සිංහරාජෙ හරි ලොකු කැලයක් නෙමෙයි. අතනින් මෙතනින් කඳු කීපයක් උඩ තියෙන කැලෑ පටි කීපයක් තමයි සිංහරාජෙ කියන්නෙ..යාල වගේ මහා විසාල අතරමං වෙන්න තරං අලී පත කැල මෙහෙ නැහැ කියල තමයි මට නං හිතෙන්නෙ..
අපිට සිංහරාජයට ඇතුල් වෙන්න මාර්ග ගණනාවක් තියෙනවා. ඒ මාර්ග වලින් අපි තෝරා ගත්තෙ පිටදෙනිය වන නිවහන. මේ වන නිවහනට ගිහිං බලන්න තැන් ගොඩක් තියෙනවා. දිය ඇලිම තියෙනව පාලහක් විතර. මීට කලිං ඒ ගිං ගඟ හා අවට ඇති ේම පිටදෙනිය අවට බලපු අයිය කෙනෙක් මෙතන විස්තර කියල තියෙනවා.
දැං ඉතිං දෙනියායට ගිහිං පිටදෙනිය වන නිවහනට යන හැටි එතනින් පයිං යන හැටි ආදිය විස්තරත් බුක් කරගන්න ඕනිනං කරන්න ඕනි වැඩ ටිකත් අර ඉහල තියෙන ලිංකු ඔබල බලාගන්න පුලුවනි.
පිටදෙනිය වන නිවහනට යන පාලම..
ඉතිං මේ ඇවිල්ල අපි එක්ක ගියපු බාන්ඩයක් නම් නෙමෙ..ස්විස් පාරක්..තනියම ඇවිත් තිබුනෙ.. මේකි ගහක මොකද්ද ගැටයක් වගේ එකක් දිහා බලල මට ඒක පෙන්නල ඩිඩ් යූ සී ස්නේල් කියල ඇහුවා. මාත් ඉතිං නොදන්න බැරිමරගාතෙ ඕ වට්ස්ද නයිස් ස්නේල් කිව්වා.. මට කලිං මේ සුද්දිව ටෝක් කරන්න පොරක් ගියා. ඌට ටිකක් බයවෙල තිබුනා. ඒත් මට නං සුද්දි මකුලුදැල්,ගොලුබෙල්ලො,මල් හෙම පෙන්නුවා. මං කිව්ව කොළඹ ඉන්නෙ උං මීට වඩා පොඩියි කියලා. ඒයත් කිව්වා ස්විස් වල බයෝ ඩයිවර්සිටියම අඩුය. ගොලු බෙල්ලො මේ තරං සයිස් උං නං නැතිය. කුඩා උන් ඉන්නවාය කියලා.
ස්විස් රටේ ගහ කොල උනත් බලපු බලපු පැත්තෙ එකම වගේය කියලා අපි එක්ක ගිය සැට් එකේ ස්විස් වල ටේනින් එකකට ගිහින් තිබුන යාලුවෙක් කීවා. හැබැයි ඉතිං මුං තමයි ගෑනු නං ගෑනු...එකක් මේ ගෑනු හැට පැන්නත් ටයර් අනංමනං නැතුව සුවිට් ලුක් එකට ඉන්නවා අනික තමයි යකාටවත් බය නැතුව ලංකාවට ඇවිල්ල තනියම ඕනි රෙද්දක් අස්සෙ රිංගල බලනවා.. ඒකට අපේ බඩු.. ඇලක් බලන්න එක්ක යන්නත් වරු ගානක් ටෝක් කරන්න ඕනි..
මං අර කලිං කියපු බ්ලොග එකේ අය යනකොටමේ පාලම තිබිල නෑලු..පස්සෙ තමයි මේක හදල තියෙන්නෙ.. පාලමේ මෙහා පැත්තෙ තමයි වන නිවහනතියෙන්නෙ. අපි ඒකට බඩු උස්සං එන්න ඕනි. මං ඉතිං කටු කන්න ටිකක් පුරුදු කාරය නිසාමං ගත්ත ලාම්පුතෙල් ලීටර දහය. ලාම්පුතෙල් ලීටර දහයත් අරං තව අතක තව බෑග් වගේකුත් අරං.. මහ රෑ නවයට විතර තමයි අපිමේ පාලමෙන් එගොඩ වෙන්න ආවෙ. එතකොට කලිං යන එක්කෙනා ගියාම පස්සෙං යන අපිත් ගැස්සෙනවා... මාර බය හිතෙනවා.
මේ සුද්දි යන්තරෙත් මේකෙං එනකොට බයවෙලා බිරාන්තට්ටු වෙලා ටික වෙලාවක් හිටියා පාලම ගැස්සෙනකොට..
ඌරුබොක්ක නවාතැන..
අපි කලිංම ගියෙ ඌරුබොක්ක පැත්තෙ අපේ සහෝදර සේවක මහත්තැන් කෙනෙකුේග ගෙදර..එහෙ තිබුනා ශක්තිජනක පානයක්. කිතුල් ගස් වලිං ගන්න පානයක්. ඒක බොන් ගමං අපිට කන්න වැව් මාලු බැදල මඤ්ඤොක්කා තම්බල තිබුනා. අපරාදෙ කියන්න බෑ මඤ්ඤොක්කා කන්න හදල තිබුන පොල් සම්බෝලෙ නං පංකාදුයි. පෙට්ටි මිරිස් දාල ගලේ අඹරල හදල තිබුනෙ. ඉතිං ඒව කකා අර ශක්තිජනක පානය බිබි අපි පැයක් දෙකක් ගතකරල බත් ටිකක් කාල කිරිපැනි හෙමත් කාල උගුර ගාවට එනකල් කොටා බාල තමයි පලවෙනි දවසෙ අපි දෙනියායට එන්න පිටත් උනේ.. ඒ තරං වරුසාව කාරිය නැති නිසා කූඩලු කරදරේ සැරට තිබුනෙ නෑ.
ඉතිං මේ තියෙන්නෙ අර සුද්දි වහන්සෙ ඉන්න තැන ඉදං ගත්ත පිංතූරයක්. මේ හරියෙං යන්නෙ ගිං ගඟ සහ එහි ශාඛාවන් තමයි. මට ගූගල් මැප් එකේ තැන පෙන්වන්න විදියක් නෑ. ඒකෙ සර්ච් වෙන්නෙ නැ හරිම ලොකේෂන් එක. සෝක් වතුර ඩිංග නිල් පාටට තියෙනවා. මඩ සුට්ටක් නෑ ආසාවට බේතකට. අපි නෑවෙ දවසට දෙපාර සමාර වෙලාවට.. මේවයි වතුරට මට නං චූ කරන්නත් ලෝබයි. මොකෑ ඉතිං ඒ තරං පිරිසිදු නෙව..
මේ අපි නැවතුන තැන ඉඳලා තියෙනව ටිකක් ගම්මානයක් මැදින් පාරක් කිලෝමීටර හතරක් විතර. අපිට ඒකෙ යන්න ගයිඩ් උන්නැහැ කෙනෙක් ලැබුනා. හම්මේ තියෙන ඇලි කන්දරාව. මේක මොකද්ද අරක මොකද්ද කියල බලාගන්න බැරි තරං දිය ඇලි..ඔක්කොම මෙතන දහයක් විතර මයෙ හිතේ දියඇලි විතරක්. වතුර සී තලයි. පුදුම ආතල් එකක් තියෙන්නෙ. යාලෙ ගියාම අලි බැලිල්ල ඇති වෙන්නෙ නෑ වගේ මෙහෙ ආහම ඇලි බැලිල්ල ඇති වෙන්නෙ නෑ..
මේ තියෙන්නෙ දිය ඇලි. මේ දිය ඇලි වල තියෙන ගැම්ම ආයෙම ඉතිං විස්තර කරන් බෑ. ඒකෙ තියෙන ආතල් එක ගන්න නම් ඉතිං ඒ තැන් වලට යන්නම වෙනවා. එක ලඟ තියෙන ඇලි ගාන වැඩි නිසා මොකක් වැඩිපුර ලස්සනද කියලා හිතාගන්න බෑ..
මේ අපි අරං ගිය කෑම. මයියොක්ක කිලො ්ෙදකක් විතර තම්බගෙන. ඉන් පස්සෙ ගම්මිරිස් කුඩු පෙට්ටි මිරිස් ලුනු රතු ලූනු තව පාර්සලේක දාං ගියා. දිය ඇලිවල සීතල දැනෙන කොට අපි ගල් උඩ වාඩිවෙලා කකුල් අතගගා මයියොක්කා කෑවා. කාලෙකිං ඇවිදින නිසා කස්ටියට කකුල් අමාරුව හැදිල තිබුනෙ. ඉතිං මේ මඤ්ඤොක්කා ටික නං වෙලාවෙ හැටියට දෙයියො දැක්ක වගේ.
මේතමයි පලා පොළඟා කියන සතාගේ සමීප ඡායාරූපයක්. මෙතන පලා පොලඟ ගෙ සමීප දසුනක් ගන්න මම පාත්වෙලා කාරිය සැට් වුනා. එතකොට මගේ මිතුරෙක් මාව බය කලා මේ සතා විසකුරු එකෙක්ය මූ කන්නේ ඇඟට පැනලාය කියලා. ඉතිං ඇඟට පැනල කෑවොත් කියන බයට කැමරාව ගැස්සුනා. කැමරාව කියන්නෙ ඉතිං පෝං කැමරාව තමා..
මේ තියෙන්නෙ ගල් ඔරුව කියන තැන. උඩින් එන විසාල ජල දහරාවක් මීටරයක් විතර උඩින් පලල මීටර පාලහක් විස්සක් ගැඹුරු තැනකින් ගලාන යනවා. මේ ගල් දෙබොක්කාව අතරිං ගලායන එකට කියන්නෙ ගල් ඔරුව කියලා. ගල් ඔරුව නම් බය හිතෙන තැනක්.දැං මේක ලඟ තිබුන ගහක් මේක හරහා ඇද වැටිලා. මහ සැර වතුර පාරක්මේ ගල් පොතු දෙක අතරින් පහලට ගලා බහිනවා දැඩි බෑවුමක් යටතේ..
මේ තියෙන්නෙත් ගල් ඔරුවෙ පිංතූරයක්. මං වීඩියො එකකුත් ගත්තා. ඒත් ඒක දාන්න කලිං කල යුතු එඩිටිං කටයුතු ටික අමාරුයි . අනික ඒක කලිං අයිය කෙනෙක් දාල තිබුනා..
මෙ තියෙන්නෙ මෙදේරිපිටිය හරියෙ තියෙන සූටි පාලමකින් අපේ රථ වාහනය ගන්න ආකාරය. බොහොම පොඩි පාලමක්. හරි අමාරුවෙන් තමයි මෙතනින් වාහනයක් ගන්නෙ..
මේ පිටදෙනිය කඳවුරේ ඉඳලා අර ඇලි තියෙන වනාන්තරයට කිලෝමීටර පහක ්විතර තියෙනවා. තේ දලු අදින ටැක්ටරයක අයියා කෙනෙක් අපිට පොඩි ලිෆ්ට් එකක් දුන්නා. එයාටත් තෑන්ක්ස් වෙන්න ඕනි..
ලියනවා නං ගොඩායි. ඒත් ඉතිං ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා..සර්ච් කලොත් සිංහලෙන් සහ ඉංගිරිසි වලිං..ඒ නිසා මං මේවායේ තියෙන වටිනාකම ගැන කියන්න යන්නෙ නෑ..
ඒත් ඉතිං මේ පැත්තෙ ඇත්තොන්ගෙ ආර්ථිකේ නම් මේ දවස්වල තේ ගස් නිසා හොඳ වෙලා තියෙන්නෙ. ඩයලොග් ටීවි ඇන්ටනා හැම ගෙදරම. කොහොම උනත් වන සංරක්ෂකයො මොන බයිලාව කිව්වත්. තේ වතු විසින් දිගින් දිගටම සිංහරාජය මායිම් අත්පත් කරගෙන යමින් ඉන්නවා කියල තමයි මට හිතුනෙ. කැලේ මායිමේ යන්තං පර්චස් එකක තේ කෑල්ලක් දා ගත්තම කාලෙකින් ඒ තේ පර්චස් එක අක්කරයක් කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙ..
අනික එක එක ටිකට් කවුන්ටර ගොඩනැගිල් ඉදිකරල ඒ තැන් විනාස කරන්න අපේ වනසංරක්ෂකයොත් ලොකු වෙහෙසක් ගන්නවා පෙනුනා. මේ දිය ඇලි බලන්න යන තැනටත් මොකද්ද කවුන්ටරයක් අටවලා ටිකට් දෙන්න හදනවා. මොන දේ කලත් ඒ සංවේදී පරිසරය ගැන තව ටිකක් හිතනවනං හොදයි කියලා මට අවසාන වශයෙන් හිතුනා..

i wanna too suck foreign ass hole.. i do it in ethical way
ReplyDeleteමේකෙ තේරුම
Delete1. මටත් රට පුකේ හිලක් උරන්න ඕනි. මම ඒක ආචාර සම්පන්නව කරනවා.
කියන එකද? නැත්තං....
2. "මටත් සුද්දෙක්ට පුක දෙන්න ඕනේ. මන් ඒක කරන්නේ ඒ විදිහට"
කියන එකද?
මේකෙ තේරුම මට තේරුං ගන්න අමාරුයි..ඒත් එනිවේ තෑන්ක්ස්...
හික්ස්...
ReplyDeleteකියවපු විස්තරේ කික් එනත් ගියා ඇනෝගෙ කමෙන්ට් එක යට තීන උබේ රිප්ලයි එක දැක්කම.
සිංහරාජෙනං අධ්‍යනය කරලා ඉවර කරන්න බැරි තැනක් බං..
මරු ට්‍රිප් එක..
කුනුහරුප ඉංගිරිසියෙන් කිව්වහම අමුතු පොස් ගතියකුත් ඒ කුනුහබ්බම සිංහලෙන් කිව්වම අම්බානෙක ග්‍රාම්‍ය ගතියකුත් එනවා....
Deleteසොරි ඒකෙන් වෙච්චි බාදාවට..... ඒත් ඉතිං කියන දෙයක් තේරුන් නැති උනාම අහන්න එපාය...
නියමා....යි!!!
ReplyDeleteස්තූතියි..ඔයත් මොනවද ලියල තිබුන මං ගිහිං කොමන්ටුවක් ඔබල ආව..ලස්සන කවියක් ඒක...
Deleteඑල එල..!!!
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteඅර ශක්ති ජනක පානෙං සෑහෙන ශක්තියක් එන්ටැති මයෙ හිතේ :D
ReplyDeleteඅපිත් ගියා.
ReplyDeleteගියා අවුරුද්දේ දෙසැම්බර්.
අපි ගියේ බයික් වලින්.
නෙළුවට ගිහිල්ල ගියේ.
3km පයින් යන්න තියෙනවා කිව්වා.
පයින් යන තැන හම්බ වෙනකම් දිගටම ගියා.
ඉස්සරහට ගමේ අය බයික් වලින් එනවත් හම්බවුන නිසා දිගටම ගියා.
පස්සේ බලනකොට වැල් පාලම ගාවටම ගිහිල්ල.
පයින් යන්න දෙයක් නෑ. පස්සේ වැල් පාලමෙනුත් බයික් ටික ගත්ත.
වෙවුල වෙවුල.
අපිට අමාරු උනාට ගමේ මිනුස්සුන්ට ඒක ගානක්වත් නෑ.
නරක වෙලාවක ගියේ.
වැස්ස කාලේ.
ඔය සුද්දී ඉන්න තැන ඉදල ගහල තිබුන වැල් පාලම යටින් යන වතුර පාර වැඩි කහට ටී පාටයි.
එලියට බැහැල පොඩ්ඩක් කැලේ ඇතුලට ගියා.
ටික වෙලාවකින් අගල් එක හමාරේ ඇන කෙලින් අතට හිටෙව්වා වගේ යාළුවො ඉස්සෙන්න ගත්ත.
කුඩල්ලෝ.
දුවල බේරුනේ.
උන් මාර ස්මාර්ට්.
දුවන කොටත් එල්ලෙනවා.
20ක් 30ක් ගලවල තමයි බේරුනේ.
ඔය ගල් ඔරුව තියන තැනට පහලට වෙන්න තියෙනවා දුවිලි අල්ල කියල එකක්.
සුපිරි.
එතෙන්ට ගියාම කූල් වතුර වීදුරුවක පිට ජාල වාෂ්ප බැදෙනවා වගේ මුළු ඇගේම ජාල වාෂ්ප බැදෙනවා.
ගත සිත පහන් වෙනවා.
ජීවිතය සුන්දරද මෙතරම් කියල හිතෙනවා.
ඇති නේද?
මම කැමතිම ලිපියක්
ReplyDeleteමෙතන තියන සුන්දරත්වය අකුරු වලින් ලියලා තව එකෙකුට ඒත්තු ගන්නන්න බෑ. මෙතනටම ගිහින් ඒ අත්දැකීම විඳින්නම ඕන. කොහොම උනත් උඹේ පලා පොළඟාගේ ෆොටෝ එකනම් සුපිරි. පලා පොළඟා විසකුරු සතෙක් තමයි. ලංකාවේ ගොඩබිම හමුවෙන උග්‍ර විෂ සර්පයන් පස් දෙනාට පස්සේ ඉන්න විසකුරුම සර්පයා තමයි පලා පොළඟා. උගේ ෆොටෝ එකක් මම දාල ඇති.
ReplyDeleteහැඟීම් ඇවිස්සුනා යකෝ.
ReplyDeleteමොන...?
Deleteමගෙ වෘත්තීය වැඩ වලට නෙලුවෙ කොච්චර ගිහින් ඇත්ද..ඒත් තවම සිංහරාජෙ ගිහින් නැහැනෙ,...!
ReplyDelete