Monday, December 13, 2010

කුමටද දිවි දී....අපි ආතල් ගත්තේ.

වේලාව:-රාත්‍රී 2.00 ට පමණ....
දිනය:-අද සිට බලනවිට පසුගිය සතිය ඇතුලත දිනයක්....
ස්ථානය :- නැගෙනහිර වෙරලේ ත්‍රීකුනාමලයට ආසන්න හමුදා කඳවුරක්...

සිද්ධිය:-රාත්‍රී භාගයේ මුහුදු ගිය ඔරුවක් පෙරලී එහිසිටි හමුදා සෙබලු 4 දෙනාගෙන් 3 දෙනෙකු දිවි ගලවාගත් අතර එක් අයෙකු මියයන ලදී..මියගිය අය අවුරුදු විසිපහක පමණ මොණරාගල පදින්චි හමුදාවේ සෙබලෙකි.ඔරුව පෙරලීමෙන් පසු ඉතිරි තිදෙනා පීනා විත් ඇති අතර අනෙකා මඟ දුරක් යනතෙක් අනික් සෙබලෙක් විසින් ඇදගෙන විත් ඇත..එහෙත් එක්වර ඔහු යටගිය වග අනික් සෙබලා පවසා ඇත..දින දෙකකට පසු කලපුවට මිනිය ගසාගෙන විත් ඇත නමුත් එවිට මිනිය බොහෝසෙයින් නරක් වී තිබුනු බවට දුටු අය පවසති.
.එම ඔරුව හමුදා කඳවුර සතු එකම ඔරුව වන අතර එදින එම කඳවුරට පැමිණි නැගෙනහිර නව ආඥාපති තුමා වෙනුවෙන් අලුත් මාලු ඇල්ලීමට ඔවුන් රාත්‍රී මුහුදු යවා ඇත..මෙසේ යන ඔවුන්ට බොහෝ විට ලැබෙනුයේ අරක්කු බාගයක් හෝ බෝතලයකි..සාමාන්‍යයෙන් හමුදා සෙබලුනට මත්පැන් කඳවුර තුලදි ගැනීම තහනම් වෙයි..එනිසා ලොකු මහත්වරුන්ට ඇති අවසරය මත මත්පැන් ගෙනවිත් සෙබලුන්ට දී නිලතල වලට අවසි බොහෝ වැඩ හමුදා සෙබලු ලවා කරගනිති...ඒ අතර මෙවැනි දිවිය සමඟ සෙල්ලම් කරන වැඩද ඇතුලත් වෙයි.කෙසේ හෝ සල්ලි නැති නිසා ජීවිතය උගස්කර සල්ලි සෙවීමට හෝ නැතිනම් රට බේරාගැනීමට හෝ නැතිනම් මේ දෙකම නිසා හෝ හමුදාවට ගිය අහිංසක තරුණ ජීවිතයක් අකාලයේ නැතිවිය..

3 comments:

  1. මොනදේට වුණත් අන්තිමට බිලිවෙන්නෙ අහිංසකයො තමයි. වීරයන්ට අඳින්නෙ උන්ගෙ මරණ වලින් ජය ලබපු එවුන්.

    ReplyDelete
  2. අපොයි දෙයියනේ

    ReplyDelete