Sunday, August 14, 2022

පරණගම්වැවට ඩෙස්පුටු

 


ඉර උදාවෙනකොට ඒ පරණ වැව ලස්සනයි. ඒක නෙළුම් වැව කියලත් කියනවා. තව මොකක්ද වෙන නමකුත් තිබුනා. ඒ වෙනකොට අපි එතන කඩපිලට වෙලා පැය තුනක්. මහ පාන්දර තුනට තමයි අපි කොළඹ ඉදලා ජනකපුර ආපු බස් එකෙන් බැස්සේ. කෑම්ප් එක ගාව අපි බස්සලා බස් එක ගියා. බහින්න බහින්න කියලා අපිව බලෙන්ම වගේ කොන්දොස්තර මාමා බැස්සුවා. අපි කලින් අහල තිබුන විදිහට ඒ බස් එකේ රෑ ඉන්න පුලුවන්. ඒත් ඉන්න දුන්නේ නැහැ. ඉතින් බැස්සා. බැහැලා කෑම්ප් එක ඉස්සරහ තිබුන සුබසාදන කඩකෑල්ලේ අපි පැය තුනක් තැපුවා. 


මේ යන්නේ ඉස්කෝලෙකට බඩු දෙන්න. අර විනී ප්‍රඩක්ශන් කරන අයගේ ලොකේෂන් තියෙන  මුලතිව් වව්නියාව මායිමේ ස්කෝලෙයක්. ගජබාපුර පරණගම්වැව විද්‍යාලය. ඒක ඉස්සරහින් යන එකම බස් එක ජනකපුර කොළඹ බස් එක විතරයි. ඒකත් පාන්දර ට්‍රිප් එක ජනකපුරෙන් එනකොට විතරයි ඉස්කෝලේ ඉස්සරහින් එන්නේ. ඉතින් අපි රෑ අටට කොළඹ පිටකොටුවෙන් අදින ජනකප්‍රර බස් එකට ගොඩ වුනා. අනුරාධපුරය කැබිතිගොල්ලෑව සම්පත්නුවර පහු වෙලා අවසානේ ඔන්න මෙන්න තියල අපි දෙන්නව දාල බස් එක ගියා නිදාගන්න. 


බස් එකේ ටිකට් එක කොළඹ ඉදන් ජනකපුරට රුපියල් 1590ක් විතර. ඉතින් බස් එකක මේ දවස්වල කලෙක්ශන් එක වැඩියි. ඒ නිසා ආරක්ෂක හේතුන් මත අපිව තියාගන්න බැහැය කියලා පස්සේ අපිට රියදුරු මහත්තයා කිව්වා. අපි ගියේ පොතුත් අරගෙන. වැඩිය ගෙනියන්න බැහැ A5 ප්‍රමාණයේ පිටු 120 පොත් හාරසියක් තමයි අපි දාගත්තේ. ඉතින් ඒ ටිකත් බස් එකේම තියෙන්න ඇරලා අපි බැහැලා වේලි වේලි හිටියා. පාන්දරම ඉර පායන දර්ශනය ලස්සනයි. වැවක් ලග ඒක පාලු වැවක්. 


ඩෙස් වැඩේ 


අපේ #ස්කෝලාධාර වැඩසටහනේ මේ පරණගම්වැව පාසැලට තිබුනේ ඩෙස් පුටු හදාදෙන වැඩක්. ඒ ගොල්ල අපෙන් ඩෙස්පුටු 30ක් ඉල්ලුවා. පස්සේ ආරංචි කරලා අපි සල්ලි එකතුකරගෙනත් යද්දි හොයල බලද්දි ඩෙස් පුටු 15ක් වුනත් ඇතිය කිව්වා. පුංචි ඉස්කෝල නෙ. මේ හැදුව ඩෙස් තුන හතර පන්තිවලට ඕන ඒවා. පොඩිම එක ඒ ළෙමයිට අමාරු. කකුල් වදිනවා. ලොකු එක උස වැඩියි. මේ මැද සෙට් එකක්. 


වැඩේ බාර අරගෙන ඒ වැලිඔය කිට්ටුවෙන්ම හදාගන්න අපි උත්සාහ කලා. ඒත් බාසලා කිසිම උනන්දුවක් නැහැ. උන් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ දවසකට පසේස්. ඉන් පස්සේ ඒ වැඩේ බාරදෙන්න ගානක් කියන්න කිව්වහම හරියට ගානක් කියන්නෙත් නැහැ. මේ අර මිල වැඩිවෙන කාලේ 2022 මාර්තු ඉතින් ඒ නිසාත් සමහර විට වැඩේ ඇදෙන්න ඇති. ඒ ගමන අපි රට වටෙන්ම කෝටේශන් ගත්තා. මාතර සෙට් වුනා 8කට. කුරුණෑගල පැත්තේ ඩෙස්පුටු ස්කෝලවලට හදන ඩෑල් එකක් 14,000ක් ඉල්ලුවා. තව ඉනෙක්ස් එකේ මොරටුව එයාලත් 14,500ක් ඉල්ලුවා ඩෙස් පුටු වලට. අවසානේ මොරටුවේ පොඩි තැනක් සෙට් වුනා ඒක හම්බුනේ කට්ටිය දහයකට වඩා කෝල් කරාට පස්සේ. එතන ඉක්මන් එකේ තිබුනේ. රුපයල් 7500කට පොරොන්දු වුනා. ප්සසෙ ්බඩු හදනකොට මිල වැඩිවුනා ඒ නිසා 8500කට ශේප් වුනා. 


බඩු ඇදපු හැටි 


බඩු තියෙන්න් මොරටුවේ ඉස්කෝලේ මුලතිව් වව්නියාව කෙළවරේ. කෝච්චියේ බඩු යවන්න හිතුනත් පුලියන්කුලම තියා වව්නියාවටවත් බඩු යන්නේ නැහැ. අනුරාධපුරයෙන් උඩට කෝච්චියේ බඩු ගෙනියන්නේ නැහැ කොවිඩ් වලින් පස්සේ. ඒ විදිහට අනුරාධපුර ගෙනිච්චත් එතන ඉදලා තව කිලෝමීටර සීයක් විතර තියෙනවා ඉස්කෝලෙට. ඉන් පස්සේ ගියා පිටකොටුවේ තොග බඩු ගෙනියන අය බලන්න. ඒ තැන්වල යාපනේට මඩකලපුවට වගේ දුර තැන්වලට යන ලොරි තියෙනවා. ඒ එකක් වව්නියාවට කතා කරගත්තා කෑල්ල හයසීයකට. ඒත් ඩෙස් හදන්න ගිය කාලේ ඇතුලත තව ඩීෂල් වැඩි වුනා ඒ නිසා කෑල්ලක් 750කට තමයි අපිට යවන්න වුනේ. මොරටුවේ ඉදලා පෙටා වලට ඩිලිවරි ලොරියකින් ගෙනාවා එතන්ට පන්දහක් ගියා. ඉන් පස්සේ එතන ඉදලා වව්නියාවට යැව්වා. ඒ යැව්වාහම ඉස්කෝලේ තියෙන වැලි ඔය පලාතේ සැරට ඩීසල් හිගය. එ ඒගමන මොකො කරන්නේ සතියක් විතර ඉදලා ඔන්න යාන්තම් ලොරි කෑල්ලක් හොයාගෙන ටීචර් බඩු ටික ඉස්කෝලෙට ගෙනියාගෙන තිබුනා. 


ඒ  ඉස්කෝලේ 


මේක 2009 වෙනකල් කොටි පාලනයට තිබුන තැනක්. මේ ඉස්කෝලේ 1999-2009 කාලේ කොටි කෑම්ප් එකක් තිබිලා තියෙනවා. ඒ කාලේ කොටි හොද නැටුම් නටන්න ඇති. තාමත් මහ වලවල් එහෙම තියෙනවා ඒ අක්කර දහයක ඉස්කෝල ඉඩමේ. ඒක තමයි අපි ගිය ඉස්කෝලේ. මේක 2013 දි නැවත හදලා ඉස්කෝල බිල්ඩින් දෙකක්. ඉන් පස්සේ බඩු මුට්ටු එකතු කරගන දැනට ඉන්න විදුහල්පතිනිය ඇනට් ශ්‍රියාලතා මැඩම් ඉස්කෝලෙ පට්න අරගන තියෙනවා. ළමයි කිහිප දෙනෙක්ගෙන් පටන් ගත්ත පාසලේ මේ වනවිට ළමයි 180කට වඩා ඉන්නවා. 


පහසුකම් 


අපි ඉස්කෝලෙට ඩෙස් පුටු හදා දුන්නා. ඒ වගේම අපිට කලින් කට්ටිය ඇවිත් බොහොම උදව් උපකාර කරලා තියෙනවා. ඩෙස්බංකු පුටු හදාල දීල තියෙනවා. ලැබ් වලට බඩු දීලා තියෙනවා. කොම්පියුටර කාමරයක් බඩු එක්ක හදා දීලා තියෙනවා. බුදුපිලිමයක් එක්ක බුදු ගෙයක් හදාදීලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ට ඕන කරන ක්වාටස් ආදියත් මේ ස්කෝලෙ තියෙනවා. ගොඩනැගිලි ආදිය අලුත්. ඒ වගේම කුඩාවට පොඩි රැස්වීම් තියන්න ශාලාවක් හෙමත් තියෙනවා. ඉඩම ලොකු නිසා ක්‍රීඩා පිටියකටත් ඉඩ තියෙනවා. 


නැති දේවල් 


මේ ඉස්කෝලේ ඉන්නේ දැනට ස්ථිර ගුරුවරුන් 9යි. මේ වගේ 1-11 පන්ති පැවැත්වෙන පාසැලට අවම වශයෙන් ඉස්කෝලේ ස්මූත්ව රන් වෙන්න ගුරුවරු 14ක් ඕනි වෙනවා. ඉන්න ස්ථිර ගුරුවරු 9 යෙනුත් දැන් ස්කෝලේ එන්නේ 6යි. ඉතුරු කට්ටිය ඔක්කම ස්වේච්චා ගුරුවරු. ස්වේච්චා ගුරුවරු 8ක් ඉන්නවා. ඒ අයට වැටුප දිමනාවක් ලැබෙන් නැහැ. කවදාහරි ස්ථිර වෙයිය කියන බලාපොරෝතතුවකින් එයාල උගන්වනවා. මේ දවස්වල ඉස්කෝලේ එන්නත් රුපියල් දෙතුන්සීයක් වියදම් වෙනවා. ඉන්ධන නැති කාලේ ස්කෝලේ ආවේ ගියේ ඩිමෝ බට්ටෙක් කතාකරගෙන. ඒකේ පිටිපස්සේ නැගලා හිටගෙන යනවා. ඒකටම දවසට රුපියල් තුන්සීයක් විතර වියදම් වෙනවා. 


අමතර විස්තර 


පලාත ලස්සනයි. සමහර විට වැස්ස තිබුන කාලයක් නිසා වෙන්න ඇති. ගොඩනැගිලි ගෙවල් අඩුයි. පේන තෙක් මානේ වගා බිම් සහ වනාන්තරය. මුලතිව් මහ වනය කිව්වට සිංහරාජය වගේ එකක් නෙමෙයි. ටිකක් වෙනස් අත්දැකීමක්. යාල පැත්තට වඩා වෙනස් තත්වයක්. සංචාරක වැඩකට හෙමත් අලුතින් හිතන කෙනෙක්ට වැව්ක අයිනේ හෝටලයක් අටවගන්න පුලුවන් නම් බොහොම වටීවි. ඒ වගේම මේ ගම යාබදව තමයි විනී ප්‍රඩක්ශන් යූ ටියුබ් කන්ඩායම ඉන්නේ. 


දෙමල සිංහල කේස් එක 


යුද්දේ ඉවර වෙලා අවුරුදු 12ක්. ඒත් තාමත් මේ සිංහල ගම්මාන සහ දෙමල ගම්මාන අතර එකතුවීමක් නැහැ. දෙමලඅයට බඩු එන්නේ වවුනියා පැත්තෙන්. ඒ අය යන්නේ දෙමල කඩවලට. සිංහල අයට වැලිඔය සම්පත්නුවර බස් එන්නේ කැබිතිගොල්ලෑව පැත්තෙන්. බස් වැඩකර්නනේ අනුරාධපුරයේ ඉදලා. මුලතිව් ලග වුනාට දිස්ත්‍රික්කය වව්නියා වුනාට ඔක්කොම සම්බන්ධතා බස් ගමන් තියෙන්නේ අනුරාධපුර කැබිතිගොල්ලෑව එක්ක. 


ඉතින් වෙනම පාසැල්.. වෙනම සිද්ධස්ථාන, වෙනම වෙලදපොල. කොටින්ම චන්දයෙන් පත්වෙන්නේ දෙමල මුස්ලිම් මන්ත්‍රිවරුන් වුනත් මේ සිංහල ගම් වලට එයාල එන්නේම ැනති තරම්. ප්‍රමාණය අඩු නිසා සිංහල ජනතාවට මහජන නියෝජිතයින් නැහැ. ඒත් උතුරු පලාතේ ආධාර ලැබෙද්දි ඉන්දියාවෙන් ගෙවල් ආදිය ලැබිලා තියෙනවා. බස් ගමනාගමන කටයුතු වගේම වෙනත් අවශ්‍යතාවයන් එක්ක බලද්දි මේ වෙන වී සිටීම වෙනස් වෙනවා නම් හොදයි. දැන්වත්. 


ඉතින් අපි ගමන ගිහින් එද්දි ආයේ නැදුන්කර්නි පැත්තෙන්. එතනින් පුලියන්කුලමට ඇවිත් එතනින් කෝච්චියට නැග්ගා. නැගලා හැන්දෑ වෙනකල් ආවා යාල්දේවි එකේ. දවස් දෙකක් වෙහෙසකර ගමනක් වුනත් ස්කෝලාධාර යටතේ බඩු මුට්ටු දෙන්න ඒ අයට සවියක් වෙන්න අපිට හැකි වුනා. වාහන යන්න පුලුවන් ඩීසල් පෙට්‍රල් තියෙන කාලෙක වුනා නම් අපිට වාහනේක ගොඩ වෙලා යන්න තිබුනා. ඒත් අපි ගිය දවස් වෙද්දි පෙට්‍රල ඩීසල් ඒ ගම් වලට නැහැ. කුරුණෑගල දිහාටත් නැහැ. 




6 comments:

  1. සෞම්යා නංගිගේ ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්..

    ReplyDelete
  2. පළවෙනි වෙඩිල්ල

    මානුෂික මෙහෙයුමේ අවසාන වකවානුවෙදි ආරක්ෂක හමුදාවෝ පරන්තන් හංදියේ ඉදලා මුලතිව් පාර දිගේ ඉදිරියට ඇදෙන්න ගත්තා .පරන්තන් හංදියේ ඉතිරි උනේ එකම එක බල්ලයි.. ඌත් බුරන්නෙ නැතුව බය බිරාන්ත වෙලා නට්ට පස්සේ ගහන් දුවන එක ජාතික රූපවාහිනියෙත් ගිහින් තිබුනා..සතියෙන් සතියට විනාඩි පහක් කතාකරන්න දෙන ඇමතුමේදි අපේ අම්මා ඒක හරි ආඩම්බරයෙන් කියන කොට මම මගේ ජීවිතේ පලවෙනි වෙඩිල්ල රට ජාතිය වෙනුවෙන් දෙමළෙක්ට තියලා තිබුනා..

    පරන්තන් පහුකලාම අහුවෙනවා ධර්මපුරම් කියලා ගමක්.මේජර් බැස්ටියන් සර් ඒක ධර්ම පුරය කලා.. අන්න ඒ ධර්මපුරයෙදි තමයි පුහුණුවෙදි මට ග්‍රීස් වල ඔතලා චීනෙන් ගෙනැවිත් දීපු අවි අංක 6785289 කියන චීන ප්‍රහාරක රයිපලයෙන් පලමු වරට මනුස්සයෙක්ව මම මැරුවේ.. ඒ කතාව දිග හැරුනේ මෙහෙමයි.

    ආනන්දවාසම් කියන ගම්මානය මැදින් අපි සතුරා ලුහු බදින කොට අපේ වෙඩි බලය එක්ක උඩින් වැටෙන ආටිලරි බෝම්බ එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බැරිවෙච්ච කොටි පුලු පුලුවන් විදියට ජීවිතේ බේරගන්න පුදුකුඩු ඉරිප්පු පැත්තට පසුබැස්සා..

    ඔය අතරෙදි එක්තරා තැනක පසුපස වෙලකට මායිම් වෙන්න පලාගියපු ත්‍රස්තවාදීන් කීපදෙනෙක් කොටු උනා.. ඒ අයට කොහෙත්ම එතනින් වෙලට පනින්න ක්‍රමයක් තිබුනේ නෑ..එහෙම පැනලා දිව්වනම් වෙල හරහා විවෘත භූමියක දුවනකොට අනිවාර්යයෙන්ම අකාරුණික විදියට පතුරම් වල පෙනේර වෙන්න ඒ අයට සිද්ධ වෙන බව එයාලා දැනගෙන ඉන්න ඇති..

    ඒ නිසා ජීවිතේ ඉතිරි අවසාන බලාපොරොත්තුවද මන්දා... උන් නැවතිලා, හඹාගෙන එන සියගනනක සේනාවක් එක්ක සටන් කරන්න සූදානම් උනා.. එතන ඕනනම් එකොලහක් ඉන්න ඇති.. "සෙලවෙන සියල්ලට වෙඩි " එහෙම ඕඩර් ලබපු හමුදාව ඔවුන් එක්ක ලෙහෙසි සටනකට සූදානම් උනා..

    මම කවර් උනේ හරියටම තල් වැටක කොනකට.. විසාල ඉඩමක් තිබුනු පුපුරලා වැටුන සිමෙන්ති අසූව දශකයේ ගෙදරක් දෙපසක අපි අපි සටන් වැදුනා.. ලාන්ස් කෝප්‍රල් වාසල ක්‍රියාත්මක කරපු gpmg වෙඩි බලයෙන් හාත්පසම දුහුවිල්ලක් වෙලා ගියා ..

    ඒ වෙනකම් ඔලුව පහත් කරන් හිටපු උන් තැන තැනින් සටන අහවර නෑ කියන්න වගේ පහර දුන්නා.. උන්ගේ එකෙක්ට අපේ පහක් හයක් හිටපු සටනක භයානකම මොහොත එලඹුනා.. මම ටී පනස් හය තල් වැටෙන් ඉලක්ක කරලා එක මනුස්සයෙක්ට පතුරමක් නිදහස් කලා.. හරියටම ඒක වැදුනේ මිනිහගේ බෙල්ලට වෙන්න ඕන.. මිනිහා එතන අල්ලගෙන දනගහලා වැටුනා..ඒතෙක්කම කෝප්‍රල් " බඩි මූ "කිව්වා..

    අපි එතනට යනකොටත් උන් ඔක්කොම මැරිලා.. එකෙක් විතරක් පණ බේරගෙන වෙල දිගේ දුවනකොට ඩෝං ගාලා ඇහුන සද්දෙන් මගෙ ඇසුත් වැහුනා.. ඒක තිබ්බේ මගේ වම්පැත්තෙම කොල්ලෙක්.. ඇස් අරින කොට වෙල් නියරෙන් උඩට දුවපු එකාගේ කකුල් දෙක විතරක් ඉස්සිලා තිබ්බා..
    එක එකා සර්ච් කරපල්ලා කියන කොට මම වෙඩිතිබ්බ එකාලගට මම දිව්වා..මට ඕන උනේ ඇත්තටම වෙඩිල්ල වැඳුන තැන බලන්න.. "ඒ මනුස්සයා මැරිලා නෑ.".දෙයියනේ මගේ පපුව ගැහෙන්න ගත්තා.. මහ උන්ගෙන් ගුටි කන්න වෙයිද... මට මුකුත් හිතාගන්න බැරි උනා..

    වෙව්ලාපු කටින් මම ඌට "ඇස් වහපන් හුත්තෝ"කියලා කිව්වා.. ඒත් ඌ ඇස් වැහුවේ නෑ..මගේ දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.. ඒවා හරි පැහැදිලි ඇස්. කලු දෙමලුන්ගේ ඇස් හරි පැහැදිලියි..ඌ මගේම වයසේ විතර කොල්ලෙක්.. රැවුල මගෙ වගේම ලාවට වැවෙන එකෙක්.උඩ රැවුලක් රන් පාටට ලාවට වැවිලා තිබ්බා..උගේ ඇස් එක කෙලින් තියෙන අතරේ හුස්මත් අමාරුවෙන් ගත්තා..උගේ තුවක්කුව අපට වඩා වෙනස් ..ඒක stf එකක්.. මම ඒ දිහා බැලුවා.. ඒත් ඌ ඒක දිහා බැලුවේ නෑ..ඒ කොල්ලා ආයුධ අත ඇරලා තිබ්බා..

    මිනිහා තවමත් මම දිහා බලාගෙන..අපිට ඉලක්ක පත වලට ජීව පතුරම් වලින් වෙඩි තියන්න ඉගැන්නුවට ඒවා වැදුන මනුස්සයෙක් මොකද මුලින්ම කරන්නේ කියලා උගන්නලා තිබුනේ නෑ.. ඇත්තටම වෙඩි කාපු මනුස්සයෙක්ගේ අවසාන බැල්ම වෙඩි තියපු මනුස්සයා දිහාට එල්ල වීම හරිම කේදවාචකයක් ..

    අනිත් එක, ඒ මනුස්සයගේ ජීවිත කාලේ අවසානම බැල්ම වැටිලා ඊට පස්සේ ඒ මතකය එක්ක ජීවත්වෙන වෙඩික්කරුවෙක්ගේ ජීවිතය ..මට හිතෙන්නෙම ඒ මොහොතෙදි දෙන්නම මැරිලා යනවා.. කෙනෙක් ශාරීරිකව..අනෙකා මානසිකව.. හැම දෙයක් ගැනම නිකම් දකිනවට වඩා හිතලා ඉස්සර ඉදන් ට්‍රැක් චේන් පන්න ගන්න මට දකුණේ ඉදන් තුවක්කුවක් කරේ තියන් ඇවිත් ජීවිතේට මට වරදක් නොකරපු එකෙක්ට වෙඩි තියලා මරලා දාපු එක මහ පුංචි සිදුවීමක් උනේ නෑ...

    ඒ මනුස්සයගේ බෙල්ලෙන් ගලාගෙනගියපු ලේ රතුපාටට වැලිපොඟවගෙන එතනම රවුමට තිබුනා..තව දුරටත් ඒ ආයාසයෙන් ගන්න හුස්ම මගේ පපුවටම වැදෙනවා වගේ මට දැනුනා .

    ReplyDelete
    Replies
    1. වැඩිවෙලා යන්න මද්දෙන් මම සිතුවිලි නිමග්නයෙන් අවදි උනා.එකපාරටම මගේ පස්සෙන්" හුත්තෝ ඌට මෙන්න පණ තියෙනවා කිව්වේ ප්‍රයිවෙට් කුමාර... මම හ්ම්ම්ම්.. කිව්වා.. "හ්ම්ම්..නෙමේ යකෝ තියපිය තියපිය" මට වඩා අවුරුදු දහයක් හමුදාවේ කාපුබීපු කුමාර මගේ ඔලුවට ඇගිල්ලෙන් ඇන්නා.. මේ වෙනකොටත් මමහිතන්න කාලය ගොඩක් වැයකරලා තිබුනා.. හමුදාවේ ඒකට කිව්වේ "ටියුබ්ලයිට්" කියලා.. ටියුබ්ලයිට් වලට ලැබෙන ගුටි මම දැකලා තිබුනා.. ඒ බයටම මම තුවක්කුව අර මනුස්සයගේ ඔලුවට ඉලක්ක කලා..ඒ බැල්ම එහෙමමයි... ආයෙමත් කුමාර මගේ ඔලුවට ඇන්නා...මම ඒ මනුස්සයා දිහා අයෙම බැලුවා.. ඒ ඇස් මොන මොනවදෝ කතාකලා..ඉන් පස්සේ ආයාසයෙන් ඒ මනුස්සයා ඇස් වහගත්ත බය පෙනුනා..මට ආයෙම ඒ ඇස් කතාකරනවා මැවුනා.. කියන්න ඇත්තේ "ඔයා තියන්න කියලා වෙන්න ඇති...

      මම ටිගර් එක තදකලා.... මහ හඬක් එක්ක මගේ අතින් ජීවිතේ පලවෙනි මිනිහා මැරුණා... ඔලුව වම් පැත්තට හැරිලා පොලව එක මොහොතින් රැල්වලල්ලක් වගේ මිනිහගේ ඔලුව වටේට ලේ විසිරුනා...

      බය උනාද උඹ.... මගේ උරහිසට තට්ටුවක් දාලා කුමාර ඇහුවා..

      නෑ මම බය උනේ නෑ...මම මිනිහට ඇහෙන්න කිව්වා..

      "සුපිරි සොලොක් ඈ" මට එහෙම කියලා මිනිහා ඉස්සරහට ගියා...

      "ඒත් මම ආයේ මුන්ව මරන්නෙ නෑ"

      මම කාටවත් නෑහෙන්න හෙමීට මිමිනුවා..
      නිමි.

      මට සමාවෙන්න.. යුද්ධය අවසන් වෙනකල්ම මට රට වෙනුවෙන් ඒ මනුස්සය ඇරෙන්න තව මනුස්සයෙක්ව මරන්න බැරි උනා...

      Delete
  3. තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...

    ReplyDelete
  4. රාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති

    ReplyDelete