Friday, November 2, 2012

දුම්රිය මැදිරියේ මල් කැකුල


ඇයට තියෙන්නෙ සංගීතාට වගේ ටිකක් ලොකු ඩිස්ප්ලේ මූනක්...ඒත් සංගීතා නිලියගේ තරං බෝක්කු කටක් නෑ..පාට ගාල අලවපු වගේ තොල්පියන් දෙක හරිම ලස්සනයි. ඇගේ මූනෙ රැවුල් ගහක්වත් නෑ... පොඩ්ඩක් උස වුනානම්. ඇය ලස්සන වෙන්න තිබුනා. ඇය ලස්සන වෙන්න තිබුනා කියන්නෙ ඇය දැන් ලස්සන නෑ කියන එක නෙමෙයි. අවුරුදු කුමාරිට රූප රාජිනියන්ට තෝරනවිට බලන තවත් එක පැරාමීටර් එකක් තමයි උස කියන්නෙ....

ෆුට් බෝල තරම් විසාලත් නැති ටෙනිස් බෝල තරම් කුඩාත් නැති ඇගේ මැද ප්‍රමාණයේ පියොවුරු ඇගේ පපුවට ලස්සනක් එකතු කලා. ඇය ඩෙනිම ඇන්දත් සාරිය ඇන්දත් ඇගේ පපුව හරිම ලස්සනට තිබුනා. අලුත්ම කාර් එකක ලස්සන බොනට් එකක් වගේ තියෙන්න ඇති. වීල්බැරෝවක ගෙනියන්න තරම් ලොකු පස්සක් නැතුව උනත් ඇය අඩි උස පාවහන් නොමැතිව වුවත් මඳක් නෙරාගිය පස්සකට හිමිකම් කීවාය. තරමක් පිරුණු ශරීරයක් සහිත ඇය කිනම් ඇඳුම ඇන්දත් අැෙග් සුදු පැහැයත් දඟකාර කෙල්ලකට ගැලපෙන ඉරියව් ආදියත් නිසා කැපී පෙනුනා..

ඇය සමඟ දුම්රියට අනිවාර්යෙන්ම වාගේ නගින තවත් අයෙකු සිටිනවා. ඔහු උස මහත කලු අයෙක්. ඔහු කරන්නෙ නැංග වහාම අත ඇති අතබනුවේ ගීතයක් වැයෙන්නට සලස්වා කන් කොපු දෙකක් වයර් ද සමඟ කනට ඔබාගැන්මයි. අර පෙර කී ස්ත්‍රිය දුම්රියේ ඉඩ ඇති තැනෙක වාඩි වන අතර එය හොඳින් විදුලි ආලෝකය ඇති තැනක්ද වෙයි. කලින් හොඳ විදුලි ආලොකය ඇති තැනක් තෝරාගෙන වාඩිවෙන විට ඒ අසලින්ම වාඩිවෙන කොලුවා වාඩිවෙන අතරත් ගීත තෝරමින් කන් දෙකේ ඇබ දෙක ගසා ගනී. මා සිටින පෙට්ටියේම සතියේ දිනවල අපේ පාරේ ගමන් කරන අවසාන දුම්රිය මැදිරියේ මේ දෙපල ගමන් කරයි. තරමක් දිගින් අඩු දුම්රිය නැවතුමක ඔවුන් බහින නිසාදෝ ඔවුන් එකම මැද පෙට්ටියක හැමදාම ගමන් කරයි.. තව්සෙකුගේ වුවද මනස සොලවනු ලබන ඇගේ රුව දෙස නොබලා සිටීමට මට හේතුවක් තිබුනේ නැත. ඇගේ කෙස් ගස් රොදවල් ලෙසින් පැමිණ පොත් බලන විට ඇගේ මුහුණට වැටෙනවා. එතකොට ඇය කියවීම මොහොතකටවත් නොනවත්වා පොත ඇති අතින් නොව අනික් අතින් කෙස් රොද අල්ලා ඉහලට තබනවා. මේ දෙපල එකට ඇලී ගැලී යන්නේ නෑ. ගැහැනු ළමයාට හෝ පිරිමි ළමයාට ඉඳහිට දුර ඇමතුම් ලැබුනත් ඔවුන දෙදෙනාම මල් කඩන ආකාරයක් නම් පෙනුනේ නෑ.
විශේෂ හේතුවක් නැතිව වුනත් මා ආලෝකය ඇති අසුනක වාඩිවෙන්නට හුරු වූයේ පසුව දුම්රියට නගින ඇය සහ ඔහු මා අසලින් වාඩි වේ යැයි සිතලාය. ඒ දන්ඩාට නම් ඒ මහාර්ඝ ස්ත්‍රී රත්නය ගානක් වත් නැත. ඇය ඉඳහිටලා ඉඳලාම ඔහුගේ ඇේග අත වදින පරිදි අත් තබා ගත්තත් ඒ ඔටුවානෝ ඒවා කිසිත් ගනන් නොගනිති. ඔහේ කන් දෙකේ ඇබ ගසාගෙන මන්ද බුද්ධික සෛය්‍යාවකින් ගමන් කරති. හේ තෙමේ මට කිසිදු වරදක් කොරලා නැත. එහෙත් මා ඔහුට බනින්නේ හුදෙක් ලිංගික ඉරිසියාව හෝ ලිංගික කුහකත්වය නිසා වන්නට ඇත. එවන් ලක්ෂණ අංගනාවක් අසලසිටින කඩවසම් ඔහු මට පෙනෙනුයේ පබාවතිය ගේ කැච් එකක් වූ කුස රජතුමාය.හත් අවුරුද්දක් පෙරලා පෙරලා දික්තලා නැමැති පස්ට කෑල්ල බාගත් කබ්බෙකු වූ කාලගෝලයාද මතක් විය.

එහෙත් ඒ පුරුෂයා මා තරම්ම මුඩුමයෙකු නොවේ. ඉදහිට මා ඇය දෙස බලනු මාට්ටු වුවත් ඒ ගැන තැකිමක් නොකරන අතර ඔහු දෙස බලනු දුටහොත් මඳ සිනා පා හිතවත් බව බෙදා හදා ගනී. මාද මූන්ච්චාවට හිනා වෙයි නමුත් හද පත්ලේ ඇත්තේ කුරිරු ඉරිසියාවය. මා කුඩා කල ඉංගිරිසි කාර් වලට ආශාය.(බී ඇම් ඩබ්, පර්ජෝ, බෙන්ස්) එකල කාර් එකක යෑම මහත් දෙයකි. කොටින්ම කාර් එකක් මාගේ ඇඟ අසලින් ගියත් එයද මහා ලොකු දෙයකි. එවන් කාර් එකක් මා දුටු දිනෙකට අපේ නංගීට ඒ කාර් එකෙ ්විස්තර වරු ගනන් අහගෙන ඉන්නටද සිදුවෙයි. ඒ තරං මං ඉංගිරසි කාර් වලට ආශාය. නමුත් මා කන්තෝරු ආ පසු වැරදීමකින් දෝ ඉංගරිසි කාර් වලට අකමැති අයෙක් සිට මට එහෙ මෙහෙ යෑමට ඉංගිරිසි කාර් රියක් දෙන ලදී. එය මඳක් පරණ වුවත් තේජස නම් අඩු නැත. ටික කලක් එය භාවිත කරන විට මුලදී මා ඉංගිරිසි කාර් වලට බැන්ද ආලය ලෝලය මඳින් මඳ අඩුවන්නට විය.
දැන් මට අනෙකකු ලොකු කාර් එකක යනවිට එය මහා විසාල මැජික් එකක් නොවේ. සමහර විට ඇය සමඟ යන ඔහුට ඇය, නිතර දකින කිකිලිය මෙන් සුදු වන්නට ඇත. නමුත් ඇය වස්ථර පිටින් බාගෙට දකින මට ඇය දිවඟනක් පරිදි දිස්වෙයි. දෙවියන්ට ආශා පහල වන්නේ නැත්නම් දෙවියන්ට දිවඟනන්ට කිනම් කාරණයකට සළු අවැසි වේදැයි මට ඒ අවස්ථාවල සිතුනි. සිතින් වැරදි කිරීම වැරදිය. නමුත් සිතින් ඇය හා තදබල ලෙසින් වෙලීම හෝ ඇය හා ලිංගික අාලිංගන කිරිමට කිසිවෙක් තහනම් කර නොමැත.. නිල්පාට චිත්‍රපට අස්සේ සුර ආන්තික ලෝකය දකින්නට වෙහෙසුන මා හට ඇගේ සාරිය මනෝමයෙන් හැරයෑම මහත් වූ නවමු අත්දැකීමක් විය. සිතින් කරන වැරදි අල්ලා දඩුවම් කරන කෙනෙකු ලොව සිටියේ වී නම් ඇගේ සාරියහෝ කලිසම ගලවන හදිස්සියට..සහ ඇය මා විසින් සිතින් බදා ගන්නා දැඩි බවට මා හට දඩුවම් ලැබෙනු නොඅනුමානය. නමුත් වාසනාවට සිතන දේට දඩුවම් කරන්නට තවම කාටවත් හැකි වෙලා නැත
 
  ඇය විවිධාකාරයේ පොත් පත් කියවයි. සමහරක් ඇගේ විශයන්ට අදාල ඉංගිරිසි පොත පතය. ඇගේ කකුලක් නිතරම අදාල තැඹිලි පාට හෝ නිල් පැහැති අසුනට ඉහලට ඒමට වෙරදරයි..ඇය නිවසේ දී පොත් පත් කියවන විට කියවන්නේ කකුලක් උඩ තබාගෙන විය යුතුයැ. ආලෝකය තිබෙන තැන කලින්ම මා වෙන්කරගෙන කුඩා මල්ලද දමා ගෙන වැඩි ඉඩක් අවුරාගෙන අර කී කපල් එක ඊළඟ නැවතුමෙන් එනතුරු සිට ඔවුන් නගිනවාත් සමඟම මා කම්ප්‍රෙස් වී ඉඩදීම ඔවුන්ට සැක ගෙනාවේ නැත. මොකක් හෝ මැන්ටලයක් වෙන් ඇති යැයි කොල්ලා සමහර විට සිතන්නට ඇත.

ඇගේ දෙනේත මට ගැටෙන්ට හැකි වන්නේ ඇය නගින විටකත් මා බහින්නට තනන විටකත ්පමණී. මන්ද ඇය ආ වෙලේ පටත් පොත් කියවන්නට ඇස් යොම න බැවිනි.
ජේන් අයර්, ඇනා කරනිනා ආදී පොත්ද ඉංගිරිසි නවකතාද බොහෝ ප්‍රමාණ්යක් ඇය කියෙවුවාය. මට ඇගේ දෙසම නිතරම බලා සිටීමට බැරිය. අනික කෝච්චිවල යනවිට පොත පත කියවන්නට මා හුරු නැත. මාගේ අතබනුවද ඔබන්නට හෝ සින්ද ුඅහන්නට මට වෙලාවක් නැත. එක්කෝ මා වටපිට වෙන දේ බල බලා යන පොඩි එකෙක් වගේය. නැත්තං ලෝකෙ පෙල්ලුනත් නින්ද හැර නොයන නාකියෙකු වගේය. නින්ද යනතුරා ඔහේ වටපිට බල බල අනුන්ගේ කතා වලට හොට දාගෙන කන්දීගෙන අයෙක් බමන මතින් පෝන් එකෙන් ගෙදර බනින විට එයද අසාගෙන විවිධාකාර රංගන දැකබලාගෙන වාඩි වී කිරමින් එහෙත් ඇස්,කන් නාසා හැරගෙන යමි..

මා මේ දුම්රිය තුලම කතාන්දර කීපයක්ම දැක ඇත. ඉන් කීපයක් මා ලියා තැබුවේය. ඒවායින් එකක් පොතක පලකරන්නට මා සිතා සිටියේය. එය දිනෙන් දින කල්ගොස් එක්තරා යාලුවෙකුගේ මාර්ගෙන් යන්තම් සමූහ කෙටිකතා පොතක එක්තරා කතාවක් මගේ නමින් පළ විය. එයද මා වර්ශයකට පෙර දුම්රයේ යද්දී ඇසුනු දකිනු ලැබූ මාද සම්බන්ධ කතාවකි. ඒ කතාවේ ඇය කලුය මහතය වැඩ පත්තර කොම්පැනියකය. ඇය විවිධාකාර පුද්ගලයින් ගැන කියු කතා,ටෙලිපෝන් කෝල් ආදිය ඇතුලත් තරමක් නීරස කෙටිකතාවකි මා ලියා තිබුනේ. එහෙත් සත්‍ය කතාවෙන් බොහෝ කොටස් ඒ කතාව තුල විය. මා කයින් ආලෝකය ඇති තැන සිටියත් ඉතාම සියුම් ලෙස අර පත්තර කන්තෝරුවේ වැඩකල කලු විශාල කෙල්ලාගේ පෝන් කෝල් අසාගෙන සිටියෙමි. ඇයට බෝයි පෙන්ඩ්ස්ලා අඩුම තරමේ දෙකකි. බොහෝවිට ඒ තුනකි..ඇය සමාජයේ දේශපාලකයින් කීපෙ දනෙකු අදුනයි. පත්තර වල මූන දමාගැන්මට කැමති නිසා ඇයට කතාකරයි. ඒ ආකාර සිද්දියක් මා ලියු කෙටිකතාවේ විය. මට එය පොතක පලවී තිබෙන විට ආවේ සතුටකි.

මා තරම්ක වෙහෙස වී හෝ එක් කතාවක් යාලුවෙකු මාර්ගයෙන් පොත ක පළකරවා ගැන්ම මට සිතුනේ මහත් දෙයක් ලෙසයැ. එහෙත් කිසිවක් වුනෙ ්නැත. එක් කතාවෙන් මා ලොකු ගත්කරුවෙකු, සාහිත්‍යාකාරයෙකු වෙන ුඇතියැයි සිහින මැව්වත් එවැන්නක් සිදු වුනේ නැත. පොත් කීපයක් දැනුදු මා සතුව ඇති මුත් නිකං දුන්නාටවත් ඒවා කියවන්නට අකමැති අය බොහෝ වෙති. කියවන්ට ඇකමැති අයට ඒවා දීමෙන්ද ඵලක් නොවෙන නිසා මා ඒවා අල්මාරිෙය් දමා කාවුන්ට කැරපොත්තන්ට රස බැලිමට තබා තිබෙමි..
එදාද වෙනදා පරිදි ඇයද කන් දෙක වයරින ්කරගන්නා ලද කඩවසමයාද පැමිණ මා අසලම වාඩි විය. මා ඇගේ සුදු වන් අත්දෙක දෙස ඇස් දෙක මඳක් කරකවා බැලුවෙමි. ඒ මා ගේ කෙටිකතාව ඇතුලත් පොතය. ඇය කලින් කතාව කියවා හමාර කොට මා ලියු කතාව දැන් බලයි. මා ඇගේ මුහුන දෙස බැලීමි සුදු මුහුන මඳක් අඳුරු වෙන අතර කතාව කියවාගෙන යනවිට ඇගේ සුමට නළලත නාකි මිනිහෙකුෙග් පරිදි විටෙක රැලි එයි. ඇය එය සම්පූර්ණයෙන් කියවා ඇගේ කන් ප්ලග් සගයාට පෙන්වා. මේ කතාව තියෙන්නේ කෝච්චියක තනියම යන කෙල්ලෙක් ගැන.. මේ අපේ මේ කෝච්චිය වාගෙමයි. රෑ යන්නෙ. මේ හලෝ මං ගැනත් කවුරු හරි කතාවක් ලියයිද දන් නෑනේ..
ඔව් ලියන අයට වෙන වැඩ නෑනේ.. කියා ඔහු කනට ඔබන එක යලි ඇතුලේ ඔබාගති.

ඔවුන් දෙදෙනා මේ කතාව මේ පෙට්ටියේ මේ අසලම සිදුවූ කතාවක් යැයි නොදැන්නවා ඇත. මන්ද ඔවුන් දෙදෙනාම වෙනමම ලෝකයක දුම්රියේ නැංග පටන් ගමන් කරන බැවිනි..

අවසානයේ පෙට්ටියටම ඇසෙන්නට “ඔව් මං ඔයා ගැනත් ලියනවා සුදු බබා..ඔය ඔයා දැන් කියෝපු ඕකත් මං ලියාපු එකක් “යැයි කෑ ගසා කියන්නට මා සිත දිව් මුත් මා කිසිවක් නොබැන සතුටු සිත පමණක් ගෙන දුම්රියෙන් බැස ගියෙමි.

33 comments:

  1. ලේකකයෙකුගේ පරම සතුට දැනෙන අපුරු අවස්තාවක් ලැබ් ඇත්තේ ඔබට
    http://l15h4n.blogspot.com/

    ReplyDelete
  2. මෙන්න වෙනස් ආකාරයේ පෝස්ටු :)

    ජය !

    ඇත්තට මැවිල පෙනුනා බං !

    ReplyDelete
  3. සැහ්...අපරාදේ චෑන්ස් එක.

    ReplyDelete
    Replies
    1. කතාව සුපිරි ඈ...අපූරුයි. :)

      Delete
  4. මමත් ඒ පෙට්ටියේ ඉන්නවා වාගේ දැනුනා

    නියමයි


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete
  5. මේක ලිපියකට වඩා ෆිල්ම් එකක් වගේ.. කියල වැඩක් නැහැ.. සුපිරියි..

    ReplyDelete
  6. අලුත් විදියක්. නියමයි.

    ReplyDelete
  7. ලස්සන කතාව කියවල මගේ හිතට ආවෙ දුක හිතෙන සිංදුවක්...

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බමරා
    ඔබ හීනෙන්වත් නොදකින කුමරා....

    ReplyDelete
  8. ලේඛණ හැකියාව ඉතා ඉහලයි

    ReplyDelete
  9. අර කොල්ලා ගැන ඉරිසියාවක් ඇති වුවා නම් එය ආදරයකි. එහෙත් මෙය කතාවක් නිසා කිසිවක් නිගමනය කල නොහැක. මාද මෙවැනි හීන ලෝක වල ගැලී ඇති නිසා මට වූ දෙයක් ලෙස දැනිණි. අනර්ඝයි.

    ReplyDelete
  10. සුපිරි බං. මළඉලව් පත්තරවල මේවගේ කතාවලට තැනක් නැතිඑක දුකයි. හාරපන්සීයක් විතරක් බැලුවත් හාරපන්දාහක්වත් ඉන්නව මේවගේ කතාවක් කියවන්න කැමැත්තෙන් ඉන්න අය.

    ReplyDelete
  11. නියමෙට ලියලා තියේ !

    ReplyDelete
  12. // සිතින් වැරදි කිරීම වැරදිය. නමුත් සිතින් ඇය හා තදබල ලෙසින් වෙලීම හෝ ඇය හා ලිංගික අාලිංගන කිරිමට කිසිවෙක් තහනම් කර නොමැත.. නිල්පාට චිත්‍රපට අස්සේ සුර ආන්තික ලෝකය දකින්නට වෙහෙසුන මා හට ඇගේ සාරිය මනෝමයෙන් හැරයෑම මහත් වූ නවමු අත්දැකීමක් විය. සිතින් කරන වැරදි අල්ලා දඩුවම් කරන කෙනෙකු ලොව සිටියේ වී නම් ඇගේ සාරියහෝ කලිසම ගලවන හදිස්සියට..සහ ඇය මා විසින් සිතින් බදා ගන්නා දැඩි බවට මා හට දඩුවම් ලැබෙනු නොඅනුමානය. නමුත් වාසනාවට සිතන දේට දඩුවම් කරන්නට තවම කාටවත් හැකි වෙලා නැත. //

    සුපිරියි මචන්, පට්ටයි.

    උඹ හිත ඇතුලෙන් රන්ඩු වෙනකොට, තර්ක කරනකොට හරි ලස්සනයි බන්

    ReplyDelete
  13. මෙතන තියෙන වැඩේ තමා ලියන ඔබ සහ කමෙන්ට් කරන අපි සියල්ලෝම මේ වගේ දේට හැමදාම මූණදෙන සහ හැමදාම මේ ගැන සෙට්වුණාම කතාකරන පිරිසක්වීම. ඉතින් හැමෝම ආසයි මොකක්ද වුණේ කියලා දැනගන්න.

    ReplyDelete
  14. ජීවිතේම අහම්බයක් වෙච්චි එකේ මේ වගේ දේවල් නොවෙනවා නම් තමයි බං පුදුමේ. සංඛ්‍යාත්මක යම් දෙයක් වීමේ සම්භාවිතාව මිලියන ගනනකින් එකක් කියලා කියන දේවල් කීයක් නම් එදිනෙදා අපේ ඉස්සරහා වෙනවද?

    ReplyDelete
  15. PaTTA.. :D short drama ekkata sira.. ;)

    ReplyDelete
  16. මතක ඇති කාලෙක මේ තරම් ආසාවෙන් කියවපු කතාවක් නැති තරම්.
    නියමයි!

    ReplyDelete
  17. mama kamathi oyage books kiyawanna.maka mata godak intressted....oya kamathi num e books mata denna mama kiyawala ayema oyatama labanna salaswannum.oya kamathi num eka dena widiha mata danum denna.makata reply ekak dannako..mama balannum..mokada mama hamadama ma site eka surf karanawa

    ReplyDelete
    Replies
    1. පොත් ලියනවාට වඩා හත් ගුණයක් අමාරුයි පොත් ප්‍රින්ට් කරන්න විදියක් හොයන එක....ප්‍රකාශයකින් සොයාගැන්ම සැබැවින්ම අපාසුයි...මේ වසර අවසාන වන්ට ප්‍රතමයෙන් මා දිග කතාන්දරයක් ලියා අවසාන කිරීමට යනවා....එය අවසන් වූවාම මට එය අන්තර්ජාලයේ හෝ පලකල හැකි වෙයි... ඒත් පොතක් කියවනවාට වඩා කතාන්දරයක් බ්ලෝග එකක කියවන එක අමාරුයි...
      ලංකාවෙ ගොඩක් අය කියවන්නෙ මොනිටර හරහා නිසා කතාන්දර කියවන්න එතරම් ප්‍රියතාවක් දක්වන්නෙ නැහැ ජාලගත පිරිස...

      Delete
    2. aniwa danna sure ekatama mama kiyawanawa.e wagema maama mwaye print outs aran gihin yaluwantath denawa.e nissa oya eka danna.api kamathan kiyawawi...hoda nirmanayan aniwarayanma agaya karanna puluwan.mama kamathen innawa oyage nirmanayakata wicharayak denna...athatama.kohomath oyage wag koshaya patakayage sith adaganimata samath.mama lakakayak wath sinhala wisharadayak wath newai.namuth wicrayan dimata hakiyawa thinne ounata pamanak nowei.namuth oun dena wicharayanta wada bohosain patakayage wicharayan yogya wanne pataka ya wicharaya karanna men nowa hudi patayan samajayahi polopaya gaha jiwath wana bawin saha oun obe kathawan thula jiwath wenna bainya.atahatama ma obage nirmanayan pilibadawath kalochitha bashawan asurin oba patakaya atharata gebna emath gana atghatama boho sain santhoshaya danawana karanawak bawa kiwayuthuya.
      ******************************************************* *******sujeewa piyumal******

      Delete
  18. mamath ma wage godak sidin walata muna pala thinawa.eyai mamai api 2nna mulinma hambune colombo univercity eka laga law faculty eka issarahadi,eda idan ada wenakum api 2nna awanka penwathun.duka sapa bedagannawa,ekata pawl kanawa,trip yanawa,randu wennawa,ayemath yalu wenawa..eka eka wikara wada godak.oyala hithanawa athi maka athmiya pamak wage ekak.ow maka athmiya pemak.namuth maka lankawe sammatha ne.api samalingikayo 2nnek.oyala dan godak waradiyata hithai.namuth api 2nna godak sathutin innawa.api 2nata 2nna awankai.mata makan kiyanna ona une mokawath newai ma loke adaraya karana cupels la athare api wage katiyath innawa.namuth wela thinne eyala gana katha karanna kawruth ne.mokada eyala udin dakinne ma ganu pirimi adaraya witharai.namuth maka ethanin ehata giya deyak.mama athatama sathutu wennawa mage aiyya wage kanak mata labunata.mamath kamathi oya ma wage kathawak pothakin eli dakwanawa num.samajaye inne bahutharayak samathain unata sulutharayak asammathayaka patali inna bawa piligatha yuthui.ma aradanna karannawa eyata wiruddawa nagi sitimavina eyata pakshawa ekadu watchanayak hari katha karanna kiyala.mohothak hithanna...e ounnge aithiya..............................!!!!!obe aithin ha samana bawa

    ReplyDelete
    Replies
    1. godak sathutui ma wage ekak kiyawanna labima gana.mama oyata wish karanawa.kawru unath minissunta aithin thinawa.oyata mama suba pathanawa lassanata jiwithe thina thak kal gatha karanna kiyala.oyage ma das padimata api awankawama garu karanawa

      Delete
    2. athatama apith agaya karanawa

      Delete
    3. oya wage godak piris ma loke jiwath wenawa,lankaweth ehamai.oya witharak newai e ekama ekkana.api ounge aithi wenuwen nagi sitiya uthu.

      Delete
    4. amata udu uda eka nawai kathawa bolaw makane patta kathawa.ela ela...api liyamu pothak........:)

      Delete
    5. supiri ah.........mokak unath atha bn.....mamath samajaya diha balala thinne waradiyata.mama hithuwe set wela sex karanawa witharai kiyala.pawl kana seen eka danagana hitiye na bn.apith set wela oya podi podi dewal kala kolu kamata.e minissunge yatharthaya danagana hitiye na sirawatama

      Delete
  19. liyana vilashayata kiyawanna piriyai.me pituwata aganthukai mama.ada thamai baluwe.ohoma yan.supathum magen.

    ReplyDelete
  20. මේ පුක නැති හුකන්නා පොරක් වෙන්න ගිහින් පොස්ට් එකෙන් පොස්ට් එකට අම්මගේ පුකට අරින කතා කීයක් නම් අහගන්නවද? අම්ම ගොනෙක් කියලා කොච්චරනම් අහගන්නවද? මූ ගොං කැරි වලින් හැදිච්ච එකෙක් කියලා කොච්චර අහගන්නවද?රැකව කාලකන්නි හුකන්නෙක්.මූ ගොඩේ ගතියයි නූගත් ගතියයි අතහරින්නේ නෑ.මූ ලිංගිකව දැඩි අසහනයෙන් ඉන්න පොරක්.බැඳපු ගෑණියෙක් පෙන්නනන් බැහැ.හුකන්නෝ අම්මටයි තාත්තටයි ගරුතවයක් තියනවානම් දවසට දහ පාරක් විතර එක එකෙට කියලා මේ බ්ලොග් එකේ අම්මට හුකව ගන්න එක නවත්තපන්.දවසකට බලපන් පෝස්ට් වල උඹේ අම්මව කී දෙනෙක් මතක් කරලද කියලා. ගොං හුකන්නෙක්.කී දෙනෙක් උඹේ අම්මගෙ කිම්බෙ මයිල් බාලා තියනවද .බලපන් පහලට ගිහින් කොමෙන්ට්ස් බලලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියාම කවද හරි කවුරුහරි "ගොං හුකන්නා" කියල ගූගල් සර්ච් එකක් දැම්මාම අමිලයගෙ බ්ලොග උඩටම එයි . . . ඇනෝ අයිය පට්ට මහන්සියක් වෙනව ඒ ටික කරල දෙන්න නේද ???

      Delete
  21. අනේ පට්ටයි අප්පා කතාවනම්......සුපිරි භාෂාව හසුරන විදිහනම්

    ReplyDelete