Monday, May 5, 2014

ගොවියාගේ කටද වැඩියෙන් ලොකු

පතෝල වගාවට ආධාර දෙන්නේ නැහැ. කවුරුත් පතෝල වගාව ගැන බලන්නෙත් නැහැ. පතෝල විතරක් නෙමෙයි වී හැර වෙනත් එලෝලු බෝග තියෙද කියලා ආන්ඩුවට වගක් නැහැ.

අපේ අයියා දෙවැනි පාරත් වැසි නැතුව පතෝල,වැටකොළු පිපිඤ්ඤා වගාව පාඩු කරගත්තා. ඈත ඉදන් වතුර ගහන්න ඩීසල් වලට සල්ලි යනවා. මැෂින් වලට සල්ලි යනවා. අපේ තාත්තගේ අදහස වෙන්නෙ ඒ විදියට ගොයි තැන් කරන එක ඇඟට ව්‍යායාම වලට නම් හොදයි. වතුර බට කර තියං මැස්ස වටේ ඇවිදින්න බට එලන්න ලැබෙන එක ලොකු ව්‍යායාමයක් ඇඟට. ඊට අමතරව ආර්ථිකමය වශයෙන් වාසියක් නැහැ. ඩීසල් වලටයි මැසින් වල ගෙවෙන කෑලි දාන්නයි ගියාම වතුර ගහල පහතරට එලවලු වගාව කරනවා කියන්නෙ ලාබ වැඩක් නෙමෙයි. දැන් අපේ වගා කරපු අයියා වගාව ගැන ඒ තරං උනන්දුවක් නැහැ. මිනිහට මොකක්ද ඉදිකිරීම් වැඩබිමක් ලැබිලා. දවස් කුලියට එතන වැඩ. සල්ලි ලැබෙනවා කියල බොහෝදුරට සුවර්. ඒක නිසා බීජ,තෙල් පෝර එක්ක ඔට්ටු අල්ලලා පරදිනවාට වඩා අර දවස් කුලියට වැඩට යන එක ලාබයි.

අපේ අයියා ගොයිතැන අතෑරලා කුලියට වැඩ කරන්න යන එක මට අවුලක් නැහැ. අපේ තාත්තටත් ඒක සැනසීමක්. නැත්තං අයිය පාඩු ලබන ගාන්ට තාත්තතටත් පාඩු සිද්ද වෙනවා නෙව.  ලාබ ලැබෙන්නෙ නැත්තං නිකං එක්සයිස් එකට ගොයිතැන් කරල ජීවිතේ ගෙනියන්න හැකියාවක් අයියට නැහැ. ඉතිං එයා අර ඉදිකිරිම් වැඩට යන්න ඇත්තෙ ඒ නිසා. එතනදි අපේ පැත්තෙ වවන පතෝල වැටකොලු වගාව අපේ අයිය නැති නිසා නැතිවෙල යන්නෙත් නැහැ. ඒ වගේම අපේ එලෝලු වගාව දියුනු කරන්න ආන්ඩුව අපිට සල්ලි දෙන්න ඕනිය අපේ බෝග රක්ෂණය කරලා වන්දි දෙන්න ඕනය කියලත් අපිට හිතෙන්නෙත් නැහැ. මොකද මේ සෙල්ලම අපේ තාත්ත ගොයිතැන් කරන කාලෙදිත් වුනා. එතකොට තාත්ත නම් කාගෙවත් කුලි මලි වලට ගියේ නැහැ. එයා කාලෙට තැටිය මාරු කරනවා. එක්කො ඒ කාලෙට ගෙවල් හදන්න පටන් ගන්නවා. නැත්තං ගැඩොල් කපනවා. නැත්තං අඩුතරමෙ අලුතින් වගාවට ඉඩමක් සුද්ද කරන වැඩක් හරි කරනවා. සාමාන්‍යෙයන් අස්වැන්නත් එක්ක ගත්ත ආදායම ඔක්කොම විනාස කරගෙන මුදලාලිට දත නියවන තුන්වෙනි පංතියේ ගොවියෙක් නොවුන අපේ තාත්තා ලඟ හැමදාම අස්වැන්න ඉවර වුනාම ඊළග කන්නය වගා කිරිමට සැලකිය යුතු මුදලක් අතේ ඉතිරි වෙලා තිබුනා.

ඒ දවස්වලත් මේ දවස්වලත් එලවලු ගොයියා සහ ගොඩ ගොයියාට වඩා වී වවන ගොයියා විසාලයි කියල සමාජය සැලකුවා. වී වවන එකාට පස්ට සැලකිලි. කොටින්ම වී වවන ගොයියා බත් දෙන පියවරු අනම් මනම් වැල් බයිලා වලිනුත් හදුන්වනවා. නාට්ටි සංදර්ශන වලටත් ගන්නෙ මීහරක් සහ ගොවියො. එලවලු වවන ඉරිඟු වවන ගොඩ ගොයියා ගැන වැඩි සැලකිල්ලක් නැහැ. පෝර සහනාධාරෙ වුනත් දෙන්නෙ මඩ ගොයියට විතරයි. මොකද ගොඩ ගොයියට රජ වෙන්න කලිං හෝදගන්න මඩ නැහැ. තියෙන්නෙ උදැල්ලට කැපිලා ඉපිලෙන දූවිල්ල විතරයි. ණය කපාහැරීම් ආදියදි වුනත් මඩ ගොයියාට එක ලැබෙනවා. බිත්තර වී ලබාදීම, වී මිලදී ගැනීම, තාක්ෂණික උපදෙස් දීම වගා පාලුවලට වන්දි දීම වගේ ගොඩක් දේවල් වී ගොයියාට ලැබෙනවා. මේ අතින් බටු ගොයියා, කරිවිල ගොයියා, පතෝල ගොයියා ඉරිඟු ගොයියා ආදින් ගැන ආන්ඩුවට අමතකම වෙලා ගියා.

ඇමරිකාවෙ වගා කරන ගොයියන් පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට 4යි. නමුත් ඇමරිකාව තමුන් වවන බෝග ජාති අතිරික්තයක් තබාගෙන වෙන රටවලටත් අපනයනය කරනවා. ලංකාවෙ ගොවිතැන් කරන පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට විස්සක් විතර. ඒත් අපේ රටේ තාමත් සහල් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒ වගා කරන සියයට විස්සක විතර පිරිසෙන් විශාල ප්‍රමාණයක් වගා කරන්නෙ එදාවේල ටුවර්ස්. ඒ කිව්වෙ අර එඩේර යුගයෙන් පස්සෙ ආපු මුල් ගොවියුගේ ස්ටෙප් එකට. යැපුම් කෘෂිකර්මාන්තය. අස්වැන්න ලබාගන්නවා කනවා බොනවා නානවා සල්ලි ඉවරයි.. 

රයිගම හන්දිය කියල බ්ලොග් එකක හීනටිකරණය කියලා ලිපි පෙලක් යනවා. ඒකෙනුත් ඉතාම වැදගත් දත්ත විස්තර සහිත කදිම විස්තරයක් යනවා ලංකාවේ කෘෂිකාර්මික මත ගැන..

දැන් අපි බැලුවොත් ලංකාවෙ ඔය පෝර නිකං වගේ දීල වතුරත් දීල හදන වී වලට මොකද වෙන්නෙ කියලා. මේ දවස්වල නම් ගොයියට හොදයිලු.. වී මිල රුපියල් 40-45 ක් විතර වෙලා කියලා දිවයින පත්තරය දිණමින පත්තරය වගේ ඒවායේ තිබෙනවා. මට නිකමට හිතුනා ඉන්දියාවෙ හාල් මිල බලන්න. මේ තියෙනවා ආලිබබා කියන අඩවියෛ් විස්තරේ.. සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 300-360 අතර මිලකට ගන්න පුලුවනි. අපි ටොන් එක 330යි කියල හිතමු එතකොට 330*130/1000= 42.50 ඒ කියන්නෙ ඉන්දියාවෙ හාල් කිලෝ එකක් ඉන්දියාවෙ වරායෙන් අපිට ශ්‍රී ලංකන් රුපියල්  42.50/=ට ගත හැකි.

මෙතැනදි සරලවම බැලුවාම ලංකාවෙ වී කිලෝවක මිලයි ඉන්දියාවෙ හාල් කිලෝවක් අපනයන කරන මිලයි සමානයි. ලංකාවෙ හාල් කිලෝවක සාමාන්‍ය මිල මේ වනකොට රුපියල් 65/= ක් වගේ වෙනවා. මම කතා කරන්නෙ මිලදී ගැනීම ගැන නෙමෙයි. අපිට සහල් අතිරික්තියක් ඇවිත් අපිට සහල් අපනයනය කරන්න අවස්ථාවක් ආවොත් ලංකාන්ඩුව කාටද හාල් දෙන්නෙ? ඉන්දියාවෙන් හාල් ගන්න පුලුවන් ගාන්ට අපේ රටේ වී මිලදී ගන්නවා. එහෙම නම් අඩුතරමෙ හාල් කිලෝවක් ලංකාවෙන් අපනයනය කරන්න වෙන්නෙ රුපියල් 50ට විතර. ඕක කරන්න පුලුවන්ද? එතකොට ලංකාවෙ වැරදිලා හරි සහල් අතිරික්තයක් ආවොත් පාඩු සිද්ද කරගෙන අපිම කනවා හෝ කුකුලන්ට කන්න දෙනවා හැර වෙන විකල්පයක් නැහැ. 

වී මිල වැඩිවුනාම අපේ රටේ මිනිස්සුන්ට පොඩි චූන් එකක් යනවා. ඒ තමයි ආනේ ගොවියන්ට සරු හෙටක් ලැබෙනවා කියලා. ඒත් එක්කම මතක් කරගන්න ඕනි අපෙ දිවයින පුවත්පතේ ඒ නිවුස් එකේම පහල තිබුන කෑල්ලක්..“ජංගම දුරකථන කාඩ්පතකට දිනකට රුපියල් 100 ක්‌ ගෙවන්නට පුරුදු වී සිටින අපේ අයට පවුලකට වේලක්‌ කන්නට හාල් කිලෝවකට රුපියල් 100 ක්‌ ගෙවීමට නම් අරුමයක්‌ නොවේ.“ 
 ඉතිං ආයිබොන්ඩ ඉන්දියන් හාල් රුපියල් හැට හැත්තෑවට කන්න පුලුවන් කම තියෙද්දි අපේ රටේ ගොවියා වෙනුවෙන් සහ ආඩම්බ්‍රකාර කෘෂිකර්මාන්තයේ වගකිව යුත්තන් වෙනුවෙන් අපිට ඉස්සරට හාල් කිලෝව රුපියල් සීයට කන්නත් වේවි. 


සාදු සාදු සාදු.. !!ඉතිං පිංවතුනි මේ සංසාර ගමනෙදි වෙනස් වෙන්නෙ නැති දෙයක් නැහැ. හාල් මිල වැඩිවුනා කියලා ඒ ලබපු මහා ජයග්‍රහනයත් අපේ මව්බිමත් පාවා දෙන්න අපිට පුලුවන් කමක් නැහැ. වේලක් හැර වේලක් වළඳලා හරි අපි මේ අයව ආරක්ෂා කරමු. 

සමරිය :- ආන්ඩුව වී වවන ගොවීන්ට පෝර සහනාධාරය දෙයි. වාරිමාර්ග ආදිය නොමිලේ නඩත්තු කරදෙයි. අවසානයේ වී මිලදී ගැනීමද කරයි. එසේ වුවද දැනට වෙළඳපොලේ වී කිලෝවක් රුපියල් 40කි. මෙසේ රුපියල් 40-45ට ගන්නා වී කිලෝවක් හාල් බවට පත් වන විට වෙළඳපොලේ සහල් මිල රුපියල් සියය දක්වා ඉහල යා හැක. සැබැවින්ම ආණ්ඩුව දෙන සහනද වී මිලට එකතු වුනහොත් වී කිලෝවක නියම මිල රුපියල් 50ක් විතර වේ. ඉන්දියාවේ හාල් ලංකාවට වඩා ලාබය. ආසන්න වශයෙන් ලංකාවේ වී කිලෝවක මිල සහ ඉන්දියාවේ හාල් කිලෝවක මිල සමානය. ඒ අනුව අපේ රටේ සහල් වල නිශ්පාදන වියදම ලෝක මට්ටමට වඩා බොහෝ වැඩිය. අපිට නැවතත් පැරකුං යුගයේ මෙන් හාල් අපනයනය කල හැකි බවක් පේන්නේ නැත. එබැවින් පැරකුං රජතුමා දෝතින් ගෙන කෑමට බලා සිටින, ගස්ලබු කෑල්ල ඉවත් කොට ඔහුට සාටකයක් ඇන්දවීම සුදුසු වේ. 

13 comments:

  1. ඔය මොන ගොවිතැන ගැන උනත් මට ගොඩක් අත්දැකීම් නෑ. මොකද අපි කරන්නේ ගෙවතු වගේ විතරක් නිසා..එත් මේ ලිපිය නම් සාරවත් කියල කියවගෙන යන කොටම තේරුණා...බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අද ලෝකෙ කෘෂිකර්මාන්තය කියන එක බොහොම දියුනු වෙලා. ගෙවතු වගා වුනත් එහෙමයි. නමුත් අපේ රටේදි නව තාක්ෂණික නැඹුරුතා ප්‍රාෙයා්ගික තලයට එනවා අඩුයි.

      Delete
  2. සමස්ථ වෙනුවට සමස්ත කියල හදනව ඇරෙන්න වෙන කියන්න වැරද්දක් නෑ.

    ReplyDelete
  3. \\මොකද ගොඩ ගොයියට රජ වෙන්න කලිං හෝදගන්න මඩ නැහැ.//

    පට්ට කතාව.

    කොහොම උනත් අපේ රටේ කෘෂිකර්මාන්තය ගැන අලුතින් හිතන්න පැති කිහිපයක්ම විවෘත කරල දෙන ඉතාම සාර්ථක ලිවීමක්. අපේ රටේ කිසිම දෙයක් හරි කළමණාකාරීත්වයක් යටතේ වෙන්නෙ නෑ. ඒකයි මේ අසමතුලිතතාවය.

    ReplyDelete
    Replies
    1. ඔබට හැකියාව ලැබුනොත් ලංකාව යටත් විජිතයන්ව පැවති කාලවල ලිපි ලේඛන කියවන්න එහිදී ඔවුන් ආදායම ලබාගැනීම ගැනත් වියදම අඩුකිරීම ගැනත් විශාල අවධානයක් යොදවාල තිබෙන බව පේනවා. කවුරු කෙසේ තර්ක කරත් රජය ව්‍යාපාරික මානසිකත්වයකින් රටක් මෙහෙයවන්නෙ නැත්නම් ඒ රජයට මහජනයාට අවශ්‍ය දේවල් දෙන්න ලොකු බැරුව ලොකු අමාරුවක වැටෙනවා. දැන් රජය මේ රජය මගින් ව්‍යාපාර කර ලාභ ඉපයීමේ ක්‍රමය හෝ ව්‍යාපාර කරන අයට අවස්ථාව ලබාදීමේ ක්‍රියාවලියෙන් මිදිලා තිබෙනවා. අයහපත් දේශපාලනික මැදිහත්වීම් ඇතුලෙ අපිට යහපත් කළමනාකාරණයක් කියන්නෙ හීනයක් විතරයි.

      Delete
  4. වී වගාවටත් ඔය දසාවම තමා අමිල..
    අපි දන්නවනෙ තිත්ත වෙනව පෝර එහෙම හොයන්න ගියාම..
    අස්සැන්න විකුණන්න ගියාම කුණු කොල්ලෙට දේන්න ඕන..
    උංගෙ අම්මට කියල බයිනව ඇරෙන්න අපේඋං කරන දේකුත් නෑ

    ReplyDelete
  5. සහනාධාර මත යැපෙන්නම බලන් ඉන්න ජාතියක් අපි. ඒක ගොවියාය කියා වෙනසක් නැ. ඔය සහනාධාර කැපුව දාට ආණ්ඩු කරලා හමාරයි.

    ReplyDelete
    Replies
    1. ඕක නලින් අයියෙ ඩිරෙක්ට් පොලිටික්ස් එකිව්වෙ ඇහැට පේන දේශපාලනයෙන් කරන්න අමාරුයි. රජය මගින් තෝරාගත් තැන්වල ආදර්හමත් විදියට මඩ ඉඩම් වල වෙනත් වගාවන් කරලා හෝ වෙනත් උපක්‍රමික වැඩ වලින් පෙන්වන්න ඔනි වී වගාවට වඩා වෙනත් වගා ලාබයි කියලා.. ඒත් රජය කරන්නෙම ඕනි දේට විරුද්ධ දේ..මේ වෙලාවෙ මඩ ඉඩම ්වල හත් පරණ හයමාස් වි ගහෙගන දේශීය වෙන්න ගියාම නිකං ඉඩමයි වතුරයි නාස්ති වෙලා සාපේක්ෂව ඉතාම අඩු අස්වැන්නක් ලැබෙනවා.

      Delete
  6. අමිල, මා ඉතුරු සටහන් දෙක ලියුවත්, කපල කොට කරන්න ඕනේ නිසා පළ කරන්න බැරි වුනා. ලංකාවේ පොහොර සහනාධාරය කියන්නේ ගොන් පාර්ට් එකක්. ලෝකේ හැම තැනම කෘෂිකර්මයට මහජන මුදල් යොදවන එකේ ලංකාවත් කරන එක ගැන මා විරුද්ධ නැහැ. එය මෙයිට වෙනස් විදිහට කරන්න පුළුවන්. මොනවා කරන්නත් මේ වැඩවසම් රජ පවුල් පාලනයට තිත තියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හිතනවා වැඩවසම් රජ පවුල ගියාම හරි කියලා. නමුත් එතැනින් ගැටළු නවතින්නේ නැහැ. නමුත් වැඩවසම් සමාජ දේහය ඇතුලෙ අපිට ආයෝජනයක් කරන්න බැහැ. ඒ කිව්වෙ පුරන් වෙච්චි වෙල් යායක් අරගෙන ජලවහනය හදලා පොල් වගාකරන්න වගේ වැඩක් ආයෝජකයෙක් කරන්න අමාරුයි. මොකද ඊලග දවසෙ අපිට කියන්න වෙනවා මට මගේ නොවන මගේම පොල් ඉඩමක් තිබුනා කියලා... මේක අද ඊයෙ නෙමෙයි එදා පටන් වන අවුලක්. ඉරිද පත්තරේ ශාන් වික්‍රමසිංහ හෙවත් ලංකාවට රූපවාහිනිය ගේන්න පුරෝගාමී වුන මනුස්සය කියල තිබුනා රූපවාහිනි චැනල පටන් ගත්ත ගමන්ම ජේ ආර්ගේ ප්‍රෝග්‍රැම් එකක් දැම්මෙ නැති නිසා සහ රූපවාහිනී ආයතනයට දේශපාලනික පත්වීම් යටතේ මිනිස්සු ගත්තෙ නිසා රූපවාහිනී ආයතනය රජයට පවරා ගත්තා කියලා.
      ඉතිං ඒ වගේ අවධානමක් හැම තැනම තියෙනවා. අච්චර මෙච්චර ආයෝජකයින්ට දෙනවා කිව්වත් දේශීයව මුදල් තිබෙන පිරිසක් හිටියත් ව්‍යාපාරවලට ආයෝජනය කරන්න බයයි මේ තියෙන කොල්ලකාරි පසුමිබ නිසා...

      Delete
    2. පොඩි පැහැදිලි කිරීමක් අමිල රජ පවුල් පාලනය කියුවේ ඒකාධිපති විවස්තා පාලන ක්‍රමය. ඔය 77 සිට එන්නේ.

      Delete
  7. තව එකක් ඇමෙරිකාවේ සහනාධාර දෙන්නේ නිෂ්පාදනය පාලනය කරලා, නිෂ්පාදිතයේ මිල ඉහල තියා ගන්න. තවත් එකක්. (ලංකා මහා බැංකු වාර්තා හරි නම්) කෘෂිකාර්මික සේවා නියුක්තිකයන් ගණන, මුළු වැඩ කරන අයගේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 30% කට ආසන්නයි. හැබැයි කෘෂිකර්මයේ ජාතික නිෂ්පාදනයට දායකත්වය 11% ක් වගේ.

    ReplyDelete
    Replies
    1. අපේ සහනාධාර වැඩපිළිවෙල වල් වල මූලික අරමුණ වන්නේ මැතිවරණවලදී ඡන්ද ලබාගැනීම පමණයි. බලන්න චීනයෙන් ණයගතපු රජයේ ප්‍රධාන ව්‍යාපෘතිදිහා..ඒවයින් බොහොමයක් සෘජු ලාභ තිබෙන ඒවා නෙමෙයි. හුදෙක් ලැබෙන ණ්‍ය මුදල කෙසේ හෝ ඡන්ද ලබා ගැනීම පිණිස වියදම් කිරීමක් පමණයි තියෙන්නෙ.

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...