Saturday, March 26, 2011

The spa සම්බාහනායථනය

සම්බාහනායථනය

මචං මෙ අපි යමු ෆිල්ම් එකක් බලන්න
අතේ සත පහක් නැතුව මොන ෆිල්ම් බැලිල්ලක්ද බාන්.....බෝඩිමට වෙලා කෑමගෙදරින් කෑම ඇනවුම් කරල නිදාගමු...දවල් වෙන්න ගිහිං කමු..
හනේ මංද වටින තරුණ ඡීවිත
වී සී කියන්නෙත් යූනියන් ලොක්කො කියන්නෙත් එකම කතාවමයි  මෙහෙම හරක් වාගෙ නිදාගන්න පුලුවන්ද බන්
අඛිලගේ ‍දැඩි පෙරැත්තය නිසාම මා ඔහු සමග චිත්‍රපටය බැලීමට මා සූදානම් විය.
දැන් මොකක්ද ඔය චිත්‍රපටිය?  මේක උස්බෙකිස්ථාන චිත්‍රපටියක් මම අන්තර්ජාලෙත් හොයල බැලුව.සම්මාන දිනපු එකක්.නම “වසිල්ලා”.    ගොඩක් දුර යන්න වෙයිද දන්නෙ නෑ නේ..
හයියෝ බන්ඩො උඹට තියෙන්නෙ කෑල්ලකටවත් නැති ප්‍රශ්ණ නේ?
අපි කලින් චිත්‍රපටිය බලමු.අනික බෝඩිමේ හිටිය කියල උඹ පාඩම් කරල අයින්ස්ටොයින් වෙන්නයැ.
අපි දස අතේ හතර වටේ රවුං ගසා උස්බෙකිස්තාන මධ්‍යස්ථානය සොයාගතිමු.මේ පෙදෙස කොළඹ හතට අයිති වූ හෙයින් ‍බොහෝ දර්ශන ප්‍රියමනාප ඒවාම විය.මෙම පෙදෙස ඉතා පිරිසිදුය.මඟ දෙපස ගහකොල මලින් ගැවසී ඇත.ඉන් සමහරෙක පරපුටුවනට අමතරව වෙනත් පක්ශීන්ද වෙසෙන බව දැක්වීමට මෙන් එහි වූ කුරුල්ලන් සමහරෙක් ඉඳහිට කෑ ගායි.මේ පෙදෙස රථවාහන නම් සාමාන්‍ය දනව්වැසි පුරුශයනට පරිහරනය‍ට තබා දෑසින් දැකගැනීමට උවද නොහෙන අධික මිලෙන්ද සුඛෝපභෝගයෙන්ද ගහන ඒවාම වෙයි.මෙහි ඔබ මොබ දක්නට වූ ගෑනුද ලපටි,තරුණ,මහළු බේදයක් නෑතිවම බොහෝ ශෝබාමාන ‍මුහුනත් ඇත්තෝම විය.
පැහැයෙන් කලු උවත් අවලක්ශනක් දකනට නොවූ මඟ ඇවිදිනා එක යුවති කෙනෙකු දැක,,නොවේලුන නියා පෙනෙන පරිදි සරහන ලද කේශ කල්‍යානය දුටු මමිතුරු අඛිලයා,.සෙමෙන් ගොස් ඇය ලුහුබැඳ “ ආ නංගී.. උදේම නාගෙන බාගෙට ඇඳගෙන ටියුශන් දෝ යන්නේ” යැය් හැකර ස්වරයෙන්ම ඇසීය.කෂණයකින් පිටුපස බලා දවා හලු වන තරමට මඳක් අඩුවෙන් අඛිලයාට රවා,, මහත්කො‍ට නැති වූ හෙයින් උස වූ සපත්තු අඩියෙන් ඔසවාලූ ඇගේ උකුල අඛිලයා දෙසට ගස්වාම ඉක්මන් වූ පයෙන්ම ඉවතට ඇදුනාය.
ඉන්පසු අඛිලයා ඇගේ යම් තැනක වූ වටනා අවයවයක් නලලතට නැගුන බවක් පැවසීය..එය පරිහරනයට ගන්නා කල නලලේ තිබෙනවිට බෝ සෙයින් භාවිතයෙහි පාසු බව ගැන මාද ‍ප්‍රබන්ධ කතා ,කල් වතා තෙපලම්න් මනස් රෝගී තැනැත්තහු මෙන් මහ සිනායෙන් මඟ උනහුගේ අවධානයද ගෙන ඇත් ගොව්වන් නොමැති වූ මහලු හස්තීන් දෙදෙනෙකුගේ අලස ගමනින්ම ගමන් ගති.ඉන් ඉක්බිති අවැසි තැන වු දැය විමසා බලමු.කෝ බං මෙතන බෝඩ් එකක්වත් නෑ නෙ..
අපි අර තුවක්කු බටයක් තියන් නිදිකිරන සික්ඛාපදං අංකල්ගෙන් අහල බලමු..
ආ මහත්තයල අර චිත්‍රපටිද හොයන්නෙ ඒව කල්ගිහින්..ඒ මහත්තුරුත් රට ගිහින්..ආයෙ පෙන්නන දවසක් තාම දීල නෑ.
යකෝ මූ වයින් කරපු ගිරවෙක් වගේ නේ...ආපසු හැරෙමින් මා පැවසීය...
උඹේ අ‍‍‍ඬෝවැඩියාවත් හරි ආවත් හරි අපායට ගියත් සුභවාදීව යන්න ඕනි..
හරි හරි උඹ කියන විදිහට මම බෑ කියාගෙන ආව නිසා තමයි මේ මඟුල නැත්තෙ...ශික් දෙවෙනි පාර කතාකල වෙලාවෙ ආයෙම නිදා ගත්ත නම් දැන් හීන දෙක තුනක්ම බලල..
මේ අර බලපන්
කෝ මොකක්ද?
අර බෝඩ් එක...


ඇයි උඹට අතේ පිච්චියක් නැතුව ඔය නොදන්න සම්භාහනායතන පස්සෙ ගිහින් අහවල් එක හොඳට තලාගන්න ඕනි වෙලාද?

නෑ බං නිකමට ගිහින් බලල එමු...ටිකක් කථා කරල බලමු...හදිසියෙ දුක හිතිල නොමිලේ ෆී කාඩ් එකක් කාරිය දුන්න එපා කියන්නද?
එතන නිකම දෙන දන්සලක් නෙමෙයි ....අනික අද පෝයත් නෙමෙයිනෙ
නිකන් නොදන්න එව්වට ගෙහුං වරිගෙ නහ ගන්න උත්සාහ කරන්නෙ නැතුව යමු බං..
එහෙම නෙමෙයි මේක අපෙ ගමත් නෙමෙ..දන්න කියන මොකෙක්වත් ඇත්තෙත් නෑ..
ඉතිං ගිහිං ජොලියට වාගෙ ටෝක් කරල එමු...
අර නන්දසේන රත්නපාල මහත්තයත් ඔයවාගෙ තැන්වලට ගිහිං තමා පරීක්ශණ කරල ලොකු පොත් ලියල තියෙන්නෙ...
හරි මමනෙ දැං කොක්ක උඹ වීර‍යනෙ දැං මේ පාර මැද ඕකට වාද කරල බෑ..උඹ පලයං මම අර ඉස්සරහ පේන මාර ගහ හරියෙන් ඉන්නම්...
එහෙම කෙත වෙඩ ෂොඳ නේ නෙ සහෝ උඹත් වරෙන්...මම කතාකරන්නම් ..
අපි දෙදෙනා ඒ විසල් ගේට්ටුව හැරගෙන ඇතුලට ගියෙමු..වීරයාගේ සැල් බහින්නට විය..එහෙත් එතැන සිටි විමසීම් කවුන්ටරයේ ලස්සන කෙල්ලට පෙනෙන්නට ඇඹරීම නොහොබිනා කටයුත්තක් වූ බැවින් මා තොරතුරු ඇසීමට ඉදිරිපත් විය..එම අවස්ථාවේදී විමසීම් කෙල්ලගෙන්ම යමක් දැනගැනීමට ඇතුලේ සි‍ට පැමිණි ටිකක් මහත වූ කෙල්ලක අප සිටි නිසා මඳකට නතර විය..විමසිම් කෙල්ල මංජුලා විය.ඇගේ නම සහිත, ආයතනයේ කාඩ්පතක් මට පිළිගැන්වීය..එතකො‍ට මෙයා ..ඒ පැන්නේ අඛිලය එවිට මංජුලා ඒ අපේ වෙල් ‍ට්‍රේන්ඩ තෙරපිස්ට් කෙනෙක් ...යැයි කීය.
ඉන්පසු අපි සෙමෙන් සෙමෙන් මදක් දුර විත් අවුණුහලකට ගොඩ විය..
මේ ඇත්ත කියපන් උඹ කලින් මේ වගෙ තැනකට ඇවිත් තියෙනව නේද?
මොන පිස්සුද යකෝ මම ත් මේ වගේ මරාලෙකට අහු උනාම තමයි,,කොහෙද තනි වීරය වාගෙ ගියාට උඹ එතෙනට ගිහින් ඇඹරෙන්න ගත්තනෙ,,ඉතින් අවසා‍නෙ නියම ආරිය බඩුකාරයෙක් වාගෙ මට ගිහින් කතා කරන්න වුනා..
එතකොට අර හෑන්ඩ් කරනවද කියල ඇහුවෙත් නිකමට වෙන්න ඇති නේද??
අනේ පලයන් බන් යන්න..අපි නොදන්න මොණරතැන්න...
මම මෙහෙ එන්න කලින් බැංකුවක හිටිය බව උඹ දන්නව ඇති.. ඒකෙ හිටිය ඔය වගේ අහිංසක ව ආතල් අරගෙන නිකන් සල්ලි නාස්තිකරගන්න කැමති එකෙක්...උගේ කල්වතා වලිං ඇහිඳගනිපු කෑල්ලක් තමය් හෑන්ඩ් කිරිල්ල...
එහෙම නැතුව මම දන්න හෑන්ඩ් කිරිල්ලක් නෑ බං.....
අඩෝ අර රිසෙප්ශනී, අර කෙල්ලගෙ නම කිව්වෙ නෑනෙ බං..ඒකි හරි ඉරිසිය උනා මම හිතන්නෙ ...
මොකද උඹට එකපාර .....තොට විසේස මෝල් හිතක් පහල උනාද??
හැම වෙලේම මෝලෙන් දකින්න එපා බං ඒ කෙල්ල හරි අහිංසක පාටයි..ඒකිට සල්ලි,ගෙවල්,පවුල් ප්‍රශ්ණ ඇති....
හරි උඹට වාසි විදිහට උඹ හිතපන් ඒත් එකක් උඹට මතකද අර මුල් කාලෙ ඉංග්‍රීසි උගන්නපු බුවා හැමවෙලේම කියන කතාව....
ළමයි අපි කොළඹ ඉඳන් ගෙදර යනකොට මෙහෙන් ටිකක් එහෙට වටින ඒව දාගෙන යන්න ඕනි..ලස්සනට තිබ්බට බොම්බය් මොටයි ගෙනිහිං හරියන්නෙ නෑනෙ..
ඉන්පසු දින කිහිපයක් යනතෙක් අඛිල නිහඬ විය එහෙත් එදා දුටු කෙල්ල පිළිබඳ විශේෂ උනන්දුව ඔහු කෙරෙන් මඳක් හෝ අඩු වූයේ නැත....
කැම්පස් වසා ඇතත් මා නැවතුනේ පංති තිබු නිසාය...අඛිලත් හෝටලයේ නිතර වැඩට යන්නට විය.
අඛිල කැම්පස් තිබුන දිනෙක දෙකක හෝ‍ටලයේ උත්සව අවස්ථාවන්ට මාද රැගෙන ගොස් ඇත...එහිදී පැය 8ට ලබාදෙන රු 700 වෙනුවෙන් ඔහු පිඟන් සේදීම,මේස සැකසීම,කෑම පිළිගැන්වීම ආදී බොහෝ දේ කලයුතු වෙයි..කැම්පස් ඇති දිනෙක ඔහු එහි වැඩට ගියේ බොහෝ පිරිස් පැමිණෙන මංගල උත්සව අවස්ථා සඳහාය..එහෙත් කැම්පස් වසා ඇති දිනවල ඔහු ගොස් තිබෙන වැඩපලක් කරදී බඩපුරා කා බී දෙන මුදලක් රැගෙන එයි..එහෙත් උත්සව අවස්ථාවලදී කෙතරම් මධ්‍යසාර තිබුනත් පිං අඩි ලැබුනත් ඔහු මඳ පමණකින් හෝ මත්පැන් ගන්නෙකු නොවේ..අප අතර කෙතෙක් මත ගැටුම් තිබුනත් හෝටලයේ විශාල ප්‍රමාණයේ උත්සව පැවතෙන දිනක රෑ කෑම මිලදී නොගන්නා ලෙස වූ කෙටි පණිවුඩයක් ඔහු එවනු ලබයි..එසේම කෑම බොහෝ සෙයින් ඉතිරිවන දිනෙක බොඩිමේ සෑම දෙනෙකුටම නොමිලේ සුපිරි ලෙස කෑමේ වරප්‍රසාදය අඛිල නිසා හිමි වෙයි..
චිත්‍රපට නැරඹීමට ගොස් ‍සතියකට දෙකකට පසුව මා නිවසක ටියුශන් දෙමින් සිටින අතරතුර අඛිලගෙන් හදිසි ඇමතුමක් විය...
මේ උඹ කොහෙද ඉන්නෙ දැන්...
මම මේ බොරැල්ල පැත්තෙ ක්ලාස් එකක්...
මේ පුලුවන් තරං ඉක්මනට අර අපි ගිහිපු සම්භාහන ආයතනෙ හරියට වරෙන්...
මම ඉන්නෙ ටියුශන් එකක ,,පිස්සු කෙලින්න වෙලාවක් නෙමෙ දැන්...
හදිස්සියක් නිසා කථා කරන්නෙ විහිලු කර කර ඉන්න වෙලාවක් නෑ ....ඉක්මනට වරෙන්.
හරි මම තව විනාඩි 20න් ඔතන..උඹ එතන හිටපන් හරිද...
හදිසි වැඩක් අඟවා වහා පංතිය නතර කල මා වහා පිටත් විය.මා යනවිට මට දකින්නට ලැබුනේ අඛිල නොවේ..එක්වරම “ඕයි මම මෙහේ” යන කීමෙන් අන්දමන්ද වී බලන විට පෙනුනේ ජැන්ඩියට ඇඳ පැළඳ,එක් පසෙකින් තැඹිලි වලුද අනික් අතින් පසින් කෝම්බ මල්ලද අතේ පිහියද තබාගෙන සිටින නවීන තැඹිලි කාරයෙකි..
මචං තව විනාඩි පහකින් නවින්දි එනව ඊට පස්සෙ විනාඩි 2 කින් මම යනව ...ගිහින් පැයකින් එනව මේ වෙලාවෙ හොඳ බිස්නස් වෙලාව අද ගන්න සල්ලි උඹ තියාගනින්...මම ඒ වෙලාවේ බොහෝ දේ ඇසිය යුතු උවත් කලයුතු සියල්ල ඔහු විසින් පැවසූ හෙයින් තුශ්නිම්භූතව සිටියෙමි.
අපි උඹලගෙ ගෙදර ගිය වෙලේ උඹනෙ කුරුම්බ කැපුවෙ....ඒ පලපු‍රුද්ද හොඳටෝම ඇති...
ස්වල්ප වේලාවකින් සම්භාහනායතනයට හැරෙන ඉදිරිපස පාරෙන් ළපටිම  නැතත් නොමේරූ පෙනුමැති යුවතියක් මතුවිය...ඇය මීට සති දෙකකට පමණ පෙර සම්භාහනායතනයේදී අඛිල‍ගෙ සිත්ගත් යුවතිය විය...මා ඈ දෙස බලනු දුටු අඛිල එයා තමා නවින්දිකා යයි පැවසීය..
එදින රාත්‍රියෙත් පසුවත් ඔහු විසින් කියන ලද දේ අනුව කතාව මෙසේය...
මා විසින් සම්භාහනායතනයට යෑම ප්‍රතික්ෂේප කරන ලද බැවින් අඛිල තනිවම එහි ගොස් ඇත..එවිට ඔහුගේ වාසනාවට මෙන් නවින්දිම සිට ඇත...අඛිල නවින්දි කථාවට එක් කරගන්නට උත්සාහ කොට ඇත. නමුත් නවින්දි කථා කර ඇත්තේ අවශ්‍යම ප්‍රශ්ණ කීපයකට පමණි...අවසන හෑන්ඩ් කිරීමට සැරසුන විට අඛිල., “මට ඔයාගෙන් ඕනි ඕක නෙමෙයි” යැයි පවසා ඇත.එහෙනම් යැයි ඇසූවිට අඛිල මට ඕනි ඒකත් නෙමෙයි යැයි පවසා එන්නට ඇවිත් ඇත....පසු දිනෙක යලිත් සම්භාහනායතනයට අඛිල ගොස් මුදල් ගෙවා එදිනත් නවින්දිම එනතුරු මඟබලා සි‍ට ඇත...එහෙත් එදා ඇවිත් ඇත්තේ වෙනත් ගෑනු කෙනෙකි..ඇයව ප්‍රතික්ශේප කල ‍අඛිල පොඩි එකකු සේ නවින්දිම ඉල්ලා කලබල ඇතිකරගෙන කනේ පහරකුත් කාගෙන රුපියල් 1000ත් පාඩු කරගෙන ඇවිත් ඊළඟ දිනයේ සම්භාහනායතනය‍ට හැරෙන පාර අසල තැඹිලි වෙළඳාම පටන්ගෙන ඇත..හුදෙක් වෙනත් චේතනාවකින් පටන් ගත්තත් එතැන බොහෝ රථ වාහන නවතා තැබිය හැකි වූ ‍සෙවනක් වන බැවින් තැඹිලි වෙළඳාම සරු වී ඇත..
දින දෙකක් ගත‍ව ගොස් ඇත...මෙසේ අනාරක්ෂිතව පසුපස ඒම අඛිලගේ සෞඛ්‍ය තත්වයට කිසිසේත් නොගැලපෙන බව පසක් කරගත් නවින්දි එහි වැඩකාර ක්ලීනර කොල්ලාට මුදලක් ගෙවා අභිනව තැඹිලි වෙලෙන්දා අතේ “මගේ පස්සෙන් එන්න එපා,මම බැඳල,074........ආදී ලෙස නොම්මරය ලියා ,දැන් එපා රෑ නවයෙන් පස්සෙ යැය් “ කුඩා ලියමනක් එවා ඇත..එදා රෑම අඛිල කෝල් කර ඇත.බැඳ තිබුනොත් සියලු සංස්කාරම බිම වැටෙන බව ඒකාන්ත බැවින් දින දෙකක් කථා කොටත් (Are U Married)වැනි ප්‍රශ්නයක් නොඅසන්නට අඛිල වගබලාගෙන ඇත..
එක් දිනක් උදෑසන සුපුරුදු තැඹිලි වෙළඳාමට පැමිණ වලු ටික බිම තැබුවා පමණි..වැදුන පා පහරින් පසු පස්සා පැත්ත පළමුකොට බිම වදින සේ ඩොග් සද්දයෙන් කෙසෙල් කඳක් ලෙස බිම අැද වැටුනි...ඉන්පසු තවත් පහර කීපයක් එල්ල විය...කුණුහරුප රාශියකින්ද අඛිල සංග්‍රහ විඳීය...
1.    තවත් මෙතන බිස්නස් බෑ
2.    ඒ වගේම තවත් තමුසෙ මේ පලාතෙ පේන්න ඉන්න බෑ...ඒ කියන්නෙ තමුසෙට සම්භාහනායතනෙටත් අවසර නෑ...
හරී
තවත් එක් සිද්ධියක් නොවන්නට සම්පූරණයෙන් මෙම කතාවට නැවතීමේ තිත වැටෙන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.
මේ අවස්ථාවේ අඛිලට මේ දිනවල රෙස්ටොරන්ට් එක නොහොත් අඛිල රාත්‍රියට සේවා සපයන හෝටලයේ කුස්සියේ වැඩ කරන කෙනෙක් මතක් විය.ඔහු හිතාමතාම හෝටලයේ උත්සව පැවතෙන විට කුස්සියටම වී සිට ඇත. දිනක් ඔහු අඛිලට “මල්ලි ඔය බීමජාති හෙම ලැබුනොත් මෙහෙට ත් පොඩ්ඩක් එවපන්” යයි කියා ඇත..අඛිල කිසිත් කට නොලෑවාට අනුන් තැනීමට නොයයි.අනික අඛිල නොබීවාය කියා ඔහුට හැර වෙනත් කිසිවෙකුට මහ ලාබයක් අත් නොවෙන බැවින් අඛිල ඉතිරිවන සහ ලැබෙන බීම අර කුස්සි කොල්ලාට ගෙනවිත් දී ඇත..ඉන් පසු දිනෙක හදිසියේ අමතර පාපිසි වගයක් බැලීමට අර කොල්ලා නතර වී සිටි ගබඩා කාමරය සෝදිසි කරන විට පිස්තෝලයක් හමුව ඇති අතර එවිටම වාගේ කාමරයට පැමිණි කොල්ලා එය දැක මේ.........‍අස්සෙ මොන ...ජක් හොයනවද මන්ද යැයි කියා ඇත..
පසුව අඛිලයා කොල්ලාට ඕල්ඩ් මන්ක් (එනම් රටබීම වර්ගය) එකක් පන්නා බොන්නට දී ඔහු ජනප්‍රිය අපරාදයක් සමිබන්ධයෙන් වරෙන්තුකරුවකු බව අනාවරණය කරගෙන ඇත..
අඛිලයා ඔහු හමු වී සිද්ධිය කියා ඇති අතර,, තමන් මෙරට නැති යයි බොහෝ අය සිතා සිටින බැවින් රෑට යමක් කලහෑකි වෙතැයි කියා ඇත..
ත්‍රී වීලරයකින් ඔහු අඛිල සමඟ එදින රෑම ගොස් සම්භාහනායතනයටත් ඉන්පසු එවෙලේම එහි අයිතිකරුවකුගේ නිවසටත්...අඛිලට පහරදුන් එකෙකුවත් හමු වී ඇත..එහෙත් ඒ සෑම විටෙකම අඛිල ත්‍රී වීලරයේ සිට ඇති අතර අවසන අඛිල ට එන්නැයි කියා ඔහුව පෙන්නා ඇත..උදෑසන පහරදුන් එකා පමනක් අවුලක් නෑ කොල්ල උදේ නරක තැනකට හෙම වැදුනෙ නෑනෙ යයි පවසා පිටට තට්ටුවක් දමා ඇත..පුදුමයකට මෙන් කිසිදු වලි වාතාවරණයක් කිසි තැනෙක ඇති නොවී ඇත..
එනගමන් ඔහු කියා ඇත්තේ “කෙල්ල ඇවිත් මාස 6ක් වෙනවලු..මෙතෙක් කිසි ලෙඩක් දාගෙන නෑ...මම හිතන්නෙ උඹ තමයි පලවෙනි ලෙඩ...හෙට ඉඳල තැඹිලි බිස්නස් එක පටන් ගනිං...ඒත් කෙල්ල‍ගෙ කේස් වලට නෝ වොරන්ටි..ඒත් මේක එක්ක සෙල්ලම කරල අතෑරල හෙම මාට්ටු වෙන්න ලංකාවෙ ඉන්න එපා...”
මම බණ දන්නෙ නෑ බං ඒත් ඔය මහ රියල් බඩු කාරයො ඒ වෙලාවට ආතල් ගත්තට මේ රුපියල් 75,000ට මලගෙවල් කෝල් කරවන අපි තරංවත් සතුටෙන් නෑ....වි‍ඳෝනව..
ඉන්පසු සතියක් තෑඹිලි වෙළඳාම සරුවටම කරගෙන ගොස් ඇත...බොහෝ සෙයින් නොවඳිනා වැදුම් වැඳ ඇය ඔහු හමුවීමට කැමති වූ ඇසි‍ල්ලෙන්...
ටියුශන් උවත් ගුරෙකු වූ මට යාලුවාගේ ලව වෙනුයෙන් ටෙම්පරි තැඹිලි වෙලෙන්දෙකු වන්නට වූ කථාව සිදුවුයේ එසේය...

10 comments:

  1. නියම කතාව මවං

    ReplyDelete
  2. මේ වගෙ කතාවක් ඇහුවෙ පලවෙනි පාරට .. නියමයි

    ReplyDelete
  3. අඩේ අයියේ උඹටනම් සිරා අත් දැකීම් තියනවා. අනික ෆට්ටට ලියලා තියනවා :)

    ReplyDelete
  4. බුවා කිව්වත් වගේ මේ වගේ එකක් නම් ඇහුවේ පළවෙනි පාරට...... මරු ස්ටෝරිය.

    ReplyDelete
  5. මේක ඇත්ත කතාවක් කියලයි මට හිතුණෙ.

    කොහොම වුණත් නියමයි...

    ReplyDelete
  6. Niyama lipiyak. Mara athdekeemak

    ReplyDelete
  7. විදුලි වෙගෙන් කතාව ගියාට හරිම රසවත්. ලියන විලාශය මරු.

    ReplyDelete