Tuesday, July 31, 2012

කවර දාපු සහතිකේ..02


ලොක්ක ආවා. මං කැරකි කැරකි ඉඳලා සබන් පෙට්ටියක් ගේන් යනවා කියලා එතන ඉන්න නිරූට කියලා පිටත් වුනා එලියට. බස් හෝල්ට් එකේ කෙල්ලෙක්. ලොලිපොප් එකක් කටේ දාගෙන. ඒක දැක්ක මට වලත්ත අදහසක් ආවා. ... මුන්ට ලොලි පොප් උරන් හොදයි. අහවල් එක දුන්හම තමයි..අනේ ඔයා හැමදාම ඉන්නවද/ කවද්ද අපි බඳින්නෙ? අම්මලට අහුවෙයිද? .හැමදාම මෙහෙම ඉදල බෑෙන කියලා බයිල කියවන්නෙ. රෝස පාට තොල් කහපාටට හුරු ලොලිපොප්පුව වටේ තැවරිල සූස් ගාල පැණි ටික උරාගන්නවා..එයාගෙ ඇස් තියෙන්නෙ ඈත අන්තයක..ඒත් බොහොම සැහැල්ලුවෙන්. ලොලි පොක් උරනව තරං සැහැල්ලුවෙං ඒව කොරන්න බැරි හැටි. හරියට මල් මාල දාල බෙර ගහ ගහ වටේ පිටේ මිනිස්සු අඩද්දි වදකයා වරදකරු මරන්න එක්කරං යනවා වගේ තමයි කෙල්ලො එක්ක යන්න ඕනි රූම් වලට...

හැමෝම හෙම නැතුව ඇති. මට අහුවුන උන් ඒමයි. ඉතිං ඒ තරං අමාරුවෙං එක්කරං ගිහිං මොන සතුටක්ද? විනාඩි දහයෙන් ලෝකෝතතර සැප ලැබුනා වැඩේ ක්ලෝස්..
.
කැම්පස් කාලෙ යාලු උනානං එකක්. ඒ දවස්වල හිතුවෙ තව ටික්ක ඔන් ඔහෙ පෙර පෙර ඉන්නව කියලා... දැන් ඉතිං හැමදා පෙර කල කුසල් එනකං බලා ඉන් වෙලා. පියං කාරයෙක් දිහා..කොටින්ම තේවතුර හදන හැම පක්කිලි වැඩේටම කඩේ යන පියන් කාරයෙක් දිහා ලස්සන කෙල්ලො බලය්යැ..බැලුවත් ඉතිං වැඩක්ය..සල්ලි නෑනෙ විසික් කරන්න.

කන්තෝරුවෙ අයින් කරපු බැනර් කෑල්ලක් ගෙදර ගෙනිච්චා ගෙදර. කවුද ලොකු තැනක් ආපු මහ ලොකු උත්සවයක ඉතිරි වෙච්චි ස්ක්‍රීන් ප්‍රින්ටින් වලිං ගහප බැනර් එකක්...මං අද බලනකොට තාත්තා ඒක වහලෙට දාල තෙමෙන තැනකට.. ඒකත් හොදයි..ඉටිරෙදි දැම්මට තියෙන් නෑ දිරනවා..

මං කැම්පස් ගියා. ඩිග්රිය ගත්තා රස්සාවල් නෑ. මේකට ආවා මේකෙ පියන්. උපාදි සහතිකේ පෙන්නුවෙ නෑ. ඒක පෙන්නුව නං මේකත් නෑ. මට මතකයි ආපු පලවෙනි දවස... මට ජොබ් එක ලැබුනා ජැක් එකක් තිබුන නිසා. කන්තොරුවට ආවා. හරියට තෙමිච්ච මීයෙක් වගේ. ආහම මේං ඉන්නවා නිරූ..නිරූ ටිකක් මැද වයස අසබඩ ඉන්න සුන්දර කොටලු දේනුවක් වගේ සුන්දරයි. ඉතිං මෙයා කියනවා. තේ කොල සුට්ටයි චමිල් දාන් ඕනි හොදෙයි..

සර්ටනං සීනි අඩුවෙං..ඩයබිටිස් නේ...මට සීනි තිබුනට කමක් නෑ...ඔයාට ඕනි විදියට සීනි දාගන්න..දාල මේන් මේම පෙගුනු තේකොල වතුර ටික දාන්න හොඳෙයි..ළමයෙක් උනාම මේව දැනෙගෙන ඉන් එපාය..

කැම්පස් හොස්ටල් ඉද්දිත් ඉන් පෙර ගෙදර ඉද්දිත් මා තේ හදා තිබුනි. නමුත් තේ හදන්න දන්නවාදැයි ඇසුවිට මා ඤැක් කීවේ හැමදා තේ හදන්ට වේය යන බියෙනි. නමුත් එය එසේම විය. ලොක්කා හවස නිරූ ගිය පසු පොඩ්ඩක් ඉන්න චමිල් යයි කියා..

මෙත තේ හදන එක බාල වැඩක් නෙමෙයි. දියුනු රටවල මෙහෙම නෑ. ඒත් ඕක එච්චර ගනන් ගන් දෙයක් නෑ.

අවුල් නං කියන්න. මටත් ේත එක හදාගන්න එක අවුලක් නෑ. ඒත් චමිල්ගෙ කැටගරි එක ඔය ජොබ් එක කරනවා මේ කම්පැනියෙ. මං දන්න කාලෙ ඉදලා පියන්ලා එහෙම.

සර් එහෙම කිව්වා. අනේ අතින් පයිං යනවෑ..මං තේ හැදුවා..


ලස්සනට ඇඳල...යටකරල.. අද මං ආවෙ ලොකු ලියුං කවරෙක උපාදි සහතිකේ දාගෙන. අදනං කියනවම තමයි සර්ට..

මං උපාදි කාරයෙක් කියලා. මේ ලගදි සර් කියලා තිබුනා...අලුත් කන්තෝරුවට ආවට පස්සෙ මහ වැරදි කතාවක්..

එයාට අලුතින් ජොබකට යන්න ලැබුනොත් යන්ෙන පියං කමකටලු...මෙලෝ වටින වැඩක් ලැබෙන් නැති නිසා වෙන් ඇති..
මට තිබුන කලිං කන්තෝරුවෙ තිබුන එකම බාරදූර රාජකාරිය තේ හැදීම...
.ඒත් අලුත් ඔපිස් එකේ ඒකත් නෑ...කම්මැලියි. දැං පත්තරේ ටිකක් කියවල ඈනුං දෙක තුනක් ඇරියට පස්සෙත් පැය තුනක් ගෙවිලත් නෑ..එපාවෙලා..

පඩිය ලැෙබන ඩිංගත් මදි නෑ වගේ..ඒත් වැඩ නෑනෙ...මේ පඩි ඇති..කියලත් හිතෙනවා.

වෙලාව බැලුවා. දැං හරි...
හිමීට කිට්ටු උනා ලොකු ලියුං කවරෙ අරං...බොසා ලඟට...

ම්ම් මොකද්ද?
බොසා සැර කලා..මං බය මූනක් දාගත්තා..ඉන්ටවු වලදි බයවෙන් ඕනි..නැත්තං අතිපන්ඩිතයි කියලා කැපිල්ල..
නෑ සර් සහතිකයක්...

කෝ...කියල මං දික්කරං හිටපු ලියුං කවරෙ කඩල බැලුවා...

චමිල් වනිගසේකර...තමුසෙ නේද?
තමුසෙ උපාදි සහතිකයක් අච්චු ගැහුවද?

නෑ සර් මං උපාධි කාරයෙක්..

අස්වෙනවද? ලොක්කා ඇහුවා..

මෙච්චර කල් හරිනොගිහිපු ජොබ් අස්වුනාම හරියයිද.? නෑනෙ..
නෑ සර් මට වැඩක් මොකක් හරි..මට කොම්පියුටර් පුලුවං..ඉංගිරිසිත් පුලුවං..

එතකොට චමිල් කරපු වැඩේ?

ඒවත් කරන්නං සර්...
තව සුට්ටක් විස්තර දැනගන්න තවත් ආතල් ගන්න කියෙව්වෙ නැති අය  කවර දාපු සහතිකේ..01 කියවලා එන්න....

20 comments:

  1. ඇයි අප්පා දෙකම එක පාරට දැම්මේ...අපරාදේ...

    ReplyDelete
  2. මට නං මෙහෙම අදහස් එන්න දෙකක් දාගන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. මට නං දොලහක් විතර දාගන්න ඕන

      Delete
    2. මේක මරු. මටනං දොලහක් දැම්මත් මේවා එන්නෑ.

      Delete
    3. මටනම් මලාට බෑ

      සුපිරි

      Delete
    4. අමිලයාගෙ කතා නියමයි....
      මේවා අනායාසයෙන් ලියවෙන දේවල්....

      Delete
  3. ඔබගේ හැකියාව අගය කරමි ,
    ඔබට ජයෙන් ජය අමිල

    ReplyDelete
  4. ගම කනවා...දැං වැඩ දෙකම කරන්න වෙනවා....එළට ලියලා.....

    ReplyDelete
  5. අළුත් විදිහක දැක්මක්......!

    ReplyDelete
  6. සුපිරි..
    අමිල අයියා හැමදාම ලියන්නේ අමුතු අමුතු කතානේ :))

    ReplyDelete
  7. ඒ කියන්නේ ඩබල් ප්‍රමෝෂන් ....
    කතාව සුපිරි බන් ...

    ReplyDelete
  8. එල.. ලෙසටම ලියල තියෙනවා..
    ජය!!!

    ReplyDelete
  9. ඇත්තටම දුක හිතෙනවා.

    ReplyDelete
  10. ලොක්කෝ ඔක්කෝම එකයි... කියවන්න නං දන්නව වැඩේ කරගන්න මුරැංගා අත්තේ තියලා.... හැබැයි උපාඩි සහතිකේ ගෙදර තියලා පියන් වැඩක් කරන්න මාර ගටක් තියෙන්න ඕනේ... ඒක මේ කතාවේ හොදට පේනවා....

    ඇත්ත කිව්වොත් මේ වගේ කොල්ලෙක් මං ඇත්තටම දැනං හිටියා.. අවාසනාවකට එයාගේ අවසානය ගොඩක් දුක් සහිත එකක් උනා... මෙයාට එහෙම නොවේවා කියලා පතනව.....

    ජය ‌වේවා.......

    ReplyDelete
  11. සුපිරියි මචන්,
    උපාධි ගත්ත අය කී දෙනෙක් නම් ජුකී මැෂින් එක්ක ඔට්ටු වෙනවද,
    දුක හිතෙනවා දැක්කම

    ReplyDelete
  12. සුපිරි කතාවක්නේ බං............

    ReplyDelete