Monday, June 23, 2014

උස්සන්ගොඩ ගමන

උස්සන්ගොඩ තියෙන්නෙ මාතර තංගල්ල පැත්තෙ ඉඳන් හම්බන්තොටට යන ප්‍රධාන පාරෙ ඉඳලා කිලෝමීටර දෙකක් මූද දිහාට ගියාම. මූද අයිනෙ තියෙන ලස්සන තැනක්. මට ඉතිං ගෙදර ගියාම තනි බස් එකෙ දුර. ගෙදරින් උදේට කාල කැමරාවත් අරගෙන පිටත් වුනා ගමනට.




ඔන්න ඉතිං යන්න අහනවා නම් කෙනෙක් පාර දැම්මා. දැන් ලේසියි යන කෙනෙක්ට. 

 ගමනෙදි මුලින්ම හමුවුනේ බලු පූට්ටුවක්.බල සුභ නිමිති පෙර මහ නැකතටත් වැඩි කියාල කියමනක් තියෙනවා නේ..  මේ ගමනෙදි කෙලින්ම අපිට උස්සන්ගොඩ පොට් එකට බයික් එකක හරි වාහනයක හරි යන්න හැකියාව සහ පාර තිබෙනවා. නමුත් මම පයින්ම යන්නයි තීරණය කලේ. පයින් ගිය නිසා ටිකක් පොටෝ වැඩිපුර ගන්න හැකියාව ලැබුනා. 
මෙන්න මේ කොක් නයිදෙ අලුතින් හදන කුඹුරු වලට වෙලා උන්නා. එයා උදේ පාන්දරම වෙල් මාලු හොයනවා ඇති. මේ කොකා සාමාන්‍ය කොක්කුන්ට වඩා ලොකුයි. මූ ටිකක් තරමක එකෙක්. මූට පාලං කොකා කියලත් අපේ පැත්තෙ අය කියනවා. 
මේ කට කලු ටිකක් සාමාන්‍ය කොකාට වැඩිය ලොකු එකෙක්. මුගේ කට කලු නිසා හරියට මගේ පුංචි කැමරාවට පේන්නෙ නැහැ. සැලකිල්ලෙන් බැලුවොත් ලොකු හොටක් තියෙන බව පේනවා. 
මේ කාලෙ මේ පැත්තෙ මඩ වැඩ පටන් ගන්න කාලෙ වෙන්න ඇති. මිනිස්සු උදේ පාන්දරම නියරවල් ගහනවා. මේ වගේ තැන්වල කොක්කු සහ පක්ෂින් එනවා මඩ වැඩ වලදි මතුවන සත්තු හෙම කන්න. නමුත් දැන් කෘමිනාශක ආදිය ගහන නිසා කොක්කුන්ට ඉස්සර වගේ ගොදුරු ලැබෙන්න නැතුව ඇති. 
සරුවට වැවුන කෙහෙල් කොටුවක්. මේකෙ බෝඩ් එකක් ගහල තියෙනවා පේනවා ඇති ගහ කොල සරුවට වැඩේවා කියලා. ඒම ගහල තියෙන්නෙ ඇස් වහ කටවහ වදිනවාට. කෙහෙල් ගස් පේන්න නැතිවෙන්න පැලලි ගහනවාට ආවරණයට කරනවාට වඩා මේම ප්‍රාර්ථනාවක් කියලා බෝඩ් එකක් ගහන එක ලේසියි. 
පතොක් ගස්වල මල් පිපෙන කාලයක් වෙන්න ඇති. හැමතැනම වගේ මේ ජාතියෙ පතොක් ගස් දකින්න තිබුනා. හම්බන්තොට ගැන ඉගෙනගන්නෙකොට ඉස්සර කියන්නෙ මෙහෙ තියෙන්නෙ අර්ධ ශුෂ්ඛ කලාපෙ. මේ කලාපෙ වැවෙන ගස් කටුපඳුරු සහ ලඳුකැලෑ කියලා හඳුන්වනවා. ඒ අතර මේ වගෙ පතොක් වර්ග බහුලව තිබෙනවා. මේ පතොක් මල් ලස්සනට තිබුනාට කටු නම් හරිම විසයි. 

මේ තමයි රොටරි කරන වැඩේ. හාල ඉවරවෙල හොදට වතුර බැඳල තියෙල පස්සෙ රොටරි කරනවා. එතකොට පස ඉක්මන්ට ලේසියෙන් බුරුල් වෙනවා. මේ ගොයි මහත්තයාත් පාන්දරින්ම වැඩ පටන් අරගෙන. කෝමත් ඉතිං මේ වගේ ශුෂ්ක පැතිවල පාන්දරින් වැඩ පටන් අරගෙන 11 විතර වෙනකොට වැඩ නවත්වලා ආයෙත් දෙකට විතර තමයි වැඩ පටන් ගන්නෙ. 



නියම පාරෙ ගිහින් උස්සන්ගොඩ උද්‍යානයට යන්න නම් ටිකක් හැරිල යන්න වෙනවා. මං කෙලින්ම ගියේ බීච් එකට. එතන දැලක් අදිනවා මිනිස්සු ටිකක්. මාත් ටික වෙලාවක් බලං ඉදලා ආවා. ඒ පැත්තෙන් උස්සන්ගොඩට එන්න පුලුවනි. හැබැයි එහෙම ඇවිත් ආයේත ඇතුලට එන්න ඕනි උස්සන්ගොඩ අර බිම් මට්ටමේ තියෙන ගල් ජාති බලන්න. 
ඉතිං තව කැල්ලකින් ඉතිරි පිංතූරු ටික දාන්නම්..මේ බීච් එක මේ හරියෙදි පොලව මට්ටමට වඩා පට්ට ඈන්ගල් එකකින් තියෙන්නෙ. මීටර් දහයක් විතර පරතරයක් තියෙනවා සමාර තැන්වලදි බීච් එකේ උඩම තැන සහ වතුරු තියන තැන අතර.. ඇවිදින්නත් ටිකක් අමාරුයි ඒ නිසා..

16 comments:

  1. කෝ උස්සන්ගොඩ? :D

    ReplyDelete
    Replies
    1. ඒ ටික ඊලග පොටෝ ටිකේ තීනවා.. ඒ ටික දාන්නත් ඕනි..

      Delete
    2. උස්සන්ගොඩ ගමන- උස්සන්ගොඩ පින්තූර නැත.බලු පූට්ටු වල පින්තූර ඇත.සාය උස්සන පූසගෙ පින්තූරෙත් දැම්මා නම් ඔක්කොම සම්පූර්ණයි

      Delete
    3. තම්බියක් වගේ තීනවා, තීනවා කියන්නෙ මූත් ඇත්තටම හම්බයෙක්ද දන්නෙ නැහැ

      Delete
  2. කළු පාට හොට තියන කොකා නං දැකලම නෑ..
    පොටෝ ටිකත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. දුර තියෙන වස්තු ගනිද්දි හරියට වදින් නැති ගතියක් තීනවා.. මොකක් නමුත් අවුලක්..

      Delete
    2. ඔය Black-headed Ibis (හිස කළු දෑකැත්තා) කියන එකා. ඕකුන් කොලඹ කිට්ටුවත් ඉන්නවා ඔය තලවතුගොඩ පැත්තෙ එහෙම කුඹුරු වල.

      අමිල එක හේතුවක් තමයි මම හිතන්නෙ ෆෝකසිං පොයින්ට් එක කොකා වෙනුවට කොකාගෙ පසුබිම තෝරා ගැනීම. (ඕක කැමරා එකෙන් වුනු වැරදීමක් වෙන්නත් පුලුවන්)

      අනික් හේතුව තමයි කට්ට අව්වෙ කිලෝ දෙකක් විතර උස්සගෙන පයින් ගිහින් ෆොටෝ ගන්න තියන උනන්දුව කූල් එකේ කම්පියුටර් එක ඉස්සරහ තව විනාඩි දෙකක් නාස්ති කරන්න නැති එක. මම පින්තූරයක් මේල් කරා පොඩ්ඩක් බලන්න.

      Delete
    3. මං ඔය විදියට හැදුවා..ඒත් ඒ පොටෝ ටික අප් කරල නැහැ..කන්තෝරු මැසිමෙන් තිබුන ටික තමයි දැම්මෙ...ඔය කොකා නම් ගාන්ට ක්‍රොප් කරලා බැක් ග්‍රවුන්ඩ් හැදුවාම ටිකක් හරි යනවා..

      Delete
    4. අනිත් කොකා (හොට හරියට නොපෙන්නුනාට) Openbill වෙන්න ඕනෑ

      Delete
  3. බලං ගියාම අමිලයත් එක්තරා පාලං කොකෙක්...
    නැත්තං බලු ප!ූට්ටුවක් දායියැ ඉස්සිස්සෙල්ලාම..
    හැලපයත් ලියල තිබ්බ අද බලු පූට්ටු කේස් එකක්..
    උස්සං ගොඩට යන පාරත් දැම්මොත් මක්කද..
    මොකද අමල එහෙ වුණාට අපි ඕ ගැන වැඩිය දන්නෙ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. මං මේකෙ මැප් එක එම්බෙඩ් කලා ඒ වෙලේ..ඒක වැටිල නැහැ නේ..මොකක් හරි අවුලක් මැපේ..
      උස්සන්ගොඩ කියලා ඉංගිරිසියෙන් ගහන්න බබා වගේ එනවා පාර සහ ස්ථානය.

      Delete
  4. උඹට තාම පිස්සුව හොඳ නැද්ද බං...

    ReplyDelete
  5. පට්ටය.................. රූප ටික නම් අගනේය....

    ReplyDelete
  6. උස්සන්ගොඩ කඳු මුදුන ගැන කියවෙන සිංදුව මතක් උනා. මේ පරිසරය හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. චාමර කියන සිංදුවක් නේ.. මරු සිංදුව ඒක..

      Delete