Tuesday, August 9, 2016

කේබල් පොටෝ සහ කානු

ගාලු පාරේ මීට අවුරුදු 10කට 15කට කලින් ජපනා ටෙලිකොම් ඉද්දි කේබල් ඇද්දා. ජප්පා ඉතිං හප්පා නොවැ. ඌ කේබල් ඇද්දේ පොලව යටින්. ඒ කාලේ සම්පූර්ණ පොල හාරලා තඩි බට බස්සලා කොළඹ සිට මාතරටම මේ යටිබිම්ගත නාල පද්ධතිය විහිදිලා තියෙනවා. කාලෙත් එක්ක පාරෙ නඩත්තු කටයුතු සහ වෙනත් හේතුන් නිසා මේ නාල බ්ලොක් වෙනවා. ඉන් පස්සේ දැන් ඉන්න අපේ අයියලා කණු උඩින් කේබල් අදිනවා.. ඒ වගේම ටෙලිකොම් ලයින් දෙන්නත් කිසිම කැතක් නැතුව මහපාර අයිනෙන්ම කනු ගහලා කේබල් පේන්නම ගාලු පාර දිගට ටෙලිකොම් ලයින් තැන් ගනනාවක යසට පේන්න තියෙනවා. 

විදුලිබල මණ්ඩලයත් එහෙමයි. එයාලට පාර හෝ ප්‍රදේශය ගැන ලොකු වටිනකමක් නෑ..ලස්සන කඳුකර පාරවල් වෙරළබඩ මනස්කාන්ත පරිසරය දක්වන ගාලු පාර වගේ ඕනිම තැනකට ‍ අපේ අයියලා කේබල් පොලව උඩින් අදිනවා..අපි වගේ ලේලන්ඩ් බස් එකෙන් වැඩියෙන් ගමන් පහසුව සලසගන්න මිනිස්සුන්ට පිංතුරයක් ගන්න ලැබෙන්නේ යන එන ගමන් තමයි. ඉතිං ‍ගාලුපාරේ යන ගමං තං වක්කරං යන සුද්දියෙක්, ලස්සන දූපත් කෑල්ලක්, ගල් කුට්ටි වලට රැල්ල ගහල බිදෙන ලස්සන වගේ මොකක් රූගත කරන්න ගියත් අර කේබල් කෑලි ටික පේන්න ගන්නවා.. එක්කෝ කනුවක් පත බෑවිල තියෙනවා කැමරාවෙ සොට ්එකට උඩින්. 

මේ වගේ දේවල් වලට කියන්නේ දර්ශන දූෂණය වගේ වචනයක් විශුවල් පොලියුෂන්. කන්දක් පේන්න බෑ අපේ මොබයිල් කම්පැනි වලට ගිහින් ඒකෙ ටවර් අටවනවා.. ලස්සනම තැනක් වුනත් ටවර් එකක් අටවලා ඒකෙ තියෙන ස්වභාවික ගතිය නැතිකරන්න අ‍ේප අය දක්සයි. 

නුවර පාරේ පවා ඇතැම් තැන්වල තවමත් කේබල් උඩින් යන අවස්ථා තිබෙනවා. අපි ලාංකිකයෝ මනුස්සයෝ වසයෙන් හරි කම්මැලි ජාතියක්. අපේ ජාතික කම්මැලි ජාන වලට හරියනම ජොබ් එකක් තමයි සුද්දෙක් දෙන්නෙක් මෝර කරලා සංචාරක කර්මාන්තයෙන් දියුනු වෙන එක. ආන්ඩුව කියන්නෙත් ඒවගේ දේවලින් සල්ලි හම්බ කරන්න ඕනි කියල තමයි. ඒත් නගර සහ මාර්ග වල ලස්සන පිලිවෙල වැඩිදියුනු කරන්න ලොකු වැඩ පිලිවෙලක් පලාත් සභා පලාත් පාලන තියා මහ ආන්ඩුවට වත් නැහැ. 

සංචාරකයින් නිතර එන නගර දෙකක් වෙන තංගල්ල සහ හපුතලේ මං පහුගිය දවස් වල කරක් ගැහුවා.. හප්පා ඒ ටවුන් දෙකේම යද්දි කුනු කානුවල ගන්දස්කාරේ නාහෙ කඩාගෙන යනවා..තංගල්ල බස් නැවතුමේ බල්ලකුට ඉන්න බෑ ගන්දස්කාරේ.. ඔය විදියට ගඳ එන්නේ මොකෝ.. කොළඹ නම් අප ජලය ඒ කිව්වේ ලැට් වල වතුරු, නාන කාමර වතුර, මාලු මස් කඩවල වතුර, සින්ක් වල වතුර.. ආදී එකි මෙකී නොකී අපජලය යන්නේ වෙනම නල පද්ධතියකට.. ඒ නල පද්ධතියෙන් පපොම්ප කරලා මුලු කොළඹම තියෙන අපවිත්‍ර ජලය නල මාර්ගයෙන් ඈත මුහුදට පොම්ප කරනවා.. නමුත් මේ තංගල්ල හපුතලේ කියන නගර දෙකේම තවමත් වැසුනු අපජලය මුදාහරින ක්‍රමවේදයක් නෑ.. තියෙන්නේ විවෘත කුනු කානු හරහා ජලය ගලායෑම.. 

කුනු කානු හරහා හෝටලවල අප ජලය, වැසිකිලි උූතුරා යන ජලය සහ මාලු මස් විකුනන තැන්වල ජලය ගලා යද්දි මාර පුසුඹක් එන්නේ ටවුන් එකටම..ඉතිං මේ ටවුන් වල සංචාරක කර්මාන්තයක් ගැන හිතන්න නං සංචාරකයින්ට නාහයක් තියෙනවා කියලා හිතන්නට ඕනි මුලින්ම. ප්‍රධානතම නගර ඇරුනු විට ලංකාවේ බොහොමයක් කුඩා නගර වල අපජලය මුදාහරින්න දියුනු ක්‍රමවේද නෑ..කානු දිගේ පලාතම ගන්දස්කාර කරගෙන තමයි අප ජලය ගලා යන්නේ.. 

රට සංවර්ධනය වෙනවා කියන්නේ මිනිස්සු පුද්ගලිකව කාර් යාන වාහන ගේ දොර ඉඩකඩම ්දේපල අරගෙන ගොඩගහගන්න එකට නෙමෙයි..පොදුවේ අපි පාවිච්චි කරන පොදු පාරවල්, නගර උපනගර ආදිය හැඩට ලස්සනට පුසුඹට තියෙන එකත් රටක සංවර්ධනයක් තමයි. හැමදේ ගැනම විසාල මහා විසාල දේවල් ව්‍යාපෘති තමයි මහ ආන්ඩුවට තියෙන්නේ.. උධාහරණ විදියට විදුලිබල මණ්ඩලය සහ ටෙලිකොම් ආයතන හිතුනු තැන කනු හිටවන්නත් හිතුනු විදියට ලස්සන පාරවල් උඩින් වැල් එල්ලෙන්න වගේ කේබල් අදින්න යන එකත් ආන්ඩුවට නවත්වන්න මහ ලොකු වියදමක් යන්නේ නෑ.. ආන්ඩුවට ඒක කරන්න මෙගා පොලිස් එනකල් ඉන්නෝනි නෑ.ආන්ඩුව පර්මිසන් දෙනකොට රටේ පරිසරේ ලස්සන රැකෙන විදියට කරන්න කියලා ගයිඩ් කරන්න විතරයි ඕනි. 

කානු ගැටළුව උනත් හෙමයි. ඇතැම් නගර සභා එහෙම ලාභ ලබන ආයතන. එයාලට ආන්ඩුවෙන් ‍ හෝ වෙනත් ආයතනයකින් පහසු ගෙවීමේ ක්‍රමයට ණයක් වත් අරගෙන අපද්‍රව්‍ය බැහැර කිරීම, අපජලය බැහැර කිරීමේ අනුමත ක්‍රමවේද ඇති කරනෝ නම් ඒක වටිනවා. ජාති ආලය කියන්නේ අතීතය පට්ට ගැහීම නෙමෙයි. රටක් ජනතාවක් ප්‍රජාවක් විදියට අපි අවට පරිසරය ලස්සනට පිරිසිදුවට පිලිවෙලට තියාගන්න එකත් හොඳ වර්ථමාන දියුනුවක් පෙන්වන ජනතාවකගේ ලක්ෂණයක්.(අතීතයේ අපේ පොරවල් අහම මෙහෙම කියල පරණ පොයි වලින්ම ජීවත් නොවී)  

5 comments:

  1. //ජාති ආලය කියන්නේ අතීතය පට්ට ගැහීම නෙමෙයි//

    මේ නිකං ජාති ද්‍රෝහී කතා කියන්න එන්න එපා, හරිද? අපි අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන ජාතියක්. අපේ අතීත රජවරු පරිසරය ගැන මොනවත් කලයි කියලා මහාවංශයේ කියවිලා නැහැ. ඉතින් දැන් අපි පරිසරය ගැන වද වෙන්නේ අහවල් එකකටද?

    ReplyDelete
  2. අපේ මිනිස්සුන්ට කම්මැලි කමට වඩා තියෙන්නෙ කුණුවලට තියෙන කැමැත්ත.
    පිරිසිඳුවට ඉන්නවට වඩා කුණුවට ඉන්නකොට පට්ට ගතියක් තියෙනවා.

    ReplyDelete
  3. ඕව ඔය සභාවල ඉන්න එවුව‍ංගෙ පිළිවෙලක් නැති වැඩ වලින් වෙන දේවල්.
    මම දන්න තරමින් බලංගොඩ නගර සභාවනං හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනව.

    ReplyDelete
  4. //Visual Pollution//
    ස්ක්‍රීන් ප්‍රින්ටින් ලාබ වුන එකෙන් ඒක උග්‍රවෙලා.
    10/10 කඩ කෑල්ලකට වුනත් තුන් පැත්තකින් විසාල බෝර්ඩ්

    ReplyDelete
  5. මොබයිල් ටවර් පොලුයුෂන් කියලා අළුත් වචනයක් ඉංග්‍රීසි මැගසින් එකක තියෙනවා දැක්කා. අපිට විතරක් නෙවෙයි ඒ ප්‍රශ්නය ස්වභාව සෞන්දර්ය විඳින්න විදේශිකයින්ගේ පැමිණීමක් ඇති අනෙකුත් රටවලටත් බලපාලා තියෙනවා.

    ReplyDelete