Friday, July 11, 2014

මං දැක්ක කොලම්බෝ colomboow

කොළඹ බෝ ගහක ඉන්න පෙලිකන් හෝ ඒ හා සමාන කුරුල්ලො ජාතියක්. මුන්මද මන්දා බේරෙ වැවේ පීන පීන ඉන්නෙ.
කොළඹ අහසට උඩින් යන හෙලිකොප්පර රාජයෙක්. මේවායේ ලොකු අය තමයි යනවා ඇත්තෙ. මම මේ විදියට බිල්ඩිමක ඉහල ඉදලා වටපිට ඡායාරුප ගත කරනවා කියලා කොහේටද කොම්පෙලෙන් එකක් ගිහින්. අපේ ආයතන සිකුරිටි එකේ මාම කෙනෙක් ඇවිල්ල මට අවවාද කරලා තවත් පොටෝ ගහන්න එපාය කියලා ගියා. ෆුබ්බෝල් බාසාවෙන් කියනවා නම් සිකුරිටි මාමා මට කහකාඩ් එකක් වනලා ගියා.
 ඉහලින් බැලුවාම රෙෆියුජි කෑම්ප් එකක් වගේ ඇස්බැස්ටස් සීට් ගහලා තියෙන්නෙ අපේ රටේ ප්‍රධාන දුම්රිය ස්ථානය. ඉදිරියෙන් බැලුවාම ලස්සනට පෙනුනාට ඇතුල සහ සමස්ථය ගත්තාම මේක රටේ ප්‍රධානතම දුම්රිය ස්ථානය විදියට මිට වඩා ඉස්සරහින් ඉන්න ඕනි තැනක් කියලා මට හිතෙනවා. 
දැනට හදමින් යන කොළඹ නෙළුම් කුළුන. මේ කුළුනේ ප්‍රධාන වේදිකාව මහල් තුනකින් යුක්ත සංකීර්ණයක්. ඔය ලගින් පොඩියට පේන තැපැල්බිල්ඩිම මම දැකපු විදියට තට්ටු අටක දහයක බිල්ඩිමක්. ඊට සාපේක්ෂව සහ කොළම ඒ හරියේ ඇති අනෙක් බිල්ඩින් වලට සාපේක්ෂව දැනටම නෙළුම් කුළුන විශාලයි. මේ අසල බේරෙ වැවේ ඩෝසර් කරනවා පේනවා හැමතිස්සෙම අලි සයිස් ඩෝසර් වලින්. බාගෙදා බේරෙ වැව ඇතුලෙ නෙළුං අලේ හදනවාද දන් නැහැ. 
අද කොළඹ අැවිදන කෙනෙක්ට විශාල ගොඩනැගිලි කිහිපයක්ම ඉදිවෙනවා පේනවා. නමුත් තාමත් මේ වගේ පෙට්ටි කඩවල මිිිනිස්සු මී මැස්සො වාගේ පිරිල. සමාර විට ලොකු බිල්ඩින් වල ඉන්න ලොකු මහත්වරුන්ටත් මේ කඩ උවමනා වෙනවා සිගරට් එකක් ගහන්න කාරිය. 
මේ කොළඹ වරායෙන් කොටසක්. මේ කෙළවරින් පෙන්නුම් කරන්නෙ කොළඹ අලුත් බිල්ඩිම කස්ටම් එක.. 
මේ තිියෙන්නෙ කස්ටම් බිල්ඩිම.. ඒක ලගදි හැදුවෙ දැන් අවුරුද්දක ඉඳලා විතර ඇතුලෙ වැඩ. ඒත් විවෘත කරල නැහැ කියලයි ආරංචිය ආවෙ.. 
එළිපිංතූර (light painting) සංකල්පය යටතේ ඔය ඉහලින් තිබෙන කස්ටම් බිල්ඩිමම වඩාත් ලක්ෂනට හදාගන්න මට පුලුවන් වුනා.
මට මේ එළි පිංතූර (light painting) ක්‍රමය ගැන අදහස ආවෙ බුල්ටගේ පිංතූර බ්ලොග් දැකලා. අපරාදෙ කියන්න බැහැ මට තියෙන පොටෝ එඩිටිං ගිම්ප් ගැන දැනුම බොහොම මදි මේ වගේ වැඩකට. ඒ පාර පොටෝ ටික ගහලා අමුණලා යැව්ව බුල්ටට. බුල්ටා ඒක කදිමෙට කරල මේ විදියට පිංතූරු දෙකක් මට එව්වා.. ඉතිංමේ වගේ එළිපිංතුර (light painting) කිහිපයක් බුල්ට මල්ලිත් යසටම අරං තිබුනා. කස්ටිය ඒ පැත්තටත් නිකං යන ගමං ඔලුව දාගෙන යන්න හොඳේ... 

23 comments:

  1. බාගෙදා බේරෙ වැව ඇතලෙ නෙළු අලේ හදනවාද දන් නැහැ. // Hinaa welaa pana giyaa ban. Honda photo tikak! wedi wediyen photo gahanna labewa!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වතුර වල පැත්තට අල ඇදෙන සීන්කෝන් එකක් ඇත්තේ.

      Delete
  2. යන්තං කහ කාර්ඩ් එකෙන් බේරිලා. රෙඩ් කාඩ් වැදුනානම් තමා සීන් කෝන් එක.
    කලින් පොටෝ ටික වගේම මේ පොටෝ ටිකත් නියමයි.
    මාවත් පොඩ්ඩක් මෙව්වා කරලා තිබ්බාට හදපිරි මෙව්වා එක ඈ ......

    ReplyDelete
  3. හුටා. ඒ කියන්නෙ ආයෙ මේවගෙ පිංතූර දාන්නෙ නැත්ද?

    කවුරුත් වැඩි සලකිල්ලක් නොදක්වන ඒත් ලස්සන වැඩක්. මේ පිංතූර කතා සෙට් එකම නියමෙට රසවින්දා.

    ReplyDelete
  4. ආ , මට කියන්න අමතක වුනා. බේරෙ වැවේ ඉන්නෙ දියකාවෝ නේද? අර කිමිදිලා, පස්සෙ ගල් උඩට වෙලා ත‍ටු විහිදලා වේල ගන්න න් කලුපාට පක්සියා. මේ අය නං සත්තු වත්තෙන් ආපු පෙලිකන් කොක්කු සෙට් එකක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. නැහැ මුං ඉන්නවා..මුං කාර් වල වීදුරුවලට හෙම ජරා කලාම වීදුරුව මුල ඉදලා හෝදන්න ඕනි ගමනක් යන්න කලිං..එපා වෙනවා එතකොට..

      Delete
  5. ලයිට් පේන්ටින් පාරක් දානව නොවැ බොරැල්ලෙ හවුස් ඔෆ් ෆැසන් එකෙත්..

    ReplyDelete
  6. පට්ට මට හිතුනෙ ඔයා පොටෝගහල තියෙන්නෙ අර කුණු කාණුව ගාව තියෙන ලොකු බිල්ඩිම පැත්තෙ ඉදල කියල...

    ReplyDelete
  7. ඔය සිකරට් කඩ තියෙනවා බොහොම ජනප්‍රිය ඒවා

    ReplyDelete
  8. එලි පින්තුරේ නම් එල

    ReplyDelete
  9. බලාගෙන ආයුද පෙන්නන් එක්ක යන්න කතා කලොත් නොගිහින් ඉදපං

    ReplyDelete
  10. එල බොකකෙන්ම එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. bra nathuwa Free Brest thamaa honda

      Delete
  11. කොළඹ සෑහෙන්න ගස්වැල් තියනව‍. ස්ටේෂම නං අන්තිමයි.
    අර පොඩි කඩ ගැන නං කිව්ව හරි. මේ ලොකු ලොකු බිල්ඩින් වල මොකක්හරි අවුලක් තියනව. අපේ කච්චේරිය හැදුවෙ අලුතෙන්. දැන් කවුරුත් සිගරට් බොන්නෙ කච්චේරිය ඉස්සරහ පාරෙ අනිත් පැත්තෙ තියන පොඩි පෙට්ටි කඩවලින්. කඩවල් තුන හතරක් තියනව

    ReplyDelete
  12. බුල්ට කරපු රෙද්දක් නෙවෙයි පෙරේද හිටන් කස්ටම් බිල්ඩිමට ලයිට් ගහලා තියෙන හැටි තමා ඔය.
    ජනාධිපතිතුමා එනවනෙ විවුර්ත කොරන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔවු මචං ඔවු..අපි මුකුත් කලේ නැහැ.. උඹට පුලුවන් නම් ඔය විදියෙ පිංතූරයක් අරගෙන මට බලන්න ලිංක් එක එවහං..එතකොට මම විස්වාස කරනවා පොටෝ ගහන එක සහ හදන එක පට්ට ලේසි කජු කනවා වගේ වැඩක් කියලා..

      Delete
    2. "කස්ටම්" නෙවි "කස්ටම්ස්". සිංහලෙන් රේගුව

      Delete
  13. රෑ පින්තුරේට හිත ගියා. එත්, ලයිට් පේන්ටින් කියන්නේ ඔයිට වඩා වෙනස් සංකල්පයක් මං දන්නා විදිහට. පොඩ්ඩක් යු ටියුබ් එකේ හොයල බලන්න

    ReplyDelete
    Replies
    1. උපදෙසක් දුන්නොත් තරහ ගනිද මන්ද. හැම වෙලේම පින්තුර ගනිද්දී කෙලින් ගන්න උත්සහ කරන්න. නැත්නම්, පස්සේ එඩිට් එකේදී කෙලින් කරන්න. සිරස් රේඛා වගෙම ක්ෂිතිජය වගේ තිරස් රේඛාත් කෙලින් තියන එක තමයි සාමාන්‍ය සම්මතය.

      Delete
  14. කොන්ක්‍රීට් පුරවරේ කිව්වට ගස් කොලන් වලින් පිරිල නොවැ සිදාදියත්

    ReplyDelete
  15. පාලමත් එක්ක කොටුවේ ස්ටේශම මේ විදියට දකිද්දී ඇත්තටම අමුතු හැඟීමක් එනවා... හරියට කියාගන්න අමාරුයි...

    හරියට නිකං තාත්තා අසනීපවෙලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක කබල් ඇඳක ඉන්නවා දකිද්දී වගේ...

    ReplyDelete