Friday, December 27, 2013

අද විකුනන ලඳ (ada seller girl)

අයි පෝන් විකුනන ලදක්

හිමිදිරියෙ බස් එකට ඈ ගොඩවෙලා
විස්තරය පත්තරේ පෙළ ගස්වලා
උස්සා ඇස් දක්වා වටපිට බල බලා..
දායයි අද දහයයි කියයි..

නිල්පාට ඩෙනිමේ..කහපාට කමිසේ..
හැමදාම නිළ ඇඳුම, පත්තර ඇත අතේ..
ඇස් කරකවල බලලා දහයක් දික්කල විගසා..
පත්තරය දෙයි සිනහවක් දහයට දාලා..

කලු කෙස් ඇගේ යයි දුඹුරුවට හැරිලා
සුදු මූන යයි අවුවටම මැලවිලා..
බස් සෙකේ මහ පාරේ දූවිලි මැද ඉඳන්..
හෙට දවස වෙනුවෙන් ඈ අද විකුන..තී..

මල් කුමරියක් නොවේ..සුරදූතියක් නොවේ..
හෙන ගොඩාක් ලස්සන රූ ඇත්තියක් නොවේ..
පිහිටට ඇගේ අද ඇත ඈ අතේ..
එය විකුනලා ඇය ගෙවයි ජී විතේ..

හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග නගා..
මා වන් හීනෙන් පිරුනු පොරවල් නිසා..
අද හැමදාම විකිනේවි ඈ අත නිසා..




අඩි පහේ ටියුබ් ලයිට් සඳහා :- අද නමින් දිනපතා පුවත්පතක් ලංකාවෙ ඇති අතර එය රුපියල් දහයකි. මිලෙන් අඩු එම පුවත්පත විකිනීමට ගෑනු ළමයි කොළඹ නගරයෙ තැන තැන ඇත. 

24 comments:

  1. කුරුණෑගල හරහා යන වලට ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ටිකකුත් බස් එකට නගිනවා ගොඩක් වෙලාවට "මනස" සඟරාව විකුනන්න. වැඩි වෙනසක් නෑ මේ දෙගොල්ලම අතරේ

    ReplyDelete
    Replies
    1. පුමාටත් ගේම දීලා වගේ. මමත් ඔහොම පත්තර තුනක් ගත්තා දාසක්

      Delete
  2. වි.වි. සිසුන් පවා මේ අයගේ ඉලක්කයක් බව අමිල දන්නවද? මං හිතන්නේ හරිත දවසක් මේ ගැන ලියලා තිබුණා රජරට සිද්ධියක්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉරිසියාව පැන්නා. ඉරිසියා නොකර එහෙම වත් දිනමිණ විකුණා ගන්න බලපන්.

      Delete
    2. දිනමිණ විකිනීමට උදව් කිරීම, උපදෙස් දීම රටට විශාල හානියක් සිදු කරයි.
      (ජීවිකාව සරිකර ගැනීමට එහි රැකියාවක් කිරීමට සිදු වී තිබීම ගැන අවුලක් නැත )

      Delete
    3. විශ්වවිද්‍යාල සිසුන් මේ අයගේ ඉල්ලක්කයක් වෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට එදා වේල තියන්න සල්ලි හම්බ වෙන මොකක් හරි කරන්න වෙන තත්ත්වය උඩයි. සල්ලි මූලික වෙච්චි සමාජයක 2500/= මාසයක් ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් නේ! ඒ නිසා අපේ උන්ට ඒක දවසට හම්බවෙන 850/= වටිනවා.

      Delete
    4. @ නාඩිය...ගඳ ගහන 40 කැන්ටින් බත කාලවත් ජීවත් වෙන්න තියෙන අමාරුව දන්නේ ඇතුලේ ඉන්න එකානේ බං.පත්තර විකිණීම විතරක්ද,ස්ලිම් නීල්සන් වෙනුවෙන් ගෙයක් ගෙයක් ,කඩයක් කඩයක් ගානේ යන්නත්.........

      Delete
  3. 1. මේකට දාන්න තිබුණු රූපකයක් තමයි ඇය ඇගේ හෙට වෙනුවෙන් අද අද විකුනනවාය කියන එක.

    2. වොයිස් එක හොඳයි ඩොලැක්කියක් අරං ඇයට පස්සේ බස් එකට නැගලා ඔය සින්දුව කීවා නම්, අර වියදම් වුණු දහයට සීයක් හොයා ගන්න තිබුණා!

    ReplyDelete
  4. බොරැල්ලේ ටවුන්හොල් එක ගාව මාලඹේ ඔය දසුන මට සුපුරුදුයි...!!

    ReplyDelete
  5. කීයක් හරි හොයා ගන්න රස්සාවක් කරන එකේ කිසි අවුලක් නෑ ......මේකේ විශේශත්වයක් කරලා ගන්නේ මේ ලමයි ගෑණූ ලමයි විම නිසාද?

    ReplyDelete
  6. හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
    ඇය ගැන මවා හීන මාලිග නගා..///

    ReplyDelete
  7. හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
    ඇය ගැන මවා හීන මාලිග නගා..
    මා වන් හීනෙන් පිරුනු පොරවල් නිසා..
    අද හැමදාම විකිනේවි ඈ අත නිසා..

    අපේ ඉස්කෝලේ ඉස්සරා හැමදාම අද විකුනනවා.. හැබැයි ඒ නම් අයියාලා වගයක්. පුරුද්දක් විදියට අද ගත්ත යුගයක් තිබුනා. හැබැයි දැන් දැන් පොරවල් එන්නේ නෑ..

    මනස පත්තරේ නම් ඔහොම විකිනුන කාලයක් තිබ්බා.. තාමත් එහෙම ඇති.

    වොයිස් එක පට්ට. මං මේක බාන්න ඔනී.. මමත් දෙපාරක් අහලා. ගෙදර අයටත් අහන්න දුන්නා ඔන්න.. :D

    ReplyDelete
  8. අන්තිමට පිරිමි විකුණන්නත් කාන්තාවෝ ගනී... සියලු දෙනාට සුබ වසරක් වේවා...!

    ReplyDelete
  9. පව් අසරණ කෙල්ලො, එයාලගෙ අනාගතේ කොහොම වෙයිද කියල දෙයියො තමා දන්නෙ...

    ReplyDelete
  10. ලකුණු දෙන්න පුලුවන් සිංදුවට . හැබැයි මේ අය කරන්නෙත් ජොබ් එකක් නේද? මටනම් මේ කෙල්ලොනුයි මාකට්ං එක්සෙකටිව් ජොබ් එකෙයි වෙනසක් පේන්නෙ නෑ. ජොබ් එකක් පහත් කරනවනම් මම ඒකට එකඟ නෑ.

    ReplyDelete
  11. මම නම් කෙල්ලොන්ට අහු වෙලා නැහැ. කෙල්ලෝ මගේ කණ විඳින්න හදද්දී මම එයාලගේ කණෙන් ගිහිල්ලා උගුරු දණ්ඩ විදගෙන ආපහු එනවා. මම හොඳට තැම්බිච්ච කොල්ලෙක්.

    ReplyDelete
  12. ඔබගේ හැකියාව අගය කරමි ...
    කතාවක් වුවද ඔබට ගීතයක් ලෙස ගායනා කල හැක.

    ReplyDelete
  13. මනස විකුනනව නම් දැකල තියෙනව.

    ReplyDelete
  14. ජීවිතේ ගැටගහගන්න කරන දෙයක් තමයි.පස්සේ කාලෙක මේ අයව අධීක්ෂණය කරන්න තව අය දාල ඉන්නවත් දකින්න ලැබුණා.
    කොහොම උනත් උදේට මේ අය ඇතිකරන මාර්ග අපහසුතාවය ගැනනං අප්‍රසාදයක් තියෙනවා.
    පත්තරේ නම් කමක් නෑ.මනස විකුණන්න එන උන්ගෙන් තමයි ලොකුම කරදරේ.උන්ගේ ලොකු ටෝක් අහගෙන ඉන්නත් එපැයි :D
    සඟරාවක් ගත්තේ නැතිඋනාම දෙන ටෝක ඊටත් අන්තයි.
    ඕවයේ තියෙන ධනවත් වීමේ රහස් ඔය තියෙන තරම් වටිනා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒවා නම් උන් ඒවා අනුගමනය කරන්නේ නැතිව අපිට දෙසාබාන්න එන්නේ ඇයි?

    ReplyDelete
  15. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    කවි සිතුවිලි පහළ වේවා!!

    ReplyDelete
  16. මල්ලි ඔෙබි හැකියාවට සුභ පතමි

    ReplyDelete