Tuesday, August 16, 2011

තවත් පෝස්ට් එකක් නොවේ...

සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා.

දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින
ස්ථානය - මහරගම පිළිකා රෝහල

මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි.

CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103.
දු.ක. 0112 850252 - Ext 455

බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු...

“ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“

අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන් කීවා. අපිට දෙන්න පුළුවන් දවසට කලින් දවසෙ ගිහින් ෆෝම් එකක් තියේ ඒක ෆිල් කරලා බෙහෙත් ලිස්ට් එක අරන් ඒක ගෙනත් දෙන්නයි කීවෙ පුළුවන්නම්.. එයාල සල්ලි භාරගන්නෙ නෑ කීවා.. බෙහෙත් නම් භාරගන්නවා කීවා.

ඉතින් යාළුවනේ කලින් අපි හැමෝම සෑහෙන උත්සහයක් ගත්තා ඔහුව සනීප කරගන්නට... ඒත් නොහැකි වූ බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්... ඔහුගේ නමින් කලත් කිසිම නමක් නැතිව කලත් අපට ලැබෙන පින එහෙමමයි... ඒ පිනෙන් කොටසක් ඔහුටත් අප නමින් මියගිය හැමෝටමත් පිළිගන්වමු... පුළුවන් ආධාරයක් කරන්න...

http://nachepu.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “නචියා“ නමින් ගූගල් බස් පදින RAKJ Ranasinghe හා http://heenayak.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “සිහින“ නමින් ගූගල් බස් පදින BLTM Balasooriya යන දෙදෙනාගේ නමින් කටුනායක කොමර්ෂල් බැංකු ශාඛාවේ දැනට මේ සදහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බව දන්වා සිටිමු.

RAKJ Ranasinghe
BLTM Balasooriya

Commercial Bank - Katunayake
ගිණුම් අංකය - 8250070554

මුදල් දාපු අය කරුණාකරලා අපිව දැනුවත් කරන්න
thanojar@gmail.com
nachipu@gmail.com
sithuvilinihadayi@gmail.com
heenayak@gmail.com


Facebook Group - CyberFriends for Dilum (ඉලංදාරියා)
http://www.facebook.com/groups/Help.Dilum/


මේ සංවිධායක මන්ඩලය මේ බ්ලොග් හිමිකරු දන්නා හඳුනන අය වෙයි..බොහෝ දෙනෙකුගේ නොමද අනුශාසකත්වය හා අධීක්ෂණය  යටතේ කෙරෙන මේ සද්කාර්යය කෙරෙහි විශ්වාසය තබන මෙන් ඉල්ලා සිටිමි...

4 comments:

  1. ජාති කුල මල භේදයකින් තොරව පිළිකාව අද ලෝ පුරා පැතිරෙන රෝගයකි..
    අප රටේ නොමිලේ ප්‍රතිකාර ලබාදුන්නත් ඒ යාන්ත්‍රනයටත් විටෙක මෙල්ල කරගත නොහෙන තරම් වූ බරකි පිළිකාවලට වියදම් වන ඔසු වියදම..
    දැන් විශ්වාසවන්ත මිතුරන් කීපදෙනෙකු එකතු වි කරන මේ මාහැඟි සද්කාර්යයට කිසියම් හෝ ගණනකින් දායක වී..
    ඔබත් මේ සඳහා සහයෝගය දක්වන්න...

    ReplyDelete
  2. පිළිකා රෝගියෙක් එක්ක ජීවිතය ගෙවලා මිසක් ඒ වේදනාව හරියටම තේරුම් ගන්න අමාරුයි.. හොඳ වැඩක්..

    ReplyDelete