Posts

Showing posts from January, 2012

තට්ටු ගෙයි සිරකරුවා (the prisoner of flat)

Image
එතකොට අපේ අප්පච්චි ගොයිය. මං ගොයිතැන්වලට ආස නෑ. ඒ නිසා මාව දැම්ම වෙදකං ඉගෙනගන්න. මං ආස උන් නෑ වෙදකමට. ඒත් අත්ත ගෙන් මං ගුරුකං කේන්දර බලන හැටි හෙම ඉගෙන ගත්ත. මං ගෙදර ඉන්න කොට අපේ පාවර ඇරෙනකොට වී හරියට බෙදුෙව නෑකියල ගමේ මුදලාලිගෙ පුතා ඇවිත් සද්ද දැම්ම. ඌ හිතන් නැතුව ඇති මං ඉන්නව කියල ඇතුලෙ. පස්සෙ මං ආව එලියට. මූ නවත්තන්නෙ නෑ..මූ අපේ අම්ම අප්ප ගැන මහ බලු කතා වගයක් කියන් ආව. තොපේ මහඑකයි තොගෙ  පවුලයි යන්න තැනක් නැතුව බඩවල් හදන් එහෙ මෙහෙ යනකොට අපේ අප්පච්චි ල තමයි ඉන්න හිටින්න තැනක් වැඩකරන්න කුඹුරක් දුන්නෙ. එහෙව් එවුන්ට බොලා කොකා පෙන්නනවා..ඌ එහෙමත් කිව්ව..
දැං අවුරුදු තිහකටත් එහා නිසා මට නිච්චි නෑ..ඒ කියපු ඔක්කොම..ඒත් මට ගහන්න මූ වැටේ තිබුන පොල්ලක් ගලෝගෙන ආව..ඇයිතෝ ගහන්නද කියලමං මන්නෙ අරන් පැන්න එලියට..අරූ ගැහුවෙ නෑ..මං ගැහුව..එතකොට ඔය මුදලාලිට හිටිය දෙවෙනි කොල්ල. මුදලාලිගෙන් පස්සෙ මැරකං කරගෙනගමම හොල්ලං හිටියෙ ඌ.ඌ මගේ කැති පාර ඔලුවට වැදිල මලා.

මුදලාලි නඩු කියල නඩු කියල අවුරුද්දක් විතරමං පොලිසියෙ තියල කොහොම හරි අවුරුදු තිහකට අච්චු කලා. ඒත් විසිපහකින් එලියට එන්න ලැබුන. හොඳට හිටිය නිසා. ඒක හදිස්ස…

මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි.

Image
මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි. 
ලස්සන කෙල්ලෙක් සිටීම.
ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්‍රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාත…

බක්මිටියාවට ගිය අතරමග ඇස් (by the way Bakmitiyawa)

Image
මගේ කලින් පෝස්ට් එකක් තියෙනව බක්මිටියාව ගැන. ඒ ගිය ගමනෙ සේයාරූ කතාබහක් දාන්න තමයි මේ සැට් උනේ.. මේ තියෙන්නෙ කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයේ රූ දසුනක් හංවැල්ල පැත්තෙන් කැළණි ගඟ බොහොම දරුණු විදියට ඛාදනය වෙලා. වැලිගොඩදැමීම නිසා. මේ වැලිගොඩදැමීමේ බලපත් කොළඹින් නිකුත් කෙරෙන්නේ නෑ. ඒවා නිකුත් වෙන්නෙ ගම්පහ දිශාවෙන්. ගම්පහ පැත්තෙන් තමයි වැලිගොඩදැමීම වෙන්නෙ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක මායිම වෙන්නෙ මේ කැළණි ගඟ තමයි..













.මේ ඉන්නෙ බකිමිටියාව විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පුංචි තේ කඩේට එකතුවෙච්ච අමුත්තෙක්. එතුමාගේ නම දන්නෙ නෑ. වලසෙක් සහ වැලහින්නක් සමඟ එකවර පොරබැද මේ තුමා ජයගෙන තිබෙනවා. එතෙන්දි වැලහින්නට එල්ල කරපු ප්‍රහාරයක් නිසා වැලහින්න ගිහින් ගහක දරුනු විදියට වැදුන කියල තමයි සීය කියන්නෙ. ඒ බොහොම ඉස්සර මේ පලාතෙ වලස්සු ඉන්න කාලෙදි තමයි. ඩී ඇස් මහත්තය මේ පැත්තෙ කස්ටිය පදිංචි කරනකොට මේ උන්නැහෙ මෙහෙ හෙන කොලුගැටයලු. ඉතින් මේ කොලුගැටයටත් ඉඩමක් ගෙයක් දොරක් කාරිය හම්බෙලා තියෙනව ඩී ඇස් මහත්තැන්ගෙන්. ඩී ඇස් සේනානායක කියන්නෙ ලංකාවේ මේ බස්නාහිර පැත්තට වඩා නැගෙනහිර පැත්තට ලොකූ සේවයක් කරපු උන්නාන්සෙ කෙනෙක්. මේ සීයයි ඒ කඩේ…

මා කොම්පැනියේ ප්‍රධාන විධාකයා වුනොත්.

.අපි පුංචි කාලේ එවැනි රචනා ලියයි. මටත් එවැනි රචනයක් ලියන්නට සිතුනි.
ක්ලීනින් සර්විස් එක අප්ග්‍රේඩ් කිරීම. අපේ කොම්පැනියේ මට අල්ලන්නේම නැති සෙක්ෂන් එකකි ක්ලීනින් සර්විස් එක. එය වහාම ක්‍රියාත්මක වන පරිදි නවීකරනය කල යුතුය. ලස්සන ගෑනු ලමයි පිරිසක් පාට් ටයිම් වැඩ පිණිස අරගෙන ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ගෙවිය යුතුය. දැනට සිටින ගෑනු අයට ගෙවන්නේ රුපියල් හයසීයකි දවසට. එය දෙගුනයකින් වැඩිකර පැය හතරක පමණ සේවාමුරයක් තබා ස්ටෑන්ඩ්බයි හදිසි පිරිසිදු කිරීම් සඳහා ආයුධ සන්නද්ධ පස් හය දෙනෙකු පත් කරමි. සියලුම ක්ලීනින් සේවකයින් සඳහා අයි පෝන් ලබාදෙන අතර ඒ හරහා ඔවුන්ට ඊ මේල් හරහා වැඩ සම්පාදනය සිදු කෙරේ. එක් අයකුට යම් පැමිණීමේ අපාසුතාවක් වෙතොත් හො වෙනත් දෙයක් වෙතොත් කෙලින්ම එය අයි පෝන් එක හරහා සියලුම පිරිසිදු කරන්නියන්ට හෝ එහි ප්‍රධානින්ට දැනුම් දිය හැක. අයි පෝන් එක ඇති නිසා කිසියම් දරුණු මීයෙක් මැරී සිටීම ආදි දේ වුවද අපිට ක්ලීනින් සර්විස් එකට පින්තූර සහිතව එම් එම් එස් මගින් දැනුම් දිය හැක. එවිට ඇවැසි බාල්දි ..සහ රසායන ද්‍රව්‍ය රැගෙන වහාම ක්ලීනින් සර්විස් එකට පැමිණිය හැක. ඔවුන්ට අලංකාර ඇඳුමක් ලබාදෙන අතර එය ගෑනු…

බක්මිටියාවට ගිය සවාරිය.

බක්මිටියාව යනු කුමක්ද?අම්පාර දිස්ත්‍රික්කයේ ඇති කොටි ගැහුව කොටි සිටි කල බොහොම ප්‍රසිද්ධ සිංහල ගමකි. දමන හංදියේ සිට සියඹලාන්ඩුව පැත්තට එනවිට අම්බලන්..... හන්දිය යැයි හන්දියක් ඇත. එයින් හැරී කිලෝමීටර හතලිස් ගානක් පැය දෙකක දුෂ්කර ගමනකින් ගෙවා විත් යලිත් හැරී ගමන් කලවිට බොහෝ සෙයින් නගරයෙන් ඈත් වූ බක්මිටියාව නැමැති ගම ඇත. එය සුන්දර ගමකි. අම්පාර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇති ලක්ෂණ ගමකි බක්මිටියාව. ලක්ෂණ උවත් බොහෝ සෙයින් නගරයට ඈත්ව පිහිටි නිසාත් කාලයක් තිස්සේ ත්‍රස්ථ ක්‍රියා වලින් පීඩිත ව තිබු නිසාත් මෙහි ජීවිත නම් බෝම කටුකය.

මා බක්මිටියාවට ගියේ ඇයි.අප ආයතනය මගින් බෞද්ධ සංගමයෙන් අම්පාර ඈත ගමක පාසැලකට පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවයකට පසුගිය සතියේ මා ගියෙමි. ඒ වැඩසටහන අපේ ආයතනයේ මා දුටු මනාව සංවිධානය වූ වැඩසටහනකි. එහිදී ලමුන්ට දෙනු ලබන පාර්සලයේ ළමයාගේ නම පවා මුද්‍රණය කර අලවා තිබුනි. හැමදෙයක්ම මනාව සංවිධානය කර තිබුණි. මුලින් සිතා සිටියේ ළමුන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටයි. එහෙත් පසුව ඒ රෙදි මසාගැන්මත් ඒ ළමුන්ගේ දෙමාපියන්ට ගැටලු ඇතිකරන්නට හැකි බැවින් රෙදි මසා දෙන්නට අපි තීරණය කර ඇත. ඒ යටතේ කොළ…

දඬුවම් මාරුව (The Punishment Transfer)

Image
සේපාල..සේපාල කිව්වාම ඒක පරණ නමකි කට්ටිය හිතන්නේ සේපාල හරි නාකියි කියලාය. සේපාල නාකි නැත. සේපාල කොලු ගැටයෙකි. අවුරුදු විසි අටක කොලු ගැටයෙකි. ඔහු වැඩ කරන්නේ අගනුවර කන්තෝරුවකය. සේපාල මේ කන්තෝරුවට ආස නැත. අගනුවර සේපාලට නොදිරවන්නේ සේපාල ගමේ බයියෙකු නිසා විය හැක. 
සේපාල දිනක් ඔහු ගේ ගම දිහා ඇති සිය කන්තෝරුවේ යම් කිසි වැඩකට ගියේය.එහිදී කපිල හමුවිය. කපිල තමුන්ගේ ශාඛාවේම වැඩ කල කෙනෙකි. කපිලට ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ද ඇත. සේපාලට ඒ කැටයං මතක නැත. මතක ඇත්තේ ඒ කෙල්ලා රට ගිය අවස්ථාවක කන්තෝරුවේ ටෙලිපෝනයෙකින් පිටරට කෝල් අරගෙන බැනුම් ඇසූ ආකාරයයි. කපිල සේපාල මෙන් නිවුනුසිත් ඇත්තෙක් නොවේ. ඔහු කලබලය. කඩිසරය.වාචාලය. ආ මචන් සේපාල දුටු කපිල කතා කලේය. මොකද බන්. තාම කොළඹද මම නම් මෙහෙ ආවෙ වෙලාවට ගමේ ඉඳල දුර උණත් මෙහෙ හොඳයි. බලහං මට කොම්පියුටරයක් තියෙනව. කබඩ් එකක් තියෙනව. 
සේපාලට තමුන්ගේ කන්තෝරුවේ තමුන්ට ඇති තැන මතක් විය. මේසයකි පුටුවකි අත්හැරදැමූ කබල් කබඩ් කෑල්ලකි. කොම්පියුටරයක් වත් නැත. පෝන් එකෙන් සිංදු අහන වැල කෑලි බලන සේපාලට කොම්පියුටර් ටිකක් ඉගෙන ගන්නට ආසාය.කොමිපියුටර් කෑල්ලක් ලැබෙනවා නම් මනායැයි සිතුනු වාර අ…

බණ්ඩක්කා වගාව.

Image
අපේ චෙයාර්මන්ගේ බන්ඩක්කා වගාව.මේ මීට වසර දෙක තුනකට පෙර අපේ කොම්පැණිය හා සම්බන්ධ කතාවකි. එකල අපේ චෙයාර්මන් නොහොත් සභාපති සිටියේ ගෑනු කෙනෙකි. ඇය රජය හා සම්බන්ධ වැඩකටයුතුවලටත් සිය නම බැබලෙන වැඩකටයුතු වලටත් බෝම ප්‍රසිද්ධ ඇත්තියකි. ඇත්තියක් කීවේ ඇය ඇතින්නියක් තරමට මහත වන නිසා නොවේ. එය ව්‍යවහාරයකි. ඒ මහත්මිය වරක් රජය මගින් ක්‍රියාත්මක කල වැඩපිලිවෙලක් වූ අපි වවමු රට නගමු අප ආයතනය තුලත් ක්‍රියාත්මක කලේය. ඒ යටතේ කොළඹ පිහිටි ඉඩකඩ ඇති අපේ සමාගමට අයත් වෙනත් ශාඛාවක භූමිභාගයක් තෝරාගන්නා ලදී. දැන් ඉතින් ගොවිපල පටන් ගන්නා එක අපේ චෙයාමන් මැතිනිය අතින් සිද්ද විය.එය රූපවාහිනිෙය්ද සමහර විට පෙන්නන්නට ඇත. මේ ඇරඹුමට සති ගානකට පසු මට රාජකාරි වැඩකට ඒ ගොවිබිම පිහිටි ශාඛාවට යන්නට විය. එවිට හතලිහක පනහක මහ සෙනගක් ඇවිත් වැඩය..එකෙක් වල් ගලවයි. අනිකා හති අරියි. තවකෙක් බැනියම ගලවාගෙන වැඩය. තව කෙනෙක් කලිසම උස්සාගෙන වැඩය. අක්කර භාගයක භූමියේ එක් පඳුරට එකා ගානේ මිනිස්සු ගජරාමෙට වැඩය.

 එදා සෙනසුරාදා දිනයකි. එදිනට මෙහි දවසම අයිති වන්නේ අතිකාල වලටය. අතිකාල පැයක් යනු එක් අයකුට පැයකට රුපියල් දෙසිය පනහකට වැඩි ගානකි. එබැවින් කට්…

බුදු සමය පහලට හෙලන ප්‍රචාර..

Image
පහුගිය කාලයේ ඔඩෙල් නැමැති ආයතනය මගින් නිර්මිත බැනියමක දලදා මාලිගයේ පිංතූරයක් තිබීම මහා ගැටලුවක් විය. එය මහා පුදුමයක් ඇතිකරන කාරණාවකි. මේ සිරිලක දළදා මාලිගා බොහෝ ඇත. ඉපැරණි රජ දවස බොහෝ ස්ථානයන් වල දලදා හිමියන් වැඩවාසය කොට ඇත. ඒ දලදා මාලිගා යනු භෞතික වස්තුවකි. ඒ අනුව පොලොන්නරුව අනුරාදපුරය දොගල්දොරුව සහ එකී මෙකී නොකී තැන්වල දලදාව සිටි බැවින් එවැන් තැන්වල පිංතූර යොදැගැන්ම වැරදිය. අර බ්ලොග් එකක කියා තිබුනා සේ රුපියල් දෙසීය කොලේ දලදා මාලිගාව මුද්‍රනය වී එය ඩෙනිම් සාක්කුවේ පස්සට යට වී තිබුන එක කාටවත් කරදරයක් වූ යේ නැත. නමුත් ටී ෂර්ට් එකක එය තිබීම ගැටලුවකි. එවන් කාරණා සම්බන්ධ ගැටලු එනවිට ඒවා විසඳන්නට මහා මාධ්‍ය සංදර්ශනයන්ද වෙයි. වරදක් උණානම් හිමිහිට ඒ කමිස ටික ඉවත්කර තවත් එවන් දේ නොවෙන ලෙස වගබලාගන්නවා වෙනුවට තවත් ලෝකෙට අඬබෙර ගසා ලොවෙත් නැති කුමන්ත්‍රන ගාවාගෙන අපිට නාට්ටි පෙන්නන්නේ සිංහල බොදු අය බහුතරය ළමා පැනඩෝල් පැණිය බොන වයසේ බබාලා ලෙස සිටිනා නිසාදැයි නොදනිමු.
 මේ ආශ්‍රිතව පැනනැගී මට ඇසුන කටකතාවක් මෙසේය. එකල දලදා වහන්සේ ලංකාවට වඩම්මනවිට ඒ දළදා වහන්සේ හේමමාලා කුමරියගේ හිස මත අලංකාරව බැබලි බැබ…

නිදහස් අධ්‍යාපනය නැතිකිරීමේ වාසි.

Image
නිදහස් අධ්‍යාපනය හඳුන්වාදුන්නේ එක්දාස් නවසිය හතලිස් ගනන් වලයඑකල සිවිල් සේවය නිසිපරිදි ගෙනයෑමට මනුස්සයෝ අඩු නිසා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුනි. නමුත් අද සිවිල් සේවයට සහ වෙනත් අවැසි සේවාවන් වලට බොහෝ පිරිස් ඇතිපදමටත් වඩා සිටී. එබැවින් මේ කාලයේ නිදහස් අධ්‍යාපනයක් නඩත්තු කිරීම රජයකට අමතර බරකි.
ලංකාවේ අධ්‍යාපනයට යෙදෙවෙන මුදල අඩුය. එය කේස් ඇතිවන සුලු තරම් සුලු ගානකි. එහෙත් අධ්‍යාපනයට යෙදෙවෙන මුදල සියල්ල පාසැල් විශ්ව විදයාල කාර්මික විදයාල සහ අනෙකුත් නිදහස් අධ්‍යාපන ආයතන පිණිසම යෙදෙවේ. වෙනත් ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවෙන තරම්ය. උදාහරණයක් ලෙස දැන් තොරතුරු තාක්ෂණ සහ පරිඝනක දැනුම ඇති අය සහ මෙලෝ කම්පුයුටර් අලබෝලයක් නොදන්නා අය ලෙස සමාජය පැහැදිලි ලෙස දෙකට බෙදෙමින් ඇත. එය සමාජීය වශයෙන් සැලසුම් ඇතිකිරීමට සහ මනුස්සයන් පාලනය කිරීමේදී ගැටලු ඇතිවෙන තැනකි. වැඩිහිටි පරපුර වෙත සහ පරිඝනක නැති අයවලුන් සඳහා පරිඝනක දැනුම බෙදා පරිඝනක භාවිතය වැඩිකර කෘෂි, ධීවර, කර්මාන්ත ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාවය වැඩිකිරීම ගැන කතාවක් වත් නැත. හිටපුගමන් අකලට පොල් වට්ටවන්නා සේ තැනක දෙකක කුඩා ව්‍යාපෘති වෙයි. නමුත් සමස්ථයක් ලෙස වැඩිහිටි …

මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt)

Image
මා අද උදේ දුම්රිය ස්ථානයේ සිට කන්තෝරුවට එන අතරමඟයි. ඒ අතර විශාල පශ්චාත් භාගයක් පෙන්නුම් කරන අපේ කන්තෝරු සංකීර්ණයේම සිටින, විධායක ශ්‍රේණියේ නිලධාරිණියක් මා පැමිණි දුම්රියේ පැමිණ මා පසුකර ගියාය. ඇය පසුපසින් තවත් තුන් හතර දෙනෙක් ගියෝය. මාද මේ කිනම් කලබලයක්දැයි බැලීමට පසුපසින් ගිය උන් පසුපස ගියෙමි. වී ඇත්තේ මාර සිද්ධියකි. අර මා කිව් නිලධාරිනිය කිටි කිටියේ හිරවෙන ආකාරයේ කලිසම් අඳින්නියකි. ඇයඒ සඳහා විශාල වෙහෙසක් දරයි. ඇවිදීම ආදි සියලු ඉරියව් වලින් පස්සම උලුප්පා පෙන්වීමට ඇය විශාල වෙහෙසක් දරයි. අලුතින් නිලයකට පත්වූ විද්‍යාපති උපාධිධාරිණියක් වන ඇයට එය නොගැලපෙන දෙයක් උවත් ඇය එසේ කරයි. ඇය අමාරුවෙන් විවිධ ඉරියව් වලින් සහ ඇඳුම් හරහා උලුප්පා පෙන්නුම් කරනදේ අපි නොබලා සිටීම ඇයට දුක හිතෙන කාර්යයක් විය හැකි බැවින්මා ඇතුලු මිතුරන් ඇය යනඑන හැම තැන ඇගේ පසුපස දෙස කට ඇරගෙන හෝ වහගෙන බලා සිටිමු. දැනට මාස ගණනක සිට ඇගේ ඇඳුම නිතිපතා කිටිකිටියේ තදවෙන එකකි..අද ඇතිවූ අරුමය නම් කිනම්  හෝ අකරතැබ්බයක්  නිසා ඇය පසුපස කොටසට යටට ඇඳි කලිසමක් පෙනීමයි. එය මහත්වූ කරුනක් නොවේ. සුපර් මෑන් බැට් මෑන් ස්පයිඩර් මෑන් වැනි කාටුන් චර…

ගොඩනැගිලි සේවා වෘත්තිය (Building service Engineering)

Image
මෙය නව සංකල්පයක් අපි දන්නව ගොඩනැගිල්ලක් තැනීම කියන්නෙ සරල දෙයක් නෙමෙ.ඒ වගේම නඩත්තු කිරීමත් ලේසි පහසු දෙයක් නෙමෙයි. .ගොඩනැගිල්ලකට අවැසි සේවා සහ අවැසිතාවයන්ට අනුකූලව තැනුනු ක්ෂේත්‍රයක් තමයි ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හරහා ගොඩනැගිල්ලක අවකාශය තැනීමට අමතරව පරිපූර්ණ විය යුතු අංග සලකා බලනවා. අපි ඉංජිනේරුමය ක්‍රමවේදයක් භාවිත කරන්නෙ නිසියාකාර සැලසුමක් අනුව, අපිට සරිලන වියදමකින් අවැසි දේවල් නිපදවාගන්න. ඒක ගොඩනැගිල්ලකටත් අදාලයි.


අපි හිතමු ගෙයක් කියල ගෙයක් හදල අපි පදිංචියට එකපාර ඩොග් ගාල යන්න බෑනෙ..බොහොම ඉස්සර ගල් ගුහාවල ඉන්න කාලෙනම් කැට ලබ්බයි ගල් ආයුධ කෑලිටිකය් අරන් අපිට ඕනි තැනක ලැගල හිටිය හැකි. නමුත් අද වෙනකොට තත්වය සංකීර්ණයි. ජලය, විදුලිය,දුරකථන, ගෘහභාන්ඩ, හිරුඑළිය, අවකාශය වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න වෙනව. ඒ වගේම ගොඩක් අය ඉන්න ලොකු සයිස් බිල්ඩින් එකක නම් ටොයිලට් පද්ධතිය, ගිනි නිවීමේ පද්ධතිය, වායුසමණ පද්ධතිය, සහ වෙනත් ප්‍රථමාධාර වගේ දේවල් ගැන අපිට සැලකිල්ල යොමු කරන්න වෙනව. උදාහරණ විදියට අපි වැසිකිලි පද්ධතිය සලකමු. නිසියාකාරව තනන ලද තට්ටු ගොඩනැගිල්ලක වැසිකිලි පද්ධතියේ අවහිරත…

ස්පර්ශක ආදරය (touch love) 2

Image
එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය.
 කැන් අයි ස්පීක් ටු මිස් දීප්තිකා ප්ලීස්..ඒ සුමිත් ගොයියාගේ කටහඬ බව ඈට මතක් විය. එදින තමුන් සමග බීච් යෑමට අකලංක පැමිනෙන බවක් කියා තිබුනා දීප්තිකාට මතකය.
ඉතින් අපි යමුද පොඩි ගමනක්..ගමනක් කිව්වට ගමනක්ම නෙමෙ..මගේ යාලුවෙක් ඩ්‍රාමා එකක් හදල..ඌ මට ටිකට්ස් දෙකක් දුන්න යමුද බලන්න..අවුලක් නෑ සෝක් ඩ්‍රාමා එක..සුමිත් පවසන්නට විය..
දීප්තිකා ස්ටක් විය..කරගන්නට දෙයක් නැත..හදිසියේ නින්දෙන් අවදි වූ ගමන්ම නිසා බොරුවක් ලෝඩ් වන්නේද නැත.. සු..සු.සුමිත් අපි වෙන දවසක යන්ද අද බෑ අනේ..හරි මහන්සියි අප්පා...
ඈ දොස්තර නෝනලටත් මහන්සි ලෙඩ හැදෙනවද?/මෙහෙමයි මෙයා මෛක මගේ යාලුවෙක් කරන එකක් ආවෙ නැති උනොත් ඌ අවුල් වෙයි..එහෙනම් මං යන්නම් ඈ..මං ඔයාට බලකරන්නෙ නෑ..ඔයා ඉතින් වරු ගනන් ටෝක් කරල අරන් යන්න මට බෑ..කොහොමත් මට කෙල්ලො ටෝක් කරල ඇක්ස්පීරියන්ස් එකකුත් නෑ..මං පොත්වල දැකල තියෙනව කෙල්ලො පලවෙනි පාර කොහෙ හරි යන්න කතාකලාම බෑ කියනව..එහෙම වෙන්න ඇති..ඒත් ඔයා එයි කියල මං හිතුව..සුමිත් කීවේය...

පිස්සුද සුමිත් …

ස්පර්ශක ආදරය (touch love)

Image
ඒ පිටකොටුව බස් නැවතුමයි සුමිත් සහ දීප්තිකා යලි හමු වූයේ ඒ ටකරං මඩු වැනි පිටකොටුව බස් නැවතුමේදීය. සුමිත් දීප්තිකා ඉන්නවා දැක පෝලිමට එකතු විය..පෝලිම දිගු එකක් නොවූයෙන් දීප්තිකාට පසුපසින් සුම්ත්ට සෙට් විය හැකි විය..ඔවුන් දෙන්නාට දෙන්නා දනී.. නමුත් කතා බහක් නැත.. ඔවුන් දෙදෙනා බස් රියට නැග එක ළඟින් වාඩි විය. සුමිත් සාමාන්‍ය සොබාවයෙන්ම කුලෑටි කෙනෙකි. එතරම් සබා බිය දුරු කල අයෙකු නොවේ. එහෙත් දීප්තිකා එසේම නොවේ. රජයේ ජනප්‍රිය රෝහලක වෛද්‍යවරියක වූ ඇය සාමාන්‍ය වෛද්‍යවරියක් නොවන තරම් ඇය සමාජශීලිය. ඇය වෛද්‍යවරියකි. ඇයට අමාරුවෙන් කාර් එකේ නැඟ රිය පදවනවාට වඩා සුඛෝපබෝගී බසයක නැග යෑම මැනවැයි සිතී මේ සුෙඛා්පබෝගි බසයට නැංගාය. සුමිත් ටැග් වෙමින් සිට අවසානයේ ඔයාට මාව මතකදැයි ඇසීය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත. දීප්තිකා ගල් ගිල්ලා වැනිව සිටී. දීප්තිකා මං හිතන්නෙ ඔයාට මාව මතක ඇති. එවර සිහින් හඬින් දීප්තිකාගේ කණට කොඳුරන්නාක් මෙන් සුමිත් කීවේය. එවිට දීප්තිකා ඔයා අපි එක්ක නේ ක්ලාස් ගියේ මට මතකයි..කීය. ඔවුන් අතර තිබූ සම්බන්ධතාවයෙ ආකාරය අනුව ඔවුන්ට දිගටම කතාව කරගෙන යා හැකි මානසිකත්වයක් නොවීය. 

මේ දෙදෙනාම මීට අට …