Tuesday, July 6, 2021

අවන්ට එකේ වටලප්පන් හදමු

 

බිත්තර 6

හකුරු බෑවක් 

රතු සීනි 

මේස හැදි 3/4 

මිටි කිරි කෝප්ප 2 

ලුනු 

 බිත්තර හොදට බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කර ගන්න..හකුරු පොල්කිරි එකට දාලා දිය කර ගන්න.ඊට පස්සේ සීනී දාන්නේ පැනිරස මදි නම් විතරයි .නැත්තම් දාන්න එපා.ඊට පස්සේ බිත්තර එකයි හකුරු මිශ්‍රණයයි එකට එකතු කරලා ලුණු ටිකක් දාගෙන හොදට කලවම් කරන්න.ඊට පස්සේ බාජනයකට දාගෙන සාදික්ක ටිකක් හොදට ග්‍රේට් කරගෙන උඩින් ඉහින්න..කජු කෑලි ටිකක් තියනවා නම් දාගන්න.අවන් එක 200°c -180c° විනාඩි 40 ක් බේක් කර ගන්න.විනාඩි 30 න් පස්සේ අවන් එක ඇරලා කූරක් ඇනලා බලන්න සෙට් වෙලාද කියලා.


මේක තමයි මට ආපු මම හදපු රෙසපිය. ඇත්තටම මෙගේ අවන් එකේ නම් විනාඩි 55ක් විතර ගියා හරියට බඩු හැදෙන්න. එක එක්කෙනාෙගේ අවන් වෙනස් නේ. ඒ වගම මම වටලප්පන් එකට සාදික්කාකා වසාවාසි එනසාල් කරාබුනැටි ආදී දේවල් අඩංගු බේත් සරක්කුකු පැකට් එකකින් බාගයක්  රත් කරලා කුඩු කරලා එකතු කලා. ඇත්තටම රසට ආවා. 

6 comments:

  1. Wow...Great. same as we do...but this looks so yummy. Well done Amila.

    ReplyDelete
  2. අවන් එකක් නැති එකෙක් කොහොමද හදන්නේ? ලේසිම විදිහක් තමයි ඔය රෙසිපිය හදලා රයිස් කුකරයට දමන්න. ප්ලග් එක ගහලා ඔන් කරන්න. ස්ටිම් කරන්න ඕනේ නෑ. බත ඉදුනා වාගේ වටලප්පම හැදෙනවා. හැබැයි ප්‍රස්නේ තමයි තැටියක දැමුවා වාගේ කෑලි වලට කපාගන්න බැරි එක

    ReplyDelete
    Replies
    1. ඔබතුමා වටලප්පම් වෙළෙන්දෙක්ද?

      Delete
    2. නැ කොත්තු බාස් කෙනෙක්. ඇ‍යි අවුල්ද ?

      Delete
    3. ඇනෝ මහත්තුරු දෙන්නාම හරියටම කියා ඇත. නුදුරු දිනකදි ඔබලාට හිමි තෑගි පාර්සල් දෙක (පොලිස් කොත්තු) තැපැල් මාර්ගිකව ලැබෙනවා ඇත.

      Delete
  3. බිත්තර වෙනුවට කඩල පිටි සහ මාජරින් දිය කරලා දාන්න

    ReplyDelete