Wednesday, July 25, 2012

Z වල එල්ලී දිවි නහ ගැන්ම

ඉසෙඩ් ලකුනු අවුල නිසා ළමුන් දිවි නහගන්නට ඕන්න මෙන්න බව දැන් හැමෝම පවසති. විපක්ෂය විසින් කලකදී ගොවියා සියදිවි නසාගන්ට ඔන්න මෙන්න බවත්..තවත් කලෙක දැන් ඔන්න කම්කරුවා සියදිවි නසාගන්න ඔන්න මෙන්න බවත්..තවත් විටෙක කැම්පස් සිසුන් සියදිවි නසාගන්න ඔන්න මෙන්න බවත් කියති. නමුත් සියදිවි නසාගත් තැනැත්තෙක් නැත. ඉඳහිට පෙම් හුටපට නිසා හෝ වෙනත් කොරගන්නම දෙයක් නැති මානසික පීඩනය දරාගන්න නොහැකි අය සියදිවි නසාගන්නට යොමුවෙති..
 අපි කොයි තරම් අමාරුවෙන්ද ඒ ලෙවල් කලේ ඔයා දන්ෙන නෑනෙ ඒකෙ අමාරුව...

හැමෝම වැඩ කරන්නේ අමාරුවෙනි. ගොවියා කුඹුරු හාන්නේ හාන්සි පුටුවක වී නොවේ..කම්කරුවා පාරේ වැඩ කරන්නේ ආතල් එකට නොවේ..එසේම පොල්කඩන මිනිහා උස ගස් මැදට ගොස් හතිඇර ඉතිරිය සෙමෙන් නගින්නේ ද විනෝදයට නොවේ. ලෝකයේ දුක දිනා ජයගත් මිනිසුනුත් දුක දිනා දුකම ගත් මිනිසුනුත් සියලුම දෙනා දුක් විඳිති. සැප යැයි කෙනෙක්ට පෙනුනත් එය සමාරවිට ඒ තැනැත්තාට එය දුකකි. අලංකාර ටයි පොල්ලකින් ලස්සන කලු කෝට් එකකින් මූන පේන තරම් පැහැදිලි සපත්තු දෙකකින් යුතුව කන්තෝරු එන්නෙකු අපි දකින විට අනේ මොන තරම් වාසනාවන්ත ජීවිතයක් දැයි කියා සිතේ. නමුත් ඒ ඇත්තෝද නොයෙක් අඩන්තේට්ටම් වලට මූන දෙති. නිවර්ථන රටක් වෙන මෙහි ටයි පොල්ලක් කෝට් එකක් දාගෙන ඒ සී එක ඇතුලේවත් වෙලාවකට ඉන්න ගියෑම එය අලි කරදරයකි.

එසේම කෙනෙක් අමාරුවෙන් පාඩම් කරන දේ තවකෙකුට කජුකන තරම් සරලය. හිතන්න ඉස්සර නවය දහය පන්තියේ ගණිත පාඩම..බොහෝ අමාරු ගනන් කෙනෙක් ලේසියෙන්ම හදයි. තවකෙක් කොරගන්න දෙයක් නැතුව ඔහේ ඉඳියි..තවත් අයෙක් අනෙකාගේ පොතට එබී පොටක් පාදගන්නට හදයි..සමහරුන්ට ධාරන ශක්තිය තර්කන හැකියාව වැඩිය. ඔවුන් ආයාසයකින් තොරවම අධ්‍යාපනය ජයගෙන යති. එහෙත් සමහරකට ඒ තරං මතක ශක්තිය ධාරන ශක්තිය වැනි වටිනා දේ නැත. ඔවුන් එක පදයක් කටපාඩම් කරගන්නට දිවා රෑ කකුල් බේසං වල දමා පාඩම් කරති..ඒ අනුව ඒ තුනක් ගන්නා සියලු දෙනාම එක සේ වෙහෙසී එකසේ දුක් වී ඒ තුන ගන්නේ නැතිබැව් පැහැදිලිය..

මේ වෙලාවේ අපි ආන්ඩුවට බනින්න ඕන් නැද්ද එස් බී එලවන් ඕන් නැද්ද?

පවතින ක්‍රමය පත්කරගෙන ඇත්තේ මිනිසුන් විසිනි. එය මිනිසුන් විසින් ප්‍රතික්සේප කරන ආකාරයක් පේන තෙක් මානයේවත් නැත..අපි කෑ ගසා එස් බී එලෙව්වත් තව ටික දිනකින් තවත් අයෙකු ඇවිත් කරන්නේද එවැන් දෑය.. ලොකු උපාධිකාරයින් බුද්ධිමතුන් සැබෑ සමාජ ක්‍රියාකාරින් බොහොමයක් අපේ කැබිනට් මන්ඩලයේ ද ඇත. නමුත් විටෙක ඔවුන්ද ආචාර්ය මර්වින් මහත්තයාගෙන් වෙනස් වන්නේ කථා විලාසයෙන් පමණි. සමස්ථයක් ලෙස ගතහොත් ඒ උපාදි සහිත කැබිනට් මන්ඩලයේ සිටින බුද්ධිමත් ඇමතිවරුන්ද කර ඇති කෙංගෙඩියක් නැත. සාමාන්‍ය පුද්ලගයෙක් ලෙස අපි සෑම අයකුටම මේ සමාජයේ විශාල බලයක් හිමිය. නමුත් අපේ රටේ මිනිසුන් කිසිදාක තමුන්ට තිබෙන බලය අවබෝධ කරගන්නේ වත් එය ක්‍රියාවේ යොදවන්නේවත් නැත. එබැවින් මේ පේන මෑත අනාගතය තුල මේ ක්‍රමයවත් මේ සමාජ අසාධාරනවත් නවතින ආකාරයක් නැත..

ඉතිං අපි කල යුත්තේ කුමක්ද?
මේ දැන් තිබෙන උසස් පෙළ අවුල ඇති විභාගය ලියූ මා දන්නා යහලු ගැහැනු ළමයෙකු ඇත. ඇය උසස් පෙළ ලියා ඒ සැනින් ස්ලිට් නැමැති ආයතනයේ උපාධිය පටන් ගන්නා ලද්දේ ඇගේ අක්කාගේ බලකිරීමටය. ගෙවන ගාන ගැන සිතා ඇය බොහෝ උනන්දුවෙන් වැඩ කරනවාය. එතරම් මිටරයක් නොවන ඇය මධ්‍යම රාත්‍රී වෙනතෙක් නිදිවරා පාඩම් කර අමාරුවෙන් ඒ විශය කොටස් ධාරනය කර විභාග වලට මුහුන දෙයි. ඇගේ උසස් පෙළ ප්‍රථිපල ගණිත හෝ විද්‍යා අංශයෙන් සී තුනකට එහා නොයයි. ඉතිං දැන් ඇය ඒ ආයතනයේ දෙවන සෙමස්තරයේ අවසන් භාගය පසු කරමින් පවතියි. ගුරුවරියක් වූ ඇයගේ මව ඇය මේ ආකාරයේ තොරතුරු තාක්ෂණ උපාධියක් කිරීමට අකමැති වුවත් ඇගේ අක්කා මේ උපාධියට රැකියා සුලභ බව පවසා නංගී ඒ සඳහා යොමු කරවන ලදී..

හෑ අපිට කොහේද සල්ලි...
අපි අසල්වැසි ඉංදියාව ගතහොත් ඒ රටේ නිදහස් උසස් අධ්‍යාපනයක් නැත. ඇත්තේ මුදල් ගෙවා ඉගනීමකි. ඉතිං ඒ දෙමාපියෝ ගන්නා තුට්ටු දෙක අමාරුවෙන් ඉතිරි කරගෙන දරුවන්ට උගන්වති. අපේ රටේ මා දැක ඇති සමහර පවුල් වලට මුදල් ඇත. නමුත් ඔවුන ්සිතන්නේ උසස් අධ්‍යාපනයද ආන්ඩුවේ රාජකාරියක් ලෙසටය. එතනින් එහාට ඇති දරුවන්ගේ විවාහ කටයුතු. ගේදොර තැනීම වැනි කටයුතු දෙමාපියන්ගේන් සිදුවිය යුතු දේ විදියටත් දරුවන්ගේ අධ්‍යාපනය දරුවන් සහ ආන්ඩුව බලාගත යුතු බවටත් සිතන දෙමාපියෝ වෙති. උසස් පෙළ අවසන විශ්ව විද්‍යාල සඳහා නොතේරුනු සිසුන්ට ඉංගිරිසි පරිගණක ඉගනීම සඳහා කීයක් හෝ දෙමාපියන්ගෙන් ඉල්ලා ගත හැකි වුවත් ඉන් පසු දෙමාපියන්ට මුදල් ටිකක් තිබුනත් දෙමාපියන් එතනින් එහාට උගන්වන්නට වෙහෙස නොවෙන ගතියක් මා ගම්බද සමහර පවුල් වල දැක ඇත. එහෙත් ලෝක වශයෙන් ගතහොත් මිනිසුන් කෑමට හැරුනු කොට වැඩියෙන්ම මුදල් වියදම් කරන්නේ අධ්‍යාපනයට බව මා කොහේ හෝ අසා ඇත..

බොහෝ යුරෝපීය සහ සුදු ජාතිකයින් සිටින ඔස්ට්‍රේලීයා නවසීලන්ත රටවල ඉගෙන ගන්නා ළමෝ උසස් අධ්‍යාපනය හදාරන්නේ කුඩා කුඩා රැකියා වල නිරත වෙමිනි. ඒ රටවල ඒ සඳහා අවස්ථාද නිර්මාණය කොට ඇත. ඉතිං අපේ රටේද එසේ අවස්ථා නම් නැත. එහෙත් සොයෙන්නාට සුලු රැකියාවක් නම් සොයාගන්ට අපාසුවකුත් නැත. අනෙක් කරුණ නම් වැඩකරන විට ඉගනීමයි. මා සේවය කරන ආයතනයේ වැඩ කරන විට අමතර උපාධි කරන්නට දැන දැන් අය යොමුවෙති. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් උපාධියක් රැගෙන කාර්යාලවලට යන බොහෝ දෙනා එතනින් එහාට වැඩකට අවැසි කාරනාවක් වත් ඉගනීමට මැලි වෙන ආකාරයක් පෙන්නුම් කරයි..

මා උසස් අධ්‍යාපනය ලබන කාලයේ එක එක පක්කිලි රැකියාවල නිරත වුනෙමු. අද ඉංජිනේරුව්න ලෙස සමහර ආයතන වල දෙතුන් සීයක් සේවකයින්ට අග්‍ර වී සිටින සමහරු එදා කුලියට හෝටලවල වේටර කම් කලෝය. සමහරෙක් මහ රෑ නිදිවරමින් සිකුයුරිටි වැඩ කලෝය. තවත් අය කුඩා කුඩා නයිට් කඩවල් වල රෑ වැඩ කලෝය. එසේම නිවාඩුවක් දුන් සැනින් ගමේ ගොස් තාත්තාගේ රැකියාවලට උර දී එයින් ගානක් කපා ගන්නට පුරුදු වී සිටි අයද සිටියෝය.. සිකුරිටි රැකියාවක් කල එක් යාලුවෙක් රෑ තිස්සේ නිදිවරා බර දෙනෙතින් ලෙක්චර් විත් අඩ නින්දෙන් ලෙක්චර් වල සිටීම මටනම් සෝකයට කරුණක් විය. කුඩා කල පොතේ අවසාන පිටුවල ලියූවාක් මෙන් ඉගනීම කටු අත්තේ සිට අමාරුවෙන් ගත කල ඔවුහු මල් අත්තම නැතත් ඒ ආසන්නයටම පැමිණ ඇත..ඒ එලෙස එකල අපිට රැකියා කරන්ට වූයේ නිදහස් අධ්‍යාපනය තිබුනත් කොළඹ සිටින්නට වීමත් බෝඩිං ගාස්තු හා වෙනත් අදාල අමතර පාඨමාලා ගාස්තු කවර් කිරීමට සිදුවීමත් නිසාය..
මෙසේ කියන විට යමෙකුට මතක් වන්නේ ඈත ගමක සිටින දුප්පත් අසරණ මුදල් නැති දෙමාපියන්ගේ දරුවන්ය. නමුත් අපි කෙතරම් උඩ දැමුවත් කැම්පස් යන්නේ ඉතා සුලුතරයකි. ඉසෙඩ් ඉස්කුවර් මොන විදියට හැදුවත් එක වසරේ ඇතුල්වෙන ළමුන්ගෙන් සියයට දෙකකට අඩු අගයකි රජයේ විශ්ව විද්‍යාල වලට තේරෙන්නේ..ඉතිරි ළමෝ කුමක් කරනවාදැයි සෙවීම එතරම් තැකීමක් අපේ සමාජය තුල නැත..

තාක්ෂණික අධ්‍යාපනයේ වැදගත්කම..
ටෙක්නිකල් කොලේජ් හෝ තාක්ෂණික ආයතන යැය් කියූවිට අපිට මතක් වෙන්නේ මජං සූට් එකකි. නමුත් අද ලෝකය බොහෝ සෙයින් පැතිරී ගොසින් ඇත. සමහර තාක්ෂණ ක්ෂේත්‍ර අධි තාක්ෂණය සමඟ මුසු වී ගෙන ලෝකය නව මාවතකට රැගෙන ගොස් ඇත. ටෙක්නිකල් කොලීජ් යැයි කියූ සැනින් බදාම ලෑල්ලත් වඩු පට්ටලයත් මතක් වන්නේ නම් ඒ මීට අවුරුදු දහයකට පාලවකට පෙරතිබූ තත්වයයි. දැන් වෙන රටවල මේසන් බාස් උන්නැහේ කෙනෙකුට පවා නියමිත සමාජ තත්වයක් නිර්මාණය කොට ඇත. එසේම තාක්ෂණික සේවකයින් සඳහා වන ඉල්ලුමද සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍ර කළමනාකාර ක්ෂේත්‍ර වලට වඩා වැඩිය.. අනෙක් කරුණ නම් තාක්ෂණික සේවා වල කුඩා කාලයක් ඉගෙන ගෙන ඉන්පසු විශාල මුදලක් අතට ගත හැකි වීමයි. උදාහරණ ලෙස අපි හොඳ දක්ෂ වෑද්දුම් ශිල්පියෙක් ගතහොත් ඔහුට දිනකට රුපිය්ල දාහක මූලික ගෙවීමකට අද පුහුනුවන්නකු ලෙස වැඩට යා හැකි අතර පසුව සමහර වෑද්දුම් කරුවෝ දිනකට රුපියල් දෙතුන් දාහක් අයකරන වෙලාවල්ද තිබේ.
නියමිත ජාත්‍යන්තර ක්‍රමවේද අනුව පාලනය වන ආයතන වල රැකියා ලැබේනම් ඔවුන්ට නියම ආරක්ෂාවක්, සෞඛ්‍ය පිළිබඳ සැලකීමක් ද බොහෝ විට ලැබේ..

ඒ උනාට උපාධිය...
ලංකවේ දොස්තර උපාධියට පුදුමාකාර සැලකිල්ලක් උනන්දුවක් සමාජය තුල ඇත. නමුත් දොස්තර වන සියලු දෙනාට එක සේ ලොකු ඉල්ලම් පෑදෙන්නේ නැත. අමාරුවෙන් ඉගෙන පසුව විශේෂඥ දොස්තර වුනත් ඒ හැමෝටම එක සේ චැනලින් වලට ලෙඩ්ඩු එන්නේ නැත. රජයේ දොස්තර උන්නැහේ කෙනෙක් උනත් පුද්ගලික අංශයේ සමහර ආයතන හා සන්සන්දනය කරන විට ලොකු වැටුපකට හිමිකම් කියන්නේ නැත. සමාජ තත්වය අතින් යම් කිසි තැනක සිටියත් දොස්තර වරු යන නාමය නඩත්තු කරගැන්මට සමාජ තත්වය පවත්වාගැන්මටත් විශාල වෙර වෑයමක් දැරිය යුතුය.

ඉංජිනේරු අංශ ගත්තද සමහර විට තත්වය ශෝචනීය වෙයි. සමහර ඉංජිනේරු අංශ වලට ඇති රැකියා ප්‍රමාණය හිටිවනම කඩා ගෙන වැටේ. එවිට ඉංජිනේරු උපාධිය ගත්තත් සමහර විට අඩු වැටුපට අවුරුද්දේ දෙකේ කොන්තරත් පදනමට කිසිදු විශ්වාසයක් නැති තැනක සේවයට යොමු වීමට සිදුවෙයි. එනිසා ඉංජිනේරු වෛද්‍ය හෝ වෙනත් උපාධියක් ගත්තා පලියටම ලෝකයේ කිසිම රටක කිසිම තැනක ළඟට කතා කර රැකියා දෙන්නේ නැත. එහෙත් සමහර කාලවලට විවිධ ක්ෂේත්‍රවල රැකියා ඉල්ලුම අනුව වැටුප් සහ ඒ රැකියා ආශ්‍රිත තත්වය තීරණය වෙයි..

අපිට එතෙන්ට යන්න බැරි උනානේ..

ගණිතය හැදෑරු අයෙක් ඉංජිනේරු වරයෙකු ලෙසත්, ජීව විද්‍යා අය දොස්තර වරු ලෙසත්, වාණිජ්‍ය හදාරන අය ගණකාධිකාරී වරු ලෙසත් ලංකාවේ අය සිතති. නමුත් වෙනත් රටක විශ්ව විද්‍යාල වල ඇති විශය සංකලන සහ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව දුටුවිට අපේ රටේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන අපිට හිමි කර ඇත්තේ කෙතරම් කුඩා වපසරියක්ද කියා අපිට නිතතින්ම සිතේ. හැදෑරීමට මුදල් නොමැති වුවත් කොළඹ හෝ වෙනත් තැනක පැවැත්වෙන විදෙස් විශ්ව විද්‍යාලයක විස්තර පොතක් රැගෙන ඒ විශ්ව විද්‍යාල වල ඇති පාඨමාලා සංඛ්‍යාව හා ඒ විස්තර බලාගැන්මෙන් මේ අධ්‍යාපනය යන ක්ෂේත්‍රය අද වන විට කොතරම් පලල් දැයි දැනගන්නට අවකාශ ලැබේ.. සමහර විෂය ක්ෂේත්‍ර දැන් දැන් සංකලනය කරමින් උගන්වයි.. උදාහරණ ලෙස ඉංජිනේරුවරයෙකු බොහෝ විට කළමනාකාරයෙකුගේ රාජකාරිද කලයුතු අවස්ථා ඇත. එවන් විටක ඉංජිනේරු උපාධියට කළමනාකාර කොටස්ද ඇතුලත් කොට ඇති අවස්ථා දැන් දැන් ඇත. එසේම වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සංකීර්ණ උපකරණ නිපදීම ඒවා නඩත්තු කිරීමාදිය සමිබන්ධ විශය ක්ෂේත්‍රවලදී ගණිත භෞතීය විද්‍යා මෙන්ම ජීව විද්‍යා කොටස්ද වැදගත් වෙයි..

ෆේස්බුක් එකේ එස් බීටත් බන්දුලටත් රජයටත් බැනීමෙන් සෙතක් වන්නේ නැතැයි මා සිතමි. ලෝකයේ සහ අපේ රටේ හැමදේටම මිලක් නියමවෙන මෙකල( කොටින්ම ධර්මයට පවා) අධ්‍යාපනය පමණක් නිකම් ලැබිය යුතු යැයිද එහි ප්‍රමිතිය නිසියාකාරයෙන් පැවතිය යුතුයැයිද මොරදීම බීරි අලින්ට ට්‍රම්පට ගැසීම හා සමාන දෙයකි.. මා සිතන්නේ දැන් මේ යන කාලය පෙට්ටියෙං එලියේ පමණක් නොව රටෙනුත් එලියේ සිතා බලා තම දියුණුව ගැන යොවුන් පරපුර සහ තරුණ පරපුර සිතිය යුතු කාලයයි. අපි මේ රටට මෙතෙක් නොවැදගත් නම් අපි මේකෙම පැල වීම තේරුමක් නැතැයි කීමේ මා නම් වරදක් දකින්නේ නැත. දැනට ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගැන්වෙන පාඨමාලා වලින් බාගෙට බාගයක් අයිති වන්නේ පුරාවිද්‍යාවට හෝ ඒ ආසන්න පැරණි දේවලටය. වැනෙන්නා වාලේ වැනි වැනී සිට පසු කලෙක අරාබි දේශයේ හෝ කොරියාවේ ඇත්තන්ගේ වලං හෝදන්නට කම්කරු වැඩට යන්නේ නැතිව ඉක්මන් තීරණයක් ගෙන තමුන්ගේ පාර තමුන් කපාගැන්ම වැදගත් බව අවසන කියන්නට කැමැත්තෙමි..

48 comments:

  1. Yako rate dahas ganak lamaynge anagathe gana prashnayak thiyena welawe anduwata kade yana waradda thoge newey thoge ammage.
    Thota campus yanna molayak denna thoge ammata bari wunata anith ewun palida?
    Tho methana A/l pass karagaanna bariwunu eke hinamane nathikaraganna hadanne z walin kelawunwu ewunta hinawelada.
    Umba methana pada talk denna kalin gihin umbe thaththagen ahapan tho thathage kiyala sureda kiyala.
    Campus yanna bari wunu ewun thakshanika anshaye danumak labaganima thulin honda thathwayak labagathahaki bawa aththa. Ewunata tho kiyanne campus walatta kelwunata kamak na salli dila igenaganilla kiyalane.
    Rata gana hangimak nathi thopi wage ewun thope ammawath vikunay.

    ReplyDelete
    Replies
    1. Aniwa Anoo; This guy didn't go to Sri Lankan state University just because his mind just not capable in surviving through A\L we can only sympathise for him!
      And to ansathu dinapotha:
      අපේ අම්මනම් පින්මද පුතුන් බිහිකරලේ නෑ

      Delete
    2. This "putha with full of PIn" seems still
      taking poor mum's money , go to the Sri Lankan state University and wasting his time to againts to the world and try to change the world.
      puh

      Delete
    3. To the Anoo July 26
      It's reality that everyone is not capable of going to Government Universities. You shouldn't envy Just because some guys are smarter and better than you. I deeply sympathize.Just because you weren't able to get in to one doesn't mean you have to criticize Government Universities.
      Some are not very bright like you! That's life get used to it!

      Delete
  2. නරියා මිදී තිත්තය් කිව්වලු!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සරසවි වරම හෑල්ලුවට ලක් කරන්න එපා!

    ලංකාවේ සරසවි අධ්‍යාපනය කියන්නේ උපාධියක් විතරක් නෙවෙයි. ලස්සන, ක‍ටුක වගේම ඉතාමත් වටිනා අත්දැකීම් සම්භාරයක්! සුන්දර සරසවි උප සංස්කෘතිය ගැන එහි ගිය උදවිය දන්නවා!

    අන්න ඒ නිසයි ලංකාවේ ළමයි සරසවියට යන්න ඔච්චර මැරෙන්නේ. උපාධියක් ගන්න ඕනෙ නම් පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතනයකට යන්න පුළුවන්. (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල කියා ජාතියක් නැත.)

    ඒ වගේම වෘත්තීය තාක්ෂණ අධ්‍යාපනයක් වටිනා විකල්පයක්!

    ReplyDelete
  5. Draftmen lata degree denawanam toilet hodana ekatath degree ekak denna ona. A field eke degree ganna onnam Moratuwa campus eken hari CSA eken hari architecture degree ekak gathahaki

    ReplyDelete
  6. Me wage ponna katawk ahuwamay.

    ReplyDelete
  7. ඉසෙඩ් ස්කෝර් අවුල සුදු කිරීමට මම උත්සාහ නොගත්තත් අමිල මතුකර ඇති කරුණු විශේෂයෙන් තාක්ෂණික අංශයන් ගැන මතුකර ඇති කරුණු අගය කරමි.

    ReplyDelete
  8. තාක්ෂණික අංශය පිලිබදව දක්වා ඇති කරුණු ගැන විවාදයක් නොමැත..
    ජයවේවා!!!!!

    ReplyDelete
  9. දේශපාලුවන්ගේ නොහොබිනා කම් දරුවන්ගේ කර මතින් යාම දරා ගත නොහැක. සාධාරනීකරනය කළ නොහැකි සේම, ඔවුන් ජන මතයෙන් ඉවත් කළ යුතුමය.

    ReplyDelete
  10. මම ගියේ ටෙක්නිකල් කොලීජියකට... ජොබ් කට්ටකුත් කරගෙන .... එහෙන් මෙහෙන් තව ටිකක් වැඩිපුර ඉගෙන ගෙන මටත් පවුලටත් රටටටත් සමාජෙටත් වැඩක් කරගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++

      Delete
  11. ඔයාගේ කතාවේ ඈත්තක් තියනවා.නමුත් ඔය කියන ප්වුද්ගලීක අද්‍යාපන සිහිනය ඔය කියනතරම් සුන්දර නෑ මහත්මයෝ.
    ඔයා කියන විදියට ලකවේ ශිශ්‍යශ්‍යාවන්ට පාටි ටයිම් කරන්න පුලුවන් රෑකියා තියනවාද?මම ඉගන ගත්තේ උදේඉදන් රෑ11 වෙනකන් වෑඩකරලා.මීටවඩා හොඩයි වහ කනවා.
    ඉහල මද්‍යම පන්තියට ලක්ශ දෙකතුනක් විසිකරලා මොකක් හරි ඩිහ්‍රියක් ගොඩදාගන්න ඵක OK වෙන්න පුලුවන්.නමුත් ඔයා හිතාගන්න මේරටේ ජනගහනයෙන් 30%ක දිනක ආදායම ඩොලර් 1ට වඩා අඩුයි.ඵතකොට ඵ් දරුවෝ ඉගනගන්න ඵපාද???
    අනික ඉන්දියාවේ තත්වය ගෙන ඔයා ලියලා තියන ඵ්වා පිලිගන්න අමාරුයි.ඉන්දියාවේ නිදහස් අද්‍යාපනය නෑති ඵක අපේ රටේ අද්‍යාපනය විකුනන් කන්න දතකන මහත්තුරු හෑමදාම කියවන ඵකක්.ඉන්දියාවේ ඈත්ත තත්වයයි මෙයාලා අපිට පෙන්වන තත්වයයි අතර වෙනස හින්දි චිත්‍රපටිවල ඉන්දියාවයි,ඈත්තමහපොලවේ ඉන්දියාවයි අතර වෙනස වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මේරටේ ජනගහනයෙන් 30%ක දිනක ආදායම ඩොලර් 1ට වඩා අඩුයි.

      රුපියල් එක්දාස් තුන්සියට අඩුවෙන් දවසට කුලියට මිනහෙක් හොයාගන්න බෑ වත්තෙ වැඩකටවත්....ගොඩක් පැතිවල එහෙමයි....ඩෙංගු වලට වත්ත සුද්ද කරන මිනිහටත් එක්දාස් පන්සියක් වත් දෙන්න ඕනි...

      නිකම් ඉන්න මිනිස්සුන්ට ඉතිං ඩොලර් එකක් නෙමෙයි පිච්චියක් වත් නෑ...
      සමෘද්දිය ගන්න..සහනාධාර ගන්න,...ශිෂ්‍යාධාර ගන්න මිනිස්සු බොරු සංඛ්‍යාලේඛන බොරු වැටුප් ආදායම් ඉදිරිපත් කරනවා.....

      ඒත් යතාර්ථය ඩොලර් එකකට ලංකාවෙ මිනිහෙක්ගෙන් පැය දෙකක් වත් වැඩකට ගන්න බැරි එක...

      Delete
    2. මම කියන ඵ්වා නෙවෙයි මේවා ආන්ඩුවේ මහබෑකුවේ සඛ්‍යා ලේඛණ.කියවලා බලන්න.
      ඔයා කියන්නේ මේසන් බාස්ලා ගෑන.නමුත් මේරටේ තාක්ශන ශිල්පීන් හෑමෝටම ඵක වගේ වෑඩ තියනවද?නෑති දවසට මොකද කරන්නේ?ආණ්ඩුවෙන් අතට 1300ක් ගෙනත් දෙනවද?අන්ක මේරටේ ජනගහනයෙන් 60% වෙන ගොවියන්ගේ අදායම් ලෑබීම ඔයා දන්නවද?කන්නයක් බලන් ඉදලා අතට ගන්නේ කීයද?වත්තේ පොල් ගෙඩිය,මෑල්ලුම්කොල ටික නෑත්නම් උන් මෙලහකටත් මෑරිලා මහත්තයෝ.වතු කම්කරුවා ගෑන මොකද කියන්නේ???
      ත්‍රීරෝදරත රියදුරන් ගන්න ෆිනෑන්ස් ගෙවලා දවසේ බඩුමල්ල ගත්තම කීයද ඉතුරුවෙන්නේ?.
      රටේ ශ්‍රම බලකායෙන් අතිවිශාල කොටසක් වන කාන්තා ශ්‍රමිකයන්ට ලෑබෙන වෑටුප කියද?දවසට 1500ක් තියා 500ක් වත් ගෙවනවද කෙල්ලෙන්ට???
      කරුනාකරලා ඔය SLITTසදලුතලයෙන්බිමට බහින්න.
      මම කර්මාන්තශාලාවක පුහුනු වෙන නිශ්පාදන විදායක වරයෙක් වශයෙන් පහුගියකාලෙ වෑඩකලා.අපේ ආයතනය ලoකවේ පරණම ලොකුම පිලිගත් ඵකක්.ඵ්කේත් ළමයෙක්ගේ පෑයක වෑටුප රු44යි.උන් ඉතින් OTගහන් හෑටි දෑක්කම අපිටම් දුකයි.අපිටත් ඵ් ආනිසසෙම තමයි.පේනවාට වඩා මේ රට හරිම නපුරුයි ආයිබෝවන්.
      මහ බෑකුවට අනුව මාසයක් ජීවත්වෙන්න පවුලකට(බේත් හේත්,ගමන් වියදම් ඈර )රු 35000ක් යනවා දවසට 15000 ගානෙ ගත්තත් නොමෑරී ඉන්නවා ඈරෙන්න මොනවද කරන්න පුලුවන්?

      Delete
    3. යාලුවා ඔතන තමයි ගැටලුව තියෙන්නෙ. හැමෝම බලන්නෙ වැඩිය මොලේ වෙහෙසන්නෙ නැතිව , ඇඟ වෙහෙසන්නෙ නැතිව හොඳපඩි ගන්න. ඉතින් ඔන්න කියනව අපි උපාධිකාරයො..අපිට හොඳ රස්සාදියල්ලා කියල. හොඳට හොයල බැලුවොත් තේරේවි ලංකාවෙ වැඩියෙන් ඉන්නෙ,සේවයක් කරන්නෙ තාක්ෂන ශිල්පීන් කියල. ඒ වගේම අමිල කිව්ව වගේ,අනිවාර්ය්යෙන් කම්කරුවකු රු.1000ක් ගන්නව කෑමත් සමග හැබැය් අඩු ගානට වැඩකරන අය ඉන්නව හැබැය් වැඩ නොවෙය් බොරු කරන්නෙ.ඒනිසා වැඩ ලැබෙන්නෙ නැහැ. පොල් කඩන මිනිස්සුත් 1000ක් හොයනව හැබැය් මහන්සිවෙලා. ආන්ඩුවෙ සංකයාලේකන පිලිගන්නෙ මොනමෝඩයොද..?

      Delete
    4. [ඒ වගේම අමිල කිව්ව වගේ,අනිවාර්ය්යෙන් කම්කරුවකු රු.1000ක් ගන්නව කෑමත් සමග හැබැය් අඩු ගානට වැඩකරන අය ඉන්නව හැබැය් වැඩ නොවෙය් බොරු කරන්නෙ]

      යාලුවා රට්ටු හිනස්සන කතා කියන්න ඵපා.
      අද වතු කම්කරුවෙක් ගන්න උපරිම වෑටුප රු 460/=යි.ඵ්කත් නියමිත දිනගනන පෑමිනීම සහ නියමිත තේදලු ප්‍රමානය කෑඩුවොත් විතර්යි දෙන්නේ.අසනීපෙකට ගෙදර හිටියොත් හරි උඩරට පලාත්වලට නිතරම වෑටෙන වස්ස නිසා දලු කඩගන්න බෑරිඋනොත් හරි සොරි තමයි.
      කොටින්ම කිව්වොත් ඔය ටාගට්ඵක දීලා තියෙන්නේ අර දේඅ සොච්චම් රු460/=ත් දෙන්න නෙවෙයි,නොදෙන්න.
      ඔය කියන විදියට වතු කම්කරුවෙකුට රු 1000ක් දවසට දෙනවනම් සිරාවටම මමත් මගේ රස්සාවයි,සයිඩ් බිස්නස්ඵකයි දෙකම නවත්තලා යනවා දලු කඩන්න.
      වතු කම්කරුවන්ට අදාලා නීතිය කෑමතිනම් හොයල බලන්න.ඵකේ තියනවා හරියටම පඩි ගෙවන හෑටි

      පොල් කඩන මිනිහා දවසට 1000ක් හොයනවා කියලා ඔයා කියන්නේ හොරපොල් කඩන අය ගෑන වෙන්න ඈති.මගේ ව්‍යාපාරයේදී මට අද හමුවුනු පොල් කඩන යාලුවෙක්ගෙන් මම ඈහුවා දවසට 1000ක් හොයනවාද කියලා.පොර හොදටම හිනාඋනා.උපරිම 800/- ලු.ගස් තෙමෙන කාලෙට,පලදාව නෑතිකාලෙට කූලීවෑඩ සරණ තමයි ලු.

      අනික ඔයා කියනවා ලoකවේ මිනිස්සු ඈග වෙහෙසන්නෑ කියලා.ඔක හරි කුහක කතාවක්.අපේ මිනිස්සු උවමනාවටත් වඩා මහන්සි වෙනවා.වෑඩේ කියන්නේ ඵ් වෙහෙසෙන තරමට වෑටුපක් ලෑබෙන්නෑත් ඵ්කයි.හෙලන ශ්‍රමයට ඉතා අඩු පඩියක් තමා ප්‍රාග්දන හිමියො ඔවුන්ට දෙන්නේ.ඵ් ගන්න ගානෙනුත් වෑඩි කොටසක් අර බදු මේ බදු කියලා රාජ්‍යපාලකයො අරගන්නවා.මේවා දන්නෙනෑතුව අපේ මිනිස්සුන්ට කම්මෑලි ජාතියක් කියලාඅපහාස කරන්න ඵපා!!!!!!!!!!!!!!!!!.

      ඔයා හීන මාලිහාවල ඉදලා කියන කතන්දරවලට වඩ මහපොලවේ තත්වය කොච්චර අසාදාරණද කියලා සවේදී කුහක නෑති හිතක් තියන ඔනම කෙනෙකුට තේරෙනවා.ටිකක් නිදහස් මනසකින් ලෝකය දකින්න යාලුවා මිනිහෙක් කියන්නේ මිනිහෙක් කාගේවත් වහලෙක් නෙවෙයි.අසමානයෙක් නෙවෙයි.සමාන අද්‍යාපන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙනුත් පිලිගත්ත ඵකක්.හුදෙක්ම සල්ලි ඈතිකම හෝ නෑතිකම මත අද්‍යාපන ඉඩප්‍රස්තා තීරනයකරන ඵක හෙනගහන අපරාදයක්.

      Delete
    5. වතු කම්කරුවො ගැන කතා කරනවනම් ඒක වෙනම මාත්තෘ කාවක්.අපි කියන්නෙ සාමාන්ය සමාජය ගැන වතු කියන්නෙ සාමාන්ය සමාජය නොවේ..ඒගැන විග්‍රහය්ක් කර්න්නමේක අවස්තාව නොවේ..වහින කාලයට පොල් කඩ්න්න පොල්ගස් නගින්න එපායැ.ඇය් යාලුවා ලොකු වතු වල වගේම පොල් තියෙන පලාත්වල උස රිටකින් පොල්කඩනව් දැකල නැද්ද..අනිකපොල් වැඩිපුරම ත්යෙන පැත්වල දිගටම වහිනවා කාලෙකට කියල අපිනම් අහල නැහැ. ඔව් ඔබට දලුකඩල රු.1000ක් දෙන්න පුලුවන් අපේපැත්තෙ ගෙවනව පිරිමි අයට හැබැය් හොද පුරුද්දක් ඕන..ඇය් දවසට කිලෝ...65ක් කඩන්න ඕන මේ පැත්තෙ ඉන්නව එහෙම අය..හෑන්ඩ් ෆෝන් තියාගෙන ඉන්නෙ.

      Delete
    6. යාලුවා මමත් ඉන්නේ සරුවරට පොල් වෑවෙන පෑත්තක තමයි.මේ පෑතිවල කෙක්කෙන් පොල්කඩන්න පොල්ගහකින්ම කෙක්කක් හදන්න වෙයි.ඵ්කෙන්ම පේනවා යාලුවගේ සාමාන්‍ය දෑනීමේ තරම.අනික ලකවේ පොල් වෑවෙන ප්‍රදේශ වලට නිරිතදිග මෝසම හොදට අහුවෙනවා කියලා ඔයා දන්නත්ද?අනික පොල් උනත් කඩන්නේ මුරේට.මුරේකට මාස 3යි.හෑමදාම වෑඩ නෑ.අනික දෑන් හුගක් පොල් ඉඩම් කට්ටිකරලා විකුනලා.දෑන් ගෙදරක තියන ගහක දෙකක පොල් කඩලා තමා පොල් කඩන මිනිස්සු ජීවත් වෙන්නේ.තාම ගහකට ගෙවන්න්ව 50/=කට අඩුවෙන් උපරිම 50/=.පොල් වතුත් නෑති ඵ්කේ අතින්කයිට් රස්සාවක් තමා පොල් කෑඩීම.දෑන් හුගක් ඔය මිනිස්සු කරන්නේ කුලී වෑඩ.

      වතු කම්කරු ජනතාව දවසකට 1000ක් හොයනවා කියන්නේ අමු බොරුවක්.ලoකවේ තේ වවන ක්‍රම දෙකයි.පළවෙනි ඵක මහාපරිමාන වතු.ඵ්වා වල වෑඩකරන්නේ බහුතරයක් ද්‍රවිඩ ලෑයිම් කම්කරුවෝ.ඔවුන්ට පඩි දෙන්නේ අදාල සමාගමෙන්.උපරිම දිනක වෑටුප 460/-.
      දෙවනිඵක කුඩා පරිමාන තේවතු හිමියෝ.ඔවුන්ගෙනුත් අති බහුතරය අක්කර 2ට වඩා අඩු අය.ඵ් වතු වල තේදලු කඩන්නේ පව්ලේ අයමයි.ටිකක් ලොකු කුඩා තේවතු වලට තමා දලු කඩන්න කාලෙකට පිටින් ගන්නේ.ඔවුන් වතු කම්කරුවන් නෙවෙයි.ගොයම් කෑපෙන කලෙට කුඹුරු වෑඩට කුලීකාරයො ගන්නවා වගේ කුලියට තමා ගන්නේ.අවුරුද්දට මාස3ක් වත් ඵහෙම ගන්නෑ.ඉතින් මාස තුනක් විතර දවසට 1000ගනේ අරගෙන ඉතුරු මාස 9 අල හාරන්නද කියන්නේ?
      හොදයි ඔයා කියන විදියට දවසට 1000 ගනේ ගත්තයි කියමු.දවස් 30ම වෑඩ කලාත් කියමු.ඵතකොට අතට ඵන ගාන 30000යි.
      ආන්ඩුවේ මහබෑකු සඛ්‍යා ලේඛණ අනුව පවුලක අවම(උත්සව වියදම්,දරුවන්ගේ පන්ති ගාස්තු,හදිසි ලෙද දුක් නෑතුව )වියදම රු36000යි.ඵතනම නිකන් නොමෑරී ඉන්න විතරක් 6000ක් අඩුයි.ඉතින් කොහෙද තව ලක්ශ ගනන් ගෙවලා ප්‍රයිවට් කෑම්පස් යන්නේ?????

      Delete
    7. මේ ගැන සංවාද කරන එක තේරුමක් නැහැ කියලය් හිතන්නෙ
      කාරනා කීපය්ක් මතුකරල නවතින්නම්..කියවන අය වටහා ගනිත්වා..........
      1.....පොල් කැඩීම කෙක්කෙන් විතරක් කඩනවා කියා නොවේ මම කීව්වෙ..අඩි 30 උස් ගස් වල කෙක්කෙන් කඩ්න්වා.ඊට උස ගස් නැගියයුතුය්. අනික වියලි කලාපය කීවම දකුනත් අයිති බව මතක තබා ගන්න.එහිද පොල් වැවේ ,ගෙයින් ගෙට ගොස් පොල් ක්ඩන එකද සිදුවේ අනික් පලාත්වල.
      2....හරි පොල් ගැන ඔබ දන්නෙ ඒ පැත්තෙ නිසානෙ. ඒත් තේ ගැන.... ඒකියන්නෙ පොල් වැවෙන පැතිවල තේත් වැවෙනවද..?එතකොට .තේ...පොල්...සියල්ල ගැන කොහොමද ව්ග්ගරහ කර්න්නෙ. ඇත්තටම අපටද තේ ඉඩම්තිබේ. ,පව්ලේ අයට විතර්ක් තේ ඉඩම් පවත්වාගෙන යා නොහැක්. අක්කරයක් ගැහැනුඅය දලු කඩනව නම්...4දෙනෙක් දින 3ක් සතියට කැඩිය යුතුය..ඊලගට නෙලන්න...අතු කප්පාදු කර්න්න.. මට්ටම් කපන්න වාර හිටවන්න........කොච්චර දේ තියෙනවද යාලු...!
      3...සහෝ...30,000 කින් ජීව්ත් වෙන්න බැරිනම් ඉතින් ඒ ගැන කතාකරල කුමටද...ඔබ මාරයාගේ හෝරාව කියවල බල්න්න.
      4..........ඇයි ඔබම නේද... කිව්වෙ 1000ක් දෙනව නම් ඒ රස්සාව කරනව් කියල්...ඉතින් එතෙනම් ඔබ පිලිඅර්න් නේද්....? ඒ පඩියට කැමති කියල..
      කොහොම උනත් මම ඔබට ගරුකරමි...සංවාදය ..ඉතා හොදින් අපහාස නොකර පවත්වාගෙන යාම පිලිබදව් සමහරු අපහාසෙන්නෙ සන්වාද කරන්නෙ..! ඔබට ජය..!

      Delete
    8. 1/කෙක්කෙන් පොල් කෑඩීම ඉතා දුර්ලබයි.ඵ් වගේ පොල් කඩන කන්ඩායම් 10ක් වත් ල0කාවේ නෑ.අනිත් හෑමෝම ගස් බඩගාන අය තමයි.මහා පරිමාන වතු අඩු නිසා ගෙවල් වලින් කතාකරනකොට තමා යන්නේ.ඵ් ගියත් ගෙවත්තක ගස් 5ක් වත් නෑතිනිසා රු200ක් වත් හොයාගන්න අමාරුයි.ලොකු වතුවල පිටින් අයව ගන්නවා අඩුයි.ඵ්යාලා අඩුම ගානක් දීලා වෑඩේ කරගන්න පුලුවන් කට්ටියට් විතරයි වෑඩ දෙන්නේ මුරේ කඩනකොට.මුරේ කඩන කාලෙටත් අතට රු 800ක් වත් දෙන්නෑ දවසකට.අනිත් කාලෙට ඵ් මිනිස්සුන්ට මුකුත්ම නෑ.පොල් වෑවෙන්න පෑතිවලට වෑස්ස අඩුයි කියලා ඔයා කියන ඵක පිලිගන්න බෑ.ල0කාවට වෑඩිම වර්ශාවක් ලෑබෙන නිරිතදිග මෝසම් වෑස්සට ල0කාවේ පොල් ත්‍රිකෝණ්ය අහුවෙන බව මතකතියාගන්න.වෑහි මාසවලට කොහොමත් පොල් කඩන මිනිහට කෝඩේ තම්යි.

      2/ලoකාවේ බහූතර ජනතාවක් නියෝජනය කරන වතු කම්කරුවා ගෑන අමතක කරලා කුඩා තේවතු කරන සුලු පරිමාන ව්‍යාපරිකයන් ගෑනයි ඔයා කතාකරන්නේ.වතු වල සේවය කරමින් වතුවල වෙසෙන වතු කම්කරුව ගෑන අමතක කරන්නේ ඈයි?රජයෙන් සම්මත කරනලද නීතිය ප්‍රකාරව ගෙවන උපරිම මුදල වන රු 460/=ට අමතරව සත පහක්වත් ගෙවන්නේ නෑ.ඔ.ටී නෑ,බටා නෑ,බෝනස් නෑ.පඩියම පමනයි.
      අක්කර දෙකේ විතර කුඩා තේවතු වල උනත් පිටින් වෑඩකරන අයට හෑමදාම වෑඩ නෑති නිසා ඵ් වතුවල රස්සාවත් ඉස්තීර ඵකක් නෙවෙයි නේ.මම දන්න විදියට සතියට උපරිම වෑඩ හම්බුනොත් දවස් 4යි ලු.මම වෑරදිනම් නිවෑරදි කරන්න.

      3/ 30000/=කින් පවුලකට ජීවත්වෙන්න බෑරි බව කියන්නේ මම නෙවෙයි යලුවා ශ්‍රී ලoකවේ මහබෑoකු වර්තාවයි ඵහෙම කියන්නේ.පවුලකට ජීව්ත්වෙන්න අවම වියදම රු 36000/=ක් කියලා මහබෑoකු වාර්තවේ තියනවා.
      ඵ් ගිය අවුරුද්දේ.
      දෑන් ඊටත් වෑඩී.
      ඵ් 36000/= ළමයින්ගේ ටියුශන්,හදිසි ලෙඩදුක් වියදම් නෑතුව.
      සෑකනම් බලන්න ශ්‍රී ලකා මහබෑකු වාර්තාව.
      ඉතින් මාසෙකට රු30000ක් ගන්න මිනිහගේ පවුලටත් නොමෑරී ඉන්නත් තව 6000ක් මදිනම් තව ලක්ශගනන් දීල උපාදි කරන්නේ කොහොමද?
      අනික රටේ කීයෙන් කීදෙනාද අප්පා මසෙකට 30000ක් හොයනේ????
      රටේ ශ්‍රම බලකායෙන් කීදෙනෙක් ඈගලුම් කම්හල්වල ඉන්නවාද?ඵ්වාවල උපරිම වෑටුප හොයාගෙන බලන්න.ඔයාට ඈඩේවී.මම හිටපු හින්දයි කියන්නේ.

      රටේ ප්වුද්ගලික අද්‍යාපනය කියන්නේ බහුතරයකට හීනයක්.ඉතියෝපියවෙත් වසරකට අයවෑයෙන් 5.5%කට වඩා අද්‍යාපනයට වෙන්කරත්දී අපේ රටේ ඵ් ගාන 1.9%යි.ඵහෙම කරද්දීත් කොටීගනන් බදු සහන දෙනවලු පවුද්ගලීක විශ්වවිද්‍යාල වලට.ඵ් බද්ද අරන් ඵ්කෙන් දුප්පත් මිනිහගේ දරුවට තව කෑම්පස් ඵකක් හෑදුවනම් ඉවරයි නේද?ඈයි මෙයාලා ද්‍යාපනය මෙහෙම නොසලකා හරින්නේ?
      මේකද යාලුවා සාදාරනය?
      මෙතන යන්නේ වෙනම ගේමක්.
      කරුනාකරලා ඵ්ක තේරුම් ගන්න.

      අන්තිමට කියන්න ඔනේ මේ සවාදය ඈත්තටම මටත් සතුටක්.අලුත් දේවල් ඉගනගන්නත් ලෑබුනා මට.බොහොම ස්තූතී මචන්.

      Delete
  12. Z ස්කොරෙ අවුලනම් අත්තටම අවුලක් උනත්, ඔබ මතුකර අති විකල්ප ගන 100% එකන්ගඉ.

    රජයේ සේවක දෙපලකගේ දුවක් වෙච්චි මම, SLIIT degree එක කරල, ගත්තු පඩියෙන් මගෙ මල්ලිටඉ නන්ගිටඉත් ඉගන්නුව.
    3rd year එකෙ ඉන්ඩල මම රස්සා කලා,මට එකට ඉගන ගත්තු අය හිනා උනා- ර්rs 7000/= වඩට යන්වා කියලා..
    නෑ මම කෙල්ලක් වෙලත් අම්මටඉ තත්තටඉ බරක් උනේ නෑ..
    Final year එකේඩිම, ලන්කවේ ලොකුම software ආයතනයක වැඩ ලැබුනා.

    අපෙ අම්මඉ තත්තඉ මට බොහොම අමරුවෙන් ලක්ශ 3.5 අයොජනය කල.
    එකෙන් පවුලම හිටිය තැනින් උඩට ගියා.මම අඩ ඒරොපිය රටක වඩ කරනව.

    මන් ඉපදුන ගමට අදටත් පැයකට සැරයක් බස් එකක් යන්නෙ.එච්චර ගොඩේ අපි.ඒවගෙම... කවුරු හරි කඩේ යාමක් ගැන කියන්වා නම්.. මම තද UNP. එගැනත් කියන්ව නම්, උන්ගෙත් මට ඇති කිසිම විශේශත්වයක් නෑ.. අර ගම්වල මිනිස්සු ඉන්නේ-- family එකෙන් පක්ශයක් එන.අන්න එකඉ 'තද UNP' වෙන්න හේතුව.

    ReplyDelete
  13. obata isthuthi katawath bana bana innawata wada karand dewal thiyana bawa penneuwata.

    ReplyDelete
  14. දෑන් ඵතකොට හෑමෝම SLITT ඵකෙයි NIBM ඵකෙයි ඩ්ග්‍රි කරකර ඉන්න ඕනෙද?
    දුප්පත් මිනිස්සුන්ගෙ දරුවෝ දොස්තරලා,ඉන්ජිනේරුවෝ,පෙරකදෝරුවෝ වෙන්න ඵ්පාද?
    මාසේ ආදායම ඵක්කහුකරලා පොල්කඩන මිනිහගේ දරුවට දොස්තර කෙනෙක් ලෝයර් කෙනෙක් ඵකවුන්ටන් කෙනෙක් වෙන හෑටි දෑනගන්න පුලුවන්ද?

    මේවා තමයි නියම ගුන්ඩු.SBලා නිදහස්ඉගෑනුම වනසන අතර ඔයාලා විශ්වවිද්‍යාල සාදාරනීයකරනය කිරීමක් තමා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. kawd halllo ehema kiyala thiyenne.
      dan oyalane kiyanne, rajaye vishawa diyala witharak thiyala, anith ewa wahand kiyala.
      mea manussaya kiyanne pudgalika wishwa vidyala thibimath hondai kiyala ne d?

      Delete
    2. යාලුවා පවුද්ගලික විශ්වවිද්‍යාල වලට ගන්නේ ඵ් අදාල ලක්ශගාන ගෙවන්න පුලුවන් අයනේ.
      ඉතින් මොලේ තිබ්බත් නෑතෑත් ඵ් ගාන ගෙවන අය අනිතිමට ඩිග්‍රිය ගන්නවනේ.
      මම අහන්නේ ඵ් ගෑන නෙවෙයි.දනුම තියන මහන්න්සිවෙලා ඉගන්ගත්ත අදාල මුදල හොයාගන්න බෑරි දුප්පත් මනුස්සයාට යන කල මොකක්ද් කියන ඵකයි?මොකද රජ්‍ය විශ්වවිද්‍යාල් ඈරලා තිබ්බට ඵ්වාට බදවගන්න ඵකේ විශ්වාශනීයත්වයක් නෑති කරලයි තියෙන්නේ.
      හෑකියාව නෑතෑත් සල්ලි තියනවානම් පුලුවන්.
      නමුත් හෑකියාව තිබුනත් සල්ලි නෑති ඵ්කාට පෑහෑදිලි අසාදාරණයක් වෙනවා නේද?

      Delete
  15. මේක නම් පොර ටෝක් එකක්ම තමයි.

    මම කමෙන්ට් කියවන්නේ නැතුව පෝස්ට් එක විතරක් කියවලා මේ කමෙන්ට් එක පටන් ගත්තේ.

    ලංකාවෙ අධ්‍යාපනයෙ වැරදි වලට එස් බීට වත් Z score එකට වත් බනින එකේ මේ ලෝකේ තේරැමක් නෑ කියලයි මමත් හිතන්නේ... මොකද අධ්‍යාපනය කියන එකේ වටිනාකම එස් බීට තියා විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ටත් අමතක වෙලා තියෙන නිසා... අඩුමගානේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් මතකයි කියලා මම හිත්නනේ නෑ...
    මේ කියන්නේ මගේ අත්දෑකීම... ‌පොඩිකාලේ ඉස්කෝලේ යන්නන් වාලේ ගියා... ශිෂ්‍යත්වේ පාස් උනා... කොළඹ ආවා... චිත නැටුම් සංගීතය තෝර ගන්න කිව්වා.. චිත කෝරා ගත්තා හැම එකාම නැටුම්ම කරන නිසා... උදේ හවස වෑන් එකේ කෝච්චියේ ගියා... 9 වසරට ආවා.. කොමර්ස් ගෘහවිද්‍යාව දෙකෙන් එකක් තෝර ගන්න කිව්වා .. ගෘහ විද්‍යාව තෝරා ගත්තා බැංකු මට පේන්න බැරි නිසා... ඕලෙවල් පාස් උනා... චිත කරන්න ආසවක් තිබුණ නිසා අපේ ඉස්කෝලෙ ච්ත ඒ ලෙවල් නැති නිසා වෙන ඉස්කෝලෙකට මාරැ උනා.. කැම්පස් යන්න මට කිසිම ආසාවක් තිබුණෙ නෑ බොරැ කියන්නේ මොකටද..... ඒත් මං කැම්පස් පාස් උනා... එතකොට මම ජොබ් එකකට ගිහින් ඉවරයි.... කැම්පස් අතෑරලම දාලා මම මගේ ජොබ් එකට හරියන විදියේ ඉගනීමකට ගියා... එච්චරයි...

    ඉස්කා්ලෙන් අවුට් වෙනකොටවත් මට හරි තේරැමක් තිබුනේ නෑ මොන මගුල් ජොබ් එකක් කරනවද කියලා.. චිත වලට ආසයි.... ඒත් ටීචින් නම් බැ බැ බෑමයි... පුරා විද්‍යා එකට යන්න ආසාවක් තිබුණා... ඒත් ඒකට අවුරැද්දට 10 ක් විතරයි ගන්‌නෙ කිව්වා... ඉතුරැ මොනාද .. මම ගිය ජොබ් එක ගැන ඉස්කෝලෙන් අවුට් වෙනකම් මම අහලා වත් තිබුන් නෑ... තාත්තා තමයි හොයලා දුන්නේ....

    අපේ ලංකාවෙ අද්‍යාපනයේ තියෙන ලොකුම වැරැද්ද තමයි මම දකින විදියට ළමයින්ට මොන මොන විදියේ රුකියා අවස්තා තියෙනවද කියලා දැනීමක් ලබා දෙන් නැති එක.... සාම්පදායික රැකියා අවස්තාවන් කීපයක් ගැන විතරයි ළමයි අම්මලා තාත්තලා දන්නේ.... 5 පොඩි එවුන් ටිකක් අරගෙන ඇහුවොත් ලොකු වෙලා මොනවද කරන්නේ කියලා ඒ ටිකම තමයි 12 එකෙක් ගෙන් ඇහුවත් කියන්නේ..... කරන්න ඕනේ එක දෙයයි... පොදු ද පෙෘද්ගලිකද කියලා නෙවෙයි... ළමයෙකුට දෙන්න ඕනේ ඒ ළමයා දක්ෂ ඒ ළමයා ආසා ඒ ළමයාට අවශ්‍ය අධ්‍යාපනයයි..... ලංකාවේ පොදු අධ්‍යාපනය කියන්නේ මහා සම්පතක්... ලෝකේ කිසිම රටක ඒ වගේ අවස්තාවක් නෑ..... ඒත් හැම ළමයම ඩිග්රියකට යන්න ඕ‌ෙන් කියන හැගීම නැති කරන්න ඕනේ...

    මම ඇත්තක් කියන්නම්.. අපේ රටේ අද ඩිග්රියේ වටිනාකම තියෙන්නේ කසාදයක් බදිනකොට කොල්ලෙක්ට නම් ලොකු දෑවැද්දක් ගන්නයි කෙල්ලෙක්ට නම් දෑවැද්ද වෙනුවට දෙන්නයි විතරයි.... එහෙම නොවෙනවා නම් ටීචර්ලට ටියුෂන් කඩ දාන්නයි දොස්තරලට චැනල් කඩ දාන්නයි ඉංජිනේරැවන්ට අවුරුද්දේ දෙකේ කොන්තාත් වලට රට යන්නයි ඕනේ නෑ නේ.... ඕකෙන් වැඩක් තියෙන එකම ඩිග්රිය ලෝ චිග්රිය විතරයි... ලංකාවේ තියෙන නඩු තොගේට ලොයර්ලට නම් බඩගින්නේ ඉන්න වෙන් නෑ කවදාවත්.... (චිග්රිකාරයෝ මාත් එකක් තරහා වෙන්න එපා... ඒත් කසාදයක් බදිනකොට ඔයා නැත්තම් ඔයාගේ අම්මලා තාත්තලා ඩිග්රිය විකිණුවේ නැද්ද මන් අහන්නේ...ඔයාට ගෙවල් වලින් එන පශ්න අඩු වුනේ නැද්ද මන් අහන්නේ) ඉන්දියාවේ කොල්ලෙක් කෙල්ලෙක් කසාද බදිනකොට අහන්නේ ඩිග්රියක් තියෙන ඉංජිනියර් කෙනෙකුට කොච්චර දෑවැද්දක් ග්නන් පුළුවන්ද කියලා...

    අනිත් එක තාක්ෂනික අධයාපනය හොදයි ඒක හරි වටිනවා නියමෙට හම්බුකරන්න පුළුවන් කියලා කියන අය ඒ රැකියා වලට ලංකාවෙ දීලා තියෙන තැන මොකද්ද.... මගේ මහත්තයා ටෙක් එකේ ඉගෙන ගෙන මිකැනික් කෙනෙක් උනා... අදටත් පඩිය 12000 යි... ඒ මනුස්සයා උදේ ඉදලා රෑ 10 11 වෙනකම් වැඩ කරන්න ඕනේ... ඔකෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන්ද.... ගෙයක් දොරක් හදා ගන්න පුළුවන්ද... තියෙන එකම විසදුම රට යන එක විතරයි... ඉතිං ටෙක්නිකල් සයිඩ් එකෙන් ඉගෙන ගන්න ඔක්කොම පිටරට යන්න ඕනේ... අනිත් එක ඒ වගේ රැකියා වලට අද තියෙන තැන මොකද්ද...

    ReplyDelete
    Replies
    1. මේ අදහස් දැක්වීමේ මුල හරියට (රැල්ලට ඉගෙන ගැනීම සහ තේරීම් අඩුකම) ගැන මම එකඟයි!

      Delete
  16. මේ ඉතුරැ ටික

    මෙන්න මට හිතෙන විදියට ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න ඕනේ දේවල් (‌මේ මගේ අත්දැකීමෙන් කියන දෙයක් විතරයි)

    1. ලංකාවේ සුද්දෝ වගේ ජීවත් වෙන්න මේ රැකියා කරන්න ඔනේ කියලා තියෙන සාම්පදායික රැකියා සෙට් එක ගැන (දොස්තර ඉංජිනේරැ ලෝයර්) තියෙන අදහස් වෙනස් වෙන්න ඕනේ... මේ රැකියාව උසස් මේ රැකියාව පහත් කියලා හිතන එක නැති කරන්න ඕනේ. දොස්තර විතරක් නෙවෙයි කොන්දොස්තරත් පිළිවෙලට ඇදලා තමන්ගේ රැකියාවට එන්න හිතෙන විදියේ පිළිගැනීමක් ඒ රැකියා වලට දෙන්න ඕනේ... අපේ අම්මලගේ අදහස් වෙනස් කරන්න බැරි නම් අපේ අදහස් හරි වෙනස් කරන්න බලමු... මේ මම හැම තැනම දකින දෙයක්. බෑන්ක් එකක වැඩක් එක ගන්න ගියාම අපි ඒකේ ඉන්න ලස්සන මිස්ට තැන්කියු කියනවා නේද..? බස් එකේ ටිකට් කඩන කොන්දොස්තරට, කීල්ස් කාගීස්ල් ආර්පිකෝ වලින් බඩු ගත්තම කැෂියර්ට, බඩු ටික බෑග් වලට දාලා දෙන, කාර් එකේ ඩිකියට දාලා දෙන පොඩි කොල්ලට, පෙට්රල් ෂෙඩ් එකේ පෙට්රල් ටික ගහලා දෙන කොල්ලට හරි කෙල්ලට හරි කවදාවත් තැන්කියු කියනවද.....? වැඩි දෙනෙක් කියන් නෑ.... සමහරැන්ගෙන් ඇහුවම දිව නැමෙන් නෑලු...... ඒ රැකියා ගැන අපේ හිතේ කොච්චර පහත් හැගීමක් තිබුනත් ඒ අය නැතුව අපිට වැඩ කරගන්න පුළුවන්ද......

    2. 5 6 වසර වෙනකොට ළමයෙක් දක්ෂ මොන මොන අංශ වලින්ද කියන එක ‌වෙන්කරැ ගන්න විදියක් හදන්න ඕනේ ( චිත නැටුම් සංගීත හැරැනම තවත් දේවල් )

    3. අධ්‍යාපනය උපාධි මූලික නොවී රැකියා මූලික වෙන්නෝනේ... හැම ළමයටම කැම්පස් යන්න බෑනේ... ඉතිං හැම ළමයම අමාරැවෙන් දුක් විදගෙන කැම්පස් යවන්න දගලන්නේ ඇයි.... (පොඩි කාලේ ඉදන්ම අම්මලගේ හීනේ ළමයින්ගේ හීනේ වෙලා තියෙන හින්දයි කියලායි මට හිතෙන්නේ.... )

    4. 8 9 10 වසර වලදි ළමයින්ට රැකියා අවස්තා ගැන හොද හදුන්වා දීමේ වැඩසටහන් තියන්න ඕනේ. ආයතන සම්බන්ධ කරගෙන වැඩසටහන් පවත්වලා ඒ ඒ අංශවල තියෙන රැකියා අවස්තා ගැන දැනුමක් ලබා දෙන්න ඕනේ... එතකොට ළමයින්ට පුළුවන් තමන් ආස තමන් දකෂ අංශ තෝර ගන්න... ඒ ඒ ආයතන වල තියෙන වැඩ ගැන දැනුවත් වෙලා ඉස්කෝලෙ යන ගමන්ම පොඩි ටේනින් එකක් වගේ දෙන්න පුළුවන් නම් තවත් හොදයි... එතකොට කැම්පස් තේරැණත් නැතත් ළමයට ගෙදර නිකම් ඉන්න ඕනේ නෑ.. ජොබ් එකට යන ගමන් තවදුරට ඉගෙන ගන්න පුළුවන්...

    ReplyDelete
  17. හි හි.. මේ ඉතුරැ ටික...

    නයිටා එකන් මේ සමහර දේවල් දැනටම පටන් අරන් තියෙන්නේ. ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඒ ගැන.අනිත් එක ඒ කෝස් වලට අවරැදු 17 18 වෙනකොට ඇප්ලයි කරන්න ඕනේ. ඒත් දැං රිසල්ට්ස් එකනොටත් සමහරැන්ට 18 වෙලානේ...

    මගේ අදහස මේකයි. ඕලෙවල් ෆේල් වෙලා මේසන් බාස් කෙනෙකුට අත්වැඩ දෙන්න යන අවුරැදු 16 17 කොල්ලෙක්ට ඉංජිනෙරැවෙක් වෙන්න අවස්+ාවක් දිය යුතුයි.. (සමහර මේසන් බාස්ලා ඉන්නවා ඉංජිනේරැවන්ටත් වඩා වැඩේ ගැන දන්න.) ඒ අයට සාක්ෂරතාවය තියෙනවා නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න.. කොහොමද අවුරැදු 21 ක මේසන් බාස්ට අත්වැඩ දීපු ‌කෙල්ලෙක් පෞද්ගලික අධයාපන ආයතනයක් මගින් පාට් ටයිම් කෝස් එකක් කරලා ඒ ගමන්ම පලපුරැදුදත් හදාගෙන අවුරැදු 30 දි ඉංජිනියර් කෙනෙක් උනොත්.... නරකද.....?

    හපොයි බෑ... පිස්සු කතා කරනවද..... මේ බදාම බාස්ලා ඉංජිනේරැවො උනාම අපිට යන කලදසාව මොකද්ද.. ඉංජිනේරැවන්ට තියෙන තත්වේ මොකද්ද.... ඒක නම් කොහොමවත් වෙන්න දෙන්න බෑ..... අනිත් එක මොනවා උනත් ඌ කැම්පස් ගිහින් නෑ නේ....

    ඩිග්රි ඇත්තෝ සහ ගන්න ඉන්න ඇත්තෝ මාත් එක්ක තරහා වෙන්ට එපා.... මේ මගේ අදහස.... තරහකින් කියපු දෙයක් නොවෙයි.... උසස් අධ්‍යාපනය කියන්නේ කැම්පස් එකට ඩිග්රි එකට නොවෙයි කියන එකයි මගේ අදහස.... අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. ආයෝජනයෙන් පතිලාභ අඩුනම් ඒකට ආයෝජනය කරලා වැඩක් නෑ... ඒ ආයෝජනය ඵලවත් තැනක සිදු වෙන්න ඕනේ...ඒ අවස්තාව, අවශ්‍යතාවය ඇති හැම කෙනාටම තියෙන්නත් ඕනේ.... ඉංජිනේරැවෝ විතරක් ගත්තේ ඒ මගින් උදාහරණ දෙන්න ලේසි නිසයි... දොස්තරලා ගැන නම් මම කතා කරන්න දන්නේ නෑ මම...

    කගෙවත් හිත රිදුනනම් සමාවෙන්න.

    අමිල චතුරංග මහත්තයෝ.. මෙච්චර දිග කියවන්න කම්මැලි කොමෙන්ටුවක් දැම්මට සමාව භාජනය කරනු මැනව..
    මේක තුන් පාරක් ටයිප් කලා... ඒක නිසා මුල් කොමෙන්ට් එකේ තිබුන දේවල් අඩු උනා.. මම මගේ පෝස්ට් එකකවත් මෙච්චර ටයිප් කරලා නෑ... ටයිපින් මිස්ටේක් ගනන් ගන්නත් එපා හොදේ....

    ReplyDelete
    Replies
    1. ටයිපින් මිස්ටේක් නං තිබුනාට කමක් නැත...වැදගත් අදහස මිස වෙනත් බයිලා නෙමෙයි...

      ලංකාවෙ වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයයක් නම් හැදුනා.....ඒත් වැඩ නෑ...

      Delete
    2. මම මේ කිව්‌වේ මගේ අදහසේ හැටියට කෙරෙන්න ඔනේ කියලා හිතෙන දේ විතරයි.. ඕවා කෙරෙන්න නම් පාර්ලිමේන්තුවෙ ඉන්න දොස්තරලා දත් දොස්තරලා ඉංජිනේරැ මහත්තෑන්ලා ටීචර් මහත්තෑන්ලා නීතීඥ මහත්තෑන්ලා සහ අට පාස් මැර උන්දැලා සහ පිං උපාධි මහත්තෑන්ලා තමන්ගේ බඩ වඩා ගැනීම සදහා මොකක් හරි කුණු ගොඩක් අපේ කරේ ගහලා ඊළග පාර ඡන්දේ ගොඩ දා ගැනීම ගැන විතරක් හිතන්‌ෙන නැතුව වැඩක් කරන්න පුළුවන් අය වෙන්න ඕනේ.... අවුරැදු බර ගානකින් ඒ වගේ කෙනෙක් දියවන්නාව පැත්තේ නොගිය නිසා ඒ ගැන බලාපොරොත්තුවත් තියා ගන්න අමාරැයි.......

      නයිටා එකෙන් යම් යම් හොද දේ කෙරෙනවා.... ඒත් එතනින් එහාට යන්න පාරක් තාම පැහැදිලි නෑ.... ක්‍රම තියෙනවා... හොයා ගන්න ඕනේ... එකවුන්ට්ස් බෑන්කිං පැත්තෙන් විතරක් නෙවෙයි...

      Delete
    3. Ganunge mole handi mite kiwwalu.

      Delete
    4. හිරු ඔබගේ අදහස් වලට මලින් පුදමි... අපේ මිනිස්සුන්ගෙ..තියෙන්නෙ මහ මොඩ ආකල්ප....ටොඉලට් හෝදන එකාටත් උපාදි දෙන්න වෙය්ලු...ඇය් ඒ මිනිස්සු වටින මිනිස්සු නෙවේද..? ඒකෙත් තාක්ෂනයක් තියෙනව ,දැනුමක් ඕන,බාවිතාකරන අමුද්‍රව්ය ගැන දැනුමක් ඕන.

      Delete
    5. ටොයිලට් සේදීමටත් ඩිප්ලෝමා තියනවා ලෝකේ ගොඩක් රටවල

      Delete
  18. මරු එකට ලියල තියනව. ඔය 'තටිල්' කාරයගෙ ඉඳල ඔය කෑගහන පොඩි එව්වො වෙනකල් ඔක්කොම පිස්සුවට තමයි කෑ ගහන්නෙ. මරු කතාව ඇ.

    කියවන ඈයොත් කියවන්න කලින් තමගෙ තිබුන අදහසයි, මේ කියල තියන දේවලුයි, ගැන ටිකක් මොලේ වෙහෙසල හිතල අදහස දක්වනවනම් තමයි හොඳ.

    ReplyDelete
  19. mehemath ponnayekk

    ReplyDelete
  20. ඇනෝල ඇවිත් මෙතනත් වනසනව වගේ! නිකං බණින්නේ නැතුව තමන් ගේ අදහස් කියන එක නේද හොඳ?

    අමිල තමන්ගේ අවංක අදහස කියලා තියෙනවා. ඒ අදහස ඇවිත් තියෙන්නේ අද උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය නිසා වුනත් අමිල හදලා තියෙන්නේ ඉසෙඩ්-ස්කෝර් කේස් එකට උත්තර දෙන්න නෙමේ.

    මට අමිල ගේ හැම අදහසකටම එකඟවෙන්න අවශ්‍ය නැති වුනත් මේ අදහස් දැක්වීම ඉතා වැදගත්.

    හැම වෘත්තියකටම පාහේ උසස් අධ්‍යාපනයක් අවශ්‍යයයි.

    ReplyDelete