Friday, September 15, 2023

රටින් ඒන ලියුම


මා පෙර කෙටි ලීපියේ දැන්වූ පරිදි ඔබගේ ගිණුමට මුදල් බැරවී ඇතැයි සිතමි. ඔබ දිවි ගෙවන ආකාරය ගැන මට කිසිදු අදහසක් නැතත් ඔබ නොමැරී ජීවත් වෙනවාය යන සංඥාව පමණක් මම වෙනත් මගකින් ලබාගනිමි. 


මා බැදී සිටියා ඇතියැයි මා ගත් තීරණය ඉතා හදිසි ඒකක් නොවේ. මටම ඒ් මාසෙකින් දෙකකින් වෙනස් කරන්නට හිතේදැයි හිතේ තිබූ දෙගිඩියාව නිසා මෙහි ආදා සිට මාස තුනක් පමණ පසු ඔබට ලියන්නට අදහස් කලෙමි. මේ හරහා ඔබේ හිත නැවත නැවත පෑරීමකට ලක් වෙන බව මම දනිමි. ඒහෙත් මා කවරෙක්ද මගේ ස්වරූපය මගේ ආසාවන් කුමක් දැයි මතු දිනෙක මගේ දරුවෙකු හෝ ඇසුවොත් ඔවුනට මේ ලිපිය වැදගත් වනු ඇත. 


ලොවට පෙන්වන අප දෙදෙනාගේ ඡායාරූප වල අප සිනාසී සිටියත් මා සිතන්නේ අපි යෝජනාවකින් කසාද බැද මුල් කාලයේ සිනාසුනාට පසු අප දෙදෙනා ඒකිනෙකාට සිනාසී නොමැත. ඔබට මා නිතරම පහල පාන්තිකයෙක් ලෙස පෙනීම ඔබගේ අවුලක් නොවේ. ලංකාවේදී මා ආශ්‍රය කල මිතුරන් කන්තෝරු සගයන් මෙන්ම බොහෝ හිතවතුන් මා ඉහල පන්තියේ අයෙක් ලෙස සැලකුවේ නැත. බොහෝ දෙනාට මාගේ ජීවිතයේ අසම්පූර්ණ කොටස් තිබුනි. 


ඇදුම් මිලදී ගන්නට සාප්පුවකට ගිය කල ඔබ තෝරා මහන්සිවී අවසන මට ඉදිරිපත් කරන බොහෝ ඇදුම් ආයිත්තම් වල මට ඒ් හැටි වෙනසක් නොපෙනේ. මුල් කාලයේ මෙය ලස්සනදැයි ඇසූ විට ඔබ අමනාප වේ යැයි බියෙන් ඒක නම් නියමයි යැයි කියවුනි. ඒහෙත් පසුව ඔබට ඇති අමනාපය නිසාම අවුලක් නෑ යැයි පිලිතුරු දෙන්නට හුරු විය. 


මා ලිපි ලියන්නට පෙලගස්වන්නට කෘතහස්ත ලේකකයෙක් හෝ ලිපිකරුවෙක් නොවේ. මට මතක් වෙන හැම කෙංගෙඩියම මේකට ඇතුලත් කරනවා විනා ඔබට ඒකින් ඒක චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට මට අදහසක් නැත. මෙවැනි දිග හෑලි ලියන විට ඔබේ හොද ද ලිවිය යුතුය. ඒ් සදහාද මම ඉඩක් වෙන් කල යුතුය. මන්ද මට අනුන් ගැන නිච්චියක් නැත්ත් මේ වචන පේලි අතර ඔබේ හොද ඒක් පේලියක් දෙකක් වත් තීබීම ඔබට සන්තෝසයක් වනු ඇත. 


ඔබ නිතරම මම කෑමට කැමති දේවල් උයා පිහා සකසා දෙන්නට මහන්සි වූවාය. ඒසේම කසාද බදිනන්ට පෙර මාස ගනන් බාල්දිය පතුලේ තිබී කලුපුස් අල්ලා විසික් කරන්නට වුන ඇදුම් ඔබ විසින් දිනපතා සෝදා දෙන ලදී. මා දැල්ලෝ කන්නට ආස බව ඇත්තය. ඒහෙත් දැල්ලෝ වෙලද පොලේ ඇති කාලයට සතියට දවස් හතර පහක්ම දැල්ලෝ කන්නට වීම මට ඒච්චරම ඇල්ලුවේ නැත. ඒහෙත් දැල්ලේ ඒපා යැයි කීමෙන් අපි අතර තිබූ තත්වයට බාදාවක් වන හෙයින් මම ඒ් කාලයේ කට වහගෙන දැල්ලේ ගිල දැමුවෙමි. 


ඔබට මා කිසිම තැනකදී හොද කෙනෙක් නොවුනෙමි. මා කන්තෝරුවේ දක්ෂතා පෙන්වා ගත් ඇතැම් කුසලාන තෑගි බෝග ඔබට නොපෙන්වා තබාගතිමි. මන්ද මා අපේ පාසැල් ආදිසිසු හමුවේ ලේකම් ලෙස සිට ඒහි අවුරුදු උත්සව පිරිත් ආදිය සංවිධානය කල විට බොහෝ විට ඔබ ඒ්වා මගෙ නායකත්වයේ ැති දක්ෂතාවයක් ලෙස දුටුවේ නැත. ඒ් ළමයා කොච්චර දක්ෂ කෙනෙක්ද අපේ ඔෆිස් ඒකෙත් නාලක ගැන කතාකලා යැයි දිනක් ඔබගේ පියා කී කල. “ අපෝ ඔවු ඉතින් වෙන කවුරුත් නෑනෙ ඔය වගේ කුනුකන්දල් බාර අරගෙන කරන්න. ගෙදර වැඩ ළමයිගේ වැඩ දාල ගිහින් ඒතන්ට වෙලා වට පිට බල බල ඉන්න කැමති මිනිස්සු නැතුව ඇති “ යැයි ඔබ කීවාය. 


ඒ් ඒකක් පමණක් නොවේ. මා ගැන යමෙක් හොද කී කල මගේ සත්‍යයම හොදක් ආරංචි වූ කල බොහෝ විට ඔබ ඒයට පසංසා කරනු තබා අඩුතරමේ ඒය පිලිගන්නටවත් කැමති නොවීය. ඔබගේ පවුලේම මල්ලීගේ පවුල අවුල් වූ කල මම ගොස් කිහිප විටක් ඒ් ඒ් පාර්ශව හා කතකොට සමනය කර දුන්නෙමි. ඒහෙත් ඔබට අනුව ඒය ඔ්න නැති කුනුගොඩක් දාගෙන නැටීමකි. පසු කලෙක ‌ඒ් උදවිය මට පසංසා කරන විට ඒ් අසා සිටීමටවත් ඔබට උනන්දුවක් නැති බව මම මේ ඇස් ගෙඩි දෙකෙන්ම නිරීක්ෂණය කලෙමි. 


දරුවන්ට මම නැති අඩුව තදින් දැනෙනු ඇත. ඒහෙත් මගේ කියා දරුවන්ට ඉතිරි වී ඇත්තේ මගේ පෙනුම පමණකි. ඔවුන්ගේ සමස්ථ දවසේම කාලසටහන සකස් කරන්නේ ඔබය. ඔවුන් මා සමග සිටිය යුතුද? මා ඔවුන්ට පාඩම් කියා දිය යුතුද? ඒ් මොන පාඩමද/ මම ඔවුන්ට ඒය කියා දියු යුත්තේ කෙසේද? ආධී බොහේ දේ ඔබගේ අනුදැනුම පරිදි ඔබගේ කැමත්ත පරිදි සිදු විය. ඒ් ගැන මගේ ඒ් හැටි අකමැත්තක් නැත. මේ රටවල පරිදි නිදහසේ දරුවන් හැදීම අපිට තව සියවසකටවත් ඒ් යැයි මට සිතන්නට අපහසුය. මගේ දරුවන්ට විදින්නට වෙන ඇතැම් දුක් ගැහැට ගැන මට දුකක් ඇති වුවත් ලංකාව‌ේ සිටින මිලියනයක් විතර විය හැකි දරුවන් සියලු දෙනාම විදුන දුක මගේ ඒකාලාටත් ඒසේම හිමිය. 


දරුවා මොන්ටිසෝරියට ඇරලවන්නට ගිය තැනදී ඒතැනදී හමු වූ හාදයේක් සමග ඔබේ යම් සම්බන්ධයක් ඇතැය් මට කිහිප තැනකින්ම ආරංචි විය. ඒ් ගැන මා සොයා බැලිය යුතු වුවත් ඔබගෙන් ඔහු ලබාගන්නා විනෝදය කුමක්දැයි මට අදද සිතාගැනීමට නොහැකිය. ඇතැම්වට ඔබට මට වඩා ඔහු වඩාත් ඉදිරිගාමීව වඩාත් යහපත්ව පෙනෙනු ඇත. බාගෙදා ඒ් බොරු වී ඔබත් ඔහුත් අතර හුදෙක් කතාබහක ් විතරක් තියෙනවා ඇත. ඒහෙත් මම ඒන්න මාස කීපයකට පෙර සිට ඔබේ හැසිරීම් වල වෙනසක් මට දැකගන්නට හැකි විය. ඔබ ෆොන් ඒකේ සිටින කාලය වඩි විය. මාව නුරුස්නා මට්ටම වැඩි විය. 

ඔබ කියන ආකාරයට ඇදුම් පැලදුම් අදින්නට මා කලක් උත්සාහ කලෙමි. ඒහෙත් ඒ් සියල්ල කලත් අවසානයේ. කොහෙද ඉතින් කොච්චර ඇන්දත් ගොඩයව තැනක තියන්න බැහැ නේ යැයි ඔබම හිමිහිට මුමුණනු මට ඇසුනි. ඔබේම ඥාති කෙනෙක්ට මම ඔෆිසියේදී උදව්වක් කල ඒ් රාජකාරිය ඉටුකරගන්නට උදව් කර ඒ් පුද්ගලයාම ඔබට කෝල් කර මම නිසා දවසින් වැඩේ කරගන්නට ලැබුනා යැය ිකියා තිබුනි. ඒහෙත් ඒදින සැන්දෑවේ. ක්ලාස් ඒක තියාගෙන ඔෆිස් ඒකෙ ඉන්නව මිනිහෝ. ඒන හැම ඒකාමට වැඩ කරල දෙන්න කියාම උන් හිතයි ඔහෙට වැඩ නැහැයි කියල. යැයි ඔබ උත්තර දුන්නාය. 


මට ඔබ සමග සිටිනා විට ඔබ සිටින නුරුස්නා ස්වරූපය නිසාම කන්තරුව ඇරී නිවසට ඒ්ම සුන්දර දෙයක් වූයේ නැත. ඒහෙත් දිනපතා බීමට තරම් මට මුදලක්ද නැතිය. ඒනිසා මම වැඩිපුර වැඩ ගෙන වැඩිපුර කන්තෝරු වැඩ කලෙමි. මට නිවසක් නැතැයි මම නිවස ගැන සොයන්නේ නැතැයි ජයසිරි ඇතුලු අනෙක් අය මට චෝදනා කලේය. 


මම මේ රටට ඒන්නේ මගේ හිතවතකුගේ මාර්ගයෙනි. ඔ් සියල්ල ඔබට සගවාගෙන සියලු ලිපි ගොනු ආදිය ඔෆිස් ඒකේම තබාගෙන යන්නට දින කිහිපයකට පෙර ඔබට කියන්නට සිතුවේ ඔබ මේ අවස්තාවත් කිසිම හොදක් දකින්නට නොහැකි බව මා හොදාකාරවම දන්නා නිසාය. 


ඔබට මම ද්වේශ සහගත ලෙස හැරයෑම හෝ වෙනයම් ඉඩක් මාර්ගයෙන් දික්කසාදය ලබාගත හැකි වනු ඇත. ඒ් සදහා යම් කටයුත්තක් අවශ්‍ය නම් ට ඊමේල් ඒකකින් පමණක් ටයිප් කර ඒවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.මන්ද මට තවදුරටත් ඔබේ උපදෙස් යෝජනා අදහස් අවශ්‍ය නැත. ඊ ලිපියේ මට අවශ්‍ය කොටස් පමණක් මට කියවා ගත හැකිය. 


මම වෙනත් ගෑනියකට හසු වී ඇය සමග පැන ආවේ යැයි ඔබ සිතන්නට හැකිය. ඒහෙත් ඔබම දන්නා පරිදි මට ඒසේ හැකියාවක් නැත. ඇරත් ඔබ සමග ගෙවූ අවුරුදු අටක කාලය මට ගැහැනු නම් වූ වර්ගයා හා සමග සතුටින් ප්‍රීිතියෙන් සිටිය නොහැකි බව මම හොදාකාරවම තේරුම් ගත්තෙමි. මට අවශය නම් ඒ් රජාකාරියට පමණක් මෙහි ගෑන ු මිලදී ගත හැකිය. ඒය වරදක් වුවත් මට ඒ්  වරද ගැන සිය දහස්වර මතක් කර හිත පෙලීමට කිසිවෙක් නැති නිසා මම මසකට කිහිප වරක් ඒ් තැන් වෙත ගොස් සතුටු වෙමි. 


ඔබගේ ඥාතින් මෙන්ම අපේ නිවසේ අයද මේ මගේ ථීරණයට ඒරෙහි වෙනු ඇත. ඒහෙත් පීනන්නට අකමැති කෙනෙක්ට වතුරකට තල්ලු කිරීම තේරුමක් නැත. මා ලෝකය ගැන බොහො දේ නොදන්නා මුත පවුල් ජීවිත යනු ඒකිනෙකා පෙලා ගනිමින් රිදවා ගනිමින් ඉදිරියිට ඇදෙන යම් වැදගත් දෙයක් විය හැකිය. මට ඒය ආගන්තුකය. මම වෙනස් යැයි ලෝකයාට පෙන්වා ලකුණඅ දාගන්නට මට ඔ්නා නැහැ. ඒ්ත් මට පවුල් ජිවිතයම මහත් බරක් විය. 


මා ජානක ගේ පවුලේ අය සමග නුවර ඒලියේ යෑම ගැන ඔබ දැඩි ලෙස කිපී තිබුනි. මා නුවරඒළියේ ගිය බව ඔබ දැනගෙන තිබුනේ ජානකගේ සෝශල් මීඩියා හරහාය. ඒතැන වරදක් වුනා නම් මම සමාව ඉල්ලමි. ඒතැන මට ජානක කල බලකිරීමක් නැත. ඒහෙත් ජානක කතා කල විට මට ඒය ප්‍රතික්ශේප කල යුතුයැයි සිතුනේද නැත. චාරිකාවේ වියදම් අඩු කරගැනීමට ජානක මා හට ආරාධනා කලා වෙන්නට ඇත. 


අප යාල ගිය සැටි ඔබට මතක යැයි සිතමි. ඒහිදී මා තෝරාගත් හෝටයල අඩුපාඩු වීමත් මා කෑම කෑමට යෝජනා කල තැන කෑම වල ලුනු මද වීමත් ඒහි ගිය කල ඒදින සතුන් දකින්නට අඩු ළුීමත් යන සියල්ලට මට සතියක් විතර ඔබගේ ප්‍රසංසා හිමි විය. ඒහෙත් ජානක හා ගිය කල ජානකගේ බිරිය ඒසේ නොවීය. ඇය නිරන්තරයෙන් සතුටු වෙන ආකාරයක් මට පෙනුනි. සමහර විට ඇයත් ගෙදර ගොස් ජානකට දෙස් තියන්න ඇති. ඒ්ත් මට පෙනුන විදිහ අර වීදිය විය. 


මා ඉතා කුරිරු හැගීම් දැනිම් නැති අයෙක් යැයි කිසිවෙකු කියනු ඇත. ඉතින් මට පාන්යැ. මම ඔබට ජීවත්වීමට අවශ්‍ය දරුවන්ට ඒ් වැඩට අවශය ඩොලර් පන්සීයක් පමණ මාස්පතා ඒකවුන්ට ්ඒකට බැර කිරීමට සිතාගෙන සිටිමි. ඒ් මදිද වැඩිද කියා මට අදහසක් නැත. මා උපයන මුදල ඉදිරියේ වැඩි වුවොත් මීට වඩා වැඩි මුදල් මට ඒවන්නට පුලුවන් වනු ඇත. 


මට ආ මුල් දිනවල යම් පාලුවක් කාන්සියක් දැනුන මුත් මේ අවට සිටින බොහෝ දෙනෙක්ට ලාංකිකයකු ආගන්තුක වන බැවින් මම ඔවුන් සමග කටයුතු කරමි. මා දැන් මේ නගර කොටසේ සුබසාදක සංගමයේද සාමාජිකයෙක් වන අතර ඒතරම් කෙටි කලකින් මට සාමාජික කම ගන්නට හැකි වීම ගැන නගර වැසියෝ ප්‍රසංසා කරති. 


මෙහිදී මම කරන්නට යෙදෙන සුලු දේවල් වලටත් මට ලංකාවේදීට වඩා ප්‍රසංසා හිමි වේ. අපි කොතරම් ප්‍රසංසා අගය කිරීම් වැඩක් නැතැයි පාරම් බෑවද මිනිසුන් අපිට අපේ වැඩ වලට දෙන තැන පිලිබදව මට ඇත්තේ පැහැදීමකි. 


අප ජීවිතය සතුටින් සිටීමට සාර්ථක වීමට නම් ඔබට අනුව අප තවත් තවත් දේ ඒකතු කරගත යුතුය. තවත් තවත් දේ භුක්තිවිදිය යුතුය. තිබෙන නිවෙසට තවත් කොටසක් ගැනීම මම රියදුරු කම ඉගෙනගෙන වාහනයක් ගැනීම අපේ ළමයි ලොකු ඉස්කෝලෙකට දා ගැනීම මට පොමෝසන් ඒකක් ගැනීම ඔබට තවත් හොද රැකියාවක් සොයැගැනීම දරුවන් වීවිධ පන්තිවලට යැවීම ආදී බොහෝ බොහෝ ඉලක්කයන් ඔබ සතු විය. 


ඒ් ඉලක්ක බොහොමයක් ඔබේම වන අතර මට වූයේ ඒ් බොහෝ දේ ගැන මොකට මහන්සි වෙනවද යන හැගීමකි. ඒය ඔබේ විසේස වරදක් යැයි කිව නොහැකිය. මා වටා සිටින මේ රටේ සුද්දන් පවා කැමති කාර් තිබේ. කැමති ඇපල් ෆෝන් තිබේ ඔවුන් කැමති ටීවි සිරියස් චිත්‍රපට තිබේ. ඒහෙත් මට මා රුචි කරන්නේ කුමක්දැයි තවමත් වටහාගත නොහැක. මා විටෙක චිත්‍රපට ශාලාවට ගොස් තිබෙන ඔ්නෑම චිත්‍රපටයක් රස විදිමි. රේඩියෝව දාගෙන ඒහියන ඔ්නාම සිංදුවක් රස විදිමි. යම් අවුලක් වෙත් නම් ඒයද දරාගෙන මම ඒය බලමි අසමි.. 


ජීවිතයේ තෝරාගැනිම් හඹායෑම් ගැන මා මෙතරම් උදාසීන වූයේ මන්දැයි මටම සිතාගත නොහැකිය. හෝමෝන ක්‍රියාකාරිත්වයේ අඩු වැඩියාව අපේ මනස හා සම්බන්ධ නොවන බැවින් මට අසාමාන්‍ය මෝලක් තිබුනි. මෝල යනු ලිංගික ආශාවයි. ඔබ නොදන්නවා වුවද මම කොළඹ දහිර මුඩුක්කු අස්සේ වේස ගෑනුන් සොයා ගොස් අඩුමිලට ලැබෙන මැදිවියේ ගෑනු කකුල් පලල් කල පසු ඔවුන් ඒපා අනේ ඒපා අනේ කියනකල් ලිංගික ප්‍රහාර දීමට ආශා කලෙමි. ඔවුන් හා සහසම්බන්ධ වී දුරකතන අංකයක් වත් මා සතු නොවීය. ඇතැම් මිතුරන් ඒසේ තබාගෙන සම්බන්ධතා තබාගත් මුත් මට ඒසේ තවත් ගෑනු හා ගනුදෙනුවට කිසිදු ආශාවක් නොවීය. ඒහෙත් උන්ගේ පහසට මා කෑදර විය. 


මුලින් දරුවන්ට පෙන්වන්නට මෙය ලියනවායැ කිව්වත් මෙය දරුවන්ට පෙන්වන්නට නොහැකි වනු ඇත. ඒහෙත් මා හොද කෙනෙක් නොවන බව ඔබට පෙන්වන්නටද මට අවශයය. ඔබගේ මොන්ටිසෝරි හුටපටය මට ආරංචි වූ පසු ඒය ගැන සොයාබැලිමට තරම් මම ශුද්ධවන්තයෙකු නොවන බව මට සිතුනි. ඇරත් ඔබ ආශාකරන ලෝකයේ කිසිවක් නොවූ මා නිකම් සහතිකයක කසාද මිනිහා ලෙස අත්සන් කර ඇති නිසාවෙන් ඔබට බාධා කිරීම නොහොබිනා බව මට සිතුනි. 


මට මානසික අවුලක් නොමැත. මා දන්නා මානසික උපදේශකයෙකු හරහා මට ඇත්තටම රෝග තත්වයක් ඇත්දැයි මා ලංකාවේදී බලාගතිමි. ඒහෙත් මට ඒවැනි අවුලක් නැතැයි ඔහු කීය. ඇරත් මට මේ ඔබ සහ බහුතරය ඇතුල්ත බකට් ඒකට ඇතුලත් වීමට නොහැකි වීම මිස වෙනත් කිසිදු අවුල්ක නැත. ඒදිනෙදා ජීවිතයේ රජාකාරි කටයුතු සමාජ සේවා කටයුතු ඔබ සමග සිටින විට පවුලේ කටයුතු පවා මා හැකිපමණ හොදින් කලෙමි. 


ඒහෙත් හතර අතින් ඒන පීඩනය අනවශය ඒකකැයි මට සිතුනි. ඉතින් මා නවතිමි. මෙය දැක අඩනු නැති යැයි මා සිතමි. ගැනු මිනිස්සු මිය ගිය පසු වෙනත් මිනිස්සු සොයාගනිති. මා දැන් මිය ගොසිනි. මේ ඉදහිට ඒන ඊමේල් ඒකක් හොල්මනක් මෙන් ඔබට වදයක් වනු ඇත. ඒසේ ඔබ ඒයට අකමැති නම් මා හට දන්වා ඒවන්න. මම ඒවිට මේකත් නවත්වන්නම්. 




9 comments:

  1. Replies
    1. "කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ"

      Delete
  2. මේකට යවන පිළිතුරු ලිපියක් දානවද?

    ReplyDelete
    Replies
    1. පිළිතුරු ලිපිය උබේ අම්මගේ හුත්ත අස්සේ දාලා එවන්නම් හීන දකින පොන්නයෝ

      Delete
    2. පිළිතුර ලිපිය රෝල් කරලා උබේ අම්මගේ පුකේ ගහලා එව්වා. කොපියක් හුත්ත අස්සේ ඇති.

      Delete
  3. Saumyage rosa pata huththata diwa dala juice urala bonna thibba nam..

    ReplyDelete
  4. සෞම්යා ඇඳේ වාඩි කරගෙන තොල් දෙක උරණ ගමන් කලිසම ගලවලා පෑන්ටිය උඩ මුණ තියලා ලෙව කන්න තිබ්බා නං.

    ඊට පස්සේ පෑන්ටිය ගලවන ගමන් බඩ, කකුල් උරනවා. පෑන්ටි එකේ හුත්ත ගෑවිලා තියෙන හරිය ලෙව කනවා.

    ම්ම්..

    හුත්තේ තොල් ඈත් කරලා දිව දාලා උරණ ගමන් ගෙඩි මිරිකනවා සෞම්යාගේ.

    යෝනි ජුස් ඔක්කොම උරලා බොනවා. පුකේ හිල ඇතුලටම දිව දානවා. කටට චු කරගෙන ඔක්කොම බොනවා.

    ReplyDelete
  5. කටුක ඇත්ත, මේ අසහන කාරයාගේ කමේට් ගලවන්න

    ReplyDelete
  6. රෂිනි නංගිට පුකේ අරින්න තිබ්බා නං සැප කොහොමද

    ReplyDelete