Sunday, June 16, 2013

බලු ආත්මයක හමුවෙමු

අපේ ඉර අපේ හඳ

කියා වෙනසක් නැතුව

ඔයාලට වගේ අපි හැමෝටම

රෑ දවල් එලිය ටික

 බෙදෙනවා..



වසා ඇත කියා හෝ

අවුවට පිච්චිලා ගියාහෝ

කිසිම වෙනසක් නැතුව

සියලු ලෙඩ දුක් ගැහැට

ඔක්කෝම විඳිනවා..



කවුරු කැපුවත් කොහෙන්

ගලන ලේ රතුම පැහැ වෙනවා

නිරුවතින් පෝලිමක ගියෝතින්

කිසිම වෙනසක් නැතුව පේනවා..

කතාකරනා අඳින පලිදිනා හැටි මැනං

මිනිස්සුන් වෙන්ව ගොඩවල් වෙන්ට හදනවා..

අපි තමයි හරිං උතුං අපිතමයි ලොක්කෝ

සිතා රකුසන් යකුන් ගෝත්‍රික නෑසියන්

වගේ වෙන්නට පෙරුම් පුරනවා...



අලංකාරෙට වැසූ ඔබේ ඔය සෝල් එක හරි ලස්සනයි..

යසට පීරා හොඳින් ගොතා ඇති කෙස් කැරලි...හරි උජාරුයි..

ඒ යටින් කහපාට මුහුන උඩ රතුපාට තොල් දිවෙන අපූරුව සුන්දරයි..

සියලු දේ යටින් ස්නායු දිගේ යන නොගැලපෙන ආදරේ මට තාම සුවඳයි..



තවදිනක එක් නොවෙන ඔබේ මගේ ස්පර්ශයක සුව මතක් වෙනකොටත් මට උනුහුමයි..

ඇඳුම, ජාතිය, කුලය..බලය, මානය, ධනය හරස් වුනෙ නොමැතිනම් ඒක හරි සනීපයි..

හැඟුම් ඉපදී වැඩුන වැඩී මිනිසත් කමට මේ සියල් දැනෙන් නැති තිරිසනුන් වී උපදිමුද යලි අපී.. ..

ඉබාගාතේ යනෙන ඔබ සුනඛ ධේනුවක් මමත් වල් බල්ලෙක් ලෙසින් අපි මතු සසර හමු වෙමූ..


9 comments:

  1. ප්‍රාර්ථනාව නම් හොඳයි..ඒත් ගල් පාරවල් වදියි..බලාගෙන..

    ReplyDelete
  2. //*ඉබාගාතේ යනෙන ඔබ සුනඛ ධේනුවක් මමත් වල් බල්ලෙක් ලෙසින් අපි මතු සසර හමු වෙමූ..*//

    යකෝ එතකොට උඹ විතරක් නෙමේ අනිත් වල් බල්ලෝ ඔක්කොම වැල නොකැඩි එයි.මම දන්නා තරමට සත්ත්ව චර්යා වල කියන්නේ ශක්තිමත්ම එකාලු වැඩේ ඉස්සරලම කරන්නේ.උඹ ශක්තිවන්ත උනේ නැත් නම් ඔය කියන ආත්ම වල උඹට බඩුම තමා.අනික් උන් ඇවිත් කරලා යන කල් බලා ඉන්න වෙයි.එක නිසා මේ මනුස්ස ආත්මේ කරන්න තියන දෙයක් කරහන්.බලු ආත්ම ෂුවර් නැහැ වැඩේට...

    ReplyDelete
    Replies
    1. ඒ පොත ලියපු එකා පාර මැදින් ගිහිල්ල තියෙන්නෙ...පාර මැදදි සක්තිවන්තයාට තැන ලැබුනාට පාර අයිනෙ වැට හරියට වෙන්න නොපෙනන තැන් වලදි වගේ සක්තිය අඩු උන්ටත් බැල්ලි නැමිලා දෙන සින් තියෙනවා...

      සක්තිවන්තයා කියන එකා සරීර සක්තියෙන් වැඩි වුනාට වැඩක් නැහැ නේ..අසුවල් සක්තියත් තියන්න එපාය..එතකොට බැල්ල කියාවි සමහර විට ඇග ලොකුවට තිබුනාට පාර මැද පේන්න කොලාට මොකද දෙයියෝ මගේ හිත නම් යන්නෙම වැට අයිනෙ නගුටට නෙව කියලා..

      Delete
  3. මම අලුත් එකෙක් මගේ බ්ලොග් එකටත් බැල්ම හෙලනු මැන ......http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
  4. ඇයි යකෝ මොන මගුලකටද බල්ලෝ බළල්ලු වෙන්නේ. මිනිස්සු වෙන්න පුළුවන් මිනිස්සු වගේ ජීවත් වුනොත්, ධාර්මිකව ජීවත් වුනොත්. මෙහෙම මොලේ අඥ කොරොස් කරගන්න ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හපෝ මිනිස්සු වුනාම සිල් ගන්න අමාරුයි..මිනිස්සුන්ගේ කපාල ධාරිතාව කිලෝ එක හමාරක් වෙනවා..එතකොට මිනිස්සුන්ට ඒ ප්‍රමාණයටම සිතීමේ ශක්තිය ලැබෙනවා.. නමුත් සතුන්ට ඒ තරම් ලොකු මොලයක් නැහැ.. තිබුනත් සමාර විට සරීරය හසුරවන්නම එයින් ලොකු පමානයක් වැය වෙනවා.. මම හිතන්නෙ මිනිහෙක් වෙලා සිල් රකින්න ගන් වීර්යට වඩා වඳුරෙක් වෙලා සිල් රකින්න යන මහන්සිය අඩුයි... මොකද වඳුරට අපිට තරම් කෙලෙස් දේවල් හිතෙන්නෙ නැහැ..


      මේ තරං සංකීර්ණ සමාජ තත්වයන් සත්ව ලෝකෙ නැහැ.. ඒ නිසා මම කල්පනා කරන්නෙ ලව් කරන්න නම් හොදම අවස්ථාව තිරිසන් ආත්මයක් ලැබීම කියලා..එතකොට අපිට ආගම, ජාතිය, කුලය ධනය එක්ක පයිට් කරන්න ඕනි නැහැ..ලව් එක විතරක් කරගෙන යත හැකි...

      හැබැයි ඉතිං වලි නැති තැන නෝ ජොලි වගේ ඒකත් එපා වෙනවා ඇති කාලෙකදි..

      Delete
  5. ඔයිට වැඩිය හොඳ නැද්ද ගේ කුරුලු ජෝඩුවක් වෙලා ඉපදෙන එක?

    ReplyDelete
    Replies
    1. ලාසසන කුරුලු ජෝඩුවක් කිව්වම කාක් ජොඩුවක් වෙලා උපදින්නත් පුලුවන්... හපෝ ජරා ජාතිය..

      Delete
  6. බලාගෙන!!! ඔටාරා නෝනාට අහුවෙන්න නම් එපා,එල්ලෙන ඇට දෙකේ වයර් කපයි.

    ReplyDelete