Tuesday, August 28, 2012

S 12 කැළණිවැලිය සහ දුම්රිය සේවය


එස් 12 නැමැති බලවේග කට්ටල පහක් පමණ දැනට ලංකාවට ගෙන්වා ඇති අතර ඒවා මේ දිනවල පරීක්ෂණ ධාවනවල යොදවා ඇත. . ඒ එස් 12 බලවේග කට්ටල විශේෂයෙන් වංගු සහිත මාර්ග වලට සරිලන පරිදි පෙට්ටිවල දිග අඩුකොට නිපදවා ඇතනුවර පළාතට එක් බලවේග කට්ටලයකුත් අනෙක් හතර කැළනිවැලි දුම්රිය මාර්ගයටත් ලැබෙන බව මුල පටන්ම ආරංචි විය.
කැළණිවැලි දුම්රියක ඩීසල් කාන්දුවක් අවස්තාවේ බාල්දිවලින් ඩීසල් එකතු කරන සැටි..
නමුත් දැන් දුම්රිය දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව කැළනිවැලි මාර්ගයට ලැබෙන්නේ එක් නව බලවේග කට්ටලයක් පමණි. එයද ලැබේද නොලැබේද යන්න ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ. දැනට බොහෝ කලක් පරණ වූ බලවේග කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට යොදා ඇති නිසා ඒවා නිතර නිතර කාර්මික දෝශ වලට ලක්වෙයි. එමෙන්ම කාර්මික දෝෂ නිසා සමහර දිනවල ගමන් වාර බොහෝ සෙයින් ප්‍රමාද වීම සහ ගමන්වාර ඇනහිටීම බහුලව සිදුවෙන බව කැළණිවැලි දුම්රිය මගීන් පවසති..

නව දුම්රිය කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට අවැසි බව බලධාරින් හඳුනාගෙන බොහෝ කල් ගත වූ නමුත් මේ නව දුම්රිය අානයනය කිරීමේ තීරණය ගත්තේ ඩලස් ඇමතිතුමා ප්‍රවාහන අැමතිව සිටි කාලයේය. එහෙත් දැන් දුම්රිය ප්‍රවාහන ඇමති සිටින්නේ මතුගම ආසනයේ කළුතර දිස්ත්‍රික්කයේ කුමාර වෙල්ගම ඇමතිතුමා වනබැවින් නව දුම්රිය කට්ටල මුහුදුබඩ දුම්රිය මාර්ගයට යෑමේ ඉඩකඩ බොහෝ වැඩි බව දෙපාර්ථමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි..
ඔහියට මීදුම අතරින් එන දුම්රිය..
කැළණිවැලි දුම්රිය මාර්ගය නාරාහේන්පිට, බොරැල්ල, නුගේගොඩ, මහරගම, පාදුක්ක අවිස්සාවේල්ල ආදී බොහෝ සෙයින් තදාසන්න පෙදෙසක් හරහා ගමන් කරයි. නුගේගොඩ සිට සතියේ කාර්බහුල වේලාවක පැය බාගයකින් කොළඹ කොටුවට පැමිණිය හැකි වන්නේ දුම්රියේ ආ අයකුට පමණි.. මන්ද හයිලෙවල් හා අනෙක් මාර්ගවල පවතින අධික මාර්ග තදබදය හේතුවෙනි. හයිලෙවල් මාර්ගයේ යන කෝච්චි පෙට්ටි පෝලිම මෙන් වන 138 බස් පෝලිම අඩු කිරීමට හෝ සීමා කිරීමට කැළණිවැලි දුම්රිය මාර්ගයට හැකියාවක් ඇත. නමුත් ඒ වැනි ලේසි පහසු විසඳුම් වලට බලධාරින් නොයෑම පුදුම සහගතය..

පාරවල් වලට උඩින් ගුවන් පාරවල් හදනවා වැනි අධිකතර වියදම් වැඩ වලට වඩා කැළණීවැලි දුම්රිය මඟ වේගවත් කර එයට නව දුම්රිය එකතු කොට හයිලෙවල් මාර්ගයේ ගමන් පහසුව සලසාගන්නා මඟීන් දුම්රියේ යැවීමට සැලසුම් ගැසීම ලාබදායක බව ඕනෑම සුට්ටි බබකුට පවා වැටෙහේ..

1990 දශකයේ මුල භාගයේ එතෙක් පැවති පළලින් අඩු දුම්රිය මාර්ගය වෙනුවට සාමාන්‍ය දුම්රිය මාර්ගයක්  අවිස්සාවේල්ල තෙක් තනා. එතෙක් ගරාවැටෙමින් තිබූ දුම්රිය ස්ථාන නවීකරණය කොට නව ජීවයක් දුන්නාට පසුව කැළණිවැලි දුමරියට මෙතෙක් කිසිදු බළධාරියෙක් කළ දෙයක් නැත. පත්තර පිටු පිරෙන්නට, කටින් කෙළ වැටෙන්නට දුන් දේශනා සහ යෝජනා සැලසුම් නම් නිමක් නැත. එහෙත් වුනු දෙයක් නැත. කොටින්ම මරදාන දුම්රිය ස්ථානයේ කැළණිවැලි දුම්රිය සාමාන්‍යයෙන් නවත්වනු ලබන 9 වෙනි වේදිකාවේ සිට දුම්රියට නැගීමට ඉනිමඟක් අවැසි වෙන වෙලාවල්ද තිබේ. ඒ මාර්ගයට අදාල දුම්රිය වේදිකා කලකින් ඔසවා නැති හෙයිනි.
බදුල්ලට යන දුම්රියක්... 
ජනාකීර්ණ මහරගම, නුගේගොඩ පෙදෙස්වල අයට කොළඹට ඒමට යෑමට පහසු විකල්පයක් වන කැළණිවැලි දුම්රිය මාර්ගය ලාභ ලැබිය හැකි මාර්ගයක් වනු ඇත්තේ මඟීන්ට ලෙහෙසියෙන් යන්නට අවකාශ ලැබුනොත් පමණි... නැත්තං බස් එකේ මෙන් ප්‍රමාද වී තෙරපී දාඩිය දාගෙන එන්න දුම්රියට නගින්නට කාර්යාල වලට යන එන අය ඉගෙනගන්නට යන අය ආසා වන්නේ නැති බැවින් දුම්රියට ඇති සෙනඟ අඩු වෙනු ඇත. 

දක්ෂින මුහුදුබඩ මාර්ගය බොහෝ කොට ආදායම් උපයන දුම්රිය මාර්ගයකි. එය මිලියන ගානක ණය ආධාර යටතේ අලුත්වැඩියා වුවත් මාතරට ගාල්ලට සාමාන්‍යයෙන් යන දුම්රිය කාලසටහනට නව දුම්රියන් එකතු වූයේ නැත. පරණ දුම්රිය වලට පෙට්ටි එකතු වුවත් දැන් බොහෝ දුම්රිය ගාලු දුම්රිය ස්ථානයෙන්ම ආසන පිරවී මඟීන් සිටගෙනද එන තත්වයට පත් වී ඇත. ඒ දුම්රිය මග අධිවේගී කොට තැනිමත්, වේලාසන වැඩට යන්නට එන්න සැලසීමත් හොඳ වැඩය. නමුත් නව දුම්රිය කාලසටහනක් යටතේ තවත් දුම්රිය කිහිපයක් දකුණු මාර්ගයටද එකතු වනවානම් හොඳය..නමුත් එය කල යුත්තේ කැළණිවැලි මාර්ගයට ගෙනා කුඩා පෙට්ටි සහිත දුම්රියන් මුහුදු බඩ මාර්ගයට යෙදීමෙන් නොවේ..

කැළණිවැලි දුම්රිය මාර්ගයම ඉතිහාසයේ රාජ්‍ය අංශයේ දූෂණ පෙන්වන කඩඉමකි. 1900 සියවසේ මුල් කාලයේ දකුණු අප්‍රිකාවට කිලෝමීටර සීය දුම්රිය මාර්ගයක් අවැසි වී ඇත. පුළුල් මාර්ගයක් අවැසි වුවත් ලංඩනයේ සමාගමක් තනා ඇත්තේ කුඩා පාරකි. එවිට එයට විරුද්ධ වූ දකුණු අප්‍රිකානු රටේ බළධාරින් සහ විපක්ෂ ක්‍රියාධරයන් නිසා ඒ දුම්රිය මාර්ගය දකුණු අප්‍රිකාවේ ඉදි වූයේ නැත. එය ඉන්පසු විවිධාකාර කතාන්දර ගනනාවකින් පසු ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ රත්නපුර ඕපනායක දක්වා ඉදිවිය. ඒ අසාර්ථක කුඩා පීලි සහිත පටු දුම්රිය මාර්ගය මෙහි ඉදිවුනේ එසේය. නමුත් සුද්දා මෙහෙන් ගොස් වසර ගණනක් යනතුරු මෙය නිසියාකාරව තිබුනි. එදා මෙය තිබෙන කළ රත්නපුර පැත්තෙන් කෝච්චියේ ගොස් සිරීපාදය රත්නපුර පැත්තෙන් නැග...හැටන් වලින් බැස දුම්රියේ කොළඹට එන්නට එකල කොලු කුරුට්ටන් පුරුදු වී සිටියේලු..
දුම්රිය නැරඹුම් මැදිරියක්.. 
මාර්ගයක් ඉදිකිරීමට නව ඉඩම් මිලදී ගෙන නව දුම්රිය ස්ථාන ඇතිකොට නවතම පාරක් ඉදිකල යුතු තත්ව යටතේ කතරගම දක්වා දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් අරඹා වසර ගණනාවක් තිස්සේ තවමත් අලුත් අලුත් මුල්ගල් ඉදිවෙමින් පවතී.. නමුත් තවමත් ගරාවැටෙමින් තැනින් තැන දුම්රිය ස්ථාන ඇති රත්නපුර දක්වා ඉදි වූ නව කලින් දුම්රිය මාර්ගය යථා තත්වයට ගැන්මට හාවක් හූවක් ඇත්තේම නැත.. සමහර විට ජනාධිපතිතුමා රත්නපුරේ සිටියේ නම් මේ වන් දේවල් වල ගොනු ඉදිරියට එනු ඇත.. 

සුද්දා දුම්රිය මාර්ග ඉදිකලේ මූලිකවම බඩු ප්‍රවාහනයටය. සත්‍ය වශයෙන් අද වනවිට දුම්රිය දෙපාර්ථමේන්තුව පාඩු ලැබීමට හේතුව බඩු ප්‍රවාහනයට දුම්රිය යොදා නොගැනීමයි.මාර්ග පද්ධතිය සංඥා පද්ධති, සහ අවශේෂ භෞතික මානව සම්පත් නිසි පල ප්‍රයෝජනයකින් තොරව රිසි සේ අපතේ යන්නේ ඒ නිසාය.  බොහෝ රටවල ප්‍රධාන වරායන් වල මෙහෙයුම් වලට කන්ටේනර එහෙමෙහෙ ගෙනයෑමට වෙනත් බඩු භාන්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගනී. නමුත් අපේ එදා සුද්දා විසින් කටුනායක අහස් යාත්‍රා පොලට සහ වරායට ඉදි කල මාර්ග පුරාවස්තු ලෙසම පමණක් පවතී.හිටපු දුම්රිය ඇමති ඩලස් ඇමතිතුමා  වරායේ බහාලුම් ප්‍රවාහනයට දුම්රිය යොදා ගත හැකි බවට අදහසක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමට වසර දෙක තුනක් තටමමින් සිටියේය. ඉන් පසු වෙල්ගම ඇමතිතුමා ආවේය. වෙල්ගම ඇමතිතුමාට සම්බන්ධ වෙල්ගම ට්‍රාන්ස්පෝට් යනු වරායේ බහාලුම් ප්‍රවාහන වාහන අයිතිකාර සමාගමකි. ඉදින් ඒ නිසා අර කතාවට කියූ බහාලුම් ප්‍රවාහන අදහසත් එතනින්ම නැවතුනි. 
මේ ඇත්තේ හිටපු ඩලස් ඇමතිතුමාගේ ඇඩ් එකකි. මේ යටතේ ප්‍රවාහනය කරන ලද කන්ටේනර සංඛාව අතේ ඇඟිලි ගණනටත් අඩුය..
මරදාන පාලමට පේන දුම්රිය මාර්ග.. 
එකල මුලු ප්‍රවාහන ක්ෂේත්‍රයටම එක් ඇමතිවරයෙකු වූ අතර දැන් පාසැල් වෑන් වැනි ඒවාට එක් අයෙකුත්. බස් වැනි මාධ්‍යකට එක් අයෙකුත් දුම්රිය බලාගන්නට එක් අයකුත් වශයෙන් ඇමතිවරු තිදෙනෙකි. එහෙත් එදා සුද්දා හැදූ මාර්ග ටිකවත් නඩත්තු කරගෙන ලාබයක් උපයා පෙන්වන්නට අපේ නිලධාරි ටිකට සහ ඇමති බුරුත්තට නොහැකි වී ඇත.බාගෙදා තවත් ඇමතිවරුන් නිළදාරින් පත්වන්නටද පුලුවන. ඔවුන්ගේ කතාන්දර පත්තර වල රූපවාහිනියේ ගුවන් විදුලියේ යන්නටද පුලුවන. නමුත් තමුන්ගේ රැකියාව ලැබුනු පලමු දින තෙරපෙමින් මිරිකෙමින් වැඩට යන කම්කරුවා සහ පහල පන්තිවල ජනී ජනයා රස්සාවෙන් අස් වන දිනත් ඒ ආකාරයෙන්ම තෙරපීගෙන විශේෂ ශාරීරික අභ්‍යාස සහිතව දුම්රියෙන් හෝ බසයෙන් සිය විශ්‍රාමය දක්වාම ගමන් පහසුව සලසාගන්නවා ඇත.. 

20 comments:

  1. බදුල්ලට යන දුම්රියක් සහ දුම්රිය නැරඹුම් මැදිරියක් කියන පින්තූර දෙක ගත්තේ දුම්රියේ ටොයිලට් එකේ කක්කා කරමින් යන අතරද?

    ReplyDelete
    Replies
    1. නෑ. ඌ ඒක අරන් තියෙන්නෙ උඹලගෙ අම්මත් එක්ක අහවල් වැඩේ කරන ගමන්. මී හරකා, තව කෙනෙක් මහන්සි වෙලා ලියපු දෙයකට ඔය වගෙ කැත කතා කියන්න එපා.

      Delete
    2. සහතික ඇත්ත මචං. මුන් බලන ඉන්නේ කොයිවෙලෙත් හිනාවෙන්න විතරයි...
      පිස්සු හු..ල

      Delete
    3. හරි හරි උඹලා දෙන්නගෙම අම්මලා කිව්වා උඹලගේ තාතලාට වැඩිය හොඳට මම කරනවා කියලා.

      Delete
    4. ඔව් ඔව්. උඹලගෙ අම්මත් පාරේ කියව කියව ගියා උඹ ජාතක උනේ බල්ලෙක් නිසා කියලා. හැබැයි ඒ බල්ලා හුxxලා නෙවෙයි. බල්ලා එදා උඹලගෙ අම්මගෙ එකට කක්කා දාලලු.බල්ලො කක්කා කරන හුxxකට හුxන්න බෑනෙ බන්. ඒ නිසා අපි උඹලගෙ අම්මා පාරෙ පලල් කරන් හිටියට හුxන්න යන්නෙ නෑ.

      Delete
  2. කැලණි වැලි මාර්ගය ගැනනං කතාකරලා වැඩක් නෑ..

    ReplyDelete
  3. මේ ඉරිදා නම් අලුත් කොච්චියක් ටෙස්ටින් වලට කියලා අවිස්සාවේල්ලේ ඉදන් කොළඹට යනවා දැක්කා ග ඒක නම් පට්ට ඈ

    ReplyDelete
  4. S 12 කියන්නෙ ඉන්දියන් එකක් නේද? ඕක දාලා කැඩෙන්න ගත්තම දැන් තියන ටිකත් නැති වේවිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක චීන එකක්...

      Delete
    2. ඉංදියාව විශාල රටක්..ඉංදියාවෙ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් තමයි දුම්රිය සේවය..ඉංදියාවෙ දුම්රිය වෙනත් දියුණු රටවල තරම් අධිතාක්ෂණික උපාංග වලින් පිරිලා නැති උණාට අපේ වගේ රටවලට ගැලපෙනවා...නැත්තං ලොකු ලොකු තාක්ෂණ මෙහෙට ගෙනාවම ඒව කැඩුනාට පස්සෙ අවුරුදු ගනන් දුම්රිය අංගනවල ගාල්වෙලා තියේවි....

      ඕනිම බඩුවක් ගන්න කොට රට නෙමෙයි නිවැරදිව බලන්න ඕනි තත්වය...අපිට අවැසි තත්වෙන් අපිට සරිලන විදියට දුම්රිය ගෙන්වාගන්න එක අපේ වැඩක් නේද??

      Delete
    3. machan S12 eka danatama kaduna ...... 02/10/12 da kottawa station ekedi thama eka hiriothap bida gaththe

      Delete
  5. මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කටකතා මත පදනම් වී කිසිදු සොයාබැලීමකින් තොරව ලියා ඇති බව පේනවා. ලියන තියෙන සමහර කරුණු වලටනං එකඟ වෙන්න පුලුවන්. දාලා තියෙන පින්තූරත් ලිපියට කොහෙත්ම අදාල ඒවා විතරයි. ඇස් වහගෙන වටේ වනලා.

    ReplyDelete
  6. දුම්රිය බලධාරීන් හිතාගෙන ඉන්නෙ කැළණිවැලි මාර්ගෙ දුම්රියවල ගමන් කරන්නෙ මගීන් නෙවෙයි සත්තු ටිකක් කියලයි. ඒ තරමටම කෙනෙහිලිකම්.

    ReplyDelete
  7. අමිල... පෝස්ට් එකනම් මරේ මරු.

    උඹට මාර ඇනෝ රසිකයො සැට් එකක් නේ ඉන්නෙ????

    ReplyDelete
  8. මේ කියලා තියෙන අලුත් දුම්රිය ගැන නම් මම දන්නේ නෑ.. හැබැයි 1997 ඉදලා කැළණිවැලි දුම්රියේ ඉස්කෝලේ ගිය, වැඩට ගිය කෙනෙක් හැටියට මේ කිව්ව කරුනු ගොඩකට මම නම් එකඟ වෙනවා... ඉස්සර අපි වැස්ස දවසට කෝච්චියේ යන්නේ කුඩ ඉහලගෙන.... තාමත් ඒ කෝච්චි මේ පාරේ යනවා..... අර පෙට්ටි 4ක් තියෙන කෝච්චියේ හිර වෙලා කොච්චර සෙනඟක් තාමත් යනවද..... ඒත් හිරවෙලා හරි කෝච්චියේ යන්නේ බස් එකේ යන්න ගියාම පාදුක්කට යන්න පැය 2.30ත් 3 ත් අතර කාලයක් යන නිසා.... රෑ තිස්සේ මඟ හිටින එක කොච්චියක් තිබුනා ඒ දවස් වල.... හැමදාම කොහෙදි හරි කඩෙනවා... කොහොමත් කිසිම ඇමතිවරයෙක් මේ කෝච්චි පාර ගැන නම් අර කිව්ව කාලෙන් පස්සේ බැලුවේ නැ තමා......

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මටනම් හිතෙන්නේ ඔය සුද්ද බඩු ප්‍රවාහනයට දාපු පාරවල් වෙනස් වෙන්න ඕනේ කියල. ඔය වගේ නගර අතර යන්න අවශ්‍ය යට බස් පාවිච්චි කරන්න ඇරලා කෙලින්ම රත්නපුර, අවිස්සාවේල්ල හරහා කොළඹට ලයින් එකක් එන්න ඕන. එය ඇඹිලිපිටිය හරහා කතරගම දක්වා ගියත් හොඳයි. මේ තියෙන අබලන් පාරටම අලුත් කොච්චි දාල දුවවන්න පුලුවන්ද කියන එක ප්‍රශ්ණයක්. හිතන්න ලංකාවේ රේල් පාරවල් විතරක් නෙවෙයි මහා මාර්ග පවා හදල තියෙන්නේ 1800 ගණන් වල වේගයෙන් ගමන් කරන වාහන වලට අවශ්‍ය විදියට වංගු දාල. දැන් තියෙන වාහන වල තාක්ෂනය ගත්තොත් ඉතා වේගයෙන් ගමන් කරවන්න පුළුවන් කමට අමතරව යූ ටර්න් එකක් වුනත් අඩු ඉඩක ගන්න පුළුවන්. ළඟදී නම් රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ වංගු අඩු කරනවා දැක්ක. ඒ වගේම නුවර කොළඹත් කිහිප පොලකම කරා. ඔය ඕපනායක කොළඹ මාර්ගයත් යන්නේ නයා වගේ. සුද්දට බඩු ගෙනියන්න අවශ්‍ය විදියට හදපුව. ඒ ආශ්‍රිතව නගර බිහි වෙලා තිබෙන බව ඇත්ත. එහෙත් අවිස්සවෙල්ලෙන් පස්සේ මම කිව්වා වගේ අධිවේගී මාර්ගයක් හදන්න ඕනේ. මේවා බලධාරීන්ට වැටහෙන්න ඕනේ. ඔබ මතු කරපු මාතෘකාව හොඳ එකක්. හැබැයි කොච්චි පාරවල් වලට දැමීමම විසඳුම වෙන්නේ නෑ. ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ. සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවල් වලට ගියාම අපි ඉන්නේ කොතනද කියල හිතෙනවා.

    ReplyDelete
  11. කැළණිවැලි දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැ. කුඩම්මවත් ඔහොම සලකන්නේ නැ. අලුත් දුම්රිය ගෙනත් දැම්මත් වැඩක් නැ, ඒ දුම්රිය මාර්ගය නවීකරණය කරන්නේ නැතුව.

    ReplyDelete
  12. කැළණි වැලි මාර්ගය ගොඩක් දියුණුයි දැන්. S ඒවාම 3ක් දුවනවා. වේදිකා උස්සා ගෙන යනවා. පාරේ අඩුපාඩු හරි ගස්සාගෙන යනවා. මන් දැක්ක fb එකේ page එකකුත් කැළණි වැලි එකට..https://www.facebook.com/pages/Kelani-Valley-Railway-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA/1551056401782323

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි බ්‍රෝ.කැළණි පාර ඉස්සර කෙස් උනාට දැන් සිරා. එත් සෙනග අම්බානක වැඩි. එක ඩබල් ලයින් කරන්න මේදවස් වල වැඩ කෙරෙනවා. මේ ලිපිය ලියපු කෙනා කිව්ව s12 කතාව බොරු. ඒ පාරේ ඒවා 3ක් දුවනවා. සැහෙන සංවර්ධනයක් කෙරෙනවා කොට්ටාව හයි වේ නිසා. ඔය කියන fb පේජ් එක මරු. උන් අනුන්ගේ මගුල් හොරෙන් උස්සල දාන්නේ නෑ. වැදගත් දෙයක් තමා දන්නේ.

      Delete