Tuesday, June 20, 2017

28 මොකෝ මිනිහ දාල ටවුන් යන්නේ

28 ෆිල්ම් එකේ ඉන්න ගෑනි මිනිහ දාල යනවනේ ටවුමට.. ඒ ගෑනි මොකෝ ඒ ටවුමට යන්නේ? කියාපල්ලකෝ බලන්න උත්තර..? 
සදාචාරවත් සමාජය විසින් ඇසිය හැකි පස්නයක් තමයි ඒ..ඇත්තටම මොකද එහෙම ගෑනු ගමට වෙලා කකා බිබී හොදට ඉන්න තියෙද්දි ටවුමට ඇවිත් රස්සා කරන්නේ ඇයි මේ ගමේ හොදට ඉන්න තියෙද්දි රට යන්නේ.. 
මේක ආගමක ඩයල් එකකින් ඇහුවනම් දෙන්නේ.. හරි පැතලි උත්තරයක්.. ගෑනියෙක් වුනාම ජීවත් වෙන්න ඕනි විදිහ මේ විදියට මේ විදියට පොතේ ලියල තියෙනවා.මෙන්න මෙතන මෙන්න මේම ඒක විග්‍රහ වෙලා තියෙනවා..උන් වහන්සේ,එතුමා කියල තියෙන විදියට ජීවත් වුනා නම් ඒක තමයි ගැහැනියට තිබෙන මේ සමාජයේ එකම ගැලවීම..අපි උදාහරණයකට ගතහොත් එදා ජීවත් වූ ඒ *^$%^$*%#*^$ කාන්තාව..බලන්න එතරම් කටුක එයාගේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය අහගන්න ඒ තැනැත්තිය අපේ එතුමා ගාවට ආවා..ඉන් පස්සේ ඇය උත්සාහයෙන් එමෙ කරගෙන ඇයට ජීවිතේ සාර්ථක කරගන්න ලැබුනා.. 

පොඩ්ඩකට හිතුවොත් මේක නිකං කවදාවත් දැකපු නැති නමින් විතරක් දන්න වැඩි ඇයි හොදයියක් නැති ගෑනියෙක් බලන්න අපි කොළඹ ඉදන් යනෝ.  යද්දි ඒ ගෑනිට අපි කැමති සයිස් එකෙන් ජංගියක් අරගෙන යනවා . මේ ආගම අනුව සදාචාරය අනුව ගෑනු හැඩගැස්වීම කියන්නෙත් අර නොදැකපු ගෑනි  බලන්න ජංගි අරං යනව වගේ නේද?  ඒ කියන්නේ අපි කලින් තීරණය කරලා ඉවරයි පොත් අනුව සමාජය අනුව ගෑනි ඉන්න ඕනි මොතන..ගෑනි කරන්න ඕනි මෙහෙම..ගෑනිට විමුක්තිය මේක..ගෑනි ට සාර්ථක වෙන්න මේමය ිකියල අපි කලින් හිතල ඉවරයි..කලින් උදාහරනේදි ටවුමෙන් ජංගියක් අරගෙන නොදන්න ගෑනියෙක් බලන්න යන මිනිස්සු වගේ තමයි ගෑනු හදන්න යන පිරිමි අපි ඔක්කොම.. 

ඔන්න ගෑනියෙක්ට හිතෙනවා මොනවා හරි ලිංගික අමාරුවකට හරි..තනිකම පාලුව නිසා හරි.. නැත්තං ගමේ තියන සදා කෝපිකඩේ වගේ බෝරිං ජීවිතය නිසා හරි පිට යන්න..පිට කිව්වේ රට පිට හෝ ගමෙන් පිටට. ඉතිං බැදලා ඉන්න දරුවෝ ඉන්න ගෑනියෙක් ට නම් ඇත්තටම ප්‍රාෙයා්ගිකව අපේ රටේදි එය කරන්න අමාරු දෙය්ක නෙමෙයි බැරි දෙයක්..දරුවොත් නැති එකියෙක් නම්..ඒකිම පැනලා ගියොත් මිසක අපේ ඉන්න නෑයෝ යාලුවෝ අමම්ල තාත්තලා සැමියෝ අරකිට යන්න දෙනවාද? නෑ හිතවතුනි නෑ.. ඒ කෙල්ල කිව්වොත් එහෙම මට මේ ගම ජිවිතේ බෝරිං..මං යනෝ පොඩි ආතල් එකක් ගන්න කියලා. ඒකි ගන්න යන ආතල් එක මොනවගේද කියලා අපේ හිතේ මැවෙන්නේම මහ වල් වනචර අසික්කිත චිත්‍රයක්.. 

ගෑනු පිට ගියාට පස්සේ 

ගෑනු පිට ගියාට පස්සේ අප ිදකින්න ආසම දර්ශනය තමයි බඩ වෙලා ආපහු අපිට වැදගෙන ගෙදරට හෝ සැමියා ගාවට එන එක.. ඒත් අද කාලේ ඒම වෙනවා අඩුයි. පිට යන හැම ගෑනිම මේ 28 ෆිල්ම් එකේ වගේ පෙට්ටියෙන් එන්නෙ නෑ..ඒත් පිට යන ගෑනුන්ගේ ඉරණම මොකද්ද? අපි නිකමට හිතල බැලුවොත්.. 

අපි දන්නවා මේ ලංකාවේ නෙමෙයි ලෝකේ වුනත් ගණිතය සමත් වෙන්නේ නෑ ඔක්කෝම.. හැමෝටම දුබලතා තිබෙනවා.. ඉතිං මේ විශයෙන් අසමත් වන ලංකාවේ කාන්තාව කියන්නේ බොහෝවිට ඒකාකාරී හවුස් වයිෆ් රාමුවට හිර වෙනවා.. ඒ ගෑනිට නිදහස ලැබෙන්නෙ සැමියා හෝ ගෙදරින් පෙන්වන ජනේලය හරහා පමණයි.. 

මෙහෙම ඉන්න ගෑනිට වෙලාවකට හිතෙනවා මේ ඔක්කෝම දාල ඩුබයි වල හෝ ඕමාන් වල ගිහින් වලං ටිකක් හෝදල ආවනං හොදයි කියලා..නැත්තං හිතෙනවා කටුනායක පැතතට ගිහින්  කී්‍යක් හරි හොයාගන ආවොත් හොදය ිකියලා . ඉතිං එයා යනවා.. ගිහින් හම්බ කරන තුට්ටු දෙක වියදම් කරනවා ගෙදර ඉන්න අය වෙනුවෙන්.. 


28 කතාව ගැන 

28 ගැන කියද්දි මම හිතන්නේ අපිට හමුවෙන කාන්තාව මලේ ඇයි කියල හිතන එක ඇවිල්ල පට්ට රස වැඩක්..දූෂණය වෙලා එපා එපා අත තියන්න එපා යද්දිත් ඒකිව මරලා දාන්න ඇති .. හෝ කොහොම හරි පිරිමින්ගේන හිංසා වෙලා මැරෙන්නට ඇති.. 

ඒත් ගැටලුව ඒක නෙමෙයි අදටත් අපේ ගම්වල ඉන්න ගණිතය අසමත් කාන්තාවන්ගේ සහ අජ්ජාපන බලුපොරයෙන් හැලෙන කාන්තාවන්ගේ වටපිටාව මොකද්ද? ඔවුන් ජීවත්වෙන්නෙත් මිනී පෙට්ටියක් වගෙ කොටු අවකාශයක නේද? 

ඒ ගෑනිට හිතුනද මේ මම වගේ නේපාලේ ගිහින් එන්න..යන්න ඇහැකිද? ඒ ගෑනිට හිතොනුත් අඩේ ඉඩමක් විකුනල හරි මං මැලේසියා ගිහින් ෂොපින් කරල ආතල් එකක් අරං එනවා කියලා ඒ ගෑනිට යන්න ඇහැකිද? 

මම නේපාලේ ගිහින් තනියම එහේ මෙහේ යද්දි මට හමුවෙනවා ඉතාලි ජෝඩුවක් .ගෑනුම ජෝඩුවක්.එ.් එක ගෑනියෙක් ලංකාවේ යුද්ද කාලේ ලංකාවට ආපු එකියක්.. ඔවුන් ඇත්තටම මගේ ගමන ගැන සතුටවුනා.. අපි රෑට බත හැදෙනකල් නවාතැනේ රත්වුනු පෝරනේ ගාවට වෙලා ගිනිතපිමින් පොඩි චැට් එකක් දැම්මා පැය බාගයක් විතර.. ඒ ගෑනු ටික රස්සසාව කරනවා සල්ලි එකතු කරනවා ඇවිදනවා..ආයේ රටට යනවා සල්ලි ටිකක්  හොයාගන්නවා ඇවිදිනවා.. 

මම  කියන්නේ එහෙම නිදහස නෙමෙයි..ඊට වඩා සරල නිදහසක් වත් ලංකාවේ ගම් වල ඉන්න අධ්‍යාපනයෙන් හැලුන ගෑනුන්ට තියෙද? ණෑනේද?  

28 ගැන

ප්‍රසන්න දක්ෂයෙක්..මහෙන්ද්‍ර දක්ෂයෙක්, සේමිනි දක්ෂයෙක්..රුක්මල් නිරෝෂ් දක්ෂයෙක්.. ඉතිං දක්ශයිනගේ ප්‍රතිභාවෙන් හැඩවුනු ලස්සන චිත්‍රපටියක් තමයි 28. ලොකු දෙයක් නෑ..පොඩි කෑල්ලක් තියෙන්නේ..ඒත් හිතන්න දෙයක් තියෙනවා.. මම ආසම කෑල්ල තමයි 
“ ඇයි නාවෙ මා සොයලා සිතේ සංකා මවා තියා...“ කියල රුක්මාල් සහ සරත් කියද්දි මහේන්ද්‍රට මල පනිනවා..නවත්තපියව් ඕක කියල බෙරිහන් දීල නවත්වනවා.. 

දැන් නිකමට ආයෙත් මම උඩින් ලිව්ව එක ගැන හිතන්න..ගෑනියෙක්ට නිකං හිතෙනවා අද හවස ඔන්නොහේ ෆිල්ම් එකක් බලල එනවා තනියම ගිහින් කියලා..? ඒකට අවසර ගන්න බැරුව, වරං ගන්න බැරුව, ඒකට සල්ලි කීයක් හරි හොයාගන්න බැරුව ගැනු කී ලක්ෂයක් ඉන්නවද මේ සිරි ලංකාවේ. 

3 comments:

  1. Hithanna dekak dunna.hoda post ekak..

    ReplyDelete
  2. ඇත්ත, අදහස සමඟ එකඟ වෙමි... එකක් හැර!

    ගණිතය සමත් නොවීමයි, කොටුවිමයි එකිනෙක ස්වායත්තයි. උගත් මධ්‍යම පාන්තික කාන්තාවට නම් එහෙම කිසිම බලපෑමක් නැහැ. ඔවුන් කොහොමත් සිරකාරියෝ.

    ReplyDelete