ටෙලිකොම් ආයතනය විසින් අලුත් පැකේජයක් හඳුන්වා දෙන ලදී. එහි නම අභිමාන වේ. ගිගාබයිට් දෙකක ප්‍රමාණයක් සඳහා රුපියල් තුන්සිය අනූවක ගාස්තුවක් යටතේ රාජ්‍යය සේවකයින්ට එය පිරිනමයි. එහෙත් වෙළඳපොලේ පවතින මිල ගනන් ඊට වඩා අඩුය. හච් සමාගමෙනුත් එටිසලාට් සමාගම මගිනුත් එයාටෙල් වලිනුත් නිල නොවන මට්ටමින් කරන විශේෂ පැකේජවලදී මීට වඩා දත්ත ප්‍රමාණයක් ලැබේ. එටිසලාට් සමාගම මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගිගාබයිට් 10ක් රුපිය්ල දාහකටද, හච් මගින් ගිගාබයිට් 5ක් රුපියල් 500ටද, එයාටෙල් මගින් ගිගාබයිට් 10ක් රුපියල් 700කට මාසික ගාස්තුවකට ඇති කනෙක්ෂන් පාවිච්චි කරන අයවලුන් මේ රටේ කොතෙකුත් වෙති.(මේ පැකේජ නිලනොවන මට්ටමින් සහ විශේෂ අවස්ථා සඳහා පමණක් ජංගම දුරකථ සමාගම් විසින් ලබාදෙන්නේද අප රටේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇති රෙගුලාසි අනුවය. ඒ අනුව අඩුමිලට අන්තර්ජාලය ලබාදීම ඒ සමාගම් කරන වරදක් වෙයි.)
අන්තර්ජාලය ගැන කිසිත් නොදන්නා හද්දා ඩොටේ අයෙකු මේ අන්තර්ජාල සබඳතාවය ගත්තත් නොබෝ දිනකින් අන්තර්ජාලයම පිරික්සන විට ඔහුට මීට වඩා ලාබදායී පුලුල් පරාස සබඳතා සොයාගත හැකි වෙනු ඇත. එවිට මේ හරහා සබඳතා ගන්නා අයද නොබෝ කලකින්ම හැලී වෙනත් ලාබදායී මාධ්‍ය කරා යොමු වනු ඇත.
එවන් ගිගාබයිට් 5 10 වැනි විසල් ජංගම පැකේජ අඩුමිලට භාවිත කරන රටකට ගිගාබයිට්ටු දෙකක් රුපියල් තුන්සිය අනූවකට දීම කිනම් අභිමානයක්ද? කිනම් වූ ආශ්චර්යයක්ද?
මේ ළඟක සිට පුරාණ අසීමිත සබඳතා සීමිත කොරගෙන යන බවට නොයෙක් දෙසින් ටෙලිකොම් සමාගමට චෝදනා එල්ල වේ. එහෙත් ඒ කිසිවෙකට ටෙලිකොම් ආයතනය සැලෙන්නේ නැත. මෙතෙක් කල් රැකගෙන ආ යම් නමක් වෙයි නම් එය කැඩී සුනුවී යන අයුරින් අන්තර්ජාලය පුරා ටෙලිකොම් ආයතනයට බැන අඩගසා ඇති තැන් ඇතිමුත් තවමත් ටෙලිකොම් ආයතනය නිහඩය. කිසියම් තාක්ෂණික ගැටලු නිසා අසීමිත සබඳතා දිය නොහැකි නම් එය නිරහංකාරව පිලිගෙන යම් පිලිගත් රාමුවකට යටත් කොට ඔවුන් සනහාලීම වගකිව යුතු ආයතනයක රාජකාරිය විය යුතුය. නමුත් නොවන්නේද එයය. රජයේ කොටස් සියයට පනහක් ඇතත්මේ කිසිවකට රජය නම් මැදිහත් වෙන ආකාරයක්ද නැත.
විවිධාකාරයේ ගැටලු ගැන දසතින් ඇසෙන විට පත්තර පිරෙන්නට ටීවී රේඩියෝ චැනල් බලන්නට නොහැකි තරමට ටෙලිකොම් ඇඩ් දැම්මාට වැඩක් නැත. මිනිසුන් අතර ටෙලිකොම් ගැන ඇති අචල විශ්වාසය මේ නාටක හරා බිඳවැටීම සිදුවේ.
ටෙලිකොම් මගින් සාමාන්‍ය භාවිත අන්තර්ජාල සබඳතාවයට රුපියල් එක්දාස් පන්සීයක පමණ මාසික ගාස්තුවකුත්, ඒ අන්තර්ජාල සබඳතාවය ලබාගන්නට අවැසි ටෙලිපොන් එකකුත් පාවිච්චි කලත් නොකලත් ඒ ටෙලිපෝන් එකට බිලකුත් ටෙලිකෝම මගින් එවයි. ඒ අනුව සම්පූර්ණ බිල රුපියල් දෙදාහකට ආසන්න වෙයි. මා දිනක් විසාල ප්‍රදර්ශනයක සිටි ටෙලිකොම් මාකටින් පුද්ගලයෙකුගෙන් මට ඔය ටෙලිපෝන් එක නැතුව ඉන්ටනෙට් විතරක් ගන්න බැරිදැයි ඇසූ විට ඔහු මට සමච්චලයට සිනා සී "සර් නෙට් එන්නෙත් ටෙලිපෝන වයර් එකෙන් ඒ නිසා ටෙලිපෝං ගන්න නැතුව ඉන්ටනෙට් දෙන්න බෑ "යැයි කීය. අහෝ ඒ පුද්ගලයාගේ දැනුමේ ඇති පුලුල් පරාසයත් මාකටිං ගැන වූ පුලුල් පරාසයත් දැක මා අමන්දානන්දයට පත්වීමෙන් සිට ආවෙමි..
ටෙලිකොම් සමාගමේ කොටසක් රජයට අයිතිය ඇත. එහෙත් සාමාන්‍ය රුපියල් පන්සීයට නෙට් යන්නට බලා සිටින දුප්පත් දරුවන්, වෘත්තිකයින් සඳහා ටෙලිකොම් ලබාදෙන්නේ ගිගාබයිට්ටු දෙකක් පමණි. රාජ්‍ය වගකීම වන්නේ මුදල් ඇති අයට පමණක් වැඩියෙං බෙදීමදෝයි මට එවන් විටෙක සිතේ. අන්තර්ජාල ගැන,තොරතුරු තාක්ෂණය ගැන කෙතරම් වැල් බයිලා කිව්වත් ඒවා ප්‍රායෝගික වන්නට අඩු තරමේ මසකට ගිගාබයිට් පහ හයක වත් සබඳතාවක් සාමාන්‍ය ජනයාට අවැසිය. ලෝක තත්වය සීග්‍රයෙන් වෙනස් වෙයි. කොටින්ම මෙතෙක් කල් පීඩී එෆ් හෝ වෙනත් මුද්‍රිත ආකාරයෙන් තිබුනු අධ්‍යාපනික දත්ත මේ වන විට වීඩියෝ පාඩම් මාලා දක්වා පැතිරී ඇත. යූටියිබු වීඪියෝවක් අඩුම තත්වය යටතේ පැයක් බැලුවත් ගිගාබයිටටුවක් විතර දත්ත ඒ සඳහා වැය වෙයි. නමුත් එවන් සාධනීය දේ ගැන අප රජය වත් වගකිව යුතු ආයතන වත් සිතන්නේ හෝ සිතන පාටක් හෝ පෙනෙන්නේ නැත.
පසුගිය දිනෙක මා මිතුරියක් ටෙලිකොම් ට්‍රේනින් ගියාය. ඇය එහිදී අායතනික රාමුව ගැන රිපෝට්ටුවක්ද හැදුවාය.. එහිදී ටෙලිකොම් ආයතනයේ ඇති නිලයන් ගැන වන ඕගනයිසේසන් ස්ට්‍රක්චරය මට දැකගන්නට ලැබුනි. .එහි ප්‍රධාන විධායක නිලධාරීට පහලින් ප්‍රධාන නිළධාරින් 12 දෙනෙකි, සාමාන්‍යාධිකාරීවරුන් 48කි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් 252කි. ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරු හෙවත් චීෆ් ඉන්ජිනියර්ස් යන තනතුර ඇත්තේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරටත් පහලින්ය. මෙය කෙතරම් පැතිරී ඇත්දැයි සරලව කීවොත් ටෙලිකොම් ඕගනයිසේසන් ස්ට්‍රක්චරය දැක්වෙන චිත්‍රය වෙනත් ආයතන වල මෙන් ත්‍රිකෝණාකාර පහලට සේවකයින් වැඩි වෙන එකක් නොවේ. එහි ඉහල සිටින තනතුරු සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩිය. මා සිතන්නේ ලොව විසල් සමාගම් වන ගූගල මයික්‍රොසොෆ්ටු ආදී ආයතන වල පවා මෙතරම් විසල් ඉහල ස්ථරයක් නැතුවා වන්නට ඇත..
ඒ මිතුරිය පැවසූ පරිදි පහල සේවකයින් දන්නා පරිදි එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ප්‍රවාහන දීමනාව පමණක් රුපියල් ලක්ෂයක් පමණ අගයක් ගන්නවාලු. රුපියල් කීයක් මේ මා ඉහතින් සඳහන් කරන ලද නිලයන් වල ප්‍රවාහනය සඳහා වැයවනවාදැයි ගණනය කිරීම බලන අයට බාර කරමි..