Monday, April 7, 2014

අර්ජුන කප් මාලිංග කප්

ක්‍රිකට් වලට ආශා නොකරන මාගේ මිතුරියක් අම්පාර පැත්තේ සිටී. ඇය අවශ්‍යතාවයකට අද දින කතා කල විට මම ඊයේ මැච් එක ගැන ඇසීය. ඇයද ඇගේ අක්කාද පවුලේ අය සාලේ සිටියදී එළියට විත් ඉස්තෝප්පුවේ කයියක් දාගෙන රාත්‍රී වුවද ඇති රස්න වටපිටාවෙන් මිදී සිටින්ට උත්සාහ ගෙන ඇත. 

රාත්‍රී එක්වරම රතිඤ්ඤා පුපුරන්නට පටන් ගෙන ඇත. පණ්ඩිත අක්කානෝ නංගිට පවසා ඇත්තේ ආහ්..මේ පාරනං අම්පාරට අලි ඇවිල්ල වගේ යැයි කියලාය. නමුත් ටික වෙලාවක් යන විට හතර වටින් රතිඤ්ඤා පත්තු වෙන විට පලපුරුදු දේශපාලකයකුමෙන් ඇය වහා අදහස වෙනස් කොට ෂුවර් එකටම අලුත් අවුරුද්දට මේ පාර නව සඳ බලන්න ඇත්තෙ අද රෑ වෙන්න ඇති යැයි කියා තිබුනි. ඒත් දිගින් දිගටම රතිඤ්ඤා ශබ්ධය ගිගුම් දෙන විට ඇය වැනිම වූ ඇගේ නංගීට සිය පෙම්වතා සමග අද දින මැච් එකකට ඔට්ටුවක් ඇල්ලූ බව මතක් වී ඇත. 
ඉන් පසු ඔවුන්ද සාලයට ගොස් අම්මා තාත්තා සහ අනෙක් අය සමග රූපවාහිනිය දමා මැච් එකේ කප් ගන්නා අවස්ථාව ආඩම්බරයෙන් නරඹා ඇත. මේ නිවසේ තිබෙන්නේ සැටලයිට් රූපවාහිනී ඇන්ටනාවක් නිසා ඒ අය ලේ කෝප කරගැනීමෙන් තොරව මැච් එකේ කප් උස්සන ජවනිකා නරඹා තිබුනි.  රජය විසින් මහජනයාට සෙනෙහසින් ලබාදී ඇති සී ඇස් ඇන් එකේ ඇඩ් වරුසාව බැලීමෙ වාසනාව ඔවුන්ට අහිමි වන්නට ඇත. ඔවුන්ට යකඩ බටයෛ් හෝ උනගහේ අමුණන ලද පරණ ඇන්ටනාවෙන් ඒ අවස්තා නැරඹුවේ නම් බාත්ෆ්ලවර් කිංබැක් තුමාලාගේ දෙමව්පියන්ට පිං පැමිණවීමට සිදුවනු ඇත.

මාලිංග විසින් “ඇයි මාව මීට කලින් දැකල නැද්ද “ යැයි ඇසීමෙන් මානසිකව වැටී අතපය පමණක් නොව වල්ලද කඩාගන්නට ඇතැයි සිතිය හැකි මාධ්‍යෙව්දියාට කුමක් සිතිලාද කියලා බලාගන්නට බැරිවිය. මල් මන්දිරයේත් වෙනත් තැන්වලත් ලැබෙන එතනෝල් ඩිංගට බයිට් එකට ලොල්වී පත්තර වල අකුරු අමුණන අයියලා මාධ්‍ය වේදීන් ලෙස මේ ලංකාවේ දී හඳුන්වයි. ඒ අය ලියන මහත්වරුන් හෝ ලියන්නන් ලෙස මිස මාධ්‍යෙව්දීන් ලෙස හැඳින්වීම වරදකි. 

මාලිංග ක්‍රීඩකයෙකි. එමෙන්ම අනෙක් මහේල සංගක්කාර වැන්නෝද ක්‍රීඩකයෝය. ඔවුන් මේ විස්සයි විස්ස තරඟාවලිය පටන් ගත් කාලයේ ලංකාවේ මාධ්‍යවලට පෙනුනේ මස් රාත්තලම ඉල්ලන ශයිලොක් ලා වැනි පිරිසක් ලෙසය. නමුත් අද ඔවුන් වීරයෝය. සංජීව රණතුංග පවසා තිබුනේ ක්‍රීඩකයින්ට මෙතරම් තොගයක් මුදල් යොදවන ක්‍රිකට් මන්ඩලයක් ලොවෙත් නොමැති බවකි. එහිදී ක්‍රීඩකයින්ට සමස්ථ ක්‍රිකට් ආදායමින් සියයට 20කට වඩා ප්‍රතිශතයක් වැයකරන බව කියා තිබුනි. 

එවිට ඉතිරි සල්ලි වන සියයට 80ක රුපියල් මිලියන ගානක මුදල් වලට සිදුවන්නේ කුමක්ද? ඒවා ක්‍රිකට් දියුනු කරන්නට යොදා ඇත්තේ කෙසේද? ඒ ගැන ඇත්තේ ගැටළුවකි. සෑම විටම පාලක මණ්ඩලය විසින් වෙනස් කරන්නට හදන්නේ ක්‍රීඩකයින්ය. ඔවුන් පහර ගසන්නේ ක්‍රීඩකයින්වෙතය. නමුත් අනික් පැත්තෙන් ක්‍රිකට් නාමයෙන් මුදල් අතගාන කඳ පනුවන් ක්‍රිකට් ආයතනයට පේන්නේ නැත. 

ක්‍රිකට් ආයතනය විසින් කෙනෙහිලි කම් කිරීමේ දෙපැත්තක් ඇත. සමහර විට සංජීව කියන පරිදි ක්‍රීඩකයින්ද අවස්ථාව ලැබුන විට වැඩි කොටස් ඉල්ලනවා විය හැක. නමුත් පාලක මණ්ඩලය පැත්ත බොහෝ කලක සිට ඇත්තේ ගඳ ගසමිනි. එවිට කලක් තිස්සේ යහමින්  ගඳ ගසමින් සිටින අයෙකුට තවත් කෙනෙකුගේ අසුවල් දෙය ගඳයැයි චෝදනා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබිය හැක්කේ කෙසේද?

එදා අර්ජුන වීරයෙකි. එදා ක්‍රීඩාව තුල ලංකාවට පැවති බාහිර සතුරන් වෙතින් ආරක්ෂා කරගන්නට අර්ජුන අැතුලු කන්ඩායමට ශක්තිය ලැබුනි. අද වනවිට ක්‍රිකට් වෙත ඇත්තේ බාහිර සතුරන්නොව ඇතුලේම සිටින සතුරන් කොයි වෙලාවේ කකුලෙන් අදීදැයි සිතා බලා සෙල්ලම් කල යුතු වටපිටාවකි. එවන් පසුබිමක සැම විටම ක්‍රීඩාව ක්‍රීඩාවෙන්ම ජය ගැන්මේ මහත් වූ අවධානම් මාවත මාලිංග දැන හෝ නොදැන තෝරාගත්තේය. 

ක්‍රීඩකයින් යනු මිහිපිට දෙවියන් නොවේ. මුලු ලෝකයම මුදල් පිණිස ඇදෙන විට පිනට හෝ අනික් අය ගේ ලාභ පිණිස අප්‍රමාණ කැපකිරීම් කල යුතු වෙස්සන්තරලා බවට ක්‍රිකට් ක්‍රීඩකයින් පත් විය යුතු නැත. ක්‍රීඩකයින් , හැම විටම හිනාවීගෙන ,ඡන්ද කෑල්ල වෙනුවෙන් දරුවන්ගේ හොටු හූරලා වඩාගන්නා දේශපාලකයින් ලෙස ජීවිතයම රඟපෑම කරගැනීමටද අවශ්‍ය නැත. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ විය හැක.නමුත් සැබෑවටම මහත්වරු සිටින්නේ පොත් වල මිස සැබෑ ජිවිතයේ නොවේ. 

නායකත්ව මණ්ඩලයක් තිබුනද එහිදීද නායකයා ප්‍රබල චරිතයකි. මාලිංග වෙන කිසිවෙක් නොවේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයෙකි. දැනට නම් ඔහු අපරාජිත නායකයෙකි. මට නම් ඒ ඇතිය. සමහරු ඒ මදි වී දැන් මාලිංගගේ හොඳ ගති,බබා ගති, සෙල්ලක්කාර ගති, පොඩිකාලේ දග වැඩ, ආදිය සොයා මාලිංග නැමැති ක්‍රීඩකයාගේ ඔවුන් කැමති පැත්ත මතුකරගන්නට උත්සාහ දරනු ඇත.

18 comments:

  1. CSN කියන කක්කා නාලිකාව අපිට හරියට පෙනෙන්නේ නැත. සාමාන්‍ය ඇන්ටෙනාවකට අනිත් ඔක්කොම නාලිකා ඉතා පැහැදිළිව පෙනුනත් මේ ගංකබර නාලිකාව හරියට පෙනෙන්නේ නැත. වාසනාවකට චන්ද්‍රිකා රූපවාහිනී සබඳතාව නිසා තරගය හොඳින් නැරඹුවා.

    ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් ද කාලීනව අගය කල යුතුය. නමුත් ඔවුන් දේවත්වයේ ලා සකන්නේ නූගතුන්ගෙන් බහුල ඉන්දියාව වැනි රටවලය. ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ ග්‍රහ අපලය අපේ රටෙන් කවදා දුරුවේදැයි හිතාගන්නට නොහැකිය.

    ReplyDelete
  2. මාලිංග කියල තිබුනා නේද 2012 පැරදුනේ මිනිහා නිසාය කියලා.. දැං ටිකක් සීසන් වෙලා මාලිංග.. සන්තෝසයි ඒ ගැන.. හැබැයි මේකා තව ඉංගිරිසි ක්ලාස් එකකට නං යවන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් යැයි බන් ක්‍රිකට් ගහන්නේ?

      අපි භාෂා පරිවර්තකයෙක් ඉල්ලගන්න මැලිවෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මම නිතර හිතනවා (ක්‍රිකට් වලට විතරක් නෙමේ ). ලැජ්ජාවද...මෝඩ කමද...

      Delete
    2. නමුත් කතාවේදි ඒ සම්ප්‍රදාය රැක ගැනීම ගැන මං කැමතියි... බැරිම නං මොකක් හරි කරගන්නවා ඒත් පුරුදු පුහුණු වෙලා මේ යන ක්‍රමය දිගටම කරගෙන යන එක හොදයි. මොකද අපි දැං පක්කෙක් හරි ඉන්දියන් කාරයෙක් හරි කියන බහුබූත අහන්න කැමති වෙනවයැ.. අන්න ඒකයි මං කිව්වේ

      Delete
  3. මාලින්ග විතරක් නෙමේ ඕනෑම කෙනෙක් තමන් කරනදේ හරියට කරන එක අපි අගය කිරීම හොදටම ඈති. මොකෙක්වත් ඉන්දියාවෙ වගේ අන්තගාමී ලෙස hero-worship කිරීම හෝ හෙලා දෑකීම කරන්නෙ නෑතුව

    ReplyDelete
  4. මෙවැනි කුසලානයක් ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනාගත්තානම් මේ උද්‍යෝගය තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ව.හ...දිනන්න එපැයි ඔව්ද නෑද කියලා බලන්න.

      Delete
    2. කාන්තා ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයින්ට මෙන්ම දිගු කලිසම් ආදී සරීරය වැසෙන ආකාරයේ ඇඳුම් ලබා දීම කාන්තා ක්‍රිකට් ජනප්‍රිය නොවීමට හේතු බූත වි ඇති බවක් මට සිතේ.. ටෙනිස් හෝ ජිම්නාස්ටික් මෙන් ඇදුම් කට්ටල ලබා දුන්නේ නම් කාන්තා ක්‍රිකට් වඩාත් ඉක්මනින් ජනප්‍රිය වනු ඇත.

      Delete
    3. බිච් වොලිබොල් කිට් එක නං මරු....

      Delete
  5. Mama nam aaaaasama mage Schithra Senanayake chuti battatay.Eya sinduth laaaaaaassanata kiyanawa. Hondama bowling figures eyagey,wicket nogaththata.
    5.5 ok? Eththanam eththey kiyapan.Boru nam boruy kiyapan.

    ReplyDelete
    Replies
    1. Aththa. Habay tho ochchara naliyanne mokada?

      Delete
  6. Sachitra mage pana..............! Uuuu ganath liyapiya...!

    ReplyDelete
  7. Malinga captain washayen kare mokadda? Mahela and others did the captaincy for him.Dan eya poratalk denne ay?

    ReplyDelete
    Replies
    1. ජේෂ්ඨ ක්‍රීඩකයො උපදෙස් දෙන්න ඕනි..නමුත් අවසාන තීරණය කැප්ටන්ගේ... සංගයි මහේලයි උපදෙස් දුන්නා.. අපි ඒක දැක්කා..නමුත් නායකයා මාලිංග...

      Delete
    2. 1. Malinga captain washayen kare mokadda?
      ඩකා නුවර බන්ගලා ජාතික ක්‍රීඩාංගනයේදී ප්‍රඬාන අමුත්තා අතින් තම කණ්ඩායමට හිමි 2014 T20 ලෝක කුසලානය ලබා ගැනීම...

      2. Dan eya poratalk denne ay?
      ඉහත එක පිළිතුර බලන්න...

      Delete
  8. //ඉතිරි සල්ලි වන සියයට 80ක රුපියල් මිලියන ගානක මුදල් වලට සිදුවන්නේ කුමක්ද? ඒවා ක්‍රිකට් දියුනු කරන්නට යොදා ඇත්තේ කෙසේද//

    සිරාම තමයි..
    ජය වේවා!!!

    ReplyDelete
  9. කිරිකට වලට මහා කැමැත්තක් නැත,නිදි නැතුව ලෝක කුසලාන කියක් නම් පුජා කරාද දැන් අජුතයි ,කිසිම දෙයක් හිතෙන්නෙ නෑ,රගර් මැච් එකක් බලන් ඉන්නවා

    ReplyDelete
  10. කන්න ඕන උනාම කබර ගොයා තලගොයා කරගන්න වා වගේ මාලිංග ගේත් තම තමන්ට ඕන කරන හොඳ දේවල් මතු කරලා ඒ දිහා බලාගෙන චූන් වෙන ය දැන් හැම තැනම ඇති...

    ReplyDelete