Thursday, November 21, 2013

ලියවැල් දෙක ගස ඔතාගනීද

මූද අයිනෙ ඉන්නව නාකි මිනිහෙක් ..හැමදාම මූදු හුළඟ වදින මායිමේ ඉන්නෙ. මිනිහා හැමදාම දකිනවා මුහුදෙ නාන විදේශිකයො. පෙම් කරන ජෝඩු.. ළමයි හැමෝම ඇවිත් මුහුදෙ නානවා. ගෙවල් වල බල්ලො පවා වෙරළට එක්කරං ඇවිත් සෙල්ලම් කරනවා. මේ මනුස්සයාට තිබුනෙ මුහුද ගැන බයක්ද? නැත්තං සබකෝලයක්ද? මුහුද අයිනෙ ඉඳන් හැමදාම මුහුද දිහා බලං හිටියට මේ මනුස්සයට රැල්ල පාගන්නවත් කිසිම උනන්දුවක් තිබුනෙ නැහැ. අනික බලෙන් මුහුදට උස්සං යන්න තරං යාලුවන්ට නෑයින්ට උවමනාවක් තිබුනෙත් නැහැ. හැමෝම හිතුවෙ මිනිහ ඔය මුහුද අයිනට වෙලා හුලං වදිනකං ඉන්න වෙලේ කවුරුත් නැති කාරුත් නොදකින වෙලාවට හරි මුහුදු වතුර ටිකක් නානව ඇති කියලා.

මූදෙ නාල එන අය මූදට යන අය එක්ක ගොඩක් සම්බන්ධකම් මේ නාකියට තිබුනා. නමුත් මිනිහා මුහුදු වතුරට බයයි කියලවත් මුහුදු රැල්ල පාගල නැහැ කියලවත් කාටවත් කිවුවෙ නැහැ. මුහුදු රැලි ගැන කතාකරනකොට මිනිහත් පැනලා තමුන්ට හැකි පමණින් අදහසක් දානවා. ඉතිං කස්ටිය හිතුවා මිනිහා පේන්නෙ නැති වුනාට ඉස්සර හරි රැල්ල පාගන්න ඇති කියලා. රැල්ල මිනිහට අපිට තරං ආතල් නැතුව ඇති. කියලත් කස්ටිය හිතුවා. නාකියා ඇත්තටම මුහුදට ආසයි. රැලිවලට පෙරලිලා නාන්න හරි ආසයි. ඒත් ඒ හැම එකටම වඩා ඉදිරියට අඩියක් තියලා රැල්ල ලගට යන්න මහ පුදුමාකාර බයක් නාකි හිත ඇතුලෙ ගල්වෙලා කොන්ක්‍රීට් වෙලා තියෙනවා.

මටත් ප්‍රේමය කියන සංසිද්ධියම අර නාකිය දකින මුහුද වගේ..නහය ළඟින් කට ගාවින් ඇදුනත් ප්‍රේම කරන අය දස අතින් දැක්කත්, ප්‍රේමය ගැන තියෙන කවි කතා නාට්ටි සිනමා පටි සිය ගනන් බැලුවත් මට ප්‍රේමය කියන්නෙ ආගන්තුක දෙයක්. හරියට අර මිනිහ මූද ගාවට වෙලා නාන අය දිහා බලං හිනාවෙවි කමෙන්ට් කර කර හිටියට මිනිහා කවදාවත් රැල්ල පාගල නැහැ වගේ. මුහුදු වතුර ටිකක් කකුලට වැටුනම ඇග වටේ යනකොට කොච්චර සීතල ඇත්ද. ඒ වගේම රාගී දෑසින් මගෙ ඇස් කෙවනි ඇතුල බලන යුවතියක් මාව වෙලාගෙන “ මං ඔයා හිතනවාටත් වඩා ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ “ කියනකොට මොන තරම් සනීපයක් ඒ පෙම්වතුන්ට දැනෙනව ඇතිද? සිනමා පටියක් ඇතුලෙ නවකතාවක සාරුක් කෙනෙක් දම්මි සුගත් කෙනෙක්ට ආශක්ත වෙලා ඒ විඳීම විඳිනවට වඩා සිරාවටම ඒ ආලය දැනෙන කොට කොයි තරම් අමුතු හැඟීමක් දැනෙනව ඇත්ද? අනේ අදත් බැහැ අදත් හරිම හීතල දවසක්.බාගෙදා මුහුදු වතුරත් හීතල ඇති. මගේ නාකි හිත හැමදාම මගේ ළඟින් ඇදෙන කෙල්ලො දිහා බලලා හීල්ලුවා.

ඉස්සර ඩබල් කෙහෙල් ගෙඩි කනකොට අපේ නෑනලාට නංගිලාට හෙම අම්මල වැඩිහිටියො ඩබල් කන්න දෙන් නැහැ. මොකද ගෑල්ලමයි ඩබල් කෙහෙල් කෑවම ඩබල් බබාල ලැබේවිය කියලා වෙන්න ඇති. බාගෙදා මිනිස්සු දෙන්නෙක් කසාද බැදගන්න ලැබෙයි කියන බයටත් වෙන්න ඇති. උන්ට කන්න නොදුන්න ඩබල් කෙහෙල් මං පැනල කෑවා. කෑවට මොකද දැන් තමයි රගේ තේරෙන්නෙ. මේ මා සම්බන්ධව එන ප්‍රේම සිද්ධි දාමයේ එන තවත් එක ඩබලක් විතරයි. ඇයි ඒ ඩබල්ම එන්නෙ. ඩබල් කියන්නෙ කෙල්ලො දෙන්නෙක් එකතුවෙල අර ටිබල් වල වගේ අපිව කන්න හදනවාට නෙමෙයි. එකම කාලෙකදි ආදරය කරන්න කෙල්ලො දෙන්නෙක්වම සෙට් වෙන එක තමයි මට අනුව ඩබල්. මේවා ආදරද? අනේ මන්දා. ඌට උගේ නොවන උගේම ආදරයක් නැති නිසා කොට්ටෝරුව වගේ හැම එකටම අනින්නයි බලං ඉන්නෙ. බාහිර නිරීක්ෂකයො හෙම කියනවාත් ඇති.

අක්කා නංගී, යාලුවො දෙන්නෙක්, නෑදෑවියක් සහ යාලුවෙක්, මිස්ලා දෙන්නෙක්, ආදි වශයෙන් මට කරුණාව දක්වපු ඩබල් ගොඩායි. ඒ අතරින් ඔය ඩබල් හේතුව නිසාම නැතිවෙලා ගිය කතා තුන හතරක්ම තියේ. සමාර අය පුදුම අකමැතියි එහෙම ආදරේ හඳුන්කූරු විකුනන්ට වගේ හැමෝටම බෙදන අයියලට. එයාල වංචාකාරයො. ඒත් වංචාකාරයින්ගෙන් නියම වංචාකාරයා කියලා අදුනගන්න ලැබෙන්නෙ වංචාව හරියට කොරාගන්න දන්නෙ නැති මං වගේ උන්. හරියට කොරන උන් හරියට දක්ෂ ඩෙංගු මදුරුවො වගේ..ඇන්නා වෛරසේ දුන්නා පැන්නා.

අචලා සහ ගයනි කියන්නෙ දෙන්නෙක්.කාල දෙකක මං සම්බන්ධ වෙලා ඉන්න කන්තෝරුවකට වැඩට ආපු ට්‍රේනින් කෙල්ලො දෙන්නෙක්. දෙන්නම නිලියො නෙමෙයි. ඒත් ගමේ කෙල්ලො තරම්ම කුලෑටිත් නැහැ. සිංහලෙන් කිව්වොත් සංවර්ධනය කලොත් හොඳ ගනන් වලට විකුනත හැකි ඉඩං කෑලි දෙකක් වගේ. වැඩිය මේක් අප් දාන්න විච්චූරන කරන්න උන්ට සල්ලි නැහැ. ඉගෙනගන්න සහ වෙනත් වැඩවලට ලොකු ගනන් වලිං වියදං වෙන නිසා සහ අවුරුදු විසිගනන් වල යැපෙන්නන් වන නිසා ඔවුන්ගේ අතමිට සරු නැහැ. ඔවුන් අයිති මධ්‍යම පන්තියට නිසා ඔවුන්ට ලොකුවට සල්ලි විසික් කරන්න හැකියාවකුත් නැහැ. ඈතින් දැක්කත් කෙල්ලො කියන්න පුලුවන් මට්ටමේ ගැහැනු ලලනා ලක්ෂන දෙන්නාටම තිබුනා. සිංහබාහු එකේ සිංහයා විස්තර කරනවා වගේ නිය මේමයි, දත් මේමයි, ලොං මේමයි,කේසර මේමයි. කියලා මට විස්තර කරන්න බැහැ. කොහොම වුනත් දෙන්න කෙල්ලො දෙන්නෙක් විදියට ටිකක් ලස්සන තියන ආඩම්බර නැති කෙල්ලො දෙන්නෙක්. දෙන්නම එකම ජාතියෙ විශයකට ට්‍රේනින් ආපු දෙන්නෙක්.

කලිං ආපු අචලා සහ ගයනි අතර ගතිගුන වෙනසක් නම් එහෙමටමලොකුවට නැහැ. හැබැයි ගයනි වයසින් අවුරුදු හතරක් විතර අචලාට වඩා අඩුයි. ඒ නිසාමද මන්දා ගයනි පොඩි දේටත් මහ ලොකුවට කලබල වෙනවා. දවසක් පොඩි විහිලුවක් දුරදිග ගිහින් ඉස්ටෙපල් පින්ස් ගහන මැසිම අරගෙන මට ගහන්නත් ගියා. ගැහුවෙ නැහැ. මොකද එයාට ක්ෂනයකින් මේක කන්තෝරුවක් කියලා මතක් වුනා. අචලා ලොකු වේදනාවක් කරේ තියාගත්ත ගෑනියෙක්. අචලාගේ තියෙන සුන්දර කෙලිලොල් ගතියට හරියන්න මිනිහ සෙට් වුන් නැහැ. ඒකිගෙ කොල්ල මහ වාතයක්. පොඩි මැසේජ් එකක් ලීක් වුනත් පොරට සැකයි කෙල්ල ගැන. පවු කෙල්ල. ඒ නිසාම අචලා මාව හමුවෙන හැමවතාවෙම ගොඩක් හිනාවෙලා ඉන්න බලනවා. ගොඩක් වෙලාවට ඒ පෙම්වතා ඩයල් එක අනුවම පුරෝහිතයෙක් වගේ හැමතිස්සෙම කෙල්ලට උපදෙස් දෙන මොඩල් එකේ පෙම්වතෙක් වෙන්න ඇති.

ගයනිගේ එකා මොන වගේද කියල දන් නැහැ. ඒත් එකෙක් ඉන්නවා. ගයනිලාගේ යුගය අදට අයිති එක මේ දෙන්නම චූ කරන්න යන ඒවා පවා මැසේජ් වලිං කොල්ලන්ට කියන ඩයල් දෙකක්. ටේනින් ආපු මුල් දවස් වල හැමදේම වෙන්ඩ සැමියාට කියනවා. පස්සෙ ඒක ටික ටික අඩුවුනා.

අචලා හිටපු මාස හය ගෙවිල ගියාට මොකද එයාට ඩිග්රිය ඉවර වෙලා පොඩි කන්ට්‍රැක් පිරියඩ් එකකට ආයි අපෙ කොම්පැනියෙම වෙන තැනකට එන්න ලැබුනා. එහෙම අචලා අපේ සෙක්සන් එකෙනුත් ගිහින් මාස ගානක් ගියාට පස්සෙයි ගයනි ආවෙ. ගයනි අචලා ගැන දැනගෙන හිටියා. ඒ වෙනකොට අපේ ඔපිස් වල ඉන්න අල ගෝනි වගේ බඩවල්, අලි සයිස් කෙහෙල් කොට වගේ කකුල් වතුර පුරෝපු සොපින් බෑග් වගේ එල්ලෙන තන් සහිත නාකි වෙමින් පවතින ගෑනු ටික ගයනිට කේලම් කියල තිබුනා මං ගැන. ඒ වගේ සෙම පිරුන මස් ගොඩවල් වලට ලයින් දානවට වඩා හොඳයි හැන්දෑවට පාන් බේකරියක පිටි අනන්න යනවා.

අවුට් ඔෆ් ෂේප් ඇඟ කෑල්ල අමාරුවෙන් කලිසම ඇතුලට දාගෙන ඒකට බැරල් බාගයක් වගේ හරියට රවුං වෙච්චි බ්ලවුස් එකක් ගහගෙන එන මේ ගෑනු හිතන්නෙ බඩු කියලා. ඇත්තටම අපේ කොම්පැනියේ මේ නාකි වෙමින් පවතින බැරල් වලට වාහන ඕඩර් කරනකොට තවදුරටත් වාහන වලට වායු බැලුන් අවශ්‍ය නැහැ. මොකද ඒ කර්තව්‍ය පිනිසම නිමවුනු විසල් බඩක් ඒ බොහෝ දෙනාට උරුම වෙලා තිබෙනවා. ස්ත්‍රියකගේ ඉදිරිපස ශරීරයේ ඇති වටකුරු පියරුරු වල දසුනින් පුරුෂයින් කුලප්පු වන ගතියක් තිබෙනවා. ඒ නිසාමදෝ මන්දා මේ නාකි ගෑනු ටික වටකුරු විශාල බඩක් බොහෝ විට හොඳට නඩත්තු කරනවා.

 අපේ ඔෆීෂියල් වැඩක් කරගන්න පොඩි පොතක් දානවා හැර..   උන් දිහා බලලා මනසට වින්දනයක් ගන්නෙ කෝමද ? බැහැ නෙව ඒක කොරන්න. ඒනිසාමද මන්දා ට්‍රේනින් එන පුංචි කෙල්ලන්ට පතිවත රැකගන්නා සැටි ගැන මුං ලෙසන් දෙනවා ආපු දවස්වලම. ඒ මදිවට බයකරනවා. ඒ අයියා මාර ගතී, ඉඩ දුන්නොත් ඇන පනිතී කියලා නරක කතා කියනවා. ඉතිං කෙල්ලො සේප් කරගන්න අපිට තව ලොකු බලයක් යොදන්න වෙනවා ඔය තත්වය මත.

කෝමහරි ගයනි ෂේප් වුනා පලවෙනි දෙවනි දවසෙම. මීට කාලෙකට පෙර අචලා සෙට් වුනා වගේම. වැඩි දෙයක් නැහැ.අපි කන්තෝරුවෙ වැඩ නැති වෙලාවට කතා කරමින් ඉන්නවා. කඩවලට තේ වතුර බොන්න යනවා. එක එක දේවල් ගැන කතාකරනවා. හිනාවෙනවා. මේ අතර අපේ අචලා ඉන්නෙ වෙන තැනක. ඉදලා හිටලා මගකදි හමුවෙනවා ඇර අචලා මට මුනු ගැහුනේ හෙන අඩුවෙන් පහුගිය කාලෙ. ඒත් අලුත් ළමයෙක් මෙතන්ට අාව දවස්වලම වගේ මට කෝල් එකක් ආවා. වෙනත් විස්තර ගානක් කතා කරලා කෝමද අලුත් කෙනා කියලත් ඇහුවා.

අචලා පෝන් එකක් ගත්තා. එයා සෙටිං ගැන දන්නැහැ. මං ඒවා හදලා දුන්නා. අචලාට සිංදු ඕනි වෙලා තිබුනා. මං මං ගාව තිබුන හත් පරන පෝල්ඩර් ටික ගිහින් දුන්නා. ඒකටත් ගොඩක් තෑන්ක්ස් කලා. තව අචලට ඕනි වෙලා නත්තලට නෑයින්ට ඇදුන් ගන්න මා්ත එක්ක කඩවල් ගානෙ පැය දෙකක් විතර රස්තියාදු වුනා වෙනදට එන යාලුවත් නැතිවම. මේ හැම දෙයක්ම සති දෙක තුනකට වුන දේවල්. අචලා මොකක් හෝ කරුණක් නිසා හෝ ඉතාම අහම්බෙන් හෝ ආයෙත් මාත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් හැමදාම හවස හෝ උදේ තේ බොන්න යන්නෙ අචලා එක්ක. ඒ වගේම අනිවාර්යෙන් කෝල් එකකුත් එනවා.

ඔය අතර ගයනි මේ හැමදේම දන්නෙ නැතත් යම් යම් දේ දන්නවා.දවසක් ගයනි එක්ක කතා කර කර ඉන්නකොට සින්දු තියෙන චිප් එක අරං එන්න පුලුවන්ද කියලා අචලා කතා කරලා ඇහුවා. එදා ඉදලා ගයනිටත් සිංදු අහන්න ඕනි . ඒ මදිවට එයාටත් චිප් එකම ඕනි. කලිං හිටිය අචලගේ ටේනිං රිපොට් එකෙන් බාගයක්ම මගේ. කාලයක් ගයනි කිය කිය හිටියෙ ඒකටම පොඩ්ඩක් වෙනස් කරල අලුත් එක ගහනවා කියලා. ඒත් ලගදි කියනවා. මං අලුත්ම එකක් හදන්න යන්නෙ. ඔයා මට සපෝට් කරන්න ඕනි කියලා. ඇයි දෙයියනේ මැසින් එකේ බබා වගේ සොෆ්ට් එකක් තියෙද්දි අලුත්ම එකක් හදන්න යන්නෙ.

ඔය අතර ගයනිටත් කොහේද නැති තේ වතුර බොන්න යන අමාරුව වැඩි වෙනවා. කන්තෝරුවෙ වැඩ අඩු නිසා ඉතිං ඔය ඩබලක් එක්කම තේ බොන්න යත හැකි. ඒත් සමාර දවසට තේ වතුර තුනක් බොන්න වෙන වෙලාවල් තියෙනවා. තැන් තැන්වල ගිහින් තේ බීල ඇවිත් කන්තෝරුවෙ තේ එක එපා කිව්වොත් ටික දවසක් යනෙකොට මූ එලියෙන්ම බොයි.. මූට තේ ඕනි නැහැ කියල මාක් කරාවි. ඒ නිසා ඒකත් බොනවා. .

අචලා ඉන්න තැන ටිකක් වෙලාවට තමයි වැඩ. ඒක හොදට ගියා. මොකද අචලා එන්නෙ එකම වෙලාවකට. ගයනි ඉන්නෙ අපේම වෙනත් ලොකේෂන් එකක නිසා එතන කොයි වෙලාවත් එකයි. අපි හිතං ඉන්න ලෝකෙ මේ ට්‍රේනර්ස්ල නැහැ. වර්ඩ් වල දෙයක් කරන්න කිව්වාමත් ටූල් එක හොයාගන්න බැරිව සමාරවිට එලෝ මෙලෝ නැතිව ඉන්නවා. ඒ වගේ වෙලාවට මට මවුස් එකෙන් අල්ලලා කී බෝඩ් එක ඔබලා කියල දෙන්න වෙනවා. දැන් තේරුනාද කියල මූන හරවනකොට කෙල්ල ඇස් දෙක දිහා බලනවා. සමහර වෙලාවට ගයනි හරිම මුරන්ඩුයි. ඇස් ඉවතට ගන්නෙම නැහැ. එතකොට මම පරාද වෙනවා. අචලා නම් ඉස්සර පොඩ්ඩක් එහෙම වුනත් ඇස් දෙක අයින් කරගන ආයිත් හොරාට හොර බැල්ම දාගෙන ඉන්නවා.

මෙහෙම වෙන්නෙ අර ඛාන් වගේ මම ලස්සන නිසා නම් නෙමෙයි. අපේ කොම්පැනියෙ ඉන්න තරමක් ඉන්නෙ නාකි. ටිකක් හරි වයසක තරුණයො හරි ඉන්නෙ අපි තමයි. ට්‍රේණින් නංගිලාට කතා කරන්න හිනාවෙන්න ගනුදෙනු කරන්න පිරිය සෙට් එකක් විදියට ඉන්නෙ අපි තුන හතර දෙනෙක් විතරයි. එතනිනුත් මාව ටිකක් අල්ලලා යනවා. මොකද මට දැන් මෙතන වෙන ඕනි දෙයක් සරලව කියල දෙන්න පුලුවන් මගේ එක්ස්පීරියන්ස් එක වැඩි නිසා.

මේ ප්‍රේම හුටපටය ඇතුලෙ තියෙන්නෙ බහු අස්‍ර ගොඩක්. මේවා සම කෝනී ත්‍රිෙකා්ණ කියල ගන්න බැහැ. ගයනිටත් අචලාටත් එයාලගේ ඔරිජිනල් කනෙක්ෂන් එකට වඩා මේ අලුත් හොර වයි ෆයි එකේ පොඩි ආතල් එකක් දැනෙනවා. ඒකත් වැඩිවෙලා තියෙන්නෙ තරඟකාරියො දෙන්නෙක් ඉන්න නිසා. කෝමහරි මූද අයිනට වෙලා කවදාවත් වැල්ල පාගපු නැති මට ඈතින් කුණාටුවක් පේනවා. සමහර විට දැන් සතියකට ඉස්සෙල්ල පිලිපීනෙ මූද අයිනෙ හිටපු නාපු නැති අය, 2004 සුනාමිය වෙලේ මහුදු අයිනෙ හිටපු මූදට පයක් නොගහපු අයට වගේ මටත් මේ අයහපත් කාලගුණය නිසා මූදු වතුර පාගන්න චාන්ස් එකක් ලැබේවි.  පීන පීන කිමිදෙන්න බැරි වුනත් මේ කුණාටුව මට නම් හරිම සනීපයි. වෙනදා මොබිටෙල් කෑල්ල විතරක් මැසේජ් එවන පෝන් එකට දැන් දෙන්නෙක් එකම වෙලාවට මැසේජ් එවනවා.

මාලු නැති මාලු පාන් එක දිහා බලං ඔහෙ ්කිඹුල කිරිමැටි ගිලින්නැහේ ගිලපු මාලු පාන් එක කනකොට හිනාවෙවි බොරු පලන්න සහ බොරු අහන්න කෙනෙක් ඉන්නවා. සීතල යුද්දෙකට මැදි වෙලා මොකක් කොරන්නද කියල හිතන්න දෙයක් තියෙනවා. ඒ වගේම ව්‍යංගාර්තයෙන් කියන ඇනුම් පද සංඥා නාම තේරුං ගන්න මට කල්පනා කරන්න සිද්ද වෙලා තිබෙනවා. ගෑවි නොගෑවි කඩ ගානෙ රස්තියාදු වෙවී අනුන්ගෙ වුවත් තමුන්ගේ කෑල්ල වගේ ලෝකෙට පෙන්වන්න කෑලි දැන් මට ඉන්නවා. කොටින්ම සමාර යාලුවොත් දැන් මට හෙන ඉරිසියයි.

කැන්ටිමෙ වෙනද වැඩියෙන් කෑම බෙදන ආන්ටිලත් මං එක්ක දැන් වැඩිය හොද නැහැ. දෙන්නෙක් එක්ක වෙලාවල් දෙකකදි කැන්ටින් එන නිසා වෙන්න ඇති. තැන් තැන්වල හමු වුනාම කොල්ලොත් ආක මේක කියනවා. “මේ අපේ සෙක්සන් එකෙත් ටේනිං නංගිල ඉන්නව අපිත් එක්ක එක දවසක් එන්න තියා බලන්නෙවත් නැහැ නේ බං? හැබෑට ම තෝ මොනවද බං ඕකුං දෙන්නට දුන්නෙ? “ එකෙක් බැරිමතැන දවසක් එහෙමත් ඇහුවා.

හැමදාම අපි මූද ගාවට යන්න ඕනි නැහැ. කුණාටු වෙලාවට මූදත් අපේ ළගට එනවා. ලොකු විනාසයක් අත ලග වුනත් මට රැල්ල ටිකක් පාගන්නවත් ලැබේවි.. මං වෙනදා වගේම වැල නිලියක් මට අතවර කරන හීනයක් පෙනේවා කියලා ඇස් දෙක පියාගත්තා..

25 comments:

  1. අතවර කරව ගත්තට කමක් නෑ....ඇඳ තෙමාගන්න එපා ... :D

    ReplyDelete
  2. ලිපියේ සමස්ථය සුපිරියි අමිල. මුල්ම ටක කියවන කොට මට මතක් වුණේ උණවටුණේ ඥානදාස අයියව. වැල්ලෙම ඉදලා ජීවිත දාස් ගාණක් බේරගෙන හිටිය එයා සුනාමිය දා මළා.
    දෙවැනි කරුණ ආදරය ගැන කියද්දිනම කියන්න තියෙන්නේ ලොව ආදරය කියා දෙයක් නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි යන දේයි.

    ReplyDelete
  3. get a life son!!!
    i was a regular reader of your site (there are couple of more) this is my 1st comment to u.
    u really had something, very dark memories - may be a "downsundrom"
    be realistics & don't hate to women ./ girls

    ReplyDelete
    Replies
    1. මම දකින විදියට මිනිස්සුන්ගේ ලස්සන ජීවිතය සහ කැත ජීවිතය කියලා කොටස් දෙකක් තිබෙනවා. හැම මනුස්සයම ආසයි ලස්සන ජීවිතය විස්තර කරන්න ලක්ෂණ ජීවිතය ලෝකෙට පෙන්වන්න. නමුත් ඔවුන්ගේ යටිපෙළ ජීවිතය කියන්නෙ නරා වලක්..අශූචි වලක්..

      පොඩි කුනුහබ්බ කෑල්ලක් දැම්මහම මගේ බ්ලොග් හිට්ස් ගාන තුන් ගුනයකින් වැඩි වෙනවා. මොකද මිනිස්සු ලෝකෙට සුදනො වුනාට වැඩිපුර කුනු වලට ආසයි.

      මා කරන්නෙ බාහිරින් පේන මේ රෙද්ද යාන්තමට උස්සල පෙන්වන එක විතරයි. ඔය විදියට මේ මම දකින අවට වටපිටාවෙ මානසික බෙලහීනතා තිබෙන රෝගින් නිරීක්ෂණය කලොත් හොද මිනිස්සු විදියට අදුන ගන්න වෙන්නෙ පාර අයිනෙ තියෙන පිළිම ටික විතරයි.

      ගැහැුනු විවේචනය කරන මිනිහා හැමවිටම ගැහැනුන්ට වෛර කරන මිනිහෙක් නෙමෙයි. සමහර විට හැමදේම විවේචනය කරන, හැමදේම වැරදි දකින ගතිගුණය සමාර මිනිස්සු උප්පත්තියෙන්ම ජාන වලින් අරගෙන එනවා. ඒ අයට ගැහැනිය කියන්නෙත් එක්තරා විවේචන ඔබ්ජෙක්ට් එකක් විතරයි.. ඒ්ත එයාල ගැහැනුන්ට විටකදි පුදුමාකාර විදියට ගරු කරනවා..

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම........

    ReplyDelete
  5. කියන්නෙ මොනවද බන්.... උබ්ට හිතෙන දේ කරපන්.....හරි වැරද්ද හොයල බලල....

    ReplyDelete
  6. අනේ පව් බන් උඹ වගේ පොන්නයෙක්....... ගෑනු දෙන්නෙකුටම මෝරා වෙලා කඩේ යන හැටි ඇහුවම විලි ලැජ්ජයි....

    ReplyDelete
    Replies
    1. කඩේ යෑම කියන්නෙ ලාංකික ප්‍රේමයේ එක්තරා කොටසක්. කඩේ යන්නෙත් නැති වාත වෙන්නෙත් නැති බොහොම ක්ෂණික ප්‍රේම කතාන්දර වඩාත් සමීප වෙන්නෙ බටහිර සංස්කෘතියට..
      ගෑනුන්ට කඩේ යෑම හෝ ගෑනුන්ට වැඩිපුර එක දීම මත පොන්නයෙක් බවට පත්වෙනවා නම් පොන්නයෙකු නොවන අයෙකු සොයාගන්නට ඔබට ඉතාම අපාසු වේවි..

      Delete
  7. පට්ට ස්ටෝරිය සනා. ඔහොම යන්කො.කුණාටු ආවත් මොකෝ රැල්ලට කකුල් තෙමෙනවානම්, නේද?

    ReplyDelete
  8. \\\\\\\\\\\හැමදාම අපි මූද ගාවට යන්න ඕනි නැහැ. කුණාටු වෙලාවට මූදත් අපේ ළගට එනවා. ලොකු විනාසයක් අත ලග වුනත් මට රැල්ල ටිකක් පාගන්නවත් ලැබේවි..\\\\\\\\\\\


    ++++++++++++

    එළ .......

    ReplyDelete
  9. මුලින් එකක් තෝර ගන්න. කරන එකට බොක්කෙන්ම කරන්න. double game ගහන්න එපා. අනිවා return එක ලැබෙනවා. (සත්ය අත්දකීමකි).

    ReplyDelete
  10. මමනම් මේකට මුකුත් කියන්නෙත් නෑ .... කොමෙන්ට් කරන්නෙත් නෑ ....

    ReplyDelete
  11. හෙහ් හෙහ් හෙහ් ... ඔහේ හින් සීරුවේ යන විදියට යන්න ඇරපන්... පස්සේ කාලෙක ආතල් මතක විදියට ඉතිරි වෙයි....

    ReplyDelete
  12. atta machan.. kanagaatuwa oya muda apahu yana ekai.. edata patta kanagatuwak danenawa ban api gana..

    ReplyDelete
  13. මම තරුන කාලේ මේ වගේ අත්දැකීමක් තියෙනවා. ඒක මහා පුදුම කතාවක්. මෙතන ලියන්න බැහැ දිග වැඩියි. උඹට වැඩියම ආදරය කරන කෙනා ඉතුරුවෙනවා. ඒ ඉතුරුව තමයි අදත් මගේ සෙවනැල්ල. අනිත් කෙනා නිසා මම මැයව නොසිතා රිදවු අවස්තාත් තියෙනවා. අපි ඒවා ගැන අදටත් කතා කරනවා. පසුතැවිල්ලක් නැහැ..මේ සියල්ලක්ම අත්දැකීම්.

    ReplyDelete
  14. හොදයි හොදයි එහෙනම් මුහුද ලගට එනකන් ඉදහන්කො.හැබැයි අඩියක් ඉස්සරහට තිබ්බොත් උබට ඔනතරම් ඔන වෙලාවට නාල ගොඩ එන්න පුලුවන්.ලගට එනකන් බලාගෙන ඉන්න ඔන නැ.
    අර ඩබල කෙසෙල් අපෙ පැත්තෙ නම් දෙන්නෙ නැත්තෙ කොල්ලන්ට

    ReplyDelete
  15. හොඳයි හොඳයි එසේම වේවා! :D :D

    හැබැයි වර්ඩ් වල දෙයක් කරගන්න බැහැයි කියන, සින්දුවක් දෙකක් බාගන්න දන්නේ නෑ කියන, හැම දේටම බැග් බැග් ගාන ළඳ බොළඳ කෙල්ලෝ මට නම් පේන්න බැරිය!

    අර උඩ කිව්වා වගේ ඩබල් කෙසෙල් අපේ හා නම් පුතාලට තමයි කන්න දෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ඉවත්වෙන අයි ටී නොවන උපාධි ධරයකුගේ පරිඝනක සාක්ෂරතාවය පරීක්ෂා කරන්නට ඔබට අවස්ථාවක් ලැබුනොත් සත්‍ය වශයෙන්ම ඔබ අමන්දානන්දයට පත් වේවි..

      Delete
  16. පරිඝනක සාක්ෂරතාවය ගැනම නෙවෙයි මම අදහස් කරේ. මොකක් හරි වැඩක් කරන්න ගිහාම ටිකක් මහන්සි වෙලා ඒක ඉගෙන ගන්නේ නැතුව, අනුන්ගේ පහනෙන් එලිය බලන්න හදන අය ගැන :)

    ReplyDelete
  17. man okane kella jobak karanawata akamathi.. rate inna minissu dakina aha wenasne

    ReplyDelete
    Replies
    1. ඔබගේ කෑල්ල ගෙහි තැබීමෙන් වඩාත් සුරක්ෂිත බව ඔබ සිතයි. අයියෝ සල්ලි.

      Delete
    2. ge thibbath job karath pita yana gani komath pita yanaw ban.. mata mage kalla awisawasathna, habayi, kellek bus holt eke hitiyath ekith ekka hithen nidaganna un inna samajeka ban api inne.. lassana kellak ekka kathakrala unath athal ganna bala inna un inna samajeka hithe santhosen komada ban ekiwa parewath yawanne? gilinna wage bala inna minissu gana amuthuwen kiyanna deyak na ban. apepirimi upasakayo newe ban.un dakina dakina kella gana hithala... ekith ekka kathakarapu ekth athal ekak wage hithala ahawal ewa hithen karana unta apita mokuth kiyannath ba. apith ehema un ananthawath me samaje kiyana mada gode dakala thiyenawane... sirawata love karanawanam mona minihada ban kamathi wenne thamange gani gana wena un waradi ahakin balanawata? apita unge walhith wlata barier dannath ba. kellawa kotu karannath ba.. aththa thiththayi. surakshitha bawata wada thiyenne onna oyade. pitaratka nam mehema hithana un tikak aduyi. ehema thanaka job karata mata kamakna.iganagaththa deyin eyath prayojanayak ganna ona. dgree , msc karala gedara inna kiyana ekath asadaranayi eyage paththen. :)

      Delete