Sunday, June 30, 2013

එම්බාම් සමරු කලාපය

සමස්ථ ලංකා ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ගේ සංගමය විදියට අපිට මේ පාර අලුත් වැඩක් කරන්න හිතුනා. අපි හැම වෙලාවෙම අපිට ඉහලින් සිටින උපාධිදාරී එම්බාම් කරුවන් සහ අපිට පහලින් සිටින ජෝන් බාස් එම්බාම් කරුවන් බාධාවක් තමයි. ලෝකයේ ඉහල පිළිගැනීමක් තියෙන ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ට ලංකාවේ අත්වෙලා තියෙන තැන ඉතාම ශෝචනීයයි. නමුත් අපි ඩිප්ලෝමාධාරින් ලෙස එකතු වෙලා පොඩි සමරු කලාපයක් ගහලා පොඩි සෙට් වීමක් තියලා අපේ සමගිය වැඩිකරගන්න හිතුවා. ඒ අතර අපේ සෝසල් මීඩියා වල ජනප්‍රිය වෙච්චි එම්බාම් කරුවන් කිහිපදෙනෙකුගේ අත්දැකීම් එකතු කරගන්න හිතුවා මේ පාර සමරු කලාපයට..

පොලොන්නරුවේ එලොව සුව මල්ශාලාවේ සේවය නියුතු ජයන්ත සහෝදරයා

හොඳයි වරදක් නැහැ. දැන් පේස්බුක් බ්ලොග් තියෙන නිසා අපිට මීට් වෙන්න චාන්ස් එනවා. පරණ යාලුවො ආයිමත් මතක් වෙනවා. යුද්දෙන් පස්සෙ ගම්බට්ටොන්ගේ , කොටි ගහපු සීන් වල, බට්ටො පෑගිලා එහෙම ලැබෙන මිනි වල පොඩි අඩුවක් තිබුනා. ඒත් දැන් දැන් වකුගඩු කේස් එකක් තියෙනනිසා මිනි ටිකක් ඒ පැත්තෙන් එනවා. එච්චර ලොකුවට මිනි වල අඩුව දැනෙන් නැහැ. ඒත් අපේ පැත්තෙ තියෙන ප්‍රශ්නෙ තමයි මලගෙවල් ජයට ගන්නෙ නැති එක. දැන් ඉන්න මිනිස්සු මැරෙනවා කියලා හිතන්නෙ නැහැ. ඒ නිසා ඉතුරු කරන්නෙ නැහැ. ලෙඩහැදිලා හෙම මලාම ජීවත් කරවන්න මිනිස්සු සල්ලි දේපල ගෙවල් උගස් තියලා මැරෙනකොට මලගෙදර ගන්න කීයක් වත් ඉතුරු වෙන් නැහැ. ඒනිසා බොහොම ලාබෙට තමයි මලගෙවල් කරන්න වෙලා තියෙන්නෙ. ඒත් ඉතිං මාසෙකට එකක් දෙකක් එන හොඳ මිනි නිසා තත්වෙ අවුලක් නැහැ.

කුරුනෑගල එතෙර දුක මල්ශාලාවේ පියන්ත සහෝදරයා..

පවතින ආර්ථික සමාජීය වටපිටාව තුල මේ ක්‍රමයේ පවතින සෝදාපාලුව අපේ කර්මාන්තයට විතරක් නොදැනී යන්න කිසිම හේතුවක් නැහැ. පශ්චාත් නූතන වටපිටාවේ ලෝකය පවතින විට අපි තාමත් ගමන් කරන්නෙ පරණ වැඩවසම් යුගයටමය කියලා අපිට හිතෙනවා. නමුත් මේ පැත්තෙ සමාජ විදිය ගත්තොත් හාම්පුතා කවදාවත් ඇස් දෙකට අනික් මිනිස්සු දකින්නෙ නැහැ..හාම්පුතා අරාබියෙ. ගෑනිත් එහෙ. මෙහෙ ඉන්න මිනිහා බොනවා. ඒ බීමත්කම නිසාත් විදේශ රැකියාවලට කාන්තාවන් යොමුවීම නිසාත් විවිධ ගැටලු සමාජය තුල ඉස්මතු වෙනවා. 

පවත්නා තත්කාලීන විවෘත සමාජයට ඒ සමාජ ගැටලු කවරාකාරයෙන් ජීර්ණය වුවත් අප අයිති එම්බාම් කරුවන්ගේ සුළුතර කොටසට මේ සමාජිය ප්‍රශ්ණ ආශිර්වාදයක් වෙන වෙලාවල් තියෙනවා. පවුල තුල මූලික කාර්යභාරයක් චරිතයක් හිමි මව පියා විදෙස් ගත වුනාම ඒ පවුල් තුල ඇතිවෙන අසහනය නිමාවෙන්නෙ බොහෝවිට සියදිවි නසාගැනීම් වලින්. ඒ වගේම විදෙස් ගත වෙලා අරාබියෙ සිටම පෙට්ටියෙන් එන මිනිත් දැන් එන්න එන්න වැඩිවෙනවා. නමුත් විදේශ විනිමය කෙලින්ම මරණ ගෙවල් වලට යොමු වීම නිසා මරණ වලට ලැබෙන ගාන අපිට වැඩිකරන්න පුලුවනි. ඒ හරහා කර්මාන්තය යම් කිසි පසුබෑමක් තිබුනත් එම්බාම් කරුවන්ගේ පැවැත්ම දැඩි ලෙස මේ පලාතෙ අවධානමට ලක් වෙලා නැහැ.            
හම්බන්තොට දිවිය ගාමිනී මල් ශාලාවේ ප්‍රධාන එම්බාම්කරු ජිනපාල සහෝදරයා..

බාගයක් අපේ ගම්වල කොල්ලො කොරියාවෙ. තව උන් ඉතාලියෙ. ඉතිරි ඉන්න උන්ටත් අපේ රා-ජපක්ස මහත්තුරුන්ගේ පිහිටෙන් හොඳ රස්සාවල් තියෙනවා.මැරෙන ගානෙ අඩුවැඩියක් නැතත් අපිට දැන් හොඳට සරුයි. මොකද කොරියන් සල්ලි, රට සල්ලි, කොළඹ ගිහින් ගෙනාපු සල්ලි මිනිස්සුන්ට තියෙනවා. මී ආච්චියෙක් මැරුනත් මල ගෙදර දවස් දෙක තුනක් ලොකුවට ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නෙ. මේ උඹලට හින්ද මම කියන්නෙ. මේ ළඟදි ආව කොරියන් ගිහින් ආපු කපල් එකක් පෙට්ටියක් බලන්න සහ මලගෙදර ඇරෙන්ජ් කරගන්න. ඉතිං පෙට්ටි, ඇඳුම්, මල් වඩම්, ඩෙකරේෂන්ස් ඔක්කකොම බලල මම ඇහුව මිනිය දැන් කොහේද කියලා. බැලින්නම් ඕයි කවුරුත් මැරිල නැහැ නෙව.. මී ආච්චි තව සතියක් වගේ තමයි පුළුවන් කියලා දොස්තරයා කියලා. ඉතිං මුනුබුරාල කොරියන් ගිහින් තියෙන සාරෙ පෙන්වන්න දැම්ම ඉඳලම ෆියුනරල් එක ප්ලෑන් කරනවා. එයාලගේ වෙඩින් එකත් හරියට ගන්න වුන් නැහැල්ලු මරණයක් වෙලා නිසා. ඒනිසා මේ ෆියුනරල් එකවත් ලොකුවට ගන්න කියලාලු ඒ දෙන්නාගේ අදහස තියෙන්නෙ. එච්චර ජරාව අත නොගෑවට මාසෙට ජොබ් හත අටක් වැදුනත් අපිට ඇති. හොඳ ගානකට දෙන්න පුලුවන්නේ මිනිය.



 අපේ සංගමේ ගැනත් අයිඩියාස් එකක් දානවනම් මට කියන්න තියෙන්න අපි තවත් උපාධිකාර එම්බාම් කාරයොත් එක්ක හැපිලා වැඩක් නැහැ. මොකද අපිට තරම් ප්‍රැක්ටිකල් නොලේජ් එකක් උපාධිකාර එම්බාම් කාරයින්ට නැහැ. ඒ උපාධිකාර එම්බාම් කාරයින්ට තියෙන්නෙ තියරි නොලේජ් එක විතරයි. අපිතමයි එම්බාම් ඉන්ඩස්ට්‍රිෙය දැනට කප් ගහල තියෙන්නෙ. අනික් ඉතිං හෙල්පිං එම්බාම් කාරයො කියන්නෙ බකට් එක අල්ලං ඉන්න උන්ට නේ.. උන් ඉතිං හැමදාම බකට ්එක තමයි. අපි දැනගන්න ඕනි උන්ට පිහිය නොදී හැමදාම බකට් එක අල්ලන එකේ වැදගත්කම කිය කිය ඒකම කරවගන්න. වැඩිය කරේ නග්ගගන්න හොඳ නැහැ ඔය එම්බාම් සහායකයෝ කියන්නෙ පොඩ්ඩක් ඔලුව දාන්න දුන්නම කඳම බස්සන්න හදන උන්. . එහෙම වුනොත් උන් අපේ කරේ යනවා. මේ මචං මේවා අපි අතරම ෂෙයා වෙන නිසයි දාන්නෙ හරී. මේවා ලීක් කරන්න එපා. එහෙම වුනොත් අර අපේ හතුරු සෙට් දෙක නිකම්ම උඩ යයි.

කොළඹ අරලිය එම්බාම් කන්සල්ටන්ට් ජෝතිසේකර මහතා.

එම්බාම් කරුවන්ගේ සමුළුවට අදහස් දක්වන්නට මටත් අවසර දීම ගැන මාත් ඉතාම සතුටු වෙනවා. මේ අවස්ථාව අපි හැමෝටම ප්‍රීති වෙන්න පුළුවන් අවස්ථාවක්. කොළඹ පැත්තෙ එම්බාම් කර්මාන්තය යුද්දෙන් පස්සෙ ලෑල්ලටම බැස්සා. නමුත් දැන් දැන් ටිකක් වැඩේ හරියන විදියක් පේනවා. ඒත් ඉස්සර තරම් දවසට මිනි ලොරි ගෙනත් බාන්නෙ නැහැ. ඒ නිසා ලොකු දියුනුවක් නම් නැහැ. හමුදා මිනි හදන එකට ලොකු ගානක් ලැබුනට ඒ ජොබ් එක කරගෙන යන්නත් මහත්තුරු කී දෙනෙක්ට පගා දෙන්න වුනාද කියලා මල් ෂාලාවෙ අයිතිකාරයො කියනවා. වෙන වෙන බිස්නස් වලට අපේ සමහරු දැන් ගිහින්. අපේ යාලුවෙක් දැන් කොළඹ හොඳ හෝටලේක මස් කපන්න ගිහින්. කුනුවෙන්න ඕන්න මෙන්න මස් කපන්න තියෙන නිසා ඒ වැඩේට මස් කපන එකෙක් හොයාගන්න නැති නිසා හෝටලේ වැඩට එම්බාම් කාරයෙක් අරගෙන තියෙනවා. මිනිහාට ඒ වැඩේ නැගලා යනවා. මම හිතන්නෙ අපේ එම්බාම් කර්මාන්තය අන්න ඒ වගේ ක්ෂේත්‍ර ගානකට පතුරුවන්න පුළුවන් කියලා මට හිතෙනවා. රැකියා විරහිත එම්බාම් ඩිප්ලෝමාධාරින්ටත් ඒ හරහා රැකියා ලැබේවි. අපේ වැඩේට ජය වේවා..

වැලිගම අපේ ගම මල් ශාලාවේ සුගතදාස මහතා..

දැන් නම් අපිට ඉස්සර තරම් මිනි ලැබෙන් නැහැ. කොහොම වුනත් අපේ සංගමේ තියෙන එක කොයිකටත් හොඳයි. මගේ ළඟට ආපු ට්‍රෙනින් එම්බාම් ඩිප්ලොමැට්ස්ලා ටික දෙනෙක් මම මාලු වැඩට දැම්මා. මාලු සුද්ද කරලා ෆෝමලින් ඉන්ජෙක්ට් කරලා ඔය කඳු පැතිවලට යවන වැඩේ හොදට අල්ලගෙන තිබුනා උන්. එම්බාම් කරන්න මිනිස්සුම ඕනි නැහැ නේ. ඒ විදියට අපිට සත්තුත් එම්බාම් කරලා යවන්න ඇහැකිද කියලා හොයන්න ඕන. අපේ සංගමේ ඒ වගේ රස්සා හොයල දෙන වැඩ කිඩ එහෙම ඉස්සරහාට වෙනව නම් හොඳයි. මිනිස්සු මැරෙන ගාන්ට වඩා සතුන් මැරෙන ගාන වැඩියි. 


පහුගිය දවස්වල හරක් මරන්න එපා කියාල ලොකු විරෝධයක් රටේ ආව නෙව. ඒ වෙලාවෙ අපේ සංගමේට තිබුනෙ හරක් එම්බාම් කරන්න හරක් කල් තියාගන්න විධි ගැන පත්තර ආටික්ල හෙම දාන්න. මං දැකල තියෙනවා ෆිල්ම් එහෙම එන්න කලිං ඒ අධ්‍යක්ෂවරු මීඩියා වල කතාකරනවා. ඒ වගේ අපි ඒ වගේ සත්ව කරුණාව මිනිස්සු අතර පැතිරෙන අවස්ථාවලදි අපේ කර්මාන්තය ගැන හිතන්න යොමු වෙනවා නම් හොඳයි. මොකද අපිට පැවැත්මක් තියෙන්න නම් එම්බාම් ඩිප්ලෝමාධාරී ඉදිරිපරපුරක් තියෙන්න ඕනි. බලන්න සූරිය ගඟ ලඟ අර අලුත් පාලම හැදුනම තොටියා ටුවරිස්ට් බෝට් සර්විස් එකක් පටන් ගත්තා. මිනිහ ඉංගිරිසිත් ඉගෙන ගෙන ඔරුවට වයිෆයි කෑල්ලකුත් හයි කලා ටුවරිස්ට්ලාට වයිෆයි වලින් ඉන්ටනෙට් යන්න ඔරුවෙ යන වෙලාවට.. ආන්න ඒ වගේ කතා අපි අපේ අනාගත ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ට කියලා දෙන්න ඕනි..

තව වැදගත් අදහස් එවපු එම්බාම් කරුවො කීප දෙනෙක්ම සිටියා.. අපේ වෘත්තිය සදා දිනේවා යන පැතුමින් එහෙනම් අපේ සමරු කලාපයේ අපිට තියෙන අදහස් ඉඩකඩ සීමිත හෙයින් මෙතනින් නවතිනවා. මිනී පිරි එම්බාම් වැඩි හෙටක්. හැමෝටම. 



ඡායාරූපය ඉස්සුවේ අමන්දා ජයවර්ධනගේ ෆ්ලිකර් පිටුවෙනි.. 

Friday, June 28, 2013

Troy Vs Ramayana (ට්‍රෝයි සහ රාමා)



I prefer Troy film to any other film. It shows the ancient society in a realistic manner. The director has been clever to create the background after a good study. As an example, musical instruments can be identified. All of them give the expression that they belong to that particular era. Actually, I viewed the film twice.

I saw how they have rebuilt the ruined city. And also they have created ancient dresses & costumes in almost the same way. If you viewed this film you will notice that they have attractively used old weapons & all. It teaches a lesson on how the weapons were used. The way they use weapons is different from other films which tell the historical stories. It should compulsorily be said that color balancing has been able to emerge the age. The edition of the film is also remarkable. But I don't want to express that every item in this film has been recreated as it was. Among the sceneries in the film I can notice some items which represent present. As an example, the language they used is English. But it should be Greek. But you would find it very difficult to understand if it was Greek.

This story is written as per the illiod Poem. It was written by the poet 'Homer'. It is identified as a premium poem in Greek Literature. But there's a difference between the story of the  illiod Poem & the film. 

In the original story it includes getting support from the gods. But in the film you cannot find that kind of story. There are plenty of stories in the world about Trojan horse. In countries like Sri Lanka, India, you can find some stories similar to that. But here they use a tusker instead of a horse. This had been a wonderful war strategy.  
 
The main incident in the film is about kidnapping princes. A similar story to this can be found in Ramayana. Ramayana is created in B.C era by Valmiki. It is also considered as story of gods. Troy poem as well as Ramayana, is full of strange & extraordinary sceneries. 


You can find many ruins in Turkey which evidence to that there is an acute relationship to Troy story. But, as per the latest view of the archaeologists, Turkey is not the places which tell the Troy story. The Troy city which is in Turkey is also has a history of 1000 years before the common era. There are many evidences to prove that the Troy city was consistent of plenty of fortresses. 

With this name of Trojan horse there are lots of usages in modern society. A Computer  virus was named as Trojan horse.

In 1868, after the excavations, bulks of gold were found by archaeologist Frank Calvert who exposed ruins of Troy to the world.

Thursday, June 27, 2013

වැඩිපුරම ටොයිලට් යන ෆිල්ම් එක (Kapatikama)

සාමාන්‍යෙයන් මල පහ කරන්න යනවා කියන එක ඇවිල්ලා අපි ප්‍රසිද්ධියෙ කියන දෙයක් නෙමෙයි. ඒක ටිකක් ලැජ්ජ හිතෙන දෙයක්. ඔය වගේ දේවල් සිනමාවට හෙම ගන්නවත් අඩුයි. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ තියෙන ඛාන් ලා රඟපාන ෆිල්ම් වල නම් මම ටොයිලට් එකට යන දර්ශන දැකලාම නැහැ. නමුත් වැඩිපුරම ටොයිලට් යන දර්ශන තියෙන ෆිල්ම් එකක් මට පහුගිය දොහේ හමු වුනා. 
මේක අමරිකන් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ලංකාවෙ සිංහල ෆිල්ම් එකක්. 

නම තමයි කපටිකම. දෙබසක් ඉවර වෙලා ඊළග දර්ශනය එනකොට කලින් දර්ශනය ඉවර කරන්න ඕනි. එතකොට විවිධ ප්‍රෙයා්ග ඒ හිඩසට දානවා. මේ කපටිකම කියන ෆිල්ම් එකේදි අධ්‍යක්ෂවරයා කිහිප අවස්ථාවකම දර්ශණ මාරු කරන විට නළුවාව වැසිකිලි යවනවා. 

මේකෙදි ටොයිලට් එකට යනවා කියලා මහ හයියෙන් මගේ බඩේ අමාරුවක් වගේ කියලා බඩ අල්ලගෙන යනවා මිසක ටොයිලට් එකක් නම් පෙන්වන්නෙ නැහැ. අනික ඒ කාලෙ තිබුන වල කක්කුස්සි ළඟ කැමරාවක් අල්ලන්න තියා ඒක අහලට යන්නත් අමාරු වෙන්න ඇති නේ. 

ෆිල්ම් එකේ තියෙන ආතල්,.. 

කපටිකම විකට සිනමාපටියක්. මේකෙ අපේ ජනප්‍රිය නළු ජෝ අබේවික්‍රම මහත්මයා ද්විත්ව චරිතයක් කරනවා. තව ඉතිං ඒ කාලෙ හිටපු ලස්සන කෑල්ලක් වෙච්චි ජීවරාණි කුරුකුලසූරිය හෙමත් ඉන්නවා. හැබෑට සිරාවටම ඒ කාලෙ අධ්‍යක්ෂකවරු ලස්සන ගෑනු නම් තෝරන්න දැනගෙන ඉඳලා තියෙනවා. දැන් ෆිල්ම් කටවුට් එකක ඉන්න කෑල්ලක් දැක්කත් මෙලෝ රහක් නැහැ. ඇඟවල් වල කිසි ගතියක් නැහැ. තිබුනත් එක්කෝ වැඩ දාල පුම්බලා තියෙන්නෙ. අපරාදෙ කියන් බැහැ මේකෙදි නම්  කළු සුදු වුනාට මොකෑ නිලියො දෙතුන් දෙනානම් ටොප් එකට තෝරලා අරං තියෙනවා. 

කපටිකම ඇවිල්ලා කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහත්මයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තුල එවකට චිත්‍රපට කර්මාන්තයේ තිබුන අඩුපාඩු වලට දැඩිව පහර එල්ල කරනවා. මීට අවුරුදු කිහිපයකට කලිං සිරසෙ ගිහිපු ලයිව් ප්‍රෝග්‍රැම් වල තිබුනු සමහර දේවල් අල්ලලා චූටි මල්ලියි පොඩි මල්ලියි අපි නොදන්න ලයිව් හැදුවා වගේ සීන් එකක් තමයි මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙන්නෙ. 

චූටි මල්ලි සුපර් සික්ස් කියන හෙන ගොබ්බ ෆිල්ම් එකක මෝඩ ජෝක් චරිතයකට හිටියා. මට ඒක දැක්කම මට ඒ චූටි මල්ලියි පොඩි මල්ලියි ගැන සැබෑවටම දුක හිතුනා. ලංකාවෙ වත්මන් ගුවන්විදුලි රූපවාහිනියෙ එක්තරා පැතිකඩක අයිතිකාරයො දෙන්නෙක් වෙච්චි මේ දෙන්නට  වෙලා තියෙන්නෙ සරම උස්සන් දුවන ජෝකර්ලා වෙන්න.  එක අතකින් දුක් වෙන එකේ තේරුමක් නැහැ. ජගත් චමිල කියන්නෙ ලංකාව ඇතුලෙදි කප් පිට කප් ගහපු වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,සිනමා නළුවෙක්. ඔහු හැමදාම සම්මාන ගන්නවා. ජගත් චමිලට කොල්ලෙක් කියන්න පුලුවන් ස්වරූපයකුත් තියෙනවා නමුත් අපි ෆිල්ම් හෝල් වලට ගියාම හෙන ලොකුයි කියන ෆිල්ම් වල ගොඩාක් වියදං කරලා හැදුවා කියන මහා කෘති වල ජගත් චමිලලා දකින්න නැහැ..හිටියත් ඉන්නෙ තිරේ අයිනෙන් එහා මෙහා යන සුලු චරිත වලට.

ඔන්න ජෝකර්ලා වැරද්දක් කරනවා. වැරැද්ද කලාම කස්ටියක් එනවා හොයන්න. පස්සෙ ජෝකර්ලා ටික දුවනවා. උඩ පැනලා කෑ ගහලා දුවනවා..සරම හැලි හැලි කලිසම උස්ස උස්ස දුවනවා.  අර හොයන්න එන අයට පෙනි පෙනී දුවනවා. දුවගෙන ගිහින් ටොයිලට් එකකට යනවා. එතකොට මහත ගෑනියෙක් ඒකෙ බොග දානවා. අර මහත ගෑනි අර ජෝකර්ලාට ගහනවා. ඕක තමයි මම පුංචි කාලෙ ඉඳලා බැලුව සිංහල ජෝක් ෆිල්ම් ගොඩක තිබුන කොමන් දර්ශනය. නමුත් සිකුරු හතේ, කිං හන්තර්, කොළඹ සන්නිය වගේ ෆිල්ම් වල පස්සෙන් දුවන ගොන් පාට් කපලා ලස්සන කතාවක් දාල ජෝක් කියන්නෙ රූකඩ වගේ දැක්ක ගමන් හිනායන එකක් නෙමේය කියන එක ඉස්මතු වෙන්න හදලා තිබුනා. 

මේ කපටිකම කියන ෆිල්ම් එක ඇතුලෙ සරලවම දැක්ක ගමන් හිනායන මිස්ට බීන් ජෝක්ස් වගේම ටිකක් සැර සංකීර්ණ ජෝක් ගොඩාරියක් තියෙනවා. දැන් කාලෙ පවා මිනිස්සුන්ගේ තියෙන බොරු සෝබනය මහන්තත්වය කම ඒ කාලෙත් තිබුන මහ පරණ දෙයක් කියලා මට ෆිල්ම් එක බැලුවාම වැටහුනා. 

අද තිරගත වෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වාණිජ සිනමා පටියක් වෙච්චි කපටිකම ඉදිරියෙන් ඉන්නවා කියන්න පුලුවනි. ජෝක් ෆිල්ම් එකක් ඇතුලෙ තියන්න පුලුවන් ජෝක් විතරක්ම නෙමෙයි. සමහර විට වැදගත් දේවල් පවා තියෙන්න පුලුවනි.  

මේ ෆිල්ම් එකෙ මියුසික් වල තියෙනවා අමුතු ගතියක්. ෆිල්ම් එක පුරාවට විහිදුන පට්ට මියුසික් ටිකක් තියෙනවා. ඒකෙ යන සිංදු කිහිපයක්ම පසුකාලීනව ජනප්‍රිය වෙලා තියෙනවා. 1966දි තිරගත වෙච්චි මෙ ෆිල්ම් එක බොහෝවිට සාර්ථක එකක් වෙන්න ඇති. 

kapatikama කියලා ගූගල් සෙවුමක් කලොත් කපටිකමේ කපටි කොපි කීපයක්ම තැන් තැන්වලින් හොයාගන්න හැකි වේවි. ෆිල්ම් එකේ බයෝ ඩේටා එක ඒ කිව්වෙ ෆිල්ම් එක ගැන විස්තර ආදිය මේන්න මේ අඩවියේ තියෙනවා.

Wednesday, June 26, 2013

එඩ්වඩ් ස්නෝඩන් edward snowden

එයා කවුද? 

ලංකාවෙ ඉන්න නිදිමත ජනතාව බොහොමයක් දන්නෙ නැති වුනාට එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ දැන් සති කිහිපයක ඉඳලා ලෝකෙ පුවත් මවන පුද්ගලයෙක්. ඒ මනුස්සයා වැඩකරලා තියෙන්නෙ සී අයි ඒ එකේ. සී අයි ඒ එකේ තියෙනවාලු මිනිස්සුන් ගැන ඔත්තු බලන සේවයක්. ආන්න ඒ අංශයක වැඩකරපු දෙකයි පනහේ සේවකයෙක් තමයි එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ. එඩ්වඩ් ස්නෝඩන් කරල තියෙන ජරා වැඩේ තමයි ඒ සී අයි ඒ එකෙ ඇතුලෙ තිබුන ප්‍රිසම් කියන අන්තර්ජාලිය තොරතුරු එක්රැස් කිරීමේ පද්ධතිය පිළිබඳ තොරතුරු පිටත ලෝකයාට ලබා දීම. අමරිකාවෙ මිනිස්සු අන්තර්ජාලයේදි කොරන්නෙ මක්කාද කියල බලන්න අමරිකාවෙ වෙනමම අංශයක් දැන් වසර ගනණාවක තිබිලා තියෙනවා. ඒක අනුව මිනිසුන්ගේ ස්කයිප් ගිණුම්, සමාජ ජාල ගිණුම්, ඊ මේල් සහ වෙනකක් තබා පරිඝනක තුල ඇති ගොනු පවා අවශ්‍ය නම් චෙක් කරන්න අමරිකාවෙ ආන්ඩුවට මේ හරහා පුලුවන් වෙනවා. මේක එක අතකින් විශාල සිද්ධියක්. තොරතුරු එලියට යනවා කියන්නෙ අමරිකාව ඒ ව්‍යාපෘතිය ෆේල් කියන එක.  ලොකු බිල්ඩිමක් හදලා මේන්න මේක මෙච්චර වටිනවා කියලා ඒක ඕපන් කරලා දවස් කීපෙකින් ලොකු පැල්මක් ගියොත් කොහොමද ආතල් එක. ආන්න ඒ වගේ වැඩක් තමයි ස්නෝඩන් නිසා අද අමරිකාවට  සිද්ද වෙලා තියෙන්නෙ. 

ස්නෝඩන් සී අයි ඒ ඒජන්ට් කෙනෙක්ද? 

අපි හැමෝටම අමරිකාවට යන්න බැහැ. අපිට අමරිකාව පේන්නෙ බොහෝවිට හොලිවුඩ් ෆිල්ම් හරහා. දුප්පත් ජනතාව මිලියන ගානක් ඉන්න ඉන්දියාව බොලිවුඩ් සිනමාවෙන් වහලා තියෙනවා වගේ අමරිකාවත් හොලිවුඩ් සිනමාව හරහා වෙනත් රටවල සිටින මිනිසුන්ගේ සිත තුල ඇති අමරිකාව ගැන තියෙන රූපය වෙනස් කරගන්නවා. සිනමාව කියන්නෙ අමරිකාවට කර්මාන්තයක් විතරක් නෙමෙයි. ඒක ඇවිල්ලා අමරිකානු අධිපතිවාදය පතුරන එක ටූල් එකක්. ලංකාව කියන්නෙ හිඟන රටක්. ලංකාවෙ හැදෙන ෆිල්ම් ආදිය බැලුවම ලංකාව අපි නිතර එදිනෙදා දකිනවාටත් වඩා හිඟනයි කියලා ලෝකෙට පේනවා. 

අපි දකින අමරිකන් ෆිල්ම් වල ඉන්න සී අයි ඒ ඒජන්තයො කියන්නෙ පට්ට ඩයල්, ගහගන්නද ෙවඩි තියන්නද බෝම්බ දාන්නද බඩු ගහන්නද බඩු සෙට් කරගන්නද සියලු දේ වල සමතෙක්. හරියට ඉස්සර පොත්වල සිදුහත් කුමාරයා ගැන තිබුන සුරංගනා කතා වගේ.සියලු දේ වලින් ෆස්ට් ගන්නවා මේ සි අයි ඒ එජන්තයෝ. ඉතිං බොහෝ දෙනා මේ ස්නෝඩන් තොරතුරු සොරකම් කලා කිව්වාම හිතන්නෙ ආ ඔය අර සියලු කාර්යේ සමත් සී අයි ඒ පොරක් නේ කියලා. නමුත් එඩ්වඩ් ස්නෝඩන් කියන්නෙ තියන තොරතුරු වලට අනුව නම් නිළධාරියෙක් නෙමෙයි. සේවකයෙක්. සේවකයෙක් කිව්වත් මේ ඉහල මට්ටමේ සේවකයෙක් නෙමෙයි. පහල එකෙක්. උපාධියක් වත් නැති යුද්දෙටත් යන්න බැරිවුන කරුමෙට අහසින් පාත් වෙච්චි මිස්ට බීන්ගේ සුදුමැලි ගතිය තියෙන පොරක්. මිනිහාගේ තනතුරත් ටෙක්නිකල් ඇසිස්ටන්. ටෙක්නිකල් ඇසිස්ටන්ට් කියන්නෙ සිංහලෙන් තාක්ෂනික සහායක. තාක්ෂනික සහායක කියන්නෙ තාක්ෂණ වැඩ කොරන සේවකයා මිසක් තාක්ෂණ නිලධාරියා නෙමෙයි. 

ලංකාවෙත් වෙබ් අඩවි සහ පත්තර සමහරකට මේ ස්නෝඩන් කියන්නෙ නෝමල් ඩයල් එකක් කියන එක පිලිගන්න බැරිවෙලා තියෙනවා. සමහරු ස්නෝඩන් සී අයි ඒ ඒජන්තයෙක් කොරලා. තවත් අය එයා තාක්ෂණ නිලධාරියෙක් කොරල තියෙනවා දැක්කා.. 

දැන් පොරට මොකද වෙන්නෙ.

බොහෝවිට ස්නෝඩන් අමරිකාව අල්ලා ගනීවි. ස්නෝඩන් ගියා කියන්නෙ අමරිකාවට ලොකු කේස් එකක්. එක අතකින් ස්නෝඩන් ලඟ තියෙන තොරතුරු ලීක් වෙයි කියන බය, අනික් අතින් ස්නෝඩන් වගේ අදහස් තියෙන අනික් අයට බිහිවෙන්න පුලුවන් අවධානම. ස්නෝඩන්ට සැර වැටුපක් ලැබිලා තියෙනවා. හොඳ වරප්‍රසාදත් ලැබිලා තියෙනවා. මිනිහා චීනෙට ඔත්තු බැලුවා කියලා කතාවක් ගියා. නමුත් මේ අවස්ථාව වෙනකොට මිනිහ චීනෙ නැහැ. කලිං හොංකොං වල හිටියා. ඉන් පස්සෙ ආයෙම චීනෙට ගිහින් දැන් මොස්කව් එයා පෝට් එකේ ඉන්න කතාවක් තමයි තියෙන්නෙ. කොහොම වුනත් ස්නෝඩන් ගැන හොයන එක සමහර අමරිකානුවෙන්ගේ විනෝදාංශයක් බවටත් පත්වෙලා තියෙනවා. 

අන්තර්ජාලය තුල අපේ තොරතුරු සුරක්ෂිතද?

ලොකු ප්‍රශ්ණයක්. සාමාන්‍යෙයන් යාල කැලේ හැංගුනාම හොයන්න ලේසිද කොළඹ මරියකඩේ හැංගුනාම හොයන්න ලේසිද? කියාල ඇහුවොත් මම හිතන්නෙ කොළඹ වගේ තැනක හැංගුනොත් ලේසියෙන් හොයන්න අමාරුයි. යාල නම් පීරල බලත හැකි. වටේ තියෙන කඩවල් ගාව ඔත්තු කාරයො දාල බලන්න පුලුවන් මූ කඩවලට යයිද කියලා. නමුත් මිනිස්සු විසාල ගානක් ඉන්න තැනක එහෙම එක මිනිහෙක් හොයන්න ලේසි නැහැ. 

අන්තර්ජාලයට සම්බන්ධ වෙච්චි පරිඝනකයක තිබෙන තොරතුරු ආරක්ෂිතයි කියන්න කාටවත් බැහැ. ඒ තොරතුරු කෙනකුට යහපත් වගේම අයහපත් අරමුණු වෙනුවෙනුත් සොරාගන්න හැකියාව තියෙනවා. අනික අන්තර්ජාලය වගේ ලොකු තොරතුරු ප්‍රමාණයක් හුවමාරු වෙන තැනක් කිසිම ප්‍රබල ආන්ඩුවක් නොසලකා හරින්නෙ නැහැ. අද අමරිකාවට ඇඟිලි දිගුකරන බොහෝ රටවල් වල ප්‍රබල ලෙස අන්ර්ජාලය තුල මිනිසුන් හැසිරෙන විදිය පාලනය කරන්න ක්‍රම සහ විධි තිබෙනවා. චීනය සතුව විසාල ෆයර්වෝල් එකක් තියෙනවා.ඒක හරහා චීන මිනිසුන්ට යන්න ලැබෙන්නෙ චීනය කැමති සයිට් වලට විතරයි. සවුදි අරාබියාව වගේ රටවල ෆේස්බුක් එකට තහංචි ආදිය තියෙනවා. මේ විදියට ගත්තොත් සැබැවින්ම ලෝකය තුල කිසිම පුද්ගලයෙක්ට තමුන්ගේ තොරතුරු වල තියෙන රහස්‍ය බව රැකගන්න ක්‍රමයක් නැහැ. කොහෙන් ගියත් චාටර් වෙනවා. 

මීට වසර හතලිහකට පමණ පෙර රුසියාව සහ අමරිකාව අතර හඳට රොකට් යවන්න වගේ බොලද වැඩ වලට සීතල යුද්ද තිබුනා. න්‍යෂ්ඨික බලය ආයුධ ශක්තිය සම්බන්ධයෙන් කඹ ඇදිලි ඇතුලෙන් තිබුනා. නමුත් අද වෙනකොට මේ අන්තර්ජාලය කියන විශාල ඒකකයට රටවල් අතර තරඟයක් ඇතිව තිබෙනවා. චීනය හා අමරිකාව අතර ඇති විශාල සහයෝගිතාවය ඒ රටවල් දෙකටම වැදගත්. ලංකාවෙ ඉන්න බොළඳ මිනිස්සු හිතාගෙන ඉන්නව තව ටික දවසකින් ඔන්න චීනෙ දිනිනවා අමරිකාව පරදිනවා කියලා. නමුත් චීනය මම හිතන විදියට නම් දිනන්න උත්සාහ කරන්නෙ නැහැ. මොකද චීනයේ හොඳම වෙළඳ පොල අමරිකාව සහ යුරෝපයෙ රටවල්.  කවදාහරි චීනෙ ඉස්සරහට ආවොත් එයාලට බඩු විකුනගන්න තැනක් නැති වෙනවා.

නමුත් මේ වගේ සංකීර්ණ දේශපාලනික තත්වයන් ගොඩක් තිබුනත් තොරතුරු කියන්නෙ අද වෙනකොට න්‍යෂ්ඨික අවි වගේම සංවේදී දෙයක්. උදාහරණ විදියට මේ ළඟදි නිකුත් වුන එක්සත් ජාතින්ගේ වාර්ථාවකට අනුව සෝමාලියාව සහ ආශ්‍රිත අප්‍රිකානු කලාපය තුල මිනිස්සුන් දහස් ගානක් සාගතේ නිසා මැරිලා තියෙනවා. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය සහ ජාත්‍යන්තර අවධානය ඒවාට වැඩිය යන්නෙ නැහැ. නමුත් බොස්ටන් වල බෝම්බයක් ගහල හතර පස්දෙනෙක් මැරුනාම ඒක බොහොම ඉක්මනින් යනවා. කොටින්ම අපේ සමහර අංගවිකල මනුපොත් බුද්ධිමතුන් අර බොස්ටන් වල මැරිච්චි එවුංට කවිත් ලියලා දානවා. ඉතිං මේ අනුව ලෝකයේ තොරතුරු කියන්නෙ ප්‍රබල ආයුධයක්. මේ තොරතුරු මිනිස්සු හැමෝටම ඔනි විදියට ඕනි පාරකින් යන්න දුන්නොත් ඒක ලෝකයේ සල්ලි තියෙන බලය තියන මිනිස්සුන්ගේ බලයට සහ ධනයට ඇතිකරන්නෙ හොඳ බලපෑමක් නෙමෙයි. 

ඒ නිසා ලෝකය සහ අද කාලෙ දේශපාලනය කියන දේ තීරණය කරන්න මාධ්‍ය කියන දේ අවශ්‍යයි..ඒ මාධ්‍ය පවා පාලනය කලේ නැත්නම් ලෝකයේ වරප්‍රසාද ලැබී තිබෙන බොහෝ දෙනාට ඒ වරප්‍රසාද නොලැබී යන්න පුලුවන්. නමුත් මේ කිසි දෙයක් රේඛීය නැහැ. ප්ලග් එකක් ගලවනවා වලේ ලේසියෙන් විදේශීය සම්බන්ධතා ගැන කතාකරන දේශපාලකයින් අපිට ඉන්නවා. නමුත් ප්ලග් ගැලෙව්වට පස්සෙ අපි විසින් අනිවාර්යෙන් ප්‍රබල වෙනත් බලශක්ති සැපයුමක් හොයාගන්න වෙනවා. 

මේ අර්ථයෙන් ධර්මයෙන් ගත්තාම එඩ්වඩ් ස්නෝඩන්ලා විකිලීක්ස් අයියලා විසින් කරන්නෙ ඉඳලා හිටලා විසිල් එකක් ගහලා ආනේ මේන්න ඔයාලගේ හොර වැඩ කියලා ආන්ඩුවල  වැරදි පෙන්වනවා. නමුත් ඒ ආන්ඩුව ගියාම එන්න ඉන්න බී ආන්ඩුව මොන වගේ වේවිද? මිනිස්සුන්ට ඕනි විදියට හැම වැදගත් දේම කියවන්න ගත්තොත් එතනදි ලෝකය මීට වඩා ලස්සන වේවිද? ඒ විදියට හිතුවෝතින් එඩ්වඩ් ස්නොඩ්න් කියන්නෙ තවදුරටත් දේව දූතයෙක් වත් සාම පරෙයියක් වත් අමරිකාවට වැටිච්ච හෙනයක් වත් නෙමෙයි. නිකම් නිකම් විසිල් කාරයෙක්. පිටරට නිවුස් ගොඩක ස්නෝඩන් හඳුන්වා තියෙන්නෙත් විසිල්බ්ලෝවර් කියලා.

Tuesday, June 25, 2013

පසුවදන (boottom line)

චානුක ලොකු ගල් රෝල තල්ලුකරගෙන වගේ බස් හෝල්ට් එකෙන් ඉවතට ඇදෙන නිසා නිම්ෂා ඈතින් බස් එකකට වෙලා බලාගෙන හිටියා. චානු මේ තල්ලු කරන් යන ගල් රෝල චානුගෙමද. නැත්තං වෙන කාගෙහරිද? ඒත් නිම්ෂා ආලය කරපු කාලය තුල චානු කවදාවත් මේ විදියට ගල් රෝල් පස්සෙ ගියෙ නැහැ. චානුට අනුව කෙලින් කියන්නෙ කෙලින් මිස පොඩ්ඩක් වත් ඇදේ නම් නෙමෙයි.

ගල් රෝලක් කිව්වට ඒක ගල් රෝලක් නෙමෙයි. ගෑනියෙක්. නිම්ෂාගේ ඉරිසියාවන්ත ඇස් දෙකට චානුත් එක්ක ගිය ගෑනි පෙනුනෙ ගල් රෝලක් විදියට. සමහර විට චානු එක්ක ගිය ගෑනි බැඳලා ඇති. නමුත් චානුට ඒකෙ වැදගත් කමක් නැහැ. ලෝකෙට පේන්න මොකක් හරි එකක්. ආහ්..චානූ ඕකට ගහනවා ඇති පොරි හැලෙන්න. නිම්ෂා හැර අනික් ගොඩක් අය දැක්කම එහෙම හිතන්න ඇති. නමුත් කාලයක් චානු එක්ක හිටපු නිම්ෂා දන්නවා පන්ඩිත චානු ඕකෙන් මොනවා කරනවාද කියලා හරියට කියන්න බැරි විත්තිය.

හැම පූසම මීයෙක් අහුවුනාම එකපාර කන්න යන්නෙ නැහැ. සමහර පූසො උඩදානවා. සමහර උන් මීයා අරං රට වටේ යනවා. අනේ මන්දා. චානු මොකෙක්ද කියලා. මේ වගේ ලොකු ගල් රෝලක් ගත්ත නම් හිමීට වැඩේ කරගන්නෙ නැතුව මේ කොහේද එහෙ මෙහෙ කැරකෙන්නෙ. නිම්ට වගේම චානුගේ යාලුවන්ටත් එහෙම හිතුනා.

නිම් සහ චානු අතර තිබුනෙ ආදර සම්බන්ධයක්, ඒක නැති වෙලා දැන් කසාද බැඳලා ඉන්න නිම්ෂාගේ මිනිහා කරලියට එන්නෙ හේතු දෙක තුනක් නිසා. එකක් චානු ඇත්ත ලෝකෙ ජීවත් නොවීම. දෙක නිම්ෂා චානු ගේ මනෝරාජිකයට කැමති නොවීම. ආදරය කියන්නෙ මනෝ ගේමක්. ඒකෙදි ඒ ඩබලේ මනෝ විකාර එක තැනකදි හරි එකතු වෙන්න ඕනි. නැත්තං ෆේල්. මේක මෙහෙමම වුනේ නැතත් නිම්ෂාට තේරුනා චානු කියන්නෙ තමුන් හොයන වත්මන් පිරිමියා නොවෙයි කියන කාරණාව. ඒ වගේම චානුට තේරුනා නිම්ෂාගේ ෆැෂන් අස්සෙ ඉන්නෙ හද්ද පරණ වැඩවසම් යුගයේ වික්ටෝරියානු ගෑනියෙක් මිස මේ ෆැෂන් අයිති තැපැල් නවීන (පෝස්ට් මොඩනිසම්) යුගයට අයිති ගෑනියෙක් නෙමයි කියන කාරණාව.

දැන් නිම්ෂාට චානුගෙන් ලැබුන නැති දේ අනික් නීත්‍යානුකූල සැමියාගෙන් ලැබිලද? තාම නැහැ. සේයාවක් වත් නැහැ. නමුත් ඒ සැමියා හැබැයි පිලිගන්නවා නිම්ෂා ඉල්ලන දේ හරි. ඒ වගේ දේවල් තියෙන්න ඕනි කියන කාරණාව. පිසිකල් හෙවත් භෞතිකව නිම්ෂාට මේ කියන රජයේ සේවයට ආසන්න රැකියාවක් කරන සාම්ප්‍රදායික සැමියාගේ සාම්ප්‍රදායික වැටුපෙන් නවීන කාර් නවීන ගෙවල් සහ නවීන ජීවිතයක් ගෙනියන්න බැහැ. ඒක බොහොම පැහැදිලියි. නමුත් අඩුතරමෙ ගෙයක් හැදුවෙ නැතත් නිවාස ණයක් අරං ඉඩමක් ගන්න තැනට හරි අලුත් සැමියා එක්ක නිම්ෂාට යත හැකි.

නිම්ෂාගේ ලෝකෙ තිබුන ගේ පොඩ්ඩ නැතත් කවදා හරි ඒක හදාගන්න පුලුවන් පොඩි ඉඩම් කෑල්ලක් දැන් දෙන්නට තියෙනවා. ඒත් චානු හිටියනම් ඒකත් නැහැ. මොකටද නිම් ගෙවල්. මේ ගෙවල් හදන්න ගිහින් ලෝන් එකට ගෙවන ගානෙන් අපිට මැරෙනකල් කුලියට ඉන්න පුලුවන්. අනික අදකාලෙ ගෙදරකට නෑයෙක්, යාලුවෙක් එන්නෙ කොච්චර කාලෙකට පස්සෙද? ඒකකොයිත් තරම් ඈතින් ඈතින් ඈතින් සිදුවෙන දෙයක්ද. ඔයා පොඩ්ඩක් මැතමැටිකලි කල්පනා කරල බලන්නකෝ.. ඔයත් ඉගනගත්ත කෙනෙක් නේ නිම්.

ඒත් ඒ මැතමැටික්ස් ලොජික්ස් ඉකනොමික්ස් නිම්ෂා ඉගනගත්තෙ ජොබක් කරන්න මිසක් ජීවත් වෙන්න ඒවා යොදාගන්න නෙමෙයි. ජීවත්වෙන්න ඉගෙනගන්න නම් ධනාත්මක චින්තනය, සෙක්සි බණ, දොරමඩලා ටෝක්ස් තමය ිවැදගත්. අපි අහලා අහලා හම්පඩ වෙච්චි ජෝක් කෑලි නාකි කටවල් වලින් කියනවා. ඒවා අහගෙන ආච්චිලා සීයලා සහ සියලු දෙනා නිවන් යන්න හදනවා. මරු ආතල් එක. බාගෙ වෙලාවට ටෙලි වලටත් වැඩිය ආතල් ටෙලි ටෝක්ස්.

නිම්ෂාට චානු දැකලා දුකක් ඇතිවුනා. අඩුතරමෙ සෝබනේට හරි චානුට තිබුනා පිළිගන්න ගෙවල් දොරවල්, කාර් ස්ථිර ජොබක් ඕනි කියන එක. චානුගේ සැලරි එක හොඳයි ඒත් ජොබ් එක ස්ථිර නැහැ. ඕක ස්ථිරයි කියලා චානුට කියන්න තිබුනා නේ. අපේ තාත්තට ඒක ස්ථිරයි කියලා මටත් කියන්න ිතබුනා. අනේ මන්දා. ආනන්ද හාමුදුරුවන්ටත් වෙලාවකට යකා වැහිලා හිටියාලු නේ.. චානුක කොයි තරම් සරල ජීවිතයක්ද? චානුත් එක්ක ගෙවුන හැම මොහොතම අමුතු ආශ්වාදයකින් පිරිලා තිබුනා. දැන් තමයි ඒවා නිම්ෂාට තේරෙන්නෙ.

ස්ථිර ජොබ්, ගෙවල්, කාර් ආදි දේවල් හොයන්නෙ අම්මයි තාත්තයි කියලා නිම්ෂා කිව්වාට නිම්ෂාටත් ඒවා ඕනි වෙලා තිබුනා. දැන් නිම්ෂා දුක් වෙනවා චානු බොරු කිව්වෙ නැති එක ගැන. ඒත් අදා චානු බොරු කිව්වා නම් අදත් ඒ අසරණයා අර ගෑනිගෙන් බැනුම් අහනවා. දැන් රෙජිස්ටර් වෙලා කසාද බැඳිච්ච එකා ඒ හැම දේම දෙන්නම් කියලා ආවෙ. නිම්ෂා වෙනුවෙන් ඌ මුලු ජීවිතයම වුනත් දෙයි. එක අතකින් පඩිය සතේටම කැපෙන්න ඇරලා ලෝන් ගහලා ජීවිතයම ගෑනිට දීපු ඒ වගේ එකෙක්ට ලෝකෙ ලස්සනම කෙල්ලා ඇවිත් අපි සෙක්ස් පාරක් කරමුද කියලා ඇහුවත් රූම් එකකට යන්න සල්ලි නැහැ. නමුත් පිළිගත් මත අනුව ඒ යකා මගුල් මුද්ද හංගගෙන බස් වලදි ජැක් ගැහුවත් ඉඳහිට පිනා චාන්ස් ලැබුනම කරටි කැඩෙන්න ගහල ගෑනිට කුනුහබ්බ කිව්වත් මිනිහා ආදර්ශමත් සැමියෙක්.

නිම්ෂාට සියලු දේ ලැබුනා. අම්මලා තාත්තලා සහ සැමියා සමග සියලු දෙනා බලාපොරොත්තුවෙන් කට ඇරගෙන ඉන්න අනාගත සතුටු ජීවිතයක්. කට ඇරං හිටියට මසුරං කටට වැටෙන්නෙ නැහැ. ඒ නිසා නිම්ෂාගේ මිනිහගේ දෙමාපියන්ගේ සීන හැමදාම එකම තැන. හරියට නිම්ෂාලගේ තාත්ත නිම්ෂා පොඩිකාලෙ පටන් අරං තාමත් ඉවර කරන්න බැරිවුන නිම්ෂාලගේ ගෙදර කුස්සි කෑල්ල වගේ.

මේ වගේ බාගෙට හැදුන බාගෙට තැම්බුන බිත්තර වගේ ජීවිත නිම්ෂාට හුරුයි අනාගතයේ ජීවත්වීම වර්ථමානයට හූල්ලන එක තමයි ජීවිතේ.

අපරාදෙ නිම්ෂා මේ කලු ගෑනි එක්ක මම යන එක මෝඩ කමක්.. චානුට හිතුනා. ඒත් ඒකට දැන් ඇලිලා වගේ. ඒකත් අත අරින පාටක් නැහැ. අනික් යාලුවන්ට වගේ සුටුස් ගාල පාට මාරුකරන්න චානුට බැහැ. චානු ඒ ගෑනිට ලවුත් කරන්න ඇති පල් මෝඩයා. ගොන්නු බඳින්නෙ ගස්වල මිසක් පණ ඇති වස්තුවල නෙමෙයි හරකෝ..

නිම්ෂාව කැමති කරගන්න නම් මට තිබුනෙ නිම්ෂා කැමති දේට කැමති වෙන්න. එහෙම වුනානම් මේ වගේ පරණ ලොරියක් පස්සෙ යන්න වෙන්නෙ නැහැ. හැම සතියෙම වියදම් වෙන මේ අමතර ගානත් ඉතුරුයි. බොහෝවිට නිම්ෂා කැමති දිවියට අකමැති වුවත් චානුට සෙක්ස් සම්බන්ධ කේස් වලදි නිතරම නිම්ෂාව මතකයට නැගුනා.

ඇය ළඟින් හැමූ සුවඳ පවා මනස් කාන්ත එකක්. මේ විසිතුරු කෘතිම සුවඳවල් තිබුනාට ඒ නිම්ෂාගේ සුවඳෙ තිබුන ආදරණීය ගතිය ආයෙ එන්නෙ නැහැ. නිම්ෂා කැමති දේවල් වලට විහිලු කරලා නිම්ෂාව තරහ ගැස්සුවාම ඒ තිබුන මූන හරි ලස්සනයි. තරහෙන් ඔරවාගෙන ඉද්දි අතින් ඇද්දම අත ගසාදාන විදියෙත් අමුතු ගතියක් තිබුනා. චානුට හිතුනා.

කොහොම හිටියත් කනවා බොනවා ගෙවෙනවා. මේක අස්සෙ විමුක්තියක් නැහැ. මට තිබුනෙ නිම්ෂා කැමති ටිකට ඔව් කියන්න . පස්සෙ අපිට කස්ටමයිස් කරගන්න තිබුන නේ. අනේ මන්දා. ගෑනු ඇයි එච්චරම ගනන්. ඇයි එයාල එච්චර කොන්දේසි. හරිම සිම්පල් විදියට ජීව්ත වෙන්න තියං ඇයි ඔලුව වටේ අත දාල නහේ එල්ලෙන්න යන්නෙ.

මිනිස්සු ඉස්සරම කාලෙ දඩයමේ ගියා. ගෑනු අල හෑරුවා. එක තැනකට වෙලා අල පල වැල හොයාගෙන හිටපු ගෑනි ඇයි මිනිහට නීති දැම්මෙ. ඒ ගෑනුන්ට අලේ හාරන්න ඇරලා මිනිස්සු සත්තුටික මරං ඇවිත් දෙගොල්ල බෙදාගෙන කාල හිටියනම් හරිනෙ. මගුල් බැඳීම් මහ විකාරයි..

ඒ කාලේත් ගෑනු අලුත් ගල් ගුහා හොයමු කියන්න ඇති. ආනේ අපි අලුත් දුන්නක් ගමු කියන්න ඇති. නැත්තං ඔය යාලුවො එක්ක හැමදාම එකට ඉඳලා බැහැ අපි අලුත් තැනකට යමු කියන්න ඇති. සමහර විට මිනිස්සු සමූහ වශයෙන් හෝ තනිව තැන් තැන් වලට සංක්‍රමනය වුනෙත් ඔය පස්ට ගෑනුන්ගේ වදේට වෙන්න ඇති. ඒ අතින් අල හෑරුවට උනුත් මොනවහරි කරන්න ඇති නිකම්ම ඉන්නෙ නැතුව.

නිම්ෂාත් චානුත් ලෝක දෙකක කිසිදා ඡේදනය නොවී පැවතුනා. ටෙලියක, නවකතාවක, කළාතුරකින් ඉතාම කළාතුරකින් සැබෑලොව සිදුවීමක නිම්ෂා සහ චානු ඉඳලා හිටලා හමුවුනා. කතා කලා. නමුත් සත්‍ය ලෝකෙ දෙන්නා හැමදාම බොහොම දුරස්ව තමුන්ගේ මග සොයමින් සසර සැරි සැරුවා.

Tuesday, June 18, 2013

ලෙඩ බෝ කරන අපේ පුරුදු

සාමාන්‍යයෙන් යුරෝප රටවල එහෙම ෂැම්පු එන්නෙ විසාල බෝතල් වල. එක ෂැම්පු බෝතලයක මිලිලීටර පන්සීයක් විතර තියෙනවා. නමුත් අපි ෂැම්පු පාවිච්චි කරන්නෙ කඩේ තියෙන පුංචි පැකට් වලින්. පැකට් එක අරං ආව ඔලුවට දැම්ම පැකට් එක කොහෙට හරි විසික් කලා. අර ලොකු සයිස් ෂැම්පු බෝතලයක තියෙන ප්‍රමාණයට ෂැම්පු එන්න නම් මේ කුඩා පැකට්ටු සීයක් දෙසීයක් විතර භාවිත කරන්න වෙනවා. මේ ළඟදි ගිය නිවුස් එකක මට ඇහුන දෙයක් තමයි මේ කුඩා ෂැම්පු පැකට් නිෂ්පාදනය කරන ආයතන එක්ක පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතන සාකච්චා කරන්න ඉන්නව කියලා. ඒක හොඳ වැඩක්. බඩු වෙළඳ පොලට දාන්නෙ මිනිසුන්ගේ අවශ්‍යතා අනුව. ඉතිං ඒවා නවත්වන්න ගියොත් මිනිස්සුන්ට හිරිහැර වෙනවා.

 ෂැම්පු කම්පැනි එක්ක කතාකරලා අනේ මේක බාල්දියකට විසික් කරන්න කියලා ලොකුවට ගැහුවත් අපේ පුතාල ඒක කරයිද? අනික ෂැම්පු පැකට් එක මොන විදියට අයින් කලත් ඒක යන්නෙ ලංකාව ඇතුලෙම කොහේ හරි කුනු ගොඩකට. අපේ ගෙදරින් ෂැම්පු පැකට් එක අයින් වුනත් ආයෙත් වෙන ප්‍රෙද්ශයක ඉන්න දුප්පත් ජනතාවට ඩෙංගු මැලේරියා ඇතිකරන්න අර පැකට් හේතු වාසනා වෙනවා. 

අපේ ශ්‍රමදානයේ අයින් කල කුනු ආදිය.
මෙතනදි අපිට ඇයි  විශාල බෝතල් මිලදී ගන්න බැරි කියන එකටත් හේතුවක් තියෙනවා. ගෙදරක හෝ වේවා බෝඩිමක හෝ වේවා ෂැම්පු සබන් කුඩු අධිකව පාවිච්චි කරන අය ඉන්නවා. අර පැකට් වල කොයි තරම් යසට ගහල තිබුනත් මෙච්චර දාන්න කියලා ඒව බලන්නෙ නැතුව හෝ ගාල සබන් කුඩු දානවා. ෂැම්පු තියේ නං අත පිරෙන්න දාගන්නවා හරියට ආන්ඩුවෙ ෂැම්පු බෝතලෙන් ගන්නවා කියලා හිතාගෙන. ඇත්තටම ෂැම්පු ගොඩාරියක් දැම්ම කියලා ආයෙ සතියකට නාන්නෙ නැතුව ඉන්න බැහැ නේ. ආයිත් තව දවස් දෙක තුනකින් නාන්න වෙනවා. රෙදි හේදිල්ලත් එහෙමයි. ඉතිං ඔය වගේ කාරණා හින්දා අපිට ගෙදරකට, බෝඩිමකට අලි සයිස් ෂැම්පු බෝතලයක්, ලොකු සෝදන කුඩු පැකට් එකක් ගෙනියන්න අමාරු වෙල තියෙන්නෙ. මෙතන ආකල්පමය ගැටලුවක් තමයි තියෙන්නෙ. සීනි ගොඩාක් දැම්ම කියල තේ එක රස වෙන්නෙ නැහැ.

 නමුත් අපේ අය ගෙදර අම්ම තාත්ත ගෙනාවත් සමහරදේවල් නාස්ති කරන්නම හුරුවෙලා. මම දැකලා තියෙනවා සමහර අයියලා කඩවල් වලට ගියාම ඒකෙ තියෙන පොඩි සෝස් බෝතලෙන් බාගයක් විතර ප්ලේට් එකට හලාගෙන මාලු හොදි එක්ක කන්න වගේ ඒකෙ ඔබාගෙන මාලුපාන් කනවා. ඉතිං එහෙම කරන ගමන් වෙන කඩේකට ගිහින් සෝස් නැති වුනොත්..බඩකඩුත්තු කඩේ සෝස් ඩිංගක් වත් නැහැ කියලා බනිනවා. අපි අපිට ඕනි තරමට දේවල් පාවිච්චි කරන්න හුරුවෙන්නෙ නැති නිසා තමයි අපිට පොඩි පොඩි පැකට් විදියට ඒ සමහර දේවල් ගන්න සිද්ද වෙලා තියෙන්නෙ. 

මේ කතාව ඇදලා ගත්තෙ ඇත්තටම අපේ අවට තියෙන පරිසරය පිරිසිදුව තියාගත්තෙ නැත්නම් එක එක රොගාබාධ හැදෙන්න තියෙන අවධානම වැඩිවෙනවා. එයින් එකක් තමයි ඩෙංගු. ඔය ඩෙංගු බෝවෙන්න එක හේතුවක් තමයි පොළිතින් සහ ප්ලාස්ටික් බෝතල්. 

ඉස්සර අපි පොල්තෙල් ගේන්න කඩේට යනකොට බෝතලයක් අරගෙන යනවා. නමුත් කාලය වෙනස් වෙලා අපි ඒක පොලිතින් බෑග් වල ගේන්න හුරු වුනා. ඒ ඇසුරුම් පරිසරයට අපි නිසියාකාරව බැහැර කොලේ නැත්තං බඩු බනිස් තමයි. උදාහරණයක් විදියට අපි කාල විසික්කරන ටොපි කොලේ  කාලයත් එක්ක පාර අයිනට වෙනවා. අයිනට වෙලා කාලයක් තිබිලා වැස්සම ඒක අස්සෙ වුනත් මදුරු කීටයො එකෙක් දෙන්නෙක් ඇතිවෙන්න පුලුවන්. ඉතිං අපි කන කෑමක් ඔතල තියෙන (ටොපි, බිස්කට්, ජුජුප්ස්, කජු ) කොලේ සාක්කුවේ දාගෙන ගිහින් හරියට විසික් කරගන්න බැරිතරම් ආත්මාර්ථකාමි වෙලා ඇවිත් ගෙදර ඇවිත් පත්තරේ බලල ටීවී එක බලලා ආන්ඩුවට බනිනවා ඩෙංගු මර්ධනය කරන්නෙ නැහැ කියලා. 

මේ වගේ වසංගතයක් මර්ධනය කරන්න පාලනය කරන්න රාජ්‍ය ව්‍යුහන්ට වුනත් හරිම අමාරුයි. ඒකට ජනතාවගේ ආකල්පික වෙනසක් අවශ්‍යයි. දැක්ක දැක්ක තැන හිතුමතේ කුනුදාන තමුංගේ වත්ත පිටිය තමුංගේ ඉඩම අසල තියෙන පාර පිරිසිදුව තියාගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්න කොට රජයකට විතරක් මේ වගේ දේවල් ගොඩදාන්න බැහැ. අනික ඔය කියන විකල්ප කීටයො දැමීම වෙනත් ජීව විද්‍යාත්මක මර්ධන ක්‍රම අපේ පරිසර තුලනයට බාධාවක් වෙන්නත් පුලුවනි. ඒ නිසා අපි හැම තිස්සෙම ඩෙංගු බෝකරන්නෙ ආන්ඩුව, නැත්තං සභාව, නැත්තං අල්ලපු ගෙදර එකා කියන එලියෙ හේතු ටික එකතුකරන්නෙ නැතුව අපි අපේ ඇතුලෙ ආකල්පය වෙනස් කරගන්න හදනවා නම් වැදගත්. 
අපේ කන්තෝරුව අසල දුම්රිය පාර අසලින් සොයාගත් බෝතල්
ඉස්සරම කාලෙ වැද්දො වතුර පැණි ආදිය අරං ගියේ ලබ්බෙ. ලබ්බ කිව්වෙ ලබු කැටේට. ලබු කැටේ කියන්නෙ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගැජට් එකක්. එකපාරක් පාවිච්චි කරලා ලබ්බ විසික් කලොත් අවසානෙ ගමනක් යනකොට ගෙනියන්න වැද්දන්ට ලබ්බක් නැති වෙනවා. ඉතිං ඔය ලබ්බ පරිණාමනය වෙලා නොයෙක් ආකාරයේ අලංකාර වතුරු බෝතල ඇවිත් තියෙනවා. අපේ කන්තෝරුවෙත් ලීටර දහතුනක් විතර වෙන ලොකු ප්ලාස්ටික් ලබු කැට වගේක වතුර ගෙනල්ලා මැසින් වල දාල තියෙනවා. 

කෙල්ලො ගෙනියන පොඩි ලබු කැට ජාතියකුත් තියෙනවා. කොහොමත් ඔය පන්ති යන කෙල්ලොන්ට හෙම පුදුම වතුර තිබහවල් තියෙන්නෙ. බස්සෝල්ට් එකේදි එක සොට් එකක් දානවා. බස් එකට නැගලා වාඩිවුනාම තව හීනි සොට් එකක් දානවා. බස් එකෙන් බැස්සම තවත් පොඩි සොට් එකක් ගන්නවා.අරගෙන ක්ලාස් එකට ගිහිං සර් එන්න කලිං එක සොට් එකයි. සර් ආවම තව සොට් එකයි. ඒක එක්තරා ආතල් එකක් වෙලා. දැං විභාග ලියන ලමයිතුත් වතුර බෝතලයක් අනිවා තියං ඉන්නවා. හැබෑට අපි විබාග ලියන කාලෙ තමයි කාලෙ. අරං යන පයිල් එකත් ඉස්කෝලෙ ඩෙස් එකෙ ලෑල්ල යට හංගලා එනවා. ඊලග දවසට ගන්න. 

ඒකට දැන්, තියෙන හැම පොතක්මයි, වතුර තේ වතුර බෝතල් හදාගෙන බත් මුල් බැඳගෙන විබාග ලියන්න යන්නෙ නිකං පැල් ලගින්න යන අබරං ආතල වගේ. මේ පිංතූරෙ තියෙන බෝතල් ටික හොයාගත්තෙ අපේ කන්තෝරුව අසබඩ තියෙන දුම්රිය මාර්ගය දෙපසින්. ඒ දුම්රිය සේවකයෝ ඒවා පිරිසිදු කරනවා. නමුත් ඈතට වෙන්න බැද්ද හරියෙ තිබුන ඒවා තමයි මේ. මේ ප්ලාස්ටික් බෝතල් නං හරිම පරිසර හානියක් තමයි කොරන්නෙ. ඒත් දැන් මිනිස්සු ඉස්සර වගේ හෝටලේකට රිංගලා වතුර එකක් බොන්නෙ නැහැ. බෝතලේ අරගෙන පොඩි උං වගෙ කටේ ගහගන්නවා අර බෝතලේ. 

බිව්වට පස්සෙ මොකෙක් වත් දකින් නැති වෙනකල් ඉදලා අත අරිනවා බෝතලේ අවට පරිසරයට. ඉතිං ඒ තමුං අත ඇරපු බෝතල් ටික වෙලාවට සුද්ද කලේ නැතිවුනාම ආයෙත් කෑගහනවා.. මේ බලන්න අනේ ... මේ බෝතල් දාල හරිම ඩර්ටි වෙලානේ මේ එන් වරයමන්ට් එක. අපේ අර්බන් කවුන්සිල් එක එන්නෙ නැහැ නේ වෙලාවට. අර සැර දුම අල්ලන්න විතරයි එයාල එන්නෙ. කියලා කියනවා. සමහරු.

මම නම් ගිය ඉරිද වෙලාව අරගෙන අපේ බෝඩිම පිටිපස්ස පිරිසිදු කරලා දැම්මා. ඒකෙදි අපෙ වාහෙලා අතඇරපු සර්ෆ් එක්සෙල් සැම්පු පැකට් හත අටක්ම හම්බු වුනා. ඔන්න අද අපේ කන්තෝරුවෙ තිබුන ඩෙංගු මර්ධන වැඩසටහනටත් යන්තම් සහභාගි වුනා. මාත් ඉස්සරහට හුරු වෙන්න ඔනි හොඳ හයිය ප්ලාස්ටික් වලිං හදපු වතුරු බෝතලයක් මිලදී අරගෙන ඒක නැවත නැවත පාවිච්චි කරන්න. නැත්නම් අපි ට්‍රිප් ගියාම හෙම කුනුබාල්දි වලට දාන බෝතල් පවා කාලයක් මේ විදිටය පරිසරයේ තිබිලා ඩෙංගු ආදිය බෝකරන්න හේතු වෙන්න පුලුවන්. 

 මේ දවස්වල උණ ජාතිත් ගොඩක් පැතිරෙනවා. වැස්ස කාලෙ නිසා ලෙඩ ඇතිවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඉතිං තියෙන්නෙ ඩෙංගුමද කියලා බලාගන්න එක වැදගත්. නලිනි චන්දිමා කියන වෛද්‍යතුමිය සිත් ආර කියන බ්ලොග් අඩවියේ ඩෙංගු ගැන ලියලා තිබුනා. ඒක සාවධානව කියෙව්වොත් තමුංට ඩෙංගු උණ ගැන අවබෝධයක් නොමිලේම ලබාගන්නත් පුලුවන් වෙනවා. 

Monday, June 17, 2013

සිංහල පේන ලාබ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් Sinhala enabled cheap android smartphone

ඔන්න එකපාරක් ඉස්කෝලෙකට ආව අලුත් කොල්ලෙක්. දැන් අර පරණ උන් අර අලුත් එකාට රැග් කරන්න තමයි හදන්නෙ.. අරඅලුත් කොල්ලාත් ලොකු ටෝක්ස් දෙන්න ගියොත් නෑම වැඩිවෙන නිසා බොහොම අහිංසක ලුක් එකක් මූනට දාගෙන ඉන්නවා.. කොල්ලො සෙට් එක ආවා.. එතකොට මූ ගාව තිබුනා අලුත් පැන්සල් පෙට්ටියක්. මූ දැන් පෙට්ටියතත් ඩෙස් එක උඩ තියාගෙන ඉන්නවා..

දැන් අර සෙට් එක ඇවිත් වටවෙලා ඉන්නවා. පෙට්ටිය දැකපු එකෙක්.. මේ තමුසෙට අලුත් පෙට්ටියක් ලැබිල නේ? 
ඔවු අලුත් එකක් ගෙනත් දුන්න අම්ම...
එතකොට කෝ උඹේ පරණ පෙට්ටිය?
ඒක නංගිට දුන්නා..
එතකොට නංගිගෙ පෙට්ටිය....
නංගිගෙ පෙට්ටිය පන්තියෙ කොල්ලෙක් කඩලා..

ඒ කාලෙ ලොකු අවබෝධයක් තිබුනෙ නැතත් ඒක විහිලුවක් වගේ..එකෙක් දෙන්නෙක්ට හිනා ගියාම සෙට් එකම මහ හයියෙන් හිනා වුනා..උන් හිනා වුනාම..මේකෙ මොකක් හරි දෙයක් ඇති කියලා හිතාෙගන හිනාවෙලා මුං ටික පිට් කරගන් ඕනි කියලා හිතාපු අර අලුත් කොල්ලත් හක හක ගගා හිනා වුනා..

යකෝ තොගේ නංගිගේ පෙට්ටිය කොල්ලෙක් කඩල තියෙන සතුටටද තෝ හිනාවෙන්නෙ? උලමා.. එකෙක් සද්දෙන් ඇහුවා..

ඉතිං එතනින් උගේ හිනාව නැවතුනා..

මමත් අලුත් ඉස්මාට් පෝන් එකක් ගත්තා. එතකොට අනික් අයට එන අවුල තමයි කෝ අනික් පෝන් එක කියන එක.. අවසන් වරට තිබුනෙ හුවාවේ ලාගේ රුපියල් එක්දාස් පන්සියට මොබිටෙල් එකෙන් දෙන huawei පෝන් එක..ලාබ උලුදු වඩේ එකේ හිල් තියෙනවා කියන්න වගේ මේ බාන්ඩේ නම් එපා වුනා. පෝන් ටිකක් බස් එකේ තැලෙන කොට ඕප වෙනවා.. කෝල් කට් වෙනවා.. බැටරිය දවසයි. වගේ පොඩි පොඩි දෝස ගොඩක් පොන් එකත් එක්ක නොමිලේම ලැබුනා.

කලිං තිබුනා ඇල්කටෙල් එකක්..ඒක හොරුගත්තා. මං බොරැල්ල පැත්තෙ සැරිසරන අතරෙදි නැතිවෙලා. කම්පෙලෙන් එකක් දැම්මා. දැන් මාස හයක් විතර ඇති. තාම නැහැ උත්තරයක්. මං ඒකෙ අදහස අත ඇරලාදැම්මා.

මටත් හිතුනා ඉස්මාට් පෝන් එකක් ගන්න. ඔන්න එකක් මං ගත්තා
මේකෙ විස්තර මේන්න මෙතනින් බලාගත හැකි පෝන් එකේ නම නම් ඇවිල්ල ගැලක්සි ෆේම්..පිංතූරෙ දැක්කම පේනව ඇති නේ බාන්ඩෙ සැම්සුන් කියලා..

සරලවම ගත්තොත් මේන්න මේ ටික තියෙනවා

Network/Bearer and Wireless Connectivity

  • GSM 3G, HSDPA / HSUPA
  • EDGE / GPRS Quad-band (850 / 900 / 1,800 / 1,900MHZ)
  • HSDPA 7.2, HSUPA 5.76 Mbps (900 / 2,100 MHz 3G Band)
  • Wi-Fi 802.11b/g/n (2.4Ghz)
  • Wi-Fi Direct available
  • GAP, GATT, A2DP, AVRCP, GAVDP, HFP, HID, HSP, MAP, OPP, PAN, PBAP, SPP
  • KIES support

Display

  • TFT
  • 262K
  • 3.5-inch
  • 320 x 480 (HVGA) pixels

Memory

  • 4GB Storage / 512MB RAM

OS

  • Android 4.1 (Jelly Bean)

Chipset

  • Single Core Application Processor
  • Cortex A9 1GHz Processor

Camera

  • 5 Megapixels Camera Resolution (Rear)
 මේක රුපියල් සල්ලි වලිං රුපියල් 20,000/=ක් වගේ ගානකට මට ගන්න පුලුවන් වුනා අරාබියෙ (UAE) ඉන්න යාලුවෙකුගේ මාර්ගයෙන්..මෙහෙ ටිකක් හෙව්වොත් රුපියල් විසි හතර දාහකට විතර ගත හැකි වෙයි.

මේ තියෙන්නෙ මේක ගැන යන දැන්විමක්..

මේ පෝන් එක ගැලක්සි වයි (Samsung galaxy Y) එකට වඩා හොඳයි..ඒ වගේම මේකෙ සිංහල අකුරු (Sinhala Unicode) බොහොම යසට පෝන් එක ගත්ත වෙලාවෙ ඉදල පේනවා..

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සිංහල හොදට පේන අඩුවට තියෙන පෝන් එකක් කියන එක.. මීට වඩා අඩුවට ඩයලොග් එකේ පෝන් එකක් තියෙනවා ඇන්ඩොය්ඩ් නමුත් ඒක ඇවිල්ලා ඇන්ඩ්‍රොය්ඩ් වල පරණ වර්ෂන්( Android 2.3) එකක්. මේක නම්(GT-S6810)  මූලිකව ස්මාට් පෝන එකක් ඔනි කෙනෙක්ට කියාපු බඩුව.

මේක2013 අවුරුද්දෙ අප්‍රේල් වගේ ආපු එකක්. තාම හරියට කවරයක් වත් හෙයාගන්න නැහැ.මගේ යාලුවො ගොඩදෙනක් අලුත් පෝන් එක අල්ලලා ටච් කරලා කාරිය එහෙ මෙහ ඔබලා කිව්වා පෝන් එක ඒ ගාන්ට වැඩිත් එක්ක කියලා..

මම මේ වගේම ඇන්ඩ්‍රොය්ඩ් තියෙන සෝනි පෝන් බැලුවා. සෝනි වල සිංහල හරියට පේන්නෙ නැහැ. රස්සාව වෙනුවෙන් වත් ඉංගිරිසි හරියට ඉගනගත්තෙ නැති අපි පෝන් එක වෙනුවෙන් ඉංගිරිසි ඉගන ගනීයැ. ඔන්න ඔහෙ සිංහල පේන වාසිය නිසාම සැම්සුන් ගැලක්සි පවුලේ අය එක්ක බැදෙන්න හිතුවා. හැබැයි මට නම් ගෙවපු ගානෙ හැටියට පෝන් එක හොදට වටිනවා..
සිහින දැකපු ස්ක්‍රින් සොට් එක.


Sunday, June 16, 2013

බලු ආත්මයක හමුවෙමු

අපේ ඉර අපේ හඳ

කියා වෙනසක් නැතුව

ඔයාලට වගේ අපි හැමෝටම

රෑ දවල් එලිය ටික

 බෙදෙනවා..



වසා ඇත කියා හෝ

අවුවට පිච්චිලා ගියාහෝ

කිසිම වෙනසක් නැතුව

සියලු ලෙඩ දුක් ගැහැට

ඔක්කෝම විඳිනවා..



කවුරු කැපුවත් කොහෙන්

ගලන ලේ රතුම පැහැ වෙනවා

නිරුවතින් පෝලිමක ගියෝතින්

කිසිම වෙනසක් නැතුව පේනවා..

කතාකරනා අඳින පලිදිනා හැටි මැනං

මිනිස්සුන් වෙන්ව ගොඩවල් වෙන්ට හදනවා..

අපි තමයි හරිං උතුං අපිතමයි ලොක්කෝ

සිතා රකුසන් යකුන් ගෝත්‍රික නෑසියන්

වගේ වෙන්නට පෙරුම් පුරනවා...



අලංකාරෙට වැසූ ඔබේ ඔය සෝල් එක හරි ලස්සනයි..

යසට පීරා හොඳින් ගොතා ඇති කෙස් කැරලි...හරි උජාරුයි..

ඒ යටින් කහපාට මුහුන උඩ රතුපාට තොල් දිවෙන අපූරුව සුන්දරයි..

සියලු දේ යටින් ස්නායු දිගේ යන නොගැලපෙන ආදරේ මට තාම සුවඳයි..



තවදිනක එක් නොවෙන ඔබේ මගේ ස්පර්ශයක සුව මතක් වෙනකොටත් මට උනුහුමයි..

ඇඳුම, ජාතිය, කුලය..බලය, මානය, ධනය හරස් වුනෙ නොමැතිනම් ඒක හරි සනීපයි..

හැඟුම් ඉපදී වැඩුන වැඩී මිනිසත් කමට මේ සියල් දැනෙන් නැති තිරිසනුන් වී උපදිමුද යලි අපී.. ..

ඉබාගාතේ යනෙන ඔබ සුනඛ ධේනුවක් මමත් වල් බල්ලෙක් ලෙසින් අපි මතු සසර හමු වෙමූ..


Friday, June 14, 2013

තිරුවානා (Quartz Sri Lanka)

තිරුවානාවල ප්‍රයෝජන

තිරුවානා වල ඇති විශේෂිත භෞතික සහ රසායනික ගුණ හේතුවෙන් අපගේ එදිනෙදා ජීවිතයට මෙම ඛනිජයෙන් ඇති ප්‍රෙයා්ජන අතිමහත්ය. බෙහෝ රසායනික ද්‍රව්‍යයන්ට ප්‍රතිරෝධය දක්වන මෙම ඛනිජය අපගේ නිවෙස්වල භාවිත කරන බොහෝ භාන්ඩ උපකරණ නිෂ්පාදනයට යොදාගනී. එසේම පැලුම් නොමැති ඉහල දැඩිබවක් ඇති සුලභ ඛනිජයක් නිසා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය දෙයකි. අඩු විශිෂ්ඨ ගුරුත්වයක් ඇති තිරුවානා සාමාන්‍ය තත්වයන් යටතේ විද්‍යුත් හෝ චුම්බක ගුණ ඉතා අඩු වශයෙන් පෙන්වයි.

ඉතා පිරිසිදු අවර්ණ තිරුවානා ස්ඵටික ප්‍රකාශ උපකරණ වලට යොදා ගනී. මෑත කාලයේදී ඉලෙක්ට්‍රොනික් උපකරණ කෙඳිමය ප්‍රකාශ ද්‍රව්‍ය, සූර්ය කෝෂ සහ කෘතිම තිරුවානා ස්ඵටික සෑදීමට තිරුවානා යොදා ගනී. ප්‍රමාණාත්මකව වැඩි වශයෙන් වීදුරු සහ පිඟන් වැනි භාන්ඩ නිපදවීමට. යකඩ නිෂ්පාදනයට හා ඉදිකිරීම් වැඩවලට තිරුවානා යොදා ගනී. තිරුවානා වලින් වැලි කඩදාසි නිෂ්පාදනය කලත් නුදුරු අනාගතයේදී ඒවා භාවිතයට නොගැනීමට බොහෝදුරට ඉඩකඩ ඇත. ඊට හේතුව සිලිකා කුඩුවලින් පිළිකා සෑදීමට ඇති ඉඩකඩ නිසාය. සිලිකන් වර්ථමානයේ ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයට ඉතා වැදගත් මූලද්‍රව්‍යයකි. එය තිරුවානා වලින් නිස්සාරණය කරගනී. මැණික්වල ඇති ගතිගුණ ඇති සමහර තිරුවානා මැණික් ලෙස හෝ අර්ධ මැණික් ලෙස පිළිගනී.

ශ්‍රී ලංකාවේ තිරුවානා

තිරුවානා ජනනය වන අකාරය අනුවද වර්ගීකරණය කල හැක. මේ අනුව ශ්‍රී ලංකාවේ තිරුවානා වර්ග හතරක් අපිට දැකගත හැකිය. ඒවා නම්.

1. තිරුවානා වැලි (Quartz Sands)

2. ධමනි වූ තිරුවානා (Vein Quartz)

3. විපරිත වූ තිරුවානා (Quartzite)

4. පෙග්මයිට්වල ඇති තිරුවානා (Quartz in Pegmatite)

තිරුවානා වැලි

මිලිමීටර් දෙකක් පමණ විශාලත්වයක් ඇති වන කණිකා, වැලි ලෙස හඳුන්වයි. භෞතික ජීර්ණයට හා රසායනික ජීර්ණයට භාජනය වූ පාෂාණවල ඉතිරි වූ කොටස් ජලය, සුළඟ වැනි ප්‍රවාහක මඟින් ප්‍රවාහනය වී වෙනත් ස්ථානයකට එකතු වී වැලි නිධි සෑදේ. තිරුවානා ජීර්ණයට ඉතා හොඳ ප්‍රතිරෝධයක් දක්වන බැවින් මෙම නිධිවල බහුලව තිරුවානා ඇත. මෙම නිධි ගංගා ආශ්‍රිතව මුහුදු වෙරළ ආශ්‍රිතව සහ කාන්තාර ප්‍රෙද්ශවල දැකිය හැකිය. වැලි (මිලිමීටර 2 පමණ) ප්‍රමාණයේ තිරුවානා කණිකා එක් ස්ථානයකට එකතු වීමෙන් තිරුවානා වැලි නිධි සෑදෙයි.

ත්‍රිකුනාමලයේ වැලි නිධියක්.
සමහර වැලි නිධිවල තිරුවානා පමණක් දැකිය හැකි අතර සමහර නිධි වල අනෙක් ඛනිජයන්ද දැකිය හැක. තිරුවානා පමණක් ඇති වැලි නිධි ආර්ථික වශයෙන් වැදගත් වෙයි. මෙවැනි තිරුවානා නිධි මාරවිල, නාත්තන්ඩිය ප්‍රෙද්ශවල සහ මාදම්පේ ප්‍රදේශයේ ද වල්ලිපුරම්, අම්පන් ප්‍රෙද්ශයේද අප රටෙහි දැකිය හැකිය. මෙම නිධි කිලෝමීටර් ගණනක් (බොහෝවිට කිලෝමීටර 5ට වඩා වැඩිය) දිවෙන අතර පළල මීටර ගණනක් වෙයි. සාමාන්‍යෙයන් මෙම නිධිවල ගැඹුර මීටරයක් දෙකක් පමණ වෙයි. මෙම නිධිවල ප්‍රමාණය ටොන් මිලියන දහයක් පමණ වෙයි. රසායනික විශ්ලේෂණයන්ට අනුව මෙම නිධිවල සියයට 98ක් පමණ තිරුවානා ඇතිබව සොයාගෙන ඇත. ඒවායේ සුළු ප්‍රමාණයක් අපද්‍රව්‍ය ලෙස ඇත. මෙම නිධි වීදුරු සහ පිඟන් භාන්ඩ නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනී.

ගංගා ආශ්‍රිතව මෑත කාලයේ තැම්පත් වූ වැලි නිධිවල ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩිය. එම නිසා මෙම වැලි ඉහත සඳහන් කර්මාන්ත වලට යොදා නොගනී. කෙසේ නමුත් මෙම වැලි ඉහත සඳහන් කර්මාන්ත වලට යොදා නොගනී. කෙසේ නමුත් මෙම වැලි ඉදිකිරීම් කර්මාන්තයට විශාල ලෙස යොදා ගනී. ලංකාවේ ඇති මහවැලි කැළණි කළු, දැදුරු ඔය, මහ ඔය, සහ වලවේ යන ගංගා ආශ්‍රිතව විශාල ලෙස වැලි තැම්පත් වෙයි. මෙම නිධි වලට ඇති ඉල්ලුම අධික බැවින් සෑම ස්ථානයකම හමුවන නිධි කැනීම් කරයි. එම හේතුවෙන් විවිධ පාරිසරික ගැටළු මතු වේ. මුහුදු බඩ ප්‍රෙද්ශවල සිදුවන වැලි කැණීම් නිසා සාගර ජලය ගොඩබිම ඇති භූගත ජලය සමඟ මිශ්‍ර වීමට ඇති හැකියාව වැඩිය. එසේම තැම්පත් වන සියලුම නිධි කැණීම් කර ඉවත් කිරීම නිසා ගංගා පතුල් සහ ඉවුරු ඛාදනය වැඩි වෙයි. එසේම ගංගා වල ජල මට්ටම පහල වැටීමේ තර්ජනයකට මුහුන පා ඇත. මෙවැනි පාරිසරික ගැටලු ඇතිවන බැවින් ඉදිකිරීම් කර්මාන්තයට යොදාගන්නා ගංගා ආශ්‍රිත වැලි වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය යොදා ගැනීමට කාලය එළඹ ඇත.

ධමනි තිරුවානා

පොළව අභ්‍යන්තරයේ ඇති තාපද්‍රව ඉහළට පැමිණ පාෂාණවල දුර්වල ස්ථානවල ඝනීභවනය වීමෙන් මෙවැනි නිධි සෑදේ. මෙම තාපද්‍රව වල උෂ්ණත්වය මැග්මාවල උෂ්ණත්වයට වඩා අඩු වන අතර වැඩිපුර ජලය අඩංගු වෙයි. අප ශරීරයේ ඇති ධමනි විසිරී ඇති ආකාරයට පොළොවේ දැකිය හැකි මෙම නිධි පළලින් හා ඝනකමින් අඩු වුවත් (උපරිම මීටර් 300) දිගින් කිලෝමීටර ගණනක් වුව පැතිර ඇත. මෙම ධමනි තිරුවානා වල ඇති විශේෂත්වය නම් තිරුවානා පමණක් තිබීමය. එනම් අපවිත්‍ර ද්‍රව්‍ය අඩුය. එසේම ඉතා පිරිසිදු (සිලිකා ප්‍රමාණය 99% පමණ වේ) මෙම තිරුවාණා සුදු, අවර්ණ හෝ රෝස පැහැයක් ගනී. 



නිධි පැතිරී ඇති සුවිශේෂී ආකාරය සහ වෙනත් ඛනිජ මේවායේ ඇති තිරුවාණාවල ස්ඵටික මුහුණත් හොඳින් දැකිය නොහැකි අතර බලංගොඩ-පැල්මඩුල්ල ඇඹිලිපිටිය, ගලහ සහ මාතලේ ප්‍රෙද්ශවල දැකිය හැක. මීට අමතරව අනුරාධපුර සහ හොරොව්පතාන ප්‍රෙද්ශවලද සුළුවෙන් දැකිය හැක. විටෙක මහත් වී අනෙක් විට කුඩා වී ඇති නිධි පොළව මතුපිට කුඩා කඳුගැට ලෙස දිස්වේ. මේවායේ අපද්‍රව්‍ය ලෙස යකඩ, ටයිටේනියම්, ඇලුමිනියම්, සහ තඹ පවතී. සමහර ධමනි තිරුවානා වල රත්‍රන් පවතී. කෙසේ නමුත් අප රටෙහි රත්‍රන් අඩංගු නිධි තවමත් හමු වී නොමැත. ධමනි තිරුවානාවල අපද්‍රව්‍ය ඉතා අඩුවශයෙන් තිබුනත් 100% පිරිසිදු කිරීමට ඉහල තාක්ෂණයක් අවශ්‍යය. අප රටෙහි එම තාක්ෂණ දැනුම නොමැති බැවින් ඉතා අඩු මුදලකට තිරුවානා කුඩුකර පිටරට පටවනු ලැබේ.

ඉලෙක්ට්‍රොනික් භාන්ඩ සහ සූර්යකෝෂ වැනි ඉතා ඉහළ තාක්ෂණයක් සමඟ නිෂ්පාදනය වන ද්‍රව්‍යවලට මෙම අමුද්‍රව්‍ය යොදා ගනී. අනෙකුත් කර්මාන්ත වලට අවශ්‍ය වන තිරුවානා වල පිරිසිදුකම ඉහළ මට්ටමක තිබිය යුතු නැත. එහෙත් අපේ අනවබෝධය නිසා ධමනි තිරුවානාත් මෙවැනි කර්මාන්ත වල අමුද්‍රව්‍යක් ලෙස යොදාගනී. එය අපගේ මහඟු සම්පතක් විනාශ කරන ක්‍රියාවකි.

පෙග්මටයිට් වල ඇති තිරුවානා

පෙග්මටයිට් තිරුවානා
පෙග්මටයිට් පාෂානයේ විශාල ස්ඵටික (සමහර අවස්ථාවල මීටර් 5-10 පමණ) දැකිය හැක. එසේම බොහෝ අවස්ථාවල මේවා විපරීත පාෂාණ තුළ එක් එක් ස්ථානවලට සීමා වී ඇත. දුස්ස්‍රාවිතාව වැඩි (උකු) මැග්මාවලින් පෙග්මනයිට් නැමැති ආග්නේය පාෂාණයද සෑදේ. පෙග්මනයිට්වල තිරුවානා සහ ෆෙල්ඩ්ස්පාර් වැඩි නම් ඒවා ගැනිටික් පෙග්මනයිට් ලෙස හඳුන්වයි. පෙග්මනයිට් වල තිරුවානා පෙල්ඩ්ස්පාර් සහ තලාතු මිනිරන් වැනි කර්මාන්ත ඛනිජ මෙන්ම වෙනත් ආර්ථික වශයෙන් වැදගත් ඛනිජද හමු වෙයි. ඒ අතර පඩියං, තෝරමල්ලි, බෙරිල්, ප්ලුවොරයිට් සහ මොනාසයිට් වැනි ඛනිජද දැකිය හැක. බොහෝමයක් පෙග්මනයිට්වල තිරුවානා මැදින් (හරයේ පිහිටා ඇති අතර තිරුවානා සමඟ ෆෙල්ඩ්ස්පාර් හරයට ආසන්නව පිහිටා ඇත) සමහර පෙග්මයිට්වල විෂම ආකාරයට පැතිරුන තිරුවානා හා ෆෙල්ඩ්ස්පාර් ද දැකිය හැකිය. අප රටෙහි විවිධ ප්‍රෙද්ශවල එනම් මාතලේ, ඇළහැර, බලංගොඩ, බදුල්ල, ඇඹිලිපිටිය, සහ හපුතලේ ප්‍රෙද්ශවල මෙම පාෂාන බහුල වශයෙන් දැකිය හැක. වර්ග කිලෝමීටරයක් පමණ ප්‍රෙද්ශයක පැතිරුනු විශාල පෙග්මයිට් පාෂාණද කුඩා ප්‍රෙද්ශයකට සීමාවුන පාෂාන ලෙසද දැකිය හැක.

සමහර සමහර ප්‍රෙද්ශවල ඉතා ආසන්නයේ පිහිටා ඇති පෙග්මටයිට් පාෂාණ විශාල සංඛ්‍යාවක් පැතිරී තිබෙන බව අපිට දැකිය හැක (උදා මාතලේ ඇළහැර ප්‍රෙද්ශයේ) . ලංකාවේ පෙග්මටයිට් ප්‍රසිද්ධ වන්නේ කර්මාන්ත ඛනිජ වන, තිරුවානා සහ ෆෙල්ඩ්ස්පාර් වලටය. තලාතු මිනිරන් දැකිය හැකිමුත් ඒවා බොහෝමයක් ජීර්ණයට භාජනය වී ඇත. මෙම පාෂාණයේ විශාලත්වයෙන් වැඩි ඛනිජ ඇති නිසාත් ඒවා පැහැදිලි ලෙස වෙන්කරගත හැකි නිසාත්, ඉතා පහසුවෙන් ඛනිජ කැනීම කළ හැක. පෙග්මටයිට් වල ඉතා විශාල තිරුවාණා ස්ඵටික දැකිය හැක. ධමනි තිරුවානා මෙන් නොව, මේවායේ ස්ඵටිකවල විශාලත්වය අනුව අපවිත්‍ර ප්‍රමාණය තීරණය වෙයි. විශාල පෙග්මටයිට් පාෂාන වල මැද පිහිටා ඇති තිරුවානා ඉතා පිරිසිදු තිරුවානා වන අතර , සමහර අවස්ථාවන්හිදි මේවායේ ඇත්තේ ඉතාම අඩු (0.5) අපද්‍රව්‍ය ප්‍රමාණයකි. ධමනි තිරුවානා මෙන් ආර්ථික වටිනාකමක් නොමැති වුවත් මෙම ඛනිජය පිඟන් කර්මාන්තයට සහ වීදුරු කර්මාන්තයට බහුලව යොදා ගනී. ශ්‍රී ලංකාවේ ඇළහැර, රත්තොට (මාතලේ ප්‍රෙද්ශයේ), බලංගොඩ, සහ හපුතලේ ප්‍රෙද්ශවල ඇති පෙග්මටයිට් ප්‍රධාන වශයෙන් තිරුවානා ලබාගැනීමට කැණීම් කරනු ලබයි.

ධමනි තිරුවානා සහ පෙග්මටයිට්වල ඇති තිරුවානා කැනීම් කිරීමේදී ප්‍රමිතියට නොමැති තිරුවානා ඉවත් කෙරේ. මෙසේ ඉවත් කරන ද්‍රව්‍ය නිසා විශාල පාරිසරික ගැටලු ඇතිවිය හැක. එසේම මෙම ඛනිජය ප්‍රෙයා්ජනයට ගතහැකි වෙන්ත කර්මාන්ත මොනවාදැයි හඳුනාගත යුතුය. මෙම තිරුවානා කැබලිකර ගොඩනැගිලි කර්මාන්තයට යොදාගන්නට සුදුසු දැයි සොයාබැලිය යුතුය.

විපරීත වූ තිරුවානා 

 
විපරීත වූ තිරුවානා
මෙම තිරුවානා නිධි උස්බිම් සංකීර්ණයේ සුලභ ලෙස දැකිය හැකි පාෂාණයකි. අනෙක් තිරුවානා නිධි මෙන් පිරිසිදු නොවන විපරිත තිරුවානා වල අපද්‍රව්‍ය ලෙස විවිධ ඛනිජ හමුවේ. සිලිකා ප්‍රමාණය 90ටත් වඩා අඩු අගයක් ගනී. මෙම නිසා අනෙක් තිරුවානා නිධිමෙන් ප්‍රෙයා්ජනයට ගත නොහැක. නමුත් මෙම පාෂාණය කුඩුකර ඉදිකිරීම් කර්මාන්තයට යොදා ගත හැක. එසේම ගොඩනැගිලි සහ ගෙවතු අලංකරණයටද යොදාගත හැක.

මෙම ලිපියේ අඩංගු සියලු කාරණා ආචාර්ය එච්.එම්‍.ටී.ජී.ඒ පිටවල සහ ආචාර්ය ජී.ඩබ් ඒ රොහාන් ප්‍රනාන්දු විසින් රචිත ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් නැමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී.

Tuesday, June 11, 2013

ගොඩවාය වරාය සහ මිරිස් ගල

ගොඩවාය තියෙන තැන මෙතන සිතියමේ තියෙනවා. “මාතර හම්බන්තොට පාරේ අම්බලන්තොට නගරයට යාමට පෙර දෙහිගහලන්ද හන්දියෙන් වමට ඇති පාරේ සැතපුම් 1 1/2 ක් පමණ ගිය විට මේ පුදබිම හමුවේ.“ කියලා මාස්ගුරු වෙබ් අඩවියේ තැනක තිබුනා.

ව‍‍ල‍වේ ගංගා ‍මෝය සමීප‍යේ පිහිටි ගොඩවාය විහාරය ක්‍රි.පූ. 2 වන සියව‍සේ දී ‍රෝහණ‍යේ රාජ්‍යය විචාල ‍ගෝඨාභය රජු විසින් ඉදි කරවූ බව පිළිගැ‍නේ. ‍මෙම භූමි‍යේ ඇති ක්‍රි.ව. 2 වන ශත වර්ෂයට අයත් Iවන ගජබා රජු‍ගේ (ක්‍රි.ව. 112 – 134) ‍ගොඩවාය ශිලා ‍ලේඛනය අනුව අසල වූ ගොඩපවත වරා‍යේ තීරු බදු විහාරයට පූජා කර ඇත. ‍මෙම ප්‍ර‍දේශ‍යේ පැරණි වරායක් තිබූ බවට ‍මෙ‍තෙක් ‍සොයා‍ගෙන ඇති එකම ලිඛිත සාධකය ‍මෙය වේ. ‍මෙම භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණිම් මගින් ලැබී ඇති රෝම කාසි හා අනෙකුත් වි‍දේශීය කාසි මගින් සනාථ වන්‍‍නේ ‍මෙකී ස්ථානය වැදගත් ‍වෙ‍ළෙඳ මධ්‍යස්ථානයක් වූ බව ය. ‍ගෝඨපබ්බත විහාර‍යේ ‍ශේවිත සාධක ලෙස ශිලා ස්ථම්භ, කණු පාදම්, ග‍ඩොළු ස්මාරක ආදිය හඳුනාගත හැකි ය. ‍මෙකී ශිලා ‍ලේඛන හා වාස්තු විද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වන්නේ එකල ‍නොමඳ රාජ්‍ය අනුග්‍රහය ලද විහාරස්ථානයක් බව ය. මේ විස්තරය තිබුනෙ ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තු වෙබ් අඩවියේ.

 

මෙන්න මේ ගල් බංකුව හොයාගෙන තියෙන්නෙ ගොඩවාය මුහුදේ කිමිදුන තරුණයන් දෙදෙනෙක්. මෙ ගල් බංකුව වගේ බංකු කිහිපයක්ම මේ අවට විහාරස්ථාන ආදියෙන් සොයාගෙන තියෙලු. මේ ගැන අදහස් දක්වන විද්‍යාඥයින්ට මේක මොකක්ද කියලා හොයාගන්න බැරිවෙලා තියෙනවා. නමුත්, හිරු නිවුස් අඩවිය අපූරු නිවුස් එකක් දාල තිබුනා මෙන්න මේ විදියට.

ගොඩවාය මුහුදේ නැවේ මිරිස් ගලක්.

2013 ජනවාරි 12 සෙනසුරාදා- පෙරවරු 08:18

කි‍්‍ර.පූ. 1 වන සහ 2 වන සියවස අතර කාලයේ ගොඩවාය වරාය ආශ‍්‍රිත මුහුදේ දී ගිලී ගිය ඉන්දියන් සාගරයෙන් දැනට හමුවූ පැරණිතම නෞකාව පිළිබද සිදුකළ පරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඊයේ (11) එළි දැක්වුණා. සිදුකරන ලද පරීක්ෂණවලදී කි‍්‍ර.පූ. 2 වන සහ 3 වන සියවසට අයත් යැයි සැලකෙන ඇඹරුම් ගලක් එහි තිබී හමුවී තිබෙනවා. ප‍්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන් ඞී. බෝපේආරච්චි සඳහන් කළේ නෞකාව පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.


මම හිතන්නෙ මේ හිරු නිවුස් අය හොයාගන තියෙන මිරිස් ගල අර කලින් කිමිදුම් තරුණයින් දෙදෙනා විසින් සොයාගත්ත ගල් බංකුවක් හැඩැති ගල් කොටස වෙන්න ඕනි. මේ හිරු නිවුස් එකේ හැර වෙන කිසිම තැනක අන්තර්ජාලයේ සඳහනක් නැහැ ගොඩවායේ ජනතාව අතීතයේ මිරිස් ඇඹරුවා කියලා හොයාගතපු සඳහනක්.

ගොඩවාය වරාය කියන්නෙ නූතන ඉදිවුන හම්බන්තොට වරායට බොහොම කිට්ටුවෙන් තිබෙන වරායක්. ඒ නිසාම පසුගිය කාලෙ ගොඩවායටත් ගොඩවායෙ පුරාවස්තු වලටත් ඉහල දේශපාලනික වටිනාකමක් ලැබුනා. නමුත් මේ ගොඩක් දේවල් ගැන පරීක්ෂන නිවැරදිව සනාථ කරගන්න තිබෙනවා.කොහොම වුනත් සමහර රජයේ ආයතන වල බොහොම කීර්තිමත් නිළධාරින් පවා ඉන්න මානසිකත්වය තමයි හම්බන්තොටින් හමනවානම් පඩගඳත් සුවඳයි කියන තැන. අපේ රටේ නිලධාරියෙක්ට තිබුන තැන කොයිතරම් බාල්දු වෙලාද කියලා මේ වගේ කතා පත්තර වල යනකොට අපිට පේනවා. ගමේ කෝපිකඩේක ඉන්න අබිලිං වගේ හිතුන බේගලයක් ඇද බාන තත්වයට රාජ්‍ය නිලධාරින් පත්වීම බොහොම කණගාටුදායකයි.

රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිනී කියන මහත්මයත් අලුත් දේවල් හොයාගෙන තියෙනවා. ඒ මහත්මයා මේ දිවයින පුවත්පතට ලියපු ලිපියෙ රචනා ශෛලියෙන්ම තේරුම් යනවා මේ ගොඩවාය වරාය ගැන එතුමාගේ ආකල්පය.

මේ ගොඩබිම් සේද මාවතේ තිබු බිහිසුණු බව නිසාත් මේ කාලය වන විට රුවල් නැව් සොයා ගැනීමත් සමගම චීනයේ සිට මලක්‌කා සමුද්‍ර සන්ධිය පසුකර ඉන්දුනීසියාව, සිංගප්පූරුව ආදී රටවල් හරහා පැමිණි රුවල් නැව් යුරෝපයට යාමේ දී වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස තෝරා ගත්තේ දකුණේ ගොඩවාය වරායයි. චීනය හා මධ්‍යධරණී මුහුද යා කරන වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස පතලව තිබූ නිසාදෝ ඈත අතීතයේ සිටම මහා පරිමාණයේ විශාල නෞකාවෝ ගොඩවාය මුහුද අද්දරින් ගමන් කරන්නට වූහ. මේ නිසා ඈත අතීතයේ පටන් දකුණු මුහුද ප්‍රදේශයේ සිදුකළ නාවික කටයුතු පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු රැසක්‌ දකුණු ප්‍රදේශයේ මුහුදු පත්ලෙන් හමුවෙමින් පවතී. අවුරුදු දෙදහසක්‌ පමණ පැරණි නැවක නටබුන් ගොඩවාය ආශ්‍රිත මුහුදු පතුලේ තිබී හමු වීමත් සමග මෙම මතය තවත් තහවුරු වන්නට විය.

 

 ඇහින් දුටුවා සේ කියන මේ විස්තර සනාථ කරන්නට කිසිදු සාධයක් ඉදිරිපත් කොට නැහැ. ක්‍රිස්තු වර්ශ 1000ට පෙර පැවති මුහුදු සේද මාවත ගැන අන්තර්ජාලයේ අඩංගු තොරතුරු අනුව ඒ මුහුදු සේද මාවත බොහෝ විට ගමන් කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා වෙයි. නමුත් ගොඩවාය අයිති වන්නේ ක්‍රිස්තු පූර්ව 2වන සියවසත් ක්‍රිස්තු වර්ශ 6වන සියවසත් අතර කාල පරිච්චේදයට. මේ ගොඩවාය කියන තැන නිවැරදිව ගවේශණය කලොත් අපිට මුහුදු සේද මාවතේ එක් මංකඩක් විදියට ලංකාවෙ ගොඩවාය වරාය දක්වන්න පුලුවන් වෙයි. ඉන් පස්සෙ අපි මෙතෙක් මුහුදු සේද මාවත කියල විශ්වාස කරන නාවුක මාර්ග සිතියම වෙනස් කරන්නටත් සිද්ද වේවි.

ගොඩවාය වරාය ආශ්‍රෙයන් කාසි ආදිය බොහෝ සොයාගත්තා යැයි කිවුවත් ඒ රෝම කාසි රෝමයේ කිනම් යුගයට අයිති දැයි දැක්වෙන්නේ නැත. සොයාගත් මැටිබඳුන් ආදිය මෙරට නිපදවන ලද ඒවාද නැතිනම් පිටරට ඒවාද යන්නද සඳහනක් නැත. ගොඩ පුවත නැමැති ගොඩපබ්බත විහාරයේ ඇති සෙල්ලිපිය වැදගත් එකකි. ඒ ගොඩ පුවත සෙල්ලිපියේ වරායේ බදු අය කල බවත් ඒ බදු සියල්ල විහාරයට කැප කර ඇති බවත් සඳහන්ය. මේ කාලය තුල රුහුනු දේශයේ රාජ්‍යය ප්‍රබල බවට අපිට වංශකතා අනුවද නිගමනය කල හැක.

මේ ගොඩපබ්බත විහාරයේ තියෙන ගොඩ පුවත කියන සෙල්ලිපි හොයාගත්ත කාලෙ ලොකු ආන්දෝලනාත්මක සිද්ධියකුත් වුනා. මේ සෙල්ලිපි වල තියෙන කාරණා කාරනා අපේ පරණවිතාරණ උන්නැහේ විසින් බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙද්දිත් ටැමිල් නෙට් අඩවිය මේ ගොඩවාය කියන්නෙ දෙමල පොට් එකක්ය. එතන තියෙන සෙල්ලිපියේ දෙමල අකුරු තියෙනවා ය කියලා කියන්න සෝබන උත්සාහයක් අරං තිබුනා. මේ ටැමිල් නෙට් අඩවිය ලංකාවට බ්ලොක් කරපු එක මහ ගොන් කමක්. ඒ තියෙන කරුණු මොනවද කියලා බලලා ඒවාට උත්තර දෙන්න තිබුන හැකියාව බ්ලොක් කරපු නිසා අපිට නැති වෙනවා. ටැමිල් නෙට් එක ඕපන් තිබුනා නම් අපිට සාධක සහිතව අඩුතරමෙ බ්ලොග් ලිපියක් ඉංගිරිසියෙන් ලියලා හරි අභියෝග කරන්න තිබුනා.

මේ ගොඩවාය කියන තැන වරායක් තිබුන බවට පිළිගත හැකි ජැටියක සලකුනු සොයාගෙන තිබෙනවා. ඒ වගේම කාසි මැටි බඳුන් ආදියත් විශාල වශයෙන් හමු වෙලා තිබෙනවා. පසුගිය කාලෙ මෑත කාලිනව කල ගවේෂණ වලින් පස්සෙ ඒ කාලෙ නැංගුරමක් කියලා සැක කරන්න පුලුවන් ත්‍රිකෝණාකාර ගල් පුවරුවක් පවා ගොඩවායෙන් සෙයාගෙන තිබුනා.

මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ශ බිංදුවට ආසන්න කාලසීමාවේ ලංකාවේ රජකරලා තියෙන්නෙ භාතිකාභය කියන රජතුමා. ඒ රජතුමා රෝමයේ ක්ලොඩියස් රජතුමා එක්ක සම්බන්ධතා තිබුනා කියලා වෙබ් අඩවියක තියෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ බිංදුව කාලෙ රෝමෙ ක්ලොඩියස් රජෙක් ඉඳලා නැහැ. මෙතන පොඩි අවුලක් තිබෙනවා. මෑතක ගිය සති අන්ත පුවත්පතක කියා තිබුනා මෙවැනි අවුලක් දේවානම්පියතිස්ස සහ ඉන්දියාවේ අශෝක රජතුමා අතරත් තිබෙනවා කියලා. ඉන්දියාව සහ ලංකාව යන රටවල් දෙකේ වංශ කතා වල කාල වකවානු අනුව ඒ දෙන්නා එකම කාලයකදි හමුවන්නෙ නැහැලු. ඒ පුවත්පත් ලිපියේ නම් සඳහන් වුන විදියට මහාවංශයේ සඳහන් වන වර්ෂ වැරදියි. ඒ සඳහ සංශෝධන ඉදිරිපත් වෙන්න ඕනිලු. නැතිනම් වෙන රටවල් වල ඉතිහාසයත් අපේ ඉතිහාසයත් හමු වන්නේ නැතිලු.

මේ අඩවියේම තිබෙන විදියට භාතිකාභය, මහා දාඨක මහානාග, ආමන්ඩ ගාමිණී යන යන රජගොල්ලා තුනම ඇවිත් තියෙන්නෙ රුහුණෙන්. ඒ වගේම රුහුනෙත් මේ කාලෙදි රාජධානියක් තිබිලා තියෙනවා. භාතිකාභය රජතුමා ගේ කාලයේදී රෝමයෙන් ගෙනාපු පබලු වලින් රුවන්වැලි සෑය සැරසූ බවකුත් වංශ කතාවල සඳහන් වෙනවා. මේ කාලයේ ක්‍රිපූ 2 සහ ක්‍රි:ව 4 අතර) රජවරුන් අතර මුහුද සහ එතෙර කතාන්දර කිහිපයක්ම වංශකතාවලත් ජනවහරෙත් තිබෙනවා. ක්‍රි:ව 100-200 අතර තමයි නීල මහා යෝධයාත් එක්ක පිටරටට ගිහින් සේනාවක් අරං ආවා කියලා තියෙන ගජබාහු රජතුමා ගැන වංශකතා වල සඳහන් වෙන්නෙත්. ගොඩවාය සහ අනුරාධපුර හා සම්බන්ධ ඉහල මහාතිත්ථ ගෝකන්න වැනි වරායන් ආසන්නයෙත් රෝම කාසි ඉපැරණී බඳුන් ආදිය සොයාගෙන තිබෙනවා.

මේ තොරතුරු සියල්ල එක්තැන් වුනොත් අපිට ලොරන්සු ද අල්මේදාට(ක්‍රි:ව 1505) කලින් ලංකාව සමඟ දියුනු නාවික සම්බන්ධතා තබාගත් රටවල් ගැන විස්තර සොයාගන්නට පුලුවන් වෙයි. සිංගප්පූරුව කියන රට තමුන්ගේ ඉතිහාසය මවලා පෙන්වන්න බොහෝම උත්සාහ කරනවා. ඒ වගේම ගොඩක් රටවල් තමුං අතීතයේදී ලොක්කන් වෙලා තියෙනවා කියලා පෙන්වන්න ලොකු උත්සාහක් ගන්නවා ඉතිහාසය තුලින්. නමුත් අපේ රටේ නාවුක බලය, නාවුක මධ්‍යස්ථානයක් විදියට ක්‍රිස්තු පූර්ව යුගවලදී පවා අපිට තිබුන නාවුක ශක්තිය ආදිය ගැන අපි එච්චර සලකන බවක් පේන්න නැහැ.

ආතර් සී ක්ලාක් මහත්තයා විසින් අපේ මුහුදෙ කිමිදිලා ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. ආතර් සී ක්ලාක් බොහොම ජනප්‍රිය වෙලා තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ කරුවෙක් විදියට. නමුත් එතුමා වෘත්තිය දක්ෂ කිමිදුම් ශිල්පියෙක්. ලංකාවට අයිති මුහුදෙ ගොඩක් තැන් ගවේෂණය කරන්න ගිලුනු පරණ නැව් ගොඩගන්නත් අපේ ආතර් සී ක්ලාක් මහත්මයා උනන්දු වුනා. මහා රාවණා කොටුව, ත්‍රිකුනාමලය, ගාල්ල ආදි ස්තාන වල ඉතාම දුෂ්කර කාලගුනික තත්වයන් යටතේ එවකට තිබුන තාක්ෂනයෙන් එතුමා ගොඩක් දේවල් අපිට හොයල දීල තියෙනවා.

නමුත් ආතර් සී ක්ලාක් විසින් නිශ්පාදනය කරපු වාර්තා චිත්‍රපටියක් වෙන රන් මුතු දූව කියන චිත්‍රපටය නිසා පසුකාලීනව මුහුදේපරණ නැව් වල රත්තරන් හොයන්න ගිය පිරිස වැඩිවෙලා පුරාවස්තු විනාශ වුනා කියලාත් කතාවක් තිබෙනවා. ඒ වගේ අනතුරක් ක්ලාක් මහත්තයට හිතෙන්න නැතුව ඇති. කොහොම වුනත් ආතර් සී ක්ලාක් මහත්මයා නිෂ්පාදනය කරපු ඒ රන්මුතු දූව කියන්නෙ සාර්ථක චිත්‍රපටියක්..අපෙ සිනමා කර්මාන්තයේ එක්තරා කඩඉමක්.. දැන් මේක කියවලත් අර එච් සී පී බෙල් මහත්තයා සීගිරිය විනාස කලා වගේ ටොම් පච ගොතන සමහර අය ආතර් සී ක්ලාක් මහත්තයත් මුහුදේ තිබුන සිංහල නැව් විනාස කලා කියලා කතාන්දර ගොතන්න පුලුවනි. කොහොමත් කතාන්දර වලට අපේ අය දක්ෂයො නේ..

මේ ගොඩවායෙ කරපු කැණීම් සහ අධ්‍යන බොහොමයක් කරලා තියෙන්නෙ විදේශ ආධාර මත. සමහර තැන්වලදි ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයින් පවා තමුන්ගේ වියදමින් මේ ගොඩවාය අධ්‍යනය කරලා තියෙනවා. ඉතිං ඒ සුද්දො ඇවිත් අමාරුවෙන් මෙහෙ උන්ගේම සල්ලි වලිං කාල බීල මොකක් හරි හොයාගෙන විස්තරේ අපේ බුවෙක්ට කිව්වාම ඒක ලොකු පොල් අකුරෙන් පත්තරවල යනවා. අපි මෙහෙමයි හරමයි කියල ලොකුකම් කියවන්න බලං ඉන්න අපේ අයට ඉතිං ඒක කපුටන්ට කුනු මස් කෑල්ලක් ලැබුනා වගේ. . නමුත් අපි ජාතියක් විදියට මේ වගෙ දේවල් වලදි හරිම කම්මැලියි. අනුන් මොකක් හරි හොයාගෙන කොනකින් ලංකාව ගෑවුනොත් අන්න ඒ සුලු තැන අල්ලගෙන දඟලනවා නමුත් දෙයක් ක්‍රමානුකූලව අධ්‍යනය කිරීම අතින් අපි ෆේල්..

ඉපැරණි නගරයක නටඹුන් තිබෙන පොම්පෙයි නගරය බලන්න සමහර දවසට එන සංචාරකයින් ගණන 20,000කට වඩා වැඩියිලු සමහර දවසට. ලෝකයේ පුරාවිද්‍යා අඩවි කියන්නෙ සමහර රටවලට ධන උල්පතක්. පුරාවිද්‍යාව මගින් අනාවරණ කරන තාක්ෂණය, කලාව, ජීවන රටා ආදිය තුලින් අද දවසේ මනුෂ්‍යයින්ට ගත හැකි ආදර්ශ ආදිය බොහොමයක්ම තිබෙනවා. නමුත් ලංකාවෙ තවමත් පුරාවිද්‍යාව කියන්නෙ නිකං ඇඟට දැනෙන විශයක් නෙමෙයි. සුද්දො ආධාර දුන්නොත් උන්ට ඕනිවට වගේ කොහේ හරි ටිකක් හාරලා දානවා. ඉන් පස්සෙ ඒ විස්තර සංසරණය කරන්න ඒ හොයාගත් විස්තර ලෝකෙට දෙන්න වැඩපිලිවෙලක් තිබෙන බවක් පේන්නෙ නැහැ. මේ හැමදේටම රජයම කැපවෙන්න ඕනි කියන තැන ඉන්න බැහැ. අපේ රජයවල් හරි දුප්පත්.. දියුනු රටවල ධනවත් මිනිස්සු සල්ලි වියදම් කරලා මේ වගේ නව ව්‍යාපෘති ගැන අලුත් මානයකින් දකින්න උත්සාහ ගන්නවා. නමුත් අපේ රටේ ධනවත් මිනිස්සු හම්බ කරගත්ත සල්ලි ටික එකතු කරලා ඒ දියුනු රටවලට ගිහින් එහේ තියෙන සුපිරි ආතල් ටික අරගෙන ආයි මේ කොදෙව්වට ගොඩබහින්නෙ ආයෙමත් සල්ලි ටිකක් මේකෙං හූරගෙන ගිහින් අර දියුනු රටවල සැප ටිකක් ගන්නෙ කෝමද කියලා හිතාගෙන. ගොඩවායෙදි හොයාගත්ත තොරතුරු ටික පවා එක්තැන් කරලා අන්තර්ජාලයේ තිබිලා හමුවුනේ එකම එක ලිපියයි. ඒක බොහොම පැහැදිලිව විස්තර තිබෙනවා.

Sunday, June 9, 2013

අපිව ගෝත්‍රිකයින් කරන අපේකම (tribalness in US)

අපේ කම තමන්ගෙ කම වනාහි මේ සමාජය තුල ඉහල වෙළඳ වටිනාකමක් සහිත ගුණාංගයකි. මට වත්මන් සමාජයේ ඉහල නිලතල දරන බලතල දරන පුද්ගලයින් ගොඩාරියක් දැන අඳුන ගන්නට ඔවුන් ආස්‍රය කරන්නට අවස්ථාව ලැබේ නම් මට බොහෝ වරප්‍රසාද නිතැතින්ම හිමි වේ. තමා ගේ සමීපයින්ට වැඩිපුර සැලකීමෙ ගුණාංගය අපේ කම ලෙස හඳුන්වයි. අපේ කම තිබෙන්නට නම් අපේ එකෙකු සිටිය යුතුය. අපේ එකෙකු සිටින විට අපේ නොවන එකෙකුද ඉබේම පහල වෙයි. අපේ සිංහල පැතිවල හරක් මැරෙති ඒ මැරෙන හරක් අපේ හරක්ය. ඒ හරක් වෙනුවෙන් මිනිස්සු සල්ලි වියදම් කරති. මේ ළගදි උන්නාන්සෙ කෙනෙක් ගිනිතියාගෙන මැරුනේය. එල් ටී ටී පාලනයට තිබු ප්‍රෙද්ශවලද හරක් සිටියෝය. ඒ හරක් යුද්ධයට හසුව මලෝය. ඒ හරක් විටෙක පලිහක් කොට ගන්නට ත්‍රස්ථවාදින් සමත් විය. ඒ උතුරේ මියගිය හරක් අපේ නොවේ. ඒ හරක් ගැන කවුරුත් කතා කරන්නේ නැත. අපේ සිංහල පැතිවල ඉන්න හරක් අපිට උතුම්ය. උන් ගැන සත්ව කරුණාව උපදවා කතාකරන්නට පිටරට සිටින සිංහල අය පවා ඉදිරිපත් වෙති.

මේ හරක් ගැන කතාවය. මනුස්සයෝ ගැන සිතුවත් එතනටත් එහා ගිය ගෝත්‍රික අපේ කමකි ඇත්තේ. මැරෙන සිංහල හමුදාවේ සෙබලු අපේ එවුන්ය. අපේ එකකි මේ මිනිසා යයි ටීවි එකේද පෙන්වයි. තාමත් ගනින මරණ නැමැති මේ වාර්ථාවල දැක්වෙන පරිදි ඒ පැත්තේ අවි නොදැරූ දෙමල මනුස්සයෝ අපා දුකක් විඳින ලදී. අදටත් ඒ මනුස්සයන්ට නිසි ජීවනෝපායක්, නිසි අධ්‍යාපන ලැබීමක්, නිසි සෞඛ්‍ය හා යටිතල පහසුකම් නැත. නමුත් අපි මැරුන අපේ එවුං ගැන සමරන කතාකරන මුත් උන් ගැන කතා කරන්නේ නැත. මන්ද යුද්ධයට අසුව අතරමැද දී ඒ මලේ හෝ ජීවතුන් අතර සිට දැනටද මැරි මැරි ජීවත් වන්නේ කොහේද යන මිනිස්සු ටිකක් මිස අපේ උන් නොවන බැවිනි.

අපේ කමේ වැරදි ගොඩක් ඇතිමුත් හොඳකුත් ඇත. සුනාමි අවස්ථාව වැනි හදිසි අවස්ථාවලදී අපේ මිනිසුන් ප්‍රථම වාර වලදී පිහිට වූයේ අපේ කම නිසාය. දෙවන වාරයන් වලදී පිහිට වන්නට ගියේ කීයක් හෝ කඩාගන්නට විය හැක. නමුත් සියලු මිනිසුන් එකතුව සුනාමි අවස්ථාවේ එකදු මනුෂ්‍යෙයක් වත් දින ගනනක් බඩගින්නේ නොතියන්නට වග බලාගත්තෝය. එය අපේ කම විසින් ගොඩනගන ලද යහපත් දෙයකි. නමුත් එහිදීද අපේ උන් දෙන්නට උත්සාහ කලේ අපේ ම උන්ටය.. දෙමල පැතිවල අය ගැන සැලකීමක් තම්බි පැති ගැන සැලකීමක් අපේ අය නොදක්නා ලදී.

සමාජය වසා පැතිර ඇති දූෂණය භීෂණය ආදි සෑම දේටම පොදු සාධකයක් ලෙස මේ අපේ කම ගත හැක. මේ ළඟදි මට බස් රියේ පරිඝණක විද්‍යාව උගෙන ගන්නා සිසුවියක හමු විය. ඇය හදාරන විෂයන් ආදිය දැනගත් පසු ඇය රැකියා වෙළඳ පොල ගැන ඇසීය. මා පරිඝනක ක්ෂේත්‍රය ගැන සැබැවින්ම නොදන්නා අතර මා දන්නා ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන කීවෙමි.

නංගි අපි ඉගනගන්න කොට හිතනවා මේන්න මේ කොටස අපි හොඳට කොලොත් මේන්න මේ කෑල්ල වැඩිපුර ඉගෙනගත්තොත් ඒක වැදගත්වෙයි කියලා අනාගත රස්සාවට. නමුත් ඇත්තටම ලංකාව ඇතුලෙදි එහෙම එකක් නැහැ. ඉන්ජිනියරින් ඩිප්ලෝමා කරන අය ඒ අයගේ සීනියර්ලා අඳුනන තැන්වල රස්සාවලට යනවා. උපාදි තියෙන එය එයාලෙගේ සීනියර්ලා අඳුනන තැන් වල රස්සාවලට යනවා. සමහර විට ඔය හැමදේම ඉගෙනගන්නවට වඩා කැම්පස් එකේ අයියලාගේ මලගෙවල් ගිහින්, එකට කාල බීල ඉඳලා අයියලා එක්ක පිට් එකේ ඉදලා යන්තං පාස් වෙලා අවුට් වෙන එක ලේසියි. එහෙම වුනාම හොඳ ජොබ් එකක් ගන්න තියෙන හැකියාව වැඩියි. තව ඉතිං නංගිලා දන්න දේසපාලකයෝ, නිලධාරි, දන්න කියන අය ඉන්නවනම් දැන් ඉඳලම එයාල ෂේප් කරගන්න බලන්න. ඒ වගේ වැදගත් අයගේ මලගෙවල් දාන ගෙවල් මිස් කරන්න එපා. මලගෙවල් දානෙ ගෙවල් පාටි ආදිය නිසාත් අපි ඒ ගෙවල්වල නිතිපතා විසිටින් යාමත් නිසා අපේ කම තමන්ගේ කම වැඩිවෙනවා. අද කාලෙ මොන දේටත් වැඩිය රස්සාවකට තමුන්ගේ කම අපේ කම වැදගත්. මම දන්න ගොඩක් පුද්ගලික අංශයේ ඉංජිනේරු රස්සා යන්නෙ තමුන්ගෙ කමට අපේ කමට. මිසක් සුදුසු කමට නම් නෙමෙයි.

නංගී මා අපේක්ෂා බංග වූ මොකුත් කරගන්නට බැරි කමින් ඉරිසියාවට අනෙක් අයට කතන්දර හදන අබලං ඉංජිනේරුවෙකු ලෙස මාක් කරගන්නට ඇත. අබලං උනත් කමක් නැහැ මාව ඉංජිනේරුවෙක් කියලා මාක් කරගත්තනං මට එ ඇති නෙව. කෙසේ වෙතත් මා නංගීට කීවේ මොන දේ කැප කරලා හරි හොද ජොබකට යන්න. ගියාට පස්සෙ ආයෙ කවුරුත් කියන්නෙ නැහැ ඔයා ජොබට ආවෙ මෙහෙමයි කියලා. ඉඳලා හිටලා එකෙක් කිව්වත් කාලෙත් එක්ක ඒවා මතක නැති වෙනවා කියලාය. සත්‍යද එයය. මේ කතාකරන මට පවා රැකියාවක් සොයන්න පත්තර වෙබ් අඩවි පීරනවාට වඩා බොහෝ ලේසියෙන් දන්න යාලුවෙක්ට කියා දන්න කියන තැනකට පැනගැනීම පහසුය. 


තරඟයට පොල්ගාන පිරිසක්.
පසුගිය කාලයේ පංසල් වල සිටි ඇබිත්තයින්ට පවා විදුලිබල මන්ඩලයේ සුලු සේවක රැකියා ලැබුනි. එවිට විදුලි මන්ඩලය භාර ඇමති තුමා අයිති වුයේ හෙල උරුමයටය. විදුලි බල මන්ඩලයට සුලු සේවකයින් දැමීමේ දී හෙළ උරුමයේ ප්‍රබල සංඝයා වහන්සේ සමහරෙක්ට ද අවස්ථාව ලැබුනි. ඒ පිනෙන් සමහර පංසල් වල සාදුලාගේ වැඩ කිඩ කරගෙන සිටි ඇබිත්ත නයිදේලා වැනි අයට විදුලි මන්ඩලේට යන්නට ලැබුනි. මේ උන්නාන්සේලා බුදුන් දවස සිටියේ වී නම් මොවුන් දේවදත්ත පරපුරට අයිති වෙනු ඇත. දේවදත්තයා සිදුහත් කුමරාගේ එක්කුස උපන් මස්සිනා වීත් බුදුන් වහන්සේ දෙව්දත්ෙග් ඥාතිත්වය තඹයකුදු නොසැලකීම දෙව්දත් වෛර බඳින්නට හේතු වූ බව පත පොතේ සඳහන්ය.. 

ඒ අපේ කමෙහි එක් පැතිකඩකි. දැන් අපි තවත් පැතිකඩක් බලමු. ඊයේ මගේ ඥාතියෙක් ඉස්පිරිතාලයෙන් ගෙදර එන දවසය. හේ තෙමේ දින කීපයක් ඉස්පිරිතාලයේ නේවාසිකව සිටියාය. ඉතිං දවල්ට ඇය බලන්ට ගිය විට ටිකට් එක කපලාය නමුත් දොස්තර ගොල්ලා ටිකට් එක ලියලා අස්සන් කරලා නැත. ඉතිං අපි දොලහේ සිට හවස දෙක වෙනතුරු දොස්තර මහත්තයා ටිකට් එක ලියලා අස්සන් කොරන තුරු සිටියෙමු.අපේ එකෙක් හිටියනම් මේ වෙලාව විනාඩියක් දෙකක් වැනි සුලු එකක් විය හැක. ඉස්පිරිතාලයක නම් ඇඳක් ගැනීමේ සිට බෙහෙත් ගැනීම දක්වා තමුනගේ කම අපේ කම වැදගත්ය. අපේ කියාල ලොකු මනුස්සයෝ නැති දුප්පත් මනුස්සයෝද? අනේ අපේ එකෙක් හිටියනම් බිම ඉන්න වෙන් නැහැ නෙව කියා බිම ලැග සිටින්නේ ඇඳක් ලබාගත නොහැකි නිසාය. මේ අපේ කමින් කරන වැඩ මුදල් දී සුලු කාලයකට අපි ලබාගන්නා අපේ කම හරහාද කරගත හැක. එසේ සුලු කාලයකට අපේ කම කුලියට ගැනීම අල්ලස්, හෝ අත යටින් ගානක් දීමක් ලෙස සාමාන්‍යෙයන් හදුන්වනු ලැබේ.

මා වැඩකරන කන්තෝරුවේ මා හටද එවැනි අපේ කමට කල යුතු රාජකාරි එයි. අපේ සේවා තත්වය අනුව බිඳවැටීමක් වුනොත් සතියකින් මෙහා එය රෙපෑර් කරනවා යනු අසාමාන්‍ය දෙයකි. එනිසා කස්ටමර් ඇත්තෝ දන්න කියන එවුං සිටීදැයි සොයා බලා උන්ට කියා වැඩේ කරගන්නට හදති. එවුං අපේ යාලුවන් ඥාතින් කවුරු හෝ වුනත් නොවුනත් ඒ අපේ කස්ටමර්ලාය. ඔවුන්ගෙන් ගරා ගන්නා තුට්ටු දෙකෙනි අපි පඩි ලබාගන්නේ. එනිසා මම එවන් අවස්ථාවලදී නිකමට වැඩය නැවතී ඇති තැන සොයා බලා වැඩය කරදෙන්නට උත්සාහ ගනිමි. නමුත් ලොකුවට එය උස්සා පැයෙන් කරදීමට හැකියාවක් මට නොමැති අතර එවන් හැකියාවක් නැතැයි කී විට එය විස්වාස නොකරන ඇත්තන්ට සොරිය.

මා තැපැල් කන්තෝරුවට පසුගිය දිනෙක ගියේ මගේ පාර්සලයක් යැවීමටය. පාර්සල් කිරීම සාමාන්‍යෙන් කන්තෝරුවේම කරයි. පෙර ගිය දිනෙක පාර්සල් කරන කොල සහ සෙලෝ ටේප්නොතිබු බැවින් මා ඒවා රැගෙන තැපැල් කන්තෝරු ගියෙමි. එවිට අලුත් මුහුනු කීපයක් කන්තෝරුවට ඇවිත් තියෙනු මම දිටිමි. පෙනුමේ සැටියට ඔවුන් උපාධිදාරින් වෙයි. ඔවුන් විසින් පාර්සල් කරනු ලබන බඩුව අතගා පරික්ෂා කොට මට පාර්සල් කරගන්නා ලෙස දුන්නෝය. වෙනදා මෙන් ඔවුන්ම පාර්සල් නොකරන්නේ ඔවුන් උපාධිදාරින් වීම නිසා විය හැක. මේක පාර්සල් කොරගන්නෙ කොහොමදයි සිත සිතා සිටින විට දෙයියො දැක්කා වගේ පෙර දිනෙක මට පාර්සලය අලංකාරව සකස් කොට දුන් පියන් මහතා දකින ලදී. එතැන සිටි උපාධීදාරී ගෑනුන්ට රවමින් මම අර පියන් මහතාට කියා බඩුව පාර්සල් කරගන්නා ලදී. පියන් මහතා ඒ කාර්යේ නිපුනයෙකි. හෙතෙම කොහෙන්දෝ ගෙනා කාඩ්බෝඩ් කැබලි ලක්ෂණට තබා ඒ බඩුව නිසි අයුරින් පාර්සල් කර දෙන ලදී. පියන් මහතා මා හඳුනන දන්නා කියන කෙනෙක් නොවේ. නමුත් ඔහුගේ සේවාව දන්නා කියන අපේ කෙනෙකුට කරදෙන සේවාවක් කරන අයුරින් කලේය.

සත්‍ය වශයෙන්ම ආයතනයක සේවා ගන්නට ආ විට පාරිබෝගිකයාට ලෙඩාට සැලකිය යුත්තේ අපෙ ගෙදර කෙනෙක්ට සලකනවා වැනි ආකාරයෙනි. නමුත් පුද්ගලික හෝ රාජ්‍ය අංශයෙ කුමන ක්ෂේත්‍රයක වුව අපේ දන්න කියන කෙනෙකුට සලකන විදියත් සාමාන්‍ය කෙනෙකුට සලකන විදියත් ආකාර දෙකක් ලෙස පවතී. අපේ කෙනෙකු නොවන පුද්ගලයා බොහෝවිට අපේ කරදර කාරයෙක් ලෙස පෙනේ. පසුගිය දිනෙක ජාතික රෝහලේ මෙවැනි කරදරකාරී අපේ නොවන රෝගියෙකු පැමිණ පොඩි කලබලයක් මාධ්‍ය ඔස්සේ ඇති කලේය. එසේම පොලිස් මහත්තුරු අපේ නොවන සාමාන්‍ය මිනිස්සුන්ට සලකන තිරිසන් ආකාරය අපේ සමාජය ගැන මනා ආඩම්බරයක් අපිට එක්කරයි. මෙවන් පොලිසි සැලකීම් අසාධාරන නිබඳවම මානව හිමිකම් අඩවි වල යයි. නිතර අපිට පත්තරවලද පෙනේ. රිමාන්ඩ් භාරයට පත් වන ඔවුන් ඔවුන් සැබැවින්ම වැරදි කරුවන් වුවත් ලිංගික අවයව වලට පහරදීම ඒවා හාස්‍යට ලක්කිරීම ආදි දඬුවම් අප රජකාලේවත් තිබුනේ නැති අසික්කිත අමානුෂික දඩුවම්ය. මෙවන් දේ කරන පොලිස් මහත්තුරු හැමදා අපේ උන් ගේ බලෙන් ජීවත් වෙති.

ඒ අසාධාරනවලට ලක්වන්නේ අපි නොවේය. එබැවින් අපිට අසාධාරනයක් වනවිට අපේ එකෙකු සොයාගෙන වැඩේ ගොඩදාගත හැකිවෙනු ඇතැයි අපි සිතමු. එසේ බැරිවුනොත් අපිත් මේ විදියට මානව හිමිකම් වලට පැමිණිලි කරන්නට යනවා ඇත. ආන්න ඒ වෙලාවට ලංකාවෙ මානව හිමිකම් මීට වඩා තිබුනොත් හොඳ යැයි බොහෝ දෙනාට සිතෙයි.

සමාජිය විද්‍යාව පැත්තෙන් සමාජය දුටුවිට මොන දේ ඉගෙනගත්තත් මොන හැකියාව තිබුනත් අපේ කම වැඩිදියුනු කර නොගන්නා අයෙක්ට මේ සමාජය තුල තැනක් හදාගැන්ම අතිශය දුෂ්කරය. අප විසින් අපි අයිති කුලක වලට අපිට හිතවත් කුලක වලට වැඩිපුර සැලකිය යුතුය. එසේ කිරීම අපේ යුතුකමය යැයි අපි ජානගතවම සිතන්ට අපි පෙළඹී ඇත. එවැනි සමාජයක ජිවත්වන අප අපේ වැඩක් කරගන්නට අපිට හිතවත් අය සොයමින් පෝන් බුක්, මේල් කන්ටැක්, විසිටින් කාඩ් ආදිය සොයමු. වැඩේ ලේසියෙන් කරගන්නට හැකි තමුන්ගේ අය ඉන්නවාදැයි සොයන අතර සාධාරන සම ලෙස සලකන සමාජයක් ගැන කතාකිරීම පලක් නැති දෙයකි. සාධාරන වූ සමාජයක් තුල අපේ කමට මේ තරම් තැනක් ලැබෙන්නේ නැත. අපේ කම මේ තරම් මාකට් වන්නේද නැත. අපේ කම තමුන්ගේ කම නැති එවන් සංකර සාධාරන සමාජ කුමටද? මේ පවතින ආශ්චර්ය සුරලොව කෙතරම් සුව ඇතිද , අපි මේ දරුවන්ට ධනාත්මකව හිතන්න පුරුදු කරන්න ඕනි.. ජනාධිපතිතුමා කළුතර විද්‍යාල අලුත් නානතටාකය අසලදී ඊයේ කීවේය.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...