Friday, January 9, 2015

මුලින්ම උගත්තු ඇතුලට දාගත යුතුද?

වර්ථමානයේ දේශපාලනය සමග පැරණි අති පැරණි මතයක් නැවත කරළියට ඇවිත්. ඒ තමයි උගතුන් පාලනයට වැඩිපුර දායක කරගතයුතුයි කියන කාරණාව. 
සත්‍ය වශයෙන්ම පද්ධතියක පැවැත්මට උගතුන් අවශ්‍යයි. නමුත් පද්ධතියක් කළමනාකරනය සහ ප්‍රතිව්‍යුහකරන කරන වැඩේට උගතුන් වගේම නූගතුන් පවා දක්ෂයි. 

උදාහරණ විදියට ගත්තොත් විශාල ඉදිකිරීම් සමාගම් තිබෙනවා එහි පරිපාලකයා සිවිල් ඉංජි්නේරු විද්‍යාව මානව සම්පත්, කළමනාකරන විශයන් හදාරලා නැහැ. නමුත් ඔහු දක්ෂ උගතුන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ලක්ෂනයට ව්‍යාපාරය කරගෙන යනවා.. 

අපේ රට ගත්තොත්මේ රටටමේ පවතින හැඩය ස්වරූපය ලබා දුන්නෙ සුද්දො..ඔවුන් වතු වගා කලා...ආර්ථිකය හැදුවා.. කෝච්චි පාරවල් හැදුවා..මහ පාරවල් හැදුවා..පරිපාලන ක්‍රමක් ගෙනාවා..නීතිය ගෙනාවා.. ඉතිංඒ සිද්දි හොදට ඇනලයිස් කරලා බැලුවොත් පේන දෙයක් තමයිඒ අදාල ලංකාව රටක් කරද්දි වැඩ කරපු සමහර අයඒ අදාල ක්ෂේත්‍රය ගැන පට්ට උගතුන්ෙ නමෙයි..එ් අය වැඩකරද්දි උගතුන් දායක කරගන්න ඇති. නමුත් උගතුන් කියන්නෙ අර මූලික වෙච්ච ඩෑල් නෙමෙයි..

වසාන රජුට පෙර රජු ශ්‍රී වික්‍රම රාජසිංහ
සරලවම කිව්වොත් අපි පාං කපන්න පිහිය ගන්නවා. නමුත් පිහිය නෙමෙයි නේ පාං කපන්නෙ.ඒකට මිනිහෙක් ඉන්න ඕනි. ආන්න ඒ වගේ අපේ පද්ධතිවලට ලංකාවෙ සිස්ටම් වලට වෙලා තියෙන්නෙ උගතුන් නැති අඩුවට වඩා දක්ෂ පාලකයින් පරිපාලකයින් ව්‍යාපෘති කළමනාකරුවන් කළමනාකරුවන් ආදිය නැති එක. 

මේ දවස්වල දක්ෂ පරිපාලකයෙක්, කළමනාකරුවෙක් තමයි මහින්ද දේශප්‍රිය මැතිතුමා. එතුමා රසායන විද්‍යා පිළිබද විශේෂ උපාධි ධරයෙක්. නමුත් රසායන විද්‍යාව කලාට එතුමා පරිබාහිර ක්ෂේත්‍රයක් වන පරිපාලනයේදී ප්‍රමානාත්මක ලෙස දක්ෂ හැසිරීමක් පෙන්නුවා. සාමාන්‍ය පරිපාලකයින් වගේ අත් දිග ෂර්ට් එක,ගානට කැපුන රැවුල, ටයි එක,කෝට් එක, ගාම්භීර නොසැලෙන හිනානොවෙන පෙනුම, ආරූඩ කරගත් පෞරුෂය නැතිවුනාටඒ තනතුරට අදාල සියලු වැඩ එතුමා අනර්ඝ ලෙසම නිමකලා....

ඇත්තටම අද පාර්ලිමේන්තුවට පවා උගතුන්ගෙන් අඩුවක් තියෙද? ආන්ඩු පක්ෂෙ බැලුවත් අවසාන කාලෙ වෙනකල් පාඨලී, ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වගේ බොහෝ උගතුන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් රජයට සහාය දැක්වුවා. නමුත් ඔවුන් කොයි තරම් සාර්ථක වුනාද? 

දක්ෂ කළමනාකරුවන්, පරිපාලකයින් තීන්දු ගන්න හොද නිර්මාණශීලි ඔලුවක් තියෙන මිනිස්සු ඕනි කාලෙක විශය සම්බන්ධ උගත්හු ආයතන වලට, පාර්ලිමේන්තුවට සහ පද්ධතියේ නවීකරණය සිදු විය යුතු තැන්වලට ගාල් කිරීමෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකිවෙයිද? 

ඇත්තටම ලාංකික උගත්හු බහුතරය දක්ස කළමනාකරුවන් නොවන්නේ ඇයි? අපි ටිකක් කතා කරන් නැතුව හිතමු.. හිතලා බලමු.. 

හැමදාම ඉස්සර වගේ පාර්ලිමේන්තුවෙ ඉන්න ලෙවල් පාස් නැති මිනිස්සුන්ට අපහාස නොකර නිර්මාණශීලි අදහස් වලට සහතික ඉල්ලන්නෙ නැතිව උගත් නූගත් බේධයක් ජාතිබේධය වගේ එක්ක කියලා අවබෝද කරගන්න උත්සාහ ගනිමු...

8 comments:

  1. ඔබ හරි අමිල.
    අවශ්‍ය වන්නේ බුද්ධිමතුන් වේ. උගත් වුවත් බුද්ධියක් නැත්නම් වැඩක් නැත.

    මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. ඔබටත් යන යන තැන මේ වගේ බල්ලා පඳුරු වලට කකුල උස්සන ක්‍රමයේ ඇඩ් දැමීම සඳහා විමසන්න පුකසි සහ සමාගම.

      Delete
  2. වර්තමාන ලාංකික උගත්හු බහුතරය බුද්ධිමතුන් ‍‍ද?
    යහපත් ආකල්පවලින් ‍තොර උගතුන්‍‍!
    නිදහස් අධ්‍යාපන‍යෙන් දුප්පත් මිනිහ‍ගේ බදු සල්ලිවලින් ඉ‍ගෙන ‍ගෙන දුප්පත් මිනිහා ‍පෙළන හුරන්කන උගත්කම.

    හරි විහිලුයි ‍නේද
    :)

    මැ‍කෝ 82 පරිපාලන ‍සේවයට බැදුනු ‍කෙ‍නෙක්.
    අන්තිම ‍“‍ජෙන්ට්ල්මන් එස්එල් ඒ එස් බැච්“ ව‍ගේම ‍හොදම බැච් එක කියලයි ප්‍රසිද්ද.‍‍

    ReplyDelete
  3. ඇත්ත
    ලංකාවෙ ඉන්න හුඟක් උගත්තුන්ට නැත්තෙම බුද්ධිමත්කම. මේ දෙකම එකට එකතු වෙන්නෙ නැත්තෙ අපේ අධ්‍යාපන ක්‍රමයෙ තියන පාඩම් කිරීම මුල් තැනදෙන එක නිසා.මේක උපාධිදාරීන්ට කරන අපහාඅසයක් නෙමෙයි නමුත් ඇත්ත.කලා උපාදියක් ගන්න හැමෝම බලන්නෙ ආන්ඩුවෙ රස්සාවක්.හොඳම උදාහරනය මට අපේ ගෙදරින්ම දෙන්න පුලුවන්.මගේ බිරිඳ ආර්තික විද්‍යා උපාධිය තියන කෙනෙක්.නමුත් අත්දැකීම් සහ ජීවිතයෙන් ඉගෙනගත් දේ බින්දුවයි.ලොකුම අවාසනාව ඒ බව පිලිගන්න අකමැති වීම.යමක් කරන්න ගියහම ඒ අඩුව පෙන්නනවා.කවුරුහරි දරුවෝ පවා ඒක පෙන්නුවහම තරහ යනවා.

    ReplyDelete
  4. හඳහන්කාරයින් කියන විදිහට රට පාලනය නොකර සිටීමට විශේෂ උගත්කමක් අවශ්ය නැත. මිනිස් මොලයක් පමණක් ඇත.

    ReplyDelete
  5. මේ ඉන්නෙ මයිත්‍රියට දාපු එකෙක්.දැන් උත්තර දෙන්න ලේස්ති වෙයන්..!

    ReplyDelete
  6. මට හිතෙන අන්දමට ඔබට ටිකක් පැටලිලා තියෙනවා.උගතෙක් නැතහොත් බුධිමතෙක් වීමට සහතික පත් (උපාධි ධරයෙක්) ලද්දෙක්ම විය යුතු නැහැ.මා මගේ ජිවිතයේදී සහතික පත් නොලත් බොහෝ බුධිමතුන් දැක තිබෙනවා.ඔවුන් විසින් කල සේවයද දැක තිබෙනවා. එමෙන්ම සහතික පත් ලත් බොහෝ මෝඩයන්ද දැක තිබෙනවා.ඔවුන් විසින් රටට කල හානියද දැක තිබෙනවා. කෙනෙකුගේ බුධිය මතු වන්නේ ඔහු ලබන අධ්‍යාපනයෙන්ය.ඒක ලබන්නේ කොතනින්ද කියන එක වැදගත් වන්නේ නැහැ.වැදගත් වන්නේ ඉගෙනීමක් ලැබීමයි.

    සමහරවිට ඔබ සිතයි මට සහතිකයක් නැති නිසා මා සහතික පත් (උපාධියට) වලට ගරහන අයෙක් කියා.එය වැරදියි.මට මේ රටේ එක විශ්ව විද්යාලයකින් ලද මුලික උපාධියක් මෙන්ම තවත් මේ රටේ එක විශ්ව විද්‍යාලයකින් ලැබුණු පශ්චාත් උපාධියක්ද තිබෙනවා. තවත් විදේශීය ආයතන 3 කින් ලද ඩිප්ලෝමා වන්ද මා සතුව තිබෙනවා.

    සමරසේකර

    ReplyDelete
  7. Nidahas Lankawe palamu Agamathi DS Senanayaka,mahatha,sahathika nolath Ugathek,Buddimathun athara ihalinma sitiyek.(Ranjan)

    ReplyDelete