Sunday, June 18, 2017

වැවුරුකන්නලැ පෙරහැර

 ගිය වෙසක් පෝයට වැවුරුකන්නල පෙරහැර බලන්න අපි ගියා. ඕගොල්ල ඇතැම්විට ටීවි එකෙන්ඒක දකින්නටඇති. ඒත් නොදැකපු අයට ඒ පෙරහැර බලාකියාගන්න දාන්න ඕනි කියල හිතුනා.



හනුමා නැටුම
 හනුමා නැටුම එන්නේ හනුමා ලංකාවට ආවාය කියන විශ්වාසය නිසා වන්නට ඕනි.. ඔය හනුමා ගැන කියවන වෙලාවේ කියවෙනවා හනුමා රූමස්සල කන්ද ගෙනාපු හැටි.. හනුමාට මොකද්ද බේතක් හොයන්න කියලා කිව්වම පොරට බෙතෙ හොයාගන්න ස්පෙසිපිකේසන් ටික මතක නැතිවෙනවා..ඒ ගමන මුලු කන්දම හිමාලේ ඉදලා මෙහෙ උස්සන් එනවා..එන අතර ගාල්ල දිහා බීච් එක ආසන්නයේ පොඩ්ඩක් නවතිනවා..නැවතිලා බැලූකොට රුම් එකක ජෝඩුවක් මොනාද කරනවා පේනවා..හනුමා ටිකක් බලා ඉදලා හුම්ම්.... ගාල හුස්මක් ඇරියා.ඒ හුස්ම අර පස් කන්දේ වැදිලා කැල්ලක් වැටුනා..ඒක තමයි රූමස්සල..අර රූම් එකේ හිටිය ජෝඩුව ටිකකින් දකිනවා..එලියේ..හම්මට අපි එනකොට තිබුනේ නැති පට්ට කන්දක් සෙට් වෙලා නේ..කියලා.. රූම් අස්සේ සීන් එකක් නිසා රූමස්සල වුනා කියලයි ජනප්‍රවාදයේ තිබෙන්නේ.
අස්ව නැටුම

මොණර නැටුම


මෝල් ගස් නැටුම
 පෙර කල සිටි ජනතාව පෙරහැර පවත්වන්නේ තමුන්ගේ සශ්‍රීකත්වය පෙන්වන එක්තරා සංකේතයක් විදියට. මෙම සශ්‍රීකත්වය පෙන්වන අවස්ථාවේදී තමුන්ගේ අස්වැන්න නෙලාගන්න ආකාරය එය සකසාගන්න ආකාරය පෙන්වන්නත්ඒ ජනතාව අමතක කලේ නෑ..දැන් නම් මෝල් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා..ඒත් මෝල් ගස් නම්හරි අඩුපාඩුයි. මොක වුනත් ඉස්සර පෙරහැර වල ගිය මෙම ගැමි නැටුම ්අද වෙද්දි මොඩ් වෙලා.. හරිම හැඩයි ඇතැම් නැටුම්..
කුලු නැටුම

නමක්දන්නැති නැටුම

අලි කලබල
මේ අලියා මොකක් නමුත් හේතුවක් නිසා පට්ට අවුලකින් ගියේ.. වැනෙනවා ගැස්සෙනවා පෙරලන්න හදනවා..කොහොම වුනත් ඇතැම් විට උගේ බඩයට තියෙන වරපට වල මොකක් නමුත් අවුලක් තිබෙන්නට ඇති.. සතාට ඉතිං පොඩි එකාට වගේ අගවනවා ඇරෙන්න කටින් කියන්න බෑනේ..ඌ ගැස්සි ගැස්සි අමාරුවෙන් ගිය වගකුයි පෙනුනේ..
වෙස් නැටුම
 දකුෙන් පෙරහැරවල හරිනම්උඩරට නැටුම ්තියන්න බෑ..මම පුද්ගලිකව කැමතිත් නෑඒ වැඩේට..මොකද උඩරට පකිරෙන්තුවෝ උණ්ගේ පෙරහැර වලට පහතරට නැටුම හෝ බෙර ගන්නේ නැ..අපි මොකටද අමතරව දෙන්න යන්නේ.. ඒත් ඉතිං අවාසනාවකට වගේ අපේ අජ්ජාපන ක්‍රමයේ නර්ථනය උගන්වද්දි ඇතැම් විට පහතරට පැතිවලත් උඩරට උගන්වනවා.. ඉතිංඒ නිසා සහ අපේ අයගේ තියෙන උඩරට ලොකුය ිකියන මොකක් හරි නිසා දැන් අපේ පැත්තේ පාතරට පෙරහැර වලත්උඩරටනැටුම ්යනවා.. 
මහ බඹා
 පෙරහැරක් ලෙස ගත්තාම දික්වැල්ල පෙරහැරවල් වල තියෙන විශේෂ අංගයක් තමයි මේ මහඹඹා  කියන්නේ..මේක විශාල බෝනික්කෙක් වගේ.. අැතුලේ ඉන්න මනුස්සයෙක් මේකාව උස්සගෙන කරකවලා නටනවා නැටිල්ලක්..වෙලාවකට පැද්දිල ඇවිත් මිනිස්සුන්ගෙත්වදිනවා.. මේ දව්ස්වල නම් හොදට පපර බෑන්ඩ් එක් තමයි මේයාට මියුසික් දෙන්නේ..මහඹමා කියන අංගය දකුනේ පෙරහැරවල තමයි වැඩිපුර තිබෙන්නේ.. මෙයින් මහා බ්‍රහ්මයා නිරූඵනය වෙනවා ඇති..මේ අත හොදට සූම් කරල බැලුවොත් මහඹඹා ටැටූ එකක් ගහං ඉන්නවා ඔබට සතුටුයිද දැන් කියලා..
මල් බයිසිකල්

මේ පහල තිබෙන වීඩියෝ එකනම් බැලිය යුතුම එකක්..මොකද මේ ඩාන්ස් එක වට්ටි නැටුමක් වුනාට මැද ඉන්න කෙල්ල නටනවා නැටිල්ලක්..රිඹ යන්න.. මේ පොරහැර මම බලන තැනට එද්දි පැය තුනකට වඩා මෙයාල පාරේ නටලා..ඒත් මේ ගෑල්ලමයා ලග තිබෙන ජීවගුනය පුදුමාකාරයි.. ඇත්තටම ලස්සනයි..මට මතක් වුනේ මේ දවස්වල මියුසිකල් සෝ වල උඩදම දම නටන ගැනුලමයි ටිකක්.. ඒත් ඊඨ වඩා බොහොම ලගින් ඉදගෙන ඩාන්ස් එක ලස්සනට බලාගන්න හැකියාව පෙරහැරේදි අපිට ලැබෙනවා.. එක අතකින් පෙරහැර ක තිබෙන එක ආතල් එකක් තමයි අපි ඩාන්ස් එක ඈතින් ඉදන් බලනවාට වඩා ඩාන්ස් එක අපි ලගට ඒම.. ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා.. 

7 comments:

  1. අම්මාද බෝල වට්ටි නැටුම සමග පපරේ මියුසික් මේ දැක්කමයි දැන් පහත රට නැටුම් ඔක්කොටම වගේ තියෙන්න පපරේ මියුසික් ඔය නැටුම් උගන්වන්නේ මොක්කුද නැටුම් ගුරුවරුද නැතිනම් ඩාන්ස් ඇකඩමි කෙරන එවුන්ද

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් නැටුම් ගෙන්වන්නේ නැටුම් කන්ඩායම් ලෙස නේ..එතකොට ඔය නැටම් කන්ඩායම් කලායතන වලින් එහෙම සප්ලයි කරනවා..ඇත්තටම සංස්කෘතිය කියන දේ කාලානුරූපව වෙනස් වෙන්න ඕනි න එතකොටයි ඒකේ හැඩ ිතියෙනනෙ..

      Delete
  2. හීනමානයක් නැතුව නැටුමක්වත් රසවිඳින්න බැරි හැටි.

    ReplyDelete
  3. අර අස්සව නැටුමේ ඉන්න කෙනෙක්ට අපේ පෙරහැරේදී කොල්ලෙක් ටෝක් කරා කෑල්ලක් කියලා හිතලා

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක ෆෝන්ස් කියල දැක්ක ගම්න පේනවා නේ..

      Delete
  4. පෙරහැරක් යන හැමතැනම හැමදාකම පාර තෙමෙන්න වැහැල තිබියං කියල විතරයි මං පතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔවු එදානම් වැහැල තිබුනා..පෙරහැරට කලිං පාර තෙමාගෙන වත් යනෝනම් හොද තමයි..නැත්තං ලමයිට නටන්න වෙන්නේ රත්වෙච්චි පාරේ නෙව..

      Delete