Tuesday, September 23, 2014

විලාසිතාවෙන් නංවන නිරුවත Fasion n nudity



ඉතා සරලව පෙනෙන දේවල් සංකීර්ණ කොට විමසා බැලීම විග්‍රහ කිරීම් දර්ශන ආදී දේ තුලින් සිදු වෙයි. යම් පද්ධතියක් ගණිතමය හෝ විද්‍යානුකූලව අපිට ග්‍රහනය කොට ගත හොත් එය අනාගත සැලසුම් වලට මහත් වූ පිටුවහලකි.
ගෑනුන් මේක් අප් නැතහොත් රූපලාවන්‍ය සහ විලාසිතා වලට ඇතිවන නැඹුරුව එන්න එන්නම වැඩිවේ. මතයක් සහිත පුද්ගලයෙකු වන උපුල්ශාන්ත සන්නස්ගල කියන්නේ “ ඉස්සර බස්වල යන්න බැහැ දාඩිය ගඳ, ගෑනු හරියට මූන අතපය වත් හෝදන්නෙ නැහැ ඒ දවස්වල.වර්ථමානයේ ගෑනු රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන් වලට පිංසිද්ද වෙන්න දැන් ඇසට ප්‍රිය විදියට අඳිනවා, දැන් ගොඩක් ගෑනු ලමයි පිරිසිදුවට අඳිනවා, එයාලත් පිරිසිදුව ඉන්නවා. ඒක ඒ රූපවැඩසටහන් වලින් වුන හොඳ දෙයක්. නමුත් මෙයාලයි රූප ලස්සන වීමට සාපේක්ෂව එයාලගේ මනස මොඩර්න් වෙලා නැහැ. ලස්සන මේක් අප් එක යට ලස්සන නවීන විලාසිතා යට ජිවත්වෙන්න තාමත් හණමිටි අදහස් ගොන්නක් හිතේ තියාගත්ත පරණ තාලේ ගෑනිම තමයි“ වගේ අදහසක් සන්නස්ගල ඉදිරිපත් කරනවා.
සන්නස්ගල එතනදි හරි. ගෑනුන් ගේ රූපය තිබෙන උනන්දුවට සහ ඒ කෙරෙහි දක්වන උනන්දුවට සාපේක්ෂව ඔවුන්ගේ ආකල්ප වෙනස් වී නැහැ. ඔවුන් තාමත් සමහර විට පුරාණ බමුණු මත අනුව ජීවත්වෙන නමුත් අයි පෑඩ් ෆෝන් පාවිච්චි කරන තැනකට ඇවිත්දෝ කියලාත් මටත් වෙලාවකට හිතිලා තිබෙනවා.
මේ සිරි ලංකාවෙ ෆැෂන් සහ රූපලාවන්‍ය ගැන මට නම් ඒ තරම් ම හොඳ පැහැදීමක් නැහැ. ගොඩක් ලස්සන කරන විදි ක්‍රම තිබුනත් ඒවා භාවිත කිරීම තවමත් තියෙන්නෙ කලාත්මක මට්ටමක නෙමෙයි. ඔහේ උලනවා. අඳින්නන් වාලේ අඳිනවා. වගේ දෙයක් බොහෝ තැන්වල තියෙනවා.
බටහිර දියුනු රටක වීදියක ගමන් කරන ගෑනු අඳින ඇදුම් වල විදිය සහ ඔවුන් මේක් අප් වලින් ශරීරය ලස්සන කරගෙන තියෙන විදිය දැක්කහම ඒ තුල බොහෝදුරට නැචුරල් ගතියක් ඉතිරිවෙලා තිබෙනවා. නමුත් කොළඹ 7 පැත්තෙ තියෙන ඉවන්ට් එකකට ගියාම අපිට දකින්නට ලැබෙන නාරි දේහවලට පිටතින් කෘතිමව කවන ලද ලස්සනක් තිබෙනවා කියලා තමයි මට බොහෝ වෙලාවට පෙනිලා තියෙන්නෙ.
ආර්ද්‍රතාවය
ලිවයිස් හෝ ලුවයිස් කියන ඩෙනිම් කොම්පැනියේ සභාපති තුමා පසුගිය කලෙක කියලා තිබුනා ඩෙනිම් කලිසම යනු නිතර හෝදන්නට උවමනා නොවන දෙයක් කියලා. ඒ මහත්මයා ජීවත්වෙන සෞම්‍ය කලාපීය පරිසරයේ තිබෙන තත්වයට හාත්පසින්ම වෙනස් නිවර්ථන දේශගුනයකදි ඒ විදියට ඩෙනිම සෝදන්නේ නැතිව ඇඳීම අඳින අයට කෙසේ වෙතත් ඒ අසල යන අයගේ නාසයට නම් හොඳක් සිද්ද කරන එකක් නැහැ.
අපේ රටේ සාමාන්‍ය ආර්ද්‍රතාවය හෙවත් වාතයේ තිබෙන ජලවාශ්ප ප්‍රමාණය වැඩියි. බොහොමයක් උත්සව පවත්වන ස්ථාන තවමත් නිසිලෙස වායුසමනය වෙලා නැහැ. සමහර උත්සව අවස්ථා සහ විවිධ සැමරුම් එළිමහනේත් පැවැත්වෙනවා. ඒ වගේ තැනකදි අපේ දේශගුනයේ පවතින අධික දහදිය දැමීමේ සංසිද්ධිය සලකන්නේ නැතුව ගැහැනුන් විලාසිතා කරන්නට යනවා. එහිදී මුහුනේ හෝ සිරුරේ උලනු ලබන බොහෝ දෑ දහදිය හමුවේ නියම ලෙස ක්‍රියා කරන්නේ නැහැ. ඒවායින් අපේක්ෂා කරන පෙනුම ලැබෙන්නේත් නැහැ. ඒ වගේම මිල අධික යුරෝපා රටවල ජනප්‍රිය විලවුන් ආදිය පවා දහදිය තියෙන පරිසරයකදී පතුරුවන කුයිලය නාසයට එතරම්ම පිරියක් ඇතිකරන්නේත් නැහැ. ගෑනු විලාසිතා කරන විට,නිසි ලෙස වායුසමන නොකරන ලද වටපිටාවකදි ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය කටයුතු ගැන දෙතුන් වඩියක් හිතන්න යොමුවෙන එක වැදගත් . ඇනුවල් වෝක් එකක් වගේ එකක් අපිට කොහොමත් වායුසමන වටපිටාවක යන්න ලැබෙන් නැහැ. ගස් අස්සෙ සීතලේ ගියත් හීන් දාඩිය පාරක් දානවා. ඒ වගේ එකකට මේක් අප් තලි උලාගෙන ආවම ඒවා ටිකෙන් ටික දියවෙන්න ගත්තාම නිකං හිටියාට වඩා විකාරරූපී යක්ෂනියක් දකින්නට ලැබෙනවා.

ගැලපීම

ලස්සන සහ ආකර්ශනය කියන්නෙ කාන්තාවන් සම්බන්ධයෙන් නම් හැමවෙලාවෙම සමපාත වෙන්නෙ නැති කාරණාවක්. පිරිසක් අතර සිටින ලක්ෂණ යුවතිය සැමවිටම එහි ආකර්ශණී්‍ය චරිතය වන්නෙ නැහැ. සුළු වෙලාවකට ලස්සන යුවතිය දින්නත් ස්වල්ප වේලාවකින් ආකර්ශණ්‍ය වැඩිපුර ලබාගන්නා කාන්තාව ඇය නොවිය හැකියි.
කාන්තාව කියන්නෙ පොලිෂ් කරපු මැටි බඩුවක් නොවෙයි. ඇයගේ හැසිරීම, සිනහව, සමාජශීලි බව, ආචාරශීලි ගතිය, කෙළිලොල් කම, කට හැකර ස්වභාවය, කාන්තා ඉන්ද්‍රියන්හි ස්වභාවය ආදී බොහෝ කාරණාමත ආකර්ශනය අඩු වැඩි වෙනවා. අති විශාල තන් සහ පස්සවල් නැති කාන්තාවෝ බොහෝ විට සිය නැතිකම ගැන ලතැවීමකින් සිටිනවා. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී බලන්නට යමක් නැති කමම එය දෙස අවධානයෙන් බලන්නට යොමු වන අවස්ථා තිබෙනවා. ඒ හරහාද ආකර්ශණය ලබාගන්නට සමත් ගැහැනුන් සිටිනවා.
විසිතුරු මෝස්තර සාප්පු වල බෝනික්කන්ට ලක්ෂණ ඇදුම් අන්දලා තිබෙනවා. ඒ බෝනික්කන් බොහෝවිට ඉඟ සුග මිටින් ගත හැකි එකම ප්‍රමාණයේ කඳ ස්වභාවයන් ඇති ඒවා වෙනවා. ඒ බෝනික්කන්ට ඇන්දුවාම ගොඩක් හැඩට පේන ඇඳුම් සාමාන්‍ය බැරල් ආකාර මහත දෙහෙත ඇති හෝ ගැරඪි ආකාර සිහින් සිරුරැති යුවතියන්ට ගැලපීම අඩුයි. සමහර අවස්ථාවල ඒ ඇදුම් පැලදුම් වලට ඇති කවර හෝ ආසාවක් නිසා ස්වභාවික රූපය තවත් පහලට හෙලන නොයෙක් විලාසිතා එල්ලගෙන පාර තොටේ යනවා මා කොතෙකුත් දැක තිබෙනවා.
සමහර යුවතියන් සහ ඔවුනගේ විලාසිතා දුටුවිට ඔවුන්ගේ නිවෙස්හී කන්නාඩියක් හෝ නැතිනම් හැඩ බැලීමට වතුර බාල්දියක් වත් නැද්දෝ හෝයි සිතෙන වෙලාවලුත් එනවා.

විශ්වාසය

කොටට ඇඳගෙන ඇවිත් නිතර ඒ කොට්ට උරය වැනි සාය කෑල්ල පහත් කරන්නට වැර වෑයම් කරන යුවතියන් බස් දුම්රිය වලදී හමුවෙනවා. ඩෙනිම පහලට ගොස් ටී ෂර්ට් එක ඉහල ගොස් යට ඇඳුම පෙනේදෝ හෝ යි යන බියෙන් නිතර ටී ෂර්ට් එක පහලට දාන සහ කලිසම උස්සන කාන්තාවන්ගෙන් අපේ සමාජය හිඟ නැහැ. ටී ෂර්ට් එක උඩගොස් යට කලිසම පෙනුනත් ඒ පෙනෙන්නේ උපරිම අඟල් දෙක තුනක් පමණයි. ඒ මාර්ගයෙන් ගොස් අදාල ලිංගික අවයව දැකීම නම් කරගන්න ඉතා අමාරු වැඩක්. ඉතිං මගේ නම් අදහස ඒක ෆැෂන් එකක් විදියට ගෑනු ලමයි සුපර්මෑන් විදියට යට ඇඳුම පෙන්වන්නම ඇඳුම් අඳිනවා නම් එහි කිසි වරදක් නැහැ. නමුත් ෆැෂන් එකට ඇඳලා ඒක තමුන්ටම දරාගන්න බැරුව නිතර වටපිට බලමින් ටී ෂර්ට් පහලට කිරීම, ඩෙනිම එසවීම, කොට සාය දික්කරගන්නට වැර වෑයම් කිරීම බලන කෙනෙක්ට ඇති කරන්නේ හොඳ අදහසක් නෙමෙයි.
අපේ කන්තෝරුවෙ ලිෆ්ට් එකේ කන්නාඩි සවි කරලා තිබෙනවා. ලිෆ්ට් එකේ යනවිට පවා සමහර කාන්තාවන් සිය සාරි හැට්ටය හොඳින් අල්ලා ගස්සා සකසාගැන්ම, ටී ෂර්ට් පහත් කරගැන්ම, ඇඳුම කරකවා සුසර කරගැනීම් ආදී මෝස්තර වැඩ වල යෙදෙමින් යනවා. මට අනුව නම් එය ඒ කාන්තාවන්ගේ ලකුණු අඩුවන්ට හේතුවන දෙයක්. යම් අයෙක් යම් ඇඳුමක් ඇන්දා නම් එය ගැන නිතර සැකෙන් සහ බියෙන් පසුවීම සුදුසු නැහැ. කලිසම කඩාවැටෙන්නෙ නැහැ කියාල හොඳම ෂුවර් එකක් තියේ නම් ආයෙත් හැම වතාවෙම කලිසං උස්සන එක පිරිමි කෙනෙක්ට වුනත් සුදුසු වැඩක් නෙමෙයි. ඒවගේ සුළු දේවල් වලින් තමුන් අනුන්ට පේන ආකර්ශණීය විදිය සැලකිය යුතු ලෙසින් වෙනස් වෙනවා.

ඉරියව් සහ පැවතුම්

ඇඳුම් සහ මෝස්තර එක්කම ඒවාට අදාල ඉරියව් ආදියත් තිබෙනවා. කොට සායක් ඇඳලා ඉන් පස්සෙ නිතරම කකුල් දෙක බෝක්කුව වගේ පලල් කරගෙන ඉන්න එක නොහොබිනා දෙයක්. තැනට අදාල නොවෙන දේවල් ඇන්දාමත් විවිධ ආකාරයේ සිද්ධීන් ඇතිවෙනවා. පංසලකට කොටට ඇඳීම හෝ කර ගැඹුරට කැපූ ඇඳුම් ඇඳීම වරදක් කියන්න අමාරුයි. මොකද බෞද්ධ ආගම අනුව සිත සංසුන් කරගන්න උත්සාහ කරන පිරිස තමයි පංසලේ ඉන්නෙ. නමුත් කොටට ඇඳලා නැමිලා කියලා වඳිනකොට සමහර විට පිටුපසින් සිට වඳින අයට කඳ බඩ ටයර් ඉන්දියාව සහිත මහා රූපං ජීරති නාටකයක් දර්ශනය වෙනවා. එතනදී වඩාත් ලස්සන වෙන්න හිතාන ගෑනු පංසලට කොටට හිරට සහ කර කැපූ ඇඳුම ඇන්දත් වන්දනාවන් කිරීමේදී අවට සිටින බැතිමතුන් ඒ දර්ශන දෙස පිලිකුල් භාවනා සිතින් බැලීමට යොමුවෙනවා.
එහෙම ඇඳන් ගිහින් නැමෙනකොට ඒවා දිහා නොබලන හොඳ සිල්වත් මහත්වරුත් මේ සමාජයේ ඇති පදන් ඉන්නවා. නමුත් මම නම් කිසිවිටෙක ඒ වගේ දෙයක් පේනවා නම් බලෙන් ඇස් ඈතට ගන්න උත්සාහ කරන් නැහැ.  වඳින්න පුදන්න නැමෙන්න (පංසල අතුපතුගාන සහ යම් යම් පහන් දැල්වීම් ආදියේදී නැමෙන්න සිදු වෙනවා) තියෙන තැනකට කොටට හිරට කර කැපූ ඒවා ඇඳන් එන අය,එයාලගේ සැඟවූ තැන් අපිට පෙන්වන්නට රු පිරිසක් කියලා තමයි මම හිතන්නෙ. ඒ නිසා මම ඒ අයට කරන උපකාරයක් විදියට යම් විදියකින් පේනදෙයක් තියෙනවා නම් හොඳින් එය බලාගන්න උත්සාහ කරනවා.

17 comments:

  1. ඒ නිසා මම ඒ අයට කරන උපකාරයක් විදියට යම් විදියකින් පේනදෙයක් තියෙනවා නම් හොඳින් එය බලාගන්න උත්සාහ කරනවා :P

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න එපාය අනුන්ට සැලකීම හොද පුරුද්දක්..

      Delete
  2. විලාසිතා කියන්නේ ලස්සන කලාවක්.
    කලා නිර්මාණයක් රස විඳිය හැකි ඇසක් ඇති කෙනෙකුට නොයෙක් විලාසිතා රසදුනක්.

    ReplyDelete
    Replies
    1. ඔවු කලාවක් නම් තමයි ඒත් කලාකාමියොන්ට පහර දෙන්නත් සමහර අය යනවා නොවෙද?

      Delete
  3. මට මතක් වෙනවා මේ ලඟදි බුකියේ ජනප්‍රිය වෙච්ච ඉන්දියානු නිළියකගේ ඇදුම් හදාගන්න හදන වීඩියෝවක්.

    ReplyDelete
    Replies
    1. ඔවු මටත් මතකයි තමයි ඔය බෙසියර් එක්ක හදාගන්න එකක් ද කොහෙද සෙයා වුනා..

      Delete
  4. ඔක්කොම හරි! අන්තිමේ නරක් වෙන්නේ නිකමට හරි ලඟින් ගිය අපි!

    ReplyDelete
    Replies
    1. ළගින් යනවනම් මැදැයි ඉතිං සමහරු අහ්..මේ පස්ස බර වැඩිද කියාල ජැකුත් ගහන්ඩ යනවා නොවැ..

      Delete
  5. ලංකාවේ බහුතරයක් මේක් අප් කරන්න දන්නේ නැහැ. වෙඩින් වලට ගියාම එපා වෙනවා කෝලම් දැකලා

    ReplyDelete
    Replies
    1. ඔව් වෙඩිමක් කියන්නෙ අර සිද්ධාර්ථ කුමාරයා කලකිරුනු තැන වගේ තැනක් වෙලා..

      Delete
  6. Replies
    1. උඹේ උපන් දිනේට මාස දහයකට කලිං උඹලයි තාත්තට ත් පිස්සුව්ක තිබුන් නැත්තං කොච්චර හොදයිද? අනුන්ගේ තැන්වල රිංගලා කියවනවා මදිවට උන්ගේ මොල බලන්නත් එන කාලකන්නි වාහෙලා..

      Delete
    2. E kiyanne me blog eka pudgalika thanakda? Api kiyawanna EPA nam mithuran athare pamanay kiyala gahanna puluwan neda? Ey ehenam meka net eke apitath balanna danne?

      Delete
  7. මේකට තියෙනෙ එක තියරියයි. ඒ ත මා පෙන්නිම හා හෑන්ගීම තියරිය.කෙල්ලො ඈදුම් නෑතුව ආවොත් විතරද කොල්ලො බලන්නේ, නෑ.කොල්ලො කොහොමත් බලනව.කෙල්ලො පෙන්නනව.හෙබෑයිබ් අපි හෙමොට හෑමෝටම හෑදියාවක් කියලදෙයක් තියනවනේ.ඒකනිසා කොල්ලො හොරෙන් බලනවා, කෙල්ලො හන්ගනවා.
    කොල්ලො බලනවා කියන එක හෑමොම දන්න දෙයක්නෙ.එතකොට කෙල්ලො කොහොමද පෙනන්නෙ?
    ඈදුමෙන්ම තමා කෙල්ලො පෙන්නන්නෙ. කෙල්ලන්ගෙ ලොකුම දේ තමා කුට්ටම, දෙන් මෙතනදිත් කතාවෙන්නෙ ඒකනෙ.කොල්ලොත් ඉතින් මුලින්ම බලනේ ඔකනේ.අපේ සමාජයේ විදිහට කෙල්ලෙක්ගේ මල්වරවීම විශශ උනත් ඊට වෙඩිය කෙල්ලෙක් මුලින්ම බ්රා එකක් ඈදපු දවස කෙල්ලන්ට විශේශ්යි.7එ.8 පන්තිවලදි මුලින්ම බ්රා එකක් ඈන්දම තියන සෑලකිල්ල කෙල්ලො දන්නව.වෙනදවගේ නෙම්නෙ හොදට උල්වෙලා පේනවනේ.සමහරු කියයි බ්රා අදින්නෙ හොදට වෙහෙන්න කියලා. පිස්සුද, එතකොට පෑඩඩ් බ්රා අදින්නෙ මොන කෙහෙල් මලකටද.සාරි අදින කෙල්ලො බ්රාර කප් පිට බ්රාර කප් දාන්නෙ ඔක පෙන්නන තමා,නෑදිද.හෑබෑයි හන්ගන්න හදනවා,ඔක තමා ඈත්ත.

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්ත. හැංගීමක් නැත්නම් එතන කලාවක් නැහැ නෙව.. ඔය තියෙන කද බඩවල් සහ වැඩිපුර මාංසත් එක්ක ඔක්කොම ඇරගෙන ගියොත් කවුද අප්පා බලන්නෙ. ඒනිස ඒවා බැරල් වල දාල වහල අපිට පේන්න සේල් කරගෙන යනවා..අපිත් ඉතිං අහ් නියර මේමනං කුඹුර කෝමද කියලා බල බල යනවා..

      Delete
    2. Ane yako thopi kochchara kathada? Ganu witharada lassanata inna one? AMILA tho hena gandaya kiyala tho ekka iskole giya ekek hamadama kiyanawa.

      Delete
  8. ලංකාවේ ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ ෆැෂන් ගැනනම් කියලා වැඩක් නැත. අඳින ඇදුම් කිසිම ගැලපීමක් නැහැ. තඩි බඩ තියෙන ගෑණු 3 ක්වෝටර් ඇදලා ටයිට් ටී ෂර්ට් ඇඳලා යනවා. දැක්කහම සංසාරේ කලකිරෙනවා. සමහරු අර කිව්ව වගේ ලස්සනට ඇඳලා ගියත් හැම වෙලාවෙම ටී ෂර්ට් එක පහලට අදිනවා, නැත්නම් ස්කර්ට් එක වහගන්න හදනවා. සාරිය ඇන්දොත් පිටිපස්සට එන්න ඕනේ පොට අරන් ඇඟ වහගන්නවා, පුදුම විකාරයක්. පිරිමි කොහොමත් ගැහැනු දිහා බලනවා. අනිත් එක එහෙම බැලුවා කියලා දූෂනය වෙන්නේ නැහැනේ. ඉතින් අනිත්මට මේ වැඩ නිසා ෆැෂන් එක පිස්සුවක් වෙනවා. මෙලෝ රහක් නැති වෙනවා.

    ReplyDelete