තලනවා වගෙ අදත්
සෝම දෝතින් පිටේ..
වදින සැර ඉකිබිඳුම්
හඬ ඇසේ විලාපෙන්..
පියවතී උඹ පවු..
මොක උනත් හෙට උදේ
පියවතී සෝමෙ හා
ගොහිල්ලා උන් පොලේ
විකුනාවි බඩු
පෙන්නාවි සිනාවන්..
කසිය බී මත්වෙලා
නාලගිරි ඇවිල්ලා
හෙටත් දමනය පිණිස
තලාවී පියවතී
අනේ දරුවා කෑ ගසා හඩාවී..
මා ලෙවල් කරනවිට
පන්ති යන විට උදේ
කෙහෙල් පටවං ලොරියෙ
ඒකෙ ගිය පියවතී
සෝමෙ හා ek වුනේ..
ඉස්කෝලෙ යන්නැතුව
බඩු පෙට්ටි කරතියං
පොලේ ගිය පියවතී
දැං අම්ම කෙනෙක් වී
ඒත් වද වේදනා..විදීවි
හොඳින් ගොස් පාසැලට
ඉවර වී පන්තියට
සැරට පාඩම් කලත්
යන්තමට පාස් වී
මාත් දැං ලොකු වෙලා..
මට කැමති සෝමයෙක්
සොයාගත නොහැකි වී
බර වැඩිව මා අරන්
යන කෙනෙක්
නොමැති වී...
රෑ වහල උඩ දුවයි
පරාලේ මීයෝ
උන් කෑගසාවී
රැව් ගිගුම් දේවී
මී මහත්තය ගෑනි හට තලනවා වත්ද
පිපින මල් වටටියක්
පැන් නැතුව වියලිලා
වගේ මට දැනෙනවා
තනිය මට ඇතිවෙලා
කඳුලු වැල් ගලනවා
සෝමෙ හැන්දෑ යමේ
පියවතී තලනවා
ගිගුම් දෙන නදින් ඈ
ලතෝනිය තියනවා
අහෝ මට නැති සතුට..
මං දන්න ලේඩි ඩොක්ට කෙනෙකුත් ඉන්නවා ඔය සන්තෑසියම වෙච්චි..
ReplyDeleteමොකද පියවතී ගැන මේ තරං අනුකම්පාවක්......
ReplyDeleteඅනේ මන්දා අප්පා මෙව්වා නන්....
ReplyDeleteකිසි ප්‍රශ්ණ නැති කලෙක
ReplyDeleteතනිකමම ප්‍රශ්ණේ වී
ඊට විසඳුමක් ලෙසට
ප්‍රශ්න එක්කහු කරන
හරි පුදුම සතෙක් නොවැ
මිනිසා!
ඒක නෙමෙයි මං ඇහුවොත් ඇයි පද පහේ කවි කියලා? ;)
කවිනං පද හතර කියල කොහේවත් තියෙනවද? නෑනෙ..එහෙම සෙල්ලිපියක් හමු වෙලා....
Deleteඒ වගේම පද හතරට වඩා තිබිය යුතුයි කියල සෙල්ලිපියක් හමු වෙලත් නෑ..
ඒ නිසා මේම තියෙනවා...
අහෝ පියවතී !
ReplyDeleteඅහෝ කාටනම් පවසන්නද ....
ReplyDeleteඅමිලට නොහැකිද පිහිටක් වෙන්ට
අඩෝව්... බැඳපු ගෑනු හෝටල් ගානේ උස්සනකොට තොට ඔය තනිකම දැනුනේ නැද්ද......?
ReplyDeleteනැහැ මචං නැහැ...එ් වෙලාවෙ තනිකමක් දැනුනෙ නෑ...බැඳපු ගෑනුන්ගෙ පුදුම බරක් නේ තියෙන්නෙ...තව පොඩ්ඩෙන් ගෑනි බිම වැටිල පතිවතත් බිඳිල යනවා....
Deleteකලින්ම
ReplyDeleteපීදී
අකලට
පරවෙන
මකරන්ද
තලන්නට
ෂික්
මී මැස්සෙක්
තියා
එන්නේ
නැති
හැටි
නිල මැස්සෙක්
වත්
අපූරුයි සහෝ...........................:)
ReplyDelete