Monday, July 30, 2012

මගේ තනිකම

                   
තලනවා වගෙ අදත්
සෝම දෝතින් පිටේ..
වදින සැර ඉකිබිඳුම්
හඬ ඇසේ විලාපෙන්..
පියවතී උඹ පවු..


මොක උනත් හෙට උදේ
පියවතී සෝමෙ හා
ගොහිල්ලා උන් පොලේ
විකුනාවි බඩු
පෙන්නාවි සිනාවන්..

කසිය බී මත්වෙලා
නාලගිරි ඇවිල්ලා
හෙටත් දමනය පිණිස
තලාවී පියවතී
අනේ දරුවා කෑ ගසා හඩාවී..

මා ලෙවල් කරනවිට
පන්ති යන විට උදේ
කෙහෙල් පටවං ලොරියෙ
ඒකෙ ගිය පියවතී
සෝමෙ හා ek වුනේ..

ඉස්කෝලෙ යන්නැතුව
බඩු පෙට්ටි කරතියං
පොලේ ගිය පියවතී
දැං අම්ම කෙනෙක් වී
ඒත් වද වේදනා..විදීවි

හොඳින් ගොස් පාසැලට
ඉවර වී පන්තියට
සැරට පාඩම් කලත්
යන්තමට පාස් වී
මාත් දැං ලොකු වෙලා..

මට කැමති සෝමයෙක්
සොයාගත නොහැකි වී
බර වැඩිව මා අරන්
යන කෙනෙක්
නොමැති වී...

රෑ වහල උඩ දුවයි
පරාලේ මීයෝ
උන් කෑගසාවී
රැව් ගිගුම් දේවී
මී මහත්තය ගෑනි හට තලනවා වත්ද

පිපින මල් වටටියක්
පැන් නැතුව වියලිලා
වගේ මට දැනෙනවා
තනිය මට ඇතිවෙලා
කඳුලු වැල් ගලනවා

සෝමෙ හැන්දෑ යමේ
පියවතී තලනවා
ගිගුම් දෙන නදින් ඈ
ලතෝනිය තියනවා
අහෝ මට නැති සතුට..

11 comments:

  1. මං දන්න ලේඩි ඩොක්ට කෙනෙකුත් ඉන්නවා ඔය සන්තෑසියම වෙච්චි..

    ReplyDelete
  2. මොකද පියවතී ගැන මේ තරං අනුකම්පාවක්......

    ReplyDelete
  3. අනේ මන්දා අප්පා මෙව්වා නන්....

    ReplyDelete
  4. කිසි ප්‍රශ්ණ නැති කලෙක
    තනිකමම ප්‍රශ්ණේ වී
    ඊට විසඳුමක් ලෙසට
    ප්‍රශ්න එක්කහු කරන
    හරි පුදුම සතෙක් නොවැ
    මිනිසා!

    ඒක නෙමෙයි මං ඇහුවොත් ඇයි පද පහේ කවි කියලා? ;)

    ReplyDelete
    Replies
    1. කවිනං පද හතර කියල කොහේවත් තියෙනවද? නෑනෙ..එහෙම සෙල්ලිපියක් හමු වෙලා....
      ඒ වගේම පද හතරට වඩා තිබිය යුතුයි කියල සෙල්ලිපියක් හමු වෙලත් නෑ..
      ඒ නිසා මේම තියෙනවා...

      Delete
  5. අහෝ කාටනම් පවසන්නද ....

    අමිලට නොහැකිද පිහිටක් වෙන්ට

    ReplyDelete
  6. අඩෝව්... බැඳපු ගෑනු හෝටල් ගානේ උස්සනකොට තොට ඔය තනිකම දැනුනේ නැද්ද......?

    ReplyDelete
    Replies
    1. නැහැ මචං නැහැ...එ් වෙලාවෙ තනිකමක් දැනුනෙ නෑ...බැඳපු ගෑනුන්ගෙ පුදුම බරක් නේ තියෙන්නෙ...තව පොඩ්ඩෙන් ගෑනි බිම වැටිල පතිවතත් බිඳිල යනවා....

      Delete
  7. කලින්ම
    පීදී
    අකලට
    පරවෙන
    මකරන්ද
    තලන්නට
    ෂික්
    මී මැස්සෙක්
    තියා
    එන්නේ
    නැති
    හැටි
    නිල මැස්සෙක්
    වත්

    ReplyDelete
  8. අපූරුයි සහෝ...........................:)

    ReplyDelete