Sunday, November 3, 2013

බිම බලන්න එපා. පේනව Dont look down

කොල්ලෙක් ඉන්නවා. එයා වැඩකරන්නෙ තාත්තගේ කම්මලේ. තාත්ත තමයි මිනිහට ඉන්න එකම ගැලවුම් කාරයා. ඒ කොල්ල ඉගෙනගන්න යන්නෙ භෞතිකවිද්‍යාව. භෞතික විද්‍යාව ඉගෙන ගත්තාට මිනිහා ඒ තරම් දක්ෂයෙක් නෙමෙයි වාගේ පේන්නෙ. 

ඉතිං විය යුතු විදියටම තාත්ත මැරෙනවා. පුතා තාම ඉගෙනගන්න වයසෙ. කොල්ලා හැමදාම රක්ෂාව විදියට කරන්නෙ සොහොන් කොත් වල කුරුස ස්මාරක වගේ ඒවා කරත්තයට දාගෙන ප්‍රවාහනය කරන එක. දැන් කොල්ලාට අණ දෙන්නෙ අයියා. තාත්තගෙන් පස්සෙ බිස්නස් එක ලොකු පුතාට ගිහින්. ලොකු පුතාට දැන් පුම්බපු බඩක් තියෙන පවුලක් ඉන්නවා. සීන් එක අවසාන වෙනකොට අර අක්කට බබා ලැබෙනවා..

මේ කොල්ලා නින්දෙන් ඇවිදින්න ගන්නවා. නින්දෙන් ඇවිදින එක පුරුද්දට යනවා. ඒ එක්කම මේ කොල්ල ඇවිල්ල බොරු කකුල් වලිං යන්නත් දක්ෂයා. සමහර විට නින්දේන යෑම බොරු කකුල් උඩ යෑම කියන්නෙ ෆිල්ම් එක හදපු බුවාගේ සංකේතීය නිරූපන වෙන්න ඇති. කෝම වුනත් මූ උස වැඩි බොරු කකුල් වලිං ඇවිදන එක විනෝදාංශය විදියට කරනවා. 

ඔය අතරෙ පොරට ඇණ හොරකං කරන ලෙඩකුත් හැදෙනවා. නින්දෙන් ගිහින් මූ ඇණ කඩේ ඇණ හොරකං කරං එනවා. ඇණ කඩේ ඉන්න කෑල්ල ටිකක් නාකියි. නාකි වුනාට ඒක ඒ කොල්ලගේ මැරුණ තාත්තගේ හොර සොට් එකක් වාගෙයි පෙනුනෙ. කොල්ල හිතලා හෝ නොහිතා ඒ ගෑනි එක්ක පොඩි සයිස් රිලේසන් සිප් එකක් පටන් ගන්නවා. ඒ ගෑනිත් හිීනන් ඇවිදිනවා. මං හිතුවෙ ඒ දෙන්නා උස වහලවල් දෙකක් උඩ තියෙන තැනකට වෙලා ලිංගිකව එකතු වේවි කියලා. නමුත් එහෙම වුනේ නැහැ. ඒ දෙන්න පැත්තකට වෙල වාඩිවෙල කතා කර කර හිටිය. 

තෙල් කැල්ල තාම ආවෙ නැහැ. ඔන්න දැන් කිට්ටුයි එන්න.. කොල්ල එක සඳ ඇති රැයක ඇවිදිනවා නින්දෙන්.. වහලවල් උඩිං කොන්කිරිට් උඩින් ඇවිදගෙන යෙනවා.. ඒ කොල්ල ඉන්න ඒ රියා එකේ වහලවල් ඇවිදං යන් පුලුවන් වෙන්න ෆ්ලැට් විදියට හදල තියෙන්නෙ. 
ඔන්න කෙල්ල දැන් තමයි සීන් එකට පනින්නෙ. කෙල්ල ආව ඇගේ මිත්තනිය හමු වෙන්න. මිත්තනිය ඇවිල්ල සාත්තර කියනවා වගේ මෝහන ජොබක් කරන්නෙ. මිනිස්සුන්ට ඒවා කරලා සල්ලි ගන්නවාද කොහෙද. ඒත් මිත්තනියට යම් කිසි මුදල් අතින් ස්ථාවර ගතියක් තියෙනවා. මේ කෙල්ල ඇවිත් දැන් නිවාඩුව ගත කරන්නයි හදන්නෙ. 

ඇවිත් මුල දවසෙ කාමරේ ඇතුලට ගියාම තියෙනවා කාමරේ උඩ අරින්න පුලුවන් වීදුරුවක්. ඒ වීදුරුව ඇරලා හද දිහා බලං ඉන්නවා. හද පායල ලස්සනයි. ඉතිං ඔය හද පායපු දවසෙත් අර කොල්ල නින්දෙන් ඇවිදිනවා. ඇවිදලා අර කෙල්ලට හද පේන්න ඕනි නිසා ඇරල තියෙන ජනේලය තුලිං කෙල්ලගේ ඇඟ උඩට වැටෙනවා. දැන් දෙන්නම ඇද උඩ. කෙල්ල බයවෙනවා. පස්සෙ සංසුන් වෙනවා.

දෙන්න සෙට් වෙන්නෙ ඒ විදියට. මේ කොල්ල ආදායම් මාර්ගයක් විදියට කෑම කම්පැනියක ඇඩ්වර්ටයිසිං කැම්පෙන් එකක ඉන්නවා. ඔලුවෙ ඉදාල මිනිහ මොකද්ද එකක් ඇතුලට එබිල ඉන්නෙ. හරියට පෝර උරයකින් වැහුවා වගේ. ඒ ඇඩ් එක මූ ව වහගෙන. මිනිහා ඒක ඇතුලට වෙලා ජනතාවට ඇඩ් එක පෙන්වනවා.එහෙම යාලුවො සෙට් එකක් ඉන්නවා පොරට.. 

කෙල්ලයි කොල්ලයි යාලු වෙනවා. ඉන් පස්සෙ කොල්ලා කැමති හැමතැනටම කෙල්ලා එක්කරං යනවා. කොල්ලයි කෙල්ලයි ලිංගික ව හැසිරෙනවා . හැම ක්‍රමයටම හැසිරෙනවා. ඒ වගේම බොහොම හිතාගන්න බැරි තරම් වැඩි වෙලාවක් කොල්ලා ලිංගිකව සක්‍රිය වෙලා ඉන්නවා. 

මේ ෆිල්ම් එක මට දැනුන විදියට පේන දේ තුල කතාව හිතාගන්න බැරි එකක්. ඒකෙදි එක තැනකදි කොල්ලගේ කාමරෙන් කොල්ලගේ අම්මා ලොකු ප්‍රමාණයක් කොන්ඩම් හොයාගන්නවා. එහෙම හොයාගන්නෙ ඇයි. ? කොල්ලයි කෙල්ලයි එකතු වෙන්නෙ කෙල්ලගේ ගෙදර.. එහෙමනම් කොන්ඩම් තියෙන්නෙ ඕනි ඒකිගේ ගෙදර නෙව..

ෆිල්ම් එකේ අවසානය මහ ඇඩෙන එකක්.. කෙල්ල මූව දාල ආයිම බාසිලෝනා යනවා. ඒක මහ පස්ට දුක හිතෙන පොයින්ට එකක්.. 

මේ ෆිල්ම් එක පෙන්වන්නේ අපේ තරුණ කාලේ තියෙන මනෝ ලෝකය. ඒ කියන්නෙ අපි ප්‍රාර්ථනා කරන ලෝකය. නමුත් කවදාවත්  අපිට ඒ මනෝ ලෝකයෙන් බාගයක් වත් ඇත්ත ලෝකෙට ගන්න බැහැ. ඇත්ත ලෝකෙට ගත්ත වුනත් මේ ෆිල්ම් එකේ වගේ මාස දෙක තුනක් තිබිලා ආයෙත් ඉහලට යනවා. 

ෆිල්ම් එකේ නමින් කියන්නෙ.. බිම බලන්න එපා කියලා. බිම හරිම කටුකයි. අහසට වඩා..

මේ ෆිල්ම් එක ඇතුලෙ ගෑනියෙක් සහ මිනිහෙක් ලිංගිකව එකතු වෙන දර්ශන ගොඩාරියක් තියෙනවා. ඉතිං දැන් අහන්න එපා පොඩි එකාත් එක්ක ඕක බලන්න පුලුවනිද කියලා.. 

අයි ඇම් ඩී මෙ ව්වා එක

14 comments:

  1. හෑ හීනෙන් ඇවිදින එවුවා බලන්න ආසයි අනිත් එවුවා ටිකනේ අවුල් අප්පා

    ReplyDelete
    Replies
    1. අනේ මේ යනවා හලෝ යන්න.. ඔයාට දාසයයි මාසෙ වගේ නේ ඇඩ් එක... ඔයාට දාසය පහුවෙලා දැන් තව දාසයක් විතර ගිහිං මං හිතන්නෙ..

      Delete
    2. මේ අර ඊයේ පෙරේදා ෂෝයි සින්දුවක් ශෙයා කරපු චුටි මල්ලි නේද හි හි හි

      Delete
    3. ඔව ඉතිං මං නොදැන්වෑ අපේ ඇන්ටි ගැන.. අප්පුඩි ගගහා තාලෙට සිංදුව කියන්න ඇති අර සීයටත් ඇහෙන්න.. උන්දැ දන්නවයැ ඒ වදන් වලින් කියෙවන තේරුම ගැන...

      Delete
    4. ඒක නියමයි හලෝ මට හොදටම හිනා ගියා එහෙම තමයි මෙහෙත් සමහර වචන එහෙමයි ,, ටැටූ කියන්නේ හෙන කුනුහබ්බයක් ,, මන් සීයට ටැටූ එකක් ගැන කියලා සීයා හොදටම හිනා වුණා.. මන් යනවා අමිලයෝ එන්නම් දිගටම

      Delete
    5. මේකි අපට බබා පාට් දැම්මට බලන්ඩ ඇති :D

      Delete
  2. ස්තුතියි මචෝ ලින්ක් එකට

    ReplyDelete
  3. ස්තූතියි අමිල විස්තරයට ......

    ReplyDelete
  4. දැන් ඉතින් පිචර් එක බලන්න ඕන නැ උබ ඉතින් කතාව කියලනේ

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණයෙන් දැනගෙන බැලුවත් කිසි අව්ලක් නැති ෆිල්ම් එකක්..මොකද ඒකෙ ඇතුලෙ කතාවට වඩා සිනමා මෙව්වා එක කැපිල එනවා..

      Delete
  5. ඉදපන් wifi පාරක් අහු වෙනකම් බාලම බලන්න..

    ReplyDelete
  6. මිස් උන එකක්, ස්තුතියි

    ReplyDelete
  7. හොයාගන්ඩ ඕන...
    මේකේ අවශ්‍ය හරිය උඩින් උඩින් බැලුවත් පාඩු නැති කතාවක් වගේ.. හික් :)
    එලකිරි අමිලයා !

    ReplyDelete
  8. podi eka ekka moko mewwa balanna bari..owa karala thamai man uwa heduwe.eka u honda karawa dannawa.

    ReplyDelete