Tuesday, May 13, 2014

සරණ වීමේ රසායනිකය chemistry of donation

මං කෙල්ලෙක්ට පෙරුවා ඉස්සර..අපි එයා රාජිකා කියල කියමු. කෙල්ල මට කැමති නොවී එයා රස්සාවට ගියාම වෙන කොල්ලෙක්ට කැමති වුනා. ලෝකයා කියන විදියට ඒ කොල්ලා උස සුදු ලස්සන කොල්ලෙක්. කාලාන්තරයක් ගත වුනා. ඒ රාජිකා මට අකමැති වුනාට ඉදලා හිටලා කතා කලා. ඒ කෙල්ලගේ පස්සෙන් යන කාලෙ මම ඒ ගැල්ලමයගේ පවුලට සමීප වෙල උන්නා. රාජිකා මොකක්දෝ පොඩි ගායන ස්ටාර් තරගෙකට ගියාම මම ඒකෙ රාජිකා හිටපු පින්තූරයක් අමාරුවෙන් හොයාගෙන ඒක ප්‍රින්ට් කරලා ලොකු කරලා ගෙදරට ගිහින් දුන්නා. ඒ වෙලාවෙ රාජිකාගේ පියා කියලා තිබුනා ඒක රාමු කරන්න ඕනි කියලා.

අහෝ ඛේදයකි එයාගේ තාත්ත මලා. අඬ අඬ කෙල්ල මට මලගෙදර කිව්වා. මට ඒකෙ කිසිම අලුත් ගතියක් තිබුන් නැහැ. මට දැනුනා ඒ ගැල්ලමයාට තාත්තා හදිසියේ නැතිවීමේ වේදනාව. ඒත් මම මල ගෙදර පැත්තෙවත් ගියෙ නැහැ. මොන හේතුවකට හරි මම නොයන්න තීරණය කලා. අවුරුද්දක් විතර කතා කරන්නෙ නැතිව ඉදලා පස්සෙ කතා කලා. දැනුත් ඉදලා හිටලා කතා කරනවා. ඇයි එහෙම තීරණයක් ගත්තෙ කියලා මට හිතාගන්න බැහැ. ඒත් හිතේ යටින් ඇත්තෙ මගේ ආඩම්බර කමයි කියලා මට හිතුනා.

එවෙලෙ මට හිතුන දෙයක් තමයි “දැං එයා යාලුයි. යාලු කොල්ලත් එක්ක වැටි වැටි ඇගේ එල්ලෙමින් අඩමින් ඇති,දැන් එයා යාලුවෙලා කොල්ලත් එක්ක ඉද්දි මට ඒ මලගෙදර නාට්ටියෙ ලැබෙන චරිතෙ මොකද්ද? වරක් පෙරණ ලද පෙම්වතා. සික්. මිනිස්සු සමාරු මාව පෙන්නලා ඒම කියාවි. වරක් පෙරන ලද පෙම්වතා..හරියට අරක්කු වගේ. ඇත්තම කිව්වොත් වරක් නෙමෙයි මම දෙතුන් වතාවක්ම හොදට පෙරන්නත් ඇති. “ ආන්න ඒ ලෝකාපවාදය මගේ හිතේ දෝංකාර දුන්නා. කොහෙද යන රිලවෙකුට මම සෙකන්ඩ් වෙනවා කියල අදහස සිතේ ඇතිවුනා. අවසානේ මම මලගෙදර නොගිහින් කුප්පයෙක් බවට පත් වුනා.

ඒක ඉවරයි. මේක කිව්වෙ මම සාන්තුවරයෙකුත් නෙමෙයි ගමේ කොල්ලෙකුත් නෙමෙයි කියල පෙන්වන්න. නැත්තං මේව බලන මිනිස්සු සැබෑ ලෝකෙ නැති චරිතයක් මවාගෙන පස්සෙ කාලෙක වන්දනාමාන කරාවි.

රසිකා කියන්නෙත් දාපු නමක්. රසිකා මට හමුවුනේ හරිම අහම්බෙන්. වෙඩින් එකකට ගිහින් ගෙදර එද්දි මට බස් එකේ කෙල්ලෙක් ගාව සීට් එකක වාඩිවෙන්න ලැබුනා. කෙල්ල මදක් මහත මදක් ලස්සන කෙනෙක්. ඒ වෙලේ වෙඩින් එකෙන් බීපු බ්‍රැන්ඩි කාලක් විතර මයේ ඇඟේ වැඩකලා. වීදුරු හතර පහක් බිව්වට වැඩිය බොන්න බැරි නිසා දෙක තුනෙන් වෙරි වෙනවා. පස්සෙ කාලෙක මා විසින්ම හොයාගත් විදියට මට බොන්න බැහැ. බොනකොට මහ කටුක රහක් එනවා එතනෝල් වලින්. බියර් හැර වෙන කිසිම සැර ජාතියක් මට විනාඩියක් කටේ තියං ඉන්න අමාරුයි. ඒ නිසා මම බීම අඩු කලා. ඒත් සමාර තැන්වල බීල හෑවා. ඒව අතුරු කතා.

ඇඟ ඇතුලෙ දිව්ව බ්‍රැන්ඩි කාලයි. මායි. ළඟින් කෙල්ලෙකුත් වාඩිවෙලා. ආයිස් අම්මා ගුන්ඩු. බස් එක ටික දුරක් එනකොට මට බ්‍රැන්ඩි මතටම නින්ද ගියා. ඔන්න ටික දුරක් එනකොට දැක්කෙ දුර නෑ වෙන ඇන්ටියෙකුත් පස්සෙ සීට් එකක. ගොඩක් පස්සෙ එකක. කමක් නැහැ හිනා වෙන්න ගියොත් කරදරයි. මං නොදැක්ක වගේ උන්නා. බිව්වට වැඩිය ගඳ නැහැ. ඉදලා හිටලා ටිකක් ඔක්කාර ගතියකුත් එනවා.

අත් දිග සර්ට් එක ඇඳල සෝක් කලිසං සපත්තු මේස්. කෙල්ල මාව කලිං දැකල නැහැ. රසිකා දන්නෙ නැහැ මම නෝමල් ඉන්න විදිය. ඒනිසා එයාට මාව ඇබ්නෝමල් කියලා පෙනුනෙ නැතුව ඇති. හනී මේ යකා ඒ සී කරපු කන්තෝරුවක වෙන් ඇති ඉන්නෙ. ඒකනේ මෙච්චර දාඩිය දාන්නෙ කියලත් හිතන්න ඇති.

කෝමහරි ටෝක් කලා. මුලදි කිසිම ටර්න් එකක් ලැබුන් නැහැ. නම ගම කැමපස් එක විස්තර කතා කලා. ඇත්තම කිව්වොත් ඉස්සලේල කැම්පස් එක ඉන් පස්සෙ ගම අවසානෙ නම අහගත්තෙ මට බහින්න තියෙන තැනටත් කිට්ටුවට ආවම. හුටා. කෝ කෙල්ලගේ නොම්බරේ. ඒ වෙනකොට බොහෝම ජනප්‍රිය වුන මගේ විසිටින් කාඩ් ටික ප්‍රින්ට් කරල නැහැ. ඒ නිසා දෙන්න එකක් තිබුන් නැහැ.

ඔයාට මොකටද මගේ නම්බර් එක? ඔයා දන්නෙත් අදමයි? මගේ පෝන් එක වැඩ කරන් නැහැ. ..වැඩක් නැහැ ඔයාට මගේ නම්බරෙ.. ඔය වගේ උත්තර වට කිහිපයක් ම එයාගෙන් ගියා. මල කෙලියයි මං බහින හෝල්ට් එක පහුවෙලා. ඒත් මම ගානක් නැතුව වෙරිමරගාතෙ දෝ මන්දා කෙල්ලගෙන් නොම්බරේ ඉල්ලලා පොරේ. එයා නොම්බරේ දුන්නා. ඒ වෙලාවෙ ඇගේ වැඩකල බ්‍රැන්ඩි කාල නැත්තං මං කෙල්ල එක්ක කතා නොකර, කෙල්ලගේ අතේ නොවැදි, නම ගමවත් අහන් නැතුව සිල් පූසා වගේ යනවා. නමුත් ඒ වෙලාවෙ වැඩකරපු මැජික් අරිෂ්ඨේ ආනුභාවයෙන් බස් එකේ අනික් උන් හිටියත් නොහිටියා කියලා හිතාගෙන අප්‍රතිහත ධෛර්යෙන් වැඩකරපු මට නොම්බරේ ලැබුනා.

ඒක අරං මං ඊලග හෝල්ට් එකෙන් බැහැල අනික් පැත්තට යන බස් එකක ගෙදර ඇවිත් කෝල් කලා. හරි නේ..ඇත්තම නම්බර් එක තමයි දීල තිබුනෙ.

රසිකා හරිම අහිංසකයි. බොක්කෙන්ම අහිංසකයි. ඔය විදියට හෝ මොනම විදියකට අපි කෙල්ලෙක් අදුන ගත්තත් අපිව කඩේ යවන්න හදනවා. කෙලින්ම හෝ වක්‍රව හෝ. ඒ අතින් රසිකා මැක්සා.එයාට මැසේජ් ගහන්නවත් සල්ලි නැහැ පෝන් එකේ,කිව්වම මම රුපියල් විස්සක ලෝන් පාරක් යැව්වාම එයාට සල්ලි ලැබුන සැනින් අර විස්ස ආයිම එවුවා. මට පුදුම හිතුනා. අනුන්ගෙන් ගන්න රුපියලක් වත් එයා තියාගන් කැමති වුනේ නැහැ.

ඉන් පස්සෙ රසිකා හමුවුනා. කතාකලා. මම එයාගේ කැම්පස් එකට ගියා. වැඩ ටිකක් ගියා. ඒ එක්කම එයාට බෝයි පෙන් කෙනෙක් ලැබුනා. රසිකා මා එක්ක කතා කරන එක අඩුවුනා. කිහිපවතාවක් හමුවෙලා වෙන්වෙලා තිබුනට රසිකා කාලයක් යද්දි මගේ මතකයෙන් අමතක වෙලාම ගියා.

මේ ලගදි රසිකා ආයිත් කතා කලා. විස්තර එහෙම ඇහුවා. එයාගේ හිතේ මං බැඳලා කියලා. හපොයි දෙයියනේ..!! මං හිතුවා එයා බැඳලා කියලා.. එහෙමත් වෙලා නැහැ. දැන් පරණ කොල්ලත් නැහැයි කියල තමයි කිව්වෙ? දැන් පාඨකයා හිතනවා ආහ්..දැන් හොඳයි..ගොනා පොල්පැලේට හැරෙන්න ඇති කියලා. ඒත් එහෙම වුනේ නැහැ. ගොනා අඹේවෙල පොල්පැලේ කුරුණෑගල. ඉතිං කෝමද සෙට් වෙන්නෙ?

කෝමද ඔයාට ඔයාලයි ගෙදර අයට තාත්තට හෙම? තාත්ත අසනීපෙන් හිටිය නේද? මම සුවදුක් අහන්නට සැරසුනා. තාත්තට නම් ඒ තරං හොදකුත් නැහැ ලොකු පස්නෙකුත් නැහැ. අපේ මල්ලිට පොඩි ප්‍රශ්ණයක් වෙලා වකුගඩු අමාරුවක්. එයාට කාලෙක ඉදන් තිබුනා. දැන් වකුගඩු මාරු කරන්න වෙලා. අම්ම වකුගඩුවක් දෙනවා. ලොකුවට බයවෙන් දෙයක් නැහැ කියල දොස්තරල කියන්නෙ. අනේ මන්ද. මොනව කතාකරනවද මන්දා ඔයාත්. මං මානසිකව වැටිල නැහැ. ඔයා හැමෝටම කියන බයිල මටත් කියන්න එන් එපා. මේ කලිං කිව්වෙ මම එයා එක්ක කතා කරද්දි මම අහපු පස්න වලට එයා දුන්න උත්තර.

වැඩේ සක්සුදක් සේ පැහැදිලියි. අම්ම කරන්නෙ ගාමන්ට් රස්සාව. දුවට උගන්නල කැම්පස් යැව්වා. දුව කලේ ආට්. ඒ ඇඹිලිපිටියෙ ඉදලත් දුර ගමේ ඉන්න කෙල්ලෙක් ආට් නැතුව වෙන මොන වලාමක් ඉගෙන ගන්නද? තව මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඒ ලෙවල්. එයාතමයි දැන් ලෙඩා. දැන් මෙයා කැම්පස් ෆයිනල් ඉයර්. රසිකාගේ තාත්තට ත් මොකද්ද අමාරුවක් නිසා එකතැන. ලොකු රස්සාවක් කරන්න බැහැ. ලොකුවට සල්ලිය බාගෙ තියෙන මිනිස්සු නෙවෙයි.

වකුගඩු ලෙඩෙක් සහ එයාට වකුගඩුව දෙන්න ගෙදරම කෙනෙක්. ඒ කියන්නෙ ලෙඩ්ඩු දෙකක් එක ගෙදර. මේ වගේ වෙලාවට නෑයො යාලුවො සාමාන්‍යෙයන් ඈත් වෙනවා. සල්ලි දෙන්න පුලුවන් අයත් දෙන්න පුලුවන් අඩුමගාන පුදලා අයින් වෙනවා. මේ වගේ ජීවිත පද්ධති එක්ක සමීප ආස්සරයක් තිබුන, ඒ වගේම පසුබිමක් එක් කාලෙක අපේ ගෙදරත් තිබුන නිසා මට ඒ ගෙදර දැන් පවතින තත්වය ටිකෙන් ටික වැටහෙන්න ගත්තා.

ඒක මතක් කරන එක මට හරි වේදනාවක්. සමාර අයට මේවා සිද්දි විතරයි. ඒත් අවාසනාවට මට සිද්ද වුන එකක් වගේ හරිම මෙව්වා එකක් දැනෙන්න ගත්තා.ඔපරේෂන් එක කරන්නෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ. ඒත් හදිසියෙ ගන්න බෙහෙත් වලට ලක්ෂ තුන හතරක් ඕනි වෙනවා. මං කියල මොනව කරන්නද? ඊලග පාර පඩිගත්තම මම රුපියල් දහදාහක් විතර දීල දානවා කියලා තීරණය කලා.

ජනාධිපති අරමුදලේ ගානක් ලැබේවි. එයා වැඩකරන ගාමන්ට එකෙනුත් පොඩි ගානක් ලැබෙයි. යාලුවො නෑයො හෙමත් ගානක් දෙයි. මොකුත් නැතිවුනොත් කණ කර උගස් තියල සල්ලි මදි නිසා ගෙවල් දොරවලුත් උගස් තියාවි. පස්සෙ කාලෙක රසිකාත් අවුරුදු ගානක් රස්සාව කරලා අර ගේයි ඉඩමයි බේර ගනීවි.

මේ සිදුවීම දැන් සති දෙකක් තිස්සෙ මගේ හිතේ කැරකෙනවා. හැම දෙයක්ම ඒ සිද්දිය හරහා දකින්න පුරුදු වෙලා. හරියට පොඩිකාලෙ අපි කැමති දෙයක් අරන් දුන් නැති වුනාම දවස් ගනන් ඒක ගැන කම්පනා කරලා අම්මලට ඒකට සල්ලි තියෙනවා මේකට නැහැ. තාත්ත එයැය්ට අලුත් සරමක් ගත්ත මට කැප් එකක් තමයි එයැයිට අරං දෙන්න බැරි. කියාල පොඩි කාලෙ අපි තාත්තල දේකට බෑ කිව්වම සන්සන්දය කරලා හිතනවා. මාත් ඒ වගේ තැනකට ඇවිත්.

වෙන යාලුවෙක් සල්ලි එකතුකරලා දුෂ්කර පැත්තක විහාරයක් හදන්න අදහසක් ගැන කිව්වා. මං ඒකට බැන්නෙ “තොපේ ඔය ගඩොල් ගොඩවල් හදන එකට මම වචනයකින් වත් උදව්වක් දෙන්නෙ නැහැ‘‘ කියලා. මට අනුව පංසල්,පල්ලි,කෝවිල් හදන එකට වඩා අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න පුලුවන් අවස්ථා වලදි ඒම කරන එක හොඳයි. ඒක මානසිකවත් වැඩිපුර සතුටක් ගේන වැඩක්.

15 comments:

  1. සමහරක් වෙලාවට ඔය ගඩොල් සීන් එක මටත් හිතෙනව .

    අනික තමයි මචං , සමහරක් වෙලාවට මම දැකල තියනව අවුරුදු පනහේ හැටේ මිනිස්සු , එහෙමත් නැත්තං මොනව කලත් මැරෙන අය ( ඔෆරේෂන් එක ෂුවර් නැති ) අවයව බද්ධ කරනව , සල්ලිත් එකතු කරල ,

    ඒ එකතු කරන සල්ලි සහ අවයවය එයිට වඩා සමාජයට වැඩදායකවෙන කෙනෙකු වෙනුවෙන් යොදවන්න පුළුවන් කොහොමත් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයෙක් වෙනුවෙන් යොදවනවට වඩා ,

    අමතක කරන්න නරකයි අවයව සහ ආධාර මුදල් සීමිතයි , ඒවා ලැබෙන්න ඕන අවශ්‍යම පලදායි හොදම කෙනාට .

    නිකමට හිතන්න කා වෙනුවෙන් හරි ආධාර එකතු කරපු පලාතක ආයෙත් එහෙම වැඩකට ආධාර එකතු කරන එක මාර අමාරුයි .කොහෙද එහෙම දෙන්න සල්ලි තියෙන්නේ මිනිස්සුන්ට .

    මේක ටිකක් අමානුෂිකයි වාගේ තමා , ඒ උනාට කටුක ඇත්ත ඕක .

    අර ගෑණු ළමයි බීලා ඉන්න උන්ට නම්බර් දෙන එකනං නිකං මොකදෝ මොකදෝ වාගේ

    ReplyDelete
    Replies
    1. මචං ඒක ඇත්තටම සිද්ද වුනා. බීල කිව්වට කණ සාක්කුවෙ වැටෙන්න බීල නැහැ.. එක්තරා ප්‍රමාණයකට. තිබුන බ්‍රැන්ඩියත් ස්තරම් එකක්.. කෙල්ල පස්සෙ කාලෙක කිව්ව විදියට මම බීල කියල අහු වෙල නැහැ.. කෙල්ල හිතල තියෙන්නෙ ඒ මගේ සාමාන්‍ය විදිය කියලා. මම ගොඩක් හොදට කතා කලා කිව්වා..

      Delete
    2. බීපු මිනිස්සුන්ට ඇඩ්‍රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ගිහින් එවන් බඩු වලට ජැක් ගහන පිම්පියොයි ගැන කතා කරන්නෙ මොකටද මල්ලී,ඔයාට අනුව,බුදු දහම ඇවිල්ලා තනිකරම මැටි ගොඩක් නේද?වරද බුදු දහමෙද නැත්නම් ඔයා වගෙ තුප්පහි පිරිමිගෙයි අර වගේ බඩුවලයි ද?

      Delete
  2. අඩේ අමිලය අදාල නැද්ද මන්දා බං මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. අදාලයි අදාලයි.. උඹ කියපු කතාවෙ මහ ගැඹුරක් තියෙනවා..දැන් මේ අපේ ඔපිස්වල හෙම සල්ලි නිකාං විච්චූරුන බෞද්ධ වැඩවලට වියදං කරනවා. කොටින්ම අපි පොත් බෙදන්න කියල ගිහිපු සමාර පාසැල් වල දෙමාපියොම කිව්වා එයාලට වඩා දුප්පත් ලමයි ඉන්නවා ඒ අයට බෙදන්න ඊලග පාර කියලා..

      Delete
    2. බීපු මිනිස්සුන්ට ඇඩ්‍රස් දෙන කෙල්ලොයි,බීලා බස් වල ගිහින් එවන් බඩු වලට ජැක් ගහන පිම්පියොයි ගැන කතා කරන්නෙ මොකටද මල්ලී,ඔයාට අනුව,බුදු දහම ඇවිල්ලා තනිකරම මැටි ගොඩක් නේද?වරද බුදු දහමෙද නැත්නම් ඔයා වගෙ තුප්පහි පිරිමිගෙයි අර වගේ බඩුවලයි ද?

      Delete
  3. නියම ආත්ම භාෂණයක්.

    ReplyDelete
  4. තිත්ත උනත් ඇත්ත..

    ReplyDelete
  5. ලෝකෙන්ම ලොකු, ආසියාවෙන්ම විශාල.... මෙයාල මහන වෙන්නෙ අතඅරින්න නෙවෙයි මම හිතන්නේ බදා ගන්න.
    පිහිටක් බලාපොරොත්තු වෙන අය කොච්චර ඉන්නවද මේ ලෝකේ...

    ReplyDelete
  6. අමිල හැම මනුසත්වයෙක් ගාවම ඔබ කියනා ආකාරයේ මනස්තාපයන් තියනවා. ඒත් ඒ බැව් කියාගන්න බැරිව ලතවෙනවා. ඔබ සියල් හැගුමන් අපුර්ව ආකාරයකට අකුරු කරලා...

    ReplyDelete
  7. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
  8. මොනාද යකෝ මේ ලියන බලුපුකවල්.තමුසේ රාජිකාට,රසිකාට,නිල්මිණීට, සදලතාට,පාතිමාට බැරිනන් ජයලලිතාට පෙරුවත් කියවන අපිට පාන්ද යකෝ.ඒ මදිවට කනපැලෙන්න බීලා බස්වල කරන දහපදුරු සක්කිලි වැඩ.හිතාගෙන ඇති බඩේ චන්ඩියා දාලා අහින්සක කෙල්ලෙක්ව මෝරා කරගත්තම තමුසේ හරි එකා කියලා.තමුසෙලාගේ රටේ නායකයටම හරියන පොරවල් තමයි ඕයි තමුසෙලත්.ඌත් තන්ගල්ලේ තමුසෙත් තන්ගල්ලේ නේද.තමුසේ මේවගේ මේ ලෝකේ රහක් නැති බලුපුකවල් ලියලා ඒවා ප්‍රසිද්දකරාම නාස්ති වෙන්නේ කියවන අපේ ඩේටා බූරුවෝ.තමුසෙලා වගේ මිත්යා දුස්ටිකයෝ ඉන්නකන් තමයි මේ රටට නිවනක් නැත්තේ.ගඩොල් ගොඩවල් හදන්න.අහවල් එකතමා.යකෝ දුටුගැමුණු රජ්ජුරුවොත් තෝ වගේ බලුපුකෙක් හිතපු විදියට හිතුවනන් අද සුද්දෙක්ට පෙන්නලා ඩොලර් 1ක් ගලෝගන්නවත් ලබ්බක් නැහැ මේ රටේ.තමුසේ තමුසෙගේ විදියට පින් කරගන්නවා.අනිත් අය ඒ විදියට කරගනී.ආයෙත් මේ වගේ බලුපුකවල් නොලියා ඉන්නවා.ඒක තමයි තමුසේ වගේ බලුපුකෙක්ට රටට කරන්න පුලුවන් විසාලම සේවේ.

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට පුක පෙන්නලා සල්ලි හම්බකරන එකත් ආඩම්බර කාර රස්සාවක් සතුටුයි අදුන ගන්න ලැබුන එක.
      මේ වගේ ලිපියක් කියෙව්වා කියලා ලොකුවට ඩේටා නාස්තිෙ වන්නෙ නැහැ. කිසි දේකට බයවෙන් එපා. මං වැදගත් දේවල් ලියන් නැහැ..මට මේ වැදගත් විදග්ද ආදර්ශමත් බ්ලොග් පොරෙක් වෙන්න කිසිම උනක් නැහැ.

      Delete
  9. පෙරණ කතා මල් කතා මැදින් උනත් අමිල මේ කියන්නේ ජීවිතේ හැටි මෙහෙමයි කියන අවංක කතාවක් . හිතට දැනුනා

    ReplyDelete
  10. ''මම එයාගේ කැම්පස් එකට ගියා. වැඩ ටිකක් ගියා'' නොදකින් මේ වගේ වනචරයො...! මුන් අම්මලාගෙන් බිහිවෙච්ච උංද?කෙල්ලෙක් දැක්ක ගමන් හදන්නෙ මුගෙ අර ජරා භාන්ඩෙ ඒකිට ඔබන්න.දැන් ඒකිට මුදල් ආධාර දෙන්න හදනවා.බස් එකක කෙල්ලෙක්ට යන්න බැහැ ,ඒකිට ජැක් ගහනවා. චැට් කරොත් කුනුහරුප කියනවා.මුන් තමය් විවුර්ත ආර්ථිකයේ අවාසනාවන්ත ප්‍රතිපල.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...