Thursday, July 1, 2021

වස නැති කෑම දෙව්ලොවින් ගෙනත් දෙන කෘෘසි රසායන තහනම


කවුද ගොයියෝ කියන්නේ?

ගොයියා කියන්නෙ කවුද? මේකට තියෙන්නේ සරල උත්තරයක්. ගොවියෝ කියන්නේ කොච්චර ලොකු කරලා කතා කලත් ඇත්ත වශයෙන්ම මෝඩ සෙට් එකක්. දැනට ලංකාවේ ගොවිතැන් කරන අති බහුතරය ගොවිතැන ගැන තාක්ෂණය ගැන ලොකු හැදෑරිමික් නැහැ. එයාලෙ ගාවිතැනට එන්නේ කරන්න වෙන දෙයක් නැති නිසා.සහ ලේසියෙන් කරන්න පුලුවන් එකම රස්සාව ඕක නිසා. සාහිත්‍ය වලදි ටීවී එකේදි ගොවියා කොපමණ උඩ දැම්මත් ඇත්තටම ගොවියෝ වැඩිදෙනෙක් දක්ෂ පිරිසක් නෙමෙයි. එයාල ක්ශේත්‍රයට එන්න වගේම පවතින්නත් රජයේ තිබෙන ගොවි සහනාධාර සහ කෘෂි රසායනික හේතු වුනා. මෙයාල වැඩිදෙනෙක් ට මේ කෘෂි රසායන තහනම සහ රූපවාහිනි මාධ්‍යවලින් පෙන්වන කාබනික බයිලා ග්‍රීක් වගේ.


කවුද වස වලට පරීක්ෂා කලේ.

එලවලු පලතුරු සහ ධාන්‍ය වර්ගවල වස තියන බවත් ඒවා පරිබෝජනය කලාහම ලෙඩරෝග එන බවත් තමයි කිය්නනේ. ඒත් කොයිකාලේ මොන එලෝලු වල කොපමණ විස තිබුනාද කියලා පර්යේෂණ දත්ත නැහැ. රජරට වකුගඩු ලෙඩ ගත්තාම ගොවීන් විජලනයට ලක්වීම සහ ස්වභාවිකවම ඒ පොලවේ තිබෙන ඛනිජ ද්‍රව්‍ය වකුගඩු ලෙඩට ආසන්නම හේතුව ලෙස කොපමණ කිව්වත් පිරිසක් ඒවා නොදැක කෘෂි රසායන වලටම වැරැද්ද පටවනවා. ඉතින් දැන් එන දත්ත අනුව ලංකාව බෝග වලට චීනය ඉන්දියාව හෝ වෙනත් රටවල් තරම් කෘෂි රසායන ගහන්නේ නැහැ. ලංකාව ඒ අතින් පහලින් තමයි ඉන්නේ.

සහනාධාර ගොවිතැන

ගොවිතැන කියන එක වාණීජ මට්ටමට ගෙන එන්න නම් ගන්න ඕනි ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග තිබුනා. ඊශ්‍රායලය වතුර වලට සල්ලි අය කරනවා. මොකද වාර්ි ජලය එහෙම නැතිනම් සකස් කරලා කුඹුරු වතුපිටිවලට එවන ජලය කියන්නේ මුදලක් එකත් ුෙවන දෙයක්. ඒ ජලය තවමත් නිකන් දෙනවා. ඒ වගේම මෑතක් වෙනකල් වී වගාකරන ගොවීන්ට නොමිලයේම පෝර දෙන්නත් රජය කටයුතු කලා. ඒ සහන නවත්වලා ගොවිතැන වාණිජ මට්ටමට ගන්න උත්සාහ අරගෙන කුඹුරු ඉඩම් වල වවන්න පුලුවන් වී විතරයි වගේ තියෙන පැරණි නීති වෙනස් කලා නම් ඇත්තටම තාවකාලිවක ශොක් එකක් වුනත් දිගුකාලීනව යම් හොදක් වෙන්න තිබුනා. ඒත් ඒ කිසිම දෙයක් නොවී තමයි එකපාර කෘෂි රසායන තහනම ආවේ.

ඉස්සරහට එන ඒවා හොදද

දැන් කාබනික පෝර විදිහට එන්නේ මොනවද? එන්න නියමිත මොනවාද? කාබනික පෝර කිව්වාම රසායනික පෝර වගේ නිසි සංයුතියක් නැහැ. එක එක අය හදන කාබනික පෝර එක එක සංයුතියෙන් තමයි තියෙන්නේ. ඉතින් කාබනික පෝර හදන්න ගන්න දේවල් අඩු වීමත් එක්ක නාගරික කැලි කසල වගේම පිටරට කැලි කසල පවා කාබනික පෝර වෙන්න ගන්නවා. මොකද ඉල්ලුමට තමයි නේ සැපයුම. ඉන් ප්සසේ දැන් දූෂනය වෙනව ාකියලා චෝදනා කරන පස අපි කිසිසේත් නොදන්නා බැර ලෝහ සහ අපද්‍රව්‍ය වලින් දූෂණය වෙන්නට ඉඩ තියෙනවා. කොළඹ තැන්කීපෙක ගොඩ ගහලා තියෙන විශ රසායනික අපේ කුඹුරට වත්තට කුඩුකරලා අඹරලා ගෙනත් දාන හෙට දවසක් ඒවි. ඒක සුන්දර එකක් වේවිද? ඒ වගේම පිට රටවලින් කාබනික පෝර එක්ක ඒ එන්න නියමිත ජීළුින් පාංශු ජීවින් අපේ පරිසරය එක්ක හුරු වේවිද? සමහර විට විනාශකාරි ලෙඩ රෝග ආදියත් රට ඉදන් එන කාබනික පෝර හරහා එන්නට හැකියාව තියෙනවා.

කාබනික තෙල්

දැනට කාබනික කෘෂී රසායන තෙල් කියලා වර්ගයක් එනවා. සාමාන්‍ය පිලිගැනීම අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය රටින් මෙහෙට එන්නට පෙර ඒ රටවලම පර්යේෂන කරනවා. ඒ අනුව තමයි අනුමත වෙලා එන්නේ. ඒත් දේශියව නිපදවන කාබනික ද්‍රව්‍ය කොහොම මොන විදිහට හදනවාද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඒවායේ අන්තර්ගත වෙන දේවල් පරීක්ෂා කරන පහසුකම් ලංකාවේ ඇත්තෙත් නැහැ. සල්ෆර්, කොහොඹ තෙල්, කුරුධු තෙල් ආදී ස්වාභෘවික සංඝටක වුනත් යම් යම් විදිහක විස වෙන්නට හැකියාවක් තියනෙවා. ඒවා ගැන නිසි අධ්‍යනයක් නැතිව හුදෙක් කාබනික ලේබලය යටතේ එන්නට නියමිත කෘෂි රසායන කියන්නෙත් ඉස්සරහට අවුලක්.

දැනට කාබනික ගොවිතැනට කට්ටිය සෙට් වෙලා ඒකත් තාප්පවලෙ සිතුවම් ඇදීම වගේ වෙලා තියෙනවා. පිරිසක් කොහොමත් ඉතින් ඕවා කරනවා. ඒත් සමස්තයක් විදිහට අපිට ඉස්සරහට ආහාර මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමකට මුහුන දේනනට වෙනවා. අපේ තේ පොල් රබර් ආදි වගා වලට සිදුවන හානි නිසා අස්වනු වල අඩුවීම එක්ක ඒ කර්මාන්ත වලටත් අවධාමක් එනවා. හැමදේම සුබවාදීව දකින්න කියන අය ඉන්නේ ටීවි කැමරා ඉස්සරහා. එයාලට බොහෝවිට තවත් ආදායම් මගක් තියෙනවා. ඒත් ගොවිතැනෙන් පණ ගැටගහගත් ලොකු පිරිසක් මේ නිසා අසරණ වෙනවා. ඒ වගේම ඉදිරියේදි උද්ධමනය එක්ක ආහාර හිගයක් ආවොත් එහි ප්‍රථිපල 69 ලක්ෂයට වගේම අපි හැමෝටමත් යහමින් විදගන්න සිද්ද වෙනවා.

Wednesday, June 30, 2021

විනය තකන ක්‍රිකට්


විනය ගැන හැමෝම කතා වෙනවා. විනය තියෙන්න ඕනිය ක්‍රීඩාවේ ඒක නැහැය කියනවා. අපි හොදටම දන්නවා නේ පහුගිය දවසක ඩැනියි, කුසලුයි තව දික්කයි පාරක සිගා එකක් ගහලා ආතල් එකක් අරං මාට්ටු වුන සීන් එක. දැන් ඉතින් ඇර සොයිසා කියලා උන්ට නෙලන එක තමයි ට්‍රෙන්ඩ් එක. උන්ට නෙලුවා කියලා අපිට ලැබෙන කෙංගෙඩියක් නැහැ. ඇත්තටම 11ක් සෙල්ලම් කරන ගේම් එකක බැටාලා තුන් දෙනෙක් කියන්නේ ලොකුෙ දයක් තමයි. ඒත උන් තුන්දෙනා හැර අනෙක් අයය කියලා ලොකු තැනක ඉන්න විදිහක් පෙන්නෙත් නැහැ.

ඇරියස්

අපිට කලින් අපි දැකපු නැති කාලේ ක්‍රිකට් ගහපු පරම්පරාව ඇවිල්ලා සිල්ගත්ත බවුන් වඩන සෙට් එකක් නෙමෙයි. ඩේවිඩ් බූන් 80 ගනන්වල මැද හරියේ ඉදලා 96 වෙනකල් සෙල්ලම් කල තස්මේනියන් බුවෙක්. ඔසී වල ටෙස් මැච් එකක බූන් ආවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ. ලෑල්ල ඒ වගේම ගහනවා. දක්ෂයෙක්. මිනිහා කොපමණ දක්ෂ වුනත් හොදට බොන්න දන්නවා. කොපමන බොනවාද කිව්වොත් ඔසී ඉදන් එංගලන්තේ යන ගුවන් ගමනේදි පොර බියර් කෑන් 52ක් බීලා තියෙනවා. දැක්ක විදිහට එකපාරක් මැච් එකක බීලා බීලා අහක් වෙලා වමනෙ දදාත් පොර ශතකයක් ගහලා තියෙනවා.


ඊට අමතරව ඉතින් ශේන් වෝන්, වසිම් අක්‍රම් සහ චමින්ද වාස් හෙමත් සිගා ගහනවා කියන එක ලොකු රහසක් නෙමෙයි. උන් සිගා ගැහුවා ක්‍රිකටුත් ගැහුවා උන් දක්ෂයි. ඒත් ක්‍රිකට් වලින් ප්ලේයර්ස්ලා අසාර්ථක වෙන හැම වෙලාවකම උන් මොකවත් නොබී ආතල් ගන්නේ නැතුව ඒ පරාජය ගැන අඩ අඩ වැලපෙන්න ඕනිද? විකාර නේ. පැරදුනාම අපි ටීව එක වහලා අපේ ආතල් ගන්නවා වගේ උන්ටත් ජීවිතයක් ෆන් එකක් තියෙන්න ඕනි. ඒක පොඩ්ඩක් ඕවර් ගියොත් ඉතින් ඒවා ගැන බලාගන්නත් කට්ටිය ඉන්නවා නේ.

මේ සිද්දිය.

ජෛව බබුල එහෙම නැතිනම් බයෝ බබල් එකෙන් එලියෙ ආතල් ගැනීඹ ටිකක් කේස් වැඩක්. මේ කරන්නේ කොරෝනා නිසා. පවුලෙන් සහ සමාජෙන් ඇත් වෙලා හෛාටල් ගත වෙලා ඉන්න එක අමාරුයි. ඒත් හෝටල් කාමර වල අවශ්‍ය නම් බීම වගේම වෙනත් පහසුකම් වුනත් ගන්නට පුලුවන්. කුමාර ධර්මසේන කියපු විදිහට පාකිස්තානයේදි ඔවුන්ට ඉන්න තැනටම අවශ්‍ය නම් පහසුකම් ගෙන්නවාගන්න පුලුවන්. ඉතින් ඔවුන් ඇතුලේ ආතල් ගන්න නැතුව එලියට පැනලා ආතල් වැඩිපුර ගන්න ගිය සීණ් එක ලීක් වුනා. ඒ වෙද්දි මැච් ලොස් වෙල තිබුන නිසා සිද්ධිය තවත් සැර වුනා. එච්චරයි. ඒක ඉවරයි.

තරග තහනම

තරග තහනම අවුරුද්දක් කියලා තමයි දැන් කතා එන්නේ. ඒත් සමහර අය මේ සෙට් එක අවුරුදු ගානක් බ්ලොක් කරන්න කතා කරනවා. ඒක නම් හෙන කැත වැඩේ නේද? අයි සී සී හෝ එංගලන්තය පැත්තෙනුත් එච්චර ලොකු සද්දයක් නැහැ. ඒ වගේ තත්වයක් යටතේදි ලොකු දඩුවමක් දෙන්ෙන් ඇයි? මම හිතන්නේ එංගලන්තයේ එහෙම කොවිඩ් අතෑරලා වගේ දැන් මැච් බලන්න සෙනගත් එනවා. ඒ නිසා ලොකුවට තරග තහනම් දාන එකෙන් ඒ ප්ලේයර්ස්ලාට වෙන අසාධාරනය වැඩියි. ඇරත් ආයේ ඩැනීලා දික්කලා කුසල්ලා ගැහුවේ නැතොත් ඒ අයව කාටත් මතක නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔවුන් ඉතිහාසගත වෙලා දඩුවම ටිකක් ජනප්‍රිය වෙන්න නම් එවුන් නැවත ගහන එක වැදගත් වෙනවා.

ලයිට් කොටේ බලන ෆෑන්ස්ලා

තොරණක ආතල් එක තියෙන්නේ ඉස්සරහ. ඒක වැඩ ගොඩයි. විනාඩි දහයක් විතර බැලුවම තොරණ එපා වෙනවා. ඉන් පසේස සමහරු ලයිට් කොටේ ඒ කියන්නේ තොරණ පස්සේ තියෙන කෑල්ලත් බලන්න යනවා. ඒකේ ලොකු ලල් එකක් නෑ, ඒත් බලනවා. එ වගේ ක්‍රිකට් වලත් ඇත්තටම පේන්න තියෙන කෑල්ලේ තියෙන දේවල් වලට අමතරව ඇතුලේ තියෙන ලබ්බවල් ක්‍රිඩකයින්ගේ ප්‍රොෆයිල් ඒවායේ ලයික් කරන කෙල්ලෝ. ක්‍රීඩකයා් යන පාටි වලදි උන් කරන කියන දේවල් බලන්න වෙනමම දයාවතීල සෙට් එකක් ඉන්නවා. ඒකේ ලල් එකක් නැතුව නෙමෙයි. ඒත් උන් ක්‍රීඪාංගනයෙන් පිට නිකං සිල්වතුන් වෙන්න ඕනිද? ඒක අමතර ප්‍රෙශර් එකක්.

ක්‍රීඩාවේ බේසික් මෙව්වා එක

ක්‍රිකට් කිය්නනේ ටික්ක අලස ක්‍රීඩාවක්. ටෙස් හෙම ගත්තම එහෙම ගෝ එකක් තියෙන වැඩක් නෙමෙයි. බලන්න ගියාම අපා වෙනවා. මම දැකලා තියෙන විදිහට ඉස්සර ක්‍රිකට් වගේම දැනුත් ඔසී එංගලන්ත රටවල ක්‍රිකට් කිය්නනේ බියර් බිබී මොනාහරි කකා දවස ගෙවාගන්න ක්‍රමයක්. හොදට අව්වේ ඉදලා දවසක් ගතකරන්න ලැබෙන අවස්තාක්. අවුරුදු ගානකට කලින් ප්‍රේමදාස එකේ මැච් එකක් බලන්න ගිය වෙලාක මට මතකයි එදා ඒ ග්‍රවුන්ඩ් එකේ බියර් විකුනන්නත් තිබුනා. කට්ටියසිගාත් ගහනවා. ප්‍රේක්ෂකයින්ට විතරක් නෙමෙයි ක්‍රීඩකයින්ටත් ලයින් එකෙන් පිටතදි ඔය දේවල්ෙ ලාකු සීන් නෙමෙයි. 95 වගේ කාලෙදි බෙන්සන් ඇන් හෙජස් වගේ සිගා සමාගම් ක්‍රිකට් වලට අනුග්‍රහ දක්වන්නත් උන්නා.

පසුකාලීනව ඉන්දියාවට බලය වැඩි වීමත් එක්ක ක්‍රිකටුත් ආගමක් වගේ ආතල් එකකට ොවා. ඒත් තාමත් සුද්දෝ මැච් බලන්නේ ආතල් එකට. මහා මානසික පීඩනයකින් අපි දිනන්නම ඕනි කියන මෙව්වා එකට නෙමෙයි. අපි ඉති්න ජාන වලින් එන හැම රෙද්දම සීරියස් සීන් එකේ ඉන්න නිසා ඒ තත්වෙට එන්න අමාරුයි. ඒත් ඉතින් පොඩි්ඩක් ශොට් එකක් දාලා සිගා එකක් ගහලා ඉන්න ප්ලේයර් කෙනෙක් කියන්නේ ලොකු මැජික් එක්ක වීමනම් අවුලක්.

වැටුන තැන හෙවීම

ක්‍රිකට් වැටුනාම කල යුත්තේ කුමක්ද කියලා ෆෑන්ස්ලා පහුගිය කාලේ දිගටම කිව්වා. මම හිතන්නේ ෆෑන්ස්ලාට හොදයි දැන් මෙයාව දාන්න කියලා රෙද්දක් ඇදගෙන තවත් නම්කරන්න ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා නැති තරම්. ඒ හැමෝටම වගේ හැකි විදිහ අවස්තාව දුන්නා. කවුරුවත් එහෙම ලොකුවට හැදිලා ඇදිලා ආවේ නැහැ. පුහුණුකරුවන් ඔවුනුත් වෙනස් කලා. සිලෙක්ටර්ස්ලත් වෙනස් කලා. පරිපාලනය ආ ඒකත් මොනාද කලා. දැන් කරන්න දෙයක් නැතිම වගේ. නේද?

මේ වගේ හිර වුන වෙලාවක කරන්න ඕනි මොකද කියලා කට්ටිය නොදන්නවා නෙමෙයි දන්නවා. ඒත් ඒදේවල් කරන්න විවිධ දේශපාලන බාධාන් තියෙනවා. ඒ වගේම මොනාහරි කරන්නත් ඕනි වෙනවා. මොනාහරි නොකර හැමදාම පරණ සෙට් එක දානවා. පරණ සෙට් එක හැමදාම මැච් පරදිනවා. ඒහෙම වැඩකුත් නැැහ නෙ. ඉතින් ෆෑන්ස්ලා විදිහට ස්පෝට් එකක් බලලා ගන්න ආතල් එක දිගට පරදිනකොට නැතිවෙන එකට දුකයි තමයි. ඒත් ඒකට ඉතින් වැරදිකාරයෝ හොයලා එල්ලන මානසිකත්වයට එන එක හරිද? සමහර විට ඉතින් කොඤ්චර නැටවත් අපිට ඇත්තටම බැරුවත් ඇති. නේද?

Sunday, June 27, 2021

ඔන්ලයින් ස්කෝල

ඔන්ලයින් එඩියුකේශන්

ඔන්ලයින් දේශන පැවැත්වීම දැන් ස්කෝල වලටත් ඇවිත්. ඒක ගැන කතාබහ හැමතැනම ඇති වෙනවා. ඒත් ඒවා ඉහල මට්ටමට යන්නේ නැහැ. ඔන්ලයින් යන්න සම්බන්ධතා සහ ෆෝන් නැති උදවිය ගැන වැඩි කතාබහක් නැහැ. ඉතින් ඒ ගැන පොඩි වචන ටිකක් කොටන්න හිතුවා.



 

ඔන්ලයින් යෑමේ වැදගත්කම


ළමයි හැමදාම ස්කෝලේ යවන එක කොළඹ නම් මහ ගැටළුවක්. කොළඹ මැද තියෙන වංශවත් බලවත් ඔද තෙදවත් පාසැල් ටික නගර සීමාවෙන් ඈත්වීම මේ කල්පයේ සිද්ද වෙන දෙයක් නෙමෙයි. කොළඹ නගරය ටිකක් ඈතට ගෙනිච්චොත් මිස කොළඹ දැන් තියෙන වටපිටාව ඇතුලේ ට්‍රැෆික් පාලනය මේ පාසැල් සෙට් එක නිසා ඇත්තටම අපහසු දෙයක්. ඉතින් මේ වගේ හේතු නිසා කොළඹ ඇතුලේ තියෙන යුනිවර්සිටි, ස්කෝල ටියුෂන් මඩු සහ විවිධ ආකරයේ අධයාපනික සිල්ලර තොග කඩ වල ඔන්ලයින් යන එක හැම අතින්ම හොදයි.

අපිට පුලුවන්ද?

අපේ රටේ පාසැල් ඇතුලේ ක්‍රියාකාරකම් විශේෂයෙන් විෂ්‍ය අනුබද්ධ බාහිර ක්‍රියාකාරකම් සිද්ද වෙන්නේ අඩු වෙන්. හැමදාම පාසැලේ විශයට ගුරුවරයෙක් එනවා ඔහු තමයි සිසුන්ට උගන්වන්නේ. ඔහු සිසුන්ට වෙනත් බාහිර දේවල් හෝ ක්‍රියාකාරක්ම පරීක්ෂණ නිරීක්ෂණ ආදිය කරනවා අඩුයි. ඉතින් මේ අද්‍යාපන ක්‍රමය ඔන්ලයින් කරලා දරුවන්ට ගෙදර ඉදන් ඉගෙනගන්න සලසන එක ලොකු අවුලක් නෙමෙයි. දුර බැහැර දරුවන්ටත් ඔන්ලයින් එන්න පහසුකම තියනෙවා නම් කොළඹ පැත්තේ ගුරුවරයෙක් උඝන්වන පාඩමක් වුනත් අහගන්නට පුලුවන්. ඉතින් ඒ අතින් සම්පත් නැති ටීචර්ලා නැති ඩොටේ පාසැල් වලට මේක වටිනවා. ගුරුවරයෙක් සම්පූර්ණයෙන්ම දෙන්න බැරිම වුනත් නැති අඩුව යම් තරමකින් පුරවගන්න මේ ඔන්ලයින් අධ්‍යාපනයට යොදගන්නට පුලුවන් දුරබැහැර ගුරුවරු නැති පාසැල් වලට. එය තියෙන හොදක්.

නැති ළමයි

මිනිස්සට පෝන් එකක් නැතිවීම හොද දෙයක් විදිහට තාමත් පඩියෝ හදුන්වනවා. පෝන් එකක් නැති මිනිස්සු හරි නිදහස් ආතල් ජාතියක් කියලා තමයි ටීවි එකට එන බකයෝ කියන්නේ. ඉතින් මේ පැන්ඩමික් කාල සීමාවෙදි නම් ඒක වෙනස් වෙලා. දරුවනට පෝන් අල්ලන්න දෙන්න එපා ස්ක්‍රින් හුරු කරන්න එපා කියලා කියපු අයත් දැන් දැන් දරුවන් ෆෝන් පාවිච්චි කරනවා බලාගෙන ඉන්නවා.

ඉතින් ෆෝන් එකක් නැති සහ සිග්නල් නැති ළමයිට වෙන අසාධාරනය සුලු නැහැ. අපේ ගමේ ඉස්කෝෙල් එක පන්තියක ළමයි ඔක්කම ඉන්නවාලු 72ක්. එයින් ඔන්ලයින් එන්නේ ළමයි 32ක් විතරයි. අර එන්නේ නැති ළමයිට මක්කද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් කවදා හරි පාසැල් පටන් ගත්ත දාක අර කවදාවත් ඔන්ලයින් පන්තියට ආපු නැති ළමයිට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. ඒ අය කොහොමද මේකට අනුගත වෙන්නේ.

ඔන්ලයින් පාඩම්මාලා වල වැදගත්කම

දැනට අපේ ලංකාවේ යනනේ පැරණි පෙළ පොත් ක්‍රමය. මෙතනින් එහා ගිහින් වෙබ් අඩවි හරහා දරුවන්ට ඔන්ලයින් පාඩම් මාලා ලබාදෙන්නට අපේ බලධාරින්ට පුලුවන්. ඒ කියන්නේ හුදෙක් ලෙක්චර ම නෙමෙයි. ඩොකියුමන්ටරි වීඩියෝ. පරීක්ෂණ ආදිය වගේම ක්‍රියාකාරකම් ප්‍රශ්ණ ආදිය ඒ ඔන්ලයින් පසුබිමටම ඇඩ් කරන්න පුලුවන්. එතකොට ඒ අනුව ඔන්ලයින් පාඩම් මාලා පිලිවෙලට තිබුනොත් යම් කෙනෙක්ට පසුකාලීනව ඕෆ්ලයන් වුනත් පාඩම් මාලා හදාරන්න පුලුවන්. හැබැයි මේවා ටිකක් වෙන ජාතියේ වැඩ නෙමෙයි නේ. සමහර විට ඒ වගේ අත්හදාබැලීම් ජාත්‍යන්තර පාසැල් වලට නම් කරන්න පුලුවන් වෙයි. දැනටත් ජාත්‍යන්තර පාසැල් වලින් නම් ඔන්ලයින් කටයුතු යම් පිලිවෙලකට කරන්න අවකාශ තියෙනවා.

රජය මගින් වගකීම ගැනීඹ සහ පැහැර හැරීම

අපේ රටේ අධ්‍යාපනය ලබන්න ළමයිට තියෙන මූලික මාර්ගයක් තමයි රජයේ පාසැල්. ඒකෙදි දරුවන්ට හෝ දෙමාපියන්ට වෙනත් තේරීම්ක නැහැ. අධ්‍යාපනය වැඩි කොටසක් රජයේ ඒකාධිකාරයකට තියෙන්නේ. ඇත්තටම පුද්ගලීකරණය වුනා නම් ඒ ඒ මට්ටමේ පාසැල් ඒ අයට උවමනා විදිහට ඔන්ලයින් ක්‍රම වලට යාවි. ඒත් සමස්ථ අපේ පාසැල් අධ්‍යාපනය ගත්තම දැන් වසර එකහමාරක් ගිහිනුත් කාටවත් කිසිම උවමනාක් නැහැ මේක වෙන්න පුලුවන් දෙයක්. රජයේ සේවකයින්ට ළමයි ඉගෙනගත්තාත් නැති වුනත් අදාල දීමනා පඩි නඩි ලැබෙනවා. ඔළුුන්ට අවසාන ළමයි ඉගෙනගත්තාද නැද්ද කියන එක එච්චර අදාල නැහැ.

ඒත් පුද්ගලික අංශය වුනානම් දරුවන්ට ඉගනුම ලැබෙන් නැතිනම් දෙමාපියන් පාසැල් වලට ගෙවීම් කරන්නේ නැහැ. එ නිසා කොහොම කොහොම හරි අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා. දැනට වුනත් හැම දේම නිකං ඉල්ලන්නේ නැතිව යම් කිසි ගෙවීමක් එක්ක අර්ධ වශයෙන් කොටසක් ගෙවන මට්ටමට හරි අපේ පාසැල් පද්ධතිය දියුනු වුනානම් අලුත් වෙනස්කම් වඩාත් ඉක්මනින් දරුවන්ට දනේනට පුලුවන් වෙයි.

Sunday, April 11, 2021

Karnan 2021 කර්නන්

 

කර්නන් කියන්නේ දෙමළ ෆිල්ම් එකක්. ඒක රිලිස් වුනේ 2021 අප්‍රේල් 9. මේගේ රගපාන්නේ ධනුෂ්. ලස්සන නිලියකුත් ඉන්නවා. නිලියගේ නාහෙ දිගයි. ලස්සනයි. ලංකාවේ ලස්සන කෙල්ලකුත් වගේ. 


කතාව 

කතාව යන්නේ පොඩි ගමක් ගැන. කුල කේස් එකක් නිසා අසරණ වෙන ගැමියෝ ටිකක් ගැන තමයි කතාව යන්නේ. ඔවුන් අඩු කුලේ නිසා ඔවුන්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වීම සාමාන්‍ය කරණය වෙලා තිබුන යුගයක එක මිනිස්සු කිහිප දෙනෙක් ඒ අයිතින් වෙනුවේන සටන් වදිනවා ඔවුන්ට තේරෙන විදිහට. චිත්‍රපටිය එක පැත්තකින් වීර කාව්‍යයක් වගේ. ඒත් අනෙක් පැත්තෙන් ගැටුම් වල තියෙන විනාශකාරි බව උවමනාවටත් වඩා පෙන්වනවා. 


සිනමටෝග්‍රැෆි 

ෆිල්ම් එක පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් වුනත් මේකේ රටාව ස්ලෝ. පැය දෙකහමාරක් තුල ගොඩාක් දේවල් වෙන්නේ නැහැ. පොඩි සිදුවීම් කිහිපයක් විතරයි. ඒත් ඒවා කදිම විදිහට සාහිත්‍යමය විදිහට නිරූපනය කරනවා. ඒ වගේම දෙවියන් ගැන තියෙන දෙමළ විශ්වාසයනුත් මේ චිත්‍රපටියෙන් නිරූපනය කරනවා. මියුසික් සින්දු වලදි වගේම ඕවරෝල් ෆිල්ම් එකේ සවුන්ඩ් පට්ට. ධනුස්ගේ රංගනය ගැන සෑහීමකට පත් වෙන්න බැරි තැන් කිහිපයක් තිබුනත් සමස්තයක් විදිහට හොදයි. 


ඇත්ත කතාව 


මේක ඇත්ත කතාවක්. මට මතක විදිහට චෙන්නයි එයාපෝට් එකෙන් බැහැලා ටවුමට එද්දි මේ ෆිල්්ම එකේ පෙන්වන විදිහේ ගල් ගොඩවල් තියෙන කදු පලාත් තියෙනවා. ඒ ලග හරියක්ද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඇත්තම කතාවට වඩා වෙනස් වුනත් වීරයා අමු සුදු චරිතයක් කරන්නේත් නැතුව කතාව අලුතින්ම ආකර්ශනීය විදිහට හදන්නෙත් නැතිව යතාර්තවාදීව නිරූපනය කරලා තියෙනවා. ඉංගිරිසි ඇක්ෂන් ෆිල්ම් වගේ වැඩ ගොඩක් එක මොහොතක නැහැ. ඒත් අර දෙමල කුඩා ගමක තියෙන අංග ඒ ජනජීවිතය ඩොකියුමන්ටරියක් වගේ ෆිල්ම් එක හරහා අපිට එනවා. 


ප්‍රතිචාර 

දෙමළ ඇක්ෂන් ෆිල්ම්එ කක් නිසා ගිහින් වලි බලන්න වෙන අප්පිරියාවෙන් වාඩි වුනත් ෆිල්ම් එකේ මුල් ෂොට් එකෙන්ම ෆිල්ම් එක ගැන තියෙනඅ දහස වෙනස් වුනා. කුල ක්‍රමය ගැන දරුනු විවේචනයක් මේ ෆිල්ම් එකේ නැහැ. ඒ කුල පීඩනය ගැන හරිහමන් විදිහට සදහන් වෙන්නෙත් නැහැ. ඒත් ගැටුම් ඇතිවීම ඒ ගැටුම් මැඩපැවැත්වීම ගැන තියෙන කුරිරු අත්දැකීම් රැසක් මේ ෆිල්ම් එකේ තියෙනවා. කලාත්මක ෆිල්ම් එකක ෂොට්ස් වල තියෙන කොලිටිය සුපිරි සවුන්ඩ් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක ආවේගයත් එන කර්නන් ඕවරෝල් බලන්න වටින ෆිල්මක්. 

Friday, April 9, 2021

කොවිඩ් කේක් එක


උඹල එහෙම සාම ල එක්ක සෙල්ලමෙ යන්නේ නැහැ.. උන්ට කොවිඩ් ලු.. 

තරුගේ අම්මා එසේ කියයි. තරු ඒ කොවිඩ් ඇති සාම ලාගේ  දිහාවට යන්නේද යන්න අම්මා ඇස ගසාගෙන සිටින්නීය. සාමලාගේ ලොකු ගෙදර ඉදිරිපිටට මුලින්ම තඩි ඇම්බියුලන්ස් ආවේය. ඉන් පසු සාමලාගේ ගෙදර ඉදිරිපිටට කට්ටිය ඇවිත් කෑම එල්ලා යන්නීය. ඒ කෑම අතර රසවත් කැම ඇතැයි තරු සිතයි.. 


ගේට්ටුවේ එල්ලා තිබූ එක් කේක් පාරස්ලයක් බල්ලෙක් ඩැහැගෙන යනු දුටු තරු බල්ලා එලවා කේක් බෑගය ගෙන නැවත එල්ලූවේය. ඒ සැනින් තරුගේ අම්මාට ඇමතුමකි. 


තරුලයි අම්ම නේද? ඔය. එහා පැත්තෙන් සාමා ගේ පියාය. 


තරු බේරගත් කේක් ගෙඩිය එයාට ගන්න කියන්න. මම කැමරාවෙන් දැක්කා එයා බල්ල කන්න ගිය කේක් ගෙඩිය බේරලා ගේට්ටුව උඩින් එල්ලුවා.. 


අනේ ඕන නෑ. මේ ළමයට මැජික් වගේ බලං ඉන්නවා. සාමලාට මොකද වුනේ කියලා. කවදාවත් ඔයාල ඔහොම ගේට්ටු වහන් ඉදලා නැහැ නෙ. ඔයාලට මොනාහරි ඕනි නම් කියන්න හොදෙයි. අපිට හැකි විදිහට ගෙනත් දෙන්නම්. තරුලයි අම්මා එසේ කීවාය.. 


තරූ......ව්.. තරූ......ව් .. අම්මා තරූට කෑ ගසන්නට විය. 


ඇයි අම්මා බෙරිහන් දෙන්නේ මම මේ ඔයා පිටි පස්සෙ නෙ ඉන්නේ. අම්මා මොනාද දැන් සාමලට දෙන්න ඉන්නේ. ඒ ඇසුන තරුගේ අක්කාද එතැනට ආවේය. 


මොනව දෙන්නද ලමයො. ඒ කට්ටිය ඉල්ලන එකක් නැහැ.. අපිටත්  මේ නැති  බැරිවෙලාව කියලා ඒ මනුස්සයෝ දන්නවා. අන්න තරු අර කේක් ගෙඩිය අරගෙන එන්න. සාමලාගේ ගේට්ටුවේ ඔයා එල්ලු එක.  


ටික වෙලාවක් ගත විය. 


අම්මා මම ගියාම ගේට්ටුවේ එල්ලා තිබුන අනෙක් පාර්සලුත් අරංම යන්න කියලා ඒ අංකල් කිව්වා. ඒ අංකල් හරි හොදයි නේද? තරු ඇසීය.. 


ඔවු පුතේ සාමලා නැත්තං අපිට ඉදලා හිටලා වත් හොද කෑමක් බීමක් කොහෙන්ද? තාත්තට කියන්න එපා. එයාට තරහ යයි.. තරු ගේ අම්මා කීවේය. 


තාත්තට කොහෙ කියන්නද අම්මේ. එයා රට ඉදන් කවදහරි එනකොට මේවා ඉවර වෙයි. එයා කෝල් කරනකොට අපි මේවා හංගලා තියමු. මම අක්කටත් කියන්නම් නොකියා ඉන්න කියලා. තාත්තා දැනගත්තොත් අනුන්ගෙන් කනවා කියල අපිට බනියි නේද? තරු කීවේය. 


ඒ වුනාට පුතේ තාත්තා මෙහෙ උන්න නම් උඹලට ඔය අනුන්ගේ ගේට්ටු ගාවින් කෑම ගන්න ඕන නැහැ නෙ. ඒ මනුස්සයා මොනාහරි කන්න හරි ගෙනත් දෙනවා නෙ. අම්මා කීවේය. 


හරි හරි අම්මේ ආයෙ ඇඩුවා කියලා තාත්තා එදැන් පාත් වෙන් නැහැ නෙ.එන්න මේ කේක් කෑල්ලක් කාල ෆන් එකක් ගන්න. තරු කීවේය.. 


ෆන් එකක්. තරු කොහෙන්ද බන් උඹ ඔය වචන ඇහිද ගන්නේ? ෆන් එකක්. තාත්තා උන්න නම් උඹට ෆන් පෙන්නයි මෙන්න කියලා. තරු මොකද බන් මේ පාන් කපන්නවගේ ලොකු කෑලි කපලා.. 

අම්මා ඇසීය. 


අම්මා ඒක අර ගේට්ටුවේ බඩු එල්ලන්න ආපු අයත් කිව්වේ." කොවිඩ් හැදුනට මුන්ට ෆන් එකක් තියෙන්න එපැයි කියලා බෝතලයකුත් ගේට්ටුවෙන් ඇතුලට දැම්මා දැක්කා..අරුක්කු වෙන්න ඕනි ඒකනම්"  ඒක හොද වචනයක් නරක එකක් නෙමෙයි. නේද අම්මි.. තරු කීවාය.. 


ඒ අම්මේ අපිටත් කොවිඩ් හැදුනොත් මෙහෙම කට්ටිය ඇවිත් කේක් දෙයිද? මම දැක්කා එයාලට ගොඩක් කෑම බීම ලැබුනා. ඒ ඇන්ටි නම් බඩු එල්ලනකල් බලා ඉදලා ඉක්මන්ටම ගේට්ටුවෙන් ඒවා ගලව ගත්තා. අම්මේ අපිත් හදාගමුද කොවිඩ්.. කෑම හරි ලැබෙනවා නේ. තරු කියන්නට විය. 


දරුවෝ.. ඕ ජරා ලෙඩේ ඩුබයි වල තාත්තට හැදුන වෙලාවේ ඔවැයි දැක්ක නේද? තාත්තා විදපු දුක. පස්සෙත් හුස්ම ගන්න අමාරු කිව්ව නේද? දැන් මේ ළමයට කේක් කෑල්ලක් දැක්කම ලෙඩ හදාගන්න යනවා කේක් කන්න. ඇත්තටම උඹඨ පිස්සුද තරු. 


ඒම නෙමෙ අම්මෙ. දැන් ඉතින් අපි දවස් කීයක් පොල්සම්බලුයි බතුයි කෑවද? අම්ම පාරේ වැඩට ගියාම අම්මත් කැත වෙනවා. දැන් අම්මා කලුත් වෙලා. කුලී වැඩට ගිහින්ම. ඉතින් අම්මි මටයි අක්කිටයි ඔයාටයි කට්ටිය කෑම ගෙනත් දෙනවා නම් අපිට සති දෙකක් හරි හොදට කන්න පුලුවන් නේ අම්මා.. හිතන්ඩකෝ.. තරු කීවාය.. 


ඉතින් තරුවො අපි මලොත් ඕකෙන්.. අක්කා කියන්නට විය. 


මොනාද ලොකු ඔය කියවන්නේ.. අම්මා සැර විය. 


ළමයි මැරෙන් නැහැ අක්කෙ. ළමයි සීයට දසම දෙකයි මැරෙන්නේ. ඇරත් අපේ අම්මා දැන් වැඩට ගිහින් එයගේ ඇගත් ෆිට්.. මේ ඉන්නේ ආනෝල්ඩ් වගේ අපේ අම්මි දැන් කුලි වැඩට ගිහින් .. තරු හිනාවෙවී අයෝමය පුරුෂයකු මෙන් අත් හදා පෙන්වමින් කිව්වාය. 


ඖ ඖ ආනෝල්ඩ් වගේ ඉන්නවා මගෙ කට.. සාමල ට කොච්චර ලැබුනත් අර ආන්ඩුවෙන් දෙන පාර්සලෙත් ගනීවි ඕකුන්.. නිකං ලැබෙනව නම් කවුද එපා කියන්නේ.. අම්මා කීවාය. 


ඉතින් ඒකනේ අම්මි කිව්වේ..අපිත් හදාගමු ඕක. ආණ්ඩුවේ පාර්සලයයි. ගමේ අයගේ කෑමයි බීමයි.. අම්මට රස්සාවට යන්න ්නි නැහැ සති දෙකක්. අපේ තාත්තිගේ පැත්තේ කට්ටිය අපිට කන්න ගෙනත් දෙයි. රස රස ඒවා.. තරුගේ අදහස කොවිඩ් හදාගැනීම වාසි දායක බවය. 


ඔවු ඔවු තරු ගෙ බාප්පලා ටික ගෙනත් දුන්න නේ අපිට මේන්න කියලා කෑම බීම. තාත්ති ලෙඩ වෙලා එහේ දුක් විදිනවා කිව්වාම උඹලා කන බොන විදිහවත් ඇහුවද? බොරුවට තාත්තට නම් කතා කරලා තිබුනා. ඒ ආවොත් මොනාහරි ගන්න බලාගෙන වෙන්න ඕනි. බාප්පල දෙයි මෙන්න කියලා කෑම කොවිඩ් හැදුනොත් ඔන්න නිකා ඉදින් තරු. 


තරුවෝ. පාන් කන්න වගේ කන්නැතුව ඩිංගක් අස්කරලා තියහං බන් කේක් කෑල්ල..අනික් පාර්සලේ බලහං මොනාද කියලා. අම්මා කියන්නට විය. 


අම්මි ඒකේ සීනි පිටි පරිප්පු වගේ දේවල් ටිකක්..ආ කිරිපිටි එකකුත් තියේ. අම්මෝ අවුරුද්දකින් විතර පිටි බොන්න පුලුවන්.. අම්මා මම ගිහින් කේතලේ ලිපේ තියන්නම් හාද? තරු අසන්නට විය.. 


ඈ බන් තරු.. වෙනදට උඹට කේතලේ තියහන් කිව්වම දාහක් වැඩ. දැන් කිරිපිටි එක දැක්කම ඒකට දුවන්න හදනවා. අම්මා බොරුවට බැන්නාය. 


මෙහෙ වරෙන්.. මම ලිපේ තියලෙ ත් එකක් හදා දෙන්නම් උඹ කාහන් මේක වාඩිවෙලා. 

දරුවෝ. වාසියක් බලාගෙනවත් ඔය කරුම ලෙඩ හදාගන්න හිතන්නව්ත එපා. උඹලාට කන්න බොන්න හිග වුනාට නැති වුනෙ නැහැ නෙ. ඔය කරුම අදහස අතෑරගනින් තරුවො. අම්මා කීවාය.. 


Friday, March 5, 2021

යාපන ගමන 2021 දෙක

 ඉතින් අපි බස් එකට නැග්ගම එතන තිබුන ආතල් එක කලින් කිව්වා. යාපනේ කියන්නේ කටුක ගමනක්. ඒකේ මිශ්‍රණයක් විදිහට ගත්තම සෙට් එකත් එක්ක ආතල් එකක් තිබුනට යාපනෙ ්කියනනේ එච්චරම ලල් අත්දැකීමක් නෙමෙයි. ඉතින් අපි යාපනේ ටවුමට ඇවිත් ආයෙත් නාග විහාරයට පයින ්ගිහින් වොෂ් එකක් දාගෙන රීෆ්‍රෙෂ් වුනා.ආ අපි  නාග විහාර නවාතනට එද්දි මගදි තිබ්බ මුස්ලිම් කඩේකින් බිත්තර රොටියයක් පරාටයක් අනුමත වුනා. ඔහු ගැන රටතොට ඊ්ස්ටර ඉරිදා වැරදිකාරයො ගැන පොඩි චැටක් දැම්මා. ඇත්තටම බුවාග් බිත්තර රොටි පරාට රසයි. ඒත් ඉතින් වෙනදා තරම් බිස්නස් නෑ විදිහක් තමයි පෙනුනේ. 

දඹකොළ පටුන සෑය
අපි නාග විහාරයට යද්දි එදා පූජාවක්. යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දරුවන් සහ පිරිසක් එදා පූජාවට සහභාගි වුනා. ඒකට ආමි එකේ නිළධාරි කට්ටියත් සහභාගි වෙලා හිටියා. අපිට ඊලගට තිබුන පස්නය ඊලග දවසට වාහනයක් හොයා ගැනීම. අපි 6ක් කාර් එකකට වැඩියි. වෑන් එකකට මදි. ඉතින් ඒ නිසා හරියන විදිහට වාහන හෙවිම ගැටළුවක්. ස්කූටි ඔප්ෂන් එකක් ආවා. ඒත් ස්කූටි පදිනන් බෑනේ අපි සම්පූර්ණ නොදන්න දිහාක ඇරත් අපිට ඊලග දවස විතරයි තියෙන්න් නාස්ත්ි කරන්න. ඉතින් අවසානේ යාපනේ තිබුන ගූගල් එකේ හැම රෙන්ට කාර් එකකටම කතා කලා. අපේ වැඩේ ගැන අපි නාග විහාරයේ නවාතැන ්බාර මහත්මයාට කියලා තිබුනා. ඔහු අපිට හොද වැනට් එකක් හොයාල දුන්නා ඊලග දවසට.අපි කිලෝමීටර 120ක් විතර ගිහින් තිබුනා ඊලග දවසේ ගාන පන්දාස් පන්සියක් විතර වුනේ. 

රෑ කෑම 


රෑ කෑමට අපි ගියේ යාපනේ හොස්පිටල් ස්ට්‍රිට් එකේ මැද හරියේ තියෙන ටිකක් ලොකු හෝටලයකට. එතැන කැම මරු. ඇත්තටම නම මතක නහැ පස්සේ යාලුවන්ගෙන් අහලා දාන්නම් මතක් වුනොත්. දැන් දහම් එව්ුවා තැන Jaffna Authentic Cuisine. එතැන පෙලක් මිතුරන් රෛස් ගත්තා. තව අය බුරියානි ඉදිආප්ප කොත්තු ගත්තා. මායි ලක්ෂානුයි මංජුයි පිට්ටු ගත්තා. මංජු වෙජි නිසා එයා වෙනම වෙජි ඩිෂ් එකක් ඇනවුම ්කලා. මායි ලක්ෂානුයි කකුලුවෝ කරියක් ඇනවුම් කලා. මෙතැන කියන්න ඕනි කෑමක රස කියන එක වචනයෙන් විස්තර කරනන් බැහැ. අපි ගත්ත පිට්ටු මාලු සහ කකුලුවෝ තුනම අමුතු ආවේණික රසක් තිබුනා. ඒවා ලාබෙට දාන රස කාරක රස වලට වඩා එහා ගිය කොලිටි රහක් වුනා. ඇත්තටම මම කලකින් කාපු රසවත් කෑම වේලක් තමයි ඒක. අපි 6 දෙනාට ඒ කෑමට රුපියල් අටදහක් විතර වියදම් වුනා. එත් ඒ කෑම වටිනවා ඉතින්. 


එලි වීම සහ වාහනය 


ඉතින රෑ වුනා සහ එලි වුනා. අපි හිතන් හිටියේ පාන්දර 6.30ට නැගිටිනන්. මොන කලින් දවසේ බස් වල හිටගෙන ගිහින් බෝට්ටුවල තෙරපිලා ගිහින් පයින ්ගිහින ්අමාරුවට නින්ද ගියා සරුවට. අපි ලෑස්තිවෙල එලියට එද්දි අපේ වැනට් එකේ අයියා ඇවිත් හරියට පැයක් වෙනවා. ඉතින් ගමන පිටත් වුනා.


දඹකොල පටුන. 


දඹකොල පටුන කියන්නේ සංඝමිත්තා තෙරණිය බෝධිය උස්සන් ආවා කියලා සැලකෙන තැන. එතැන බෞද්ධ ආරාම අංග තියෙනවා. හැබැයි ඒවා නවීන විදිහට තමයි තියෙන්නේ. පැරණි කාලයට අයිතිය කියන්න පුලුවන් මොකවත් තිබුන් නැහැ. 

 

රා හමුවීම 

අපිට යනකොට පාන්දරම වගේ රා හමුවුනා. මේ පැත්තේ තියෙන්නේ තල් රා. තල් රා බෝතලතල් ගහෙ ේමල් කීපයකම ගැටගහලා තියෙනවා අපි දැක්කා. අපි තල් රා වලටත් වඩා බිව්වේ තල් තෙලිජ්ජ කිව්වොත් නිවැරදියි. පොල් තෙලිජ්ජ වලට වඩා තල් එක පැණි රසයි. අපිට තව රා ඕනිද කියලා අහලා ඊලගට ගෙනත් දුන්නෙ ේනම් රා වෙන්න ඕනි. ඒක ගදයි සහ රසත් ටිකක් කටුකයි. ඒ නිසා කට්ටිය ඒක බිව්වේ නැහැ. බෝතල තුනක් ගත්තා මම විතරක් බෝතලයකට වැඩිය බිව්වා. 

රා සහ ගස

 කීරමලෙයි ලිද 

මේ ලිද බලන්න යන තැන ඉස්සරහින් තියෙනවා පරණ කෝවිල් නටඹුන් වගයක්. පෙනුන විදිහට නම් ඒවා සියවස් දෙකකට වඩා එහා යන ඒවා නෙමෙයි. ඒත් ඒවා පුරාවිද්‍යා එකට අයිති නිසාද මන්දා ඒවායේ පොටෝ ගන්න එපාය කියලා අපිට කිව්වා. අපිට ඵුකයැ. අපි ඉතින් පොටෝ ගත්තේ නැහැ. ලිද කොහෙන් කොහොම එන එකක්ද මන්දා. ඒකේ මූදු වතුරත් සෙට් වෙනවා. මිනිස්සුට නාන්න ඛනිජ ද්‍රව්‍ය මුසු වූ ජලය තියෙන පොකුණක් තියෙනවා. මේ පොකුණු ලග පොටෝ ෂූට් එකකට සෙට් වෙච්චි අපේ තරිදුට සහ කසුන්ට අපූරු රාජකාරියක් පැවරිලා තිබුනා. උන් දෙන්නා බොගක් බාන්න ඕනිය කියලා එහේ ටිකක් කැරකුනා. අපි ඒ වෙලේ හිටියේ හංදියේ අර පොඩ්ඩක් මහත රටකජු විකුනන යුවතියගේ කජු රස විදිමින්. 

කීරමලේ ලිද

නාන ලිදේ බෝඩ් ගැසීම 

ඉතින තරිදු බිත්තියක තද අකුරින් මෙහි ෂැම්පු සහ සබන් ගාන්න එපා කියලා හෝ ඒ වගේ එකක් සිංහලෙන් ලියලා ඇවිත ්තිබුනා. අපි පසුව ඒ ගැන විශ්ලේෂනය කලේ ඇත්තටම "මෙහිදී නානවි පුක කහන්න එපා" වගේ වදනක් ලියලා ආවත් හරි. මොකද දෙමල අය සිංහල දන් නැහැ නේ. ලියන එක හරි ඇතිය කියලා පිලිගනීවි. කොහොම වුනත් මේ යාපනේ තැන්වල සිංහල නම් වල නම් පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනා. ඒකට මොකද ඉතින් අපේ පලාත්වල තියෙන දෙමල නම් වල තියනෙ වැරදි අපි දන් නැහැ නෙ. 

 

වෙරළ තීරයක් සහ ධීවර බෝට්ටුවක්
නිරාවලෙයි ලිද 

පතුලක් නැතියි සැලකෙන මේ නිරාවලෙයි ලිද ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් ගවේශනය කරලා තියෙනවා. එයාල කියන විදිහට මේකේ පතුලක් තියෙනවා. පතුල හිරිගල් මිශ්‍ර පතුලක්. ජනප්‍රවාද වල කියන විදිහට මේකේ පතුලේ මුහුද හා සම්බන්ධ විය යුතු වුවත් එසේ නොවන බව සමුද්‍ර ගවේශකයින ්ෙසයාාගන තියනෙවා. එතැන සවිකර තිබෙන දැන්වීම් අනුව මෙහි ගවේශන අවසන් කර නැතිමුත් මේ පල වෙන 2020 දෙසැම්බර් මාසයේ වාර්තාව අනුව නම් මේ ලිදේ අභීිරහස සම්පූර්ණයෙන්ම සොයාගෙන අවසානයි. මෙහි පතුලේ ලවණ අධික ජලය තිබෙන බවටත් කලක් තිස්සේ එකතු වූ අපද්‍රව්‍ය පතුලේ ගොඩ ගැසී ඇති බවටත් මේ ලංකාදීප ලිපියෙන් කියා තිබෙනවා. 

නිරාවලෙයි පතුල නැති ලිද

කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය 

ඊලගට අපි ගියේ කදුරුගොඩට. කදුරුගොඩ තියෙන්නේ චුන්නාකම් ඉදලා කිලෝමීටර හය හතක් ඇතුලේ. ටිකක් තැන සොයාගන්නට අමාරුයි. ඒත් අමාරුවෙන් හරි හොයාගන යන්න වටින තැනක්. කදුරුෙගාඩ ගලින් සැදූ චෛත්‍ය රැසක් තියෙනවා. ඒවා කෝම්පිට්ටු තිව්වා වගේ ගලින් හදා තියෙනවා. වැඩිය උස නැහැ. හැම චෛත්‍යම මීටර දෙක තුනක් තමයි උස. ඒවායේ ඇති ස්වරූපය අනෙක් තැන්වල තිබෙන සාමාන්‍ය චෛත්‍ය වලට වඩා වෙනස්. මේ පලාතේ තිබෙන ගල් වලින් කරන්න ඇත කියා සිතුනත් චෛත්‍ය අඇතුලත පස් පුරවා තිබෙනවා. ජනප්‍රවාද විශ්වාසයන් අනුව රහතන් වහන්සේලා සෙට් එකක්ම මෙතැනදි අපවත් වෙලා තියෙනවා හතු ව්‍යාංජනයක් විශ වෙලා. ඔවුන් සිහිවෙන්න තමයි මේ පුදබිම ඉදිකරලා තියෙන්නේ. 

කදුරුගොඩ පෞරාණික චෛත්‍යය 


චුන්නාක්කම් කෑම 


චුන්නාකම් ටවුන් එකේ බස් ටෑන්ඩ් එක ලග තිබෙන තේ වතුර කඩෙන් තමයි අපි උදේට කෑවේ. ඒක පොඩි කඩයක්. කලින් දවසේ ලොකුටව පොශ්වට කෑවට අපිට හරියට වාඩිවෙල කන්නත් ඉඩ නැති මේ පොඩි ඉඩේ අපිට උදේට කන්න වුනා. සාමාන්‍යයෙන් අපේ ගම් පලාත් වල වුනත් කඩෙන් කෑම අඩුයි. කොවිඩ් නිසාද මන්දා චුන්නාකම් වලත් මිනිස්සු කඩෙන් කෑම කනවා අඩුයි. ඒ නිසා කෑම කඩ ගොඩක් අඩුයි. තිබුනත් කෑම අවේලාවට හෙම ඇත්තෙම නැහැත් වගේ. 


අවට දසුන්. 


ඉතින් මේ අවට යද්දි මිනිස්සු අමාරුවෙන් කරපු වගාවන් පේනවා. මේ පලාතේ තිබෙන්නේ හුනු ගල් තට්ටුවක් උඩ පසක වුනත් සමහර තැන්වල රතුපාට කදිම පසක් තියෙනවා. ඒ පසේ රටකජු, දුම්කොළ. ලූනු, අල  වගේ වගාවන් සරුවට වවාල තිබුනා. බලන්න ලස්සනනයි. 


අත් හරින ලද ගොඩනැගිලි 

 

අපි ඊලගට ගියේ කන්කසන්තුරේට.ඒ යන ගමන අපිට අත්හැරදමන ලද ගොඩනැගිලි ආදිය හමු වුනා. සමස්තයක් විදහිට මේ ආකාරයෙන් පාලු ගොඩනැගිලි යාපනේ බහුලයි. ඒ මින්සසු රට දාල ගිහින්ද? නැත්තං ඒ ඉඩම් වල හිටි උදවිය යුද්ද වලින් මැරිලද මොකද දන නහැ ගොඩක් පාලු ගෙවල් අපිට යාපනයේ අතන මෙතන කරක් ගහද්දි හමු වුනා. 


කේ කේ එස් 


කන්කසන්තුරය තල් සෙවනින් නාන්න තමයි අපේ අදහස වුනේ. එතැන කදිමයි. මූදට මුහුනලා ලස්සන කාමර තියෙනවා. එතැන අපි ගිය දවසේ පරාක්‍රම සමුද්දරය තරම් වත් රැල්ලක් තිබුන් නැහැ. පූල් එක වේග් සෞම්‍ය වතුර පාර. නාන්න මරු. අපි නෑවා. ඇත්තටම මේ දවස්වල කොවිඩ් නිසා නාන්න දෙන් නැහැ. ඒත් අපිට තල් සෙවන පැත්තෙන් ගිහින් නාන්නට අවසරයක් ලැබුනා. ඒකෙන් නාල අහක් වෙලා අපි බලාපොරොත්තු වුනේ එතැන තල් සෙවන රෙස්ටුරන්ට් එකෙන් කන්න. ්ත ්ඒකේ ෆුයිඩ් රයිසක් වෙනවා රුපියල් 800ක් විතර. ඒ ගමන වැඩේ අතෑරලා යාපනෙන්ම කනවා කියලා හිතුවා. 

දඹකොළ පටුන වෙරළ තීරය
සක්කෝටයා සහ පේදුරු තුඩුව. 

 

තව ටිකෙන් මේක අමතක වෙනවා. ඇත්තටම අපිඋදේ ට කෑවට පස්සේ ගියේ පේදුරු තුඩුවට. ඒකෙදි පේදුරු තුඩුව ලයිට් හවුස් එක බැලුවා. පේදුරු තුඩුව හරියේ තියෙන මූද හිරිගල් ගොඩක්. ඒ හිරිගල් අතර හරියට බෝට්ටුවක් නවත්වන්න වත් වැල්ලක් නැහැ. සක්කෝටයි තුඩුව කියන තැන තමයි ලංකාවේ ඉහලම කෙළවර අපි සුපුරුදු විදිහට එතැනදී සෙල්ෆි සහ පිංතුර ගැනීමේ වතාවත් ඉටු කලා. ආන්න එයින් මනත තමයි අපි පැය බාගයක විතර ගමනකින් පස්සේ කන්කසන්තුරේ ආවේ. කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ ඒ වනවිටත් අපි රාත්‍රියේ යන්නට නියමිත දුම්රියත් තවත් ඉන්දියානු ඇස් 13 සැට් එකකුත් නවත්වා තිබුනා. 

සක්කොට්ටායි තුඩුව ලග

නව සෙල්වා හෝටලය 

යාපනයට කිට්ටුව තිබුනා නිව් සෙල්වා හෝටලය කියලා එකක්. අපි ඒක අස්සට ගිහින් කෑවා. මිතරන් රයිස් මම බත් කෑවා. ඒකෙන් ගත්ත දැල්ලෝ එක නම් එච්චර රසක් නැහැ. ඒත් බැදපු බත් කෑ මිතුරන් ඒ බත් කදිමය් කියා කිව්වා. ඉන් පසු අපි සුපුරුදු විදිහට රියෝ ගියා. රියෝ අයිස්කිම් ඇතිපදන් කාපු අිප ඊලගට යාපන ටවුමට ආවා. අපේ රියදුරු අයියාට හදිසි වැඩක් යෙදීම නිසා ඔහු අපිව දාලා පහට විතර කැපුනා. අපේ කෝචචිය 18.45 තිබුනේ. ඉතින් අපි යාපනේ මාර්කැට් ටුවෙන් ගෙවල් වලට බඩු අරගෙන ස්ටේශන් එකට ඇවිත් කෝච්චිය නැගලා ගෙදර ආවා. 

මග හමු වූ පෙරහැරක්
 

එතකොට අපි යාපනේ ගියෙත් නයට් මේල් එකේ. ආවෙත් නයිට් මේල් එකේ. එද්දි නම් පාන්දර 4 වෙද්දි හරියටම කියපු වෙලාවටම වගේ නයිට් මේල් කන්කසන්තුරය දුම්රිය කොටුවට ලගා වුනා. අපි යාපනයෙන් ගත්ත කොට්ට කිලංගු කෑවා. තව අර චිප්ස් වගේ තූනි වඩේ එකක් ගත්තා ඒකත් ලෙසට තිබුනා. ලඩ්ඩු යැව්ව අය ඒවා රසයි කියලා එවා තිබුනා. මිදි කෝඩියල් එක නම් මිදි ගෑවිලාවත් නැහැ. ඒක අමුවෙන්ම නෙක්ටෝ රසයි. ගෙදර ගිහින් ඒක හදලා ෆ්‍රිජ් එකේ දැම්මහම පාට රසය ඔක්කම නෙක්ටෝ ..

නල්ලූර් හි රියෝ හිම කිරම 
 

අපිට යාපන ටවුමේ කොටුව බලන්න බැරි වුනා. තව ඉතින් අර ලස්සන කසුරිනා වෙරළ බලන්න බැරි වුනා. අපි යාපනේ ගියා තැන් බැලුවා හොද හොටල වලින් කෑවා. ඉතින් සතුටු වෙලා අපි ආයෙම එන්නට ආවා. වීකෙන්ඩ් එක සැපටම ආතල් ගන්න අපිට ඒ ට්‍රිප් එක නිසා පුලුවන් වුනා. 

 

Monday, March 1, 2021

21 යාපන චාරිකාව

යාපනෙ නෙමෙයි කොහෙවත් යන්න හොද නැති මහ නපුරු කාලයක් නෙව මේක. ඒත් අපි ගියා නෙව. අපි යන්න හිතුවේ කෝච්චියේ. රෑ නවහමාරට තියෙනවා යාපනේ කෝච්චියක්. අපි දිග සති අන්තයක තමයි ගමන සෙට් වුනේ. සිකුරාදත් නිවාඩු තිබුන නිසා අපි බ්‍රහස්පතින්දා තමයි ගමන පටන් ගත්තේ. මේ ගමන පටන් ගන්නේ කොටුවෙන් මුලින්ම කෝච්චියට නැග්ගේ මම. කෝච්චිය යාපනේට පාන්දර වෙනකොට යනවා කියලායි තිබුනේ. අපරාදේ කියන්න බැහැ ඒක දිග කෝචචියක්. මම හිතන්නේ පෙට්ටි පාලහක් විතර තිබුනා. ඒකේ දෙවවන පන්තියේ සීට් වල ඉඩ තිබුනා. මහිතේ ඒ ඉඩ තියෙන්නේ මේ දව්ස්වල කොවිඩ් නිසා වෙන්නට ඕනි.

කෝච්චි ගමන ගැන කියනවා නම් ඉතින් සැප තමයි. බස් වගේ අමාරුවක් නැහැ. ඒත් මේ කෝච්චිය ටිකක් පප්‍රමාද වුනා. පහයි ගානට යාපන යනවා කිව්වට කෝච්චිය හරියටම යාපනෙට කිට්ටු වෙද්දි පාන්දර හත විතර වෙලා තිබුනා. ඒ යාපනයට කලින් තියෙන දිග තැනිතලා බිම් වැහෙන්න උදේම මීදුම තිබුනා. ඒ සීතල මීදුම අස්සෙන් වෙල් යායවල් වල ඈතින් තියෙන ගස් ආදිය ලස්සනයට පෙනුනා.

නාග විහාරය හරහා කුරිකඩ්ඩුවාන් බසයට


අපි නැවතුනේ යාපන නාග විහාරයේ. නයි විහාරේ හාමුදුරුවෝ අපරාදේ කියන්න බැහැ ලාබ කාමර කෑලි ටිකක් හදලා තියෙනවා. ඒ නිසා අපිට නවාතැන් ගන්න එතැන කියාපු තැන. එතැනට ගියාම අපිට නාග විහාරයේ විහාර භූමියේම තියෙන ලොකු තැනක නවාතැන් හම්බුනා. විහාරය එක්කම තියෙන මේ උස බිල්ඩිම තාම හදනවා. ඒත් ඒකේ තියෙන කාමර ආදියේ නවාතැන් ගන්න පහසුකම හොදටම තියෙනවා. මේකේ බාත්රූම් වල ඉඩ පොඩියි. ඒ වගේම කාමර වල ඉන්ටිරියර් අජපල්. ඒත් රුපියල්ෙ දදාහකට ඒ සී එකේ හතරකට නවතින්න පුලුවන් කාමරයක් කියන්නේ පට්ට නෙ. ඉතින් ඒ නිසා ඒක වාසි ඩීල් එකක්. අපි ගියේ 6ක් නිසා කාමර දෙකක් ගන්නට වුනා.


උදෑසන පාතරාසය


උදේ කෑමට ඒ නාග විහාරය ඉදිරිපිටම තියෙන අක්ෂතායි කියන රෙස්ටොරන්ට් එකට ගියා. ඒකේ තනිකර දෙමල. නාග විහාරේ කාමර බාරව ඉන්න මහ උපාසක ජොකියා කන්නෙත් එතනින්. ඉතින් ඒ රෙස්ටොරන්ට් එකෙන් අපි බඩ පිරෙන්න කෑවා. එතන තියෙනවා මසාල ගී ප්ලස් ප්ලස් තෝසයක්. රුපියල් දෙසිය හැටක් වගේ. ඒක බඩපිරෙන්න හොදටම ඇති. තව පෙපර් තෝරස ගී තෝස ඉට්ලි සහ පූරි පිගන් වලට ඇවිත් අපෙ බඩව්ල අස්සට ගියා. ඉන් පස්සේ එකෙන් කිරි එකකුත් ගැහුවම කට ගාවට ඇති. මේ දෙමල කඩවල කෑම ලාබ වුනාට මේකේ ටිකක් විතර කෑම ගන්න ඒත් අපි 6 දෙනාට කෑමට රුපියල් දෙදාහයි වියදම් වුනේ.


ජැටිය බලා

අපි ප්ලෑන් කරලා තිබුනේ ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් වලට බෝට්ටු යන්නේ නැහැය කියලා ආරංචියක් ආවා. පස්සේ ඒක බෝට්ටු යන ගාන අඩුය කියලා වෙනස් වුනා. ඒත් අපි කෝකටත් කියලා ගිහින්ම බලනවා කියලා නාග විහාරයේ ඉදන් යාපනේ ටවුමට ඇවිත් කුරිකඩ්ඩුවාන් බස් එකට නැග්ගා. කුරිකඩ්ඩුවාන්. බස් එකක් ගැහුවා වුනත් අපි කලින් ගිය බස් එක පස්සේ එලෝලා ඒකේම නැග්ගා. අපි හිතුවේ මගින් සෙනග බහී කියලා. ඒත් බැස්සේ නැහැ. ඉතින් පැයයි විනඩි දහහක් විතර බස් එකේ හිරවෙලා හිටගෙන ගියා. ඇත්තටම බස් එක හිස් වුනේ ජැටියට ගියාට ප්සසේ.


හුටස්. බෝට්ටුව ගිහින්


බෝට්ටුව ගිහින් තිබුනා. මොකද අට වෙද්දි බෝට්ටුව යනවා. එක බෝට්ටුවයි ඩෙල්ෆ්ට් වලට තියෙන්නේ. ඉතින් ඒක අටට ගිහින් අපි එද්දි දහය විතර වෙලා නේ. ඉතින් අපි පෝලිමට සෙට් වුනා. එකම පෝලිම තිබුනේ. ඒකෙදි නාවික හමුදාව ආපු අය ගේ ඩීටෙල් ආදිය පොතක ලියාගන්නවා. මම ඉස්සරහින් ගිය නඩය නාවික භටයා එක්ක හිතවත් කමක් ගොඩනගාගත්තා. ඉන් පස්සේ නාවික භටයා ඒ අය පෝලිමෙන් පන්නලා වෙනම තැනකින් බෝට්ටුවට නග්ගවාගන්න සැලසුම් කලා. කොහොම හරි එතන නාවික භටයා පොඩි පගා සීන් එකකට ඒ අය තල්ලු කලා කියලයි මට පස්සේ හිතුනේ.


ඒ පාර නාගදිපේ


අපි ජැටියට එද්දි දහයයි. දොලහමාරට තමයි ඩෙල්ෆ්ට් යන බෝට්ටුව තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා නාග දදීපේ යන්න. නාග දීප ගමන කොටයි පැය බාගයක් වත් නැහැ බෝට්ටුවේ යන්න. ඉතින් අපි ගියා නාගදිපේ කියන නවින විහාරස්ථානය බැලුවා ආවා. නාගදීප විහාරස්තානය අපේ ගමේ පංසලක් වගේ. කිසිම පිලිවෙලක් නැති ඉදිකිරීම් කිහිපයක් තියෙනවා. ඒ හැර ඒකේ කිසි ගතියක් ලල් එකක් නැහැ. ඒකේ තියෙන හින්දු කෝවිල නම් හින්දු අය ගෙොඩක් යනඑ න තැනක්. එතනත් බාහිර පෙනුම නම් ලොකු ලල් එකක් නෑ. නාගදීපේ දි බෞද්ධ ජැටියෙන් බැහැලා හින්දු ජැටියෙන් තමිය එන්නට තියෙන්නේ. ඒක ටිකක් දුර ගමනක්. ඉතින් නාගදීප වන්දනාව ඔහේබලලා කියලා අපි දොලහමාරට කලින් කුරිකඩ්ඩුවාන් ජැටියට ආවා.


ජැටියට ඇවිත් ටිකක් ඉදලා ඩෙල්ෆ්ට් බෝට්ටුවට නැග්ගා. අපි කලින් එද්දි සීට් තිබුනත් මම සහ මංජු ගියා වතුර සහ කෑමට මොනාවත් අරන් එන්න. ඒත් මාර වැඩේ නේ වුනේ. එතකොට අපේ සීට් එක නැතිවෙලා තිබුනා. ඉතින ්අපි හිටං ගියා. මාර ගිරිස්මේ. ඒත් ඇතුලට වෙලා හිටං ඉන්නවාට වඩා එලියට එන එක සැපයි කියලා හිතලු එලියට ආවා. ඇවිත් අවුවෙම ටිකක් වාඩිවෙලා තුවායකින් ඔලුව වහගෙන අපි ඩෙල්ෆ්ට් කරා ආපු පැය ගෙවා දැම්මා.


ඩෙල්ෆ්ට් වලදි


ඩෙල්ෆ්ට් වලින් ඇතුලට ගනිද්දි නාවික හමුදාවේ අය හාවා ඇදුමින් සැරසිලා උන්නා. එයාලා දූපතට යන එන අයගේ දත්ත පද්ධතියක් සකස් කරනවා වෙන්න ඕනි. කැමරාවවකින් පින්තුර ගත්තා. අයිඩන්ටි කාඩ් වලත් ස්කෑන් කොපි තියාගත්තා. ඉතින් ඔය විදිහට දත්ත අරගත්තට පස්සේ අපි ගිහින් ඩෙල්ෆ්ට් වල එහෙ මේ යන්න තියෙන ඩිමො බට්ටා කැබ් එකකට සල්ලි දීලා ටුවර පටන් ගත්තා. මුලින්ම පැලවෙන ගල බැලුවා. ඒක පැලවෙනවාද මන්දා ගිය පාර දැක්ක විදිහට තමයි මට ඒක පෙනුනේ පැලවීමක් නම් පෙනුන් නැහැ


ගස සහ අස්සයෝ


ඉතින් ඒක බලලා ඊලගට ගියා ඩෙල්ෆ්ට් වල තියෙන බයෝබැබ් ගස බලන්න. ගිය වතාවේ ඩෙල්ෆ්ට් එන කොට මේ ගසේ කොල ඔක්කම හැලෙන්න අරගෙන තිබුනා. ගස කණාටු ලුක් එකකට ඇවිත් තිබුනා. ඒත් මේ වතාවේ ගස හොදට කොල දාල නිල් කැටේට හැදිලා තිබුනා. ඉතින් ගසේ තියෙන බෙනේට හොදට ආතල් එකක් අපේ යාලුවෝ දුන්නා. යෝනි ආකාර හැඩේ තියෙන බෙනේ අස්සට රිංගලා ඇතිල්ලි ඇතිල්ලි අපේ උදවිය පොටෝ ගත්තා. ගසට කිතිත් හිතෙන්න ඇති පෞ නේද යාලුවනේ.


ඊලගට ඔන්න විනාඩි විස්සක විතර ටිකක් දුර ගමනකින් පස්සේ අපි ගියා අස්සයා බලන්න. ඇත්තටම ගිය පාර ඩෙල්ෆ්ට් ආෙ වෙලේ අස්සයෝ දෙකයි දැක්කේ. අපේ එතකොට හිටිය ගයිඩා අපිට කපිල් අපිට කිව්වේ අෙස්සයෝ වද වෙලා වගේ කතාවක්. ඒත් මේපාර අස්සයෝ ගොඩයි. එක තැන විස්සක් තිහක් විතර උන්නා. අස්සයි ටික හොදට සතුටින් අර අස්ස සද්දේ හෙමත් දාගෙන උ්නනා. උන් වතුර බිව්වා. පැටවු ඉන්න උන් පැටවු හුරතල් කලා. මේ අස්සයෝ දැන් ඇත්තටම කොළම කොටුවේ ඉන්න ට්‍රැෆික් අස්සයින්ට වඩා කොටයි. ඒ වගේම මේ අස්සයින් උන් තරම් පෙනුමත් නැහ. ඒත් උන් තාමත් අස්සයෝ. ඒ නිසා අපි අස්සයෝ ආසාවේන බලාල පිංතුර අරන් ආවා.


ජැටියේ පල හිලව්ව


තැන් හතක් බලන්න තියෙනවා කිව්වට ඇත්තටම අපි බැලුවේ තැන් හතරයි. අස්සයින්ගෙන් පස්සේ අර පරයි කූඩු සහ ඒ පැරනි රෝහල තිබුන බිල්ඩිමත් තව බලකොටුවත් බැලුවා. ඒ වගේම බීච් එකත් තියෙන තැන බැලුවා. ඒත් අපිට තව දෙකක් විතර තැන් ඉතුරු වුනා. ඒ එකක් තමයි ලයිට් හවුස් එක. අනික් එක තමයි පරණ අස්සයෝ බැදපු තැන. ඒ අස්සයො බැදපු තැන ආදම් ගේ කකුල් සටහනකුත් තියෙනවා. ඒ තැන් දෙක මේ පාර බැලුවේ නැහැ.


ඩෙල්ෆ්ට් ජැටියේ පල හිලව්ව

අපි ජැටියට එනකොට කට්ටිය පිරිලා උන්නා. අපි ඉතින් එතැන තෙරපෙන්නේ නැතුව සයිඩ් එකෙන් ඉදලා පෝලිමට යද්දි නාවික හමුදාවේ ගොබිලෙක් කිව්වා අපිට යන්න දෙන්න බැහැය බෝට්ටුව ඕවලෝඩ් ය කියලා. ඇත්තටම මම එතකොට ජැටියේ හිටපු අය ගනන් කරලා බැලුවා එතන හිටියේ හැටක් විතර. ඉන් පස්සේ බස් එක ආවා. දැන් ඩෙල්ෆ්ට් වල බස් එකකුත් තියෙනවා. මේ බස් එක එනකොට අපි හිටියත් බස් එකේ අයට මුලික තැන ලැබුනේ එතන දූපතේ අයත් ඉන්නවාය කියලා.


කොහොම හරි ටිකක් වාත කරලා අපිත් බෝට්ටුවට දැම්මා. මට නම් හිතුනේ හමුදාව හමුදාව අහම ලොකුය හරි විනයය කියලා කිව්වට එතැන නාවික හමුදා ගොබිලා හැදුවේ අපෙන් බෝට්ටුවට ඇතුලත් කරගන්න කියලා කීයක් හරි ගරාගන්න. කලින් කුරිකඩ්ඩුවාන් ජැටියෙදිත් උන් ඒ වගේ වැඩක් කරන්න හැදුවා. කමක් නැහැ ඉතින් අපේ මිනි්ස්සු කවදාවත් වලේ වැටෙන්න කලින් ඒකේ ඉෆේකට් එක තේරුම් ගන්න ජාතියක් නෙමෙයි. මේ දවස්වල මියන්මාරයේ හමුදාව දැන් එහේ රෝහින්ගයා මුස්ලිම් අයට නෙමෙයි ගහන්නේ. එයාලගේම බෞද්ධ වරුන්ට. මොකද දැන් රාජ්‍යයේ සතුරන් මියන්මාර හමුදා පාලනයට විරුද්ද වෙන අය.


ඉතින් හමුදා පාලනය අහමය මෙහෙමය විනයය කියලා මෙලෝ ලබ්බක් දන් නැතුව ඔහේ කියවන උන්ට නියම හමුදා පාලනයක ආතල් එක ගන්න ඒහෙම එකක් ආවොත් ඒකත් හොදයි. එහෙම එන්නේ නැතුව කොච්චර කිව්වත් ඉතින් කට්ටියට අර ගෞරවේය විරුවාය කියන පොයිය හිතේ තියෙනකල් හමුදා බුවාලගේ කෙරුවාවල් වල ගැඹුර පේන් නැහැ.


ඉතින් හරිනම් ඊලගට තියෙන්න ඕනි අපි යහතින් බෝට්ටුවෙන් කුරිකඩ්ඩුවාන් වලට ආවාය කියන කතාව. ඒත් කුමක් හෝ හේතුවකට බෝට්ටුවේ ඩීස්ල ඉවර වුනා. ඉන් පස්සේ බෝට්ටුව ජැටිය පේන තෙක් මානයේ හිට්ටා. ඉන් පස්සේ ආධාරක බෝට්ටුවක් ඇවිත් ඩීසල් දමාලා ආයෙත් බෝට්ටුව ගමන් ආරම්භ කලා. මේ බෝට්ටඑු වල ඉස්සර වගේ සැප දැන් නැහ. ඉස්සර ඩෙල්ෆ්ට් ගිය වඩතරකි, නදුන් තරකි වගේ බෝට්ටු නෙමෙයි දැන් යන්නේ. දැන් යන්නේ අපේ අය ඔස්ත්‍රේලියා යන්න පාවිච්චි කරන මහා විසාල ටෝලර් යාත්‍රා වලට ළෑලි ආසන ගහපු පරණ මොඩල් ටිකක් හඩු බෝට්ටු ටිකක්. ඉතින් කොපමණ සල්ල්ි කාරයා වුනත් මේ බෝට්ටුවන් තමයි නාගදීපයට ඩෙල්ෆ්ට් වලට ගමන් පහසුව සලසාගන්න තියෙන්නේ.

ජැටියේ වලිය


ජැටියට බෝට්ටුව නවත්වන කොටම වගේ එතැන තිබුන සී ටී බී බස් එක ඇද්දා. ඒ අදිනකොට මඒ ගැන දන්න මහජනයා බුරුතු පිටින් අවැිල්ලා බස් එකේ එල්ලුනා. ඉතින් අපිත් ගිහින් ඒකේ නැතුව ඊලග බස් එක බැලුවා. මොකද බස් එකේ හිටගෙන යන එක අමාරු නිසා. අනික් බස් එකත් එතකොට පිරිලා තිබුනා. ඒ නිසා අයෙම සී ටී බි එක බලද්දි ඒක කටකපලා අපිට අඩිය තියන්න බැහැ ඒ පාර අපි පයිවෙට් බස් එකට නැගලා හිටගන යන්න සෙට් වුනා.


නයිනතිව් ගිහිපු බෝට් කීපයක්ම ජැටියට ආවා. ඒ නිසා සෙනග වැඩි වුනා. පෞ ඒ සෙනගට අර බස් එකට නැගලා ගිනි අව්වේ තැම්බි තැම්බි ඉන්න වුනා. බස් එක පැයක් විතර නවත්වලා තිබුනා. මිනිස්සු දෙමලෙන් බනින්න ගත්තා.ෙ කාවිඩ් නීති මේකද කියලා ඇහුවා. ඒත් වැඩක් වුනේ නැහැ. යක්සයා වගේ උන්න ඩයිවරයා දෙමලෙන් දෙතුන් පාරක් ගොරවනවා ඉන් පස්සේ එකතැන රේස් කර කර ඔහේ ඉන්නවා.


ජැක් කතාව


ඉතින් බස් එක ඉතාම අපහසු කාලයක් පහු කරලා කලින් බස් එක ගිහින් විනාඩි පනහක් විතර වාත වෙලා වෙලා බස් එක යන්න ගත්තා. කලින් නැගලා සීට් අල්ලාගත්තත් ඉන් පස්සේ නාගදීප ගිහින් එන දෙමල බැතිමතුන් අතර ඉන්න බඩදරු අම්මලා, කුඩා දරුවන් ඉන්න අම්මලා සහ වයසක උදවිය නිසා වාඩිවෙලා ඉ්නන අයට සීට් දෙන්නත් වුනා. බස් එක ඇතුලට ඉර එලිය එන්න ගත්ත නිසා මිනිස්සු දැඩි අපහසුතාවයෙන් උන්නේ. ඔහොම ඉදලා බස් එක යන්න ගත්තා විතරයි එතනත් වලියක්.


ජැක් ගැහුවාය කුට්ටම හේත්තු කලාය කියලා සැකකටයුතු පුරුෂයා නුවර පත්තේ බුවෙවක් බුවාට සිංහල පුලුවන්.එ යා කිව්ව විදිහට නම් වල්ල නෙමෙයි ඒ තියලා තියෙන්නේ මිනිහගේ පර්ස් ක. ඒ වලිය බස් එක ඇතුලේ විතරක් නෙමෙයි යාපනෙන් අපි බස් එකනේ බහිනකොටත් ඇල වුනා. ජැකක් ගහලා මාට්ටු වුනා නම් ඒක වුනේ පස්සෛ් නම් ආයේ එතන හැමිනි හැමිනි ගෑනුන්ට උත්තර දෙන් නැතුව සද්ද නැතුව ඉස්සරහට එන්න ඕනි. ඕ ගෑනුන්ගේ කතා වලට උත්තර දිදී එතැන හිටියම ඌ නිකම්ම නෝන්ඩ් වෙනවා. ඉතින් ඒ තියර ි නොදැන ඌ අත්ම ගෞරවේ වෙනුවෙන් අභිතව සටන් කලා බස් එකෙන් බැහැලත්.


බස් එක වේගෙන් ආවෙත් නැහැ. එන ගමනත් හිටගෙන. ඉතින් අපි කාන්ඩෙට ගමනේ පලවෙනි දවසේ හොද කට්ටක් සෙට් වුනා. දුවන පෙරහැරේ ඩෛල්ෆ්ට් වල තැන් බැලුවා වගේම දඩි බිඩි ගාලා අපි නාගදීපෙත් ගිහින් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමිය අපෙ පලවෙනි දවස ගත කලේ. පලවෙනි දවසේ රෑ අපි කෑව සුපිරි ආකාරය සහ දෙවනි දවස අපි පස්සේ වෙලාවක බලමු නේද?