Saturday, June 11, 2011

The Letter

මට නිදාගත්තම සැපට පේන විදිහට
මට හීනයක් එවන්න...
සිහිනෙන් පේනවනම් මට ඔය රුව
අවධි නොවීම ඉන්න..
හීන අතරින් මට පියඹා එන්න මට හීයක් වගේ
සුබ සීනයක් එවන්න...

ගමේ නැතත්‍ මෙමා
එහි විස්තරේ බලන්ට..
ළඟදි පැනපු කොටු මොනාද කියාල දැනගන්න
කොන්ඩෙ දිගට වවලා ..රැවුල් කට් කපලා..
ඉන්න සෙට් එකේ ශීනෙන් වත් සෙට් වෙලා.....ඉන්න
මට කුරුලු පිහාටුවක්....එවන්න...

අම්මා අක්ක වෙත කියන්න..හෝ ලියන්න
කෑම්ප් එකේ කිස්ත් නෑ වෙනස් වී...
කනාමැදිරි එලි වල හැංගී..
මදුරුවො ඩ්‍රිල් කරයි අප‍ව සිත්සේ..
“කියන්න තරම් වරදක් නං නෑ.”..
අනේ මොන බොරුද???කියන්න කිසිම හොඳක් නෑ

මට හීනයක් වෙලා මගෙ හද මංදිරේ..
මම තාම දන්නෙ නෑ ඇයි උඹ පෙම්කලේ..
චාමරේ කියනව වගේ වහින්න එපා මහර ගමට..
උඹ තෙමුනාට කමක් නෑ...ඒත් වැස්සොත් කෝමද බං
සීටී 100 මේ නැගල ආ අපි යන්නේ...



මේ සුදු මං ගියා ඕයි ගියපාර ආරන්‍යට මේ කැලේ ඇතුලෙ තියන..
මං ඉන්නෙ නිවං යන්නයි..
මට ඕනි දුක නිවන්නයි..
අපි සුදු අඳින්නෙ..
හෙම්න් යන්නෙ නිවන බලා යන්නයි..

දැං...දෑස පියා ගන්න...
දැං අමතක කරන්න..සියල්ල..
දැං හරි කරුවලයි හලෝ..
මට ඒ වෙලාවෙ තමුසෙව පෙනුනා..
ටිකකින් නින්ද ගිහින් ඩොග් ගාලා වැටුනා...

කුඩා කල් සිට මගේ ළගඋන්
බොහෝ දෙන බෝ දුර ගිහින්..
මා ඉතිරිකර..අවිය තනිකර
කාලයා පියඹා ගොසින්..
මම එලියෙන් වැඩ ඉන්න වෙලාවේ ලියපු එකක්...

ඔය මල් එක ගන්න
අපි යමු පන්සල් යන්න..
දෙවියන් හට මල් දෙන්න
මල් වට්ටියක් තනන්න...

සෙට් වෙලා ඉන්නවනම්
50ක් තියෙනවනම්..
කොලයක් හොයං විගහින්
මලක් තුලින් සඳ දකින්...

මේ ඔය මල් එක ගන්නව..
මේ නට් එක තද කරනව...
මේ ඕයි ප්ලැට් එක නෙමෙ මල් එක ගන්නව..
කියය් කෝප්රල් ගොරවාලා...

ගොරොද්දෙ අදිද්දී..ගොරවද්දී
නින්ද කපලා ඔබ ව සිතාලා..
ඔන්න ලිව්වා...
ඔහෙත් එකක් එවන්න..
මට බලන්න..
කෑව බිව්ව ඒව නැතුව අලුත් එකක්
එවන්න...


 



8 comments:

  1. ටික විතර අමුතු විදියට පද ටික අමිනුමක්,හෑබෑයි ලස්සනයි,මේ ස්ටයිල් එකට ආසායි.....

    ReplyDelete
  2. සෙට් වෙලා ඉන්නවනම්
    50ක් තියෙනවනම්..
    කොලයක් හොයං විගහින්
    මලක් තුලින් සඳ දකින්...

    ආචාරශීලී විදිහට කුඩු ගහපන් කියපු ලස්සන.

    ReplyDelete
  3. පිණිබිඳුට වැරදුනාද? මට වැරදුනාද? මට හිතුනේ ගංජා කියලයි...

    ReplyDelete
  4. අභීත අයියෙ - අනේ මම දන්නෙ නෑ ඔව්වා.. කොලයක් කියපුවාම මට හිතුනෙ කුඩු කියලා..

    ReplyDelete
  5. ගංජ තමයි....
    මම හිතන්නෙ නැ මේක දැකල ගංජ නොගහපු කෙනෙක් ගහන්න යය් කියල....

    ReplyDelete
  6. මට ඔළුව විකාර වෙලා ගියා වගේ දැනෙනව...

    ReplyDelete
  7. මේක ඇවිල්ල පෝස්ට් 3-4කට දමන්න ඕනි 1ක් ඒත් කට්ටියට බලන්ට ගියෑම කරදර නිසෑ මෙහෙම දැම්ම ඕං

    ReplyDelete