Sunday, August 21, 2016

උතුර දැන් නිවිලද

ජනවාර්ගික ප්‍රශ්ණ මත ඇතිවන ත්‍රස්ථවාදී ක්‍රියා සම්පූර්ණයෙන්ම පරාජය කලා කියල ඒවා ඉවර වෙන්නේ නෑ.. උතුරත් ඒ වගේ.. උතුරේ දැන් තියෙන තත්වය තරමක් අවුල්.. මේක ඉස්සරහට පත්තු වෙන්න බොහෝවිට ඉඩ තිබෙන ගිනිකන්දක් වගේ..

කොහොමටත් එදා ඉදලා පලාත් සභා කියන දේ ලංකාවේ තිබුනා. පලාත් සභා මදි කියන එක එදා ඉදලා තියෙන මතයක්. නමුත් අපේ පාර්ශවයෙන් ඒකටලැබෙන්නේ ඇල්මැරුනුඋත්තරයක් හැම වෙලාවෙම.. 

උතුර කොටසේ වැඩවාසය කරන දෙමල ජනතාවට දැනට තිබෙන පලාත් සභා බලතල වලට වඩා වැඩි යමක් දෙන්නට දකුනේ ජනතාව ගෙන් තියෙන්නේ නම්‍යශීලි ප්‍රවේශයක් නෙමෙයි..ඉතා සුලු බලතල බෙදීමක් පවා දකුනට මෙන්න අපි දිනාගත් එක ආපහු දෙන්නයි යන්නේ කියන දේශපාලනික පටු තීරුවලට කොටු කරන්න දකුනේ සිංහල ජාතිවාදී දේශපාලකයින් සමත් වෙලාතියෙනවා.. 

රාමුවෙන් එපිට හිතුවොත් යම්කිසි ජන කොට්ඨාශයක් භූමිය මත පදනම්ව යම්කිසි දේහපාලන ව්‍යුහයක් ඉල්ලනවා නම් ඒක අපි ලබාදෙන්නට ඕනි..ඒ භූමියේ උරුමය කාටද? ඉස්සර කාලේ හිටියේ කවුද? මෙයාල පස්සේ ආපු අය වගේ කරුනු හුදෙක් අපේ ගැලවිජ්ජාවට කියන කාරණා විතරයි. භූමියේ වර්ථමානයේ වාසය කරන ජනතාවගෙන් තුනෙන් දෙකක්ම කැමති නම් මධ්‍යම රජයට වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයක ෆෙඩරල් ව්‍යුහයක් ඒ පලාතට ස්ථාපනය කරන්න. 

යුද්ධයෙ මතක එක්ක 2009දි යාන්තම් ජංගි කෑලි ඇදගෙන හිටපු කොල්ලො කෙල්ලො දැන් ලොකුවෙලා..එයාල දැන් තරුණ පරපුර.. එයාලට අලුතින් රස්සාවල් නෑ..හොදින් බැලුවාම මුලු ලංකාවෙම රස්සා පස්නයක් තියෙනවා..නමුත් එයාල දකින්නේ එයාලට විතරක් ඒක තදටම තියෙනවා කියලා.. එයාලගේ දේශපාලකයෝ තොපේ රස්සාවල් නැතිවන්නේ අරුන් නිසා කියාල සිංහල අපිව පෙන්වනවා ඇති. 

මේ ලගදි මට වෘත්තිය සුදුසුකම් අනුව දෙන ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකයක් ගන්න ප්‍රායෝගික පරීක්ෂනයකට පෙනී ඉන්න වුනා.. එතනදි ඊට කලිං කන්ඩායමකට අයත් වුනු උතුරේ දෙමල සිසුන් පිරිසක් සිය මහඇමති විග්නේශ්වරන් හරහා ලියුමක් අරං ඇවිත් තිබුනාලු සිසුන් පාස් කරන්න කියලා.. ඔවුන් විශය සහ ඒක පාස්වෙන්න කරන්න ඕනි ඉගෙනගන්න ඕනි මොනවද කියලා හොයල බලල පොඩි ප්‍රැක්ටිකල්ස් ටිකක් ඇරේන්ජ් කරගන්න හැකියාව ඔනි තරම් එයාලට තිබුනා.. 

නමුත් එයාලත් අමුතු විදියට වැඩේ ගොඩදාගන්න ගියා..මට ආරංචි වුන විදියට එයාලට ඒ පරීක්ෂණයෙන් යාන්තම් වත් සමත් වෙන්න තරම්වත් දැනුමක් තිබිල නෑ,. ඉතිං මේ වගේ දේවල් වුනත් දේශපාලකයෝ ඔහේ ලියුම් දීල දේශපාලන කාරණා බවට පත් කරගෙන තියෙනවා.. දකුනේ වගේ නූගතුන් නොවන උගත් විග්නේශ්වරන් වැන්නෙක් එවැන්නක් කිරීම සැබැවින්ම ඔහුගේ ඇති හැදියාව මොනවට පෙන්නුම් කරනවා.. 

දැන් උතුරේ තියෙන තවත් විසාල ගැටලුවක් තමයි ධීවරයින්ගේ ගැටලුව..සැබැවින්ම උතුරේධීවර ගැටලුව ගැන උතුරු පලාත් මහ ඇමති තුමාගේ මතය කුමක්ද? අපේ රජයට ඇයි බැරි උතුරු ධීවර ගැටලුව විසදගන්න දෙමල ජාතික පැත්තේ අයට අවස්ථාව ලබාදෙන්න.. 

කොහොම වුනත් දැන් යන විදියට අපේ ජීවිත කාලය ඇතුලත උතුරේ බලන්න තියෙන තැන් ටික ආයෙමත් ගිහින් වරක් බලාකියාගෙන එන එක බොහෝම හොද වෙයි..මොකද දැන් පේන සහ ගමන් කරන විදියටලොකු යුද්ධයක් නැතත් අර කාශ්මීරයේ වගේ කිසිදා නොනිමෙන විරෝධතා රැලක් ඉස්සරහට ඇතිවේවි.. 

5 comments:

  1. මහඇමති විග්නේශ්වරන් ගිනි අවුලවන්නෙක්

    ReplyDelete
  2. ඔය විභාග පාස් කරන්න කියලා ලියුම් ගෙනාපු කතාව ලූ කතාවක් විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කතාවක්.. ඔබට තැන..ලියුම සහ නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න බෑ මම දේශපාලකයෙක් වත් මාධ්‍යවේදියෙක් වත් නොවන නිසා..

      Delete
    2. පොන්න තට්ටයා ඉල්ලං කෑවා.

      Delete
  3. අමිල අයියේ මේ අසන්න
    රෑට බතට ගෝවා කන්න
    උදේ රැයින් අවදි වෙන්න
    අවදි වෙලා බොක දමන්න.

    ReplyDelete