Friday, June 25, 2010

පාසල් ප්‍රවාහන සේවාව

මම මුලින්ම සීසන් එක අරන් පාසල් ගිය දවස මතකයි...එදා අපේ සීසන් බස් එකෙ ගොඩක් කට්ටිය පිරීල හිටිය අපේ හෝල්ට් එකෙ නැවැත්තුවහම කට්ටිය නැංග තවත් ෆුට්බෝඩ් නිකම් අර මල් වට්ටි වගේ කට කපල පුරෝල...මට නගින්න බැරි උනා...මම ඊලඟ බස් එක එනකම් නතර උනා,,,බස් එක හෝල්ට් එකෙන් ඇදල මීටර් දහයක් ගියෙ නෑ කලින් හෝල්ට් එකෙන් නැගපු අය්ය කෙනෙක් දඩස් ගාල මඩ වලට ඇදගෙන වැටුන..කට්ටිය වැඩි නිසා ඩයිවර් මාම දැක්කෙ නැති නිසා බස් එක නැවැත්තුවෙ ටිකක් දුර ගිහින් ඇවිත් ඒ අය්යගෙ යාලුවො බැලුවට වැඩක් උනේ නෑ...මඩ ගොඩේ වැටීම සහ බස්‍රියේ වේගය අඩුවීම නිසා ඔහුට භෞතිකව කිසිම හානියක් වෙලා තිබුනෙ නෑ..ඒත් ආයෙත් මඩ පිහිදාගෙන ආයෙ ගෙදර යන්න උන එක නම් මාර දුක් සීන් එක..


අපි සීසන් බස් වල ඉස්කෝලෙ යනකොට ඒ බස්වල වැඩකරන සමහර ඩ්‍රයිවර කොන්දොස්තර මාමල අපිව දකින්නෙ දුටුතැන පෑගිය යුතු සත්තු වාගෙ..උදේ බස් එක අපේ හෝල්ට් එකේ නවත්තන්නෙම නෑ..මොකද අපේ හොල්ට් එක කලින් අපි නොදන්න කාලෙක බ්ලැක් මාක් එකක් දාගෙන බස් එකට ගල් ගහල..සමහර වෙලාවට ටිකක් ඉඩ තිබුනත් අපේ හොල්ට් එකෙ සීසන් කෑලි වැඩි නිසා නවත්තන්නෙම නෑ..ඉතින් අපි ඊළඟ බස් එක එනකම් චාටර් වෙලා ඉස්කෝලෙ යනකොට ප්‍රමාද වෙලා....අපි ඉස්කෝලෙ විනය බාර ගුරුගෙන් ගුටිකාල බැනුම් අහල මොනාහරි චාටර් එකක් කාල ප්‍රබෝදමත්ව පන්තියට ගියාමත් සමහර වෙලාවට දනගස්වල තියනව...පරක්කු නිසා..දෙමාපිය රැස්වීමට අපේ අම්ම ආවම මම ගැන අපේ පන්ති බාර ගුරුතුමාට කියන්න තිබ්බෙ එකම වැරැද්දයි ඒ ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක..මට ප්‍රයිවෙට් බස්වල යන්න සල්ලි දෙනව තමයි..ඒත් ඉස්සර දැන්වාගෙ අතමිට නොතිබුනු නිසා මම ඒ දෙන ගාන සඳුද දෙන ගාන සතියෙම තියාගන්නව..සමහර වෙලාවට මම ඉස්කෝලෙ යන්න පාරෙ දවල් වෙලා ඉන්නකොට ගමේ ඉස්කෝලෙ යන ලමයිතුත් එනව..එහෙම වෙලාවට හිතෙනව ශිෂ්‍යත්වෙ දවසෙ උනවත් හැදුනෙ නෑ නෙව කියල..

අපි ඉස්කෝලෙ ඇරල එනකොටත් එහෙමයි කාලයක් පාස් එක කියල පර්මනන්ට් බස් එකක් තිබුනත් පස්සෙ ඒකත් නැති උනා...අපි ඉස්කෝලෙ අරින්නෙ 2ට නම් 1.55ට බස් නැවතුමෙන් බස් දෙකක්ම පිටත් වෙන්ව..ඉතින් අපි ශිෂ්‍ය නායකයොන්ගෙන් සර්ලගෙන් බැනුම් ටොකු ගුටි කාගෙන පෝලිම් පැනගෙන දුවනව අර බස් දෙකෙන් එකක් මගදිහරි අල්ල ගන්න..මම කාගෙන එනව බල බල අර පොඩි බඩියෙ හිටපු සපත්තුව(ඩයිවරගේ අනුවර්ථ නම ) ඇස්ලෑටරේ පාගනව දවසක් ඔහොම දුවගෙන දැන් නවත්තයි කියල හිතන් මමයි යාලුවයි හෝල්ට් දෙක-3ක්ම දිව්ව..අපි හෝල්ට් එකට කිට්ටු වෙනකොටම බස් එක අදිනව..හෝල්ට් 2-3ක් කීවට අපි කිලෝමීටරයක් විතර දිව්ව...අපේ මූනුවල මොනාහරි වරදක් පෙනුනද දන්නෙ නෑ..ඔහොම දුවල ගිහින් නගින්න ගිහින් දවසක් මම මහ පාර මැද ඇදගෙන වැටුන..දනපොලොතු දෙක සුදුපාට වෙලා තිබුන ඒ දවස්වල නිල් කලිසම නිසා ඔක්කොන්ටම පේනව..ටික දුරක් ප්‍රධාන බස් නැවතුමට පයි න් එනකොට මගේ කකුල් දිහා කට්ටිය බලනව පේනව එතකොට මම දනපොලොතු දෙක දිහා බැලිව..කලින් සුදු වෙලා තිබුනට දැන් පැනි ගලනව වාගෙ ලේ ගලනව...පස්සෙ බෑග් එකේ පොතකින් කොල දෙකක් කඩල හොඳට පිහදාගත්ත..ඒත් ආයෙත් එන නිසා..හෝටලෙකින් වතුර ඩිංගක් ඉල්ලන් හෝදගත්ත...මගෙ ඒකාලෙ හිටපු හොඳම ෆිට් එක වරුනයත් එදා බස් එකෙ මමවිතරයි වැටිල තියෙන්නෙ..ඒ වෙලාවෙ ලේ ගැලුවෙ නැති නිසා ඌ යන්න ඇති..

මම මේ විදිහට පරක්කු වෙලා හැමදාම ඉස්කෝලෙ යන්න බැරි නිසා කාලයක් පාන්දරින් ගිය කොළඹ බස් එකෙ යන්න ගත්ත..උදේ 5ට මම පාරෙ 5.45ට ඉස්කෝලෙ..උදෙ නිසා මාර වේගෙන් බස් එක යනව...ඉතින් කෙඩෙට් කරන අය..බාස්කට් බෝල් ගහන අය කරන සමහර එක්සයිස් මට කටපාඩම්..මොකද උදෙන් ඉස්කෝලෙ ගේට්ටු අරින්නත් කලින් ගිහින් උදේ ප්‍රැක්ටිස් පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඒව දිහා බලන් ඉන්න නිසා...අපේ ආගම උගන්නපු සර් කෙනෙක් හිටිය ශෝට කියල..මිනිහ මට ආගමට දෙන අටෝරාසියක් වැඩ කරන්නෙ නෑ කියල උඩ පැන පැන ගහල තියනව..ඒත් මම සීසන් බස් නැතුව ස්ටෑන්ඩ් එකෙ පාරෙ ඉන්නව දැක්කොත් ඔක්කොම මතක නැති කරල පොර අපිව සල්ලි දීල එක්කන් යනව..ඒ මදිවට ප්‍රයිවට් කොන්දොස්තරලට කියනව මේ අය අඩුවට අරන් යන්න ඉස්කෝලෙ යන ලමයි කියල..මිනිහ බෝඩ් වෙලා හිටියෙ අපේ ගෙවල් ගාව..කවි පාඩම් කලේ නෑ කියල දවල් තඩි බාල හවස අපි සල්ලි දීල එක්කරගෙන ආවට එයා අපේ ගෙදර කවුරුහරි ඇහුවොත් මගෙ වැඩ ගැන අවුලක් නෑ කියනව..මමත් ඔය කියන තරම් සමහර වෙලාවට සිල් ගන්නෙ නෑ..සමහර දවසට කැන්ටිම ළඟින් යනකොට හිතෙනව හා අදනම් හවස බස් එක තියෙයි කියල බස් එක තියෙනවනම් සුවඳ විඳගෙන ඉඳල මොකටද කියල කනව සල්ලි සත 50ට හිඳෙනකම්..ඒ දවස්වල මට ගෙදරින් බත් එකක් සුවර් එකට ලැබෙනවා,,..ඒත් ඉතින් කැන්ටිමත් තියෙන්න ඕනිනෙව කිය්ල හිතල කාල හවස පාරෙ 3-4 වෙනකම් රස්තියාදු වෙනව..

මම උදෙන් ආවත් සමහර දවසට බස් එක නෑ නැත්නම් නවත්වන්නෙ නෑ..නිල් කලිසන් අඳින කාලෙ මම කරන්නෙ කවුරුත් හෝල්ට් එකෙ නැති වෙලාවක් බලල මහ ගල් තඩියක් අමාරුවෙන් පාර මැද තියෙන වලට තල්ලු කරන එක...ඊට පස්සෙ තාප්පෙ පෝස්ටරෙකින් අත්දෙක පිහිදාගෙන ඉසිදෙයක් නොවුන ගානට පැයක් විතර ඉන්නව අපේ බස් එක එනකල්..ඉතින යන ස්කූල් වෑන් බස් ඔක්කොම වල ලඟින් ස්ලෝ කරගෙන යනව..ඔය අතරෙ බක පන්ඩිතයෙක් එහෙම ඇවිත් අර ගල අරන්දමන වෙලාවල් නැතුවම නෙමෙ..හප්පා ඒ වෙලාවට ඌ ගැන මගේ හිතේ ඇතිවන මෛත්‍රිය
මෛත්‍රී භාවනාව ගැන ශෝට කියවන හැමදේම ඩිලීට් වෙනව එතකොට..ඒත් මොනා කරන්නද...ඔහෙ මුකුත් නෑ වාගෙ ඉන්නව...ඉතින් බස් එක එනව ඇවිත් ගල් තඩි තියෙන නිසා ස්ලෝ කරනව..අපි රයිඩ් කරල නගිනව....ඒ නැගීම නිකම් කුලප්පු අස්සය ෆෝම් කරල නගිනව වගෙ..පාරෙ මඩ තිබ්බොත් ඒව අපිට අල්ලන්න ඩයිවර පසුබට වෙන්නෙ නෑ..දවසක් අපි එක්ක නයි වෛර ගජන් ඩයිවර් ඔය ගල් උඩින් දමන්න ගිහින් දුනු සැට් එකේ ඇනේ පන්නගෙන ...මාර ෆන්,,, බස් එකම අපේ හෝල්ට් එකෙ ඇනේ රී ප්ලේස් කරනකම්...ගොඩක් අය ඊලඟට ආපු බස් වල ගියා..අපි ඉතින් සීසන් නෙව..අපි හිටිය ඉඳල අපි විතරක් මාර සැනසිල්ලෙ අතපය දිගඇරගෙන බස් එකෙ ගියා..එදා ඉස්කෝලෙට යනකොට පරක්කුයි කියල මම හිතන්නෙ ආයෙම කියන්න ඕනි නෑ..

ඔය අතරෙ අපේ ජේස්ඨ ශිෂ්‍යයො ,,අපි ගල් ගහපු වේලාවල් නැතුවම නෙමෙ..දවසක් ගල් ඇහිඳින්න වෙලා යන නිසා බස් එක ඈතින් එන කොට අය්ය කෙනෙක් ගල් අතේ තියන් ඉඳල මෙන්න බොලේ බස් එක එදා හරිම අසාමාන්‍ය විදිහට එදා නැවැත්තුව නෙව හරියට හෝල්ට් එකෙම..ඉතින් ඔය වෙලාවෙ ගල් විසි කරන්න ගියොත් චාටර් වෙන නිසා ඒ අය්ය මේ ගල් දෙක අපේ දෙහිකෑල්ලගෙ (එයාගෙ පෙට් නම ) බෑග් එකෙ දමල ඉතින් පහුගිය දවසෙ මටත් දෙහි කෑල්ලගෙන් බැනුම් අහන්න උනා ගල් දෙකක් නිසා..ඕක නිසා මට තමා කැත නම ආවෙ..දෙහි කෑල්ලගෙ ගල් බෑග් එකට අතදැමල කියල...
දැන් අපේ හෝල්ට් එක ලඟ මහ වල වැහිල කාපට් දමල...බස් අලුත් වෙලා ඒත් තාම දවල් වෙනකල් ලමයි පාරෙ ඉන්නව මම දකිනව...හදිසියෙන් හරි ගමෙ ගියාම...

අපේ ඔෆිස් එකෙ මිස්ගෙ මල්ලි ඉන්නෙ නවසීලන්තෙ... ඒ රටේ කෝච්චි දෙපාර්ථමේන්තුවෙ තමා එයා වැඩ ...එහෙ තියන නීතිය අනුව..කිසිම ලමයෙක් සල්ලි දුන්නෙ නෑ කියල කෝච්චියෙන් බස්සල යන්න බෑලු..බස්වලත් එහෙමලු..ලමයෙක් ව නිකම් ගෙදර තියල යන්නත් බැරි තරම් ඒ රටේ පද්ධතිය ලමයි වෙනුවෙන් හිතනව කියල මිස් කියන්නෙ...අපේ මිස් බස් එකෙ ටිකක් දුර ඉඳල එන කෙනෙක් විදිහට දකිනවලු බස්වල ගෑනු පිරිමි ලමයිටත් කරදර කරන නාකි සහ තරුණ මහත්වරු..සමහරුන්ගෙ වැඩ කිඩ වැහෙන්න ලස්සනට හෙම ඇඳලත් එනව කියලයි මිස් කියන්නෙ...

මම බස් එකට නගින තැනිනුත් උදේට හරිම දුප්පත් ලමයි..ගොඩක් කෑ ගහගෙන ඉන්නව ස්කෝලෙ යන්න බස් එක එනකල්..ඒ එන බස් එක පරණ කොලම්බු රයිඩර් එකක් 16ට අඩු ලමයි විතරයි ඉස්කෝලෙ ගෙනියන්නෙ..ඒක ඒ පලාතෙ දේශපාලක මහතෙකුගේ ඉතාම වටින නිර්මාණශීලී සත් ක්‍රියාවක් විදිහට මම දකිනව..ඒත් උදේට ලස්සනට අන්දල ගෙදරින් එවන ලමය පාසලට යන්නෙ ඇඳුම් පොඩිකරගෙන..මොකද ළමයි නිකම් එක්කන් යන ඒ බස්සෙක පැත්තකට නැමෙන තරමට ලෝඩ් වෙන නිසා...අනේ අපේ සල්ලි තියෙන මහත්වරු චෛත්‍ය විහාර..බිල්ඩින් හදනවට වඩා මේ වාගෙ වැඩවලටත් ඔලුව දමනවනම් කියල මට නිකමට හිතෙනව...
මම දන්න එක ආරාමෙක දානයක් බාරගන්න බෑ..මොකද හාමුදුරු50-60ක් ඉන්න ඒ ආරාමෙ දාන අවුරුද්දටම බුක් වෙලා ඉවරයි..ඊට පස්සෙ හදිසි අවස්තාවලදි දාන බාරදෙන්න තියෙන ලිස්ට් එක නම් 200ක්ට වැඩිය දිගයි...

මම ඔය උදේ පාරෙ යන වාහන දකිනව..කාර් ජීප් වෑන් වාගෙ සැප වාහන ඉතින් ඔය වාහන වල යන මහත්තුරුත් අනේ මේ අපේ ලමය වාගෙම එකෙක් නෙව බස් නැතුව චාටර් කන්නෙ කියල හිතල දන්න කියන ලමයෙක්වත් දමාගෙන යනවනම්...අපේ ප්‍රධාන විධායක මහත්තයෙක් ඉන්නව එයා එන වාහනේ ස්ටාෆ් සර්විස් එක වාගෙ පාරෙ ඉන්නව දකින ඕන මයිනර් සේවක මහත්තයෙක් දමාගෙන එනව..ඉතින් සමහර ලොකු මහත්වරු ඔය වාහනේ නැවැත්තුවත් එයා චීප් ඔෆිසර් කෙනෙක් උනත් නගින්න කැමති නෑ..මොකද ඊලඟ හෝල්ට් එකෙ ටෙක්නිකල් පොරක් හිටියොත් උන්දැ එක්ක එකට යන්න වෙන නිසා..

ඒත් ඒ ලොකු මහත්තය අපිට ටාගට් එකක් දුන්නොත් අපි මොන දීමනාව නොලැබුනත් වැඩ කරනව කියන ටෙක්නීෂියන්ල ඉන්නව..(ඒත් කවදාවත් එයා එහෙම කරන්නෙ නෑ ).මොකද මනුස්ස ලෝකෙ ඉන්න දෙවි කෙනෙක් වාගෙ කිසි ලොකුකමක් ඒ මහත්තයෙගෙ නැති නිසා.....

අපේ සමාජෙ ළමා අයිතීන් ආරක්ෂා වෙනව කියල කවුරුහරි කියනවනම් ඉස්කෝලෙ ඇරෙන වෙලාවක බස් වල සතියක් ගිහින් බලන්න..ඒ ලමයි මානසිකව කොයි තරම් වාරන වලට ශාරීරිකව කොයි තරම් දුක් වලට අහුවෙනවද කියල...ඔය වාගෙ සමාජෙන් කිසි වරදක් නැතිව බැටකන ලමයි පස්සෙ කාලෙක පාතාලයො වෙලා සමාජ සේවය කරන්න අරන් ඔබේ දරුව උස්සල කප්පම් ඉල්ලනකොට ඔබ පොලීසියට දේශපාලනයට බැනල ෆන් එක ගනීවි...
.අද පෝය දවසෙ මෙත් මල් පිපේවා...
ඒත් මම අත්දැකීමෙන් දන්නව අපේ අයගෙ මෙත්මල් හවස ට්‍රිප් ගිහින් දන්සැල් වැඳල එනකොටම ඕෆ් වෙනව (පර වෙනව ) කියල....



4 comments:

  1. කතාව නම් තිත්තයි....ඒත් ඇත්ත කවදත් එහෙමයි නේ......

    ReplyDelete
  2. ඔයාගේ සීසන් කතාව අහපුවාම මාවත් අතීතෙට ගියා.

    මාත් O/L ලියන කාලේ ඉදන් ඉස්කෝලේ ගමන ඉවර කරනකම්ම හොඳ ලංගම මඟියෙක්. ඔයාට වෙන සන්තෑසිම අපිටත් වෙලා තියෙනවා.

    ඩ්‍රැයිවරයා ඉස්කෝලේ ළමයි දකිද්දී පාගලා යනවා. අපිත් කරන්නේ පස්සෙන් දුවන් ගිහින් හරි නගින එක තමා. සමහර දවස්වලට අපි ඉස්කෝලේ ඇරිලා පැයක් විතර බස් හෝල්ට් එකේ ඉන්නවා CTB බස් එකක් එනකම්. එච්චරම love එකක් තමා අපේ කට්ටියට CTB බස් ගැන තිබ්බේ.

    කොහොමත් CTB බස් ඉක්මණ්ට යනවා. ඒ වගේම ගාණක් ඉතුරුවෙන නිසාත් තමා අපි මේකට සෙට් වුණේ. දැන් වගේ එච්චර බස් ඒ දවස්වල තිබ්බේ නැහැ. වෙලාව අපි හුඟක් නාස්ති කරලා තියෙනවා.

    මොනවා වුනත් තාමත් ගමනක් යන්න බස් හෝල්ට් එකේ ඉද්දී CTB බස් එකක ආවොත් ඒකට මම ගොඩවෙන්නේ ඉස්කෝලේ යන කාලේ CTB බස් එකේ ගිය පොඩි එකා විදිහටම සුපුරුදු ලෙංගතු කමින් :)

    ReplyDelete
  3. අතීතයට ඇදිල ගියා.... හිත.

    මම නම් 7 වසර වෙනකම් පාසල් වෑන් එකෙ ගියේ. ඊට පස්සෙ බස් එකේ ගියත් සීසන් අරන් ගියේ නැහ. මොකද අපේ පාරෙ ලංගම බස් අඩුයි හුඟක්. පස්සෙ ඉතින් ස්කූල් බස් එක හම්බුනානෙ. ඒක පුද්ගලික එකක් ඒත් බාග ගාස්තුවක් අය කලේ. ඒ කාලේ නම් හපොයි කියල වැඩක් නැහ.

    ReplyDelete