Friday, November 5, 2021

රිටිගල සහ වැව් සිරි Ritigala & Tanks

රිටිගල යන්න ඕන කම තිබුනා අපි සැට් එකටම. ඒත් ඉතින් කලින් දවසේ සීගිරිය නැගලා දෙන්නෙක්ට මහන්සිය කිය කිය තමයි හිටියේ. ඒ කොයිහැටි වුනත් ඉතින් රිටිගල ගාවටවත් ගිහින් එනවාය කියලා අපි හිතාගෙන උන්නා. රිටිගල කියන නම නිසා අපේ ගමනට එන්න හිටිය මගේ යාලුවෙකුත් හැලුනා. මිනිහා හිතාන හිටියෙත් රිටිගල කියන්නේ පට්ට කන්දක්ය කියලා. ඒත් ඇත්තටම රිටිගල නගින්න දෙයක් නැහැ. නගින්න අවසරත් නැහැ.

රිටිගල ගමන

අපි ඉතින් කිඹිස්සේ ඉදලා බයික් වලින් ගමන පටන් ගත්තා උදේ 10ට වගේ. අපි කලින් දවසේ රෑ 12 විතර වෙනකල් අවදියෙන් උන්නා. ඒ වගේම රෑ සීතලේ දඹුලු ගිහින් කාලා ආවා. ඒ නිසා උදේ ටිකක් දවල් වෙනකල් නින්ද ගියා. කලින් කියලා තිබුන විදිහට ඉදි ආප්ප හදලා තිබුනා නවාතැනින්. ඒවත් කාලා අහක් වෙලා අපි ගමන පිටත් වුනා.

හබරණින් හැරිල කිලෝමීටර් විස්සක් විතර ගියාම තමයි රිටිගල තියෙන්නේ. රිටිගල ආරණ්‍ය සේනාසනයකුත් තියෙනවා. අපිට ඒකට යන්න බැරි වුනා. අපි කෙලින්ම රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන්නට ගියා. ඒ ගමන ටිකක් බයහිතෙන එකක්. මිනිස් පුලුටක් පේන්න නැති යාල වගේ පදුරු තියෙන කැලෑවක් මැදින් තමයි රිටිගල පුරාවිද්‍යා නටඹුන් බලන ගමන යෙදිලා තියෙන්නේ.

දැන් නම් ඒ රිටිගල දිහා පාර හදනවා. මහ කැලෑවල තියෙන පාරවල් මොකට ඒ තරම් හදනවාද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒවා අපිට අදාල නැහැ. ඒත් රටම ලොකු ආර්ථික කේස් එකක ඉන්න වෙලාවේ ඈත කැලෑ ගමක ඉන්න ගැමියෝ වෙනුවෙන් ලොකු වියදමක් දාලා පාර හදන එක තේරුමක් තියේද? ඉන් පස්සේ ඔය ගැමියෝ ටීවි එකේ පෙන්වනවා. කැලෑව අල්ලලා ගොවිතැන ්කරලා ඉන් පස්සේ අලියා ඇවිත් ගෙබා්ග විනාස කරලා ගේ කඩලා වී කාලා එක සෙල්ලමයි. ලංකාවේ එහෙම මේ පලාත දියුනු කරන් නැහැ. මේක කැලෑවට යනවනවා. මේ පලාත දියුනු කරලා කැලෑවල ඉන්න ගැමියෝ අපි මෙහෙට ගෙන්වාගන්නව ාකියලා සැලසුමක් නැහැ.

කොහේ හරි කැලෑ පලාතක ඉන්න දේශපාලකයෙක් ඒ තියෙන ඡන්ද කෑලි දෙතුන් සීය වෙනුවෙන් මිලියන ගානක් වියදම් කරලා පාරවල් හදලා වතුර දීලා ලයිට් දීලා පහසුකම් දෙනවා. ඉන් පස්සේ ඒ මිනස්සු කලින්ටත් වැඩිය කැලේ එලි කරලා දානවා. අවසානේ අලි එනවා. සත්තු එනවා. ඒ කරදර වැඩි වනවා.

රිටිගල පුරාවිද්‍යා ස්ථානය

පුරාවිද්‍යා ස්ථානය තියෙන තැන හෙවනයි. ඒ හරිය ඇත්තටම රිටිගල කන්ද නෙමෙයි බෑවුමක තැනක්. අපි ටිකැට් ගත්තා. ටිකැට් එක එක්කෙනක්ට රුපියල් පනහක් විතර. ඒ හරියේ බංගලා වගයකුත් තියෙනවා වනජීවි එකේ. ඒවායේ නවතින්න පහසුකම් ගන්නත් පුලුවන්. ඉතින් මේ රිටිගල යන ගමනේදි පාරේ අලි බෙටි හෙම තිබුන නිසා අලියා එයිද ගහයිද කියලා අපි ටිකක් බයෙනුත් තමයි ගියේ. ගිහින් ටිකට් ගත්තට පස්සේ ඒ පුරාවිද්‍යා දේවල් විස්තර කරන්න කෙනෙක් ගන්න පුලුවන් කිව්වා රුපියල් 1500ට. මම ඉතින් රුපියල් එක්දාස් පන්සියක් දීලා මොකටද බන් බොරු අහන්න් කියලා ඒක ප්‍රතික්ශේප කලා.

මහා පීඨිකාව

ඔයාල ගිහින් ඇතිනේද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට. එහෙම නැතිනම් වෙන ලොකු ක්‍රීඩාංගනයකට. ආං ඒ වගේ විසාල මහා ක්‍රීඩාංගනයක් වගේ පීඨිකාවක් තියෙනවා. ඒකේ ආසන වගේ තියෙන විදිහට ගල් වලින් සකස් කරලා තියෙනවා මේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේක ආදි කාලේ විශාල ක්‍රීඩා සහ සන්දර්ශන කටයුතු වලට පාවිච්චි කරපු එකක් වෙන්නට ැති. ඒක වල වගේ තියෙන කොටස සෑහෙන විශාල එකක්. දැන් නම් ඒක මැදින් දොල පාරකුත් ගලාගෙන යනවා. එක්තරා කාලයකදි මේ දොලපාර එක්ක මේ බූමිය මොනාහරි වැඩකට ගන්නට ඇති. ඒක ඇත්තටම බලන්න වටින මහා විශාල පුරාවිද්‍යා අවකාශයක්.

ඒ වෙනත් ආරාම විහාර සංකීර්ණ රෝහල් ආදී ඇතුලත් සුවිශාල ආරාම විහාර සංකීර්ණයක නටඹුන් තැනින් තැන දකින්නට තියෙනවා. පැය බාගයක් පැයක් යනකොට මේ ටික බලලා ඉවර කරන්න පුලුවන්. එතනින් ගියාම අවසානයට අලි වැටක් හමු වෙනවා. අපිට උපදෙස් දුන්න විදිහට ඒ අලි වැටෙන් එහා පැත්තේ රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය. විශේෂිත පර්යේෂණ කටයුතු වලට හැර ඒකට ඇතුලු වෙන්නට බැහැ. ඉතින් බැරි මගුලට අපි අමාරුවෙන් ඇතුල් වන එක හොද නැහැ නේ. ඇරත් ඒක දැඩි ස්වභාවික රක්ෂිතයක් කරන්න ඕන හැටියේ හේතු ඇති. ඒ නිසා අපි ඒක තරනය කරන අදහස අත හැරල හැරිලාවා.

ආපසු කිඹිස්සට

ආපසු එන ගමනේ අපි රිටිගල පුරාණ ආරන්‍ය සේනාසනය බලන්න ඕනි කියල හිතුවා. ඒ යාබදවම තවත් ආරණයයක් තියෙනවා. අපේ අනෙක් බයික් එක ඒ අනෙක් ආරණ්‍යය දිහාවට ගිහින් තිබුනා අපි එහේ ගියා කියලා හිතලා. ඉන් පස්සේ අපි ඇත්තම ආරණ්‍ය්‍යට හැරෙන තැන පැය බාගයක් විතර වාත වෙලා ඉද්දි මෙන්න මුන් දෙන්න ගිහින් හැරිලා ආවා. ඒ වෙද්දි වැහි කලුව ටිකක් වැඩි වෙන ගතියක් තිබුන නිසා අපි කිඹිස්සට එන්න ගත්තා. ඒ අතර මගදි වැස්සා. මේ කිඹිස්ස ඉදලා හබරණ යන පාරේ එක තැනකට සීගිරිය සහ පිදුරංගල ඉතාම මනරම්ව පේනවා. ඒ වැව් බැම්ම ලග අපි ටිකික් නතර වෙලා පොටෝ කිහිපයක් තලා ගත්තා. එන ගමන් වැහි ගතියකුත් තිබුනා. වැස්ස එක්ක ගමන ටිකක් චොරයි. ඒත් පින්තුර නම් ගතියට තියෙනවා වැස්ස කාලේ ගියාම.

මේ එන අතරමගදි අපි ඉරිගු කන්න නැවැත්තුවා. සහ දෙල් ගන්න නැවැත්තුවා. එතන ඉරිගු රසට තිබුනා. ඒ තැන කජුත් තිබුනා. රටකජු ගලවපුවා ගස් පිටින් පාරයිනේ ඩිස්ප්ලේ දාලා තිබුනා. ඒත් කජු නැහැය ඉවරය කිව්වා. කජු ඉවර වෙලා. ඉරිගු ඒවානම් හබරණ සහ රිටිගල අතරින් කෑවේ. ඒ පලාත්වල වවන ඉරිගු ජාතියේ හොදක්ද මන්දා ඉරිගු ලා ඒවා  හොදට තිබුනා.

කිඹිස්ස සිට කන්ඩලමට

චන්ද්‍රිකා වැව වාන් දාලා ඒ පින්තුර යහමින් සෙයා වුනා පහුගිය දවස්වල. අපිටත් ඕන වුනා ඒ විදිහෙ ්වැවක් වාන් දාන එකක ආතල් එකක් ගන්න. වැවක් වාන් දාන එක ගොවිතැන් කරන මිනිස්සුන්ට තියෙන ලොකු සන්තෝසයක්. කොවිඩ් නිසා හිරවෙලා ඉන්න අයට යම් ත්‍රිල් එකක්. වැව් වාන් දානකොට ගම් වල ඉන්න නසරානියෝ ඒ වැව් වල ඉන්න මාලු පනිනකොට පොලු වලින් ගහලා මරනවා. එතකොට තව කාන්ඩයක් ඒකේ ගිහින් නාන්න තියාගන්නවා. ඉතින් කෝක වුනත් මිනිස්සු ෆන් එකක් නෙව ගන්නේ. කොවිඩ් තිබුනා හරි. ඉතින් දැන් ඉන්ජක්ෂනුත් සියයට බර ගානක් ගහලා තියෙන එකේ මිනිස්සු පොඩි ෆන් එකක් ගන්න එක ඉස්සර තරම් කැත විදිහට හෙලා දකින්න හොද නැහැ කියලයි මට හිතෙන්නේ. සුවිස් ඉතාලි වගේ රටවල් පලවෙනි වටෙන්ම බර ගානක් දවසට කොවිඩ් කේස් වාර්තා වුනා. මැරුනා. ඒත් ඒ රටවල් මේ වෙද්දි මිනිස්සු පාරෙ යද්දි මාස් එකත් නැති තත්වයට නෝමල් වෙලා.

කණ්ඩලම වැව

කණ්ඩලම වැව මට මතකයි 1994 වගේ කාලේ ලොකු දේශපාලන සිද්ධියක් වුනා. කණ්ඩලම වැවේ වැව් තාවල්ේ හදන හෝටලයට සැර විරෝධතා ආවා. ඒත් ඒක හැදුනා. අද වෙද්දි සුපිරි හෝටලයක් ඒක. කණ්ඩලම වැවේ තාමත් පැරණි ගස් ආදිය තියෙනවා. ඒ දර්ශනය සුන්දරයි. ඒ කණ්ඩලම වැවට ගියාම තියෙන ඇස් දෙකට සනීපේ ගන්න අමාරැයි සල්ලි දීලවත්. යම් විදිහකින් මේ වගේ දෙයක් කෘතිමව කරන්න ගියොත් ඒ සදහා වියදම් වෙන මුදල හිතාගන්නවත් අමාරුයි. ඒ නිසා මේ වැව් වල තියෙන ඒ ඈත පේන සුන්දර දසුන බලාගන්න එක වතාවක් වත් ගිහින් තියෙන එක වටිනවා.

අපි වැවට ගියාම වැව් බන්ට් එක අයිනේ මිනිස්සු මාලු බානවා. මේ පැතිවල ඒ කිව්වේ වැව් තියෙන රජරට පැතිවල වැව් මාලු කර්මාන්තය යහමින් කරනවා. මිනිස්සු එක්කෝ මාලු බානවා. නැත්නම් දැල් දාල අල්ලනවා.

මේ කණ්ඩලම වැව බලලා අපි ඊලගට ගියේ ඉබ්බන්කටුවට. කණ්ඩලම වැව හරහා දඹුල්ලේ ඉදන් සීගිරියට යන්න පුලුවන් පාරක් තියෙනවා. සීගිරි යනවා නම් හෝ ගිහින් එනවා නම් මේ කණ්ඩලම පැත්තෙන් යන එක පොඩ්ඩක් දුර වුනත් ඒ භූමි දර්ශන ටික නම් පංකාදුයි.

ඉබ්බන්කටුව

ඉබ්බන්කටුව අපි තෝරාගත්තේ බෝට්ටු සවාරි නිසා. හෝටල මගින් කරන ලොකු බෝට්ටු සවාරි තිබුනා කණ්ඩලමේ. ඒත් වැවේ ෆන් එකට යනෙ බා්ට්ටු සවාරි නැහැ. කවුරුහරි කරනවා නම් මම හිතන්නේ හිට් වෙන්න පුලුවන් දෙයක්. කණ්ඩලම ලස්සනයි. ඉතින් ඔය දූපතක් බලලා බෝට්ටුවේ රවුමක් ගිහින් එන්න ලැබෙනවා නම් වටිනවා. ඉතින් කණ්ඩලමේ ධීවරයින්ගෙන් ඇහුවාම එයාල කිව්වා කණ්ඩලමේ බෝට්ටු සවාරි කරන්නේ හෝටල වලින් විතරයිය ඉබ්බන්කටුවේ නම් සාමාන්‍ය බෝට්ටු සවාරි කරනවාය කියලා.

බෝට්ටු සවාරි

අපි ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම මේ කියන්නේ පිට වාන..මේක ඉබ්බන්කටුව කිව්වට ඇත්තටම මේක ඇවිල්ලා බෝවතැන්න ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදිවුන එකක්. අපි මුලින්ම මැප් එක වරද්දගෙන ගියේ ඉබ්බන්කටුව ජලාශයේ ධීවර තොටුපලට. ඒක නෙමෙයි තැන. ඒ පාර ආයේ කැරකිලා ඉබ්බන්කටුව ජලාශයෙ වේල්ල සහ සොරොව්ව පිටවාන තියෙන තැනට ආවා. එතැන තියෙනවා සතුටු දූපතේ සවාරි කියලා තැනක්. එතනින් තමයි මේ බෝට්ටු සවාරි කරන්නේ.

එයාල කියන විදිහට එයාල ලග නවාැතැන් පහසුකම් හෙමත් තියෙනවා. අපි එතන්ට රුපියල් තුන්දාස් පන්සීයක් ගෙවලා බෝට්ටුව වෙන් කරගත්තා. දූපතට ගියා. දූපතේ හට් හෙම ගහලා මල් වවලා තියෙනවා. පොඩි දූපතක්. අක්කර කිහිපයක් තමයි තියෙන්නේ.

ඉන් පස්සේ අපි ඒ වැව් බැම්ම දිගේ තියෙන දුර පාරෙන් ගිහින් ගලේවෙලට යන්න ඕනි කියලා කතා වුනත් ටිකක් රෑ බෝ වුන නිසා ගමන හමාර කරලා හවස 4ට විතර එතනින් කොළඹ එන්න පිටත් වුනා.

දවස් දෙකයි ගමන. ගොඩක් තැන් අපි දාගත්තේ නැහැ. වැස්ස නිසා  එහෙන් මෙහෙන් බාධා වුනා. ඒත් වැස්ස නිසා අපි ගමන නැවැත්තුවෙත් නැහැ. ඉතින් ඒ විදිහට තමයි අපේ ගමන ඉවර වුනේ. 

ඈතින් පේන සීගිරිය සහ පිදුරංගල

පාරට පේන රිටිගල

රිටිගල යන මග

රිටිගල ඇති සුවිශාල පීඨිකාව

නටඹුන්

විශාල ගසක්

පැරණි රෝහලක්

එන මග

තැඹිලි බොමින්

දෙල් ගත්ත තැන

කණ්ඩලම වැව් බැම්ම මත

කණ්ඩලම වැවේ ධීවරයෙක්

කණ්ඩලම වැව් බැම්ම මත

වැවේ බෝට්ටුවක්

කණ්ඩලම පිට වාන

සතුටු දූපතට යන්න පෙර වඩේ ගනිමින්

ඉබ්බන්කටුව පිටාර ගලමින්

සතුටු දූපතේ සිට

දූපතේ සිට ආපසු

 


Thursday, November 4, 2021

සීගිරියයි කවුඩුල්ලයි ඔබයි මමයි

සීගිරිය පලාතේ රවුමක් ගහන්න කාලෙක ඉදන් හිත හිත හිටියා. ත්‍රිකුණාමල යන ගමන් පිදුරංගල පොටෝ දැම්මහම යාලුවෙක් කිව්වා එන්න සීගිරි දිහා කියලා. ඉතින් ඒ ගමන අපෙ සැට් එක එකහු කරගෙන ගමන පටන් ගන්න තීරණය කලා. අපි නවාතැන් හෙව්වා. ඒත් වාහන හොයාගන්න බැරි වුනා. ඒ ගමන වාහන විදිහට රෙන්ටර් කාර් හෝ කර් එකක් හොයාගන්න බැරි වුන නිසා අපි බයික් වලින්ම ගන කරන්න තීරණය කලා. බයික් ගමන පුකට හිරිහැරයි. හරි අමාරුයි. ඒත් ඒකේ අමුතුම ආතල් එකක් තියෙනවා.

නැවතීම්

මුලින්ම අපි සීගිරියට තමයි යන්න නියමිත වෙලා තිබුනේ. අපි කලින් කතා කරගෙන තිබුන සීගිරියේ ඉදන් අලි බලන්න යන සෆාරි එක පටන් ගන්නේ දවල් 12ට. ඒ නිසා අපි කලින් සීගිරි ගල නැගලා ඒකේ පොටෝ ටික ගත්තා.


සීගිරිය

සීගිරියේ ගල උඩ වගේම ගල යටත් බලන්න ගොඩක් දේ තියෙනවා. මේ කාලේ සීගිරියෙත් සෙනග නැහැ. රටින් සංචාරකයෝ ඇවිත් තුන් හාරසියක් ඉන්නවා කිව්වා. ඒත් වැඩිය පේන්න හිටියේ නැහැ. සීගිරිය ගල උඩ මැද වගේම යටත් නටඹුන් ගොඩයි. ඒ හැම එකම කාශ්‍යප කරපුවාමත් නෙමෙයි. සාංගික දේවලුත් තියෙනවා. සීගිරියේ අර චිත්‍ර තියෙන හරියට බැහැලා මොන එකකට ඒ තරම් අමාරුවෙන් චිත්‍ර ඇන්දාද කියලා මට තියෙන්නේ පුදුමයක්. ඒ කැටපත් පවුර සහ චිත්‍ර තියෙන තැන් හොයන්න අපි වෙනමම තැනකට සවිකරපු වේදිකා ආදිය දිගේ යන්නට ඕනි.

සීගිරි ගල කියන්නේ ඕනි අහකට පේන තැනක්. ඒ වගේම සිව් දිශාවෙන් ඕනි පැත්තකින් සතුරු ඇටෑක් එන්න පුලුවන්. මගේ අදහස නම් සීගිරිය බලකොටුවක් නෙමෙයි ඒක රාජ මාලිගාවක් වෙන්න ඕනි. රජතුමා ෆුල් ෆන් එකේ ජීවිතය ගෙනියන්න හදපු ලොකු මාලිගාවක් හෝ තමුන්ග් වාසභවන පසු කාලෙක බලකොටුවක් කියලා නම ලැබෙන්න ඇති.ඉතින් අද වුනත් රජ මැතිවරු ඉන්න තැන්වලට ආරක්ෂාව දානවා. ් වගේ ඒ කලෙත් රජතුමා ඉන්න තැන හින්දා දිය අගල් කපලා වට කරලා ආරක්ෂාව දෙන්නට ඇති.

කවුඩුල්ල ගමන

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කියන්නේ වතුර විලක් වගේ ලොකු ජල තලාවක තියෙන වනෝද්‍යානයක්. අපේ ගයිඩ් මහතා කිව්ව විදිහට ඒකේ ජලය පිරුනම අලින්ට ඉන්න තියෙන සීමාව අඩු වෙනවා. ජලය අඩු කාලෙට අලින්ට ඉන්න ලොකු විල්ලු බිමක් තියෙනවා. මේ විල්ලුවේ වැස්සට පස්සේ අලුතින් දලු දාලා තියෙන තණකොල පදුරු පිටින් අලි හොඩෙන් ඇදලා කකුලින් ගහලා කඩලා ගන්නවා. ඒ අරං දෙතුන් වතාවක් පස් යන්න ගහලා අරගෙන එහෝම ගිලිනවා.

ඒ වැව් පිටියේ දසුන මැක්සිමම් එකක්. වැසි කාලය නිසා අවට බලන්න ලස්සනයි. හැම තැනම කොල පාටයි. වැවට ආපු අලින්ට මිනිස්සු ගැන වගේ වගක් නැහැ. ඒත් එකම එක වතාවක් එක අලියෙක්ට අවුලක් ගිහින් අපි පස්සෙන් පන්නාගෙන එන්න උත්සාහ කලා. ඒත් අනික් අලි ඌට සපෝට් එකට ආවේ නැහැ. අපි බලන් හිටිය ටික වෙලාවට අලි සෙට් හතරක් විතර හමු වුනා. එක කාන්ඩයක් නාන්න කියලා වැව මැදට ගියත් ගිය පයින්ම වගේ ආයේම ආවා.

ඇතැම් විට කිඹුල් ඇටෑක් එකක් හෝ මාලු දැල් වල පැටලීම නිසා වෙන්න පුලුවන් කියලා අපේ වාහනේ රියදුරු සහ ගයිඩ් මහතා කිව්වා.

අලි ටික ඈතින් නෙමෙයි අතට අල්ලන්න පුලුවන් ගානට ලගින් අපිට බලාගන්න හැකි වුනා. ඒ විදිහට අලි ගොඩක් එකපාර දැකපු පලෙවනි වතාව තමයි ඒක. අපි එක්කම වගේ ජීප් වලින් ආපු සුද්දෝ වගේම ලිංකාවේ කට්ටියත් මේ අලි බලල බොහොම සන්තෝස වුනා.

කවුඩුල්ලට ඇතුල් වෙන්න එක් අයකුගෙන්  රු 200ක් ගෙවන්න ඕනි. සීගිරියේ ඉදලා පැය බාගෙක විතර දුර යන්නත් ඕනි කවුඩුල්ලට. කවුඩුල්ල ගිහන් එන ගමන් අපි හබරණින් බයර් එහෙම ගත්තා. මොකද අපි නැවතිලා හිටිය සීගරියේ කිඹිස්ස දිහා අරක්කු හොයාගන්න අමාරුයි.

ඇග තැලීම

අලි බලලා ඇවිත් බයික් වලින් ආපු ගමන් මහන්සියටත් එක්ක ඇග තලාගන්න ගියා. අපිට ඇත්තටම උවමනා වුනේ ඇග මසාජ් කරන තැනකට යන්න. ඒත් අපිට මග කියපු කෙනා අපිව එක්කරගෙන ගිහින් තිබුනේ සාමාන්‍ය අතේ ගස්සන කටට ගන්න ආදී ලිංගික විනෝද දේවල් කරන තැනකට. එතන අයට අපි දෙදාහක් දුන්නා. ඒත පස්සේ ආරංචි වුන විදිහට අපිට දෙදාහ වුනාට ඇත්ත ගාන 1500යි. ඉතුරු ගාන අපිව එක්කරං ගිය හිතහොද මනුස්සයා ගහගන්න ඇති.

අපිට ඕනි වුනේ මසාජ් එක විතරක් නිසා හෑන්ඩ් ශේක් එක ඉල්ලුවේ නැහැ. එයාල ඇහුවමත් අපි කාමර තුනක තුන්දෙනා හිටියත් අපි තුන්දෙනාම ශේක් එක එපා කිව්වා. ඒ පාර ඒ ගෑනු එලියට ඇවිත් අනේ අපිට ටිප් එක නෑ. අපරාදේ කිය කිය බොහොම අඩාවැටෙන ඇඩ් එකක් දැම්මා. ඒ නිසා අපි රුපියල් පන්සියක් ගානේ අපි තුන්දෙනා මසාජ් කරපු තුන්දෙනාට දුන්නා. ඒ එලියට එද්දි තෙරපිනියෝ මසාජ එකේ කවුන්ටරයට කියන්න කිව්වා ශේක් එක ගත්තේ නැති බව. ඉතින ්එයා කිව්ව නිසා මම ඒක කවුන්ටරයේ හිටපු කෙල්ලට කිව්වා.

ඒක හොදයිද?

මසා එක මට ලැබුන එකනම් ඇවරේජ්. මම තායිරටේ සහ ඉන්දියාවෙදි නේපාලෙදි ගතපු මසාජ් තරම් හොද නැහැ. ඒත් ලංකාවේ තියෙන බජට් මසාජ් එක්ක බැලුවාම මේකේ මසාජ් එක හොදට කලා. අනෙක් යාලුවෝ දෙන්නගෙන් එක් අයෙක්ට වැඩේ අල්ලලා ගිහින් තිබුනා. අනෙකාට ඒක මෙලෝ රහක් නැති දෙයක්. අපි එක්ක ගිය 4න් තුනයි මසා එක ඇතුලට ගියේ. අනිකා බැදලා නිසා හෝ වෙනසීනක් නිසා අපි එක්ක ඇතුලට යන්න එකතු වුනේ නැහැ.

කෑම

අපි දවාට කෑවේ ඉදපු ගෙස්ට් හවුස් එකේමයි. යාලුවන් නම් අවුලක් නැහැ කිව්වට බැදපු වැව් මාලුවට රුපියල් හත්සීයක් අයකරපු එක නම් මට ටිකක් වැඩියි කියල හිතුනේ. ඉතින් රෑට මම එන්න කියලා ගිය යාලුවා ඒ ලගම කඩෙන් කොත්තුවක් ගෙනත් දුන්නා. ඒත් අපි දඹුලු ගිහින් කාල එන්න ඕනි කියලා තීරණය කලා.

දඹුුලු ගමන

දඹුලු ගියාම දඹුල්ලේ තියෙනවා ගිණි කියලා පොට් එකක්. එතන කෑම හොදයි වගේ. ඒත් එදා සෙනසුරාදා නිසාද මන්දා ඒක වහලා. ඒ පාර දඹුල්ලේ තියෙන බෙතන්තර හෝටලයේ උඩ තට්ටුවේ තියෙන පොශ් රෙස්ටොරන්ට් එකට ගියා. අපි දඹුල්ලට සීගිරියේ ඉදලා අාෙව රෑ 9ට විතර ඒ එද්දිත් වැස්සා ඒ වගේම කාල ඉවර වෙලා රෑ 11.30ට විතර ආයෙම නවාතැනට යද්දිත් වැස්සා. වැස්ස ගොඩක්ම සැර නැතිවුනත් විනාඩි පහක් එලියේ හිටියොත් සැපට තෙමෙන මට්ටමක වැස්සේ තමයි අපි බයික්වලින් දඹුලු ගිහින් ආවේ..

බෙන්තර එකේ කෑම හොදයි. සැන්විච් දෙකක් ගත්තම ඇත්තටම 4 දෙනකුට කෑමට ඇති.ෙ පා්ශන් හොදයි ලොකුයි. අපි කලින් කොත්තු ආදිය කාල බඩපිරිලා තිබුන නිසා අපි ඇනවුම් කල කෑම වලින් තුනෙන් එකක් විතර අපරාදේ වුනා.

ඉතින් වැහි බීරානිය මැදින් කිඹිස්සට එද්දි කිඹිස්ස හන්දිය පේන තෙක් මානයේ මහ රෑ වැස්සට ලොකු ගහක් කඩන් වැටිලා පාර අවහිර වෙලා තිබුනා. එ ගමන එතැන හිටි ත්‍රීවිලර් බුවෙක්ගෙනුත් අහගෙන අපි දුර කැලෑ පාරකින් කිඹිස්ස හන්දියට කිට්ටුව තිබුන අපේ නවාතැනට ආවා. ඒ කැලෑ පාර ඒ පැත්තේ තියෙන ජෙට්වින් හෝටලයට යන පාර..ඒක දිගේ ගිහින් ආයෙත් කිඹිස්ස පැත්තට වැටුනා.

ඉන් පස්සේ ඉතින් රෑ 12ට විතර අපි ඇස් දෙකට පින්සිද්ද වෙන්න කලින් හබරණින් ගත්ත බියරුත් ගහලා නිදාගත්තා.





සීගිරි ගල උඩ පොකුණ

සීගිරි ගල උඩ මන්දිර

බහිනවිට ගලක් කපා තනා ැඇති මණ්ඩපය

කවුඩුල්ලෙ පොඩි අලි

කවුඩුල්ලේ නාකි අලියෙක්

කවුඩුල්ල වනෝද්‍යාණයේ දිරාපු ගසක්

දඹුල්ල බෙන්තර හෝටලේ රෑ කෑම

කවුඩුල්ලේ අලි

අලි බලන්න ආ අය

අමාරුවෙන් සීගිි බහින සංචාරකයින්

ගල මුදුනේ මාලිගා පොකුණු


Monday, October 25, 2021

නිලාවැලි ගමන 2

නිලාවැලි සිට කොළඹට 


කලින් පාර ලිව්වා නෙ නිලාවැලි ගිය හැටි. අද ඉතින ්ගිහින් එන හැටි තමයි ලියන්න ඉන්නේ. 


මොකද්ද ෆෝන් එක 

මේක හරි ආස ප්‍රශ්නයක්. කලින් අරගෙන හෙනට බෙරයක් ගහලා පාවිච්චි කරන්න ගත්ත සැම්සුන් එම් 21 කියන බජට් ෆෝන් එක කෙල වුනා. ඒක මහ වහක්. පිටිපස්සේ කැමරාව ඉදිරිපස වීදුරුව හේතුවක් දන්නේ නැතිවම බිදුනා ඉරි ගියා. ඉස්සරහා සෙල්ෆි කැම් එක ඉස්සරහ වීදුරුවත් ඉරක් ගියා. බිම වැටිලා වීදුරුව ක්‍රැක් වුනා. තව අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ ෆෝන් එක ස්ටක් වෙන්න ගත්තා. රීස්ටාට් වෙනවා ලෝගෝ එනවා. වාතයි. ෆෝන් එකේ බිල්ට් කොලිටි එක අජපල්. ඉතින් අලුත් එක්ක ගත්තා මේක සෙකන්ඩ් හෑන්ඩ්. 


එල් ජී වී 50 එල් ජී වී සීරියස් එක කියන්නේ දැනට අභාවප්‍රාප්ත එල් ජී මොබයිල් කම්පැනියේ 2019 ආපු ෆෝන් එක. සුපිරි බඩුවක්. ඉතින් පලතුරු පෝන් තරම්ම නැතත් සෑහෙනෙ කාලිටි එකක් වීඩියෝ වලට මේ වී එකේ තියෙනවා. පොටෝ වලත් ගැම්ක් තියෙනවා. 


එදා පාන්දර 


මේ කියන්නේ ගිය ඉරිදා පාන්දර. රෑඇදට ඇවිත් නිදාගත්තා. ඇහැරුනේ උදේ පාන්දර. උදේම ඇහැරිලා ඉතින් ලොව බලලා සෙට් වෙද්දි 8-9 වෙලා. අපි උදේම නෑවා. නෑවා කිව්වේ පූල් එක ගාවට ගිහින් සරම ගලවලා යට ඇදන් හිටිය එක පිටින නෑවා. ඉතින් ඔය විදිහට පූල් එක ගාව ගලවපු උඩ ඇදුම් අරගන්න අපිට අමතක වුනා. ඒකට ආයෙත් හවස නිලාවැලි එන්න වුනා. 


අපි ඊගාවට ත්‍රිකුනාමලයට ඇවිත් කන්න තැනක් හෙව්වා. උදේට කන්න තැන ්කීපයක්ම බැලුවා. එයින් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොලට ටිකක් එහයින් තියෙන දෙමල පොට් එක අල්ලලා ගියා. ඒකේ දෙමල කෑම කිහිපයක්ම තිබුනා. ඒවා අපි එකින් එක අරගෙන ටෙස් කරමින් කෑවා. මීට කලින් එහෙම කෑවේ අපි යාපනයේ ගිය වෙලාවේ. එතකොට යාපනයට අපි ආගන්තුකනිසා මනු එකේ තිබුන ගොඩක් දේවල් කාලා අපි ටෙස් කලා. 


කෝනේශ්වරම් වලට 


කෝනේශ්වරම් කලින් ගිහින් තිබුනත් හරියටම ඒකේ දිග පලල ගැන තියෙන තැන ගැන හරියටම දැනගත්තේ එදා. කෝනේශ්වරම් යන්න ලොකු සෙනගක් නැහැ. ත්‍රිකුණාමලය දිහාවේ පෙම් ජෝඩු වලට වාසියි. යන්න එන්න ැන් ගොඩයි වගේම පාලු තැනුත් ගොඩයි. ඒත් කෝනේශ්වරම් වලටත් ජෝඩු ඇවිත් තිබුනා. 


කෝනේශ්වරම් වල දේවාලෙට වැඩි ලල් එකක් එතන ප්ලේස් එකේ තියෙනවා. අපි මේ පාර කෝනේශ්වරම් ගියා විතරක් නෙමෙයි කෝනේශ්වරම් යටිනුත් ගියා. ඒ කියන්න් බෝට්ටුවෙනුත්ගිහින් කොනේශ්වරම් බැලුවා. අපි ඉතින ්ගිහින් කෝනේශ්වරම් ද්වාල් ඇතුලේ රවුමක් දාලා එලියට ඇවිත් දොඩම් වීදුරුවක් හෙම බීලා ආයෙත් ටවුමට එන්නට ආවා. 


ටවුමට එන්න ඇවිත් බීච් එක ගාවට ගියාම එතැන බෝට්ටු සවාරි තියෙනවා. ඒ බෝට්ටුවේ යට වීදුරුවක් තියනෙවා යන අයට පතුල බලන්න පුලුවන් වෙන්න. ඉතින් අපි කෝනේශ්වරම් දේවාලේ පහලට ගිහින් ආවා. ඒ යන එන ගමනේ ඒ අවට තිබුන කොරල් ආදියත් අපිට දකින්නට පුලුවන් වුනා. 


කලින් දවසේ නිලාවැලි වලට වඩා ත්‍රිකුණාමලයේ මහජන මුහුදු වෙරල පිරිසිදුවට තිබුනා. නිලාවැලි වල මඩ ගතියක් තිබුනා. ඒත් මහජන බීච් එකේ එහෙම මඩ ගතිය නැහැ. වැව වගේ ගානට වතුර තියනවා. ඇත්තටමද පීනද්දි දාන ඇස් කන්නාඩි හෙවත් ස්විමින් ගොගල්ස් තිබුනා නම් අපිට මුහුද යට ඉන්න ලස්සන මාලුත් බලාගන්න තිබුනා. 


අපි බෝට්ටු සවාරිය ගිහින් රාවනා කඩුවෙන් කෙටපු තැන සහ කෝනේශ්වරම් දේවාලේ යට හරිය බලලා ආවා. මේ හරියේ මූද පැහැදිලි වුනත් කෝනේශ්වරම් දේවාලන් පෘතුගීසි කාරයා් කඩලා මූදට දාපු පිලිම පෙනුනේ නැහැ. ජනප්‍රවාද වල තියෙන විදිහට කෝනේශ්වර්ම් දේවාලය පෘතුගීසින් කඩලා මූදට දාලා තියෙනවා. එයින් ගොඩගත් පිලිම වලින් තමයි දැන් දේවාලය හදලා තියෙන්න්. ඉතින් ඒ මූද යට තියෙන දේවාල කොටස් බලන්නත් බැතිමතුන් පිරිසක් කිමිදෙනවා. ඒ වගේම දෙවියන් ගැන විශ්වාසය තියෙන ධීවරයින් හෙමත් මේ තැනට ඇවිත් වන්දනාමාන කරලා යනවා. 


ඒ ගමනෙදි කලින් කිව්ව විදිහට අපිට  යටට වීදුරුවක් ගහපු බෝට්ටුවක් ගන්න පුලුවන් වුන නිසා කිසි අවුලක් නැතුව මූද යට බලන්න පුලුවන ්වුනා. ඒක හරිම අසිරිමත් අත්දැකීමක්. ඒ බෝට්ටුව ත්‍රිකුණාමලය මහජන වෙරළ තීරයෙන් හොයාගන්නට පුලුවන් වගේම ඒක් මිල රුපියල් දෙදාස් පන්සීයක් විතරයි. පැය බාගයක් විතර තමයි ආතල් එක තියෙන්නේ. තව පතුල පේන්න් නැති වෙනත් බෝට්ටුවක් ඊට ටිකක් එහා තියෙනවා. ඒක නම් තවත් තැන් කිහිපයකට අපිව එක්කරගෙන යනවා. ඒකේ ගාස්තුව රුපියල් තුන්දාහක් විතර. 


මූදේ නෑවා අපි පැයක් දෙක්ක විතර. නාලා ඉවර වෙලා ත්‍රිකුණාමල බීච් එකේ තියෙන නාන තැනින් නාලා පිරිසිදු වෙලා ආයේ දවාට කන්නේ නැතුවම කරවල කඩ වලට ගිහින් කරවල ගත්තා. ඒ කරවල වතාවත් වලින් පස්ස් තව තැනක් බලන්න නැතුව අපි ගම් රටවල් බලා පිටත්වෙන්න තීරණය කලා. ඒ වෙද්දි ටිකක් හවස් වෙලා. අපි ආයේ අපේ නිලාවැලි නවාතැනට ගිහින් ඉන් පස්සේ තමයි කොළඹ බලා එන්න පිටත් වුනේ. නිලාවැලි නවාතැනට යද්දි අපි ගලවලා පූල් එක ගාව දාපු විදිහටම අපේ ඇදුම් ටික තිබුනා. අපි ඒවා එකතු කරගෙන බොග තිබුන අය බොග හෙමත් දාලා දිර්ඝ ගමනට සූදානම් වුනා.


එන ගමන් අපි ත්‍රිකුණාමලට කිට්ටු ආමි එකේ ජූස් බාර් එකකින් ජූස් බිවුවා. එතකොට හොදටම බඩ පුරවා දා තිබුන ගතිය ඒ කොමඩු ජූස් කෙන් නැතිවුනා. ඉන්පස්ස් ආයෙත් තව තැනක නවත්වල තැඹිලි බිව්වා. තැඹිලි විකුනන තැන හිටිය තරුණ යුවතිය කිව්ව විදිහට ඒ දවස්වල කට්ටිය වැඩිය නැහැ. මොකද කොවිඩ් නිසා කට්ටිය සංචාරවල එනවා අඩුයි.වෙලදාම් ආදිය අඩුයි. ඒ නිසා අපි කඩේ තිබුන ඉරිගු කාලා තේ වතුර බීලා තැඹිලිත් බීලා ආවා. 


දඹුල්ලෙදි යාලුවන්ග් හොද ෆිට් එකක් සෙට් වෙලා අපි රෑට බියර් ටිකක් බිව්වා. රියදුරු වරු බිව්වේ නැහැ. ඉන් පස්ස් අපි මාරු වුනා. 


ආ කියන්න අමතක වුනා. දඹුලු එන්න කලින් හබරණ කැලේදි අපිට අලි හම්බුනා. අලි පාර දෙපැත්තේ හිටියා දහයක් විතර. තව තැනක දෙන්නෙක් හිටියා. ඉතින් අලි ටික පහුකරගෙන එද්දි ටිකක් බය හිතුනා. වාහන ගොඩක් යන නිසා පාර අවහිර කරගන නම් හිටියේ නැහැ. ඒත් පාරෙම වගේ තමයි අලි හිටියේ. අපේ රියදුරු තැන එහෙම ටිකක් බය වෙලා සං ගාල විදලා ආවා ඒ හරියන්. 



ඉතින් ඒක කදිම ත්‍රිකුණාමල සවාරියක් වුනා. ත්‍රිකුණාමලයේදි නාන තැන හිටපු වැසිකිලි සේවක මහතා කියපු විදිහට කාලයක් අර මූද මැද තියෙන කැටමරන් කියන සැප බෝට්ටු ජාතිය දවසකට රුපියල් හාර පන්දහටත් පැකේජ් තිබිලා තියෙනවා. ඒත් අපි කොළඹ ඇවිත් ඒ කැටමරන් වලට කතා කලාහම එක් අයෙක්ට රුපියල් පාලොස්දහක් විතර පැකේජ් එකක් යනවා ඒවයේ ඉන්න. 


තවත් ගමන්ක යන බලාපොරොත්තුවෙන් අපි ටික රෑ දොලහ එක වෙද්දි කොළමට සේන්දු වෙලා විසිරිලා ගියා. 

 


ජූස් බිව්ව තැන

ත්‍රිකුණාමල මාර්කට් එකේ මුවෙක්

ත්‍රිකුණාමල වෙරලේ නවතා ඇති කැටමරන්

බෝට්ටුවේ වීදුරුව හරහා

මුහුදෙන් ගොස් කෝනේශ්වරම් වලට

කෝනේශ්වරම් දේවාලයේ විශාල පිලිමය මූදට පේන හැටි

ධීවරයෙක්

ත්‍රීකුණාමල මහජන මූදු වෙරළ

ත්‍රිකුණාමල කොටුව ඉදිරිපිට

දොඩම් එනකල්

කෝනේශ්වරම් සිට

පහල ඇති බෝට්ටුවක්

කෝනේශ්වරම් දේවාලය

Wednesday, October 20, 2021

නිලාවැලි යෑමේ පාපය

ඇයි ඉතින් ගියේ 


ලොක්ඩවුන් එක අස්සේ යන්න හොද නැති බව දැනගෙන උන්නා. ඒත් ඉතින් ටික ටික කොවිඩ් බය අඩු වීම එක්ක ගෙදරට වෙලා ඉන්න එක ඇති වුනා. එ ්ගමන අපි චාරිකාවක් යමුත කියලා කතා වෙලා කට්ටිය සෙට් වුනා. මුලින්ම චැට් දෙක තුනක් ගිහින් මේ නිලාවැලි ගමන ඉතුරු වෙලා ස්ථිර වුනා. 


රටේ සීයට 71%ක් දැන් එන්නත් අරගෙන ඉවරයි. ඉතුරු පිරිස බොහෝ අය පොඩි ළමයි සහ එන්නත ගන්න බෑ කියන අය. ඒ අය අවධානමේ තමයි. යම් විදිහකින් ඊලග රැල්ලක් ආවොත් එයාල සෙතපෝච්චි වෙයිත් තමයි. ඒත් දිගින් දිගටම යමක්පාලනය කර ගෙන ඉන්න එකේ අවසානයක් තියෙනවා. ඇරත් වසංගතයකට 100%ක්ම එන්නත් කරනය කරන්න ඕනි නැහැ පාලනය වෙන්න. 70%ක් කියන්නෙත් සාපේක්ශව හොද මට්ටමක්. 


අපේ ලොක් ඩවුන් එක 


අපේ ලොක් ඩවුන් වලදි හැමදේම අත්හරින්න කියලා කිව්වා මිසක මිනිස්සුන්ගේ ගති සොබාව ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවේ නැහැ. ඒත් දියුනු රටවල ලාක් ඩවුන් එක අස්සේ වුනත් ලගපාත තැනකට ගිහින් ටිකක් ඇතට ඈතට වෙලා විනෝද වෙන්න පහසුව දීලා තිබුනා. ඔස්ත්‍රේලියාවේ වුනත් ලොක් ඩවුන් එක අස්සේ ලග කඩපලට යන්න උද්‍යානයට යන්න ඉඩ දීලා තිබුනා. අපේ ඉතින් හැම දේම තදබල ලෙසටම නේ වැඩ. ඒ නිසා මිනිස්සු ගොඩ දෙනෙක් හරි පීඩනේක තමයි හිටියේ. 


අයි ටී කාරයින්ගේ පීඩනය 


අයි ටී කරන අය තමයි චාරිකාවට මාත් එක්ක එකතු වුනේ. එයාල කියන විදිහට එයාල දවසේම තිරය ඉදිරිපස තමයි ඉන්නේ. ඉස්සර වගේ යනු එනු කාර්යාල ගමන් බිමන් සෙට් වීම මොනවත් නැහැ. උදේ ඉදන් හවස දක්වා තිර බලාගෙන ගෙදර ඉදන් වැඩ. ඒක පට්ට බෝරින් වැඩක්. එහෙම වුනාම තරහ එනවා. මානසික කේස් එනවා. ගෙදර ඉදන් වැඩ කරන අයි ටී කරයෝ කියන්නේ රටට ආදායම ගේන වැදගත් පිරිසක්. එයාලට විසේසයෙන් නම් සලකන්න ඕනි නැහැ. මොකද ලංකාවේ විසේසෙන් සලකන්න ගිහින් හොදටම කෙලවගෙන නේ ඉන්නේ. ඒත් එයාල මුහුනදෙන ත්තවය ගැන යම් මානුෂිය පැත්තකින් හිතන වගකීම ලොක් කරන අරින පිරිසට තියෙනවා. 


ආරම්භය 

මම ඉතින් තොරණ හන්දියෙන් නේ සම්බන්ධ වෙන්නේ. මම යන කාර් එක ගම්න් ආරම්භ කලේ ගම්පහ තැනකින්. ඉතින් මම කඩවතට ගිහින් ටික වෙලාවක් හිටියා. කඩවත ටවුමේ වෙනදා වගේ කඩ නැහැ. වෙනදා නම් චාර්කාවකට කඩවතින් එකතු වෙද්දි මම කඩේටකට ගිහන් තේ වතුර එකක් බොනවා. ඒත් එදා කඩවල් ඇරලා තිබුනේ නැහැ. අපි පාන්දර 5ට විතර ගන පටන් ගත්තට මොකද ඒ වෙද්දිත් නුවර පාරේ වාහන තිබුනා. 


තේ වතුර 


අපි මුලින්ම තේ වතුර බිව්වා පොල්ගහවෙල පැනලා ගොඩවෙල තේ කඩෙන්. ඒ ගොඩවෙල පොල ගාව තේ කඩේ ලක්ෂණ ගෑනුලමයටත් ඇහැදාගන අපි තේ බිව්වා. අපේ දෙවැනි කාර් රිය අපිට සම්බන්ධ වෙන්නේ කෑගල්ල දිහාවේ ඉදන්. ඒකපොල් ගහවෙලට තමයි එනවා කියලා තිබුනේ. ඉතින් අපි ගොඩවෙල ඉද්දි උන් ආවා. ආවට මොකද උන්ටත් තේ වතුර බොන්න ඕනි වුනා. එ ්ගමන ආයේ කුරුණෑගල දිහායින් තේ වතුර බොන්න ආයෙත් වාහන නැවැත්තුවා. 


හත අට වෙද්දි දඹුල්ල හරියට ආවා. වෙලාවේ ටිකක් වැඩියක් වගේ තේරුන නිසා පිදුරංගල සීගිරි පැත්තේ රවුමක් දාන්න හිතුවා. හිතලා කොස්කැලේ හරියෙදි කෝල් කරලා විස්තර අහගත්තා. 


පිදංුරංගල 


අපි උදේ හත අට විතර වෙද්දි පිදුරංගල බලන්න සෙට් වුනා. දැන් ටිකට් ගන්න ඕනි නැහැ. පිදුරංගල පන්සලේ දේවාලේ නම් පට්ට සෙනගක් හිටියා. මේ කොවිඩ් වෙලාවෙත් දේවාල වල තියෙන බිසි එක නම් බලන්න ලස්සනයි. අපි ගමන හෙමෙන් හෙමෙන් උඩට නැග්ගා. මාත් කන්දක් නගින්න ගත්තේ සෑහෙන කලකට පස්සේ. ඒ නිසා ටිකක් අමාරුයි. ඒත් ඉතින් පැයබාගයක් පැයක් විතර යද්දි අපි පිදුරංගල උඩට නැග්ගා. 


නැගලා වටපිට බලද්දි අපේ රටේ ඒ අවට කියලා හිතන්න පුලුවන් කොල්ලෝ කෙල්ලො ටිකක් හිටියා. ඒ ටිකකින් සුදුපාට ගවුමක් ඇදගත් සුදු තරුණියක් ආවා. අපේ කෙල්ලෝ චූටියට බුරිය වැහෙන්න බෙල්බොටම් ගහලා හිරට ඇදලා හිටියා. සුද්දි හුලගට ගහගෙන යන මනරම් සුදුපාට ඇදුමක් ඇදගෙන හිටියා. සුද්දිගේ ඇග ලස්සනයි. අපේ කට්ටියට වඩා එතනදී නම් සුද්දි කිසි ගේමක් නැතුව කැපිලා පෙනුනා. 


පිදුරංගල ගියාට අපි නම ්පුක පෙන්වන්න ගියේ නැහැ. මොකද අපිට කලින් පුක පෙන්නපු කට්ටියක් හිරේ ගිහින් තිබුනා. පිදුරංගල උඩ පරණ චෛත්‍ය නටඹුන් වගයක් තියෙනවා. එතන්ට සීගිරිය සහ අවටත් ලස්සනට පේනවා. ඒක නගින්න අමාරු මිශන් එකක් නෙමෙයි. උඩ හරියේ නම් වැටෙන්න පුලුවන් තැන් තියෙන නිසා ටිකක් අත්වැල් වැටක් එහෙම ගහනවා නම් වටිනවා. මොකද ඕවා හිට් වෙද්දි සෑම කොල්ලයි බල්ලයිම තමුන්ගේ ෆිට්නස් ලෙවල් එක ගැන කිසිම තක්සේරුවක් නතුව මුදුනට නගින්න ගන්නවා. ඉන් පස්සේ එකෙක් මැරුනොත් ඕවා තව අවුරුදු ගානකට වහලා දානවා. ඒනිසා වැටිලා මැරිලා වහලා දාන්න කලින් ආරක්ෂිත වැට ආදිය හදනවා නම් වටිනවා. 


සිගිරිය බායි ඈ 


සීගිරියත් බලන්න ඕනි කියලා අපි කතාවෙවි පිදුරංගල බැස්සා. බැස්සට මොකද සීගිරියට යන්න තියෙන පාරවල් වහලා. පාරේ වාහනය දාලා පයින් ගොඩක් දුර යන්න ්නි. ඒ සීගරියේ හිටිය පාලක කන්ඩායම කිසිම සපෝටිව් ගතියක් නැහැ. මේ කොවිඩ් හැදිලා ලෑල්ලට හිදිලා ඉන්න වෙලාවක මිනිස්සුත් අඩු එකේ ඇයි පාක් වහගෙන දගලන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙයියොයි එතන හිටිය පුරාවිද්‍යා ආදී පාලක නඩෙයි තමයි. සමහර විට ඔ්‍ය වගේ තැන්වල සංචාරකයින්ට පහසුව සලසනවාට වඩා වෙනේන් වෙන වෙන මෝඩ වැඩ. ඉතින් ඒ ගනන් ඉස්සීමත් එක්ක අවට වැහි වලාකුලු ලොඩ් වෙන්න ගත්ත නිසා අපිට සීගිරිය ගැන අදහස පැත්තකට දාන්න වුනා.


කන්තලේ හරහා 


ඉතින් සීගිරියේ ඉදලා කන්තලේ යන මගදි අපි කෑවා. කන්න කලින් තැඹිලි ගෙඩියක් බොන්න නවත්වන්න කියල කිව්වත් කෑවටත් පස්සේ තමයි තැඹිලි තියෙන තැනක නැවැත්තුවේ. එතැන තැඹිලි නම් සුපිරි ඈ. තැඹිලි වල්ල කැපුව ගමන්මයි. වතුර ඇත්තටම රසට තිබුනා. ඉන් පස්සේ අපි කන්තලේ හරියට යද්දි වැස්ස ලෝඩ් වෙනවා. වැස්ස වහින්න ඔන්න මෙන්න තියලා අපි කන්තලේ ඩෑම් එකේ ටික දුරක් ගිහින් පොටෝ ගැහුවා. ඉන් පස්සේ පොද වැස්සෙත් කන්තලේ වැව් බැම්ම උඩ ඉදන් පොටෝ ගැහුවා. කන්තලේ වැව් බැම්ම පටට තැනක්. ඒ වගේ තැනක් අපිට බලන්නට ආතල් ගන්නට හැදුවාට අග්බෝ 2 ඔයාට පිං ඈ. 


කින්නියා බලා 


කන්තලේ පැනලා කින්නියා වලට මැප් කලාම ගූගලා ඇතුලේ පාරක් පෙන්නුවා. මහවැලි ගග මූදට වැටෙන්න කලින් තියෙන ඩෙල්ටාවේ කොටසක් කියලා සැක කරන්න පුලුවන් මහා තෘණ බිම් වගුරු බිම් පහත් බිම් මැදින් අපි කින්නියා වලට ලගා වුනා. ඒ පහුකල ග්මමාන බොහොමයක් මුස්ලිම් ඒවා. ඉතින් කින්නියා වල තමයි ලංකාවේ දිගම පාලම තියෙන්නේ කියලා ඒක බලන්න හිටියත් ඒ හරියෙදි වැස්සා. ඇරත් පාලමේ මක්කා බලන්නද එච්චර දෙයක් නැැහ නෙව. 


වහපු මාබල් බීච් 


මාබල් බීඡ් එකේ මාබල් අලුතින් අල්ලනවාද මන්දා එතන කඩාගෙන හමුදාවෙන් හදනවා.මහ පාරේ මාබල්සි බීච් එකට හැෙරෙන තැන කිසිම දැන්වීමක් තිබුනේ නැහැ. එතන්ට ගිහින් ඇතුල්වීමේ දොර බැලුවාම එතන දැන්වීඹක් ගහලා වහලා කියලා තියෙනවා. ඉතින් අපි අමාරුවෙන් කිලෝමීටර 3ක් විතර ගිහින් හැරිලා ආවා. මට පෙනුන විදිහට මාබල් බීච් එකටත් ටිකට් කවුන්ටරයක් සවි කරලා එතනිනුත් ගානක් කපන්න තමයි ඒ ආරක්ෂක අංශ හදන්නේ. 


ත්‍රිකුණාමලයට 


කොළම එක්ක බැලුවාම ත්‍රිකුණාමලය පාලු තැනක්. ලොකු කලබලයක් නැහැ. වාහන අඩුයි. අපි චීන වරාය පැත්තෙන් හිමින් හිමින් ත්‍රිකුණාමලයට ආවා. ඇවිත් ටිකක් එහෙ මෙහෙ බලලා කරලා නිලාැවැලි බලා පිටත්වුනා මොකද රෑ වෙන්න කලියෙන් අපිට නවාතැනක් හොයාගන්න ඕනි නිසා. අපිට ගමන නිලාවැලි දක්වා එන්න පුලුවන් වෙයිද පොලිසියෙන් නවත්වයිද කියන බය තිබුනා. ඒ වගේම අපි බුක් කරන තැන ඇත්තටම නිලාවැලිද ඒක හොදද කියන සැකයත් තිබුනා. ඒ නිසා අපි එහෙට ගිහිල්ලම බුක් කරනවා කියලා ඇද ඇද හිටියා. 


ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ කියලා පෙන්වුප තැනට අපි ගියා. එතන 6 දෙනකුට ගංජා ගහන්න මත් ද්‍රව්‍ය ගන්න ඉතාම සුදුසු තාලේ කොන්ඩෝ තියෙනවා. ඒත් ඒ තැන නිලාවැලි නෙමෙයි. නිලාවැලි ඉදන් කිලෝමීඨර දෙකකට වඩා ත්‍රිකුණාමලය පැත්තට වෙන්න තමයි ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ තියෙන්නේ. ඒ පාර අපේ අනෙක් කාර් රියේ මිතුරකට මතක තිබුනා ඊඨ කලින් ආ වතාවක ඔවුන් නැවතුන තැන. අපිට පූල් එකක් තියෙන එක අනිවාර්ය වුනා. ඕශන් කොන්ෙඩෝ එකට වඩා නිලාවැලි බීච් එක අහ සන්ස්ටාර් එක ගනන් අඩුයි. ඒකත් අපි එතන්ටට යන්නන හේතුවක් වුනා.


ඉතින් අපි ඒ සන්ස්ටාර් බීච් රිසෝට් කියන නිලැවිලි වෙරලට මීටර 500ක් විතර දුර තැනක නැවතුනා. නැවතිලා ඇගපත හෝදන්නෙත් නැතුවම අපි නිලැවැලි වෙරලට ගියා. නිලාවැලි මූලික වෙරල මඩ ගතියක් තිබුනා. අපි බහිනකොට මඩ කැලතෙනවා. එච්චරම සැරට නැතිවුනත් ඊලග දවසේ ත්‍රිකුණාමල මහජන මුහුදු වෙරල තරම් ලල් එක්ක තිබුනේ නැහැ නිලාවැලි වල. වාහන නවත්වන්න ගිය ගාන නිසා අපි නැවතත් නිලාවැලි බීච් එකට ආවේ නැහැ. ඇරත් අපි නිලාවැලි කෙරල් දූපත බලන්න ගියෙත්නෑ ඒක ස්කිප් වුනා. 


රෑ 


රෑ ඉතින ්සිරිත් පරිදි මිතුරන් මිලදී ගෙන තිබුන අදිමිල එතනෝල් බෝතලය පානය කලා. ඒ එක්කම ද්‍රවිඩ මිතුරන් පිරිසකුත් අපි එක්කම අපේ නවාතැනේ වෙනත් කොටසක හිටියා. ඔවුන් අපිට ඔවුන් පුලුස්සාගත් රසවත් බාබකිවු මස් දුන්නා. අපිත් අපි ගාව තිබුන බයිට් ආදිය දුන්නා. දෙමල වචනයක් අපිට බැහැ. සිංහල ඔවුන්ට බැහැ. එත් එතනෝල් වලට පුලුවන් අපි එකතු කරන්න. ඒ කරලා රෑ විදුලිය විසන්දි වීමක් තිබුන නිසා අපි හදිසියේම නින්දට ගියා. 


හිතුනොත් ඊලග දවසත් ලියාල දාන්නම්.. 



උදෑසන තේ බොමින් 

පිදුරංගල උඩ 

පිදුරංගල 

තැඹිලි බොමින් 

තැඹිලි බොන්නන නැවතූ තැන 

කන්තලේ වැව් බැම්ම මත සිට 

කන්තලේ වැව උඩ 



මාබල් බීච් යාබදව 

චීන වරාය යාබද 

කලින් බැලූ ඕශන් කොන්ඩෝස් 

අපි නැවතුන සන්ස්ටාර් 

හෝටලේ අරලිය මල් 

මාබල් බීච් වලා ආසන්නයේ 

Tuesday, October 19, 2021

රට යෑම අවුලක්ද?


රට ගැන තියෙන ආකල්පය පුම්බපු එකක්. මට හමුවෙලා තියෙන ඉන්දියන් කාරයෝ නේපලි වගේ අපේ රීජන් එකේ නොවන අය රට ගැන තියෙන මෙව්වා එක හරි අඩුයි. බහුතරයක් දෙනාට ඒ දියුනු රටවල පොලිටික්ස් ගැන තියෙන ටච් එකත් හරි අඩුයි. ඒකට අපි සෙට් වුනත් කතා කරන්නේ දේශපාලනය ගැන. හැම තිස්සේම අපේ රටේ දේශපාලනය රට රටටාදරය හිට් මාතෘකාවක්. ඉතින් ඒ රට දාල යන එක ගැන තියෙන්නෙත් එහෙම නෝක්කාඩු තත්වයක්. 


ඇයි මෙහෙන් ඉගෙනගෙන යන්නේ.. 


විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් විශ්ව විද්‍යාල නොමිලේ අද්‍යාපනය යටතේ අවුරුද්දකට තුන් හාරසියක් වත් සරසවි වලින එලියට එනවා. ඒ වගේම තව එච් එන් ඩී එන් ඩී ටී ආදි ඒවගෙනුත් එයාල එලියට එනවා. ඒ එන හැමෝම ගත්තොත් හොද ඉහල මට්ටමේ අයට ලැබෙන ජොබ් එක විදුලි සංදේශ ජාල නිර්මාණ්‍ය කිරීම. සහ ඒ දේවල් සැලසුම් කිරීම. ඒත් ලංකාව දැන් ඒ ජාතියේ රැකියා වලින් පිරිලා. තවදුරටත් මෙහෙ සැලසුම් කරන්න කියලා යමක් නැහැ. ඒ තරම් සංකීර්ණ මොල මෙහෙ පාවිච්චියට ගන්නේ පොඩි පොඩි මැනේජ්මන්ට් වැඩට. 


අද ටෙලිකොම් ආයතනයක ලංකාවේ රැකියාවට යන ඉංජිනේරු මහතෙක්ට ඉංජිනේරු රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින්. මැනේජර් වැඩක් වගේ එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපේ රටේ මිනිස්සු බදු ගෙවලා ගෙවලා ඉගැන්නුවත් ඒ අදාල කෙනාට තමුන් ගත්ත සුදුසුකමට අදාල රැකියාව ඒ තත්වය මෙහෙ නැත්නම් මොකද කරන්නේ? යන්න වෙනවා. යම් අයෙක් හොදටම ඉගෙන ගෙන මෙහේ ඉතාම අඩු තත්වයක රස්සාක් කරන්න ඕනි ඇයි? 


ලබාගත හැකි සමාජ ජීවිතය 


කොපමණ පොහොසතෙක්ට වුනත් ලංකාවේ ලග පන්සලේ පීකරේ නවත්වන්න බැහැ. ඔය ඉතාම සුලු කාරණාවක්. මම ජීවත්වෙච්ච මහරගම නුගේගොඩ කැළණිය වගේ හැම පැත්තේම මිනිස්සුන්ට උදේට නැගිටලා දුවන්න හිතෙන ලස්සන පාරක් නැහැ. ඒ හැමෝම පාරට බැස්සාහම ට්‍රැෆික් එකකට මුහුන දෙන්න ඕනි. ලයිසන් ගන් ගියාම පගාව දෙන්න ඕනි, රජයේ තැනකට ගියාම රස්තියාදු වෙන්න ඕනි. වැඩක් කරගන්න ගියාම කනෙක්ශන් හොයන්න ඕනි. ඔය දේවල් අපිට වෙනස් කරන්න පුලුවන්ද? පුලුවන්. ඒත් ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනි. ඊට වඩා ලේසියි රට මාරු කරන එක. යම් මට්ටමකින් ඉහලට යන උදවියට ඒ සුදුසුකම් ආදියට තව රටක හොදට ජීළුත් වෙන්න පුලුවන් නම් ඒ උදවිය යන එකේ වැරැද්දක් අපිට පෙන්වන්න පුලුවන්ද? 


කොටින්ම දැන් රටේ ජනාධිපති සහ මුදල් ඇමති වුනත් ලංකාවේ එයාලට ගෙවපු යම් තරමක උසස් ජීවිතයට වඩා ලොස් ඇන්ජලීස් ජීවිතය ප්‍රිය කල උදවිය. එයාල දැනටත් නිවාඩුවක් පාඩුවක් ලැබුනාම ගිහින් තමුන්ගේ එහේ ගෙවල් දොරවල් පවුල් බලලා එනවා. ඔය රාජපක්ෂවරු කියන්නේ කවදාවත් ඈත ගමක දුක් විදින පීඩිත පන්තියෙ ේහිටපු අය නෙමෙයි. එයාල මෙහෙත් යම් තැනක හිටියා. ඒත් එයාලටත් මෙහෙ ජීවිතයට වඩා එහෙ ජීවිතය හොදයි කියලා හිතෙනවා නම් අපි ගැන කවර කතාද ඉතින් 


ගියා ඉතින් මොන සැපද? 


ඕනිම දෙයක වාසි අවාසි තියෙනවා. අපිට උරුම වෙලා තියෙන දකුනු ආසියානු ජාන සෙට් එකට අදාල විනෝද වැඩ, ඒ සමාජ දුර්වල කම් ප්‍රබල කම් ආදිය හැම එකම රටවල් මාරු කරාම ඒ විදිහට ලැබෙන් නැහැ. උදාහරණ විදිහට ලංකවේ ඉද්දි යම් නිලයක කෙනෙක්ට බොහෝ විට ගරු සරු ලැබෙනවා. ඒත් ඔසී රට නවසීලන්තය යුරෝපා රටවල එහෙම කෙනක්ට තව කෙනෙක් ගරු කරන් නැහැ. ඉතින් උපන්දා ඉදලා යම්ගරු සරු විදපු කෙනෙක්ට එහෙ ගියාම ටිකක් අපහසුතාවකට මුහුන දෙන්න වෙනවා. 


එහේ ගිය අයත් අපි එක්කම එකතුවෙලා එහේ ආන්ඩුව නැතුව මෙහෙ ආන්ඩුව විවේචනය කරනවා. මෙහෙ සංචාරක ස්ථා බැලුවම අනේ කියලා කමෙන්ට් කරනවා. ඉදලා හිටලා එහේ ජීවිතය ගැන රට පොය්යක් නයෙක් ඇරියට මෙහෙ නාට්ටි බලනවා. මෙහෙ සුපර්ස්ටා වලට එස් එම් එස් ගහනවා. ඒක එහෙම තමයි. කෙනෙක්ට රට ගියොත් ඒ අහිමිවෙන දේවල් වලට වඩා දෙයක් මෙහෙදි ලැබෙනවා නම් ඒ කෙනාට නොයා ඉන්න පුලුවන්. ඕනි නම් ගිහින් අනේ එහෙ වැඩක් නැහ කියාල එන්නත් පුලුවන්. 


පාස්පෝට් පෝලිමෙන් මොකද්ද පේන්නේ. 


එතන මූලික වශයෙන් පාස්පෝට් පෝලිමෙන් පේනවා එතන පෝලිමක් තියෙන විත්තිය. මාසයක් දෙකක් සති කිහිපයක් තිස්සේ පෝලිමක් තියෙනවා කියන්නෙම එතනින් අපේ රට ගැනත් යම් ආතල් එකක් පෙන්වනවා. වෙන රටක නම් පාස්පෝට් පෝලිම දැක්කහම ඒ වෙනුවෙන් විසදුමක් එනවා. ඒත් මෙහෙ වෙන්නේ පාස්පෝට් පෝලිමට ගිහින් මීඩියා කාරයෝ මොකද අනේ රට යන්නේ කියලා අහනවා. ඒ ඇර පාස්පෝට් පෝලිම නැතිකරන්න විදිහක් ගැන ලොකු කතාවක් නැහැ. 


පාස්පෝට් ඔෆිස් එක කරන්නේ අදාල ලියකියවිලි ටිකක් අරගෙන ඒ ලියකියවිලි හරියට තියෙනවා නම් අදාල මිල අරගෙන පාස්පෝට් එක නිකුත් කරන එක. ඕක අතිශය සංකීර්ණ දෙයක් නෙමෙයි. අවශ්‍ය නම් ඕකේ වේගය වැඩි කරන්න දවසකට දෙන පාස්පෝට් ප්‍රමාණ්‍ය වැඩි කරන්න පෝලිම අඩු කරන්න ක්‍රම ඇති. ඒත් ඒ දේවල් ගැන එහෙමට අවධායක් නැහැ. ඉතින් ඔය වගේ රටක පෝලිමක ඉන්න මිනිහකේට හිතෙයිද තවත් මේ රටේ ඉන්න. නැහැ නෙව. 


ඔය පාස්පොට් ගත්තට යයිද? 


ඇත්තටම පාස්පෝට් ගන් හැමෝටම සුදුසුකම් නැහැ. සමහර අයට ඉංගිරිසි බැහැ. තවත් අය හිතාගෙන ඉන්න රැකියාව ලගටවත් සුදුසුකම් නැහැ. ඒත් ඉතින් හැමෝමට හැමදේම එකපාර තේරුම් යන්නේ නැහැ. සමහර අයට ටිකක් කලින් තේරෙනවා. තව අයට ඒජනසියකට සල්ලි ගෙවලා අහු වෙලා මාට්ටු වුනාහම තමයි යමක් කමක් තේරෙන්නේ. එතකොට පෙරහැර ගැහින් සල්ලිත් ඉවර වෙලා ඉවරයි. ඒක ලෝකස්ස්බාවය ඉතින්. 


රට හදන්නේ නෑද එතකොට 


ඇයි අපි රට හදන්න ඕනි. දැන් ලෝකේ රට හැදීම වගේ බරපතල දේවල් ගැන හිතන මිනිස්සු එන්න එන්න අඩු වෙනවා. රට හදනවාට වඩා ඉංගිරිසි හදාගන්න එක, මොනාහරි ඉගෙනගන්න එක, බොරුව දලා වීස එකක් ගහගන්න එක ලේසියි. අපි පුද්ගල ජීවිතය දිහා බැලුවත් අපි හොදට සූම් කලොත් රටට ආදරෙයි, අපි රට හදනවා, දැන් මේ හදන ගමන් ඉන්නේ. කියනඅ යගේ ජීවිත අස්සේ තුලත් තියෙන්නේ එයාලගේ පුද්ගලික සුඛ විහරණය. පාර්ලිමේන්තු මන්තිරිවරුන්ට දැන් වගේ ගහන්න කරන්න ගසාකන්න බැරිවුනොත් ඇත්තටම ඒ පුටු 225 පුරවගන්න එකත් ලේසි වෙන එකක් නැහැ. 


මිනිස්සු රට යන එකෙන් පෙන්වන එකම දේ මිනිස්සු රට යනවා කියන එක විතරයි. ඒකෙන් වෙන මොකවත් පේන් නැහැ. රටට හොද දක්ෂයෝ ඕනි නම් ඒ අය නවත්වා ගන් එක හෑලි වලින් කරන්න බැහැ. ඒම දක්ෂයෝ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සමාගම් හෝ රාජ්‍ය අංශය ඒක කරගනීවි.