Saturday, May 17, 2014

පයින්ඩ කොලෙක්ටින් කතාවස්තුව

ඔන්න එකෝමත් එක කාලෙක නාරිදත්ත කියලා රජ්ජුරුකෙනෙක් හිටියා. නාරිදත්ත රජතුමාට ආරංචි වෙනවා රටේ ගවයින් අසාමාන්‍ය ලෙස අඩුවෙලා රටේ කිරි සම්පත සහ ගව මස් සම්පත නැතිවෙන්ට යනවා කියලා. ඒ නිසා නාරිදත්ත රජතුමා ඒකට උපායක් හොයන්ඩ වැවිලි බෝග සහ ගොන්හරක් සම්බන්ධ ඇමතිතුමාට කාරණය සොයාන්ට නියම කරනවා. එතුමානෝ නිලමෙලා අධිකාරම්ලා සහ ගවහිමියන් හමුවෙලා කතාන්දරය හැකි පමණ සොයාගත්තා. 

දැන් ගොන්හරක් භාර ඇමති තුමා කියාන්ඩ බලන්න මොකද මේ හරක් එන්ට එන්ටම කොට වෙලා කෙස්ටු වෙලා අඩුවෙලා යන්නෙ.? රජතුමා ඇහුවා...
රාජුත්තමයන් වහන්ස..
මේක ගොන්නුන්ට වැළඳුන කිසියම් හෝ රෝගාබාධයක් නම් නොවන බවකි ගව වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙය තණ කොළ හිඟ වීමේ දෝසයකි. රටේ පවතින අයහපත් කාලගුණය නිසාත් සමාර තණකොළ ජාති වැසියන් විසින් ආහාරයට ගැනීම නිසාත් ගව මහේෂාදින්ට කෑමට ඇති තණ හි හිඟයන් පවතින බැව් අපිට ආරංචි වී ඇත. 
එසේ ඇමතිතුමා විසින් සියලු කාරණා අසා සිටියදී හිටි අඩියේම විහිලුවට බර අන්ද්‍රෙයි නැමැති ඇමැත්තා ප්‍රමාද වී රාජ සභාවට පැමිණියා. රාජ සභාව කිව්වට මේකෙ හිටියෙ ඇමතිලා නිලමෙලා වගේ ලොකු තැන් විතරයි.
අදාල නැති පුහුලම් දෙකකි.
අන්ද්‍රෙ ඇවිත් වාඩිවුනා විතරයි. රජතුමා අණ නිකුත් කලා. සියළුම රාජසභාවේ සිටින ඇමැතිවරුන් විසින් තමුන්ගේ පලාත්වලට අදාලව තණ මැනීම සිදුකල යුතුයි. අප රටේ තණ සම්පත මදිනම් වෙනත් ඈත දේශයකින්හෝ ගෙන්වන්ට ප්‍රථම අප විසින් තණ මැනීම කල යුතුයි. අපට කෙතරම් තණ තිබේද ඒ තණ අපිට ඇතිද කියාල විමසන්ට නම් අපි ළග තොරතුරු තිබෙන්ට ඕනා. තොරතුරු නැතිව අපිට නිකම් අරකය මේකය කියලා තීන්දු ගන්න බැහැ. 

ඉතිං රජතුමා ඒ කාරණය විසදන්න අවශ්‍ය කරන කටුයුතු සම්පාදන කරලා වෙනත් කරුනක් වෙත අවධානය යොමු කරන්ට සිතුවා. අන්ද්‍රෙයිද සියලුම ඇමැත්තෝද කාරණය සිය ඇක්සයිස් පොතේ ලිව්වා. රජතුමා කාරණය නිමා කල පසු වෙනදා මෙන්ම ටියුබ් ලයිට් අන්ද්‍රෙයි විසින් ප්‍රශ්ණයක් නගනු ලැබුවා.

රජතුමනි? දැන් අපි තණ මැනිම සඳහා සියලු තොරතුරු අසාගෙන පලක් නැහැ.මට නම් රජතුමනි ගෙන් ගෙට යන්ට පුලුවනි. නමුත් අපේ ඇමැත්තන්ට සමාරුන්ට දැන් ගම් පලාත්වලට යන්ට අමාරුයි. ඒ නිසා අපි ගෙන්ගෙට යන්නේ නැතුව අණබෙරයක් යවලා තණ විස්තර ටික අපිට ලැබෙන්ට සලාස්වන්න කියලා කිව්වොත් හොදයි නේද? හැබැයි රජතුමනි මගේ පැත්තේ තණ බලන්නෙ  මම ගෙයින් ගෙට ගිහින්. මට ඉතිං වැඩි වැඩකුත් නැහැ වගේ නේ. 

හරි අන්ද්‍රෙ හරි. ඇමතිවරුන්ට නිදහස තියෙනවා එහෙනං අණබෙර යවලා ඒ ඒ පවුල්වල වතුවල තණ විස්තර ටික එක්කරාසු කරගන්න. රජතුමා අන්ද්‍රේගේ අදහසට ඉඩදුන්නා.

එදා ගියායින් පස්සෙ මාසෙකට විතර පස්සෙ රජතුමා යළිත් කාරණාව මතක් කලා. මම මින් පෙර තණ මැනීමක් ගැන සඳහන් කලා. ඒ ගැන විස්තර ඇමතිතුමාලට ගේන්න කිව්වෙ සති දෙකකින්. දැන් සති හතරක්ම ගිහින්. තවත් නම් දවස් දෙන්නේ නහැ. දැන් විස්තර හරිද? රජතුමා සභාවෙන් ඇහුවා.

හරි මහ රජතුමනි. අපිවිස්තර එකතු කලා. මහරජතුමනි.
ඇමතිවරු පිළිවදන් දුන්නා. 

හැමදාම පණ්ඩිත කතා කියලා මොකක් හරි සංසෝදනයක් කරන්නම දගලන අන්ද්‍රේගෙන් පටන්ගන්න රජතුමා තීරණය කලා.ආහ්..අන්ද්‍රෙ කියනවා බලාන්ට තමුන්ගේ විස්තර කොහොමද පලාතේ තණ ගැන. 
මැදි වයසේ ගොඩක් වෙලාවට 38-42
නාකි නම් ආයෙත් 32-36 වගේ මට්ටමට බහිනවා..
ගැටිස්සියොන්ගේ නම් ඉතිං විසිගනන්  වල ඉදලා තිස් හය අට වගේ වෙනකල් තියෙනවා. ඒත් මේ වා සමාර වෙලාවට වෙනස් වෙනවා.

අන්ද්‍රේගේ තණ මැනිල්ල ගැන ආරංචි වෙලා තිබුන සමාර ඇමතිවරු කට අතින් වහගත්තා. රජතුමාටත්ලොකු පස්නයක්. නමුත් අවසානෙ ගැටිස්සියො ගැන කිව්වාම රජතුමාට තේරුම් ගියා කතාව. ඈ ඕයි..තමුසෙට මොලයක් තිබුනෙම නැද්ද? ගෑනුන්ගේ කෑලි අතගගා උඹ නං සෝක් එකට මනින්නට ඇති. මම නොදන්නවයැ අන්ද්‍රෙගෙ විස්තර. යස වැඩේ නාකි හම්පඩ ඒවත් අන්ද්‍රෙට අල්ලලාබලාන්ට වෙන්න ඇති. රජතුමා කිව්වා..

නැහැ රජතුමනි නාකි අයට අවස්ථාව ආවම මම ඉරටු කෑල්ලක් එයාලට දීල බලල  දිග මැනල කියන්න කිව්වා. ගැටිස්සියොන්ට ඉතිං ඕව තේරෙනවැ. උන්ට අහක බලාගන්ට කියලා මමම මැනගත්තා. රාජ අණනේ රජතුමනි... අන්ද්‍රේ කියාගෙන ගියා..

හහ් හහ් හහා.හරි අන්ද්‍රේ මට පොඩි වැරැද්දක් වුනා. මින් පසුව රාජ අණ සාරාංශ කරලා ඒ ඒ නියමිත රාජකාරි සියල්ල රැස්වීම අවසාන වුනාම ඇමතිවරුන්ට ලැබේවි.මෙතනදි මම තණ මනින්න කියන කොට අන්ද්‍රෙ රාජසභාවට ආවා විතරයි. ඉතිං වෙන සන්නසක් මොකුත් නිකුත් වුනේ නැති නිසා අන්ද්‍රේට මුලු වැයික්කියෙම තන් අතගාන්න ලැබුනා. හනේ බොල..අන්ද්‍රෙ උඹ තමයි දවසකටවත් මිනිහ..

  මං රජතුමා විදියට නිකං ඉන්නෙ නැහැ. විදේශෙකින් ආපු අලුත් මොක්පුල පඩිතුමාගෙන්උපදෙස් අරගන්නවා රාජ පාලනය ගැන. ඒ තුමා කිව්වෙ ලිඛිත තොරතුරුවලදි බොරුවක් වෙන්න තිෙයන හැකියාව අඩුයි කියලා. අදත් තව ටිකකින් මොක්පුල පඩිතුමා සැපත් වේවි. රජතුමා ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කලා.

ඒ විදියට අනෙක් ඇමතිතුමා කෙනෙකුටත් අවස්ථා ආවා. රජතුමනි තණ වලට ලෙඩතියෙනවා. තණකොල කන වෙන සත්තු එහෙමත් ඉන්නවා. තණ කොල ඔක්කොම අක්කර පන්සීයක් විතර මගේ වසමේ තියෙනවා. ඒ වුනාට ඒවයි තණ වල උස නං හරි වෙනස්.රජතුමනි. ඇමති තුමා කියාගෙන ගියා.

ඔන්න ඔය වෙලාවෙ මොක්පුල පඩිතුමා සබයට ආවා. එතුමා වාඩිවුනා. 


ඒ අතර තවත් ඇමතියෙක් නැගිටලා කතාව පටන් ගත්තා. රජතුමනි මේක හරි සංකීර්ණයි රජතුමනි. සමාර පැතිවල එකම වත්තෙ පවා තණ විවිධඋස වලින් තියනවා. ඔන්න එක සන්දේසෙක තියනවා මෙහෙම " මාගේ වත්තේ තණකොල ඇති මුත් ඒ කොච්චරක් දැයි මා දන්නේ නැත. මීලග වැස්ස ආවාම මම තණ කපනවා. කැපුවාම රජතුමාට අවශ්‍ය කොටස දෙන්නට මට පුලුවන් වෙයි යැයි මා සිතනවා. මහරජතුමාට නියමිත තණකොටස හොර නොකර දුන් බැවින් මට සමාව දෙන මෙන් ඉල්ලනවා. " ඉතිං රජතුමනි ඒ ඉඩම් හිමියාට තණ කොල තියෙද? කොච්චර තියෙද? කොච්චර උෂ තණකොල තියෙදැයි කියල බලාගන්න බැහැ. මගේ  ලියන ලියන්නෝ ගොඩක් මාන්සි වුනත් තොරතුරු එකතු කරගාන්ට බැහැ. ඇමතිතුමා කිව්වා.

ඔය විදියට තණ මැනීමේදීත් තණ ගනනය කිරීමේදීත් තමුන්ට ආපු ලියුම් ගැන ඇමතිවරු කියාගෙන ගියා. ඒ හැම වතාවකම කතාව ඇමතියන්ගේ කතාව ඉවර වුනාම මොක්පුල පන්ඩිත නැගිටලා වාඩිවෙනවා.

මොක්පුල පඩිතුමා නැගිටලා වාඩිවුනා.රජුට පුදුමයි ඒ විදියට නැගිටලා මොකුත් නොකිය මොක්පුල පඩි වාඩිවුන එක ගැන. මොකද මොක්පුල පඩිතුමනි. ඔබතුමාට ආම වාතවත් යනවාද මේ ඇමතිවරු කතාකරන වාරයක් ගානෙ නැගිටින්නෙ? 
නැහැ රජතුමනි. මට මේ ඇමතිවරුන්ගේ කථාවලට හිනායන තැන වෙනස්. ඒ හිනාවලට අවසර අවකාශ දෙන්ට ඕනි නිසා මං පොඩ්ඩක් නැගිටලා වාඩිවෙනවා. මොක්පුලසභාවම හිනස්සමින් කිව්වා. 

අවසර මහරජතුමනි. මේ වගේ දේකදි තොරතුරු එක්රැස් කරන එක වැදගත්. ඒ වගේ වෙලාවක රාජ කීය ලේඛකයින් මදි නම් වෙනත් ලේඛකයින් ගෙන්නවා හෝ රජතුමාට අවශ්‍ය කරන තොරතුරු පෝරම කොලයක සටහන් කොට ඒවා ගම්මානයේ ගස් වල ලිං අසල හෝ මිනිස්සු එක්රැස් වන තැන්වල ඇලෙව්වානම් හරි. උදාහරණ විදියට මේ වගේ.

රාජ්‍යයේ තණ සම්බන්ධ තොරතුරු එක්රැස්කිරීමයි. 
ගව මහේෂාදීන්ට අවශ්‍ය තණකොල සම්බන්ධ තොරතුරු රැස් කරගන්නට රජතුමා අදහස් කොට තිබේ. ඒ සඳහා පහත පරිදි සංදේශ සකසාගෙන එක් පවුලකට එකක් වන ලෙස තොරතුරු අසලම සිටින ඇමති මැතිවරුන්ට ලැබෙන්ට සලස්වනු. 
නම:=
ස්ථානය:-
තණකොල ඇති ඉඩම් ප්‍රමාණය:-
තණකොල වල සාමාන්‍ය උස:-
තණ වැවීමට හැකි වෙනත් ඉඩම් තිබේද?:-
ගවයින් කොපමණ ඔබට අයිතිද? :-

ඉතිං රජතුමා මේ විදියට තොරතුරු ටික එක්කරාසු කරගත්තා. ඉතාම ලේසියෙන් තොරතුරු එකතු කරගෙන රටේ තිබෙන තණකොල සහ විස්තර ලබාගන්න රජතුමාට පුලුවන් වුනා. පෝරම් කොලය නිසා වැඩ තවත් ලේසි වුනා කියලා ඇමතිවරුත් ගැමියොත් රජතුමාට ස්තූති කලා. තමුන්ට තන් පෙන්වන්නට වුනු නිසා අන්ද්‍රේ ගැන ඒ ප්‍රදේශයේ ගෑනු ජනයා කුපිතව කතා කලා.

මේ කතාවෙන් ගත හැකි ආදර්ශය තමයි නියමිත පරිදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක තිබෙන වැදගත්කම. නිකම්ම නිකං ලියුම් ලිවීමෙන් හෝ නැතිනම් ගනනයට ලක්වන්නා කැමති සහ ඔහුට මතක්වන තොරතුරු පමණක් ඇතුලත් කිරීම ඵලක් නැති වැඩක්. යම් ආයතනයකින් හෝ සංගමයකින් තොරතුරු අදාල අංශ වෙතින් ලබාගන්නවා නම් ඒ තොරතුරු මාතෘකා කිපයක් සහ තේමාවන් කිහිපයක් ඇතුලත් එකක් නම් තොරතුරු ලබාගන්නට පෝරම් කොලයක් තියෙන එක වැදගත් වෙනවා. 

මේ පොරම් කොල නොහොත් ෆෝම්ස් වල නවතම  සොයාගැනීම තමයි අන්තර්ජාලයේ වෙබ් අඩවි වල දත්ත ඇතුලත් කිරීම. මේක දියුනු වැඩක්. අන්තර්ජාලය භාවිත කරන අයට පුළුවනි සේවාවන්හෝ වෙනත් කටයුතු වලදි අදාල කටයුතු වලට පෝරම පුරවලාඒ කාරිය කොරගන්න. මේක මීට කාලෙකට කලිං සිද්ද වුනේ ෆැක්ස් මගින්. නැත්නම් ලියමන් මගින් තොරතුරු දෙන්න. දැන් කටයුතු ඊට වඩා පාසුයි. 

මේ ලගදි මගේ මිතුරකට අවශ්‍ය වුනා ටෙලිකොම් ආයතනයෙන් වැඩිපුර දත්ත ප්‍රමාණයක් මිලදී ගන්න. ගිගාබයිටුවක් රුපියල් 250ක් වගේ සාධාරන මිලට තිබුනත් අත්‍යාවශ්‍ය වැඩකට ඔහු දත්ත මිලදී ගන්න සිද්ද වුනා. එතනදි ටෙලිකොම් ආයතනය කියලා තිබුනෙ ෆැක්ස් එකකින් දත්ත අවශ්‍යතාවය කියන්න කියලා. ඉන් පස්සෙ කතාකරන්න පුලුවන් තැන් කීපෙකටම කතා කරලා ඊ මේල් එකකින් වැඩේ කරගන්න පුලුවන් තැනට පත්කරගන්න මිතුරා සමත්වෙලා තිබුනා. 

ටෙලිකොම් වගේ ආයතන විකුනන මූලික දෙයක් තමයි ජාල පහසුකම. ජාල පහසුකම මගින් දියුනු වුන මේ ලෝකෙ පිටරටින් මහ වටින කියන බඩු ගෙන්නගන්නත් අපිට පුලුවන් වෙල තියෙනවා. මේ වගේ සේවාවන් සපයන මූලික ආයතනයක් වෙච්චි ටෙලිකොම් එකේ අමතර ඩේටා ඉල්ලලා රික්වෙස්ටුවක් ලේසියෙන් දාගන්න විදියක් නැහැ.ඒ විදියෙ අන්තර්ජාල පහසුකමක්ඒ ආයතනය සපයල නැහැ. පරන විදියට ලියුම් කියුම් ෆැක්ස් වලිං තාම වැඩ. මේක වඩුවයි ගෙදර පුටුව නැති කේස් එකකට වඩා මට පේන්නෙ වඩුවයි ගෙදර කියත නැහැ වගේ සීන් එකක් විදියට. 

28 comments:

  1. ඒක නං ඇත්ත අපිට සමහර ආයතන වලිං වැඩ කරගන්න ගිහාම ගල්යුගේට යන්න වෙනව ඒ කියන විදියට වැඩ කරගන්න ඒ විදිය වඩාත් ආරක්ෂා කාරී වුණත් පාරිභෝගිකය නිතරම අපහසු තාවට පත්වෙනව... ඒවට අදාල ආයතන කාලයත් සමග යාවත් කාලීන වෙනව නං ඔය ප්‍රශ්න එන්නැති වෙයි මට හිතෙන වදිවට

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ මේකට හේතුව තමයි බෞද්ධ දර්ශනය මැටි ගොඩක් වීම.අමිල වගෙ උගතුන්,ශ්‍රේෂ්ඨ චින්තකයන් පහල වීම බුදුන් වහන්සේට පසුව සිදු වීම.ලහිරූ පෙරේරා කියලා ගොන් නාම්බෙක් කියලා තිබුන අමරදේවට වඩා සනුක විජේසූරියටත්,නන්දා මාලිනියට වඩා උමාරියාටත් සින්ග් කරන්න පුලුවන් කියල.ඒ වගෙම ගොං නාම්බෙක් කියලා තිබුනා බෞද්ධ දර්ශනය මැටි ගොඩක් කියලා, ඒ කියන්නෙ ඌ බුදුන්ට වඩා බුද්ධිමත්,

      Delete
    2. ඒකනං ඇත්ත මහේෂ් අයියෙ. සමාර ආයතන වල ඉන්න නිළධාරි වැඩිපුර පඩි ආදිය හෙම ඉල්ලුවට ලැබෙන සේවාව දියුනු කරන්න නම් ලොුක උනන්දුවක් නැහැ ..

      Delete
  2. මම හිතුවා වං ගොංසේ ගැනවත් කියන්න යනවා කියලා

    ReplyDelete
    Replies
    1. මට තේරුන් නැහැ ගොං සේ මොකද් දකියලා.

      Delete
    2. ගොංවංසේ - අර (අ)වීරවංසෙ ගැන ද කියලා

      Delete
  3. ගොඩක් තැන් වල එහෙම තමයි! බොරුවට නිකම් නව තාක්ෂනේ අතැඹුලක් වගේ අරගෙන කියලා කියන්නේ. පොඩි පොඩි දේවල් ගැන කිසි සැලකිල්ලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇඩ් වලට වියදං කරන ගානින් සේවාව දියුනු කරනවා නං ඇඩ් නැතුවම කනෙක්සන් විකිනේවි කියලා මාත් හිතනවා.

      Delete
  4. කතාව ඇත්ත. නියමිත පරිදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක තියෙන එක ඔනෑම වැඩකට බොහොම වැදගත්.

    ReplyDelete
    Replies
    1. තොරතුරු ලබාදෙන එකත් වැදගත් නෙව. සමාර ආයතනවලින් තොරතුරක් ඇහුවම ඒ උන්දැලැගේ ගෙදර බූදලේ ලියාගන්න අපි ආවා වගේ කඩාපයිනවා නෙව.

      Delete
  5. ඒ වුණාට සේවා අලෙවි කරන කොට නං කියන්නේ අරක දෙන්නං මේක දෙන්නං අමතර සේවා නොමිලේ වැනි පඬිවදන්. ඒවා ලබාගන්න ගියාමයි රඟේ තේරෙනන්නේ.

    ReplyDelete
    Replies
    1. කියනකොට ඒමයි.කොරනකොට මේමයි නෙව.

      Delete
  6. ටෙලිකොම් ගැන කියන්ට ගිහින් තියෙන දුර...:D

    ReplyDelete
    Replies
    1. කණ වටෙන් අල්ලන එකත් එක්තරා සණීපයක් නෙව.

      Delete
  7. කතාව ඇත්ත, ගොඩක් වෙලවට අපි සේවාවක් ලබාගන්නකොට ඒ සේල්ස් නෝනලා, මහත්තුරු කියන තරම් පහසු නෑ අලවියෙන් පසු අපට අවස්‍ය සේවාවක් ලබාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ සේල්ස් මහ්තතුරු කියන්නෙ වෙනම ජාතියක් නමුත් අලෙවියෙන් පසු අපිට හම්බුවෙන්නෙ ඒ සේල්ස් මහත්තුරු තරං හොද නැති ටෙක්නිකල් මහ්තතුරු ටිකක්. දෙකොට්ටාසයක් සෙට් වුනාට එකම කස්ටමරයෙක් තමයි ඉන්නෙ.

      Delete
  8. දැන් ආන්ද්‍රේ ගේ ගම් පළාතේ අය කවුද මෙතන ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා..කවුද දන්නේ ඉතිං..

      Delete
  9. වැදගත් කතාවක්. අපිටත් තියන විෂයක් තමයි ඔය ෆෝම් කඩදාසි සැලසුම් කරීම. ඔයවගේ එකක් කරන්න ගිය ලොකු නෝනල මහත්තුරු කට්ටියකට වැරදුන හැටි තමයි මේ.

    http://raj1st.blogspot.com/2013/06/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ඔව් සමාර ලොකු නෝනල මාත්තුර හිතනවා සෑම විටම ලොකුම ලොකු වැදගත් අදාස එන්නෙ එයාලට කියලා.. ඉිතං ඒවා කිරියාත්මක කොරාන්ට ගියාම වරදිනවා.

      Delete
  10. මගේ ඔලුවත් කොයිල් උණා.. තාම ඉතිං ළමා මනස නෙව.. !

    ReplyDelete
    Replies
    1. ළමා මනසට ආහාර විදියට මේවා වැදගත්ත..

      Delete
  11. අදාල නැහැ කිව්වාට පුහුලන් දෙක වගේ තමයි. හරි පෙනුමයි...රස කොහොමද දන්නේ නැහැ. රසයි පෙනුමයි දෙකම තියෙන ආයතනත් ඇති ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. ඔවු..ඔය පුහුලන් දිය රහයි. පොටා් ගහන්න ඇර කන්න ඒතරං සුදුසු නැහැ.

      Delete
  12. //ගිගාබයිටුවක් රුපියල් 250ක් වගේ සාධාරන මිලට තිබුනත් අත්‍යාවශ්‍ය වැඩකට ඔහු දත්ත මිලදී ගන්න සිද්ද වුනා.//
    කවදද බලුපුකෝ ගිගාබයිට් එකක් රුපියල් 250කට සාදාරන වෙන්නේ.තොපිලා වගේ ආන්ඩුවේ ගූත් දිවිය බෝජනයකට සමානයි කියන සක්කිලි පරයෝ තමා මෙහෙම අහස පොලව නුහුලන අපරාද ගනන්වලට සාදාරනයි කියන්නෙ.උබට SLT ජපනා කීයක් හරි දෙනවද මෙහෙම බලුපුකේ එවට උඩගෙඩි දෙන්නෙ.ඔහොම මිනිස්සුන්ව හුරගෙන කන්න එපා යකො.තොටයි තොගේ මහඑවුන්ටයි ලේ බඩයනවා මිනිස්සුන්ට දෙන මේ ගිනිගොඩට.
    යකෝ අපේ අන්දරෙයා තන මැන්න කතාව නේද උබ මේ ආන්රේ කියලා රුසියන් නමකින් උබේ කතාවක් වගේ ලියලා තියෙන්නෙ.මේ වගේ බොරු බලුපුකවල් මොන පුකකටද යකෝ ලියන්නෙ.මේවා කියවන මිනිස්සුන්ගේ වෙලාව ගැන උබට නිකන්වත් දුකක් නැද්ද.මේ වගේ මොන්ටිසෝරි පොඩි එකාත් දන්න කතාවල් බලුපුකවල් කරලා ලියන්නෙ නැතුව වැඩකට ඇති මගුලක් ලියපන්.නැත්තන් ලියන්නෙ නැතුව හිටපන්.බලුපුකා.

    ReplyDelete
    Replies
    1. ඇනෝගෙ ගමේ ඉන්න බල්ලන්ට බුදු සරනයි

      Delete
  13. පුංචි කථාවක් කියන්නම් මේක පාරිභෝගික සංතෘප්තිය (Service Mindset) සම්බන්ධව මම දන්න හොඳම පුහුණුකරු/දේශන ron kaufman. ඔහු මුහුණ දීපු අත්දැකීමක් අපට විස්තර කරේ මේ විදියට. සිංගප්පුරු ටැක්සි ආයතනයකින් ඔහු ටැක්සියක් ලෑස්ති කරගන්නවා ඊළඟ දවසේ උදේ ගුවන්තොටුපලට යන්න. එහිදි දුරකතන ක්‍රියාකරවන්නිය ඔහුගෙන් අසනවා උදෑසන අවදීකිරීමේ ඇමතුමක් ලබාදෙන්න ද යනුවෙන් ඔහුත් ඊට කැමැත්ත පල කර ඇමතුම අවසන් කර නින්දට යනවා. පසු දින ඔහු අවදි වෙන්නේ ඔහුගේ හෝටල් කාමරේ දොරට තඩිබාන සද්දයකින්. ඔහු අවදි වෙලා තියෙන්නේ නියමිත වේලාවට වඩා බොහෝ ප්‍රමාද වී.. දොර හැර බලන විට සිංගප්පුරු ටැක්සි රියදුරෙක් දොර ඉදිරිපස සිට ඔහුට කියනවා "කරුණාකරලා ඔය දුරකතන රිසීවරය හරියට තියන්න ප්‍රධාන කාර්යාලය ඔබට අමතනවා කියලා" ඔහු පිටත් වෙලා. සුළු මොහොතකින් ඔහු අමතන සිංගප්පුරු ටැක්සි සේවය ඔහුට සුභ පතා නියමිත සේවාව පවත්වනවා..
    ඔහුගේ පුහුණු වලදී ඔහු නිතරම පවසන්නේ පාරිභෝගිකයා අායතනයේ සේවාව සම්බන්ධව "AWESOME" ලෙස ප්‍රතිචාර දක්වන ලෙස කටයුතු කරන ලෙසයි.

    ReplyDelete
  14. ටෙලිකොම් : වඩුවා ගෙදර නැත.හිටියත් දන්නේ නැත

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...