කොල දාගෙන නිදන්නට සැරසුනෙමු. නමුත් නින්ද අහලකවත් නැත. පුරුදු ඇඳ පුරුදු තැන නැතුවාට ඇති සාංකාවට වඩා මදුරු කරදරය තදය. ඉසේ සිට දෙපතුල දක්වා ඇති කලිසං කමිස අස්සෙන් විද මදුරුවෝ අපව උස්සන් යන්නට හදයි. සෝමපාලය්යා කීවේ අපරාදෙ මල්ලි නයිට් කඩෙන් හරි අපිට කොයිල් දෙකක් ඉල්ලගන්න තිබුනා. එහෙත් මා ගේ අදහස නම් වඋයේ කොයිල් වලට මදුරුවන් නොයන බවකි..

ම්ම් හීන් තාලෙටවත් අඩියක් වත් ගහල තිබුන නම්...නේද මලේ..

හුම් ..යැයි කිවේ නිදිමතින්ම නොවේ...අඩියක් ගැසූවිට බමන මතින් කැරකී මෙතන වැටුනු සැනින් නින්ද යන අපූරුව මතක් වෙලාය.

කොලට ටික අකුලා දැලක් අස්සේ ගැසූ අප දෙදෙනා නැවත පාරට අවතීර්ණ විය. එහෙං මෙහෙං විපරම් කොට බලා යාන්තම් ගල් බාගයක් සොයාගන්නට පුලුවං විය. සෝඩා බෝතලයක් නයිට් කඩෙන් මිලදී ගත්තේය.කඩල කාරයාගෙන් කඩල ඇට කිහිපයකුත් ඔහු ලගම විකුනන්ට තිබුන වෙනත් පිටි ගුලි බයිට් එකකුත් රැගෙන යලිත් අඳුරු තැනක් වෙත අපි දෙදෙනා ආමු.බස් නැවතුමේ පොලිසිය සිටියත් මේ මහ රෑ කලුවරේ හීන්තාලේ අඩියක් ගසන්නට සැරසෙන මොවුන් නොපෙනුනා විදියකි ඔවුන් දැක්වූයේ.

මට නං එච්චර බීල පුරුද්දකුත් නෑ. සෝමපාල අයියා කියන්නට විය. .
ඉතිං හීනියට යන අඩිය අතරේ සෝමපාල අයියා මාගේ මල්ලේ මොනවාදැයි ඇසිය. මා පොත් යැයි කීය. කතා පොතුත් තියනවයි?

ඔහු ඇසුවේ පොඩි එකකු මෙනි. නැහැ මාක්ස් ගේ පොතක් ඇති..

හොහ් හොහ් හොහ්...ආ එහෙනං මේ තරුණ කාලෙත් මාක්ස් ජනප්‍රියයි නේ...

ඉතිං ඒ අතර සිදුවූ වල් පල් කයි කතන්දර වැදගත් නැත. නමුත් මා විසින් දැඩි පෙරැත්තයකින් ඔහුගෙන් ඔහුගේ ජීවිත කතාව අසාගන්නා ලදී..

එය සත්‍යයම එක නොවිය හැක. නමුත් ඒ ඔහු කියන ලද ඔහුගේ කතාවයි..

පාලගේ විලාපය 2


ඉස්සර මාත් තේරුනා රස්සාවකට. ඒ වුනාට රස්සා දුන්නෙ ජොබ් කාඩ් වලට. පවුලටම එකයි ජොබ් කාඩ් දෙන්නෙ. මගේ කාඩ් එක මං අපේ අක්කාට දුන්නා. දැං අක්කා ලොකු තැනක වැඩ ඇති. ඒත් මං ව දන්නෙ නෑ. දැනගත්තත් මාව අඳුනන එකකුත් නෑ. අඳුනගත්තත් නාදුනන විදියට ඉඳීවි මොකෝ මං වැදගත් නැති මිනිහෙක්.

ටික කාලයක් ගෙදරට වෙලා හිටියා. මං එච්චරම කැත්ෙත උදැල්ලෙ වැඩට දස්සය නෙමෙ ඒ දවස්වල. දස්සකමක් නැති නිසාම නෙමෙයි. කාලයක් තින්ත පෑන අල්ලල කුරුටුගාල පාඩම් පොත් කියවල මයෙ ඇඟම හොර වෙලා තිබුනෙ. අක්කට වඩා ඒ දවස්වල මට ප්‍රථිපල තිබුනා. එ්ත් අක්කාට හොඳ කසාදයක් කොර ගන්න දෙන්න තරං දේවල් අපිට තිබුනෙ නැතුව ඇති. අක්කා යවන්න ඕනි නිසා අම්මලා කිව්වා ජොබ් කාඩ් එක අක්කාට දෙන්න කියලා. ඒක දුන්නෙ දේශපාලෙනේට..

ඔහොම ටැග් ගැහි ගැහි ඉඳලා අපේ තාත්තා අඳුනන මනුස්සයෙක් ඉන්නවා කියලා ආව කොළඹට..මට ලියන වැඩක් හම්බුනා. ඒක ලේසි. කාලෙ හැටියට හොඳ පඩියකුත් ලැබුනා. ඒ ලියන මුදලාලිගෙ දුව ලස්සනයි. ඒත් දුව මට සෙට් උනේ නෑනෙ...

හිහ් හිහ් හිහි ..ඒ සිනාවකි.

සෙට් උනානං අද මම සෝමපාල මුදලාලි මහත්තයා.. එකපාරක් ඇහුවා ඒත් බෑ කිව්වා. දැංනං පරණ වෙච්චි ජෑම් බෝතලයක් වගේ වෙලා ඇති. ඒත් ඉස්සර තෙල් කෑල්ල. අපරාදෙ මට තිබුනෙ තව පස්සෙං යන්න. ඒත් එක අතකින් ඉන් පස්සෙ සොපිනා හම්බුනේ ඕකි බැන්දෙ නැති නිසානෙ. නැත්තං ඒකි හම්බෙන්නෙත් නැහැනෙ..

කොහොමින ්හරි කාලෙ ගතවුනා. ඒ අතර ආන්ඩුවෙ එක තරඟ විභාගයක් තිබුනා. මං ඒකට පාඩම් කලේ පන්ති ගියේ නොහොල්මනින්. වැඩිය සෙල්ලං දාන්න ගියානං මුදලාලියට සැක හිතෙනවා නේ. මොන ලොක්කත් කැමති නෑ සොක්කා උඩ එනවට. ඉතිං මං අමාරුවෙන් කුප්පි ලාම්පුවෙන් පාඩං කොරේ. වැඩිමනක් මට තිබුනෙ අපේ අප්පුච්චට අම්මාට මේ්න් මං කලිසං කාරයෙකුට හරියන රස්සාවක් කොරනෝ කියලා පෙන්වන්න.

හෑ උඹ ලියන මහත්තය උනාට මොකද මේ කකුල් දෙකටම කලිසං ඇඳලා...හො හොහ්..ඒජන්ත හාමු වගේ. ඒම කිව්වෙ අපේ මාම කෙනෙක්. ගෙදර ආපු වෙලාවෙ. ඒ කාලෙ ලියන මහත්තුරුත් සරං ඇන්දෙ. මගේ මට්ටමට ඉගන ගත්ත උන්ට එ්ජන්ත වෙන්න තිබුනා වෙලත් තිබුනා. ඒත් ඒ තරං ඉහලට උගන්නල වැඩක් නෑ කියල අපේ ගමේ උන් තාත්තට කියලා තිබුනා. ඒ නිසා තාත්තා ඒ ගැන වැඩිය උනන්දු කොලේ නෑ.

ඉතිං මං අර හොරාට ලියපු විබාගෙන් පාස් වෙලා ටිකක් ලොකු මට්ටමේ ලිපිකාර තනතුරක් ගත්තා. ඒ රස්සාවත් අවුරුදු තුනක් හතරක් කොලා..

ආන්ඩු මාරුවක් කිට්ටුව තිබුනා ඉස්ට්‍රයික් එකක් පඩිය සත දහයකින් වැඩ්ි කොරගන්න. ඉතිං මටත් කතා කොලා. මාත් ගියානෙ ඉතිං. ඒ කාලෙත් ඔය රතු පොත් ජනප්‍රියයි. ඒ කාලෙ කියන්නෙත් ධනපති පංතිය අපිව සූරාකනවා කියලා. ඒත් මට පස්සෙ තමයි කල්පනා උනේ ඒව වැරදි කියලා. ඒක නෙමෙයි ලංකාවෙ වෙන්නෙ..ධනපති හෝ රදල පන්තියට කන්න ඔීන වුනාම ලංකාවෙ අනික් පංතිවල ඉන්න වුන් සූරල පැණිදාල පිඟංවලට දාල දෙනවා. අඩුගානෙ ධනපතියො හූරන්නවත් මහන්සි වෙන්නෙ නෑ. මේ අර හැලිය කිව්ව ගමන් හැලියෙ තියනෙ දේ හූරල පැනිදාල පිඟානට දාල පුලුවං නං සලාද කොලේකුත ්ගහලා ගිහින් දෙනවා.

ඉතිං කතා කලෙ ස්ටයික් එකක් ගැන නේ.. යූනියන් කාරයො හිටියා. අපි මේ අසාධාරනයට එරෙහිව අපේ අවසාන ලේ බින්දුව දක්වා දිවිහිමියෙන් සටන් කල යුතුයි. මේ පාලකයින්ට මේව ලියල දෙන මට්ටමට අපි නිහඩව නොසිටිය යුතුයි. එහෙමත් එකෙක් කෑ ගැහුවා. ඒත් ඌම ලොක්කෙක් දකින කොට දෙන්නෙ නැත්තෙ පුක විතරයි. අනික් හැම තැනින්ම නැවිලා හා සෑර් කියනවා. ගොඩක් උන් හෙමයි. පොඩි මිනිස්සු ගොඩක් අස්සෙ ලොක්කෙක් වගේ මහා ලොකු කතා කියනවා. ඒත් අනික ්පැත්තෙන් බැලුහම උං ලොක්කොන්ගෙ සුවච කීකරු බල්ලො..

ඉතිං අර බල්ලොන්ෙග ගැට වලට මං අහු වුනා. මට හම්බුනේ සංවිධායක කමක්. මං ඒක ගත්තා. වැඩ වර්ජනය කලා. මං හිතුවෙ මිනිස්සු තුන්වෙනි දවසෙ කවුරුත් එන එකක් නෑ කියලා. ඒත ්මිනිස්සු දෙවනි දවසෙ ඉදල වැඩට ඇවිත් තිබුනා. පස්සෙ හතර වෙනි දවසේ කන්තෝරු ආහම මට විරුද්ධව වෙන පැමිණිල්ලක්. මොකද්ද ආන්ඩුවෙ රෙගුලාසියක් මං ෆලෝ අප් කලේ නැතුව ඉක්මන්ට වැඩක් කරල දීල කියලා.

ආන්ඩුවෙ කන්තෝරුවක අද පවා හොඳට වැඩ කරන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බෑ. වැඩක් නොකර නිකා ඉන්න එක ලේසියි. මොකක් හරි කොරන්න ගියොත් කොහෙ හරි නීතියක් රෙගුලාසියක්. එක අතකින් ආන්ඩු කාන්තෝරුවල මිනිස්සු වැඩිපුර නිකා ඉන්නෙත් ආන්න ඒ නිසා කියලා හිතෙනවා. වැඩක් කොරන්න ගත්තොත් තමයි පස්න වැඩ නැතිව හිටියාම පස්න නෑ.. අපි ඉතිං හිච්චි කාලෙ නෙව. අපිට ඉතිං වැඩිය ඕව තේරුන් නෑ.. ඒත ්අද මං ඔහෙට කියනවා. ඒත් ඔහෙටත් ඕක අද තේරෙන් නෑ. තව කාලයක් යනවා..

ඉතිං වැඩ වර්ජන නැතිවෙලා..මාත් නැතිවෙලා ටික දවසකින් ගෙදට්ට ලියුම එනවා..ඔබේ සේවය අත්හිටුවා ඇත කියලා. එ වෙලාවෙ එදා මගේ වටේ ඉදන් කුලප්පු කරපු යූනියන් හැත්ත හිටියෙ නෑ. මිස්ට සෝමපාල ඔයාට මාර අයිඩියාස් එන්නෙ කියලා තොදොල් වෙච්චි මිසිල හිටියෙ නෑ. මන්ත්‍රිතුමාට ආරංචි වෙලාලු මං අනික් පක්ෂෙ කියලා. සමාර විට ඒ කේලම කියන්නත් ඇත්තෙ කන්තෝරුවෙම හිටපු යාලුවෙක් වෙන්නත් ඇති. කෝමහරි මන්ත්‍රිතුමා හේතුවක් හැදුවා හදල දඩුවම දීගත්තා. ස්ට්‍ර්ය්ක් එකටත් හරියන්නම..

ගෙදර ආව. අම්මයි තාත්තයි බොහොම දුක් වුනා. මම දුක් වුනේ නෑ. මට නොසෑහෙන්න අම්මාබැන්නා. ගිය තැන ගිය විදියට ඉන්න බොලාට බැරි හැටි. අම්මා දෙස් තිව්වා. මං කලිසමෙන් ආයෙත් සරමට පුරුදු වුනා. තාත්තා එක්ක පස්සෙං කුඹුරට හේනට ගියා.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...