Monday, April 21, 2014

සුපර් සීනි අවුරුද්ද Superstore Festival

සීනි යනු පොදු වස්තුවකි. සීනි සිරුරේ තිබෙන අයට සීනි කන්නට හොඳ නැත. සීනි වැඩිපුර තිබීම දියවැඩියා රෝගයේ ආකාරයකි. තුන්වේල කන්න නැහැ මිනිස්සුන්ට..දැන් කාල හමාරයි යැයි ලංකාවේ මිනිසුන් නිතර කියන වදනකි. බොහෝවිට පෙට්‍රල් බාගයක මිල ඉහල ගිය විටද ලංකාවේ ගැමියෝ ආන්ඩුවට බැන දැන්නම් කාල හමාරයි යැයි කියති. නමුත් කාල හමාරයි යැයි කීවාට හැමෝම කති බොති සැනසෙති. 

සීනි ගන්නවා මෙන්ම උක්ගස් වලින් එතනෝල් ද සාදති. අවුරුදු දිනට පෙර දින ලංකාවේ සෑම බාර් එකක්ම පාහේ කාර්යබහුල වන්නට ඇත. සිංහල ගම්මාන අවට තිබු ඒවා වඩාත් කාර්යබහුල වන්නට ඇත. ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලංකාව තැනකට ඇවිත් ඇති බවක් මා අඩවියක කියවූයෙමි. එය සත්‍යදැයි නොදනිමි. සත්‍යනම් ලංකාව ඒ අතින් ලෝකයෙන්ම 4වන තැන ගැනීමට සිදු වූයේ හොර අරක්කු,කසිප්පු ආදිය ඒ සංගනනයට ගණනය නොවූ නිසා යැයි සිතමි. ඒවාද ලැයිස්තුවට ආවානම් ලංකාවට මතට තිත වැඩපිලිවෙලේ ප්‍රගතිය හේතුවෙන් ලෝක මත් පැන් ලැයිස්තුවේ මුල් තැනට පැමිණීමට හැකි වෙනු ඇත. 

ලංකාවේ ඉස්පිරිතාල වාර්ථා වල දියවැඩියාව,පෙසර්,හදවත් රෝග ආදි වාර්ථා සලකා බැලුවහොත්  සහ මිනිසුන්ගේ මත්පැන්,මත් ද්‍රව්‍ය බොන ප්‍රමාණය සලකා බැලුවහොත් සැබැවින්ම ආන්ඩුවට අපි සංවර්ධිත රටකැයි පෙන්වීමට අමාරු නොවනු ඇත. කොය්යම්ම අමාරු කලක වුව අද ගමක වුව ගල් අරක්කු නැතිනං කසිප්පු ගැලුමක් හෝ උත්සව අවස්ථාවල උත්සව ගෙදරට ගොඩවෙයි. 

මමද අයියලාද  නිවසකට ගොඩවදින විට සීනි කිලෝ දෙකක් අරන් යන්නට හුරු වූයේ තාත්තාගෙනි. බිස්කට් කේක්,කැවිලි,අයිස් ක්‍රීම්,කෝඩියල් ආදි වු තෑගි කෙතෙක් තිබුනත් අපේ තාත්තා නම් බොහෝවිට ගෙවල් වලට අරං යන්නේ සීනි තේකොළ වේ. අවුරුදු කාලයේ අපි නෑගමන් යන විට තොග කඩෙන් කිලෝව රුපියල් 99/= සීනි මිලදී ගත හැකිව තිබු නමුත් තොග කඩේ පෝලිමේ සිටිය නොහැකි බැවින් අපි රුපියල් 110/= ගානේ කිලෝවක් අසල කඩේකින් අරං ගියේ කඩකාරයා 10ක්ම තබාගැනීම ගැන අමනාප වෙමිනි. 


මම අවුරුද්දට පසු කොළඹ ආවෙමි. ඇවිත් බෝඩිමේ තේ වතුර හදාගෙන බීමට සීනි තිබේදැයි බැලූ කල සීනි ඇට කිහිපයක් බෝතල පතුලේ තිබුනත් එය මදි  වූ බැවින් සීනි සොයන්නට ගියෙමි. 
එක් එක් සුපිරි වෙළඳසැලේ සීනි මිල ගනන් මෙසේය.
කාගිල්ස් ෆුඩ් සිටි - කාගිල්ස් නම සහිත පැකට් සහ කිරා ලබාගත හැකි අතර පැකට් රුපියල් 120කි. කිරන සීනි කිලෝව 110කි.
ආපිකෝ සුපර් සෙන්ටර් - ආපිකෛා් නමින්ම සීනි පැකට් ඇති අතර කිලෝවක පැකට්ටුවක් රුපියල් 130/=කි.
කීල්ස් සුපර් සෙන්ටර් -කීල්ස් නමින් සීනි පැකට් ඇති අතර කිලෝවක් රුපියල් 141/=කි.

මා වෙනත් රාජකාරි කිහිපයකට යන ගමන්ම සුපිරි වෙළඳැසල වල සීනි මිල බැලූ අතර අවසන අසල තිබු ගිනිකන මුදලාලියාගේ කඩෙන් රුපියල් 130/=ට සීනි කිලෝවක් ගෙන බෝඩිමට ගියෙමි. අප බෝඩිම අසලම ඇති තොග කඩය අවුරුදු දින සිට සතියක්ම වහලාය. එය ඇරලා තිබුනා නම් එහි මිලද කිලෝව රුපියල් 99/=කි. 

මා හට සුපිරි වෙළඳ සැල් සමග තවත් ඇරියස්ද තිබේ. අවුරුද්දට පෙර බීම ජාති කේක් බඩු ආදිය ෆුඩ්සිටියෙන් රුපියල් 2500කට ආසන්න ගානක මිලදී ගතිමි. බඩු විස්සක් විතර තිබු ලැයිස්තුවේ මිල අඩුකර තිබුනේ එකම එක බඩුවක පමණය. එයද රුපියල් 7.50/=කි. රේඩියෝ වලද පත්තර වලද අඩු කල මිල යැයි දැන්වීම් දැමුවද. සමහර විටෙක රාක්කවල පවා අඩු කර ඇතැයි සඳහන් වූවද බොහෝ බඩු වලට නියම වන්නේ සඳහන් කර ඇති මිලම වේ. බොහෝවිට මිල අඩුකරනු ලබන්නේ නිතර වැඩිපුර විකිනෙන බඩු වල නොවේ. සුපිරි වෙළඳ සැල් වල අඩු කරන්නේ විකින්නේ නැති බඩු ජාතිවලය. බිස්කට් වර්ග වැනි දෙයක් නම් සාමාන්‍ය යෙන් මිල අඩුවන්නේ දියවැඩිය කාරයන්ට දෙන්න සුදුසු බ්‍රෑන් ක්‍රැකර් නැමැති බිස්කට් ජාතිය විතරය. 

අපේ තාත්තා සුපිරි බිල බලා ගමේ තිබු කුඩා තොග කඩෙන් ගත්තේ වී නම් අඩුතරමේ රුපියල් පන් හය සීයක් අඩුවෙන් බඩු ගත හැකි වෙනු ඇතැයි අනාවැකි කීවේය.  ඔහුගේ තාර බර ඉවත් කර සලකා බැලූ විට ගමේ තොග කඩෙන් බඩු ලැයිස්තුව ගත්තේ නම් රුපියල් දෙසීයක් තුන්සීයක් අඩුවෙනු ඇති බව මටද සිතුනි.

අවුරුදු දවස්වල ෆුඩ් සිටිවල ගෑනු ළමයින්ට රෙද්ද අන්දවා ඇත. රෙද්ද සහ හැට්ටය ලස්සන වන්නේ ශරීරයේ ස්ත්‍රින්ට නියමිත කොටස් මනාව කැපී පෙනුනහොත්ය. නැතහොත් පඹයාට රෙදි ඇන්දුවාක් වැනි සිරියක් රෙදි හැට්ට වලින් දිස්වේ. කීල්ස් සහ කාගිල්ස් දෙකේම මා දුටු ගෑනු ලමුන් හේදී ගිය පෙනුමකින් යුක්ත විය. එක අතකින් දුර පැතිවලින් පැමිණ පනම් හතරක් වෙනුවෙන් දවස තිස්සේ හිටගෙන සිට මහන්සි වී සිටින නංගිලා කන බොන පෝෂදායි ආහාරයක් නැත. කකුල සුදු වීමේ සිට මයිල් ගහ ගැලවීම  දක්වා රූප ලාවන්‍යයට ගානකුත්, කොන්ඩ කෙලින් කිරීමේ සිට අඩි උස පාවහන් දක්වා වූ ෆැෂන් වලට ගානකුත් වියදම් වූ පසු ඔවුන්ට ලැබෙන රුපියල් 15,000කටත්(ආසන්න ලෙස ඇමරිකානු ඩොලර් 120) අඩු සමස්ථ මාසික වැටුපෙන් කෑමට බීමට ලොකු වියදමක් කරනවා යැයි සිතන්නට බැරිය.

සීනි කිලෝවකින් විතරක් සාමාන්‍ය වෙළද පොල මිලටත් වඩා රුපියල් 20-40ක් දක්වා ලාභයක් අල්ලන මේ ෆුඩ් සිටි කරුවන්ට මෙම හාල්,පිටි,සීනි,පරිප්පු,කරවල ආදි වියලි අහාර ලැබෙන්නේ අපේ ගමේ තොග කඩවලට ලැබෙන මිලටත් අඩුවෙන් විය හැක. නමුත් ගනන අපේ ගමේ තොග කඩේ මිලට වඩා බොහෝ විට වැඩිය. වෙනත් දියුනු රටවල සාමාන්‍ය වෙළඳපොලට වඩා සුපිරි වෙළඳ සැල් වල බඩු මිලෙන් අඩුය. ඔවුන් සුපර් මාකට් යැයි ව්‍යවහාර කරන්නේ සුපිරි මිල නිසා නොවේ. ගෙදර දොර එදිනෙදා වැඩට අවශ්‍ය සෑම බඩුවක්ම ලෙහෙසියෙන් ගත හැකි සුපිරි කලෙක්ෂන් එකක් සහිත වෙළඳ සැල් වන නිසාය. නමුත් ලංකාවේ දී සීනි පැකට් එකකින් වැඩිපුර අල්ලන රුපියල් 42ක මිලට අපිට ලැබෙන්නේ ටිකක් හීතලට බඩුටික ගන්නට ලැබීම විතරය. 

පොලෙන් හෝ ළඟපාත තොග කඩෙන් බඩු ගන්න සාමාන්‍ය මනුස්සයෙක්, සූපර් මාකට් හෝ ෆුස් සිටි වල වල හීතලට බඩු තේරුවාට කවුන්ටරේ නංගි හිනාවෙවී බිල දික්කරන විට කලින් බඩු තෝරන විට තිබූ හීතල නැතිවෙනවා නිසැකය.

18 comments:

  1. බඩු තොරන එකත් මාර ජොල් වැඩක්

    ReplyDelete
    Replies
    1. කටු බඩු තෝරන්න ගත්ත නම් හරි...

      Delete
  2. බැන්දට පස්සෙ බඩු ගැනිලි ගැන මාත් ටිකක් ‍හොයන්න ගත්ත‍. ම‍ගේ අදහසත් ෆුඩ්සිටි අපිට, අපි කිව්‍වෙ අපි ව‍ගේ තුන්‍වෙනි පන්ති‍යෙ මිනිස්සුන්ට හරියන්‍නෙ නෑ.‍ මම ෆුඩ්සිටියට යන්‍නෙ ‍හොයාගන්න අමාරු බඩුවක් ගන්න විතරමයි. මස්, මාලු එලවලු පලතුරු ව‍ගේ දේවල් ‍ෆුඩ් සිටි‍යෙ කො‍හොමත් මිල අධිකයි. මිල සඳහන් කරල තියන බඩු උනත් ‍දෙන්‍නෙ හරියටම ඒ මිලට. නමුත් අ‍පේ ටවුන් එකක තියන ‍තොග-සිල්ලර කඩයක් ගත්‍තොත් ලකුණු කල මිලට වැඩිය අඩු ගානකට ‍දෙනව. ‍පේන්නම බැරි අනිත් කාරණාව තමයි එයාල‍ගෙ බඩු ගන්න බලකිරිල්ල. උදාහරණයක් විදියට කාගිල්ස් එ‍කේ ති‍යෙන්‍නෙ කාගීල්ස් අයිස්ක්‍රීම් ‍සො‍සේජස් විතරයි. අනිත් බ්‍රෑන්ඩ් නෑ.

    ‍කො‍හොම නමුත් ෆුඩ්සිටි කියන්‍නෙ වේග‍යෙන් ව්‍යාප්ත වන මිනිස්සුන්‍ගෙ ඔලු ඇතුලට ගියපු සංකල්පයක්. එතන ති‍යෙන්‍නෙ නිකංම නිකං බඩු ගැනිල්ලක් ‍නෙ‍වේ. පහල මධ්‍යම පන්තිය පවා දැං දැං යන්‍නෙ ෆුඩ්සිටි වලට. ‍තේ‍රෙනව‍නෙ ‍මොකද ‍වෙන්‍නෙ කියල

    ReplyDelete
    Replies
    1. ඔව් සංකාල්පිකව ලාබයි..

      Delete
  3. බොන එක ප්‍රධාන අංගයක් උනාට පසේ ඉතින් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව් බොන එක නිකං හෙන කාලයක් තිස්සෙ ඉදලා එන චාරිත්තරයක් වගේ..මොන දේ නැතත් බීම තියෙන්න ඕනි ගතියක් තියෙනවා.

      Delete
  4. අපි සීනි වර්ජනය කරමු....

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් හොදයි..සීනි අඩුවෙන් පාවිච්චි කරන එක සරීරෙට හොදයි..මම හිතන විදියට අපි සීනි පරිබෝජනය කරනවා වැඩියි.

      Delete
  5. තොග කඩගානට බඩු නැති උනත් පොදුවේ ගත්තම කීල්ස් සුපර්වල මිල ගණන් අනිත් සුපර් වලට වඩා පොඩි සහනයක් තියෙනවා. එයිට අමතරව නිතර යන එන තැනක්නං නෙක්සස් කාඩ් එකක් ගත්තම එයාලගේ විශේස ඩිස්කවුන්ට් අහු වෙනවා... අද මං දවල් ගත්ත බඩු වගයක මුළු එකතුව 2412යි.. රුපියල් 176ක් අඩු වෙලා ගෙවන්න උනේ 2236යි. අමිල බිස්කට් ගැන කිව්වනේ.. කීල්ස් සුපර් වල දැන් මාසෙක විතර ඉඳලා මැලිබන් චොක්ලට් ක්‍රීම් 400g පැකට් එකේ ගාන අඩු කරලා.. 200 එක 180ට දෙනවා... අද මං ගත්ත බඩු වලින් මයිලෝ එකට රුපිය් 30 කුත් අර කිව්ව බිස්කට් එකට රුපියල් 20කුත් වගේ අඩු වෙලා තිබුනා. ඊට අමතරව පොඩි සැමන් ටින් එක 110 හේ එක 99යි දැන් කාලෙක ඉදලා.

    හැබැයි ඉතිං පිටකොටුවෙන් මං හොඳම ලංකා අල කිලෝව රුපියල් 70ට ගන්න වෙලාවටත් මුංගේ දෙසීය පනහකට කිට්ටුයි.. ආ තව හොඳම වැඩේ තමා පිටකොටුවේ තියෙනවා පොඩි අල වෙනම... කොච්චර අල ගනන් කාලෙක උනත් එයින් අල කිලෝවක් රුපියල් 50ක් වගේ තමා වෙන්නේ.. මෙන්න යකෝ එක පාරක් ඒ පොඩි අල මුං වෙනම පැක් එකක් හදලා බේබි පොටෑටේ කියලා ලේබලයක් ගහලා විකුණනවා රුපියල් දෙසිය පනස් හයකට.. :D කාහංකෝ ඉතිං...

    පෑලියගොඩ මාළු මාකට් එකේ රුපියල් 300-400ට තියෙන ලොකු ඉස්සෝ කිලෝව මේවට එද්දි 1000ට කිට්ටුයි. කෙලවල්ලා කිලෝව 350ට තියෙද්දි මුංගේ 960යි. පොඩි සාලයා කීල්ස් එකේ කිලෝව 100ක් වෙද්දි මාළු මාකට් එකේ 100ට කිලෝ දෙකහමාරක් දෙනවා...

    වෙලාව කලාව තියේනං ඉතිං මාකට් ගානේ ඇවිදිල්ලත් ජොලි තමා... ඒත් ඉතිං වෙලාව රත්තරං වගේ හැබෑවටම වටින හෝ බොරු බිසියක් පෙන්වන උදවියටනං සුපර්ම තමා...

    ReplyDelete
    Replies
    1. පුංචි පවුල් වලට සහ මාරය්යා වගේ කුඩාම පවුල් වලට සුපර් සෙන්ටර් වල ඒතරම්ම අවුලක් නැහැ. ඉස්සර මම හිටපු බෝඩිමෙ දෙන්න දෙන්න වගේ උයන්නෙ..නමුත් එක එකා බඩු හුවමාරු කරගන්නවා..ඒ කියන්නෙ අල කිොල්වක් ගෙනාවොත් අප ිෙබදාගන්නවා.. අන්න ඒ වගේ 4කට විතර වැඩි පවුලක් හරි කන්ඩායමක් හරි කන බොන උයන තැනක් නම් කෙලින්ම සිල්ලර කඩෙන් තොග කඩෙන් සහ මාර්කට් වලින් බඩු ගන්න එක ලාබයි.

      Delete
  6. අනික අපි ගමේ කඩෙන් පොලෙන් එහෙම බඩු ගනිද්දී හෙට්ටු කරලා තව කියක් හරි අඩු කරගන්නවනේ... සුපිරි වෙළෙඳ සැලේදී හෙට්ටු කලොත් මට්ටු වෙලා තමයි එන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒත් සුපිරි මාකට් වල ටෝක් කරන්න වෙන්නෙ නංගිල තමයි..

      Delete
  7. සුපර් මාකට් සංකල්පය මෙහෙ යන්නෙ බන් නිශ්පාදන්යේ තත්වය සහ නම අනූව,,ජනප්‍රිය තත්වයෙන් උසස් නාම පමනක් තියන සුපර්මාකට්ටු වෙනමයි ප්‍රසිද්ද අඩු නාමයි වගේ සුපර් මාකට්ටු වර්ග වෙනවා,,ඒ එක්කම මිල ගනන් අනූවත් වර්ග වෙනවා,,තමන් කැමති මාකට්ටුවකට යන්න පුලුවන් ඉතින්

    ReplyDelete
  8. ඉරිදාට පොලේ යාම,
    තෝරාගත් අයිටම් කිහිපයක් ගැනීම සදහා පමණක් සුපර් සැල් වලට යාම..

    ආතල්ය.

    ReplyDelete
  9. මාරයා කියුවා වගේ නෙක්සස් තියෙනවා නම් කීල්ස් එකේ ගොඩක් ඩිස්කවුන්ට් තියෙනවා. කීල්ස් වලන ඩිස්කවුන්ට් තියෙන ඒවා නම හොඳට බලලා ගන්න. සාමාන්යෙන් එක වගේ නම් තියෙන බඩු තියෙනවා පැටලෙන්න පුළුවන්. උදාහරනෙකට පපයා ෆේෂ් වොෂ් එකට ඩිස්කවුන්ට් තියෙනවා කියන ලේබලය එල්ලලා තියෙන්නේ කියුකම්බර් ෆේෂ් වොෂ් එක ගාව. අපිත් ගොනා වගේ ඩිස්කවුන්ට් තියේ කියා හිතන් වැරදි එක උස්සන් එනවා. සුපර්මාකට් වල බඩු තෝරන්නත් පුරුද්දක් ඕන. මමනම් සතොස කාගිල්ස් කීල්ස් තුනටම යනවා තුනෙන්ම ගන්නේ ඒ තැන්වල අඩුවටම තියෙන බඩු ඒවා වල ඩිස්කවුන්ට් නැති ඒවා ගමේ තොග කඩෙන් ගන්නවා.

    ReplyDelete
  10. සීනී තේ පැකට් විතරක් නෙමෙයි හාල් කිලෝ කිහිපයක්, තුනපහ, ගෙදරකට ගෙනියන එකත් අද කාලේ හැටියට ලංකාවේ බොහොම වටින දෙයක්. සමහර මිනිසුන් ඒක අවතක්සේරු කරනවා ඒ වුනාට ඔය අයිස්ක්‍රීම් එකක් ටී සෙට් එකක් අරන් යනවට වඩා ප්‍රායොගික දේ නම් ඒක කියලයි මටත් හිතෙන්නේ.
    ලංකාවේ සුපර්මාකට් ක්‍රමය ලක්සරි එකක්. ඒත් සමහර අවස්ථාවලදි ඒක පාවිච්චි කරන එක වාසි සහගත වෙන අවස්ථා තියෙනවා. විශේසයෙන් පාළණ මිලකට බඩු විකිනීම.
    බොහෝ විදේශිය රටවල සුපර්මාකට් වර්ග තියෙනවා. ලාභදායි බඩු ගන්නමත් සුපර්මාකට් තියෙනවා. ඒත් බොහොමයක් සුපර්මාකට් එකට හුරුවෙන්නේ එකම තැනකින් බඩු ඔක්කොම ගන්න පුළුවන් හින්දා වෙන්න ඕනේ.
    ඒත් මට නම් තාමත් ගමේ පොළයි ගමේ කඩෙයි කියන සංකල්පය තමයි.

    ReplyDelete
  11. අමිලගේ ලිපිය මල් මසුරං. මොකද එක-එක පල් හෑලි හැමෝම ලියන හින්දා, මේ වගේ එදිනෙදා ජීවිතයට වැදගත් දෙයක් ලියන එකෙන්, බලන මිනිහගේ ඩේටා ටිකටවත් සාධාරණයක් වෙනවා. මේ ඊයේ පෙරේදා අපේ සර්වන්ට් සීනි ගන්න කියලා රුපියල් 130ක් ඉල්ලා ගත්තා. මම දන්නවා උන්දා කීයක් හරි මාටියා ගහනවා කියලා. නමුත් හොයා බලන්න බැරි වුණා. මගේ මතකය තිබ්බෙත් 110 ක් වගේ කියලා. ඒ ගෑණි කරන මීටර් වැඩ ටිකක් ගැන පොස්ට් එකක් දන්නම්.

    ReplyDelete
  12. සීනි අස්සට නාමල් අයියා අාව විදිය තමයි මේ කල්පනා කරේ

    ReplyDelete