Monday, January 30, 2012

තට්ටු ගෙයි සිරකරුවා (the prisoner of flat)

එතකොට අපේ අප්පච්චි ගොයිය. මං ගොයිතැන්වලට ආස නෑ. ඒ නිසා මාව දැම්ම වෙදකං ඉගෙනගන්න. මං ආස උන් නෑ වෙදකමට. ඒත් අත්ත ගෙන් මං ගුරුකං කේන්දර බලන හැටි හෙම ඉගෙන ගත්ත. මං ගෙදර ඉන්න කොට අපේ පාවර ඇරෙනකොට වී හරියට බෙදුෙව නෑකියල ගමේ මුදලාලිගෙ පුතා ඇවිත් සද්ද දැම්ම. ඌ හිතන් නැතුව ඇති මං ඉන්නව කියල ඇතුලෙ. පස්සෙ මං ආව එලියට. මූ නවත්තන්නෙ නෑ..මූ අපේ අම්ම අප්ප ගැන මහ බලු කතා වගයක් කියන් ආව. තොපේ මහඑකයි තොගෙ  පවුලයි යන්න තැනක් නැතුව බඩවල් හදන් එහෙ මෙහෙ යනකොට අපේ අප්පච්චි ල තමයි ඉන්න හිටින්න තැනක් වැඩකරන්න කුඹුරක් දුන්නෙ. එහෙව් එවුන්ට බොලා කොකා පෙන්නනවා..ඌ එහෙමත් කිව්ව..
දැං අවුරුදු තිහකටත් එහා නිසා මට නිච්චි නෑ..ඒ කියපු ඔක්කොම..ඒත් මට ගහන්න මූ වැටේ තිබුන පොල්ලක් ගලෝගෙන ආව..ඇයිතෝ ගහන්නද කියලමං මන්නෙ අරන් පැන්න එලියට..අරූ ගැහුවෙ නෑ..මං ගැහුව..එතකොට ඔය මුදලාලිට හිටිය දෙවෙනි කොල්ල. මුදලාලිගෙන් පස්සෙ මැරකං කරගෙනගමම හොල්ලං හිටියෙ ඌ.ඌ මගේ කැති පාර ඔලුවට වැදිල මලා.

මුදලාලි නඩු කියල නඩු කියල අවුරුද්දක් විතරමං පොලිසියෙ තියල කොහොම හරි අවුරුදු තිහකට අච්චු කලා. ඒත් විසිපහකින් එලියට එන්න ලැබුන. හොඳට හිටිය නිසා. ඒක හදිස්සියෙ වුන දෙයක් උනාට මුදලාලිගෙ පැත්තෙ පෙරකදෝරු මහත්තුරු දක්ෂයො. උන් මාව කෝමහරි ඇතුලට දාන්න දක්ෂ උනා..
මේ කතා කරන්නේ පියරත්න නැමැති පුද්ගලෙයෙකි. වැවුනු රැවුල, කැලැල් මූන, සිනා වැඩි නැති මූන ඔහු ගේ වයස වැඩිකර පෙන්නයි. පියරත්න උන්නැහේ මගේ ජීවිතේ බේරුවේය. පියරත්න උන්නැහේ මගේ ජීවිතේ බේරුවේද නැත්නම් පියරත්න උන්නැහේ ගේ මීයා මගේ ජීවිතය බේරුවේද යන්න මහත් ගැටලුවකි. දිනක් මා වැලිමඩට යන අතරමගයි. රාත්‍රි බසයක් වූ එහි මා වාඩි වූ අසුනේ වාඩි වූ අනෙකා පියරත්නයි. මා ඔහු කවුද කොහි සිට පැමිනි කෙනෙක් දැයි නෙදැන සිටියෙමි. ඔහු අත මල්ලකි. එය උකුලේය. ඒ මල්ල ඇතුලේ ඇති යමක් දෙස පියරත්න උණ්නැහේ නිතර බලයි. යලිත් වසයි. අනික් බොහෝ රෑ බස් සගයන් මෙන් පියරත්න උණ්නැහේ මගේ ඇඟට පහත්වන්නට ආවේ නැත. බසය තේ බීමට නවත්වන ලදී. එතැනින් ඉක්බිති බසය ගමන් කිරීම ආරම්භ කලේ ස්වල්ප වේලාවකි. කීං කීං සද්දයක් පියරත්න මහතාගේ බෑගයෙන් නික්මෙන්නට විය. ඉන්පසු එවිට අවදියෙන් සිටි මගීන් පියරත්න උන්නැහේ දෙස බලන්නට විය. ඉන්පසු කොන්දොස්තර මහතා ඇවිත්..ලොකු උන්නැහේ සත්තු ගෙනියන්න බෑ බස්වල..යැයි කීය.. ඉන්පසුත් කීං කීං සද්දය ඇසුන බැවින් පියරත්න උන්නැහේ බසයෙන් බැස යෑමට තීරණය කලේය. ඊට පෙර මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවත් පියරත්න උන්නැහේද වැලිමඩට යෑමට සිටින බවත් අපි කතා කරගනෙ යම් විශ්වාසයක් ඇති කරගෙන තිබුනි. ඔහු මට කතාකොට අඩ නින්දේ සිටි මා අවධි කර මෙතන ඉන්න එපා වෙන සීට් එකකට යන්න යැයි කීය. එවිට බස් රියේ වෙනත් සීට් කිහිපයක්ම හිස් තිබූ බැවිනුත් නින්ද හොඳින් කරගෙන යෑමට වෙනත් සීට් එකක් වුව බාදාවක් නැති හෙයින් මා පියරත්න උන්නැහේ ගේ කීමට ඇහුම්කන් දී වෙනත් අසුනකට ගියෙමි. ඉන්පසු පියරත්න උන්නැහේ බැස ගියේය..

ස්වල්ප වෙලාවක් ගතවිය. බස්රිය මහා හඬින් ගසක වැදුනි. ඒ සමග විසිවුන මාද පෙරලී ගොස් වැටුනි. නමුත් තුවාල කිසිවක් නොවීය. කුමක් වීදැයි තරමක් සොයා බලන විට මාත් පියරත්න මහතාත් සිටි තැන පාර අයිනේ ගසක වැදී ඇත. එතැන කිසිවෙක් සිටියානම් චප්ප චොප්පං වී ජූස් ඇති වෙන තරමට එතැන තැලී තිබුනි. බස් රියේ ඒ පස සිටි බොහෝ දෙනෙකුට තුවාල අධිකය. අනෙක් පස ගිය මටත් තුවාල කීපයක් විය. එනමුත් කිසිවෙක් මේ අනතුරින් මරණයට පත් වූයේ නැත. බසය සෙමෙන් කන්දක් නගින අතර රියදුරු මහතාට නින්ද යෑම නිසා බසය මාර්ගයෙන් ඉවතට පැන ඇත. ඇල වෙමින් ඉදිරියට යමින් තිබූ බසය පහල ප්‍රපාතයට පෙර තිබූ පොල් ගසක ප්‍රමානයේ ගසක වැදී නැවතී ඇත. එම ගසද නැවී තිබෙනු මා පසුව දිටිමි. නින්දෙන් සිටි ඉරියව්වෙන්ම බසය ඇල වෙන විට වෙනත් තැනක සිටි මා පෙරලීම නිසා මගේ අස්ථි කීපයකට පීඩනයක් එල්ල වීම නිසා හටගත් තැලීම් හේතුවෙන් දින කීපයක් යනතෙක් ඇවිද්දේ සහ වෙනත් ක්‍රියාකාරකම් කලේ අපාසුවෙනි. මා කලින් පියරත්න උන්නැහේ සිටි අසුනේ සිටියේ නම් මා අද ජීවතුන් අතර නොමැති වන්නට ඉඩ තිබුනි. කෙසේ හෝ අවසානයේ පියරත්න උන්නැහේ කොහිදැයි හොයන්නට මට සිත්විය. නමුත් අවාසනාවන්ත ලෙස පියරත්න උන්නැහේ ගැන තොරතුරු සෙවිය හැකි මාර්ගයක් නොවීය. ඉන්පසු මා කලක් ගොස් කොළඹ බස් නැවතුමේ ගෑනු ලමයකු එනතුරු මග බලාගෙන රස්තියාදු වෙන අතර පියරත්න උන්නැහේ හදිසියේ දිටිමි. හනික දුවගොස් මා ඔහුට විස්තරය කීමි..
ඒ අවස්ථාවේ වෙනත් හදිසි ගමනක් යන බවත් අවැසිනම් කතා කරන්නැයිද කියා මට නොම්මරයක් දී ඔහු ගියේය. පසුකලෙක මා දුර ඇමතුමක් දුන් අතර එහිදී ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙසෙන බව ආරන්චි විය. ඇඹිලිපිටිය නගරයේ තට්ටු ගොඩනැගිල්ලක කාමරයක ඔහු විය. කාමරය මනාව අස් පරස් කර පිලිවෙලකට තිබුනි. කිනම් ආකාරයෙ පුද්ගලයෙකුදැයි නොදන්නා නිසා මා වෙනත් යාලුවෙක් සමග ගියෙමි. ඔහු පසුව යමු යමු යැයි පෙරැත්ත කරන විටඒ ගෝතයා නැතුව තනියම මේ මගේ ජීවිතය බේරු සොඳුරු මිනිසා හමුවන්නට ආවේ නම් මනා යැයි හැඟිනි..
ආගිය තොරතුරු කතාකර මා එදා සිද්දියට ගියෙමි..ඉතින් අංකල් එදා මොකද උනේ...?/හදිස්සියෙ බැහල ගියා..මීයෙක් කෑ ගැහුව..
ම්ම් ඒව පරණ කතානෙ ලමයො..ඉතින් දැන් කෝමද කැම්පස් ගිහින් ඉවරද...??ඔහු කිසියම් කරුණක් නිසා පසුබසින බව මට තේරුනි. මේ ලෝකෙ සිහියක් නැතුව පෝන් එකේ වෙලාව බලමින් සිටි මගේ මිතුරා නිසා මට ඔහුට පෙරැත්ත කොට යමක් ඇසි ය නොහැකි විය. නමුත් පසු දිනෙක මට පිලිතුරු ලැබුනි..

මෙහෙමයි එදා කෑගැහුවෙ මං සුරතලයට ඇති කරන මගේ සූකිරි..සූකිරී...සූකිරී..ඔහු කතාකරන්නට විය.. ඉන්පසු කෝ මේක? කියා සොයන්නට විය. මඳ වේලාවකින් අතේ අල්ල මත මීයෙකු තියාගෙන ඔහු ආවේය. මූට ලඟදි ලොකු ඇබැද්දියක් උනානෙ..මේ පූස් තඩියෙක් ඇවිත් මූ නෑවනේ බාල්දියක බැහැල..හෙහේ හෙහ්..
දැන් ඔය ලමයට මේක නිකම් පුදුම ඇති නේ..මං සත්තුන්ට හරි ආදරෙයි. මහ උලු ගෙදර ඉන්නකොට මූ මගේ යාලුවෙක්. මුගේ අනික් කස්ටියත් මගේ යාලුවො. ඒත් සූකිරිගෙ සීය තමයි මට ඇල්ලුව මීය. හිරගෙදර බල්ලො පූසො එහෙම නෑනෙ. ටික කලක් මං මූට කෑම දැම්ම..ඉන්පස්සෙ වතුර එහෙමත් දැම්ම. පස්සෙ හිරගෙදර කුටිය අස්සෙ දි මූ තමා මට හිටිය එකම සතා..හිරේ ඉන්නෙ වැරදි කරපු අය කියල ආයෙ ඔය ලමයට කියන්න ඕනි නෑනෙ..ඒත් මං වැරැද්දක් ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. උන් එක්ක එක්කාසු වෙලා කියන්න මහ ලොක කතා මට තිබුනෙ නෑ. කොටින්ම එකෙක් හිටිය..ඌ බාගෙට පිරිමියෙක්..ඌ ඉතින් ඌ ආතල් දීපු හැටි ඒව මේව කියනව..ඒත් මට එහෙමවත් කියන්න එකක් තිබුනෙ නෑ..කතන්දර අරෝ මේව තිබුනෙත් නෑ. මොකා ජනාධිපති උනාද මොකාමලාද කියල මට වගක් තිබුනෙත් නෑ. මුල් කාලෙදි අපේ අම්ම තාත්ත බලන්න ආව මාව. නමුත් නංගිල කසාද බන්දනකොට හිරගෙදර අය්ය කෙනෙක් ඉන්නව කියන එක එයාලට ලැජ්ජාවක් ඒ නිසා එයාල කසාද බඳින ඒවට කරදර වෙයි කියල මාව හැංගුව. කොහොමත් මං ගෙදර හිටපු කාලෙත් හොඳ කීකරු එකෙක් නෙමෙයි..දඩබ්බර කමක් නොතිබුනාට කිසි උදව්වක් කලේ නෑ අප්පච්චිටවත්. ඒ මනුස්සය උදැල්ල අරන් කුඹුරට ගිහින් වතුර හරවල ඇවිත් උදේට කන්න ලෑස්තිවෙනකොටත් අම්ම මාව කූද්දනව...
අතරමැද මා ඇසු ප්‍රශ්ණ සියල්ල මෙහි ඇතුලත් කිරීම නොකරන අතර ඔහුගේ කතාව පමණක් එනම් පිළිතුරු පත්‍රය පමණක් මෙහි පලකරමි. ඒ දකින කෙනකුට සියල්ල තේරුම් ගත හැකි වෙනු ඇතැයි සිතමි..
ඉතින් ඔය මීයො තුන් හතර දෙනෙක් මාත් එක්කම හැදිල මගේ ගුබ්බෙම ඉඳල..මං එලියෙ තියෙන වැඩට ගිහිං එනකල් බලං ඉන්නවා. ඉතින් මං මොකක් හරි කරෝල කෑල්ලක් හරි පොල් කෑල්ලක් හරි හොයාගන්න පුලුවං උනෝත මුංට ගෙනත් දෙනව..දවල් කෑමට කරෝල කෑමට දෙන දවසකනම් කරෝල ගත හැකි. උයන ගේ ඉන්න එකෙක් සේප් කරගෙන යන්තම් පොල් කෑල්ලක් ගත හැකි. ඔහොම ඉතින් අවුරුදු ගානක් ගෙවුන මුගේ මුත්තත් මගේ යාලුවෙක්..මුගේ තාත්තත් යාලුයි..දැන් මූ..මුන් ජීවත් වෙන්නෙ අවුරුදු තුන හතරක් තමයි..මං මුන් හැම තිස්සෙම ලග තියාගන්නෙ නෑ. ඒත් පොඩි කාලෙ ඉඳල පුරුදු කලාම ආය යැව්වත් ගිහිං උන්ගෙ පවුල් සංස්තා වැඩ කරල ආයෙ එනව..හිරේදිනම් මුංෙග පවුලෙ අය ඉන්න යාලුවො ඔක්කොම දන්නවා..ඒත් මෙහෙදි එහෙම නෑ..
.එතකොට අංකල් ඇක්සිඩන්ට් එක??

එදා ඇක්සිඩන්ට් එක දවසෙ ඩ්‍රයිවර් ටිකක් වෙහෙස ගතියකින් උන්නෙ..මේ සූකිරිත් හිටියෙ මගේ බැග් එකේ..මෙයා එක්කරන් ගියේ මං ගියේ වෙන නවාතැනක් හොයාගන්න වැඩකට නිසා..මුංටත් නවාතැන හොඳයිද බලන්නත් එපැයි.. ඉතින් මං කී වතාවක් දැක්ක ඩයිවර උන්නැහේ මූනට වතුර ගාගන්නව හෙම..අනික තේ බොන්න නැවැත්තුව කඩෙන් මිනිහ පොඩි සැර ටිකක් මොනාහරි ගත්ත. ආයෙ සීට් එකේ වාඩි වෙනකොට පොඩි වෙනසක් තිබුන. සීට් එකේ වාඩි වෙලා දෙපාරක් කෙල ගැහුව බස් එක ස්ටාට් කරන්න කලින්. මං මං දැනං උන්නු සාස්තරේ පාවිච්චි කලා පොඩ්ඩක්. මිනිහ බොන කෙනෙක් තමයි. මං දන්නෙ ජෝතිෂෙ විතරක් නෙමෙයි අංග ලක්සණ සාස්තරේත් දන්නවා. ඔය ලමය කලින් දවසෙ එක්කරන් ආවෙ මහ කලබල කාරයෙක්. එයාට කෙල්ලො දෙතුන් දෙනෙක් ඇති..හෙහේ හෙහේ හෙහේ..
ඔය ලමයත් කැම්පස් කියල මං කියන්න කලිං දැනං හිටිය. ඉතින් ඔහොම යනකොට තමයි මෙ සූකිරි කෑ ගහන්න ගත්තෙ. එතකොට මං දැනගත්ත මොකක්හරි වෙනසක් කියල..ඒ නිසා කොන්දොස්තර එක්ක ලොකුවලි දාගන්නෙ නැතුව මාරු උණා. කෝමහරි ඔය ලමයටත් කුමක් නමුත් අපල වගෙ දෙයක් මට පෙනුන. ඒනිසා මං කිව්ව සීට් එක මාරු කරන්න කියන්න ඕනි කියල හිතුන...
එතකොට පියරත්න අංකල් ජෝතිෂෙන් විතරක් නෙවෙයිද සාස්තර කියන්නෙ...
මං සාස්තර කියන්නෙ නෑ..කියන්නෙ අනාවැකි.ශරීර අංග පිළිබඳ විද්‍යාව, අත බලා සාස්තර කීම, ජෝතිශ සාස්ත්‍රය සහ තියුනු ඇස්දෙක තියෙනවනම් කෙනෙක් ගැන ගොඩක් දේ කියත හැකි. ඔය ලමය ශිෂ්‍යයෙක් කියන්න මට ඔය ලමයගෙ කේන්දර ඕනි නෑ..ඔය ලමයගේ අතේ මැනික් කටුව හරියෙ ගෙවිල තියෙන්නෙ ඔතන ගෙවෙන්නෙ සාමාන්‍යන් කොම්පියුටර් ගහන අයගෙ..ඔතනට උඩ හරිය පොඩ්ඩක් කලු වෙන්නෙ ලියන කියන අයගෙ...කැත්ත පාවිච්චි කරන අයගෙ අතේ කරගැට එන තැන්වල නෙමෙ උදැල්ල පාවිච්චි කරන අයගෙ ඉන්නෙ..කරගැට තිබුනත් අත් සුමුදු කිසි රලුවට දැනෙන්නෙ නැති ගතියක් තියෙන්නෙ ආන්ඩුවෙ වැඩවල යෙදෙන දුම්රිය මාර්ග සංවර්ධන වගේ සේවා වල මිනිස්සුන්ගෙ...ඔය කියන දැක්කම පේන දේවලුත් තව පොත්වල කියා තියෙන දේවලුයි ගත්තම යම් තාක් ප්‍රමාණයක දෙයක් අපිට කියන්න පුලුවනි...

ඉතින් අංකල් ඇයි සාස්තර පොට් එකක් දාන්නෙ නැත්තෙ...

මං මේ දවස්වල කුලියට කේන්දර බලනවා. මට ඔය කේන්දර එහම වැඩිය පුලුවං කම තිබුනෙ නෑ...පස්සෙ හිරේ හිටිය තුන් හතර දෙනෙක්ගෙන් අහගෙන වැඩේ ගොඩ ගියා..දැනටත් මං කෙලින්ම කේන්දර බලන්නෙ නෑ..ඔය බලන කෙනෙක් ලග වැඩ වැඩි උනාම මේ වගේ ඉල්ලගෙන ගෙනත් තියන් බලනවා..පොත් පත් කීපයක් සහිත ඔහුගේ මේසය මට පෙන්වන්නට විය. මට නම් මීයා ගෙන ආවේ අප්පිරියාවකි. නමුත් මේ ජීවිතය අයිති ඔහුටය. මට අප්පිරිය වූවාය කියා ඔහුට එය අදාල නැත...

12 comments:

  1. මොනත ක්‍රිස්තෝ සිටුවරයාගෙ කතාවෙ එඩ්මොන් දාන්තේට හිරගෙදරදි හම්බ වුනු මනුස්සයව මතක් වුනා මේ කතාව දැකලා..

    කතාව ලස්සනයි ඒත ඉවර කරපු විදිහ තවත් දියුණු කරන්න පුළුවන් නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මමත් හරි ආසාවෙන් කියවපු කතා පොත් පෙලක් අර අත් මාරු කරලා ලියුම ලියලා පෙන්නලා සැබෑ වැරදිකාරයාව පෙන්වලා දීපු කෙනා නේද?

      Delete
  2. ස්තූතියි ඔබට....

    ReplyDelete
  3. ලස්සන කතාවක්.. හිතට දැනෙන්න ලියලා තියෙනවා..

    ReplyDelete
  4. අමිල, මම මෙහෙ කලින් ආවේ නැද්ද?

    උපරිමයි බොල.. බ්ලොග් රෝලට දා ගනිමි.. !

    ReplyDelete
  5. කෙටි කතාවක් කියෙව්වා වගේ දැනෙනවා ඔබේ මේ පද ගැලපුමෙන් ..

    ReplyDelete
  6. ලස්සනම ලස්සන කතාවක් ඔයාගේ කතා හැම එකක්ම එකිනෙකට වෙනස් පුදුම රසයක් තියෙන්නේ හැබැයි මේ කතාව අනික් හැම එකකටම වඩා වෙනස්....කියවද්දි දැනෙන්නේ මේ සේරම ඔබේ අත්දැකීම් කියලා හරි පුදුමයි

    ReplyDelete
  7. හරිම ලස්සනයි. පුදුමයි.... . මේක ඇත්තක්ද ?

    ReplyDelete
  8. ලියලා තියන විදිය හරිම වෙනස්. නිකං රුසියානු ලේඛයෙක් වගේනේ.

    ReplyDelete
    Replies
    1. ම්ම් එහෙම නෑ මම හිතන්නෙ මේක හොලිවුඩ් ක්‍රියාදාම පිල්ම් එකක් වගේ..දැං දැක්ක ලොකේෂන් එක නෙමෙයි ඊලගට තියෙන්නෙ..මොනා කරන්නද වැඩිය වර්ණනා උදාහරණ රූපක අනම් මනම් දාන්න ගියොත් පාඨකයා නෙක්ස්ට් බොලොග් එකේ නෙව..

      Delete
  9. මට මතක්වුනේ ලඟදි බලපු Green Mile චිත්‍රපටිය. නියමයි මචන්.

    ReplyDelete