Wednesday, October 5, 2016

වලේ රෙන්න ගිය බේකරියේ කට්ටිය


පේරාදෙණිය සරසවියේ වල කියල නාට්ටි පෙන්වන තැනක් තියෙනවා..ඒතැන හරි ලස්සනලු..ගැම්මලු.. ඉතිං එතන නාට්ටි එහෙම ලාබෙට පෙන්නවාලු..ඊට අමතරව යමක් කමක් ඕනි නම් පේරා කැම්පස් ගිහිපු එකෙකුගෙන් වල සහ පොයිය මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබට නොමිලේම දැනගන්න හැකියාව තියෙනවා.

කැම්පස් කියන්නේ මේ මහපොලවේ පිහිටා තියෙන දෙයක් නෙමෙයි ලංකාවේ.. කැම්පස් එක සහ එලියේ සමාජය අතර තාප්පයක් තියෙනවා..මේ තාප්පය ඇතුලෙ උන් සහ එලිය අතර පිසිකලි වගේම සමාජීයවත් තිබෙනවා..මට තේරුම් ගන්න බෑ එහෙම දෙයක් තිබෙන්නේ ඇයි ඒකෙ හොද මොකද්ද කියලා..මම බයියා වෙච්චි වැස්සකට ඔය ලාබෙට වැඩක් කරගන්න ගියා මිසක කැම්පස් ගියේ නෑනේ..ඒ නිසා ඔය විසේස සංස්කෘතික අවකාෂයක් වෙනම සමාජයක් කැම්පස් එක ඇතුලෙ තියෙන එක ගැන වැඩිය දැනුමක් මට නෑ..

වැල කතා වලින් මං ආසම කතා තමයි කැම්පස් කතා. ඒ වගේම වැල ක්ලිප් වලිනුත් මං ආසම ඒවා දෙක තුනක් තියෙනවා කැම්පස් එක ඇතුලේ ඒවා..කැම්පස් ගිහිපු උනුත් වැඩියෙනුත් එක්ක පැනි දාල වැල කටයුතු ගැන කියනවා. එතකොට මට අපේ අම්මට තාත්තටවත් එන්නේ නැති මහා දුකක් එනවා කැම්පස් යන්න බැරිවුන එක ගැන. කැම්පස් ගියානං දෙයියනේ...සා... මරු ඇති නේ සැප කියලා හිතෙනවා.. ඒත් ඒ හැර වෙන කිසිම හේතුවකට මට කැම්පස් යන්න බැරිවුන එක ගැන දුකක් නෑ..

මම කැම්පස් ගියේ නැති නිසා මට ඇත්තේ ඉරිසියාව වෙන්න ඕනි..අතුලේ වැරදි එලියෙ කියද්දි ඇතුලේ අය කියන්නේ ඇතුලට එන්න බැරිවුන දුක කියලා.. ඒ දුකට අපිට එව්ව මෙව්ව වෙනවාලු නේ..ඉතිං අපි උන්ට ඉරිසියා කරනවා.. වෙන්නත් පුලුවන් නෙවෙන්නත් පුලුවන්.. අදාල නෑනේ..

බේකරිය කට්ටිය කියල ටිකක් ඉන්නවා..උන් සිංදු කියනවා චිත්‍ර අදිනවා..පොත් ලියනවා.. සහ මොන මොනවද කරනවා..උන් පේජ් වල සහ තැන් තැන්වල කියන තරං නං උන්ගේ ඇති ලබ්බක් නෑ.. හැබැයි උන් කියන්නේ එක ධාරාවක්.. හැමදාම අහන සංගීතයට වඩා සංගීතය පැත්තෙන් ගත යුත්තක් බේකරියේ තියෙනවා.හැබැයි බේකරිය පවතින්නේ මහ පොලවේ..වෙලාවට විකුනගත්තේ නැතොත් හැමදේම මේ මහපොලවේ අනාතයි..

‍මියුසික් විකුනගන්න ඕනි වෙලාවේ බේකරියේ උන් චිත්‍ර අදිනවා.. මියුසිකල් සෝ වල ටිකට් හෝ තැටි විකුනන් ඕනි වෙලාවක උන් සන්නස්ගල කියන ඕනි වලක මඩ නාත හැකි සුපිරි සිංහල උගන්වන ඌරු නාම්බ ගෙන්ත දීපු පොත් ටිකක් විකුනනවා..හරි ලස්සන වැඩේ මං ඕක බ්ලොග් එකේ කලිං කිව්වම බේකරියේ එකෙක්ම කියනවා මේ මූට බ්ලොග් හිට් කරගන්න අපිව යූස් කරනවා කියලා..ඒත් උන්ට පෙනුන් නෑ සන්නස්ගල ඌරා ඌට පොත් කෑලි ටික විකුනගන්න සහ සන්නා කියන නම ටිකක් උඩ දාගන්න බේකරියෙ උන් කඩේ යවන විත්තිය.

දැන් සීන් එකට එමු.. පේරාදෙනියේ වලක් තියෙනවා..දැන් ඕකට බේකරියේ උන්ට කතා කරනවා..උන් එතන ගිහින් ගංජ ගහනවා බොනවා සිංදු කියනවා සර්ට් ගලවගෙන ඉන්නවා ..ඒව දකින පේරාදෙනියේ උන් අර බේකරි සෙට් එකට ගහනවා.. ගහනවා කියන්නේ? හම්මේ බොල මේ කැම්පස් උන්දැලා කොහේද ඉන්නේ .. මුන්ට ඇත්තටම දුමින්ද බොස්ට තරං වත් උණ්ඩය ඔලුවටම තිව්වත් වදින තරංවත් මොලයක් නැද්ද?

ජරාවා කියන සැට් එකක් ඉන්න දූපතක් තියෙනවා අන්දමන් දූපත් හරියේ..එක දූපතක ඉන්නේ ගෝත්‍රිකයෝ විතරයි..සුද්දෙක් හරි ඉන්දියන් පඩ සෝ කාරයි හරි ගිහින් අර දූපත ගාවින් බැහැල ගොඩට යන්න සැට ්වුනොත් ඈතින් අර දූපතේ ඉන්න ගෝත්‍රිකයෝ බලං ඉන්නවා..උන්ගේ දූපතට එන්න වගේනම් හෙලි කඩු තෝමර ලෑස්ති කරං බොකු බඩවැල් එලියට එන්නම කෙලිනවා පාර අර පිටින් දූපතට එන උන්ට ඇප නැතිවෙන්නම ..

මේ දූපතට ගොඩ බහින්න යද්දි අර හෙලි පොලු මුගුරු අරං අරුං ටික බැහැල එනකල් බලං ඉන්න ගොබ්බයො වගේ සෙට් එකක් තමයි ඔය පේරාදෙනියේ ලස්සන ලැට් වල කියන වල දැන් මුර කරනවා ඇත්තේ.. ඒකනෙව දැන් ඔය බේකරි සෙට් එකට එන්න දෙන් නැත්තේ..

සංස්කෘතිය රැකීම..සංස්කෘතියට මරාගන්න උන්ම දන්නව ද දන් නෑ සංස්කෘතිය කියන්නේ රකින්න ඕනි හෝ රැකලා තියන්න ඕනි දෙයක් නෙමෙයි.ඒක වෙනස් වෙන දෙයක්..කාලයට අනුව වෙනස් වෙන දෙයක්.අපි ඒක අපේ අය ලොකුවට රකින දේවල් කිහිපයක් එක්ක තියල බලමු.. පුංචි ගෑනු ලොකුවෙලා සයිස් වෙලා එද්දි අම්මලා සහ සමා‍ජේ කියනවා පතිවත කියල එකක් රකින්න කියලා.ඒ නිසා කාමර ගානේ ගියත් ලොකු පෙට්ටියට නැතුව පොඩි ගල් වටේ ගිහින් ආතල් එක සීමාකරගන්න අපේ කුලවත් කුඩා යුවතියන් මනාපයි.

ඒ පතිවත හරි කන්‍යාබාවය හරි පෙට්ටිය හරි රැකගන්නේ මක්කටෙයි? ඕක ආරක්සා වෙලා තිබුනාම කොල්ලො එක්ක රෝන්ද අඩුවෙන් ගිහින් ගමේ චාටර් අඩු වුනාම කෙල්ල හොදට විකුනත හැකි මංගල යෝජනා වෙලාවට.. ගමේ කෙල්ලෝ දන්නවා ගමින් පිට කොහේ හරි රස්සාවට ගියාම හෝ රට ගියාම ගමේ සැට් වලට කැරැක්ටර එක වදින් නෑ කියලා..ඒ නිසා පිට ගියාම උන් ආතල් එකේ ඉන්නවා..ඒත් බොක්ස් එක ආරක්සා කරගන්නවා පස්සේ කාලෙක වටින සීල් මාක් එක හෙවත් ජපන් කොඩිය වටින නිසා..

පරිසරේ ගමු..ඔය පරිසරේ දැන් විනාස වුනත් ඉස්සරහට ගොඩාරියක් විනාස වුනොත් අපිට වතුර නැතවෙනවා..ඒ වගේම අනාගත පරපුරට බලන්න කියල දෙයක් නැතිවෙනවා..සුද්දන්ට පෙන්වන්න දෙයක් නැති වෙනවා..

පුරාවස්තු ගමු පුරාවස්තුරැක්කේ නැතොත් අපේ පුංචි එවුනට රජ ගොල්ල පෙන්වන්න වෙන්නේ සිවන්‍යාධනපාල වගේ නාට්ටි වලින් විතරයි.ඒ නිසා ඔය තියන ගල් ගොඩවල් ටික තියං ඉන්නෙක වටිනවා..

සංස්කෘතියත් දැන් අාරක්සා කරල අනාගතේට දෙන්නෝනි කියල කෙනෙක් හිතෙන්න පුලුවන්.ඒත් ඒක හෙම නෑ..සරච්චන්ද්‍රලා වික්‍රමසිංහල ගම්ලත් ලා අනේ පොලොන්නරු කාලේ ඉදලා ආපු එක ම රක්කවන්න ඕනි කියලා මොකුත් නොලියා එදා තිබුන පොයි ටිකම ඉස්සරහට අරං ගියානං අද තාමත් අපි ලියන්නේ කියන්නේ නාට්‍ය විදියට බලන්නේ ආගමික ජරාවල් ටිකක් විතරයි..

සාහිත්‍ය කලාව නාට්‍ය සියල්ල දැඩි ආගමික වටපිටාවක තිබුනේ ඉස්සර..දැනටත් පිරිත් වෙලාවට පොත ඔලුව උඩ තියාන එන්නේ ඒක ආගමික සම්බන්ධයක් තියෙනව නිසා..ඒ වගේම ආගමික පොත් පත් කියවනකොට වුනත් දැඩි ආගමික වටපිටාවක් එ්කට තියනවා.. නමුත් පසුකාලීනව අපිට හිටපු කලාකාරයෝ අතලොස්සක් ඔය ආගමික ඒකාධිකාරය බිඳලා සුනුවිසුනු කලා.. ඒ කල නිසා අපිට විවිධ ආකාරයෙේනිර්මාණ අපේ මනස තුලට දාගන්න ඇහැකි වුනා..

දැන් ඒ ආගමික රාමු වෙනස් කරන්න ගත්තු කලා කාරයෝ බිහිකරපු තැන් ආයෙමත් ආගමක ්කරගෙන..ඒ තැන්වලට එනකොාට අහම මෙහම ඉන්න ඕනිලු.. පේරා නම් මේමලු.කැම්පස් නං උප සංස්කෘතිය නම් මේමලු..

සරලවම ගත්තොතින් දැන් රතුගල වැද්දෝ ලග අරුම පුදුම බෝට්ටු නැටුමක් තියෙනවා කියලා.. උන් සරං කොටේ උස්සලා ලබ්බ පේන්න නටනවා ..කැතයි වගේ පෙනුනට මියුසික් එක්ක ආවම නිකං අමුතු ගැම්මක් තියෙන එක්ක කියල හිතමු..දැන් ඔන්න පේරා උන්ට හෝ කැම්පස් උන්ට ඕනි මේ රතුගල සෙට් එක ගේන්න..දැන් එතකොට අර වැද්දෝ කැම්පස් එද්දි ඩෙනිං ටීසර්ට් ඇදං එන්න ඕනිද? ඇවිල්ල සභ්‍ය විදියට නටන්න ඕනිද?

දියුනු රටවල නිරුවත කලාවක් වෙද්දි තාමත් අපේ රටේ කැම්පස් වල නිරුවත කියන්නේ මුල්ලකට වෙලා උඩ එක යට එක ගලවලා අතගගා පුද්ගලිකව ආතල් ගන්න සරීර පදාසයක් විතරයි.. සාමාන්‍ය සමාජයෙන් වෙනස් බේකරි උන්දැල ටිකත් ඇවිල්ල වැද්දෝ ටිකක්..අපි වැද්දෝ නගේ නැටුං බැලුවට උන්ගේ සංසර්ග කෑම බීම ඔය හැම දේම හොයන්න යන්නේ නෑනෙව..උන් උනගේ විදියට හිටපුවාවේ..උන් සෝ එකට ආවත් ඔය කෙටේරි අමුඩ කෙටි ඇදන් රා කසිප්පු සුරුට්ටුත් බීපුවාවේ..හැබැයි උන්ගේ නැටුම් නාට්ටි කෑලි ටි ක අපි විඳින්න ඕනි.. ආන්න ඒමයි දියුනු මිනිස්සු හිතන්න ඕනි..

කියල මට හිතෙන්නේ..

10 comments:

  1. ගූ හතේ බාසාවෙන් ලියපු පොන්න චූන් උඹටම කියවන්න තියාගනින්

    ReplyDelete
  2. රිදිලා රිදිලා කැම්පස් අය්යෙක්ට රිදිලා

    ReplyDelete
  3. සංස්කෘතික පසුගාමීත්වය

    ReplyDelete
  4. මෙනව උනත් ඔය බේකරියෙ අයිතිකාර මහත්තයා හොද මනුස්සයෙක් වෙන්ඩ ඇති අමිලයෝ නැත්තං වැ කරන උන්ට සින්දු කිියන්ඩ සිත්තර අදින්ඩ දෙයියැ

    ReplyDelete
  5. බේකරියේ උන්ට කොහොමත් පිස්සු නේ..

    එහෙම උන්ට වලට කතා කරපු උන්ට තියෙන රෝගය මක්කද කියලා මම මේ කල්පනා කරන්නේ..

    මීට පස්සේ වලේ භාවනා පන්ති වගේ එවා කලා නම් හරි...

    ReplyDelete
  6. This guy is bit off, what the hell is writing about?(Ganja gahalada, okkoma taplila wage?)

    ReplyDelete
  7. වල මහල්වරාවට ගෙනල්ලා...බේකරිය පේරාදෙණියට අරන්යමු. වෙන් කරගත් ශුද්ධභූමි.....වින්දනය කකුල් දෙකෙන් බේරෙනවා .

    ReplyDelete
  8. සැමටම නොලැබෙන දෙයක් කිහිප දෙනෙකුට සැමගෙම වියදමින් ලැබෙන කොට ඒ අවස්ථාව ලැබෙන අය අන් අයට අතදෙනු, උදව් කරනු, සේවය කරන ඇතැයි යන උටෝපියානු බලාපොරොත්තුවක් බවත් එයින් වන්නේ එසේ අවස්ථාව ලැබෙන වුන් එම අවස්ථාව යොදාගන්නේ අවස්ථාව නොලැබෙන වුන්ට වඩා උසස් යැයි සිතීමටත් ඒඅනුව නැවත වාරයක් අන් අයගේ වියදමින් පහසුකම් සහ වාසි බලාපොරොත්තුව පමණක් බවත් වටහා ගත යුතුය.

    ReplyDelete