Friday, March 7, 2014

සැලෙන හදින්





සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද
මේ අඳුරේ මග කියන්න ඔබ දැන් එනවද

කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී

අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
පහන් සිලක් මෙන් සෙවනේ දිවි ගෙවන්නෙමී
ගමන පාළු නැහැ සොඳුරිය ඔබ කැටුව එමී

ඔබෙ ලෝකය සතුටද ජීීවිතයද මා වෙමි

ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
ජීවිතයට ආලෝකය ඔබයි ම පියුමී
දෙන්නම් කෝ සැනසුම ඔබ වෙතට නැමි නැමී

අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
පාලු ගතිය තනිය මකන් ඔබ ගුන ගයමී
මගේ හදට එලිය කලෝ ඔබ බව දනිමි
යහන මවන් සිහින අරන් ඔබ කරා එමී

පෙම්වතියක් ගැන හීන දැකීම ලස්සන දෙයක්. ඒක හීනය දැකගන්න බැරි පෙම්වතුන් හිටිය නම් ඒ අය මාර අවාසනාවන්තයි. මම ඉස්සර ප්‍රේම කවි මැසේජ් ගහපු කාලයක් තිබුන. එකම මැසේජ එක කෙල්ලො හතර දෙනෙක්ට යවපු කාලෙකුත් තිබුනා.

සුදෝ සුදු උදෑසන,

මගේ පණ නිදාගෙන,..
ඒත් මේ මගේ හිත...
සිත සිතා ඔබ ගැනම..
තාම මම ඇඳ උඩ... ඔය වගේ කවියක් ලියාගත්තම අර දෙවනි පදේ තියෙන මගේ පණ කෑල්ල ඇතිවෙලා තියෙන රිලේසන් සිප් එකේ ගානට වෙනස් කරගෙන හතර පස් දෙනෙක්ට යවාගන්න පුලුවන්. ඇයි මේ තරම් බොලද කියල කාරුහරි ඇහුවොත්. කියන්න දෙයක් නැහැ නෙව. දාර්ශනිකයා පෙම් කලත් කරන්න ඕන විදියක් තියෙනවා නේ.

මේ කවි කොලේ අහම්බෙන් හමු වුනේ. මේක බොහෝවිට ආගමක් එක්ක සම්බන්ධයක් තියෙන කවි කොලයක් වෙන්න ඇති. මේ පහල තියෙන්නෙ මම අර මුලින් ලියපු කවි වල ඔරිජිනල් ඒවා ටික. මම වෙනස් කලේ පද දාසයෙන් පහක් හයක්  විතරයි. මේක අස්සෙ අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් නැහැ. හු.ආ.පි විතරයි.

සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද

මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙව් සමිඳේ

කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
පහන් දවන හිමි සෙවනේ දිවි ගෙවන්නෙමී
ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී

මාර්ගයද ඇත්තද ජිවිතයද මා වෙමි
ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
ජීවිතයට ආලෝකය ඔබයි ම පියුමී
දෙන්නම් කෝ සැනසුම ඔබ වෙතට නැමි නැමී

අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
පාලු ගතිය තනිය මකන් ඔබ ගුන ගයමී
මිනිස් හදත් එලිය කලෝ ඔබ බව දනිමි
පහන් දවන එළිය අරන් ඔබ කරා එමී

8 comments:

  1. ඔයාට කවුද මගේ පින්තූරයක් දුන්නේ...හී හී...(kidding)
    හපොයි කවුරුත් මඩ ගහනවා නෙමෙයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. පේන හැම දේම වගේ පොඩියි.. ඒත් ගතියක් තියෙනවා.

      Delete
    2. අනේ අනේ මෙහෙම ඔයාගෙ ෆොටෝ දෙනවද අනිත් අයට :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මිත්‍රය, ඔබතුමා මේ කවියක් ලෙස පවසා ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ගීතිකාවක්.

    සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
    පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
    රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද
    මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමි‍ඳේ

    කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
    අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
    පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී
    ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී

    මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී
    ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
    ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී
    අඳුරෙ දිලෙන පහන් සිළුව ඔබ මගේ දෙවී

    අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
    පාළු ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී
    මිනිස් හදිත් එළිය කළෝ ඔබ බව දනිමී
    පහන් දවන් එළිය අරන් ඔබ කරා එමී

    ReplyDelete
  4. හරි අපූරුයි.... පිංතූරෙ ඊට වඩා අපූරුයි....

    අවන්හල

    ReplyDelete
  5. Meka Catholic Paasku geethikawak............ Geethikawak me widiyata wikurthi karapu eka gana balawath wirodaya.......! Puluwan tharam ikmanin iwath karanna. Eka kaatath hodak wei.........!

    ReplyDelete