Saturday, October 29, 2016

සුද්දෝ මෙට්‍රො එකක් වත් හදල ගියේ නෑනේ

මොන වුනත් බං සුද්ද අපිට පාරවල් හදල රටට හරිහමං ආර්ථික ක්‍රමයක් හදල අපේ තිබුන නීතියක්නැති රට නීති රාමුවකට යට කරල.. මේක රටක් බවට පත් කරා බං.. 

මං එහෙම කතාවක් කිව්වා චැට් එකක..එතකොට යාලුවෙක් ඒකට රිප්ලය් විදියට.. ඒ මොක කලෙත් අපිට ආදරේට නෙමෙයි..උන්ට සූරාකන්න..සූරාකන්න පහසුවෙන්න තමයි එහෙම කලේ.. 

මම : ඒ වුනාට මචං අපිට මුලින්ම පාරවල් හැදුනේඇතුලේ කැරැලි ඇතිවුනාම බීච් සයිඩ් එකෙන් ඇතුලට සේනාව ගේන්න අමාරු නිසා.. ඉස්සර පාරවල් නැති කාලේ සේනාව එනකොට බාගයක් මැරිලමැෙල්රියා වලට..ඉතුරු ටිකට ක්ලයිමේට් අවුල්.. ඉතිං ඒ නිසා සුද්ද පාරවල් හදපු එකේ එක අරමුණක්  ඒක.. 

යාලුවා.. : ආන්න ආන්න..බලහං..ඒකෙනුත් පේන්නේ..අපේ ජාතික සටන් සහ දේශීය විප්ලවකාරීන් මර්ධනය කරන්න ආයුධයක් විදියට තමයි උන් පාරවල් පාවිච්චි කලේ..කිසිසේත්ම අපේ හොදකට නෙමෙයි.. 

ඉතිං යාලුව කිවවේ ඇත්ත..සුද්දඇවිත් අපිව සූරාකන්න හැන්දක් පාවිච්චි කරනවා වගේ වැඩකට තමයි අපිට ඔය පාරවල් වගාවල් ඔක්කොම දුන්නේ. ඒ ම නැතුව අපිට ආදරේට නෙමෙයි.. 

පැපුවා නිව්ගිනියා, සුමාත්‍රා වගේ කාලයක් වෙනත් ජාතිකයින්ගේ යටත් විජිත විදියට පැවතුනු පලාත් දිහා බැලුවාම අපිට පුදුමත් හිතෙනවා.. ඉන්දුනිසියාවේ සුමාත්‍රා කියන්නේ අපිටත් වැඩිය ලොකු දූපතක්.. මේ සුමාත්‍රා වල හරිහමන් පාරක් නැහැ.. කොනේම තියෙන බන්ඩා අචේ හෙවත් කුප්‍රකට අචේ වල ඉදන් අනික් පැත්තට ඒ කිව්වේ දූපතෙන් පහලට මැලේසියා කෙළවරේ මෙඩන් දිහාට යන්න තියේනේන එකම එක පාරක් විතරයි.. ඒකත් ඇවිල්ල ඒ තරම්ම හොද පාරක් නෙමෙයි.. මුලු දූපතේම එක් දිශාවකින් පමණයි ගමනාගමනය කරන්න පුලුවන්..අනික් පැතිවලින් ගමනාගමනය පට්ටම දුෂ්කරයි.. 

සරලව හිතුවොත් ලංකාවේ යාපනෙන් කිලිනොච්චියට, මරන්නාරමට, මුලතිව් පැත්තට විහිදෙන මාර්ග තුනක් තිබෙනවා.. පහල දෙවිනුවර තුඩුව සැලකුවත් රට තුලට යන්න මාතරින් ප්‍රධාන පාරවල් ගනනාවක් තිබෙනවා.. නමුත් සුමාත්‍රා වල එහෙම නෑ..උඩ ඉදං යටට එනෝ නම් එකම පැත්තකින් එක ප්‍රධාන පාරයි තියෙන්නේ..
සුමාත්‍රා දූපත 443,066 sq km තරම් විශාලත්වයකින් යුක්තයි. ලංකාව 65,610 sq km ඒ අනුව ඔබට පෙනී යනවා ඇති ලංකාව වගේ සත් ගුණයක් විශාල වුවත් සුමාත්‍රා දූපතේ පාරවල් නැති නිසා ඒ දූපතේ ඈත ගම්මාන වල ජනතාව මොන තරම් ආතල් එක්ක විදිනවාද කියන එක. සුද්දා ඇවිල්ල හූරගෙන කන්න මේකම තෝරගත්ත එක කොච්චර දෙයක්ද? කියල කියාවි සුමාත්‍රා මිනිස්සු මෙහෙ ආවනම්..

පරණ ට්‍රෑම්ප් පීලියටින්.. මතුවේ


අද කොළඹ කොටුවේ පාරක් දාගෙන හාරනවා බොහෝවිට අධිසැර විදුලි කේබලයක් එලන්නටවෙන්න ඕනි.. විශාල ඩොසරයකින් කඩන්න හදනවා හදනවා විශාල කොන්ක්‍රිට් තට්ටුවක් නිසා යටට වදින්නේම නෑ.. අවසානේ අමාරුවෙන් මැෂින් දමලා මහන්සි වෙලා කැඩුවා.. කැඩුවම තියෙන්ෙන් රේල් පීලි.. 

පේනෝ ඇති මේ හාරන්නේ පාර මැද හරිය.. කොළඹ කොටුවේ පාර මැදින්ම මොකද මේ රේල් පීලි.. රාජසිංහ රජතුමා පෘතුගිසින්ට ගහන්න කෝච්චියෙන් වත් ආවද? නැත්තං පෘතුගිසි කාලේ කානිවල් එකක රේල්පාරක්ද මේ.. නෑ නෑ.. මේ ඇවිල්ල සුද්දනගේ කාලේ ට්‍රෑම්ප් කාර් ගිය පාර.. 


මෙ ්තියෙන්නේ පොලවට අඩියක් විතර පහලින් ඉතාම තද කරපු කොන්ක්‍රිට් තට්ටුවක් උඩ පිහිටුවා තිබුන රේල් පීලි..මේවා ගලවන්න අපමණ වෙහෙසක් ගන්න වුනා වැඩකරන අයට.. 

අද නිවාඩු දවසක් නිසා වැඩිමනක් සෙනග නෑ පාරවල් වල..ඒකනිසා වැඩකරන අයට ලොකු අපහසුවක් වුනේ නෑ වැඩ කරන් යන්න.. දැනට කොළඹ තියෙන ට්‍රැෆික් වලට විසදුම මොකද්ද? අපේ අය රිපෝට් ගහනවා කතා පවත්වනවා..කරන්න ඕනි කියල පත්තර වල ලියුම් දානවා..එහේ මෙහේ ගිහින් සිරි නරඹල එනවා..ඒත් වැඩේ තාම එතනමයි.. මොකුත්ම නෑ..අවුට්පුට් එකක්. කස්ටියක් ලයිට් රේල් යෝජනා කරල තිබුනා.. ඒත් ඒකත් මදි කියල තමයි මට හිතෙන්නේ.. 

ට්‍රෑම්ප් කියන්නේ මොකද්ද 

සුද්දගේ කාලේ කොළඹ තිබුන ප්‍රවාහන මාධ්‍යයක් තමයි ට්‍රෑම්ප් කාර් කියන්නේ. පොඩි වෑන් එකක් වගේ එකක් ඉතාම හිමින් ඉදිරියට ඇදෙනවාලු.. ඒ කාලේ නගරය තුල ප්‍රවාහනයට තිබිල තියේනේන් ට්‍රෑම්ප් කාර්.. 

ට්‍රෑම්ප් කාර් වල වේගය අඩුයි.. පස්සෙ කාලේ ඒ නිසා ට්‍රෑම්ප් කාර් පාර උඩින් ම තාර දාල පාර හදන්න ඇති.. දැන් ඉතිං හාරනවිට පරණ පිලි මතු වෙනවා.. විචාරක මහත්මයා වරක් කියපු විදියට එතුමා මේ ට්‍රෑම්ප් දැකල තියෙනවා..ඉතාම සෙමෙන් ගිහිපු නිසා වර්ථමානයට ඒක ගැලපෙන්නේ නැහැ කියලයි එතුමා කිව්වේ.

සුද්දට මෙට්‍රො එකකුත් හදල යන්න තිබුනේ..

අපිව හූරගෙන කන්න ඌමනාවට හැමදේම කරපු සුද්දට මෙට්‍රො එකක් හදල යන්න බැරිවුනා.. සුද්දා මෙහෙන් යන කාලේ වෙද්දිත් ලන්ඩන් මොස්කව් මෙට්‍රො පොලව යටින් ගියා.. පොලව යට හාරපු උමන් අස්සෙන් නගරවල කෝච්චි ධාවනය කලා..වර්ථමාන පවර් සෙට් කෝච්චි  වාගේ  වුන ඒවයින් නගරබද මිනිස්සු ගමන් පහසුව සලසගත්තා.. එතොකට නගරය උඩ පාරවල් වල බස් කාර් වෑන් ආදී ඒව යද්දී පොලව යටින් ප්‍රධාන නාගරික ස්ථානවලට දුම්රිය ධාවනය වුනා..

සුද්දා අපේ මුතුන් මිත්තන්ගේ ඔක්කෝම වස්තුව දේපල කොල්ල කාගෙන අපේ ජාතික උරුමෙ විනාස කරගෙන යද්දි උන්ට අපිට මෙට්‍රො එකක් වත් හදල යන්න තිබුනා..එහෙම වුනානං කොටුවේ ඉදලා රාජගිරියට ගිහින් එන්න සාමාන්‍ය කාර්යාල වේලාවක අපිට පැය දෙක තුනක් යන එකක් නෑ..  

අපි කැළණිවැලි පාර මදකට සලකමු..පාන්දර 6 සිට 0830 දක්වා මහරගම සිට කොටුවට පෙට්ටි 6ක විතර කුඩු දුම්රියන්  8ක් ධාවනය වනවා.. මේ දුම්රිය 8ම හොදටම පිරිලා යන්නේ.. ඒ දුම්රියට පුරුදු නැති කෙනෙක්ට ඇත්තටම ඒකේ යන්න අමාරු ඒ තරං සෙනග ඒ කැළණිවැලි දුම්රියවල.. ඒත් මහරගම සිට කොටුවට ඒ වෙලාවට විනාඩි 40කින් එන්න තියෙන එකම ක්‍රමය ඒක..ඒ නිසා මිනිස්සු අමාරුවෙන් එනවා.. ඒ දුම්රිය එන්නේ සෙමෙන්.. පාර හොදට හැදුවොත් ඔය දුර විනාඩි 20කින් 30කින් එන්න පුලුවන්.. ආන්න ඒ වගේ කෝච්චි සිස්ටම් එකක් උඩින් යටින් හෝ කෝමහරි කොළඹ ඇතිවෙල තිබුන නම්....අපිට කාර් එකෙන් තැනකින් තැනකට යන්න බැරි වුනත් කෝච්චියෙ ඉක්මනින්ම යතෑකි වෙනවා.. 

නමුත් සුද්දා අපිට එහෙම කොළඹ ඇතුලත නගරබද රේල්වේ එකක් දායාද කරල ගියේ නෑ.. ඒක සුද්දා අපිට කරපු වස වැරැද්දක්..උගේ කසිකබල් ට්‍රෑම්ප් කාර් ටිකක් තමයි දාලගියේ ඒ මලදානේ වැඩකට ඇති දෙයක් නෙමෙයි..වේගෙත් මදි වුනා නේ..

රණවක සාදු එහෙම හිටපු ගමන් තටමනවා ඇහෙනවා කොළඹ ට්‍රාන්ස්පෝට් ප්ලෑන් එකක් ගැන මෙගාපොලිස් ගැන කතාන්දර කිය කිය.. අනේ හැමනියං රණවක..සුද්දට බැන බැන තොපි අඩුතරමේ මහරගම කොටුව යන කැළණිවැලි පාරේ සිග්නලින් සිස්ටම් එකවත් අලුතින් දාන්න හිතුවද? නෑනේ. අලුතින් පාරවල් හදන්න තියා දැනට කොළඹ ප්‍රධානම පොට් ටිකක් වෙන බොරැල්ල, මරදාන, නාරහේන්පිට, නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව යාකරන රේල් පාරවත් හරියට නවීකරණය කරගන්න බැරුව රණවකලා අපිට මෙගාපොලිස් චිත්‍රපටි පෙන්වනවා.. 

ප: ලි..
මෙහි ට්‍රෑම්ප් ලෙස ඇති යෙදුම වැරදියි. එය ට්‍රෑම් කාර් ලෙස නිවැරදි විය යුතුයි.
 මේ තියෙන්නේ කොළඹ ඒ කාලේ ගිහිපු ට්‍රෑම් කාර්.. මේවා විදුලි බලයෙන් තමයි වැඩ කරන්නේ.. ආමර් වීදිය තොටලග මරදාන බොරැල්ල කොටුව පැති දක්වා මේ ට්‍රෑම් කාර් සේවාව පැවතිලා තියෙනවා.  පහල තියෙන්නේ වෙන රටක ක්‍රියාත්මක ට්‍රෑම් කාර් රථයක්. දැන් කොළඹ ට්‍රෑම් කාර් නැහැ.. ඒ පාරවල් පොලව යට තියෙනවා..

21 comments:


  1. ට්‍රෑම්ප් කියන්නේ මොකද්ද

    https://en.wikipedia.org/wiki/Tramp

    A tramp is a long-term homeless person who travels from place to place as a vagrant, traditionally walking all year round.

    විදුලියෙන් දුවන මිනිසුන් අදින යන්තරේට කියන්නේ ට්‍රෑම්කාර් Tramcar කියා ය!

    ReplyDelete
    Replies
    1. ඔව් එතන යස වැරැද්දක් වෙලා තියෙනවා ..ස්තූතියි පෙන්වාදුන්නාට

      Delete
  2. පිටකොටුවද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ,
    පාර මැද්දෙ හෙමින් හෙමින් ට්‍රෑම් කාර් යනවනේ,
    කොළඹ ජැටියටා යමි නැව් බලන්නටා,
    බොහොම ලස්සනයි කොළොම් පුරේ ශ්‍රියා ශ්‍රියා,

    -එඩී ජයමාන්නගේ ගීතයක්

    ඔය හෙළ ඌරුමීයො එක පාරක් කිව්වනෙ (අර ගොම්මංපිලයද කොහෙද කිව්වෙ මට මතක විදිහට ඌරු මීයො එක්ක ඉන්න කාලෙ) සුද්දො ලංකාවෙං අරංගිය ධනසම්පත්වලට එංගලන්ත ආණ්ඩුවෙන් වන්දි ඉල්ලනව කියල.

    ඒ පාර එංගලන්තෙ මහ කොමසාරිස් කිව්වලු හරි අපි දෙන්නං හැබැයි අපි හදල ගිය මහ පාරවල්, කෝච්චි පාරවල් බිල්ඩිං ඔක්කෝටම අඩුකරගෙනයි වන්දි ගෙවන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. එක එක මෝඩ චූන් යනවා නේ අපේ අයටත්.. ඔය ඔක්කෝම කතාන්දර දාන්නේ සිංහලෙන්.. ඉංගිරිසියෙන් වැදගත් විදියට ඕවා කියන්නේ නෑ ඔය මහත්තුරු..මොකෝ දන්නවා සොට් එක වදිනවා කියලා..

      Delete
  3. ඇත්තටම ඇයි ඕයි සුද්ද මේ රට දාල ගියේ? දැන් ඉන්න දේශප්‍රේමියෝ හූරන් කන හැටි දැක්කම දේශද්‍රෝහී සුද්ද හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. උන් හොරු.. උන් ගසාකනවා හූරං කනවා.. කියල මුන් ආවම මොකෝ වුනේ..
      උනුත් ඊටත් වඩා හොරු..එදත් එහෙමයි..

      Delete
  4. ට්‍රාම් විදිහට අදටත් බටහිර රටවල මෙට්‍රො සේවයට අමතරව ක්‍රියාත්මක වෙනවා ඔය සේවය..ලග දුරවල් සදහා,දැන් නම් ගාටන්නෙ නෑ,40kmph වගේ වේගයක් ගන්නවා,විදුලියෙන් නිසා පරිසර දූශනයකුත් නෑ,,ලංකාවටත් ගැලපෙන දෙයක් ලග දුර සදහා..

    ReplyDelete
    Replies
    1. අපේ අය තියෙන දේවල් හරියට කළමනාකරනය කරගන්නේ නැහැ ඩිලාන්..දැන් තියෙන කෝච්චි පාරේම කෝච්චි වැඩි වැඩියෙන් දුවවන්න පුලුවනි සිග්නල් සහ යම් යම් නවීකරණ කටයුතු කලොත්..නමුත් අලුතින්ම පාරවල් හදන මෙගා මෙගා වැඩවලට තමයි අපේ අය ආසා.. උදාහරණ විදියට වරායට ගහපු පරණ රේල් පාරක් තාමත් කොලොන්නාව ඔරුගොඩවත්ත හරහා තොටළග හරියෙන් හාබර් එකට යනවා.. ඒ වගේ පාරක් ඇරලා පොඩි ට්‍රේන් එකක් නිකමට දැම්මත් සැලකිය යුතු සෙනගක් හිදීවි..ඒත් අපේ අයට ඕනිම අලුත් මහා මහා විසාල දේවල්ම කරන්න..

      Delete
  5. ඔය ට්‍රැම් කාර් ට්‍රැක් ඉස්සර පිටකොටුවේ හරස් වීදී වල එහෙමම තිබුනා.. පාරවල් හදලා තිබුනේ ගඩොල් කැට වගේ කළු ගල් අල්ලලා.. ඊට පස්සෙ කාපට් දාලා තමයි ඕවා වැහුවේ. තොටළඟ හරියට වෙනකම් තිබුනා කියලා තමයි අපේ තාත්තලා කිව්වේ.. වෙන රටක හරි ට්‍රෑම් කාර් එකක පින්තූරයක් දැම්ම නම් ළිපිය සම්පූර්ණයි..

    අනේ හුකේ මෙගා පොලිස්... මෙගා පොලිස් නෙමෙයි... ආපු ගමන් බාන්ඩාගාරේ පොලිෂ් කරන්න ගිහින් හත් පොලේ ගාගෙන ඉන්නේ ආලපාලුවෝ ඔක්කෝම..

    ReplyDelete
    Replies
    1. මං තොටළග නාගලගම් වීදිය ( අර මුදියන්සේ ලිංගික වෙදා..ඉන්න හරිය ) දැකල තියෙනවා ඔය කියන ගල් අල්ලපු පාර.. බොහෝවිට තොටළග එයාලගේ අවසාන ට්‍රෑම් නැවතුම වෙන්නට ඇති.

      Delete
    2. ඔය කොටුව මල්වත්ත පාර ඉවරවෙන හරියෙ (මේන් ස්ට්‍රීට් එක පැත්තෙන්) දැන් තියන කාර් පාක් එක (මට මතක විදිහට ඉස්සර ඔය හරිය මැනිං මාකට් එක) තියන තැනත් මෑතක් වෙනකං ඔය ට්‍රෑම් කාර් ගිය රේල් පීලි තිබ්බා. අදටත් ඔය මල්වත්ත පාරෙ සුද්දා දාපු ගල් තියනවා.

      Delete
  6. මමත් පොඩි කාලේ ට්‍රෑම් කාර් දැකලා තියනවා. ඒවායේ ගිහිල්ල නම් නෑ. (මම විචාරකටත් වඩා පරණ කාලේ කෙනෙක්!)

    ට්‍රෑම් කාර් වෙනුවට 1960 ගණන් වල ට්‍රොලි බස් ආවා. ඒවා විදුලියෙන් දුවන බස්. ඉහලින් තිබුණු විදුලි කම්බි දෙකකිනුයි ඒවාට විදුලිය ගත්තේ. ට්‍රොලි බස් සේවකයන් වැඩ වර්ජනය කළා පඩි වැඩි කරන්න කියලා. බස් සේවය එහෙම්ම නවතා දැම්මා. මං හිතන්නේ වර්ජනය තාමත් තියනවා ඇති!

    අමිල කියලා තියනවා වගේ, එංගලන්ත සුද්දා හුරාකන්න අපේ රටම තෝරාගත්තේ පෙර වාසනාවකට. නැත්නම් අපි තවම වැඩවසම් යුගයේ. අපේ රජවරු ගැන කොයිතරම් පම්පෝරි ගැහැවුවත්, ඒ කාලෙත් පොඩ්ඩ බැරි වෙනකොට බෙල්ල කපන ISIS එක රට අල්ල ගත්ත වගේ තමයි.

    සුමාත්‍රා දුපත ඒ කාලේ පාලනය කලේ නෙදර්ලන්තයෙනුයි. බ්‍රිතාන්යයයි, නෙදර්ලන්තයි අතර අධිරාජ්‍යවාදීන් හැටියට වෙනසත් සුමාත්‍රාවයි ලංකාවයි සංසන්දනය කර බැලුවහම පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. සුමාත්‍රා ඉතිහාසය බැලුවාම පේනවා සුමාත්‍රාව යටත් කරගන්න නෙදර්ලන්ත කාරයින්ට දිග යුද්ධයක් ගෙනියන්න වෙනවා..ඊට සාපේක්ෂව බොහොම කලින් ඒ අය ජාවා අල්ලගන්නවා.. ජාවා දූපත තමයි දැනට ඉන්දුනිසියාවේ දියුනුම දූපත.. ලංකාවෙත් මේ ගතිය ටිකක් පෙන්නුම් කරනවා.. සුද්දන් මුල් කාලේමට යටත් කරගත්ත ගාල්ල මාතර වගේ පැති නුවරට සාපේක්ෂව දියුනු වෙලා තිබුනා එක්තරා කාලයකදී..නුවර බොහොම පසුකාලීනව තමයි සුද්දට යටත් වුනේ..

      Delete
    2. මුල්ම කාලෙ අල්ලගත්තු යාපනේ ඔක්කොටම වඩා දියුණුවට තිබ්බ. යුද්දෙ නිසා වැනසුනාට.

      Delete
  7. ට්‍රෑම් හෙමින් යනවා කියන්නේ කවුද දැන් කාලේ? ඉතාලියේ ප්‍රධාන නගර වල විශේෂයෙන් මිලාන්, රෝමය වගේ නගර වල තාමත් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් තමා ට්‍රෑම් කියන්නේ. ඒ මෙට්‍රෝ ජාලයක් හා බස් සේවයට අමතරවයි. ඊට අමතරව පාදුවා නගරයේ දැකලා තියෙනවා translohr ජාතියේ ට්‍රෑම්.

    ReplyDelete
    Replies
    1. මේකනෙ සීන්ස් එක..දැන් අපෙ රේල්වේ ගමු .. තියෙන්නෙ ලෝකට වඩා දශක ගානක් පිටිපස්ස..ට්‍රෑම් සේවාවත් හරිහැටි යාවත්කාලීන වෙන්න නැතුව ඔහේ ගිහින් වැහිල යන්නැති..ඒ තරං දියුණුවක් තිබුන් නැතිනිස ට්‍රෑම් කාර් සේවෙ අවසාන කාලෙ කරත්ත වලටත් වඩා හෙමින් යන්න ඇති...

      Delete
    2. ට්‍රෑම් කියන්නෙ පරණ වෙච්චි දෙයක් නෙමෙයි, ඒක අලුත් වෙලා නවීන විදිහට තියෙනව, අපි තමා අතෑරල තියෙන්නෙ. ඩුබායි වලත් ට්‍රෑම් සේවයක් තියෙනව. නාගරික ජනඝනය අධික සහ කෙටි දුර ගමන් වලට හොඳම මාධ්‍ය ට්‍රෑම්.

      http://www.alsufouhtram.com/

      Delete
  8. නියම ලිපියක්.
    මට පත්තරේට ගන්න හිතෙනව.වෙන පත්තරේක මේක ගියාද??

    ReplyDelete
  9. සුද්ද මොනව කලත් රාජාණ්ඩු නැති කරල, නීතියක් කියල දෙයක් හදල ගිය එක වටිනවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete