Friday, April 8, 2016

මාතර මුහුදු කේබල් එක

SEA ME WE 5 සබ්මැරීන් කේබල් එක ලංකාවට සැපත් වුනා පහුගිය දවස්වල. ලංකාව කියන්නෙ මේ කේබ්ල එකේ සංදිස්තානයක්.. ලංකාව මේ සී මී වී කියන ව්‍යාපෘතියේ මුල සිටම ඉදපු සමාගමක්. මෙයින් SEA ME WE 1 සහ 2 කියන කේබල් දෙක තඹ සහ කෝක්සියල් කේබල්.. නමුත් තුන්වැනි සී මී වී කේබලයේ සිට දැන් අදිමින් පවතින 5වැනි කේබලය දක්වා දිවෙන්නේ ඔප්ටිකල් කෝර්ස් අඩංගු කේබලයක්. ඒ කිව්වෙ අපි යවන දත්ත ආලෝක තරංග බවට පත්වෙලා ආලෝකය විදියට තමයි ඉතා සිහින් තන්තු අතරින් ලෝකය පුරා දත්ත විදියට බෙදා හැරෙන්නෙ. 
මාතරට ෆුල් ලෑන්ඩ් කිරීම 
ඔබට මේ සිතියම බැලුවාම පේනවා ඇති අරාබිය දිහා ඉදන් ඉන්දුනීසියාවට යන මේ කිලෝමීටර 20000කට වඩා වැඩි කේබලය ගමන් කරද්දි ලංකාව මූලික සංදිස්ථානයක් වෙනවා. මෙතෙක් කල් ලංකාවට මුහුදු කේබල කිහිපයක්ම සම්බන්ධ වී තිබුනත් මේ විදියෙ ෆුල් ලෑන්ඩින් එකක්.. ඒ කිව්වෙ දෙපැත්තෙන්ම කේබල් එක තැනකට කනෙක්ට් වෙන, මූලික කේබලයම ලංකාවට සෙට් වෙන කේබල් එකක් තිබුනෙ නෑ.. ඔබට මේ සිතියම බැලූවිට පෙනී යනවා ඇති..ඉන්දියාව ලබාගන්නෙත් මේ කේබලයෙන් ටී ජොයිනට් එකක් ගහල ගන්න කෑල්ලක් විතරයි.. අපිට මේකෙදි ෆුල් ලෑන්ඩින් එකක් ලැබෙන නිසා වාසි ගොඩක් තියනවාය කියල තමයි ආරංචි වෙන්නෙ.ඉන්දියාව මුලින් මේ කේබල් එකට කැමති වෙල නෑ..පස්සෙ තමයි එයාල කේබ්ල එකට  එකතු වෙලා තියෙන්නෙ. 

ලංකාවට තිබෙන මුහුද කේබල. 

මාලදිවයින සහ ඉන්දියාවට සම්බන්ධ සිරි ලංකා ටෙලිකොම් කේබල් තිබුනත් ඒවා එතරම් සක්‍රිය මට්ටමක පවතින්නේ නෑ.. දැනට ලංකාවෙ වැඩිම ධෘරිතාවයකින් වැඩ කරන කේබල් එක තමයි SEA ME WE 4 කියන කේබල් එක. මේ සී මී වී 4 සහ 5 කේබ්ල අතර කාල ප්‍රාන්තරය මදක් වැඩියි. 4වැනි කේබල් එක ඉවර වෙන්නෙ 2006-07 අවුරුදු වලදි. නමුත් 5 එන්න ටික කලක් ගියා. ඒ නිසා මේ පාරෙම වෙනත් කේබල් එකක් එකතු වුනා.. ඒ නිසා කලිං සම්බන්ධ වෙච්චි  සමාගම් නැතුව අලුත් සමාගම් මේ කේබල් එකට එකතු වුනා. 

ලංකා බෙල්, ඩයලොග්, සමාගම් වලට එයාලටම වෙන් වුන මුහුද කේබල් තිබෙනවා. නමුත් මේ එකතුවෙන සහ දැනට පවතින මුහුද කේබල් වල යන ධාරිතාවය එක්ක බැලුවාම සී මී වී කියන්නෙ බොහොම බලගතු කේබල් එකක් වෙනවා ඉදිරියේදි.. 

මේක ලංකාවට ලැබුන තෑග්ගක්ද?
නොදන්නා සහ  පැහැදිලි කරගත නොහැකි දේවල් දේවත්වයෙන් පිදුම් ලැබීම ලංකාව වගේ රටවල ඈත අතීතයේ සිටම සිද්ද වුන දෙයක්. මේ කේබ්ල එක සම්බන්ධයෙනුත් ඒ වගේ රංගන තිබෙනවා මම දැක්කා. ඇත්තටම මේක මේ දැන් තියෙන ආන්ඩුවෙ පොයියක් නිසාවත් ආන්ඩුවෙ මැදිහත් වීමක් නිසා වත් පිනට දෙන එකක් නෙමෙයි. මේක සැබැවින්ම ටෙලිකොම් සමාගම කරන ආයෝජනයක්. සමාගමක් විදියට ටෙලිකොම් සමාගම සම්පූර්ණ රජයේ එකක් නෙමෙයි. අන්තර්ජාතික වැදගත් කමක් තියෙන නිසා ඔ්‍ය දේසපාලන ගොල්ලා ටිකක් ඉතිං පිරුවට ඇදලා ලකුනු දාගත්තට කමක් නෑ..හැබැයි මේක එයාල ගෙනාව එකක් කියලා පොයි කෙලිනවා කියන්නෙ තනිකර  මිනිස්සු ඇන්දීමක්.. 

රටක් විදියට ලංකාව අතීතයේ අරගෙන තියෙන එක්තරා සැර තීරණයක් තමයි මේ මුහුදු කේබල ජාලයට ලංකාව සම්බන්ධ වීම. ඒ හරහා  ලංකාවෙන් එලියට යන්න තිබුන අන්තර්ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන එක බොහොම ලේසි වුනා. එවකට 1980 දශකදයේදී පාදුක්ක ආදී තැන්වල විසාල සැටලයිට් මධ්‍යස්ථාන ගහල අමාරුවේන යවපු අන්තර්ජාතික දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් 1985 දියත් වුන පලවෙනි මුහුද කේබලයෙන්ම ලබාගන්නට හැකිවුනා. ඒ පලවෙනි කේබල් එක කොපර්.. දැන් තියෙන්නෙ ෆයිබර්.. පලවෙනි එකයි මේ අලුතින් ඇදෙන කේබල් එකයි අතර තිබෙන වයස පරතරය අවරුදු 30ක් විතර නමුත් තාක්ෂනය සහ දත්ත වේගය අතින් බැලුවොත් අහසට පොලව වගේ මහා විසාල පරතරයක් මේ කේබල් දෙක අතර තිබෙනවා. 

මේ මුහුදු කේබල් ඇදීමේදී ඒ සම්බන්ධ වෙන රටවල තිබෙන ටෙලිකොම් සමාගම් විසින් ලැබෙන කොටස් අනුව ආයෝජනය කෙරෙනවා..මතුකාලයේදී ඒ කේබලයේ වෙන්වුන දත්ත ප්‍රමාණය සහ පරාසය තීරණය වෙන්නෙ මේ අපි ආයොජනය කරන මුදල මත. මේක තරමක් ඉලක්කම්  අනුව මහ විසාල ගානක් ලංකාවෙදි.. නමුත් අපි රටක් විදියට විදුලි සංදේශ යටිතල පහසුකම් දියුනු කරන්න නම් මේ විදියේ ආයෝජන වලට සම්බන්ධ වෙන්න වෙනවා. 

කේබල් එක සම්බන්ධ වෙන ස්ථාන.. ඒ ඒ තැන් වලදි සම්බන්ධ වන සමාගම් .. කේබල් එකේ ධෘරිතාවය ආදී බොහොමයක් විස්තර අන්තර්ජාලයේ ඉංගිරිසි බසින් සදහන් වෙනවා.. අවශ්‍ය අයෙකුට ගූගල් සෙවුමකින් ඒවා ලබාගන්නට හැකියාව ලැබෙනවා. මේ කේබල් එකේ ධාරිතාවය අපිට තරමක් විස්තර කරගන්න අමාරු දෙයක්. ඒ සමස්ථ ධාරිතාවයම අපිට පාවිච්චි කරන්න අවස්ථාවක් එන්නෙත් නෑ..බොහෝවිට එහෙම ලැබෙන්නෙත් නෑ.. තත්පරයකට ෆිල්ම් මෙච්චර අච්චර බාන්න පුලුවන් කියලා ගල් කෙබර වගයක් නෙත් එෆ් එම් සයිට් එකේ තිබුනා..නමුත් ටෙලිකොම් විශය සහ දත්ත සන්නිවේදනය ඉගෙනගත් අය දන්නවා ඒ විදියට ගණනය කිරීම අමු ගොබ්බ වැඩක්. 

මාතරට ප්‍රධාන වශයෙන් කේබල් දෙකක් දෙපසින් සම්බන්ධ වෙනවා..ඒ අවස්ථාවලදි මාතර බීච් එකේ හිටපු සෙනග දිහා බලපු ඇතැම් අය කිව්වෙ මේක වෙසක් කිට්ටුව වගේ ඇද්ද නං ටකරං වලිං වටකරල කේබල් පෙන්නවා කේබල් පෙන්නවා කියල ලොකු ගානක් හොයාගන්නත් ටෙලිකොම් එකට හොයාගන්න ඇහැක් තරමේ බර සෙනගක් මූදු කේබල් එක අදිනවා බලන්න එකතු වෙලා හිටියා කියල. 

කොහොම වුනත් අලුත් දෙයක් ආවම ඒක දිහා බලං ඉදලා භෞතික ස්වභාවය අද්‍යනය කරන්න තියෙන නැඹුරුව අපේ ඇත්තන්ට ඒවා අන්තර්ජාලයේ සහ වෙනත් මාර්ගවලින් සොයාබලලාත් ලබාගන්න ඇතිවෙනවා නම් වටිනවා. 

6 comments:

  1. හරිම අගෙයි සිංහලෙන් පමණක් කියවන අයට නැවුම් දැනුම සපයන්න පෙරමුණ ගත් ඔබට සුබ පැතුම්

    ReplyDelete
  2. අපේ ඇත්තන්ට,අන්තර්ජාලය බලල වැදගත් දේවල් ඉගෙනගන්න තරම් ඔලුවක් තිබුනනම්,අපේ රටත් ලෝකයෙ ඉදිරියෙන්ම ඉන්න රටක් වෙන්න තිබුන.

    ReplyDelete
  3. මේ විස්තර ටික නම් බොහොම වටිනවා.

    කේබල් එකක් ඇද්දා කියලා ආරංචිවුනාට මේ වගේ වැඩි විස්තර ලැබුනේ නැහැ..
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  4. හොඳ විස්තරයක්. මුල් කේබල් දෙක ගැන දැනගෙන හිටියට මේක ගැන දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  5. අගේ ඇති විස්තරයක්.ස්තුතියි අමිල. මේ වගේ ලිපි වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් අතරට එකතු වෙනවානම් හොඳයි

    ReplyDelete
  6. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete