සාමාන්‍යයෙන් යුරෝප රටවල එහෙම ෂැම්පු එන්නෙ විසාල බෝතල් වල. එක ෂැම්පු බෝතලයක මිලිලීටර පන්සීයක් විතර තියෙනවා. නමුත් අපි ෂැම්පු පාවිච්චි කරන්නෙ කඩේ තියෙන පුංචි පැකට් වලින්. පැකට් එක අරං ආව ඔලුවට දැම්ම පැකට් එක කොහෙට හරි විසික් කලා. අර ලොකු සයිස් ෂැම්පු බෝතලයක තියෙන ප්‍රමාණයට ෂැම්පු එන්න නම් මේ කුඩා පැකට්ටු සීයක් දෙසීයක් විතර භාවිත කරන්න වෙනවා. මේ ළඟදි ගිය නිවුස් එකක මට ඇහුන දෙයක් තමයි මේ කුඩා ෂැම්පු පැකට් නිෂ්පාදනය කරන ආයතන එක්ක පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතන සාකච්චා කරන්න ඉන්නව කියලා. ඒක හොඳ වැඩක්. බඩු වෙළඳ පොලට දාන්නෙ මිනිසුන්ගේ අවශ්‍යතා අනුව. ඉතිං ඒවා නවත්වන්න ගියොත් මිනිස්සුන්ට හිරිහැර වෙනවා.
ෂැම්පු කම්පැනි එක්ක කතාකරලා අනේ මේක බාල්දියකට විසික් කරන්න කියලා ලොකුවට ගැහුවත් අපේ පුතාල ඒක කරයිද? අනික ෂැම්පු පැකට් එක මොන විදියට අයින් කලත් ඒක යන්නෙ ලංකාව ඇතුලෙම කොහේ හරි කුනු ගොඩකට. අපේ ගෙදරින් ෂැම්පු පැකට් එක අයින් වුනත් ආයෙත් වෙන ප්‍රෙද්ශයක ඉන්න දුප්පත් ජනතාවට ඩෙංගු මැලේරියා ඇතිකරන්න අර පැකට් හේතු වාසනා වෙනවා.
මෙතනදි අපිට ඇයි විශාල බෝතල් මිලදී ගන්න බැරි කියන එකටත් හේතුවක් තියෙනවා. ගෙදරක හෝ වේවා බෝඩිමක හෝ වේවා ෂැම්පු සබන් කුඩු අධිකව පාවිච්චි කරන අය ඉන්නවා. අර පැකට් වල කොයි තරම් යසට ගහල තිබුනත් මෙච්චර දාන්න කියලා ඒව බලන්නෙ නැතුව හෝ ගාල සබන් කුඩු දානවා. ෂැම්පු තියේ නං අත පිරෙන්න දාගන්නවා හරියට ආන්ඩුවෙ ෂැම්පු බෝතලෙන් ගන්නවා කියලා හිතාගෙන. ඇත්තටම ෂැම්පු ගොඩාරියක් දැම්ම කියලා ආයෙ සතියකට නාන්නෙ නැතුව ඉන්න බැහැ නේ. ආයිත් තව දවස් දෙක තුනකින් නාන්න වෙනවා. රෙදි හේදිල්ලත් එහෙමයි. ඉතිං ඔය වගේ කාරණා හින්දා අපිට ගෙදරකට, බෝඩිමකට අලි සයිස් ෂැම්පු බෝතලයක්, ලොකු සෝදන කුඩු පැකට් එකක් ගෙනියන්න අමාරු වෙල තියෙන්නෙ. මෙතන ආකල්පමය ගැටලුවක් තමයි තියෙන්නෙ. සීනි ගොඩාක් දැම්ම කියල තේ එක රස වෙන්නෙ නැහැ.
නමුත් අපේ අය ගෙදර අම්ම තාත්ත ගෙනාවත් සමහරදේවල් නාස්ති කරන්නම හුරුවෙලා. මම දැකලා තියෙනවා සමහර අයියලා කඩවල් වලට ගියාම ඒකෙ තියෙන පොඩි සෝස් බෝතලෙන් බාගයක් විතර ප්ලේට් එකට හලාගෙන මාලු හොදි එක්ක කන්න වගේ ඒකෙ ඔබාගෙන මාලුපාන් කනවා. ඉතිං එහෙම කරන ගමන් වෙන කඩේකට ගිහින් සෝස් නැති වුනොත්..බඩකඩුත්තු කඩේ සෝස් ඩිංගක් වත් නැහැ කියලා බනිනවා. අපි අපිට ඕනි තරමට දේවල් පාවිච්චි කරන්න හුරුවෙන්නෙ නැති නිසා තමයි අපිට පොඩි පොඩි පැකට් විදියට ඒ සමහර දේවල් ගන්න සිද්ද වෙලා තියෙන්නෙ.
මේ කතාව ඇදලා ගත්තෙ ඇත්තටම අපේ අවට තියෙන පරිසරය පිරිසිදුව තියාගත්තෙ නැත්නම් එක එක රොගාබාධ හැදෙන්න තියෙන අවධානම වැඩිවෙනවා. එයින් එකක් තමයි ඩෙංගු. ඔය ඩෙංගු බෝවෙන්න එක හේතුවක් තමයි පොළිතින් සහ ප්ලාස්ටික් බෝතල්.
ඉස්සර අපි පොල්තෙල් ගේන්න කඩේට යනකොට බෝතලයක් අරගෙන යනවා. නමුත් කාලය වෙනස් වෙලා අපි ඒක පොලිතින් බෑග් වල ගේන්න හුරු වුනා. ඒ ඇසුරුම් පරිසරයට අපි නිසියාකාරව බැහැර කොලේ නැත්තං බඩු බනිස් තමයි. උදාහරණයක් විදියට අපි කාල විසික්කරන ටොපි කොලේ කාලයත් එක්ක පාර අයිනට වෙනවා. අයිනට වෙලා කාලයක් තිබිලා වැස්සම ඒක අස්සෙ වුනත් මදුරු කීටයො එකෙක් දෙන්නෙක් ඇතිවෙන්න පුලුවන්. ඉතිං අපි කන කෑමක් ඔතල තියෙන (ටොපි, බිස්කට්, ජුජුප්ස්, කජු ) කොලේ සාක්කුවේ දාගෙන ගිහින් හරියට විසික් කරගන්න බැරිතරම් ආත්මාර්ථකාමි වෙලා ඇවිත් ගෙදර ඇවිත් පත්තරේ බලල ටීවී එක බලලා ආන්ඩුවට බනිනවා ඩෙංගු මර්ධනය කරන්නෙ නැහැ කියලා.
මේ වගේ වසංගතයක් මර්ධනය කරන්න පාලනය කරන්න රාජ්‍ය ව්‍යුහන්ට වුනත් හරිම අමාරුයි. ඒකට ජනතාවගේ ආකල්පික වෙනසක් අවශ්‍යයි. දැක්ක දැක්ක තැන හිතුමතේ කුනුදාන තමුංගේ වත්ත පිටිය තමුංගේ ඉඩම අසල තියෙන පාර පිරිසිදුව තියාගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්න කොට රජයකට විතරක් මේ වගේ දේවල් ගොඩදාන්න බැහැ. අනික ඔය කියන විකල්ප කීටයො දැමීම වෙනත් ජීව විද්‍යාත්මක මර්ධන ක්‍රම අපේ පරිසර තුලනයට බාධාවක් වෙන්නත් පුලුවනි. ඒ නිසා අපි හැම තිස්සෙම ඩෙංගු බෝකරන්නෙ ආන්ඩුව, නැත්තං සභාව, නැත්තං අල්ලපු ගෙදර එකා කියන එලියෙ හේතු ටික එකතුකරන්නෙ නැතුව අපි අපේ ඇතුලෙ ආකල්පය වෙනස් කරගන්න හදනවා නම් වැදගත්.
ඉස්සරම කාලෙ වැද්දො වතුර පැණි ආදිය අරං ගියේ ලබ්බෙ. ලබ්බ කිව්වෙ ලබු කැටේට. ලබු කැටේ කියන්නෙ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගැජට් එකක්. එකපාරක් පාවිච්චි කරලා ලබ්බ විසික් කලොත් අවසානෙ ගමනක් යනකොට ගෙනියන්න වැද්දන්ට ලබ්බක් නැති වෙනවා. ඉතිං ඔය ලබ්බ පරිණාමනය වෙලා නොයෙක් ආකාරයේ අලංකාර වතුරු බෝතල ඇවිත් තියෙනවා. අපේ කන්තෝරුවෙත් ලීටර දහතුනක් විතර වෙන ලොකු ප්ලාස්ටික් ලබු කැට වගේක වතුර ගෙනල්ලා මැසින් වල දාල තියෙනවා.
කෙල්ලො ගෙනියන පොඩි ලබු කැට ජාතියකුත් තියෙනවා. කොහොමත් ඔය පන්ති යන කෙල්ලොන්ට හෙම පුදුම වතුර තිබහවල් තියෙන්නෙ. බස්සෝල්ට් එකේදි එක සොට් එකක් දානවා. බස් එකට නැගලා වාඩිවුනාම තව හීනි සොට් එකක් දානවා. බස් එකෙන් බැස්සම තවත් පොඩි සොට් එකක් ගන්නවා.අරගෙන ක්ලාස් එකට ගිහිං සර් එන්න කලිං එක සොට් එකයි. සර් ආවම තව සොට් එකයි. ඒක එක්තරා ආතල් එකක් වෙලා. දැං විභාග ලියන ලමයිතුත් වතුර බෝතලයක් අනිවා තියං ඉන්නවා. හැබෑට අපි විබාග ලියන කාලෙ තමයි කාලෙ. අරං යන පයිල් එකත් ඉස්කෝලෙ ඩෙස් එකෙ ලෑල්ල යට හංගලා එනවා. ඊලග දවසට ගන්න.
ඒකට දැන්, තියෙන හැම පොතක්මයි, වතුර තේ වතුර බෝතල් හදාගෙන බත් මුල් බැඳගෙන විබාග ලියන්න යන්නෙ නිකං පැල් ලගින්න යන අබරං ආතල වගේ. මේ පිංතූරෙ තියෙන බෝතල් ටික හොයාගත්තෙ අපේ කන්තෝරුව අසබඩ තියෙන දුම්රිය මාර්ගය දෙපසින්. ඒ දුම්රිය සේවකයෝ ඒවා පිරිසිදු කරනවා. නමුත් ඈතට වෙන්න බැද්ද හරියෙ තිබුන ඒවා තමයි මේ. මේ ප්ලාස්ටික් බෝතල් නං හරිම පරිසර හානියක් තමයි කොරන්නෙ. ඒත් දැන් මිනිස්සු ඉස්සර වගේ හෝටලේකට රිංගලා වතුර එකක් බොන්නෙ නැහැ. බෝතලේ අරගෙන පොඩි උං වගෙ කටේ ගහගන්නවා අර බෝතලේ.
බිව්වට පස්සෙ මොකෙක් වත් දකින් නැති වෙනකල් ඉදලා අත අරිනවා බෝතලේ අවට පරිසරයට. ඉතිං ඒ තමුං අත ඇරපු බෝතල් ටික වෙලාවට සුද්ද කලේ නැතිවුනාම ආයෙත් කෑගහනවා.. මේ බලන්න අනේ ... මේ බෝතල් දාල හරිම ඩර්ටි වෙලානේ මේ එන් වරයමන්ට් එක. අපේ අර්බන් කවුන්සිල් එක එන්නෙ නැහැ නේ වෙලාවට. අර සැර දුම අල්ලන්න විතරයි එයාල එන්නෙ. කියලා කියනවා. සමහරු.
මම නම් ගිය ඉරිද වෙලාව අරගෙන අපේ බෝඩිම පිටිපස්ස පිරිසිදු කරලා දැම්මා. ඒකෙදි අපෙ වාහෙලා අතඇරපු සර්ෆ් එක්සෙල් සැම්පු පැකට් හත අටක්ම හම්බු වුනා. ඔන්න අද අපේ කන්තෝරුවෙ තිබුන ඩෙංගු මර්ධන වැඩසටහනටත් යන්තම් සහභාගි වුනා. මාත් ඉස්සරහට හුරු වෙන්න ඔනි හොඳ හයිය ප්ලාස්ටික් වලිං හදපු වතුරු බෝතලයක් මිලදී අරගෙන ඒක නැවත නැවත පාවිච්චි කරන්න. නැත්නම් අපි ට්‍රිප් ගියාම හෙම කුනුබාල්දි වලට දාන බෝතල් පවා කාලයක් මේ විදිටය පරිසරයේ තිබිලා ඩෙංගු ආදිය බෝකරන්න හේතු වෙන්න පුලුවන්.
මේ දවස්වල උණ ජාතිත් ගොඩක් පැතිරෙනවා. වැස්ස කාලෙ නිසා ලෙඩ ඇතිවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඉතිං තියෙන්නෙ ඩෙංගුමද කියලා බලාගන්න එක වැදගත්. නලිනි චන්දිමා කියන වෛද්‍යතුමිය සිත් ආර කියන බ්ලොග් අඩවියේ ඩෙංගු ගැන ලියලා තිබුනා. ඒක සාවධානව කියෙව්වොත් තමුංට ඩෙංගු උණ ගැන අවබෝධයක් නොමිලේම ලබාගන්නත් පුලුවන් වෙනවා.
ෂැම්පු කම්පැනි එක්ක කතාකරලා අනේ මේක බාල්දියකට විසික් කරන්න කියලා ලොකුවට ගැහුවත් අපේ පුතාල ඒක කරයිද? අනික ෂැම්පු පැකට් එක මොන විදියට අයින් කලත් ඒක යන්නෙ ලංකාව ඇතුලෙම කොහේ හරි කුනු ගොඩකට. අපේ ගෙදරින් ෂැම්පු පැකට් එක අයින් වුනත් ආයෙත් වෙන ප්‍රෙද්ශයක ඉන්න දුප්පත් ජනතාවට ඩෙංගු මැලේරියා ඇතිකරන්න අර පැකට් හේතු වාසනා වෙනවා.
අපේ ශ්‍රමදානයේ අයින් කල කුනු ආදිය. |
නමුත් අපේ අය ගෙදර අම්ම තාත්ත ගෙනාවත් සමහරදේවල් නාස්ති කරන්නම හුරුවෙලා. මම දැකලා තියෙනවා සමහර අයියලා කඩවල් වලට ගියාම ඒකෙ තියෙන පොඩි සෝස් බෝතලෙන් බාගයක් විතර ප්ලේට් එකට හලාගෙන මාලු හොදි එක්ක කන්න වගේ ඒකෙ ඔබාගෙන මාලුපාන් කනවා. ඉතිං එහෙම කරන ගමන් වෙන කඩේකට ගිහින් සෝස් නැති වුනොත්..බඩකඩුත්තු කඩේ සෝස් ඩිංගක් වත් නැහැ කියලා බනිනවා. අපි අපිට ඕනි තරමට දේවල් පාවිච්චි කරන්න හුරුවෙන්නෙ නැති නිසා තමයි අපිට පොඩි පොඩි පැකට් විදියට ඒ සමහර දේවල් ගන්න සිද්ද වෙලා තියෙන්නෙ.
මේ කතාව ඇදලා ගත්තෙ ඇත්තටම අපේ අවට තියෙන පරිසරය පිරිසිදුව තියාගත්තෙ නැත්නම් එක එක රොගාබාධ හැදෙන්න තියෙන අවධානම වැඩිවෙනවා. එයින් එකක් තමයි ඩෙංගු. ඔය ඩෙංගු බෝවෙන්න එක හේතුවක් තමයි පොළිතින් සහ ප්ලාස්ටික් බෝතල්.
ඉස්සර අපි පොල්තෙල් ගේන්න කඩේට යනකොට බෝතලයක් අරගෙන යනවා. නමුත් කාලය වෙනස් වෙලා අපි ඒක පොලිතින් බෑග් වල ගේන්න හුරු වුනා. ඒ ඇසුරුම් පරිසරයට අපි නිසියාකාරව බැහැර කොලේ නැත්තං බඩු බනිස් තමයි. උදාහරණයක් විදියට අපි කාල විසික්කරන ටොපි කොලේ කාලයත් එක්ක පාර අයිනට වෙනවා. අයිනට වෙලා කාලයක් තිබිලා වැස්සම ඒක අස්සෙ වුනත් මදුරු කීටයො එකෙක් දෙන්නෙක් ඇතිවෙන්න පුලුවන්. ඉතිං අපි කන කෑමක් ඔතල තියෙන (ටොපි, බිස්කට්, ජුජුප්ස්, කජු ) කොලේ සාක්කුවේ දාගෙන ගිහින් හරියට විසික් කරගන්න බැරිතරම් ආත්මාර්ථකාමි වෙලා ඇවිත් ගෙදර ඇවිත් පත්තරේ බලල ටීවී එක බලලා ආන්ඩුවට බනිනවා ඩෙංගු මර්ධනය කරන්නෙ නැහැ කියලා.
මේ වගේ වසංගතයක් මර්ධනය කරන්න පාලනය කරන්න රාජ්‍ය ව්‍යුහන්ට වුනත් හරිම අමාරුයි. ඒකට ජනතාවගේ ආකල්පික වෙනසක් අවශ්‍යයි. දැක්ක දැක්ක තැන හිතුමතේ කුනුදාන තමුංගේ වත්ත පිටිය තමුංගේ ඉඩම අසල තියෙන පාර පිරිසිදුව තියාගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්න කොට රජයකට විතරක් මේ වගේ දේවල් ගොඩදාන්න බැහැ. අනික ඔය කියන විකල්ප කීටයො දැමීම වෙනත් ජීව විද්‍යාත්මක මර්ධන ක්‍රම අපේ පරිසර තුලනයට බාධාවක් වෙන්නත් පුලුවනි. ඒ නිසා අපි හැම තිස්සෙම ඩෙංගු බෝකරන්නෙ ආන්ඩුව, නැත්තං සභාව, නැත්තං අල්ලපු ගෙදර එකා කියන එලියෙ හේතු ටික එකතුකරන්නෙ නැතුව අපි අපේ ඇතුලෙ ආකල්පය වෙනස් කරගන්න හදනවා නම් වැදගත්.
අපේ කන්තෝරුව අසල දුම්රිය පාර අසලින් සොයාගත් බෝතල් |
කෙල්ලො ගෙනියන පොඩි ලබු කැට ජාතියකුත් තියෙනවා. කොහොමත් ඔය පන්ති යන කෙල්ලොන්ට හෙම පුදුම වතුර තිබහවල් තියෙන්නෙ. බස්සෝල්ට් එකේදි එක සොට් එකක් දානවා. බස් එකට නැගලා වාඩිවුනාම තව හීනි සොට් එකක් දානවා. බස් එකෙන් බැස්සම තවත් පොඩි සොට් එකක් ගන්නවා.අරගෙන ක්ලාස් එකට ගිහිං සර් එන්න කලිං එක සොට් එකයි. සර් ආවම තව සොට් එකයි. ඒක එක්තරා ආතල් එකක් වෙලා. දැං විභාග ලියන ලමයිතුත් වතුර බෝතලයක් අනිවා තියං ඉන්නවා. හැබෑට අපි විබාග ලියන කාලෙ තමයි කාලෙ. අරං යන පයිල් එකත් ඉස්කෝලෙ ඩෙස් එකෙ ලෑල්ල යට හංගලා එනවා. ඊලග දවසට ගන්න.
ඒකට දැන්, තියෙන හැම පොතක්මයි, වතුර තේ වතුර බෝතල් හදාගෙන බත් මුල් බැඳගෙන විබාග ලියන්න යන්නෙ නිකං පැල් ලගින්න යන අබරං ආතල වගේ. මේ පිංතූරෙ තියෙන බෝතල් ටික හොයාගත්තෙ අපේ කන්තෝරුව අසබඩ තියෙන දුම්රිය මාර්ගය දෙපසින්. ඒ දුම්රිය සේවකයෝ ඒවා පිරිසිදු කරනවා. නමුත් ඈතට වෙන්න බැද්ද හරියෙ තිබුන ඒවා තමයි මේ. මේ ප්ලාස්ටික් බෝතල් නං හරිම පරිසර හානියක් තමයි කොරන්නෙ. ඒත් දැන් මිනිස්සු ඉස්සර වගේ හෝටලේකට රිංගලා වතුර එකක් බොන්නෙ නැහැ. බෝතලේ අරගෙන පොඩි උං වගෙ කටේ ගහගන්නවා අර බෝතලේ.
බිව්වට පස්සෙ මොකෙක් වත් දකින් නැති වෙනකල් ඉදලා අත අරිනවා බෝතලේ අවට පරිසරයට. ඉතිං ඒ තමුං අත ඇරපු බෝතල් ටික වෙලාවට සුද්ද කලේ නැතිවුනාම ආයෙත් කෑගහනවා.. මේ බලන්න අනේ ... මේ බෝතල් දාල හරිම ඩර්ටි වෙලානේ මේ එන් වරයමන්ට් එක. අපේ අර්බන් කවුන්සිල් එක එන්නෙ නැහැ නේ වෙලාවට. අර සැර දුම අල්ලන්න විතරයි එයාල එන්නෙ. කියලා කියනවා. සමහරු.
මම නම් ගිය ඉරිද වෙලාව අරගෙන අපේ බෝඩිම පිටිපස්ස පිරිසිදු කරලා දැම්මා. ඒකෙදි අපෙ වාහෙලා අතඇරපු සර්ෆ් එක්සෙල් සැම්පු පැකට් හත අටක්ම හම්බු වුනා. ඔන්න අද අපේ කන්තෝරුවෙ තිබුන ඩෙංගු මර්ධන වැඩසටහනටත් යන්තම් සහභාගි වුනා. මාත් ඉස්සරහට හුරු වෙන්න ඔනි හොඳ හයිය ප්ලාස්ටික් වලිං හදපු වතුරු බෝතලයක් මිලදී අරගෙන ඒක නැවත නැවත පාවිච්චි කරන්න. නැත්නම් අපි ට්‍රිප් ගියාම හෙම කුනුබාල්දි වලට දාන බෝතල් පවා කාලයක් මේ විදිටය පරිසරයේ තිබිලා ඩෙංගු ආදිය බෝකරන්න හේතු වෙන්න පුලුවන්.
මේ දවස්වල උණ ජාතිත් ගොඩක් පැතිරෙනවා. වැස්ස කාලෙ නිසා ලෙඩ ඇතිවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඉතිං තියෙන්නෙ ඩෙංගුමද කියලා බලාගන්න එක වැදගත්. නලිනි චන්දිමා කියන වෛද්‍යතුමිය සිත් ආර කියන බ්ලොග් අඩවියේ ඩෙංගු ගැන ලියලා තිබුනා. ඒක සාවධානව කියෙව්වොත් තමුංට ඩෙංගු උණ ගැන අවබෝධයක් නොමිලේම ලබාගන්නත් පුලුවන් වෙනවා.
හැමදාමත් වගේ වැදගත් පෝස්ට් එකක්.
ReplyDeleteඉතාම හොඳ ලිපියක්.වතුර බෝතල්,ෂැම්පු පැකැට් ගැන කියපු දේවල් නම් ඇත්ත.අපිම තමයි ඩෙංගු බෝ කරන්නේ.මාත් ඉරිදා වැහිපීලි සුද්ද කලා.අඹ කොළ වැටිලා වතුර හිරවෙලා කිටයෝ පිරිලා ඔක්කොම සුද්දකලා.අඹ ගහ නිසා වැහිපීලි ගැන අවදානයෙන් ඉන්ඩ ඔන.සෝස් ගැන කියපු කතාවත් සහතික ඇත්ත.comment නොකලත් වැඩි පිරිසකක් මේ ලිපිය කියෙව්වා නම් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteවටිනා ලිපියක්.
ReplyDelete100% ekagai..Niyamai.
ReplyDeleteJayawewa.
නියම ලිපියක්.
ReplyDeleteආණ්ඩුවට බනින ගමන් අපේ අතිනුත් වෙන්න තියෙන යුතුකම් ඉටු කළොත් ඒකෙන් කාටත් යහපතක් වෙනව.
කාලෝචිත ලිපියක්.
ReplyDeleteබ්ලොග් බලන්නෙ ටික දෙනෙක් නිසා, මේ ලිපිය ස්ටේටස් එකක් හැටියට බුකියෙ දාන්න.
ඊට පස්සෙ ඒක හතර අතේ ෂෙයාර් කරන්න.
එල ලිපිය මචං...මමත් ඔය කියන වැරදි ටිකක් කරනවා.කුණු නම් තැන තැන දාන්නේ නැහැ.ඒ උනත් අර කියපු පොඩි පැකට් වලට වැඩ ලොකු බෝතලයක් ගන්න එක ගැන නම් හිතුවොත් හොදයි වගේ.
ReplyDeleteඅවුරුද්දකට කලින් මම අමිල ගැන තිබ්බ ආකල්පය කාලයත් එක්ක වෙනස් වෙලා. මම මේකෙ පාඨකයෙක් වෙලා!
ReplyDeleteWell said dude! Keep up the good work!
indeed
Deleteඇත්ත...ආකල්ප ඉබේ හැදෙන්නේ නැ අපි හොඳ ආකල්ප ඇති කරන්න ඕන. නමුත් පෙරමුණ ගන්න කවුරුත් නැ වගේ. මෙහෙම හරි ලියන එක වටිනවා. ජය
ReplyDeleteමට මතකයි මීට අවුරුද්දකට දෙකකට කලින් ඔබ මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා. ඒකෙදි මම ඔබ කවුද කියලා අහලා මැසේජ් එක දැකලා මට රිප්ලයි කරපු කෙනයි මේ බ්ලොග් සටහනුයි ලියන්නේ එකම කෙනෙක් කියලා මට හිතාගන්නවත් බෑ.
ReplyDelete:)
මම මෙහේ නිතර මොකුත් නොකීවට (අනිත් හැම බ්ලොග් එකේදීම වගේ) නිතරම කියවන සටහන් මේවා.
සමහරවිට ඔබ ලියන සටහන් වල වැදගත්කම හිතුවම අර නැටි කොල්ලද කියලා හිතාගන්නවත් බෑ.
කීප් අප් ගුඩ් වර්ක් අමිල.
ඇයි ඔන්න ආයෙත් රඹුටන් කාලෙ එනවා. රඹුටන් කාලා ලෙලි ඔහේ විසිකරනකොටත් මතක තියා ගන්න රබුටන් ලෙල්ලෙත් ඩෙංගු මදුරුවො බෝවෙන්න පුලුවන් කියන එක.
ReplyDeleteප්ලාස්ටික් බෝතලයක් නැතිව දැන් තියන ඇලුමිනියම් බෝතලයක් නරකද? ගොඩ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්, උණු වතුර දාන්නත් පුළුවන්. බිම වැටුනත් තැලෙනවා විතරයි කැඩෙන්නේ පුපුරන්නේ නැහැ.
ReplyDeleteඅැත්තටම අනගි ලිපියක්. ඒ නිසා 2013 මාර්තු 8වැනිදා "කොළඹ ට්‍රැපික්" POST ඒකට දැමූ මාගේ කමෙන්ටුව ඉල්ලා අස්කර ගන්න හිතෙනවා.
ReplyDelete